වෙබ් ලිපිනය:

Monday, February 15, 2016

රතු වයින් සහ දොඩම් යුෂ


"නිරාශා, මම එහෙනං යන්නං කෙල්ලෙ...."

සඳුන් මේ කියන්නේ තුන්වෙනි පාරටය.

"ඕකේ, ගුඩ් නයිට්, සඳුන්!"

නිරාශා දොර වසා ගන්නට අත යවයි.

"නිරාශා, පොඩ්ඩක් ඉන්න! තව පොඩ්ඩෙන් මේක අමතක වෙනවා."

සඳුන් මෝටර් රථයේ දොර විවෘත කර යමක් ගෙන නිරාශාගේ අත තබයි.

"අනේ තවත් මොනාද, සඳුන්! ඔය තරම් නිකම් සල්ලි නාස්ති කරන්න එපා. ඔයා මේ අරන් දීපුවටම කීයක් යන්න ඇද්ද?"

"නිකං නාස්ති කරනව නෙමෙයිනේ නිරාශා. ඔයා වෙනුවෙන් කරන දෙයක් කොහොමද නාස්තියක් වෙන්නේ?"

"ඒ වුනාට...?"

නිරාශා අකමැත්ත පෙන්වමින්, එහෙත් කැමැත්තෙන් කුඩා පාර්සලය අතට ගනී. මෙය කිසියම් රන් ආභරණයක් බව ඇගේ පළපුරුද්ද ඇයට කියයි. අදට ඇයට සඳුන්ගෙන් ලැබෙන අවසන් තිළිණය මෙය විය යුතුය.

"සඳුන් දැන් යන්න. මාධවී බලාගෙන ඇති ඔයත් එක්ක ඩිනර් එකට යන්න."

නිරාශා නැවතත් දොරගුලට අත යවයි. සඳුන්ගේ තරමක් තරබාරු, අඳුරු පැහැ, එහෙත් පියකරු රුව නිරශාගේ ඇනෙක්සියෙන් ඉවතට ඇදෙන්නේ කැමැත්තකින් නොවේ.

"ගුඩ් නයිට්, ලවු යූ!"

"ගුඩ් නයිට්!"

නිරාශා වැසූ දොර නැවතත් විවර කර බලයි.

"මේ යකා ගියාට බයිලයක් කියාගෙන ආපහු එන්නත් බැරි නැහැ..."

සඳුන්ගේ මෝටර් රථය පැයට කිලෝමීටර තිස් හයක වේගයෙන් ඉදිරියට ඇදේ. එය මිලිතත්පර දහතුනකට පෙර තිබුණු තැන නිරාශාට පෙනේ. එය සැබැවින්ම ඇත්තේ පෙනෙන තැනට වඩා සෙන්ටිමීටර දහතුනක් ඉදිරියෙනි.

තමන් පිට වූ වහාම බොරුවට දොර වසාගත්තත්, නිරාශා නැවතත් දොර ඇර බලන බව සඳුන් අත්දැකීමෙන් දනී.

"කෙල්ල මට හොඳටම ආදරෙයි!"

ඔහු මෝටර් රථයේ පැති කණ්ණාඩියෙන් බලා සිටින්නේ නිරාශාගේ දොර නැවතත් ඇරී වැසෙන මොහොතයි. පැති කණ්ණාඩියේ පෙනෙන නිරාශාගේ දොරේ පිළිබිඹුව පැයට කිලෝමීටර 
තිස් හයක වේගයෙන් ඔහුගෙන් ඈත් වේ. එය ඇරී වැසී මිලිතත්පර දහතුනකට පසු සඳුන් ඔහුගේ පැති කණ්ණාඩියෙන් දකී. 

***
ඉර බැස ගොස් හෝරා කිහිපයකි. විදුලි පහන් වල එළියේ තීව්‍රතාවය අවස්ථාවට ගැලපෙන පරිදි අඩු කර ඇත. අවන්හලේ සිහින් සංගීතය රොමැන්තික හැඟීම් මවයි.

"ආදරයක හැඟුමක් සිතෙහී...
නොතිබුණු කාලෙක පෙර දිනෙහි...
මා හට ඔබ හමුවුණු විටදී...
මතකයි හද කිතිකැවුණු හැටි..."

මේ මියුරු සංගීතය ගලා එන්නේ කොහෙන්ද? විදුලි බුබුලෙන් පිට වූ ආලෝක කදම්බ කිහිපයක් මාධවී අසුන්ගෙන සිටින තැනට මීටර 3.4ක් ඈතින් ස්ථානගත කර තිබුණු හඬ විකසනයක වැදී පරාවර්තනය වී පැමිණ නැනෝතත්පර 11කින් ඇගේ දෘෂ්ඨි විතානය මත පතිත වේ. මිලිතත්පර 100කට පෙර හඬ විකසනයෙන් පිටව මාධවීගේ කන්බෙරය කම්පනය කළ හඬ තරංගයක ඇති තොරතුරු විද්‍යුත් චුම්භක තරංගයක ලියවෙද්දී මාධවීගේ ඇස් වල කේතු සෛල හා යෂ්ඨි ශෛල ඇගේ දෘෂ්ඨි විතානය මත පතිත වූ ආලෝක කදම්බයට ලහි ලහියේ ප්‍රතිචාර දක්වයි.

මාධවී ඇයට මීටරයක් ඉදිරියෙන් මේසයේ අනිත් කොන වාඩි වී සිටින සඳුන්ගේ තරුණ මුහුණ දෙස අවධානය යොමු කළේය. නැනෝතත්පර තුනකින් ඇගේ දෘෂ්ඨි විතානය මත උඩුකුරුව ඇඳෙන සඳුන්ගේ රුව තවත් මිලිතත්පර 13කට පසු මාධවීට පෙනේ. ඈ මුලින්ම දුටුවාට වඩා දැන් සඳුන් තරබාරු වී ඇත. එහෙත්, ඔහුගේ තරුණ පෙනුම පවත්වා ගැනීමට ඔහුට තවමත් මාධවීට මෙන් වෙහෙසෙන්නට අවශ්‍ය නැත.

වසර දහතුනකට පෙර සිය පියාගේ සේවකයෙකු ලෙස සඳුන් පැමිණි කාලය මාධවීට සිහි වේ. උන්නතිකාමී තරුණයෙකු වූ සඳුන්ට ව්‍යාපාරිකයෙකු වූ මාධවීගේ පියාගේ හිත දිනාගන්නට වැඩි කලක් ගියේ නැත. එමෙන්ම, සඳුන්ගේ කඩවසම් පෙනුමට, හිත් ඇදගන්නා කතාවට සහ ආචාරශීලී හැසිරීමට මාධවීගේ හිත ඇදී යන්නටත් වැඩි කලක් ගියේ නැත. කාලයක් තිස්සේ සිදු වූ හොරගල් ඇහිලීම අවසන් කළේ සඳුන් විසිනි.

"ඔයා ඔය ඇත්තම නේද කියන්නේ? එහෙම නැතුව අපේ තාත්තගෙ සල්ලි වලට එහෙම නෙමෙයිනේ?"

මාධවී එදා කෙළින්ම එසේ ඇසුවත් ඇය ඒ වන විටත් සිටියේ සඳුන් වෙලාව ඇහුවත් හා කියන්නට බලාගෙනය.

පසුගිය වසර දහතුන තුළ සඳුන් විසින් මාධවීගේ පියාගේ ව්‍යාපාර විශාල ලෙස දියුණු කර තිබේ. විශේෂයෙන්ම මාධවීගේ පියා මිය යාමෙන් පසු ගතවූ වසර තුන තුල ඔවුන්ගේ ව්‍යාපාරික ජාලය ලබා ඇති ප්‍රගතිය කැපී පෙනේ.

"අපිට ගේන්නකෝ ඉස්සෙල්ලම ඔරේන්ජ් ජූස් දෙකක්..."

සඳුන් ඇණවුම් කරන්නේ මාධවීව විමසීමක් නොකරමිනි. මාධවී තවමත් කැමති දොඩම් යුෂ වලට විය යුතුයැයි සඳුන්ගේ මතක පරිපථ වල ඇති දත්ත විශ්ලේෂණය කරන ඔහුගේ මොළය ඔහුට කියයි.

"ඔයා ඉතින් වයින් වලට කැමති නෑනේ."

මාධවීගේ සිත ආදර හැඟුම් වලින් පිරේ. සඳුන්නම් මේ වසර දහතුනටම වෙනස් වී නැත. ඔහු එදාමෙන්ම අදත් එකසේ මාධවීට ආදරය කරයි. මාධවී මුලින්නම් හිතුවේ සඳුන් ආදරය කරන්නේ ඇගේ මිල මුදල් වලට බවයි. එසේ නොවීනම්, තමන්ට වඩා වසර පහකින් වැඩිමල්, විශේෂයෙන් කියන්නට තරම් ලස්සනක් නොතිබුණු මාධවී වෙත හිත යන්නට මේ කඩවසම් තරුණයාට හේතුවක් තිබුණේ නැත. සල්ලි බලයෙන් හෝ කඩවසම් කොල්ලෙකු අල්ලාගැනීමේ වරදක් නැතැයි මාධවී එදා සිතුවේය.

තමන් වැරදි බව දැන් මාධවීට තේරේ. සඳුන්ට තමන්ගේ කවර හෝ ආකර්ශනීයත්වයක් තිබෙන්නට ඇත. එදාමෙදාතුර වසර දහතුනක් තුළ මාධවීට සඳුන්ගේ ආදරයේ අඩුවක් පෙනී නැත.

එහෙත්, මා එදා සිටි මාධවීමද?

යාබද මේසයේ යුවලක් රතු වයින් තොලගාති. මාධවීටද රතු වයින් වීදුරුවක් බොන්නට දොළදුකක් ඇත. එහෙත්, මෙය කෙළෙස සඳුන්ට කියන්නද?

වසර දහතුනකට පෙර, මාධවී සහ සඳුන් ආදරවන්තයින් වීමෙන් පසුව පළමු ආදරවන්තයින්ගේ දිනය ගෙවුනේද මේ අවන්හලේදීමය. මාධවීගේ සිත ඒ අතීතයට දිව යයි.

"සර්, මොනවද බොන්න ගේන්න ඕනෑ?"

සඳුන් මාධවී දෙස බැලුවේය.
ප්‍රසිද්ධියේ නොපෙන්වූවත්, ඒ වන විට ඔවුන්ගේ සම්බන්ධය මාධවීගේ පවුලේ අය දැන සිටියේය. සිය ව්‍යාපාරික කටයුතු වලට විශාල පිටිවහලක් වූ මේ තරුණ සේවකයාව සිය පවුලට එකතු කරගැනීම මාධවීගේ පියා නරක දෙයක් ලෙස සිතුවේ නැත. දශක කිහිපයකට පෙර ඔහුද මාධවීගේ මවගේ පියාගේ සේවකයෙකි.

"මට ගේන්න ඔරේන්ජ් ජූස් එකක්."

"මට ගේන්නකෝ රෙඩ් වයින් එකක්."

මාධවීගේ සොඳුරු මුහුණ අඳුරු විය. සඳුන්ද තමන් මෙන්ම දොඩම් යුෂ පානය කළ යුතු බවත්, රතු වයින් පානය නොකළ යුතු බවත් එදා ඇයට සිතුනේ ඇයි? එදා මාධවී දෙස අද මාධවී බලන්නේ කිසියම් සෝපහාසාත්මක හැඟීමකිනි. සමහර විට සඳුන්ව මුල ඉඳලම මට ඕනෑ හැටියට හදාගන්න මට ඒ දවස්වල ඕනැ වෙන්න ඇති!

"අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ"

අවන්හලේ සේවකයින් අවස්ථාවට උචිත ගීතයක් තෝරාගන්නට ඇති හැකියාව අතින් සිටින්නේ නිදහස් උත්සවයේ සංවිධායකයින්ටත් පිටුපසිනි. අතීතය යනු මේ මොහොතේ දකින වර්තමානයේ සිට ප්‍රක්ෂේපනය කරන, මොළයේ මතක පරිපථ වල ලියවී ඇති කරුණු ඇසුරින් සකසාගත් මායාවක් පමණි. අපට වර්තමානයේ දැනෙන සුවඳ මතක පරිපථ වල ඒ විදිහටම සටහන් නොවන නිසා මේ අතීත සිහින වල සුවඳ සැබෑ සුවඳක් නොවේ.

කෙසේවුවද, මාධවී වියෝවේ වේදනාව විඳින්නට තරම්නම් කිසිදා අවාසනාවන්ත වුණේ නැත. සඳුන් දිනෙන් දිනම මාධවීට අවශ්‍ය පරිදි කැමැත්තෙන්ම වෙනස් වුණේ හිතාගන්නවත් බැරි විදිහටය. පසුගිය වසර දහතුන තුළ ඔවුන්ගේ රුචිකත්වයන් පුදුමාකාර ලෙස සමාන වී තිබේ. සඳුන් දැන් කැමති ඇය කැමති කෑම වලටමය. ඔහු අඳින්නේද ඇය කැමති ඇඳුම්ය. චිත්‍රපට සඳහා වන රුචිකත්වයද පුදුමාකාර ලෙස සමානය.


සඳුන් කොහොමටත් කිසිදිනෙක වැඩිපුර මත්පැන් පානය කර නැත. එහෙත්, ඔහු ඉඳහිට බීර වීදුරුවක් හෝ රතු වයින් වීදුරුවක් තොලගා තිබේ. මාධවී වෙනුවෙන් මේ පුරුද්දද අතහරින්නට සඳුන්ට කිසිදු අමාරුවක් තිබුණේ නැත. එය සැබෑ ආදරය විය යුතුය.

රතු වයින් උගුරක් තොල ගාන්නට ඇති ආශාව වෙනුවෙන් සඳුන්ගේ මොළයේ මතක සෛල වල වසර දහතුනක් තිස්සේ සටහන් වී ඇති ප්‍රතිරූපය සංශෝධනය වන්නට ඉඩහැරිය යුතුද?

නැත. මා ඔහු විසින් මුළු හදවතින්ම ආදරය කරනු ලබන ඔහුගේ මාධවිය නොවුවත් මේ මායාවෙන් ඔහුව මිදවිය යුතු නැත.

***


නිරාශා සඳුන්ගෙන් ලැබුණු තිළිණය දෙස මොහොතක් බලා සිට එය අල්මාරියේ ලාච්චුවකට දමා වසා දැමුවාය. ගල් ඇල්ලූ මේ රන් මාලයට ඔහු සෑහෙන මුදලක් වැය කරන්නට ඇත. එහෙත්, නිරාශාට එහි කිසිදු විශේෂත්වයක් නොදැනේ.

නිරාශාගේ හිස බර වේ. මේ හවස පානය කළ රතු වයින් වල බරයි. ඇඳුම් මාරු නොකරම ඇඳේ හාන්සි වන ඇගේ මොළය ඈ පැය කිහිපයකට පෙර වර්තමානය ලෙස හඳුනාගත් දෙය අසම්පූර්ණ ලෙස ප්‍රතිනිර්මාණය කර පෙන්වයි.

සඳුන් ඈ ඉදිරිපිට වාඩි වී සිටී. අවන්හලේ, අඩ අඳුරේ සංගීතය පැතිරේ.

"අතීතයේ මායා රූ කැඩී බිඳී යාවී...
මිලාන වූ මා දෑසේ කතා නිමා වේවී..."

නිරශාගේ කතා නිමා වන්නේ ඇයට කියන්නට දෙයක් හිතාගන්නට කාලය අවශ්‍ය නිසාම නොවේ. දොඩමළු වන සඳුන්ට ඉඩදීම වඩා වාසිදායක බව ඇය අත්දැකීමෙන්ම දන්නා නිසාය.

"දැන්නම් මේ මඟුල එපා වෙලා තියෙන්නේ, නිරාශා...මේ ගෑණි මහ යකින්නියක්. බලන්නකෝ දැන් අවුරුදු දහතුනක්! මමම හින්දා ඉවසගෙන ඉන්නව..."

"කන්න ඕනෑ ඒ ගෑණිට ඕනෑ දේ...බොන්න ඕනෑ ඒ ගෑණිට ඕනෑ දේ...ඒ ගෑණි කැමති චිත්‍රපටියක් ආවහම මමත් පැය තුනක් වාඩිවෙලා බලා ඉන්න ඕනෑ..."

"මම දැනටත් ඩිවෝස් වෙලා ඔයාව මගෙ ලඟට අරන්...කොහෙද අර මනුස්සය හැම කෙහෙම්මලම මේ ගෑණිගේ නමටනේ ලියලා තිබුණේ...දැන්නම් සල්ලි වැඩි ප්‍රමාණයක් මගේ එකවුන්ට් වලට ඇදල ඉවරයි..."

"මැඩම්, තව මොනව හරි ඕනැද?"

"ගේන්න තව රෙඩ් වයින් බෝතලයක්..."


"අනාගතේ සිහිනේ...
නෑ මෙදා සැබෑ වන්නේ..."

අනාගතය අවිනිශ්චිතය. එහෙත්, ඇතැම් විට අපට අනාගතය නිවැරදිව ග්‍රහණය කර ගත හැකිය.

නිරාශා ඇයට මීටරයක් ඉදිරියෙන් මේසයේ අනිත් කොන වාඩි වී සිටින සඳුන්ගේ වියපත් ලකුණු ඇඳුණු මුහුණ දෙස අවධානය යොමු කළේය. නැනෝතත්පර තුනකින් ඇගේ දෘෂ්ඨි විතානය මත උඩුකුරුව ඇඳෙන සඳුන්ගේ රුව තවත් මිලිතත්පර 13කට පසු නිරාශාට පෙනේ. ඈ මුලින්ම දුටු දින සිට ගතවුණු මාස කිහිපය තුළ සඳුන් ඔහුගේ රුව ගැන වඩා සැලකිලිමත් වෙයි. ඔහුගේ තරුණ පෙනුම පවත්වා ගැනීමට ඔහු බොහෝ සේ වෙහෙසෙනවා විය යුතුය.

යාබද මේසයේ තරුණ යුවලක් දොඩම් යුෂ තොලගාති. නිරාශාගේ මොළය ඇගේ මතක සෛල වල ලියැවී ඇති පෙර දිනෙක තොල ගෑ දොඩම් වීදුරුවක රස පිලිබඳ අසම්පූර්ණ දත්ත සැණෙකින් නැවත සැකසුම් කරයි. ඇයට දොඩම් වීදුරුවක් බොන්නට දොළදුකක් ඇතිවේ.

රතු වයින් වලින් වීදුරු පිරවේ. නිරාශා රතු වයින් ඉතා අකැමැත්තෙන් තොල ගායි. වැඩිපුර වයින් බීමෙන් පසු ඇතිවන කැරකිල්ල තවමත් ඇගේ මොළය ඇයට සතුටක් ලෙස නොපෙන්වයි. කාලයත් සමඟ මෙය වෙනස් වනු ඇත.

"ඔයා ආස නැද්ද ඔරේන්ජ් ජූස් වලට? මාධවීටනම් ඔරේන්ජ් ජූස්ම තමයි!"

"අපෝ මම අකැමතිම බීමක්! මම ආසම රෙඩ් වයින් වයින් වලට..."

සඳුන්ගේ මුහුණේ ඇතිවන ප්‍රසන්න හැඟීම දැක ගැනීමට, එහි සිට නිරාශාගේ දෘෂ්ඨි විතානය මත පතිත වෙන ආලෝක කදම්බයට ඇගේ ඇස් වල කේතු සෛල හා යෂ්ඨි සෛල දක්වන ප්‍රතිචාර සටහන් කරගන්නා විද්‍යුත් චුම්භක තරංග ඇගේ මොළය තුළ සැකසුම් වන තුරු බලාසිටින්නට ඇයට අවශ්‍ය නැත. ඇගේ මතක සෛල වල සටහන් වී ඇති අතීත අත්දැකීම් පිලිබඳ අසම්පූර්ණ සටහන් ඊට පෙර නැවත සැකසුම් වනු ඇත.

තත්පර ගණනකට පෙර නිරාශා අනාගතය නිවැරදිව දකී.



***
ශුභ ආදරවන්තයින්ගේ දිනයක්!


(Image: www.dreamstime.com)

49 comments:

  1. wow.. !

    Zero to 36kmph in zero milliseconds.

    මාර කාරෙකක් නේ? යෝ ගේ ලැම්බෝගිනිය ද? චිචී ගේ ෆෙරාරිය ද?

    ReplyDelete
    Replies
    1. වැඩියි වගේ නේද? මමනම් ගරාජ් එකෙන් අරන් පාරට දාන කොට 20 mph පැනලා.

      Delete
  2. මේවගේ පෝස්ට් එකක් කියවපු ජීවිතේ පලමුවෙනි වතාව. සාමාන්‍යයෙන් වෙන වෙන පෝස්ට් වල ලියවෙන භෞතික විද්‍යාව, ආදරය, බොරුව සහ රැවටීම, විවාහයෙන් පිට සම්බන්ධතා, එකතුකරල හදපු සැලඩ් එකට ජීව විද්‍යාව සහ ව්‍යාපාර වල සිදුවෙන හොරකම් පොඩ්ඩක් ඉහල රස වින්ඳනය වැඩි වෙන ආකාරයට. ඉකොන් ගේ විද්‍යාත්මක දේවල් සාමාන්‍ය ජීවිතේට ඔබ්බවන ආකාරය කලින් දැක තිබ්බත් මේක නම් ගව් ගානක් එහා. මේක අධ්‍යාපනඥයෙක් දැක්කොත් කොපි කරන්නත් ඉඩ තියෙනව. සුභ පැතුම් හදවතින්ම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඉයන්! වැඩිදෙනෙක් කියවන්න පෙර මුලදීම වැරැද්ද පෙන්නුවටත් නැවතත් ස්තුතියි!

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. පිසික්ස් නං දන්නෑ කතාව නං කෝම හරි ගැටගහගත්ත
    මේක අවිත් රොමෑන්ටික් නෙවී හොරර් ත්‍රිලර් එකක්
    ඕ යේස්...

    ReplyDelete
    Replies
    1. කොහොමහරි ගැටගහගත්තනම් කමක් නෑ, මහේෂ්!

      Delete
  5. //ආලෝක කදම්බයට ඇගේ ඇස් වල කේතු සෛල හා යෂ්ඨි සෛල // මේවා පපුව හෝස් ගාලා යන උපමානේ බං...

    ReplyDelete
    Replies
    1. පපුවනම් හෝස් ගාන්න දෙන්න එපා. ඒ ගැන ලියපු ලිපි කිහිපයක් පෝලිමේ තියෙනවා.

      Delete
  6. මගේ සංවේදක නියුරෝන සෛල ඕවර් ඩ්‍රයිව් වැඩකරන්ට ගත්ත මේක කියවල.

    I don't know whether that's correct or not and frankly I don't care…:)

    ReplyDelete
    Replies
    1. I don't know whether you're correct or not but I don't care either…:)

      Delete
  7. විජ්ජාත්මක ආදර කතාවක්...

    ReplyDelete
    Replies
    1. හැම තැනම විජ්ජා පෙන්නනකොට ආදරෙත් පොඩ්ඩක් විජ්ජාවක් වුනාම මොකද?

      Delete
  8. කතාවේ අමුතු මෙව්වා එකක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකෙත් මෙව්වා එකක් තියෙනවා. :)

      Delete
  9. මෙන්න මෙහෙම ලියනවනම් පට්ටයි. අනිත් ලිපි ලියනකොටත් මේ වගේ කරන්වනවනම් පට්ට.. කතා දෙකම ගලපන්න මාර කට්ටක් කන්න ඇති නේ.. පිටතින් නොපෙනෙන ඇතුල් පැත්ත මරුවට විස්තර කරලා තියෙනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, සිංහ මචන්! එච්චර හිතල ලියපු එකක් නෙමෙයි. ඔහේ නිකම්ම වගේ ලියවුනා.

      Delete
  10. ශේහ්! මේක සුපිරි. මම ආසම විදියට විජ්ජාවයි ආදර කතාවකුයි එකට ගොතලා වැඩිපුර නූල් පොටක්වත් නොපෙනෙන්න. අපූරුයි!

    ReplyDelete
    Replies
    1. කැමති අයට නූල් පොටවල් බලා ගත්තහැකි, බස්සි. ලියන්නා කෙසේ ලීවත් කියවන්නා කියවන්නේ තමන්ට ඕනෑ විදිහටනේ. :) මේක මෙහෙම ලියන්න හිතපු එකක් නෙමෙයි. ටිකක් කතාවක් වගේ පටන් අරන් වෙන විස්තරයක් ලියන්නයි මුලින් හිතාගෙන හිටියේ. ටික වෙලාවක් ටයිප් කරගෙන ගිහින් බලන කොට ලියවිලා තිබුනේ මේක.

      Delete
  11. විද්‍යාත්මක කෙටි කතාවක්ද? නැවුම් වගේම ඉතා රසවත්! මෙහෙම එකක් කියෙව්වමද කොහෙද.

    රවීටයි, ඩූඩ්ටයි කියපු කතාවම ඉකෝටත් කියන්නම්. අපිවගේ බ්ලොග් බලන මැට්ටොන්ට ඇරෙන්න මේවා සාමාන්‍ය මිනිස්සුන්ට කියවන්න නොලැබෙන එකනම් මහම මහා අපරාදයක්!

    ReplyDelete
    Replies
    1. අසාමාන්‍ය මිනිස්සු හරි කියවනවනේ, උදය, ඒ මදැයි.

      Delete
  12. Gunadasa amarasekara mechchara kal inne ethuma hamadama rata red wine glass ekak bona nisay

    ReplyDelete
    Replies
    1. රතු වයින් හදවත් සෞඛ්‍යයට හොඳයි. ඒත් වකුගඩු හා අක්මා වලට හොඳ නැහැ.

      Delete
  13. මේකනම් අති විශිෂ්ඨයි ඉකොන්

    ReplyDelete
  14. කතාව ඉතාමත් රසවත්. දිගටම කියවා ගෙන යෑමේදි කිසිදු අපහසුතාවයක් ඇති නොවිනි. දිගටම ලස්සනට මේ විදිහට ලියන්න වැඩි වැඩියෙන් කාලයක් ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා......

    මම හිතන විදිහට සාමාන්‍යයෙන් මිනිහෙක් කියන්නේ කටුස්සෙක් වගේම තැනින් තැනට ස්වයංව තමන්ගේ ස්වරූපය වෙනස් කරන පුද්ගලයෙක් තමයි. අපි කතාකරන විදිහ, පලකරන අදහස්, භාෂාව හසුරවන විදිහ, හඩේ සැර, කතාකල යුතු නොකලයුතු දේ පවා අපි ලග ඉන්න පුද්ගලයන් අනුව වෙනස් වෙනවා.

    ඒ වගේම මම ගැන අනෙක් සියලුම පුද්ගලයෝ හිත්වල තියෙන්නේ ඔවුන්ගේ නිරික්ෂණයක්. මොකද මම ඔහු ලග හැසිරෙන විදිහ හා ඔහු දන්න අනෙකුත් පුද්ගලයින්ගේ සහ මාගේ තොරතුරු නිරික්ෂණය කිරිමෙන් තමයි ඔහු මම ගැන චිත්‍රයක් මවා ගන්නේ. ඒ අනුව අපි හැමොගැනම මවාගෙන ඉන්නේ අපේම චිත්‍රයක්, ඒක ලැබෙන තොරතුරු සමග සෑම මොහොතකම වෙනස් වෙන්න පුලුවන්......

    මට දැනෙන විදිහට මම ගැන අනෙක් පුද්ගලයින්ට තියෙන විශ්වාසයයේ තරමට තමයි ඔහුන් මම සමග තියෙන සම්බන්ධය වෙනස් කරන්නේ සහ වඩ වඩාත් මට සමිප වෙන්නේ (මේක මට තියෙන දැනීම හා තොරතුරු අනුව මම හදා ගත් චිත්‍රයක් විතරයි)......

    ReplyDelete
    Replies
    1. ඔබේ විග්‍රහයට සම්පූර්ණයෙන්ම එකඟයි, ප්‍රදීප්.

      අර උඩ ප්‍රාර්ථනාව තමයි කරන්න පුළුවන් හොඳම එක.

      Delete
  15. මම අහලා තියෙනවා එක මතයක් තියෙනවලු මනස යනු අනාගත උත්තේජන වලට ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයක් කියලා. ඇත්ත තමයි.

    ReplyDelete
    Replies
    1. අපිට හමුවන වර්තමානයේ අනාගතය ගැන තොරතුරු තියෙනවා. ඒවා හරියටම හඳුනාගන්න එක පහසු නැහැ. එසේ කළ හැකි අය එයින් වාසියක් ගන්නවා.

      Delete
  16. samaharawita kenekuta jeewithaye yam kaalayaka hamuwiya haki yathaarthayak.

    apita hondha hakiyaawak thiyanawa anith ayawa rawattana gaman apiwath rawatta ganna.
    Econ wenath aakarayakata liyapu lassana lipiyak.

    ReplyDelete
    Replies
    1. පුද්ගල සම්බන්ධතා කියන්නේ රැවටීම් සහ රැවැට්ටීම් ගොඩක් නේද, සෙනරත්, හැම වෙලාවෙම හැම දෙනාම එහෙම නැති වුනත්?

      Delete
  17. සොඳුරු විදිහට කරකවමින් අතාරින්නෙ මෙහෙමයි . හරබර ඉකොනොමික් ලිපි අස්සේ මෙන්න මේ වගේ මල් මසුරන් කතාත් ලියන්න . සුන්දරයි සහ අපුරුයි !

    ReplyDelete
  18. අපූරු කතාව. ඔලුව තාමත් කැරකෙනවා.

    //"කන්න ඕනෑ ඒ ගෑණිට ඕනෑ දේ...බොන්න ඕනෑ ඒ ගෑණිට ඕනෑ දේ...ඒ ගෑණි කැමති චිත්රපටියක් ආවහම මමත් පැය තුනක් වාඩිවෙලා බලා ඉන්න ඕනෑ..."//

    මේ ටික දැකලා වැඩියෙන් කැරකෙන්ට පටන් ගත්තා. :P

    බැඳපු හැම පිරිමියෙක්ම මෙහෙම හිතනවලුද? :O

    ReplyDelete
    Replies
    1. පිරිමි උයන හැටි ඉගෙන ගත්තහම ඕක වෙන්නේ අනිත් පැත්තට, පොඩ්ඩි.

      Delete
    2. //පිරිමි උයන හැටි ඉගෙන ගත්තහම ඕක වෙන්නේ අනිත් පැත්තට//

      මට දවස් තුනහතරක් කල්පනාකරන්න වෙන කතාවක් මේක

      Delete
    3. "ඉස්සර වගේ නෙමෙයි, ටික දවසක ඉඳලා මම කෑම උයන හැම දවසකම ඔයා බර කල්පනාවකට වැටෙනව. ඒ දවස්වලනම් මම කෑම හදල දෙන එක ගැන ඔයා හිටියේ පුදුම සතුටකින්. එක පාරක් ඒ ගැන පෝස්ට් එකකුත් දැම්ම නේද? මම කෑම උයන එකේ මොකක් හරි වැරැද්දක් තියෙනවද?"

      අන්තිමේදී බස්සා මේ එළියට දමන්නේ දින ගණනාවක් හිතේ හිර කරගෙන හිටි ප්‍රශ්නයකි.

      "නෑ. එහෙම මුකුත් නෑ. ඔයා උයන කෑම හරි රහයි."

      බස්සීගේ මුහුණෙන් පළවන හැඟීම් කටින් පිටවන වචන සමඟ නොගැලපෙන බව තේරුම් ගන්නට නොහැකි නොවන තරම් කලක් බස්සා ඇයව ඇසුරු කර තිබේ.

      "හරි, මට මතක් වුණා. ඉකොනොමැට්ටා!"

      බස්සා කෑගහන්නේ හරියට මහින්දගේ කළු සල්ලි බිලියනයක් හොයාගත් FCID ලොක්කෙක් වගේය. බාත්ටබ් එකෙන් එළියට ආ ආකිමිඩීස් කෑගැහුවේත් මීට වඩා හෙමිනි.

      "ඕකට ගඩොල් බාගෙකින් ගහන්න එපායැ..."

      Delete
    4. ඉකෝනෝ ඉකෝනෝ...
      බනින්නත් බෑ ඉතින් ඒ තරම් සුපිරියට ලියලා. :D

      Delete
  19. හම්මේ නියමයි නියමයි නියමායි...
    මට අල්ලලම ගියේ අර //"අවන්හලේ සේවකයින් අවස්ථාවට උචිත ගීතයක් තෝරාගන්නට ඇති හැකියාව අතින් සිටින්නේ නිදහස් උත්සවයේ සංවිධායකයින්ටත් පිටුපසිනි."// කොටස .
    නියම ටොක්ක

    මේ තමයි ඉකොනොප්‍රතිභාව

    ReplyDelete
  20. අපූරු කතාව.. ආදරවන්තයින්ගේ දවසේ මේ වගේ ආදර කතා කීයක් නම් හුළඟට මුහවෙන්ට ඇත්ද?

    ReplyDelete
  21. ඉකෝන්.. මේ පෝස්ට් එක දඟකාරයි...
    මම වචනෙ කල්පනා කර කල කොමෙන්ට් දිගේ පල්ලෙහාට එනකොට බස්සිට දාපු රිප්ලයි එකෙන් වචනෙ තහවුරු උනා.
    මේ ලිපිය ඇතුලෙ මහ විසාල අතුල් පහරක් තියෙනවා.. වැදුනම කිස් කන එකක්..
    අවංක කම. ඔන්න ඔච්චරයි ඕනෙ.. මෙට්‍රික්ස් වගේ කතාවක් ලිය උනාට මම දැකපු ලිපියේ යථාර්තය ඔන්න ඕක.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ පවුල් පන්සල් වෙච්ච අළුත ඕවා ඒ තරම් සීරියස් ගන්න එපා, ගස්ලබ්බා. අනිත් දේවල් වලට යටින් මෙතන හීනියට ඉකොනොමික්ස් පාට් එකකුත් තියෙනවා. පාරිභෝගිකයින් වශයෙන් අපි කැමති දේවල් වලට අපි ඇලී ගැලී ඉන්න තරමට අපට ගෙවන්න වෙන මිල වැඩියි. පාරිභෝගිකයෙකුගේ හෝ වෙන කෙනෙකුගේ කැමැත්ත හඳුනාගත් තරමට නිෂ්පාදකයෙකුට හෝ අතරමැදියෙකුට වාසියක් ලැබීමේ අවස්ථාව වැඩියි.

      Delete
    2. කියන්න හදපු එක අමතක වුනා. අර "දඟකාරයි" කියන කෑල්ල ලස්සනයි. බස්සිට දමන්න තව කමෙන්ට් එකක් ඔළුවට ආවත් ආයෙම නොදා හිටියා. :)

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: