Tuesday, February 5, 2019
හැත්තෑ එකක කෙරුවාව
ලංකාවේ තවත් නිදහස් දින සැමරුමක් අවසන් වුණා. නිදහස් දිනයේදී බලයේ සිටින කවර හෝ ආණ්ඩුව රටේ පුරාජේරුව පෙන්වද්දී ඇතැම් අය කියන්නේ නිදහසින් පස්සේ රට අඩියක්වත් ඉස්සරහට ගිහින් නැති බවයි. සමහර අයට අනුව රට ආපස්සට ගිහින්. මේ වගේ කරුණක් ගැන නිකම්ම නිගමනයකට එන්නේ නැතුව සංඛ්‍යාලේඛණ දිහා පොඩ්ඩක් බැලුවොත් වෙලා තිබෙන දේ පැහැදිලි වෙනවා. පහුගිය අවුරුදු 71 ඇතුළත ලංකාවේ ජන ජීවිතයේ වෙනසක් වෙලා නැද්ද? වෙලානම් ඒ මොන විදිහටද?
1950දී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 110ක් පමණයි. 2017 වන විට මේ ගණන ඇමරිකන් ඩොලර් 4,065ක් වෙලා. 37 ගුණයක වැඩි වීමක්. කොහොම වුණත් 1950 ඩොලරයක් කියන්නේ 2017 ඩොලර් 10ක් පමණ නිසා ඇත්තම වැඩි වීම 3.7ක් පමණ. ඒ කියන්නේ නිදහසෙන් පසුව ලංකාවේ එක් පුද්ගලයකුගේ සාමාන්‍ය ආදායම එපමණ ගුණයකින් වැඩි වෙලා.
නිදහසෙන් පස්සේ ලංකාවේ ආදායම් මට්ටම් ඉහළ ගිය තරමටම ජනජීවිතය අනෙක් අංශ වලිනුත් යහපත් වෙලාද?
අධ්‍යාපන මට්ටම අනුව 1953දී ලංකාවේ ජනගහණයේ සංයුතිය මෙහෙමයි.
පාසැල් නොගිය- 41.8%
ප්‍රාථමික- 46.8%
ද්වීතියික- 9.8%
පශ්චාත් ද්වීතියික- 1.8%
මේ සංයුතිය 2016 වෙද්දී වෙනස් වෙලා තිබුණේ මෙහෙමයි.
පාසැල් නොගිය- 3.3%
ප්‍රාථමික- 23.5%
ද්වීතියික- 44.1%
පශ්චාත් ද්වීතියික- 29.1%
1953 හා 2016 අතර නිවාස වල තත්ත්වය වෙනස් වුනේ කොහොමද?
1953දී රටේ ගෙවල් වලින් 59.5%ක්ම වරිච්චි හෝ මැටි බිත්ති ගෙවල්. ගඩොල් බිත්ති තිබුණේ ගෙවල් වලින් 28.9%ක පමණයි. 2016 වන කොට ගෙවල් වලින් 95.5% කම බිත්ති බැඳලා තිබුණේ ගඩොල්, සිමෙන්ති බ්ලොක් ගල් හෝ කබොක් ගල් වලින්.
1953දී ගෙවල් වලින් 50.7කම තිබුණේ මැටි ගෑ ගෙබිම්. සිමෙන්ති ගෙබිම් තිබුණේ ගෙවල් වලින් 24.7%ක පමණයි. 2016 වන විට ගෙවල් වලින් 95.6කම ගෙබිම් සිමෙන්ති, ටෙරාසෝ නැත්නම් පිඟන් ගඩොල් .
1953දී ගෙවල් 56.7%ක්ම පොල් අතු සෙවිලි කළ ගෙවල්. උළු ගෙවල් තිබුණේ 27.6%ක් පමණයි. 2016 වෙද්දී ගෙවල් වලින් 91.9%ක්ම උළු, ඇස්බැස්ටෝස් හෝ කොන්ක්‍රීට් වහල සහිත ගෙවල්.
1953දී විදුලි බලය තිබුණේ ලංකාවේ ගෙවල් වලින් 4.1%කට පමණයි. 2016 වෙද්දී මේ ප්‍රතිශතය 96.9% දක්වා ඉහළ ගිහින්.
1953දී ශීතකරණයක් තිබුණේ ගෙවල් වලින් 0.9%ක පමණක් වුවත් 2016 වන විට ගෙවල් වලින් 52.9%කම ශීතකරණ තිබෙනවා.
1953දී ගෙවල් 18.5%කටම වැසිකිළි පහසුකම් තිබුණේ නැහැ. 2016 වෙද්දී මේ ප්‍රමාණය 0.4% දක්වා අඩු වෙලා.
1953දී පවුලක ආදායමෙන් 59.9%ක්ම ආහාර වෙනුවෙන් වැය කළ යුතු වුවත් 2016දී අවශ්‍ය වෙන්නේ ආදායමෙන් 34.8%ක් පමණයි. ඒ ආහාර වේලක ගුණාත්මක භාවය විශාල ලෙස ඉහළ ගොස් තිබියදී.
මේ සියල්ල මේ විදියට වෙනස් වෙද්දී රටේ ආදායම් ව්‍යාප්තියට වෙලා තියෙන්නේ මොකක්ද?
මේ 1953දී තත්ත්වය.
දුප්පත්ම 20%- සමස්ත ආදායමෙන් 5.1%
මැද 60%- සමස්ත ආදායමෙන් 38.3%
පෝසත්ම 20%- සමස්ත ආදායමෙන් 56.7%
මේ 2016දී තත්ත්වය.
දුප්පත්ම 20%- සමස්ත ආදායමෙන් 4.8%
මැද 60%- සමස්ත ආදායමෙන් 44.4%
පෝසත්ම 20%- සමස්ත ආදායමෙන් 50.8%
දුප්පත්ම අයගේ පංගුව සුළු වශයෙනුත්, පෝසත් අයගේ පංගුව වැඩියෙනුත් අඩු වෙලා. ඒ අඩුවීම් එකතු වෙලා තිබෙන්නේ ලංකාවේ රාජ්‍ය සුබසාධනයේ වාසිය ලබන මැදි ආදායම් ලබන කණ්ඩායමටයි.
කොහොම වුනත් එයින් අදහස් වෙන්නේ පහළ හා ඉහළ කණ්ඩායම් වල තත්ත්වය 1953දීට වඩා නරක බව නෙමෙයි. ඒ අයගේත් ආදායම් වැඩි වී තිබුණත් එසේ වැඩි වී තිබෙන්නේ මැදි ආදායම් ලබන්නන්ට වඩා අඩුවෙනුයි.
හරියටම කියනවනම් දුප්පත්ම 20%ගේ ආදායම 3.5 ගුණයකිනුත්, පෝසත්ම 20%ගේ ආදායම 3.3 ගුණයකිනුත් වැඩි වෙද්දී මැද 60%ගේ ආදායම 4.3 ගුණයකින් වැඩි වෙලා. කාගෙවත් ජීවන තත්ත්වය පහළ ගිහින් නැහැ.
නිදහසින් පස්සේ ලංකාවේ ජන ජීවිතයේ යහපත් අතට සිදු වී තිබෙන වෙනස්කම් වලට හේතුව ආණ්ඩුද නැද්ද කියන එක කොහොම වුනත්, මේ අවුරුදු 71 තුළ රට එතැනමයි කියන එකත්, දුප්පතා එතැනමයි කියන එකත් දෙකම ඇස් පනාපිට පේන බොරු!
(Image: https://www.tripadvisor.co.uk/LocationPhotoDirectLink-g293962-d10258879-i190903150-Colombo_Walks-Colombo_Western_Province.html)
Labels:
ආකල්ප,
ආදායම් විෂමතාවය,
ආර්ථික වර්ධනය,
සංඛ්‍යාලේඛණ
Subscribe to:
Post Comments (Atom)
කෝ ණය?
ReplyDeleteඑතකොට දැන් ජනගහනයට වැඩිය ටෙලිෆෝන් තියනවා කියනවා නේද ලංකාවේ..
ආණ්ඩුවේ ණය හා රටේ විදේශ ණය ඉතා විශාල සේ වැඩි වී තිබෙන බව දිගින් දිගටම ලියා ඇති කරුණක් නිසා මෙහි අමුතුවෙන් ලිවුවේ නැහැ. මෙහි ලිවුවේ සාමාන්‍ය ජනජීවිතය හා ආදායම් විෂමතාවය වෙනස් වී තිබෙන ආකාරය ගැනයි. දුරකථන ගැන ඔබ කියන කතාව ඇත්ත. එය බොහෝ දුරට එම ක්ෂේත්‍රයේ තාක්ෂණ දියුණුව නිසා සිදු වූ දෙයක්.
Deleteමහතුනි මගේ සංක්‍යා ලේඛන දැකලා
ReplyDeleteරටේ දියුණුවක් ඇති එක ගැන හිතලා
එක තැන කතා බොරුබව සිහියට නගලා
පිනට යමක් දෙනු මැන දිවි රැකුම බලා
Good analysis Econ. No doubt, our living standards moved up since Independence (don't forget we have a democracy, however bad it is) The problem is, we have done extremely bad compare to other Asian countries. Why? We choose bad leaders, we believe political lies (disinformation, fake news)
ReplyDeleteM Rajapaksa was the most successful leader in our history, our GDP was below USD 20 bil from 1948 to 2005, it went up to USD 80 bil by 2015. You can see how MR is ridiculed by our people today. In 2015 Awamangala said Rajapaksa took USD 80 bil and deposited in Dubai bank, our people believe Awamangala,JHU+UNP+JVP and appointed extremely week and divisive set of leaders and lost 5 valuable years without any economic progress. (now they blame each other for lack of progress)
People well have 1001 reasons to say why Rajapaksa is bad, but bottom line is economic progress is the only way out (5 star democracy can wait) Singapore, Malaysia, Thailand, Indonesia do not have 5 star democracy preached by west and NGO's, but in 1940's we were better than above countries (what happen to us?) Sad isn't is? Hope people will choose wisely in 2020.
++++++++++
ReplyDeleteඔබගේ ලිපිය අනුමත කරන්න බැ ඕනෑම රටක් ගෝලීය කරණය සමග ඔය කියන කරනා දිඋණු වෙනවා රජය මැදිහත් උනත් නැතත්.
ReplyDeleteමිනිස්සු රට ආපස්සට ගිහින් කියන්නේ සුද්දා පාලනය කරපු රටවල සාපේක්ෂව (Ex : Ausi ,New Zealand, South Africa....)
ඔබ මිට වඩා බොහොම වැදගත් , දැනුමෙන් පොහොසත් ලිපි ගොඩක් ලියල තියනවා.
ReplyDeleteමම ඔබගේ "1800 ගෙදර හා 2017 ගෙදර" සහ "මහබැංකුව කෝටි නමදාහක් සල්ලි අච්චු ගහයි!" ලිපි වලට පසුව දැන් Read කලේ මෙ ලිපිය.
ඔබගේ මෙම ලිපියත් මට හරියට දේශපලන මන්තී කෙනක් Tv එකට ඇවිල්ලා අපගේ තරමක් දැන උගත් අඩු සමාජයට පෙන්නන සන්කයා ලේකන වගේ...
කරුණාකර මම ඉල්ලා සිටිනවා පරණ ඉකො ගේ දක්ෂ ගැබුරු වැදගත් ලිපි නැවත ලියන්න කියල .
විග්රහයට ස්තුතියි!
ReplyDeleteමේ වගේ දත්ත, යම් තරමක හෝ සමාන ඉතිහාසයක් ඇති, ඒත් වර්තමාන්යේ දියුණු / නොදියුණු බව පැහැදිලිව පේන්න තියන රටවල් වල දත්ත සමග සංසංදනාත්මකව බලන්න තිබ්බ නම් නියමයි.
ReplyDeleteකාම්බෝජය
ReplyDeleteමම සූරිය ගුනසේකර මහත්තයාගේ ලිපියක කියෙව්වා. ලංකාව බ්‍රිතාන්‍යයට යටත්වනවිට මෙහි සාක්ෂරතාව බ්‍රිතාන්‍යයේ සාක්ෂරතාවට වඩා වැඩි බවක්.
ReplyDeleteඒක ඇත්තක් වෙන්න පුළුවන්. මන්ද සිංහල බාශාවට ඩික්ටේෂන් පාඩමක් නැති නිසා අකුරු ඉගෙනගත්තාම සාක්ෂරතාව ලැබෙනවා. උඩරට ගිවිසුම ලියලා තියෙන්නෙත් කතාකරන බාශාවෙන්.
A very quantity focused analysis, disregards the cultural social and political contexts Econo, only a total picture focused will be able to tell no?
ReplyDelete