තෙවසරකට පෙර 2016 ජූනි මාසයේදී පැවති ජනමත විචාරණයක ප්‍රතිඵල මත එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් ඉවත් වුනා. ජනමත විචාරණයේදී වෙන් වීමට පක්ෂව ඡන්ද 51.9%කුත් විරුද්ධව ඡන්ද 48.1%කුත් ලැබුණා. ස්කොට්ලන්තයේ හැම ප්‍රදේශයකම වගේත්, උතුරු අයර්ලන්තයේ හා වේල්සයේ ප්‍රදේශ ගණනාවකත් බහුතර කැමැත්ත තිබුණේ වෙන් නොවී සිටීමටයි. ලන්ඩනය ආශ්‍රිත ප්‍රදේශ වල හා එංගලන්තයේ අනෙකුත් නාගරික ප්‍රදේශ වල තිබුණේත් එවැනිම තත්ත්වයක්. එහෙත්, සමස්තයක් ලෙස වැඩි ඡන්ද ලැබී තිබුණේ වෙන් විය යුතුයි යන මතයටයි.
බ්‍රෙක්සිට් ජනමත විචාරණයේ ඡන්ද බෙදී ගිය ආකාරය සංස්කෘතික සාධක මත පහසුවෙන් පැහැදිලි කළ හැකියි. ඒ පදනම මත බහුතර ඉංග්‍රීසි ජාතිකයින් වෙන් වීමටත්, ස්කොට්, වේල්ස් හා අයර්ලන්ත ජාතිකයිනුත් විවිධ රටවලින් පැමිණි සංක්‍රමණිකයින් ඇතුළු අනෙකුත් සුළුතර පිරිසුත් වෙන් නොවී යුරෝපීය සංගමය හා එක්ව සිටීමට කැමැත්තෙන් සිටි බවත් පෙන්වා දිය හැකියි. මේ හැර, ආර්ථික සාධක කොපමණ දුරකට ජනමත විචාරණ ප්‍රතිඵලයට බලපෑවාද?
භාණ්ඩ හා සේවා වෙළඳාමට දේශ සීමාවක් විවෘත කිරීමෙන් දේශ සීමාව දෙපසම සිටින රට වලට යහපතක් සැලසෙන බව පිළිගත් මූලික න්‍යායයක්. මේ ආකාරයෙන්ම ශ්‍රමයට හා ප්‍රාග්ධනයට දේශ සීමාව හරහා නිදහසේ ගලා යන්න ඉඩ දීමෙනුත් දෙරටටම යහපතක් සැලසෙනවා.
ජාත්‍යන්තර වෙළඳාමේ මූලධර්ම ගැන පෙර ලියා පළ කළ ලිපි කිහිපයක් පහත තිබෙනවා.
ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -1
ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -2
එහෙත්, මේ ආකාරයට දේශ සීමා විවෘත කිරීම නිසා රටට පොදුවේ යහපතක් සැලසුනත් ඇතැම් කණ්ඩායම් වලට අවාසියක් වෙන්න පුළුවන්. ඒ ගැනත් මා පෙර විස්තර කර තිබෙනවා.
ජාත්‍යන්තර වෙළඳාමෙන් අවාසි කාටද?
සංක්‍රමණයට දොරටු විවර කළොත්?
දේශ සීමා විවෘත වූ විට ඇතැම් කණ්ඩායම් වලට නිරායාසයෙන්ම වාසියක් ලැබෙනවා. වෙනත් ඇතැම් කණ්ඩායම් වලට මේ වාසිය ගන්නනම් තමන් කරන රැකියාව වෙනස් කරන්න වෙනවා. එය එකවර කරන එක පහසු දෙයක් නොවන නිසා පෙර රැකියාවේම දිගටම නියැලෙන අයට දේශ සීමා විවෘත කිරීම නිසා අවාසියක් සිදු වෙනවා. රාජ්‍ය සුබසාධනය නිසා ඒ අවාසි තරමක් දුරට මග හැරෙනවා.
තත්ත්වය මේ විදිහට තියෙද්දී රජය විසින් සුබසාධන වියදම් කපා හැරියොත් මොකද වෙන්නේ?
එක්සත් රාජධානියේ රැකියා යුරෝපීය සංගමයේ අනෙකුත් සාමාජික රටවල ශ්‍රමිකයින්ට විවෘත කිරීමෙන් පසුව බඩේ පාර වැදුණු ජන කොටස් වලට තිබුණු සහනය රාජ්‍ය සුබසාධනයයි. එහෙත්, 2010දී බලයට පත් වූ ඩේවිඩ් කැමරන් ආණ්ඩුව විසින් සුබසාධන වියදම් කපා හැරීම නිසා මේ ජන කොටස් වලට වුනේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක්. වොරික් සරසවියේ තියාමෝ ෆෙට්සර් විසින් පෙන්වා දෙන පරිදි, මේ සුබසාධන කප්පාදුව නොවන්නට එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් වෙන් වීම සිදුවිය නොහැකිව තිබුණු දෙයක්. තියාමෝගේ ගණන් බැලීම් අනුව සුබසාධන කප්පාදුව නිසා වෙන් වීමට ඇති සහයෝගය අවම වශයෙන් 6%කින් ඉහළ ගොස් නිබෙනවා. වෙන් වීමට පක්ෂව ලැබුනේ 1.9%ක වැඩි ඡන්දයක් පමණයි.
තියාමෝට අනුව, 2016ට පෙර යුරෝපීය සංගමයෙන් වෙන්වීම ප්‍රධානම මතවාදය කරගත් සැලකිය යුතු ජන පදනමක් තිබුණු එකම පක්ෂය ඉන්ඩිපෙන්ඩන්ට් පක්ෂයයි. ඔහු පෙන්වා දෙන්නේ 2005-2010 අතර කාලය තුළ ඉන්ඩිපෙන්ඩන්ට් පක්ෂය සතු වූ ජනබලය එකවර විශාල ලෙස ඉහළ ගිය බවයි. 2005-2010 කාලය තුළ රාජ්‍ය සුබසාධන වියදම් මූර්ත පදනමකින් 23.4%කින් පහළ ගොස් තිබෙන අතර විවිධ දිස්ත්‍රික්ක වල මේ පහළ යාම 6.2% සිට 46.3% අතර පරාසයක වෙනස් වෙනවා. තියාමෝ විසින් පෙන්වා දෙන්නේ මේ ආකාරයට කිසියම් දිස්ත්‍රික්කයක සුබසාධන වියදම් පහළ ගිය අනුපාතයට අනුරූපීව ඉන්ඩිපෙන්ඩන්ට් පක්ෂයේ ඡන්ද පදනමද ඉහළ ගොස් ඇති බවයි.
තියාමෝගේ පර්යේෂණ පත්‍රිකාව ඇමරිකන් ඉකොනොමික් රිවීව්හි නොවැම්බර් කලාපයේ පළ වී තිබෙනවා.
හැමදෙයක්ම ආර්ථීක විද්‍යාවට ගැලපීම ක.ක.මා. ක්‍රියාවක්නේ.
ReplyDeleteලංකාවේ ලොකුම ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්නේ නෙමෙයි.
"දුප්පතුන් හැමදාම ඔබසමඟ සිටී" ෴ජේසුස් වහන්සේ[කියපු එකම මොලේ ඇති කතාව]
ඉන්දියාවෙන් ලංකාවට නිදහසේ කම්කරුවෝ ගෙන්වන්න හැකිවෙන විදියට ගිවිසුම් ගැහුවොත්.
දෙමළ ජාතිවාදී මුදදාලිලා ඉන්දියාවෙන් දෙමෙල්ලු ගෙන්වයි. මුස්ලිම් අන්තවාදී මුදලාලිලා මුස්ලිම් කම්කරුවෝ ගෙන්වයි. සිංහල ජාතිවාදී මුදලාලිලා දෙමළ/ තම්බි නොවන වෙනත් වර්ගවල කම්කරුවෝ ගෙන්වයි.
අනිත් අතට 1815සිට ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය නිසා මෙරටට එන ඉන්දියානුවෝ සිංහල කරණය වෙන එකක් නෑ. බිරිතානියතුල මේ ගැටළුව අඩුයි.
එයින් වෙන්නේ රටතුල සැබෑ සංහිඳියාව ඇතිවීම වැලකීමයි.
ලංකාවට අවශ්‍ය රට තුල නිදහස් වෙළඳපොලක් සෑදීම සහ පිටරටවල් සමඟ ගනුදෙනුවේදී ආරක්ශණවාදයක්.
ඉන්දියාවේ ක්‍රමය ඒකයි. ඒ නිසා තමයි ඉන්දියාව තනි රටක් හැටියට තියෙන්නේ. නැතුව උන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා නෙමෙයි.
ජාතිකවාදීන් හැටියට අපි ඉන්දියානු කම්කරුවන් මෙරටට ගෙන්වීමට විරුද්ධ ඔවුන් පාරේ රෙන නිසා නෙමෙයි.
බ්‍රෙක්සිට් ප්‍රත්ඵල සිතියම බැලුවාම 2019 ලංකාවේ ජනාධිපතිවරණ සිතියම මතක් වෙනවා.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteකාල් මාක්ස් කියන්නේ යුදෙව්වෙක්.
ReplyDeleteනැගී එන ජර්මානු ජාතිකවාදයට එරෙහිව ඉංග්‍රීසීන් කාල් මාක්ස්ව යෙදෙව්වා.
රටක් නැති අහිකුන්ටක ජීවිත ගතකරන යුදෙව්වන්ට සල්ලි ලොකු වුනාට
අපිවගේ උතුම් ආර්යයන්ගෙන් පැවත අයට ගැලපෙන්නේ ජාතික සමාජවාදී ප්‍රතිපත්තියක්.
මේ නිරුවත් වන්නේ මෙතෙක් කලක් නුඹලා මනුෂ්‍යත්වයේ සළු වලින් බාහිරව වසාගෙන සිටියද , නුඹලා ජන්මයෙන් ලද සදාකාලිකව යටපත් කළ නොහැකි තිරිසන් බවය.
Deleteමට සිතෙන්නේ මෙය යමෙක් ලියන පැරොඩියක් කියායි.
Deleteකැමරන් නේද ටයිටැනික් චිත්‍රපටය හැදුවේ?
ReplyDeleteඔව්නේ, ඒත් කැමරන් කෙනෙක්. ටර්මිනේටර් හැදුවෙත් ඔය මනුස්සනේ! තව True Lies කියල එකකුත් හදල තියෙනවා. ටයිටැනික් හැදුවේ ඊට පස්සේ.
Deleteජේම්ස් කැමරන්, කැමරන් ඩියාස් ට විවාහ යෝජනාවක් කළා එක පාරක්...
Deleteඑතනදි එයා කිව්වෙ, "මාව බඳින්න. එතකොට ඔයාට කැමරන් කැමරන් වෙන්න පුළුවන්" කියලා...
මොනවත් ලියන්න බයයි, නින්ජලා වැඩි නිසා. ඒ විතරක් නෙවෙයි, වාසිතයටයි. රසිකොලොජි එකටයි ගොඩ වුනාම දැක්ක දේ නිසා. දැන් ....
ReplyDeleteජේම්ස් කැමරනුයි, තෙරේසා මේ යි ඉල්ලා අස්වුනේ ඇයි? මට ඒක තේරෙන්නෑ.
ReplyDelete