පසුගිය ජනාධිපතිවරණයේදී බහුතර සිංහල බෞද්ධ කණ්ඩායමේ ඡන්ද වලින් බහුතරය ලබාගත් අපේක්ෂකයා පරාජය වුවත් මෙවර සිදු වී තිබෙන්නේ එහි අනෙක් පැත්තයි. වෙනසට හේතුවී තිබෙන්නේ බහුතර කණ්ඩායමේ ඡන්ද භාවිතය වෙනස් වීමයි. මෙවර ගෝඨාභය විසින් ශ්‍රී ලාංකික දෙමළ හා හින්දු ඡන්ද ලබාගෙන තිබෙන්නේ 2015දී මහින්ද ලබාගත්තාට වඩා අඩුවෙන්. ඉන්දියානු දෙමළ, ශ්‍රී ලංකා යෝනක, ඉස්ලාම් ඡන්ද වල ලොකු වෙනසක් වී නැහැ. සමස්තයක් ලෙස, 2015 හා 2019 අතර සුළුතර කණ්ඩායම් වල ඡන්ද භාවිතය වෙනස්වීම දෙස ප්‍රමාණාත්මක ලෙස බැලූ විට ප්‍රතිඵලයට බලපෑමක් කරන තරමින් වෙනස් වී නැහැ.
ප්‍රතිඵලය වෙනස් කිරීමට හේතු වී තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම බස්නාහිර හා දකුණු පළාත් වල සිංහල බෞද්ධ නාගරික හා අර්ධ නාගරික ඡන්දයි. මේ පළාත් දෙකේ පමණක් 2015දී මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාගත් ඡන්ද ලක්ෂ හයක් පමණ ගෝඨාභය වෙතට විතැන් වී තිබෙනවා. මේ වෙද්දී ලංකාවේ මැතිවරණ වල ප්‍රතිඵලය තීරණය කරන්නේ මේ කණ්ඩායම විසින් බව පැහැදිලියි.
පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල වල වාර්ගික හා ආගමික සංයුතිය පිළිබඳ සංඛ්‍යානමය විග්‍රහයක් මා ඒ දින වල පළ කළා. මෙවර ප්‍රතිඵලයද ආගමික හා වාර්ගික වෙනස්කම් පදනම් කරගත් සංඛ්‍යානමය ආකෘතියක් මගින් මුළුමනින්ම මෙන් පැහැදිලි කළ හැකියි. මේ අනුව පෙනෙන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගෙන තිබෙන ඡන්ද වලින් 93.5%ක්ම සිංහල ඡන්ද බවයි. මෙයින්ද 90.2%ක් පමණ බෞද්ධ ඡන්දයි.
සජිත්ගේ ඡන්ද වලින් අඩක් පමණම සිංහල නොවන ඡන්ද වන අතර ඉතිරි අඩ සිංහල ඡන්දයි. මෙවර මැතිවරණ ප්‍රචාරණයේදී ජාතිවාදයට එරෙහිව සෘජුව පෙනී සිටි ජවිපෙ අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක විසින් මෙන්ම සිවුවන තැනට පැමිණි මහේෂ් සේනානායක විසින්ද මුළුමනින්ම වාගේ ලබා ගෙන තිබෙන්නේ සිංහල බෞද්ධ ඡන්දයි. වාර්ගික ඡන්ද වෙනුවෙන් තරඟ කළ හිස්බුල්ලා හා සිවාජිලිංගම් විසින් අදාළ කණ්ඩායම් අතරින් ඡන්ද ලබා ඇතත්, දෙමළ හා ශ්‍රී ලංකා යෝනක ප්‍රජාව විසින් ප්‍රමුඛ අපේක්ෂකයා ලෙස තෝරාගෙන තිබෙන්නේ සජිත් ප්‍රේමදාසවයි.
රාජාලියා ලකුණින් තරඟ කළ ආරියවංශ දිසානායක විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණ බොහෝ දුරට සජිත්ගේ ඡන්ද වලට සමානුපාතිකයි. ඒ නිසා, රාජාලියාව ඇතැම් ඡන්දදායකයින් විසින් පියාඹන හංසයෙකු සේ හඳුනාගෙන ඇති බව බැහැර කළ නොහැකි ප්‍රවාදයක්. මේ ආකාරයෙන්ම දකුණේ ග්‍රාමීය ප්‍රදේශ වලදී අජන්තා පෙරේරා හා රොහාන් පල්ලෙවත්ත විසින් ලබා ඇති ඡන්ද ගෝඨාභයගේ ඡන්ද වලට සමානුපාතිකයි. ඡන්ද පත්‍රිකාවේ දැකිය හැකි පොල් ගෙඩිය හා බැලුම් බෝලය නෙලුම් පොහොට්ටුවකින් වෙන් කර හඳුනාගැනීම අසීරු වීම මීට හේතුව විය හැකියි.
මහත්මයා ශ්‍රී ලංකා යෝනක ප්‍රජාව නියෝජනය කරන ජාතිකයෙක්ද?
ReplyDeleteමම අභියෝගකරනවා දැන් පුළුවන්නම් සමීක්ෂණයක් කරලා බලන්න ලංකාවේ මුස්ලිම්වරුන්ගෙන් 99%ක්ම චන්දෙ දිලා තියෙන්නේ ඝෝඨාට.
ReplyDeleteදැන් ඔරුමත්තුතනාඩුවෙ චන්ද රටාවත් ටිකක් ලංකාවෙ වගේ නේද?
ReplyDeleteජාතය හෝ ආගම මත පදනම්ව පිහිටුවා ඇති පක්ෂ තහනම් කිරීම මේ බෙදීම නවත්වන්න උදව් වෙයි කියලා මට හිතෙනවා....
ReplyDeleteසිංහල, දෙමළ, මුස්ලිම් කියලා බෙදෙනවට වඩා, ශ්‍රී ලංකා, unp කියලා බෙදෙන එකේ හානිය අවමයි.
අපි දෙමළ, මුස්ලිම් ජනතාවටත් කියලා දෙමු තමන්ගෙ පක්ෂය ( ශ්‍රී ලංකා / unp ) වෙනුවෙන් මරාගෙන මැරෙන්න..
ජෙවිපෙට මෙම ජනාධිපතිවරනයේදී ගැනීමට තිබු තීරණය සජිත්ට සහය දීමයි. නැතිනම් ජන්දයට ඉදිරිපත් නොවී 2015 මෙන් කටයුතු කිරීමයි.
ReplyDeleteඑසේ කරා නම්,
1) සජිත් දිනුවොත්,
මීලග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ශක්තිමත් විපක්ෂයක් සැදීමේ අරමුණින් ජෙවිපෙට එජාප පාක්ෂිකයන්ගේ චන්දය ලබා ගැනීමට පවා තිබුනා. මොකද ගෝටා නමැති මිනීමරුවා පැරදවීමට සජිත්ට ජන්දය දෙන බොහෝ දෙනෙක් ඉන් පසු එන පාර්ලිමේන්තු ජන්දේදී ජෙවිපෙට චන්දය දීමට සුදානම්ව සිටි නිසා
2) ගෝටා දින්නා නම්,
ඉදිරියේ එන මිනීමරු පැසිස්ට්වාදී ගෝටාභයගේ මිනීමරු රෙජිමයට එරෙහිව ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඉල්ලීමේ සදාචාරාත්මක අයිතිය භාවිතා කරන්න ජෙවිපෙට තිබ්බා. හැබැයි ජෙවිපේ ජනාධිපතිවරනේදී කරේ ගෝටාගේ පාලනයක් ආවත් බය වෙන්න දෙයක් නැහැ, එයාට් කරන්න පුළුවන් දෙයක් නැහැ වගේ මැතිවරණ ප්‍රචාරණයක්. මොකද ජෙවිපේ බය උනා ගෝටා එනවට බයේ මිනිස්සු සජිත්ට ජන්දේ දෙයි කියලා. හැබැයි ජෙවිපේ ගනන් බැලීම වැරදි. ඊලග පාර්ලිමේන්තු ජන්දෙන් ආසන 4 ක් වත් ගනීද කියලා ෂුවර් නැහැ. අධිතක්සේරුවෙන් හිටපු ජෙවිපෙට ලැබෙන්න ඕනි ප්රතිඵලය ලැබී තියෙනවා.
ගොන් කතා කියන්න එපා යකෝ..........ගෝටා මිනිමරුවෙක් නම් කරපු වැරදි වලට හිරේ දාන්න තිබුනනේ. අවුරුදු 5ක් ආණ්ඩුවේ හිටියනේ ගෝටව හුරතල් කර කර දැන්ද ගෝටා මිනීමරුවා වෙලා තියෙන්නේ.........ගෝටා මිනිමරුවානම් UNP උන් පෙරේහැරේ අනුරාධපුරේ ගියේ මොකද දිවුරුම් දෙනවා බලන්න ??? තොපි අවුරුදු 5ක් ගෝටා එක්ක ලවු කරපු එකේ වැරද්දත් ජේවීපී එක පිටින් තියන්ඩ හදන සමනල ලෝල්ලෝ නේ UNP එකේ ඉන්නේ............
Deleteදැන්ඉතුරු අවුරුදු 5 ත් ගොටගේ හුරතල් කර කර ලේවකාපල්ලා UNP සමනල ලෝල්ලෝ අරුටයි මූටයි බනින්නේ නැතිව.........
Deleteආගමික සහ වාර්ගික වෙනස්කම් වලට අමතරව කුල සාධකයද බලපාන්න ඇති.
ReplyDeleteඉකොනොමැට්ටා දැන් ජවිපෙ යල්පිනූ කාලකණ්ණි සමාජවාදී හැව අරින්න කාලය ඇවිල්ලා. මේතාක් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද කඩලා දීල අන්ත දූෂිත අසික්කිත කාලකණ්ණි රාජපක්ෂ හොර හැත්ත ශක්තිමත් කරපු එක නවත්තලා අනුන්ගේ පහනෙන් එලිය බැලුවා ඇති කියලා එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කර සන්ධානයක් පිහිටුවා සටනට ආ යුතු බව පේනවා නේද ඉකොනොමැට්ටා? කාලයත් සමග ලොකූ ගමනක් ගියා කියලා දන්නෝ දන්වා.
ReplyDeleteමේ වතාවේ ජවිපෙ එක්සත් ජාතික පක්ෂය සමග එකඟ වී හොද ගමනක් යන්න උත්සහ කරන එක අතිශය වැදගත් අත්‍යවශ්‍ය කාරණයක් බව නම් හොදටම පැහැදිලියි.
යල් පැනපු ජවිපෙ ක්‍රමවේදයන් ඉවතලා අලුත් විදිහට අලුත් ගමනක් යනු. නූතන වෙළඳපොල ආර්ථික ක්‍රමය අනුගමනය කරනු. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයේ නායකත්වයට හා පාලනයට අදාල ප්‍රතිපත්ති අනුගමනය කරනු. මුග්ධ මාක්ස් වාදයේ පදනම මත පිහිටා නව සමාජ තත්වයන් හා තාක්ෂණික යුගයට සරිලන ලෙස වෙනස් වෙනු.
කාලකන්නි යනු මිනීමරු ධනවාදයට කඩේයන බඩජාරි තොපිය.......
Deleteඑක්සත් ජාතික පක්ෂය එක්ක එකතුවෙලා හොද ගමනක් යන්න කියන්නේ මූ පොනිල්ගේ සමනලයෙක්ද කොහේදෝ.......හිරේ ඉන්න ඕන ගෝටව අවුරුදු 5%ක් හුරතල් කරලා ජනාධිපති පුටුවේ වාඩි කරවපු පොන්න UNP එකට කෙලවෙලා ගිය දවසක තමා රට හැදෙන්නේ කාලකන්නි ධනවාදී හොරු........ලජ්ජා නැතිව ගොටගේ දිවුරුන්දීමට සන්ග්ලාස් දාගෙන ගිය දෙපැත්ත කන නපුංසකයෝ එක්ක යන හොද ගමන...........පවු යකෝ UNP යට කඩේ යන සමනලයෝ......
Best thing here is that the theory of minority deciding our country's President/ destiny is smashed by us (Sinhala Buddhists)
ReplyDeleteHowever the trend is very dangerous, Tamils and Muslims are very nationalistic and may need D S Senanayaka approach to change the demography.
ඔහේ ආචාර්ය අජන්ත පෙරේරාට කළ හැකි ලොකුම අපහාසය කොරල නෙව.
ReplyDeleteමෙච්චර ඉහළ සාක්‍ෂරතාව ඇති රටේ මිනිස්සු ඡන්දේ දෙන්නේ සළකුණට ද?
ReplyDeleteමා හිතන්නේ නම්
ARIYAWANSA DISSANAYAKA ට වැටුනේ
ANURAKUMARA DISSANAYAKA ගේ ඡන්ද බවයි.
මොනරාගල දී අජන්තා පෙරේරාට වැටුනේ සැබෑ පරිසරවාදී වැඩ නිසා ලැබුණු ඡන්ද බවයි.
ලංකාවේ සාක්ෂරතාව ඉතා ඉහළ වුවද 100%ක් නොවේ. මේ ජනාධිපතිවරණයේදී සාමාන්‍යයෙන් ඡන්දය නොදෙන වයස්ගත අය පවා ඡන්දය දී තිබේ. එමෙන්ම විශාල අපේක්ෂකයින් ප්‍රමාණයක් ඉදිරිපත් වීම නිසා ඡන්ද පත්‍රිකාවේ එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වෙන් වී තිබුණේ සාපේක්ෂව අඩු ඉඩකි. වෙනදා මෙන් ගම් ප්‍රදේශ වල හැම තැනම මැතිවරණ ලකුණු ප්‍රදර්ශනය කෙරුණේද නැත. ඒ නිසා, 0.2% ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා අපේක්ෂකයෙකු ඒ ඡන්ද ලබාගෙන තිබෙන්නේ වැරදීම් හේතුවෙන් යන්න ලංකාවේ සාක්ෂරතාව මත පදනම්ව බැහැර කළ නොහැකිය.
Deleteආරියවංශ දිසානායක උතුරු පළාතේ ආසන 14කින් නවයකම තෙවන ස්ථානයට පැමිණ තිබෙන අතර ඉතිරි ආසන පහේ පස් වන ස්ථානයේ සිටී. සිවුවන තැන සිටින්නේ සිවාජිලිංගම් වන අතර අනුර කුමාර උතුරේ කිසිම ආසනයක මුල් පහට පැමිණ නැත. එහෙත්, තැපැල් ඡන්ද වල මේ තත්ත්වය දැකිය නොහැකිය. එජාපය ජයගත් නැගෙනහිර හා නුවරඑළියේ ආසන වලද ආරියවංශ දිසානායක ඉදිරියට පැමිණ ඇත. එජාප ඡන්ද ප්‍රතිශතය අඩු, ජවිපෙ ප්‍රතිශතය වැඩි, ග්‍රාමීය ආසන වල ඔහු ඉන්නේ බොහෝ පහළිනි.
අජන්තා පෙර්රාගේ ඡන්ද පිළිබඳවද දැකිය හැක්කේ මෙවැනිම තත්ත්වයකි. ඇය හතරවන තැනට පැමිණ තිබෙන්නේ මොණරාගල, හම්බන්තොට, ගාල්ල, රත්නපුර, මාතර, කළුතර, කුරුණෑගල දිස්ත්‍රික්ක වල පොහොට්ටුව ඉහළ ඡන්ද ප්‍රතිශත ලැබූ හා ග්‍රාමීය ප්‍රදේශ වල පමණි. මොණරගල, රත්නපුර හා හම්බන්තොට වැනි දිස්ත්‍රික්ක වල ඇය සමස්තයක් ලෙස හතරවන තැන සිටියත් තැපැල් ඡන්ද වලින් ඉතා පහළින් සිටීමෙන්ද මේ කරුණ තහවුරු වේ.
රොහාන් පල්ලෙවත්තගේ ඡන්ද විශාල ප්‍රමාණයක් ඔහුටම ලැබුණු ඡන්ද විය හැකි වුවත්, ආරියවංශ දිසානායක හා අජන්තා පෙරේරා විසින් ලබා ඇති ඡන්ද විශාල ප්‍රමාණයක් වැරදීම් බව සෑහෙන විශ්වාසයකින් යුතුව කිව හැකිය. මේ ඡන්ද ප්‍රමාණ අදාළ ප්‍රධාන අපේක්ෂකයින් විසින් ලබා ඇති ඡන්ද ප්‍රමාණ හා එක් එක් ආසනයේ ග්‍රාමීය/නාගරික ප්‍රතිශතය අනුසාරයෙන් සෑහෙන තරම් නිවැරදිව පුරෝකථනය කළ හැකියි.
පුකේ අමාරුව සනීපද දැන්?
ReplyDelete