මැයි මාසය අවසානයේදී රුපියල් බිලියන 197.3ක්ව පැවති අයවැය අතිරික්තය ජූනි මාසය අවසානයේදී රුපියල් බිලියන 9.5 දක්වා පහත වැටී තිබෙනවා. වසරෙන් අඩක් ගත වෙද්දී වසර මුල ඇස්තමේන්තු කළ ආදායමෙන් 55.8%ක් එකතු වී ඇති අතර වියදම් කර තිබෙන්නේ ඇස්තමේන්තුවෙන් 39.0%ක් පමණයි. පුනරාවර්තන වියදම් ඇස්තමේන්තුවෙන් 45.7%ක් වියදම් කර ඇති නමුත් ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තුවෙන් වසර මැද වන විටද වැය කර තිබෙන්නේ 16.1%ක් පමණයි.
රාජ්‍ය ආදායම ක්‍රමයෙන් දදේනියෙන් 20% මට්ටම දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කයක ආණ්ඩුව සිටින බව පෙනෙනවා. මේ සඳහා කළ හැකි දේ යෝජනා ලෙස ඉදිරිපත් කිරීම සඳහා පසුගිය මාසයේදී රජය විසින් අවස්ථාව ලබා දී තිබුණා.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.