වෙබ් ලිපිනය:

Saturday, December 10, 2016

අද මානව හිමිකම් දිනයයි!

අද, දෙසැම්බර් 10, මානව හිමිකම් දිනයයි. ලංකාව නිදහස සැමරූ 1948 වසරේ අද වැනි දිනෙක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තිය සම්මත කර ගැනුණු අතර ඊට දෙවසරකට පසු 1950දී එම සංවිධානය විසින් සියළුම සාමාජික රාජ්‍යයන්ට හා මානව හිමිකම් ගැන උනන්දුවක් දක්වන සංවිධාන වලට වාර්ෂිකව දෙසැම්බර් 10 දිනය මානව හිමිකම් දිනය ලෙස සමරන මෙන් ආරාධනා කළේය.

"මානව හිමිකම්" වල "හිමිකම්" කොටස ගැන පමණක් නොව "මානව" කොටස සම්බන්ධව පවා ලෝකයේ විවිධ සමාජ අතර තවමත් ඒකමිතියක් නැත. එහෙත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තිය සම්මත කර ගැනුණු තැන් සිට ගත වූ දශක හයකට වැඩි කාලය තුළ මේ සම්බන්ධව ලෝකය සමස්තයක් ලෙස ගමන් කර ඇත්තේ ප්‍රගතියේ දිශාව දෙසට බව නොකියා නොහැක.

විශ්ව මානව හිමිකම් ගැන කතා කළත්, මානව හිමිකම් කියන්නේත් සංස්කෘතියට සාපේක්ෂ සංකල්පයකි. ඒ නිසා, මානව හිමිකම් නම් වූ සංකල්පයද කාලයත් සමඟ පරිණාමය වන අතර එය ලෝකයේ සෑම තැනකම සමගාමී ලෙස සිදුවන්නේ නැත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනය මේ පරිණාමය කිසියම් අයුරකින් සමගාමීව සිදුකිරීමේ උත්සාහයක් ලෙස සැලකිය හැකිය.

මානව හිමිකම් සංකල්පය සංස්කෘතියකට සාපේක්ෂ සංකල්පයක් වුවත්, තමන්ගේ සංස්කෘතියේ ඇති මානව ප්‍රගතියට බාධා කරන සංරචක හඳුනාගෙන බැහැර කිරීමටත්, වෙනත් සංස්කෘතියක ඇති වඩා සාධනීය දේ උකහාගැනීමටත් එය බාධාවක් නොවිය යුතුය.

අද දින වෙනත් අයෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී සිටින මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටී.

14 comments:

  1. //අද දින වෙනත් අයෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී සිටින මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටී. //

    යහපාලන ගොනාන්ඩුවේ නේවි කොමාන්ඩර් නම් මානව හිමිකම් නියමෙට සැමරුවා අද හිටන්!!

    ReplyDelete
    Replies
    1. මහ නැවි හිමිකම් සමරන්නේ එහෙමයි හිටන්!

      Delete
  2. //විශ්ව මානව හිමිකම් ගැන කතා කළත්, මානව හිමිකම් කියන්නේත් සංස්කෘතියට සාපේක්ෂ සංකල්පයකි.//

    මානව හිමිකම් කෙසේ වෙතත් සදාචාරය නම් සංස්කෘතියට සාපේක්ෂ දෙයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. කාන්තාවක් විසින් තමන්ගේ තෙමසක දරුගැබ ගබ්සා කරගැනීම සදාචාරාත්මකව හරිද වැරදිද? අවුරුදු දහහතක තරුණයෙකුට මත්පැන් හෝ දුම්වැටි විකිණීම සදාචාරාත්මකව හරිද වැරදිද?

      Delete
    2. සදාචාරය කියන්නේ මොකක්ද? හොරෙන් දරුවෙකු අපයෝජනය කරන මුල්ල කෙනෙකු, කතෝලික පුජකයෙකු හෝ බෞද්ද භිකුෂවකු කියල දෙන දෙයද? දිෂිත දේශපාලකයෙකු කියන දෙයද? සදාචාරය යයි ඔබට දැනේනේ දෙයද?

      Delete
    3. මේ මාතෘකාව ගැන කතා කරන පිරිස් එකඟතාවයකට එනකල් 'සදාචාරය' කියන්නෙ තවත් එක වචනයක් විතරයි. අපි එකඟතාවයකට ආවොත් 'හැඟීම් දැනීම් දැනෙන ජීවීන්ගේ යහපැවැත්ම(ශුභසිද්ධිය) වැඩි කිරීම සදාචාරයය කියල.. එතනදි සදාචාරය හා බැඳුන ගැටළු වලට සංස්කෘතියට සාපේක්ෂ නොවන පිළිතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා

      Delete
    4. //හැඟීම් දැනීම් දැනෙන ජීවීන්ගේ යහපැවැත්ම (ශුභසිද්ධිය) වැඩි කිරීම සදාචාරයය//
      මිනිස්සු අනිත් අයගේ හැඟීම් දැනීම් තේරුම් ගන්නේ තමන්ගේ හැඟීම් දැනීම් වලට සාපේක්ෂව. ඒ වගේම යහපැවැත්ම හෝ ශුභසිද්ධිය කියා අර්ථ දක්වන දෙයත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. වෙන එකක් තබා 'හැඟීම් දැනීම් දැනෙන ජීවීන්' කියන අර්ථ දැක්වීමත් සංස්කෘතියට හා දැනුමට සාපේක්ෂයි. මිනිසුන්ට පොදුවේ එකඟ විය හැකි දේවල් ගොඩක් තියෙන බවත්, දැනුම වර්ධනය වීමත් සමඟ මේ පොදු කුලකය අප විසින් පුළුල් කර ගනිමින් සිටින බවත් ඇත්තක් වුනත් සදාචාරය කියා සියල්ලන්ටම එකඟ විය හැකි නිරපේක්ෂ හා වෙනස් නොවන දෙයක් ගැන මටනම් හිතා ගන්න බැහැ. හැම පුද්ගලයාම එකම වේගයෙන් දැනුම ලබා නොගන්නා නිසා කිසියම් සම්මතයකට එකඟ නොවන සැලකිය යුතු පිරිසක් ඕනෑම වෙලාවක සිටිය හැකියි.

      Delete
  3. නේවි ගෝරිල්ලකු මානව හිමිකම් සුරකින අයුරු දුටුවෙමි.

    ReplyDelete
    Replies
    1. මේ ගැන පළවී ඇති මත වල ධ්‍රැවීකරණය පුදුම සහගතයි.

      Delete
  4. මානව හිමිකම් ලොක්ක සවුදි බුවෙක් වීම මට නං විහිළුවක්.

    ReplyDelete
    Replies
    1. සවුදි බුවාටත් මානව හිමිකම් ලොක්කෙක් වීමට තියෙන මානව හිමිකම වෙන්න ඇති! පන්තියේ ඉන්න එපාම කරපු එකාව මොනිටර් කරන එකත් නරක අදහසක් නෙමෙයි. හැබැයි ඌ මොනව කළත් වෙනස් නොවන එකෙක්නම් වැඩක් වෙන්නෙ නැහැ.

      Delete
    2. සෙයිද් හුසයින් බහරේන් බුවෙක්. හැබැයි ලඟදි මාසයකට සෞදි අරාබිය මානව හිමිකම් කවුන්සලයේ සභාපති වුනා තට්ටු මාරු ක්‍රමයට. ලස්සනම වැඩේ කියන්නේ ලංකාවට ලෙඩ අදින ඇමරිකාව, එංගලන්තේ, යුරෝපේ සද්දයක්වත් නැහැ. ඇමිනස්ටි, හියුමන් රයිට්ස් වොට්ච් වගේ සංවිධාන නම් හින් කෙඳිරිලි දානවා ඉදල හිටලා.

      Delete
  5. නූතන මානව හිමිකම් සංකල්පය බිහිවී ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය තුලින්.
    බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ මූලික අංගයන්වන සාමූහිකත්වයට වඩා පුද්ගලවාදයට මුල්තැනදීම (ඒ කිව්වේ ඒකීය පුද්ගලයා ගැන)
    සහ අසීමිතව ඉන්ද්‍රිය පිනවීම සදාචාරයක්ලෙස දැකීම පදනම්කරගෙන තමයි මේ මානව හිමිකම් හරියටම කිව්වොත් පුද්ගල හිමිකම් ගොඩනැී ඇත්තේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: