වෙබ් ලිපිනය:

Friday, March 20, 2020

රුපියලේ දැවැන්ත කඩා වැටීමක් අත ළඟද?


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ දිනයේ ලංකාවේ වාණිජ බැංකු වලට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිල දී ගැනීම තෙමසක කාලයකට අත් හිටුවමින් නියෝගයක් පැනෙව්වා. මේ නියාමන ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාව විසින් නිකුත් කර තිබෙන ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යනු ඇති බව අප ඊයේ පෙන්වා දුන්නා. මහ බැංකුවේ දත්ත අනුව පෙනෙන්නේ මේ වන විට එය එසේම සිදු වී ඇති බවයි.


මාර්තු 13න් අවසන් වූ සතිය තුළ පාදක අංක 100-120 පමණ ප්‍රමාණයකින් ඉහළ ගිය පොලී අනුපාතික පසුගිය සතිය තුළ තවත් පාදක අංක 500කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මෙය පෙර නොවූ විරූ දෙයක්. ග්‍රීසියේ ආර්ථිකය කඩා වැටෙන්න ඉතා ආසන්නව තිබියදීත් මෙවැන්නක් සිදු වුනා.

මේ වසරේ ඔක්තෝබර් 4 දින කල් පිරීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතිකය මාර්තු 6න් අවසන් වූ සතියේදී තිබුණේ 4.50% මට්ටමේයි. මේ වන විට, මේ පොලී අනුපාතිකය 11.34% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙයින් පෙනෙන්නේ ඔක්තෝබර් දක්වා මාස හත අටක කාලය ගෙවෙන තුරුවත් බලා සිටීම විශාල අවදානමක් ගැනීමක් බව ආයෝජකයින් විසින් සිතන බවයි.

මහ බැංකු දත්ත අනුව වසර දහයකින් කල් පිරෙන ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතික 14% ඉක්මවා ඉහළ ගොස් තිබෙන අතර බ්ලූම්බර්ග් උපුටා දක්වන එකොනොමිනෙක්ස්ට් අනුව මේ පොලී අනුපාතික 16.8% මට්ටම දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලංකාව විසින් දැනට ස්වෛරීත්ව බැඳුම්කර හරහා ලබා ගෙන තිබෙන ණය ප්‍රමාණය ගෙවන්නට වුවත් ලංකාවේ මුළු විදේශ සංචිත ප්‍රමාණය මෙන් දෙගුණයක මුදලක් අවශ්‍යයි. ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන අර්බුදයට සාපේක්ෂව චීනයෙන් ලබාගත් ඩොලර් මිලියන පන්සීයක මුදල සොච්චම් මුදලක්. ලාංකිකයින් කෝවිඩ්-19 තර්ජනයෙන් බේරීම ගැන සිතමින් ඉන්න මේ වෙලාවේම ආර්ථිකයේ ලොකු කඩා වැටීමක්ද සිදු වුනොත් එය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් වෙන්න පුළුවන්.

10 comments:

  1. රුපියලේ කඩාවැටීමක් වෙනවා කියන්නේ මොකක්ද? ඒකෙන් සිදුවන බලපෑම මොකක්ද ලංකාවේ අයට? සරලව පැහැදිලි කරන්නකෝ. අපි ආර්ථික විශේෂඥයන් නෙමේ.

    ReplyDelete
    Replies
    1. 1997 ආසියානු ආර්ථික අර්බුදය වැනි තත්ත්වයක් ඇති වුවහොත් කෙටි කාලයක් (මාස කිහිපයක්) ඇතුළත ඇමරිකන් ඩොලරයක රුපියල් මිල ඉතා විශාල ලෙස (උදාහරණයක් ලෙස රුපියල් 300 පමණ දක්වා) ඉහළ ගොස් සියලුම ආනයකික භාණ්ඩ වල මිල දරා ගත නොහැකි තරමට ඉහළ යා හැකියි. ඒ සමඟම දැනට ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ සිටින ලංකාව ක්ෂණිකව එම තත්ත්වයෙන් පහළට වැටෙන්න පුළුවන්. මේ තත්ත්වයට ප්‍රතිචාර ලෙස ආණ්ඩුව විසින් ගන්නා ක්‍රියමාර්ග සමඟ රටේ විශාල භාණ්ඩ හිඟයක් ඇති විය හැකියි. එසේ වුවහොත් වෙනත් සමාජයීය ප්‍රශ්න රාශියක්ද ඇති විය හැකියි.

      Delete
    2. එහෙම වුනොත් සියල්ල කොරොනාට ලඝු කර සමාජීය ප්‍රශ්න යටපත් කරගත හැකිවනු ඇත.

      Delete
  2. අනේ මන්දා ඉකොනො...

    ඕස්ට්‍රේලියාවෙ සිටින සමහරක්���� ලාංකිකයන් මේ රටේ කෝරෝනා රෝගීන් 1,000+ (මරණ 07) ඉක්මවුවත් තවමත් පාලනයට නිසි ක්‍රමවේදයක් අද වනවිට පෙනෙන්නට නොමැති වුවත් ඒ පිලිබදව මීක් නැත (පාසල් පවා තවම වසා නැත) ������ ����

    ඒත් ලංකාව සීමිත සම්පත් ප්‍රමානයකින් එකදු මරයක්වත් නොමැතිව (කිසිදු විනයක් නොමැති බහුතර ජනතාවක් සමග) කොරෝනා මර්දනයට ගෙන යන වැඩ පිලිවෙල සෑම විනාඩියකම විවේචනය කරයි..����

    කොරෝනා මර්දනයට රජයකට කල හැක්කේ සීමිත වැඩ කොටසකි. වැඩි වගකීමක් ඇත්තේ ජනතාව මතය.

    ඔවුන් හමුදාව වතුර බෝතල් කපා එහි තේ පානය කරනවායි විටක තරක කරයි.����
    අනෙක් Post එක එම හමුදාවම ජාතියේ මුර දේවතාව වේ. (මෙය ඉතා කෙට් කාලයකටය ඉන් පසුව ඔහු 8 පාස් හමුදාකාරයාය)

    තවත් විටෙක ඉතාලියෙන් පැමිනෙන පිරිස අපහසුතාවයට ලක් වන බව පවසා බුකිය දෙවනත් කරයි.

    එම පිරිසෙන්ම කොරෝනා බෝවීමත් සමගම ඔවුන්ට හෙන ඉල්ලයි...

    මම දැනට ජීවත්ව ඉන්න ඕස්ට්‍රේලියාවට වඩා කොරෝනා මර්දනය හොද ක්‍රමවේදයක් ලංකාව ��������අදවන විට ක්‍රියාත්මක කරමින් ඉන්නා බව මගේ මතයයි.

    ලෝකෙයේ සියලුම රටවල් වලට මෙම උවදුර මැඩලීමට හැකියාව ලැබේවා.����

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා ඔය ඉකොනොමි නෙක්ස්ට් එකේ තියෙන පොලිටිකලි බයස්ඩ් දේවල් නම් මට නම් ෂුවර් නෑ, හැබැයි ලංකාව රට ඇතුලේ මුකුත් හදන්නේ නැති සහ පිටරටින් ගෙනෙන නිසා වියදම් සියල්ලම අන්තිමට යන්නේ ගෙවුම් ශේෂයේ හිඟයක් ලෙස හෝ විදෙස් ණය ලෙස. අනික් අතට සංවර්ධිත රටවල් අපේ වගේ රටවල්වල කෙටිකාලීන ආයෝජන මෙම තත්වයත් එක්ක ඉවත් කරගන්න කාලයක්. අපි ඒක කොටස් වෙළඳපලේම දැක්කනේ. විදේශ ශ්‍රමිකයින්ට ප්‍රශ්න නිසා ඔවුන්ගේ ආදායමත් අඩු වෙනවා. ඒ හින්දා මම හිතනවා ප්‍රතිපත්තිමය පොළී අනුපාත පහළට දැමීමෙන් සාමාන්‍යයෙන් කියන්නේ ඉතුරු කිරීම් අඩුකර (පොලිය අඩු නිසා) වැඩිපුර වියදම් කරන්න කියල කිව්ව වගේ නිසා තත්ත්වේ තවත් වැඩිවෙනවා. බොරතෙල් අඩුවීම විතරයි අපිට මේ වෙලාවේ තියෙන එකම වාසිය. ඒකත් කොච්චර කාලෙකටද කියන්න බෑ, මොකද චීනය වගේ රටවල් නැවත නිෂ්පාදන පටන් ගන්න නිසා. කොහොම වුණත් මෙම අලුත් තත්වය අප මෙතෙක් අනුගමනය කල ප්‍රතිපත්ති වල වැරදි නිවැරදි භාවය උරගා බැලෙන සන්දිස්ථානයක් වේවි. හැම විටම තවත් රටකින් එන ණය මුදලක් දෙස බලමින් ප්‍රතිපත්ති සකස් සකස්කරනවා වෙනුවට තම රටේ සම්පත් වලින් කළහැකි දේ පිලිබඳ කතිකාවක් සකස් වේවි, මොකද තවත් රටකට වෙනත් රටකට උදව් කිරීමේ සීමා මේ හරහා ප්‍රශ්න කෙරෙන නිසා. මේ ගැන දීර්ඝ වශයෙන් විස්තර කරන්න පුළුවන්ද?

    ReplyDelete
  4. මෙහෙමයි 2015/16 වගේ කාලෙන් පස්සෙ පසුගිය වසර 3-4 තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු විශාල වශයෙන් අඩාල වීමක් සිදු වුණා කියලා කියන්න පුළුවන්. ඒක ඉතින් අපි කවුරුත් දන්න දෙයක්. ඒ වගේම ලංකාවේ ණය බර සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක තියෙන හින්දා විදේශ විනිමය අතින් අපි ශක්තිමත් තත්ත්වයක නෑ. කොවිඩ් 19 වෛරස් අර්බුදය නිසා දැන් ඒ තත්ත්වය තවත් අස්ථාවර වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි කියලා හිතන්න පුළුවන් නේද මචන්. මේ තත්ත්වය තුළ අපි කවුරුත් ආනයනය කරන දේ පරිභෝජනය සඳහා බහුතරයක් දෙනා උනන්දු කළ යුතු නැහැකියල හිතනවා.

    ඉතින් ඔය හින්දා මම හිතනවා මේ වගේ අවස්ථාවක ලංකාව වගේ රටක කළ යුතු මූලිකම දේ පුළුවන් තරම් ආනයනික දේවල් පරිභෝජනය අඩු කිරීම. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය නොයන කටයුතු සඳහා තෙල් පරිභෝජනය වගේ දේවල් අධෛර්යමත් කළ යුතුමයි.

    සාපේක්ෂ වශයෙන් මේ වගේ වසංගතයක් වගේ කාලෙක ජනතාව පුළුවන් තරම් අත්‍යාවශ්‍ය නොවන ගමන් යෑමෙන් වැළකිය යුතුයි. තෙල් මිල පහළ දමලා, ජනතාව ගමන් බිමන් යාමට උනන්දු කරවන එක මේ වගේ හදිසි ආපදා වෙලාවක කළ යුතු දෙයක් නෙවෙයි. අනෙක් අතට මේ යන විදියට ලෝක ආර්ථිකය ඉස්සරහට කුමන දිශාවට ගමන් කරයිද, මොන වගේ අර්බුදකාරී තත්ත්වයකට ගමන් කරයිද කියලා කියන එක කාටවත් පැහැදිලි නැති නිසා මේ අවස්ථාවේ දී කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා රජයට විවිධ වියදම් දරන්න සිදු වෙන නිසා විශේෂයෙන්ම රජයේ අය භාරය ශක්තිමත් විය යුතුයි. මේ තත්ත්වය තුළ කළ යුතු වන අනපේක්ෂිත වියදම් නියම විදියට කරන්න නම් රජයට අවශ්‍යය තරම් මුදල් තිබිය යුතුයි. රටට අත්‍යාවශ්‍ය වෙන්නේ ආර්ථික අර්බුදයකට ගමන් නොකිරීමට අවශ්‍ය වෙන මග සැකසීම තමයි රජය හරහා තීරණ අරන්.

    ReplyDelete
  5. පවුම වැටීගෙන යනව

    ReplyDelete
  6. මිස්ට ඉකෝ රුපියල නෙමේ හැම මුදල් එකකයම කඩන් වැටෙනවා. ඔයා ටිකක් නාලා. මට හිතෙන්නෙත් ඔයා ඇමරිකාවේ ජනාධිපතිගේ ලේකම්ගේ මාමාගේ පුතාගේ කොන්ඩේ කපන බාබර් කෑම කන කඩේ වැඩකරන කැෂියර්ගේ දුව බැඳලා ඉන්න මහත්තයාගේ මහ ගෙදරට එහා පැත්තේ ගෙදර ඉන්න ඩයල් එකක්

    ReplyDelete
  7. ලංකාවට විදේශ විනිමය එන ප්‍රධාන මාර්ග දෙකක් වන්නේ විදේශ ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් සහ ඇඟලුම් ආදිය අපනයනයෙන් ලැබෙන මුදල්. මම හිතන්නේ ඉතාලි ප්‍රශ්ණය නිසා සහ මැදපෙරදිග මම නොදන්නා හේතුවක් නිසා විදේශ විනිමය අඩුවීමක් ඇති. එමෙන්ම නිදහස් වෙලඳ කලාප වසා දමා ඇති නිසා අපනයන නැහැ. එම නිසා ලංකාව සහ රුපියල විශාල කඩා වැටීමකට පත්වීම වලක්වන්න බැහැ.

    ReplyDelete
  8. අජිත් මහතා ඇතුළු තව අය රුපියල හැර අනික් මුදල්ද අගය අඩුවීමක් වෙනවා කියා තිබෙනවා. අන් මුදල් ඒකක කඩා වැටීමට හේතුව තාවකාලික එකක්. කොටස් වෙලඳපොලවල් ලෝකය වටේම අඩුවීම් පෙන්නුම් කරනවා. එම වෙලඳ පොලවල ඒ ඒ රටේ මුදල් වලින් අයෝජනය කර ඇත්තේ විශාල් වශයෙන්ම පාලිත අරමුදල් (managed funds) . ඔවුන් යම් රටක ඇති කොටස් විකුණා මුදල් අයින් කරගන්නා විට ඒ මුදල් ඔවුන්ගේ අරමුදලේ මුදලට පරිවර්ථනය කරගන්නවා. උදාහරණයකට ලංකාවේ කොටස් වෙලඳපොලේ කොටස් විකුණූ පසුව ඔවුනට ලැබෙන මුදල් ඩොලර් වලට පරිවර්ථනය කරලයි අරගෙන යන්නේ. ඒ නිසා කුඩා කාල සීමාවක් තුල ඩොලරයට විශාල ඉල්ලුමක් එනවා. එමනිසා ඩොලරය ඉහල යනවා. සුනාමිය වෙලාවේ ලංකාවේ රුපියල ශක්තිමත් වුනා මතක ඇති. ව්‍යසනයක් වුන රටේ රුපියල අගයෙන් අඩුනොවී වැඩි වුණේ මේ වගේ දෙය නිසා. ඒ කාලයේ විශාල වශයෙන් විදේශ ආධාර ගලාගෙන ආවා, එම මුදල් වියදම් කිරීමට ලංකාවේ රුපියල් වලට මාරු විය යුතුයි. එමෙන්ම ඒ නිසාම රටේ විදේශ මුදල් ප්‍රමාණය වැඩි වුනා. එම නිසා රුපියල් (යම්තරමක් ) අගය වැඩි වුනා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: