වෙබ් ලිපිනය:

Thursday, February 28, 2019

කොටි නැගිටිනු දුටු ගංජා කාරයා


පහුගිය දවස් වල මත්ද්‍රව්‍ය හා අදාළ පුවත් ගණනාවක් ලංකාවේ ජනමාධ්‍ය වල පළ වුනා. ඩුබායි හෝටලයේ උපන් දින සාදයේ විස්තර ඉවර වෙන්නත් කලින් ලංකාවෙන් විශාල මත්ද්‍රව්‍ය තොග අහු වූ බව වාර්තා වුනා.

ගංජා කියන්නෙත් ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍යයක්. ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත වල මේ වන විට ගංජා භාවිතය නීති විරෝධී සේ නොසැලකෙන නමුත් ටෙක්සාස් වගේ ගොඩක් ප්‍රාන්ත වල තවමත් ගංජා කියන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍යයක්.

සති දෙක තුනකට කලින් ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් කිට්ටුව පොලීසියකට "වගකිවයුතු පුරවැසියෙකුගෙන්" දුරකථන ඇමතුමක් ලැබී ලැබෙනවා.

"හලෝ, ඔය පොලීසියද?"

"ඔව්, පොලීසිය තමයි. මොකක්ද ප්‍රශ්නේ?"

"පොඩි ඔත්තුවක් දෙන්නයි කතා කළේ..."

"ඔව්, කියන්න."

"මේ හරියේ ගෙදරක කොටියෙක් ඉන්නවා..."

"කොටියෙක්...?"

"ඔව්, කොටියෙක් තමයි!"

කවුරු හරි කෝල් කරලා ගෙදරක කොටියෙක් නැත්නම්, මිනී මෝරෙක් ඉන්නවා කිවුවට පොලීසිය එක පාරටම කලබල වෙන්නේ නැහැනේ. බොරුවක් වෙන්න බැරිද? නැත්නම් මේ කෝල් කරන්නේ මොකක් හරි මානසික ආබාධයක් තියෙන කෙනෙක් වෙන්න බැරිද?

"තව ටිකක් විස්තර කියන්න පුළුවන්ද? කොහොමද කොටියව දැක්කේ?"

පොලීසිය වැඩිපුර විස්තර අහල බලද්දී කෝල් එක දීල තියෙන්නේ ගංජා භාවිතයට ඇබ්බැහි වී සිටින කෙනෙක්. මේ පුද්ගලයා ඔය කොටියා හිටපු ගෙදරට රිංගලා තියෙන්නේ නිවාඩු පාඩුවේ සූස්තියක් අදින්නයි. ගෙදර කවුරුවත් නැති නිසා වැඩේට හොඳ තැනක් කියලා හිතල තියෙනවා. නමුත්, ගේ ඇතුළට රිංගුවට පස්සේ....

"අම්මටසිරි! කොටියෙක් නේද...?"

දැන් මේ ඔත්තුව ලබාගත් පොලිස් නිලධාරියාට ඔය කතාව විශ්වාස කරන්න පුළුවන්ද? මේ කියන්නේ ගංජා මත වැඩිකමට දැකපු දෘෂ්ඨි මායාවක් ගැන වෙන්න බැරිද?

වැඩිදුර විස්තර ඇහුවට පස්සේ පොලිස් නිලධාරියාට තේරෙනවා මේ කතාව බොරුවක්ම වෙන්න බැරි බව. ඒ නිසා කියපු ගෙදරට ගිහින් බැළුවහම මෙන්න බඩු!

ගෙදර ළඟට ගිහින් බලද්දී කොටියගේ සද්දේ පොලිස් නිලධාරීන්ට ඇහෙනවා. කොටි ගඳත් එනවා. ඒත් උසාවි අවසරයක් නැතුව ගේ ඇතුළට යන්න බැරි නිසා ඒ අවශ්‍ය කටයුතු කරගෙන නැවත ආපහු ඇවිත් බලන කොටත් ගරාජ් එක ඇතුලෙ කූඩුවක කොටිය ඉන්නවා.

කොටියට කෑමෙන් බීමෙන්නම් අඩුපාඩුවක් කරලා නැහැ. නමුත් ව්‍යායාම මදිකම නිසා ටිකක් වැඩිපුර මහත් වෙලා. අන්තිමට කොටියට සත්ව නිවහනකට යන්න අවස්ථාව ලැබෙනවා. කොටියා පැත්තක ඉඳිද්දී ගංජා ළඟ තබා ගැනීම හෝ අනවසරයෙන් අනුන්ගේ ගෙදරකට රිංගීම මත ඔත්තුව දුන්න මනුස්සයාව අත් අඩංගුවට අරගෙනනම් නැහැ.

කොටියෙක් දැක්කා කියල කවුරු හරි කිවුවොත්, කිවුවේ ගංජා ගහපු කෙනෙක් වුනත් ටිකක් හොයල බලන එක නරකම නැහැ. නැත්නම් හිර කරලා ඉන්න අහිංසක කොටියෙක්ට නිදහස් වෙන්න තියෙන අවස්ථාව නැති වෙන්න පුළුවන්.

(Image: https://personalusenyc.wordpress.com/2012/10/02/strain-of-the-day-white-widow/)

12 comments:

  1. මා නම් වීඩ්ස් ගත්තට කවදාවත් විකාර වෙලා නැහැ. ගංජාකාරයා, ගංජා ගැහැව්වම මොලේ අවුල් වෙනවා වගේ කතා පරභව කරන්න හදලා තිබ්බට ඒවා බොරු මගේ අත්දැකීම අනුව.

    මෙව්වා ගත්තම වෙන්නේ සිත සැහැල්ලු වෙන එක. ඒ වගේම හිතේ තියෙන වෛරය, ක්‍රෝධය වගේ දේවල් නැති වෙලා යනවා. සාමයක් දැනෙන්නේ. ගංජා කියලා කේජි කෑල්ලක් ඇද්දොත් නං අවුල් වෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. ඉන්දීය ගුවන් කප්පිත්තාට තේ වතුරද ලබා දී ඉතා හොදින් සංග්‍රහ කෙරු පකිස්ථානේ හමුදාවට බුදුබව අත්වේවා.

      Delete
  2. ඉකොනෝ මල්ලි, සුදු වෑන් එකක ආපු සිල් කාරයෝ සෙට් එකක් මට බරපතල ලිංගික අපයෝජනයක් කරලා පලා ගියා, මං දැන් මොකද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. වහාම සිරිකොතට වාර්තා කරන්න, මල්ලීට මෙන් එජාප මාධ්‍ය ප්‍රකාශක සේවයේ රැකියාවක සිට ඇමැති කමක් දක්වා තනතුරක් ලැබෙන්නට ඉඩ ඇත...

      Delete
    2. ළමා අපචාරක ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නොහොත් පොහොට්ටුවේ මන්ත්‍රී රත්තරංට ඇප හම්බුනා වගේ සිල්කරයෝන්ටත් ඇප දෙයිද ?

      Delete
    3. //ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නොහොත් පොහොට්ටුවේ මන්ත්‍රී//

      එ.ජ.නි. සංධානයේ පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර යනු දේවාලයක කපුවෙකි. නැතිනම් කට්ටඩියෙකි. ඔහු අද්භූත බලවේගයක් නිසා මේ තැනට ආ බව නිතර කියා ඇත. රත්තරන් යනුවෙන්ද හඳුන්වන ඔහු කලකට ඉහතදී යුද හමුදා සෙබළෙකු වූයේය. පෙරමුණේද ගමන් කළ විටෙක එහිදී සතුරු ප්‍රහාරයක් හමුවේ යුදබිමේ කොටුවූ තැනකදී
      අසරණ වූ නමුත් පුදුම ආකාරයකට ඔහු දිවි බේරාගෙන අද්භූත බලවේගයක් මගින් දිවි බේරාදුන් බවත් පවසා ඒ බලවේගය විසින් ලබා දුන් බලය මත තවත් දේ කරන්නට වරමක් ලද බව කියමින් හමුදාවෙන් ඉවත්ව කට්ටඩියෙකු ලෙස මතුව ගමේ දේවාලයක් (බටදුව ශ්‍රී විෂ්ණු දේවාලය) ආරම්භ කළ ඔහු දේවාලය හාස්කම් සහිත එකක් බවට පච ප්‍රචාරයක් දියත් කළා.

      ඒ කාලයේ රත්රන්ගේ දේවාලයෙහි රටේ ඉහළම ප්‍රභූ නායකයන් (රනිල්/ චන්ද්‍රිකා/ රත්නසිරි/ මහින්ද/විමල්/අනුර) ගැවසුණි. දේවාලයෙන් එකතු වූ විශාල ධනස්කන්දය ඔහු නිර්ලෝභීව ජනතාව වෙනුවෙන් වියදම් කළ අතර ඒ නිසාම ජනප්‍රිය විය. ඔහු මැතිවරණයකට ඉදිරිපත් වන්නේ එම කීර්තිය පදනම් කරගෙනයි.

      එජාපයට බැදී ගාලූ දිස්ත්‍රික් ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඔහු කළ වියදම් දක්වමින් කළ ප්‍රචාර සමග ඔහු දකුණු පලාතෙන් එජාපයෙන් පළමුවැනියා වෙමින් ජයගන්නටද සමත් විය.

      නමුත් කාලයක් පටන් එක්සත් ජාතික පක්ෂය පිළිබද කලකිරීමට පත් රත්තරන් මහින්දගේ ආණ්ඩුවට එක්වීමට තීරණය කළා.

      මේ අනුව ඔහු මහින්ද අනුගාමියෙකුවූ අතර පසුගිය කාලයේ ඒකාබද්ධ විපක්ෂ පොහොට්ටු හොර රැලට ද සම්බන්ධවී වැඩ කළත්
      කෙසේ දේශපාලනයට සම්බන්ධ වුවත් ඔහු ගේ ගුරුකම් වැඩ දිගටම කෙරී ගෙන ගිය අතර මීට වසරකට පමණ පෙර පළාත් සභාවේ ඇතුළුවන තැනට ගින්දර දැල්වූ පන්දමක්ද ගෙනවිත් ප්‍රසිද්ධ යාග හෝමයක්ද කළා.

      පසුගියදා රන්ජන් ඇමතිවරයා සමග හිතවත් වී ඔහුට දුරකථන ඇමතුමක් ගෙන කොකේන් චෝදනාව ගැන අසා එය සජීවීව වේදිකාවකදී ප්‍රසිද්ධ කිරීම නිසාද ඔහු ගැන කථාබහ ඇතිවිය. මේ ගැන මහින්ද රාජපක්ෂ කියා තිබුනේ 'ක්‍රිෂාන්ත ඉතිං ගුරුකම් කාරයානෙ එයා රන්ජන්ව හූනියමක් කරල අල්ලගන්න ඇති' කියාය. ඔහුට අයත් බටදුව ශ්‍රී විෂ්ණු දේවාලයට 16 හැවිරිදි දැරියක කැටුව ඇගේ භාරකරුවන් පසුගියදා පැමිණ තිබුනේ දැරියට යක්ෂ බැල්මක් ඇති බව පවසෙමින් ශාන්තිකර්මයක් සිදු කිරීමට අවශ්‍ය බව දන්වාය.

      ශාන්තිකර්ම කටයුතුවලට සම්බන්ධ ඔහු නමක් දිනා තිබීම නිසා එම විශ්වාසය මත දැරිය කැටුව ඔවුන් පැමිණ තිබුණි. ඇයගේ යක්ෂයා පළවා හරින මුවාවෙන් ඇතුළට කැඳවාගෙන යාමෙන් පසු ශාන්තිකර්මය සිදුකරන අතරතුර විෂ උරන බව කියා දැරියට ලිංගික අතවර සිදුකර ඇති බව එළියට හඬාගෙන පැමිණි දැරිය භාරකරුවන්ට පැමිණිලි කර තිබුණි. එම අවස්ථාවේ ඔහු එය පිළිගෙන නැත.
      පසුව පොලිසියට මේ ගැන පැමිණිලි කිරීමෙන් පසු ඔහුව සොයා පොලිසිය ගියත් ඔහු මගහැර තිබුණි.

      ඔහුට උසාවි වරෙන්තුවක් ලබාගැනීමට සූදානමක් පවතින බව දැනගැනීමෙන් පසු ඔහු පොලිසියට පැමිණ භාරවූ නමුත් පැය 3 කින් පමණ දවල් 2 වනවිට උසාවියෙන් ඇප මත නිදහස් වූයේය.
      ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හර්ෂ කැකුණවෙල මහෙස්ත්‍රාත්වරයා නියම කරලා.

      ////සිල්කරයෝන්ටත් ඇප දෙයිද ?//

      ඉට් ඩිපෙන්ඩ්ස්. සිරා, රනිල්, මරා, අනුර එක්ක කන්ටැක්ට් තියෙනව නම් ගොඩ.

      අපිට පක්ෂය වැඩක් නැහැ. මේ යකා ඉස්සර හූ ඇන් පී ලු. දැන් සන්ධානෙලු. පේනවා නේද උනුත් එකයි මුනුත් එකයි එහෙම කියන ජඩ විමුක්ති පෙරමුණත් එකයි. (විජිත හේරත්/ලාල් කාන්ත බෙබේලා) ඒ වගේම අඹ ගෙඩියක් කඩපු වයසක ගෑණිව මාස ගාණකට හිරේ යවපු. බඩ ගින්නට කොස් ගෙඩියක් කඩපු එකාව හිරේ යවපු. මහින්දානන්දගේ මදාවි පුතා ඇතුලු බලු අවජාතක රැල බේර ගන්න මාධ්‍ය වේදීන්ව එලියට දාල නඩු අහපු දෙවගන එක්ක ගනු දෙනු කරන උන්නාන්සේලත් එකයි. හැබැයි වැරදි කරලා ඒකෙන් බේරෙන්න දගලන උනුයි, ඒවට උඩගෙඩි දෙන නීතිය රකින වුනුයි මරනෙන් පස්සේ විදවනවා ඒකාන්තයි. උන්ට ආත්මයක් නැහැ.

      Delete
  3. ලන්ඩන් හි වීදිවල
    ටොරොන්ටෝ නගරයේ
    ප්‍රංශ පුරවරයේද
    කොටි තාම ඉන්නවා
    අපි අහල තියෙනවා


    ReplyDelete
  4. අර ඇමෙරිකන් ෆිල්ම් එකකනේ ඕක තිබ්බේ ඇට්ලන්ටා එකේ
    https://www.imdb.com/title/tt4288182/

    ReplyDelete
  5. ලංකාවෙ වුනානම් කොටියා හදපු එකාට ඇප දීලා ගංජා ගහපු එකාව කූඩුවට යවනවා...

    මොන්තක්‍රිස්‍තෝ පොතේ ගංජා වලින් හදන මෝදකයක් ගැන සි‍ටුවරයා ලොකූ වර්ණනාවක් කරනවා නේද?

    ReplyDelete
  6. https://www.ranker.com/list/weird-animals-you-can-own/donn-saylor

    ReplyDelete
  7. අපේ පොලිසිය ඉන්නේ පුළුවන් තරම් පුරවැසියන්ට ලෙඩ දාන්නනේ! පුදුමාකාර වෛරයකින් වගේ. එයාලට ඉහළින්, ඉහළ නිලඝාරින්ගෙන් එන පීඩන නිසාද මන්දා ඒ අය මහජනතාව පිටින් මේ තරහව යවන්නේ!
    මගේ මිතුරන් අතරේ නම් මං දැකපු දේකුත් නොකියා බැහැ. 'යකෙක් පුච්චපුවාම' එයාලා යක්කු වෙන්නෙ නැහැ, බිව්වාම තරම්වත්!

    ReplyDelete
  8. Codex Seraphinianus ඇඳපු චිත්‍ර ශිල්පියත් ගංජා වලින් උදව් අරගෙන තියෙනනබව සම්මුඛ සාකච්චාවකදී දැනගන්න ලැබුනා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: