මේ වන විට ඩොලරයක මිල රුපියල් 275 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මම හිතන්නේ ඩොලරයේ මිල කීයට යයිද කියන එක ගැන ගොඩක් අය විමතියට පත් වෙලා. විපක්ෂයේ සජබ වගේම ජාජබත් ආණ්ඩුව ගෙදර යවා බලය ලබා ගැනීම සඳහා මේ අවස්ථාව උපයෝගී කර ගැනීමට උත්සාහ දරමින් සිටිනවා.
පිටින් බැලූ විට පෙන්නේ ඩොලරය "පා කිරීමෙන්" පසුව පාලනයක් නැතිව දවසින් දවස ඩොලරයක මිල ඉහළ යන බවයි. එහෙත්, ඇත්තටම ඩොලරය තවමත් නිදහසේ පාවෙන්න පටන් අරගෙන නැහැ.
පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් යටතේ ඩොලරයේ මිල තීරණය වන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මතයි. 2020 අගෝස්තු පමණ වන තුරු ලංකාවේ තිබුණේ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් කියා වැඩි අපහසුවකින් තොරව නම් කළ හැකි හැකි ක්‍රමයක්. ඒ වන විට මිලියන 7,430.1ක නිල සංචිත ප්‍රමාණයක් මහ බැංකුව හා රජය සතුව තිබුණා.
ඉන් පසුවද, මහ බැංකුව විසින් සංචිත විකුණමින්, වෙළඳපොළ ඩොලර් සැපයුම වැඩි කර ඒ හරහා වක්‍ර ලෙස මිල පාලනය කළ නමුත් වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනා. ඒ නිසා, එම කාලය තුළද පාලිත (managed), එසේත් නැත්නම් අපිරිසිදු (dirty), පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් පැවති සේ සැලකිය හැකියි.
සංචිත විකුණා දමමින් වෙළඳපොළ ඩොලර් සැපයුම ඉහළ දමා ඩොලරයේ මිල පාලනය කිරීම නිසා 2021 මාර්තු වන විට රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,055.2 දක්වා පහත වැටී තව දුරටත් ඩොලරයේ මිල පාලනය කිරීම අසීරු තත්ත්වයක් ඇති වුනා. ඒ වන විට වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත කළ ඩොලරයක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබුණා.
ඩොලරයක වෙළඳපොළ මිල රුපියල් 200 දක්වා යාමෙන් පසුව ගත වූ වසරක පමණ කාලය තුළ ඩොලර් වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනේ නැහැ. 2021 මාර්තු මාසයේ සිට මහ බැංකුව විසින් ඩොලරයක මිල රුපියල් 200 මට්ටමෙහි රඳවා ගෙන සිටියද. එම මිල යටතේ ඇති වන ඩොලර් ඉල්ලුම සමතුලිත කළ හැකි තරමට සංචිත මුදා හැරීමට මහ බැංකුවට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා, නිල වශයෙන් මහ බැංකුව මොනවා කිවුවත් පසුගිය වසරක කාලය තුළ ලංකාවේ තිබුණේ ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක්.
මේ මොහොත වන විටද ඉහත තත්ත්වය වෙනස් වී නැහැ. ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් යටතේ වෙළඳපොළ ඉල්ලුම පෙන්නුම් කරන මිල සංඥාව නොපෙනී යනවා. ඉන් පසුව, ඩොලරයක නියම මිල ගැන කිසිවෙකුට හරියටම කියන්න බැහැ. මේ මොහොත වන තුරුම මහ බැංකුව විසින් එම මිල සංඥාව අල්ලා ගැනීමට උත්සාහ දරමින් සිටින බව පේනවා.
මගේ නිරීක්ෂණය අනුව, මහ බැංකුව විසින් කරමින් සිටින්නේ රාජ්‍ය බැංකු වල උදවුවෙන් විණිමය අනුපාතය මාර්ගෝපදේශනය කරන එකයි. තවත් පැහැදිලිව කිවුවොත් සැලසුම් කළ ආකාරයකට ක්‍රමයෙන් විණිමය අවප්‍රමාණය කිරීමයි (crawling the rate along a guided path). මගේ පෞද්ගලික අදහස අනුව මේ වෙලාවේ කළ යුත්තේද මෙයයි. ඒ නිගමනයට හේතු එකින් එක විස්තර කිරීමට මම ඉඩ ගන්නේ නැහැ.
මේ වන විටද අපනයනකරුවන් විසින් උපයන ඩොලර් බලෙන් රුපියල් කෙරෙමින් පවතිනවා. එසේ එම ඩොලර් බලෙන් රුපියල් කිරීමට අවශ්‍යව තිබෙන්නේ දැනට පවතින මිල යටතේ වුවද මෙම අපනයනකරුවන් ඩොලර් විකිණීමට කැමැත්තක් නොදැක්වීමයි. මේ වන තුරුද පවතින්නේ පාවෙන විණිමය අනුපාතයක් නොවන බව පෙන්වීමට මේ කරුණ පමණක් වුවද ප්‍රමාණවත්. ඩොලරයේ නියම මිල හමු වන තුරු මේ අයුරින් දිනපතා ටිකෙන් ටික විණිමය අනුපාතය මාර්ගෝපදේශනය කර ඉන් පසුව පාවෙන්නට හැරීම මහ බැංකුවේ ඉලක්කය වෙන්න පුළුවන්. එහෙත්, ඩොලරය රුපියල් 300 මට්ටම පමණ දක්වා ඉහළ යාමෙන් පසුවද මිල සංඥාව අහු නොවුනොත් මහ බැංකුව විසින් මේ වැඩේ අතහැර දමන්න පුළුවන්.
මේ වෙලාවේ ඩොලරයේ මිල තීරණය වන්නේ අන්තර්-බැංකු වෙළඳපොළ තුළයි. ඩොලරයේ මිල එකවර විශාල ලෙස ඉහළ යාම නිසා බැංකු පද්ධතිය වෙත ලැබෙන ප්‍රේෂණ විශාල ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වී තිබෙනවා. විණිමය අනුපාතය රුපියල් 200 මට්ටමේ හිර කර ගැනීම නිසා සාමාන්‍යයෙන් රටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් ඩොලර් බිලියන දෙකක් පමණවත් නොලැබී ගියා. මේ ඩොලර් සියල්ල උන්ඩියල් වුනා කියා හිතනවානම් එය වැරදි අදහසක්. එයින් යම් කොටසක් පමණක් උන්ඩියල් වෙන්න ඇති.
ඒ වගේම, මේ වෙලාවේ ඩොලරයේ මිල ඉහළ දමා උන්ඩියල් වෙළඳපොළ බිඳ දැමිය හැකියැයි හිතනවානම් එය විශාල මුලාවක්. රටේ ඩොලර් ඉල්ලුම තිබෙන තුරු, බැංකු වල ඩොලරයේ මිල ඉහළ යන වේගයෙන්ම උන්ඩියල් වෙළඳපොළෙහි ඩොලරයක මිලද ඉහළ යනවා. ඒ නිසා, මෙය චලනය වන ඉලක්කයක් පසුපස හඹා යාමට දරන අසාර්ථක උත්සාහයක්. කළ යුත්තේ ඩොලර් ඉල්ලුම අඩු කෙරෙන ක්‍රියාමාර්ග ගැනීමයි. මෙය කළ හැකි පහසුම ක්‍රමය පොලී අනුපාතික විශාල ලෙස ඉහළ දැමීමයි. එය කළත්, නොකළත්, ආර්ථික වර්ධනය අඩාල වන නිසා ආර්ථික වර්ධනය ගැන වද වන එකේ තේරුමක් නැහැ. දිග ලිපි කියවන්න ගොඩක් අය අකැමැති නිසා පොලී අනුපාතික ඉහළ දැමීමේ වාසි ගැන වෙනම ලිපියකින් විස්තර කරන්නම්.
ඩොලරයේ මිල ඉහළ දමා උන්ඩියල් වෙළඳපොළ බිඳ දැමිය හැකි නොවෙතත්, උන්ඩියල් නොවුණු, ඩොලරයේ මිල ඉහළ යන තුරු බලා සිටි අය හිර කරගෙන සිටි ඩොලර් ප්‍රමාණය මේ වෙලාවේ රටට එයි. මේ හේතුව නිසා සිදුවන ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යාම එක වර සිදුවන දෙයක් පමණයි. ඒ වැඩි වීම එලෙසම දිගටම පවතිනු ඇතිය යන මුලාවේ නොවැටිය යුතුයි. මෙසේ කෙටි කලක් තුළ රටට පැමිණිය හැකි මුදල ඩොලර් මිලියන 500ක් පමණ විය හැකියි. ඉදිරි මාස කිහිපයක් සැලකූ විට, ඇතැම් විට බිලියනයක් පමණ වුවත් විය හැකියි. ඩොලරයේ මිල දිගින් දිගටම මඳ වේගයකින් ඉහළ යන්නේනම් එකවර ලැබෙන ඩොලර් ප්‍රමාණයට අමතරව දිගටම ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලද යම් වැඩි වීමක් සිදු වෙයි.
මෙසේ එකවර රටට එන ඩොලර් ප්‍රමාණය නිසා හරිනම් ඩොලරයක මිලෙහි යම් පහත වැටීමක් සිදු විය යුතුයි. එහෙත්, වෙනත් හේතුවක් නිසා එය සිදු වන්නේ නැහැ. ඒ බැංකු පද්ධතිය තුළ තිබෙන විශාල ඩොලර් ද්‍රවශීලතා හිඟයයි. මේ වන විට පසුගිය කාලය මුළුල්ලේ බැංකු පද්ධතිය විසින් බිලියන දෙකක පමණ නැති ඩොලර් විකුණලා. ඒ නිසා, වැඩියෙන් ඩොලර් බිලියනයක් රටට ආවත් ඒ ඩොලර් බිලියනය බැංකු පද්ධතිය විසින් අවශෝෂණය කර ගන්නවා මිසක් බැංකු වලින් එළියට එන්නේ නැහැ. මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගත නොහැකි නිසා වාණිජ බැංකු වලට වෙන විකල්පයක් නැහැ.
ඉහත කරුණු දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය විදිහට සාමාන්‍ය ඩොලර් හිඟයට අමතරව සමුච්ඡනය වූ ඩොලර් හිඟයක් (accumulated shortage) මේ වෙලාවේ රටේ තිබෙනවා. ඒ නිසා, ඩොලරයට නිදහසේ පාවෙන්න ඇරියොත් එය දිගුකාලීනව ස්ථාවර විය හැකි මිලට වඩා වැඩියෙන් තවත් 20%ක් පමණ උඩට ගිහින් (overshoot වී) නවතින්න පුළුවන්.
ජූලි 25 ඩොලර් බිලියනයක බැඳුම්කරය ගෙවන්න කලින් මැයි 5 වනදා ඉන්දියාවට ආසියානු නිෂ්කාශන සංගමය යටතේ කළ යුතු දැනට දෙවරක් කල් දමාගත් ගෙවීම් කරන්න වෙනවා. ඒ වන විට මෙම මුදල ඩොලර් බිලියන 1.2-1.3 පමණ වෙලා තියෙයි. මේ දෙකටම අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මහ බැංකුවට වෙළඳපොළෙන් මිල දී ගන්න වෙනවා. එය කළ හැක්කේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමෙන් පසුවයි.
ඩොලරයට සාපේක්ෂ නිදහසක් ලබා දීමෙන් පසුව සංවර්ධන බැඳුම්කර වලට පෙර නොවූ ඉල්ලුමක් ඇති වී තිබෙනවා. ඩොලර් මිලියන 50ක් පමණක් විකිණීමට දැම්මත් 9.48% පොලියට ඩොලර් මිලියන 152.54කම සංවර්ධන බැඳුම්කර විකුණන්න හැකි වී තිබෙනවා. පුදුමයක් වෙන්න දෙයක් නැහැනේ. මාස හයකට 4.74%ක් කෙළින්ම පොලිය ලෙස ලැබෙද්දී ඩොලරයේ මිල ඉහළ යාම නිසා තව 30-35%ක වාසියක් මේ වෙලාවේ සංවර්ධන බැඳුම්කර මිල දී ගන්න අයට ලැබෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට 100%කට කිට්ටු ප්‍රතිලාභයක්. මේ වෙද්දී ස්වෛරිත්ව බැඳුම්කර වල ඵලදා අනුපාතිකය 231% දක්වා ඉහළ ගොස් තිබීම එක්ක බැලුවහමනම් මේකත් ලොකු වාසියක් නෙමෙයි.
ඔය තත්ත්වය යටතේ 11-12% පොලියට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අවශ්‍ය පමණ විකුණන්න බැහැ. ඒ නිසා, අඩුව පුරවන්න සල්ලි අච්චු ගහන්න වෙනවා. එය වලක්වා ගන්න පුළුවන් වෙන්නෙත් පොලී අනුපාතික වැඩි කිරීමෙන් පමණයි. තව කියන්න දේවල්නම් තියෙනවා. කමක් නෑ. දැනට ඔය ඇති!
අනාගෙන වනකරගෙන තියෙන්නෙ
ReplyDeleteජනපතිගේ සම්පූර්ණ කතාව
Deleteජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතාකළ විශේෂ ප්‍රකාශය.
අද මා ඔබ අමතන්නේ අභියෝගාත්මක අවස්ථාවකයි.
ඔබගේ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම් ගැන මට හොඳින්
වැටහෙනවා. ගෑස් හිඟකම, ඒ වගේම ඉන්ධන හිඟකම, විදුලිය ඇණහිටීමේ තත්ත්වය වැනි ගැටලු ගැනත්
මා හොඳින් දන්නවා. පසු ගිය මාස දෙක තුළ මහජනතාව විඳි අනේකවිධ දුක් කම්කටොළු ගැනත් මා ඉතා
සංවේදීයි. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතූන් නිසා එම තත්ත්වය
තවදුරටත් පවතින බව මා දන්නවා.
මා ගන්නා ක්‍රියාමාර්ගවලට වගවීම මා භාර ගන්නවා. මහජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන
රටාවන්ට විසඳුම් සොයන්නට මා අද දැඩි තීන්දු තීරණ ගැනීමට අදිටන් කරගෙන තිබෙනවා. එයට උපකාරී
වීමට ජාතික ආර්ථික කවුන්සිලයකුත්, ඒ වගේම එයට සහාය වීමට උපදේශක සභාවකුත් මා පත් කළා. ඒ
තුළින් මා ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක වේ දැයි නිරතුරුවම අධීක්ෂණය කරන්නටත් මා කටයුතු කරනවා.
ඒ නිසා මා ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තබන ලෙස මා ඔබගෙන්
ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා.
මා ජනතාවගේ අසීරුකම් හොඳින් හඳුනන කෙනෙක්. අප මුහුණ දුන් කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයේ දී
ඉදිරි පෙළ සිටි හමුදා සෙබළාත්, යුද්ධයට මැදි වූ අහිංසක සිවිල් ජනතාවත් මුහුණ දුන් සියලු අසීරුතාවයන්
හොඳින් වටහාගෙන ඒ සියල්ල මනාව කළමනාකරණය කිරීමට මට හැකි වුණා.
අද තිබෙන අසීරු තත්ත්වය අපේ රටට පමණක් මුහුණ දීමට සිදු වූවක් නොවෙයි. මුළු ලෝකයම නොයෙක්
ආකාරයේ පීඩාවලට ගොදුරු වී සිටිනවා. කොවිඩ් වසංගතය නිසා ඉහළ නැංවුණු නැව් ගාස්තු, භාණ්ඩවල
මිල ඉහළ යෑම්, යම් යම් භාණ්ඩවල හිඟයන් යන මේ සියල්ල අපේ පාලනයෙන් තොරයි. එනමුත් අපි
ජනතාවගේ පැත්තෙන් බලා සහනශීලී පිළිවෙතක් අනුගමනය කරනවා.
මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවෙයි. එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට
Deleteදායක වූ අය, අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටිද්දී, මා උත්සාහ කරන්නේ මේ අර්බුදය
හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහනයක් ලබා දෙන්නයි.
මෙවැනි අර්බුදකාරී අවස්ථාවන්හීදි රටක දේශපාලකයින්ගේ හා බුද්ධිමතුන්ගේ වගකීම සාමූහික ව
ප්‍රශ්නවලට විසඳුම් සෙවීමයි.
අද තිබෙන ගැටලුවලට මුල අපේ විදේශ විනිමය අර්බුදයයි.
රුපියල නම්‍යශීලී ලෙස හැසිරීමට ඉඩ සැලසීමට පෙර තිබුණු තත්ත්වයට අනුව, මේ අවුරුද්දේ අපේක්‍ෂිත
අපනයන ආදායම ඩොලර් බිලියන 12ක්. පසුගිය මාස දෙකේ දත්ත අනුව මේ අවුරුද්දට ඩොලර් බිලියන 22ක
ආනයන වියදමක් දරන්න වෙනවා. ඒ අනුව ඩොලර් බිලියන 10ක හිඟ වෙළඳ පරතරයක් ඇතිවෙනවා.
පසුගිය කාලය තුළ තිබෙන දත්ත අනුව මේ අවුරුද්දට සංචාරක ව්‍යාපාරයෙන්, ඒ වගේම තොරතුරු
තාක්ෂණය වැනි සේවා අපනයනවලින් ඩොලර් බිලියන 3ක් පමණ ලැබිය හැකි අතර, විදේශ ශ්‍රමිකයන්ගේ
ප්‍රේෂණ වලින් අපට ඩොලර් බිලියන 2ක් ලැබෙනවා. ඒ අනුව හිඟ වෙළඳ පරතරය ඩොලර් බිලියන 5ක් වෙනවා.
මේ අතර, මේ වර්ෂය තුළ ඩොලර් බිලියන 6.9ක් ණය වාරික සහ ස්වෛරී බැඳුම් වෙනුවෙන් ගෙවන්නට
වෙනවා. එවිට ඩොලර් බිලියන 11.9ක හිඟයක් ඇති වෙනවා.
අනෙකුත් ලැබෙන ණය ආධාර සහ ආයෝජන ලෙස ඩොලර් බිලියන 2.5ක් අපේක්‍ෂා කරනවා. මේ ආකාරයට
විදේශ මුදල් ප්‍රවාහයේ ඩොලර් බිලියන 9.4ක සම්පූර්ණ හිඟයක් තියෙනවා.
එහෙත් රුපියල නම්‍යශීලී කළාට පසුව, අපනයන ආදායම ඩොලර් බිලියන 13ක් දක්වා වැඩි වේ යැයි
අපේක්‍ෂා කරනවා. ඒ වගේම ආනයන වියදම ඩොලර් බිලියන 22 සිට ඩොලර් බිලියන 20 දක්වා අඩු කර
ගන්නත් පුළුවන් වේවි. එසේ වුවහොත් වෙළඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 7 දක්වා අඩු කර ගන්න පුළුවන්.
අපි ඉලක්ක කර ගත යුත්තේ එයයි.
ඒ වගේම සේවා අපනයන්ගෙන් ඩොලර් බිලියන 4කුත්, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 5කුත්
අපේක්ෂා කරන්න පුළුවන්. මේ අනුව අපේ වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 2.4ක් වනවා.
මේ හිඟය පියවා ගැනීමත්, අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් අප ක්‍රියා කළ යුතුයි.
Deleteමේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග අපගේ ණය වාරික ගෙවීම් ගැන අප
සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අප රටට හිතකර ආකාරයට නව ක්‍රමවේදයක් තුළ මෙය ක්‍රියාත්මක
කිරීමට රජය නොයෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඊයේ
පැවැත්වූ සාකච්ඡාවත් මේ අරමුණින් කළ එකක්.
ඒ සාකච්ඡා තුළින් අප බලාපොරොත්තු වන්නේ වසරකට අප ගෙවිය යුතු ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර
ආදිය ගෙවීම් සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මා කළ
සාකච්ඡාවට පසුව වාසි අවාසි අධ්‍යනය කොට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා.
පසුගිය කාලයේ මා ගත් සමහර තීන්දු නිසා ආනයන වියදම බොහෝ ලෙස පාලනය කර ගන්නට හැකි වුණා.
මේ ප්‍රශ්නය කලින්ම දුටු නිසා තමයි අපි මීට වසර දෙකකට පෙර වාහන ආනයනය නතර කළේ. ඊට
අමතරව දේශීයව අපේ අවශ්‍යතා සපුරාලන කර්මාන්ත අපි දිරිමත් කළා. ඒ වගේම බොහෝ
අත්‍යාවශ්‍යම නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය නතර කර ඒ බෝග වර්ග අපේ රටේම වවන්න අපි කටයුතු
කළා. ඒවායේ සාර්ථක ප්‍රතිඵල අපට දැන් පෙනෙනවා.
ආනයන වියදම පාලනයේ දී අපට මතුවන බරපතලම ගැටලුව වන්නේ ලෝක වෙළඳපොළ තුළ වේගයෙන් වැඩි
වෙන ඛනිජ තෙල් මිලයි. සාමාන්‍යයෙන් අපේ ආනයන වියදමෙන් සියයට 20 කට වඩා වැය වන්නේ තෙල්
සඳහායි. පසුගිය මාස කිහිපය තුළ පමණක් ලෝක වෙළඳපොළේ තෙල් මිල දෙගුණයකට වඩා වැඩි වී
තිබෙනවා. අපේ රට තුළත් තෙල් මිල වැඩි කිරීම නොවැළැක්විය හැකි හේතුවක් වුණේ මේ නිසායි.
වාහනවලට පමණක් නොව විදුලිය ජනනය කිරීම සඳහාත් අපේ රටේ විශාල වශයෙන් තෙල් භාවිතා වෙනවා.
මේ නිසයි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හැකිතාක් යොදා ගැනීම සඳහා මා දිගින් දිගටම සාකච්ඡා කර
අදාළ ආයතන උනන්දු කළේ.
ඒ නිසා තෙල් භාවිතය හා විදුලිය භාවිතය හැකිතාක් සීමා කිරීමෙන් ජනතාවටත් මේ අවස්ථාවේ රට
වෙනුවෙන් සහාය දිය හැකියි. මේ දුෂ්කර අවස්ථාවේ ඔබ ඒ වගකීම තේරුම් ගෙන කටයුතු කරනු ඇතැයි මම
බලාපොරොත්තු වෙනවා.
කොවිඩ් වසංගතය නිසා කඩා වැටුණ සංචාරක කර්මාන්තය යළි හිස ඔසවමින් තිබෙනවා. පසුගිය මාස
දෙකේ ලංකාවට සංචාරකයන් පැමිණීමේ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබුණා.
ඒ වගේම මේ වන විට තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශන ක්ෂේත්‍රවලට රජය විසින් යටිතලපහසුකම්
සැපයීම වේගවත් කිරීම නිසා මේ ක්ෂේත්‍ර හරහා රටට එන ආදායමත් වැඩි වෙමින් පවතිනවා.
අපි ඉතිහාසයේ ඕනෑතරම් අවස්ථාවල වැටිල නැගිටපු ජාතියක්. විදේශ ආක්‍රමණවලට, මහා සාගතවලට,
ස්වාභාවික විපත්වලට, ත්‍රස්තවාදී උවදුරුවලට අපි මුහුණ දීලා ආපසු නැගිටලා තියෙනවා. පසුගිය
කොරෝනා වසංගතයට අපි මුහුණ දුන් ආකාරය ජාත්‍යන්තර ආයතනවල පවා ප්‍රශංසාවට ලක් වුණා.
විසඳුම් ක්‍රියාත්මක කිරීමේ දී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට වෙන බව අපි සියලු
දෙනාම වටහා ගත යුතුයි. ඒ නිසා අධෛර්යවත් නොවී මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතියක්
වශයෙන් එක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
ඔබ මගෙන් ඉල්ලා සිටියේ සුරක්‍ෂිත බව, විනය, නූතන දියුණු රටක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්. මගේ
ධුර කාලයේ වසර දෙකහමාරකට ආසන්න කාලයෙන් වසර දෙකක්ම කැප කළේ වසංගතයෙන් ඔබ සහ ඔබේ
දරුවා ආරක්‍ෂා කර ගන්නයි. නිරෝගී වූ මව්බිම ඇතුළේ මගේ ඉදිරි ධුර කාලසීමාවම ඒ මුල් අරමුණු
වෙනුවෙන් කැප කරනවා.
ඇමති මණ්ඩලයෙන්, පාර්ලිමේන්තුවෙන් සහ රාජ්‍ය සේවකයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ දරුවන්ට හොඳ රටක්
ලබාදීමේ අපෙන් අපේක්‍ෂිත අරමුණ වෙනුවෙන් අපි කණ්ඩායමක් ලෙස අධිෂ්ඨානගතව කැප වන්නටයි.
මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්. ඔබ මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. මා ඒ
විශ්වාසය කිසි විටෙකත් කඩ නොකොට දිවි හිමියෙන් ආරක්‍ෂා කරනවා.
ඔබ සැමට තෙරුවන් සරණයි.
මහ බැංකුවේ අධිපති කබ්රාල් මහතාව දොට්ට දාන්න මුදල් ඇමතිතුමා තීරණය කරලා තියෙනවා කියනවා නේද.
ReplyDeleteඑහෙම උනොත් මොකක්ද වෙයිද. පී බී මහත්තයා ආයේ ඇවිත් ගොඩ දාලා දෙයි නේද?
How development bonda are different from ISBs?
ReplyDeleteDevelopment bonds- These are local bonds though denominated in USD and open to foreign investors (except those residing in the US). Foreign investors have to maintain an account at a local bank. The banker is BoC. The minimum investment amount is USD 10,000. bond issue is usually ~50mn.
DeleteISBs- There are issued internationally through an international bank (or a syndicate of banks). Minimum investment amount is USD 200,000. A bond issue can be ~2.5Bn.
Can a SL national residing in a foreign country invest in SLDBs? In that case what type of account needed? An NRFC?
DeleteYes. They need an Inward Investment Account (IIA) at a commercial bank or a primary dealer.
Deleteඋසී උසී උසි කපුටෝ උසී උසී
ReplyDeleteඥානක්කා දෙයි තව තව වශී වශී
තවම ගෙඩිය හැදුණා මිස නැතිය පැසී
රට පුරාම මිනිස්සු වෙති එක්රාශී
This comment has been removed by the author.
ReplyDeleteසේන්ද නාන පඹයා ඤාණ ද මොකීද කියන වෙට්ට පාසිගේ චීත්ත රෙද්ද ඇගේ ඔතාගෙන පික්සු කෙලිනවා... Artificial intelligence එහෙම දැන් වැඩ බැරි මී හරක් නන්ද පඩයගේ සරම අස්සෙන් බේරෙනවා. ලංකාවේ සෙන්ට්‍රල් බෑන්ක් එක සහ මහා භාණ්ඩාගාරය සතුව ඩොලර් නොමැතිව තිබියදී ඩොලරය පා වීමට ඉඩ හැම නිසා රුපියල් 203කට පැවති ඩොලරයක මිල ඊයේ වනවිට රුපීයල් 275ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මේ ආකාරයට ඩොලරයේ මිල ඉහළ යාම දිගින් දිගටම සිදුවුවහොත් පවතින තත්ත්වය ඉදිරියේදී බරපතළ අර්බුදයක් බවට පත් වන බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පමණ කර්මාන්තකරුවන්ගේ සංගමය මාධ්‍ය හරහා පෙන්වා දුන්නා,
ReplyDeleteඑම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආනයනික සියලුම අමුද්‍රව්‍ය මිල අධික ලෙස අසීමිතව ඉහළ යාම හේතුවෙන් සියලුම නිමි ඇඳුම් මිල 30%ත් 40%ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුව තිබෙන බව, තව අමුද්‍රව්‍ය ගෙන්වීමේදී අඩි 40ක කන්ටේනරයක් වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු ලෙස 2020ට පෙර නැව් සමාගම් අය කළ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදල මේ වනවිට රුපියල් ලක්ෂ දහයකට අධික වී තිබෙන බවත්, භාණ්ඩයක් වශයෙන් ගෙන්වීමේදී වර්ග අඩියකට අය කළ රුපියල් 6,000ක මුදල රුපියල් 25,000කට අධික වී තිබෙන බවත් කලින් රුපියල් 600 කට අලෙවි කළ නූල් කිලෝවක මිල රුපියල් 1,500 ඉක්මවා ගොස් තිබෙන බවත්, රුපියල් 600කට අලවි කළ ඉලාස්ටික් කිලෝවක මිල රුපියල් 1,800ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මේ නිසා රුපියල් 800ත් 1,000ත් අතර මුදලකට අලෙවි කළ නිමි ඇඳුම් සකස් කිරීමට අවශ්‍ය රෙදි වර්ගවල කිලෝවක මිල රුපියල් 2,000කට ආසන්න වී තිබෙන බවද පෙන්වා දුන්නා.
දැනට ලංකාවේ පවතින අතිශය අවාසනාවන්ත තත්වය තුළ දේශීය නිමි ඇඳුම් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවත්, මේ නිසා ලක්ෂ ගණනකට රැකියා අහිමි වෙමින් තිබෙන බවත් රටට බරක් නොවී ග්‍රාමීය ජනතාව මැෂින් කිහිපයක් උපයෝගී කර ගනිමින් නිමි ඇඳුම් කර්මාන්තයේ නිරතව සිටි බවත්, පවතින තත්ත්වය තුළ විශාලම බලපෑමක් සිදුව තිබෙන්නේ එම ජනතාවට බවත් මේ නිසා ග්‍රාමීය ආර්ථිකය විශාල වශයෙන් කඩා වැටී රට සම්පූර්නයෙන්ම බංකොලොත් වෙමින් තිබෙන බවද පැහැදිලියි. මෙි තියන බඩු මිලේ හැටියට නිමි ඇදුමි නෙමෙයි අවශ්‍ය, මිනිය ඔතන්න (මිනී ඇදුමි) සුදු රෙදි යාර 4 විතරයි ඔින කරන්නේ. ඉදිරියෙදි ඒ්කත් ගන්න බැරිවෙයි.
කතා කරන ජායාරූප හැමෝම මේක බලන්න;
ReplyDelete"රට විනාශයි - දැන් ඇති - තවත් වනසන්න දෙන්න බෑ"
සමගි ජන බලවේගය කොළඹදී පැවැත්වූ විරෝධතා පෙළපාලිය අතරතුර...
See below link ;
https://www.facebook.com/100050152704206/posts/490935595921526/
ප්‍රශ්ණ නම් ඇතිවෙන්න තියෙනවා.. දැන් ඕනි උත්තර තමයි ඉකොනො.. :/
ReplyDeleteමේ වෙලාවේ පළමු උත්තරය වහාම පොලී අනුපාතික ඉහළ දැමීමයි. දෙවැන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන බවත්, එසේ ගොස් ඔවුන්ගේ උපදෙස් ලබාගෙන ආර්ථිකය ස්ථාවර කරන බවත් (ඒ වෙනුවෙන් ගන්නා නිශ්චිත පියවරද සමඟ) මහ බැංකුව විසින් හෝ ආණ්ඩුවේ ඉහළ තැනකින් නිවේදනය කිරීමයි.
Delete////මෙසේ එකවර රටට එන ඩොලර් ප්‍රමාණය නිසා හරිනම් ඩොලරයක මිලෙහි යම් පහත වැටීමක් සිදු විය යුතුයි. එහෙත්, වෙනත් හේතුවක් නිසා එය සිදු වන්නේ නැහැ. ඒ බැංකු පද්ධතිය තුළ තිබෙන විශාල ඩොලර් ද්‍රවශීලතා හිඟයයි. ////
ReplyDeleteඉකොන් කියන්නේ ඩොලරය ස්ථාවර මිලට එන්න කලින් ඊට වඩා වැඩි මිලගණන් වලට බැංකු වලින් මේ දවස් වල හා අනාගතයේ ගන්නවා කියලද? ඊට පස්සේ දිගු කාලීනව ස්ථාවර වෙන්න නියමිත මිල කලින් ගත්ත මිලට වඩා අඩු අගයක් ගනී කියලද?
කොහොම උනත් රුපියලේ දෙකේ ලාබෙට උන්ඩියල් කරනවට වඩා බැංකු මාර්ගයෙන් මුදල් ප්‍රේෂණ එවන මේ වෙලාවේ රටට, රටේ මිනිස්සුන්ට කරන ලොකු සේවයක් නේද ඉකොන්.
පසුගිය කාලයේ බැංකු විසින් අනාගතයේදී (මසකින් හෝ තෙමසකින් වැනි කාලයකින්) ගෙවන පොරොන්දුවට බිලියන 2ක පමණ "නැති ඩොලර්" විකුණලා තිබුණා. ඩොලරය 200 මට්ටමේ තියාගෙන සිටින විට බැංකු වලට එසේ කිරීම ලාබයි. උදාහරණයක් ලෙස මාස තුනකින් පසුව ඩොලර් 100ක් දීමේ පොරොන්දුවට රුපියල් 20,000ක් ගන්නවා. අරගෙන 10% පොලියට භාණ්ඩාගාර බිල්පත් වල දැම්මොත් මාස තුනකින් පසු බැංකුවට රුපියල් 500ක පොලී ආදායමක් ලැබෙනවා. ඉන් පසු වෙළඳපොළෙන් රුපියල් 200 බැගින් ගෙවා ඩොලර් 100ක් මිල දී ගෙන පොරොන්දුව ඉටු කරනවා. බැංකුවට නිකම්ම රුපියල් 500ක් ලැබිලා. විණිමය අනුපාතය ස්ථිරව තිබෙන තුරු බැංකු ඔය වැඩේ කරන්න පෙළඹෙනවා. මෙහිදී මේ ලාබය එන්නේ විණිමය අනුපාතය එකතැන තියාගෙන සිටීම නිසා බව ඔබට පැහැදිලි ඇති. අදාළ කාලය තුළ ඩොලරය 205 දක්වා අවප්‍රමාණය වුනානම් මසකට පසු ඩොලර් 100 මිල දී ගන්න රුපියල් 20,500ක් යන නිසා බැංකු වලට ඔය ලාබය ලැබෙන්නේ නැහැ. ඒ නිසා, නැති ඩොලර් විකුණන්නේ නැහැ (short position තියා ගන්නේ නැහැ.) මෙවැන්නක් කරනවාද නැද්ද යන්න තීරණය වන්නේ පොලී අනුපාතික හා විණිමය අනුපාතය අවප්‍රමාණය වීමේ වේගය අතර වෙනස මතයි.
Deleteනමුත්, දැන් සිදු වන්නේ මෙහි අනෙක් පැත්තයි. විණිමය අනුපාතය අවප්‍රමාණය වීමේ වේගය පොලී අනුපාතික වලට වඩා වැඩියි. මේ වගේ වෙලාවක මෙහි අනෙක් පැත්ත කරන එක ලාබයි. ඒ කියන්නේ රුපියල් ණයට අරගෙන අනාගතයේ ලැබෙන්න තිබෙන ඩොලර් දැන් මිල දී ගන්න එක. අපි හිතමු තව සතියකින් ඩොලර් එක රුපියල් 300ට යන බව පේනවා කියලා. කාට හෝ තව සතියකින් ලැබෙන්න නියමිත ඩොලර් ණයක් අරගෙන අද මිල දී ගත්තත් වාසියි. ණයට රුපියල් 25ක් පොලිය ගෙවන්න වෙන්නේ නැහැ. ඒ නිසා. මේ වෙලාවේ බැංකු වලට ඉතා ඉක්මණින් short position එකක සිට long position එකකට මාරු වෙන්න සිදු වී තිබෙනවා. එහිදී බැංකු වලට එන ඩොලර් එළියට නොයවා බැංකු ඇතුළේම තියා ගන්න ඔවුන් පෙළඹෙනවා. ඒ විතරක් නෙමෙයි අනාගතයේ ලැබෙන්න තිබෙන ඩොලර් පවා දැන්ම මුදල් ගෙවා මිල දී ගන්නවා. මේ හේතුව නිසා තාවකාලිකව රටේ සාමාන්‍ය ඩොලර් ඉල්ලුමට වඩා වැඩි ඩොලර් ඉල්ලුමක් ඇති වී තිබෙනවා. ඩොලර් සැපයුමද තාවකාලිකව සාමාන්‍ය ඩොලර් සැපයුමට වඩා ඉහළ ගොස් ඇතැයි මම හිතනවා. එහෙත්, ඉල්ලුම වැඩි වූ තරමට සැපයුම වැඩි වී නැහැ. ඒ නිසා ඩොලරයේ මිල මේ වෙලාවේ නවතිනු ඇත්තේ මෙවැනි තත්ත්වයක් නොතිබුණානම් නවතින මිලට වඩා ඉහළට ගිහින්. එසේ කීයට හෝ ගොස් ඩොලරයේ මිල ස්ථාවර වූ පසු (ස්ථිර වූ පසු නොවේ) තව දුරටත් long position තියා ගන්න අවශ්‍ය නොවන නිසා ඉල්ලුම පහත වැටී මිල තරමක් අඩු විය හැකියි. හැබැයි එය වෙන්නේ ඊට කලින් ඕනෑම මට්ටමකට මිල ඉහළ යන්න ඉඩ දුන්නොත් පමණයි. ඒ වගේම මගේ යෝජනාව වන්නේ ඩොලරයේ මිල ඉහළ යාමෙන් පසුව මේ අයුරින් පහත වැටෙන්නට ඉඩ නොදිය යුතු බවයි. ඒ අවස්ථාවේදී මහ බැංකුව මැදිහත් වී ඩොලර් මිල දී ගෙන මිල පවත්වා ගත යුතුයි. මොකද එක පැත්තකින් ණය ගෙවන්න විශාල ඩොලර් ප්‍රමාණයක් අවශ්‍යයි. අනෙක් පැත්තෙන් ඩොලර් එක ඉහළ යද්දී ඉහළ ගිය මිල ගණන් බොහෝ විට නැවත පහත වැටෙන්නේ නැහැ. ඒ වගේම ඒ වෙද්දී රටේ මිනිස්සු ඉහළ ගිය ඩොලර් එකේ මිලට පුරුදු වෙලා.
බැංකු මාර්ගයෙන් මුදල් ප්‍රේෂණ එවන එක මේ වෙලාවේ රටට, රටේ මිනිස්සුන්ට කරන ලොකු සේවයක්ද කියන එක විෂයමූලික, පෞද්ගලික කරුණක්. රටේ බොහෝ දෙනෙකුට මේ වෙලාවේ බැංකු වලින් ඩොලර් මිල දී ගැනීමේ නිදහස නැහැ. විවිධ හේතු මත රටේ මිනිස්සුන්ට ඩොලර් අවශ්‍යයි. උදාහරණයක් ලෙස විදේශගත දරුවෙකුගේ අධ්‍යාපනය වැනි දෙයක් වෙනුවෙන් වෙන්න පුළුවන්. ලංකාවට එන කෙනෙකුට කියලා රටේ දැනට නැති බෙහෙතක් ගෙන්න ගන්න වෙන්න පුළුවන්. ඒ අයට වැඩි මිලකට හෝ ඩොලර් මිල දී ගන්න අවස්ථාව ලැබී තියෙන්නේ උන්ඩියල් ක්‍රම වලට සල්ලි එවන අය නිසා. ඒ නිසා, සේවය ගැන කතා කරනවානම් මෙය දෙපැත්තක් තිබෙන දෙයක්.
Deleteපැහැදිලියි ඉකොන්. ස්තුති
Deleteඉකොනො අපිට ඩොලර් බිලියන 3-4 ක විතර දීර්ග කාලීන නයක් ගොඩ දාගන්න පුලුවන් වුනොත් මෙච්චර ගොඩක් රෙට්ස් වැඩි නොකර වැඩෙ ගොඩ දාගන්න බැරිද? දැන් IMF යන්න ඉන්න නිසා ජපානෙන් ඉන්දියාවෙන් වගෙ එ වගෙ ගානක් ගොඩ දාගන්න පුලුවන් වෙන්න ඉඩ තියනවා.
ReplyDeleteමම හිතන්නේ ඉන්දියාව මේ වන විටත් ඩොලර් බිලියන 2.8ක පමණ කෙටිකාලීන ණය දීලා තියෙනවා. ඉන්දියාවෙන් දැන් බලාපොරොත්තු විය හැක්කේ එම ණය ගෙවීම යම් තරමකින් හෝ කල් දමා ගැනීම පමණයි. තවත් යම් මුදලක් දෙන්න ඉඩ තියෙනවා. නමුත් බිලියන 3-4ක්නම් දෙන එකක් නැහැ. ජපානය මේ වෙලාවේ ලොකු ණයක් දෙයි කියලා හිතන්න බැහැ. ණය ලැබෙන තරමට ඩොලරය ඉහළ යාම පාලනය කර ගැනීම පහසු වෙනවා. පොලී අනුපාතික ඉහළ දැමීමේ අවශ්‍යතාවයද අඩු වෙනවා. එසේ වුවත්, මේ වන විට තිබෙන තත්ත්වය අනුව වුවද මෙම මාර්තු මාසය තුළ 20% කිට්ටුවටත්, අප්‍රේල් මාසය වන විට තවත් ඉහළටත් උද්ධමනය වැඩි වීම වලක්වන්න බැහැ. ඒ අනුව, දැනට පවතින තත්ත්වය අනුවම වුවත් පොලී අනුපාතික 20% මට්ටම දක්වාවත් ඉහළ දැමීම කළ යුතුම දෙයක්. පොලී අනුපාතික ඉහළ දැමීම අත්‍යාවශ්‍ය වන මෙම ලිපියේ විස්තර කර නැති වෙනත් හේතු ගණනාවක්ද තිබෙනවා. කෙසේ වුවත්, විණිමය අනුපාතය ඉහළ යන්න ඉඩ හැරීමේදී මෙන් නොව පොලී අනුපාතික ඉහළ යාමේදී රාජ්‍යමූල්‍ය අංශයේ අර්බුදය උග්‍ර වෙනවා. ඉහළ යන පොලී වියදම් ආවරණය කර ගත හැකි පරිදි බදු ආදායම් ඉහළ දමා ගන්න වෙනවා. විණිමය අනුපාතය හා උද්ධමනය ඉහළ යාම නිසා මේ ප්‍රශ්නයෙන් කොටසක්ද ස්වභාවික ලෙසම විසඳෙනවා.
Delete20% කියන්නෙ වාර්ශික අනුපාතයද?
Deleteඔව්.
Delete