වෙබ් ලිපිනය:

Wednesday, September 30, 2026

උද්ධමනය - සැප්තැම්බර් 2026


ගෙවුණු සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන නිල උද්ධමනය, තව දුරටත් ඉහළ නොගොස්, පෙර මාසයේදී පැවති 8% මට්ටමේම නැවතී තිබෙනවා. ආහාර උද්ධමනය 8.5% සිට 8.7% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන උද්ධමනය 7.7% මට්ටමේම රැඳී තිබෙනවා.

අද (සැප්තැම්බර් 30) පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේදී උද්ධමනය ඉලක්ක මට්ටම වන 5% දක්වා අඩු වෙමින් තිබීම සැලකිල්ලට ගනිමින් මහ බැංකුව විසින් පොලී අනුපාතික තව දුරටත් ඉහළ නොදැමීමට තීරණය කළා. එහෙත්, මෙසේ උද්ධමනය ඉලක්ක මට්ටම දක්වා අඩු වනු ඇත්තේ 2027 දෙවන කාර්තුවේදී හෝ ඉන් පසුවයි. ඊට පෙර, ඉදිරි මාස හයක කාලය තුළ, උද්ධමනය සුළු වශයෙන් තව දුරටත් ඉහළ යාමට හෝ දැනට පවතින 8% මට්ටම ආසන්නයේම විචලනය වීමට ඉඩ තිබෙනවා. 

රජය විසින් ඉදිරි මාස තුනක කාලය තුළද ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දීමට අදහස් කරන බව මාධ්‍ය වල වාර්තා වී තිබුණා. රාජ්‍ය ආදායම් ශක්තිමත් මට්ටමක ඇති බැවින් රජයට එවැන්නක් කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ මගින්ද, කෙටිකාලීනව උද්ධමනය පාලනය වීමක් සිදු වෙනවා. 

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: