ඉන්දියාව වැනි අසල්වැසි රටවලට සාපේක්ෂව ලංකාවේ වැසිකිළි පහසුකම් වල තත්ත්වය නරක නැතත් හොඳටම හොඳයි කියා කියන්නත් බැහැ. 2016 ජනවිකාශ හා සෞඛ්‍ය සමීක්ෂණයට අනුව ලංකාවේ වැසිකිළි පහසුකම් නැති නිවාස ඒකක ගණන 2%ක් පමණ වුවත්, සෞඛ්‍යාරක්ෂක වැසිකිළි තිබෙන්නේ නිවාස ඒකක වලින් 91%ක පමණයි. වතු නිවාස වල මේ ප්‍රතිශතය 79%ක් පමණයි. ඒ වගේම පොදු ස්ථාන වලත් වැසිකිළි පහසුකම් වල අඩුපාඩු බොහෝ තිබෙනවා.
ලංකාවේ වැසිකිළි ප්‍රශ්නය ගැන පසුගිය අයවැයෙන් අවධානය යොමු වී තිබුණා. රටේ වැසිකිළි ප්‍රශ්නය වසර තුළ විසඳා අවසන් කිරීමේ අරමුණින් රුපියල් බිලියන හතරක පමණ විශාල මුදලක් වෙන් කෙරී තිබුණා. අපේක්ෂා කළ ඉලක්කය කොයි තරම් දුරකට ළඟා කරගෙන ඇත්දැයි මා දන්නේ නැහැ. මීට පෙර පාසැල් වල වැසිකිළි පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන්ද අයවැයෙන් මුදල් වෙන් කර තිබුණා. ඇතැම් අධ්‍යයන අනුව වැසිකිළි පහසුකම් වෙනුවෙන් සිදු කරන රුපියලක ආයෝජනයක ප්‍රතිලාභය රුපියල් පහකටත් වඩා වැඩියි. ප්‍රතිලාභ ලැබෙන ප්‍රධානම ආකාරය වන්නේ වතුරෙන් බෝවන රෝග පැතිරීම විශාල ලෙස අඩුවීමයි.
ලංකාවේ වුවත් වැසිකිළි ප්‍රශ්නය ඇතුළේ ආකල්ප ප්‍රශ්නයක් තිබෙනවා. පසුගිය දවසක මිතුරෙකු විසින් වත්පොතේ පළ කර තිබුණු ලංකාවේ පළමු පන්තියේ දුම්රිය මැදිරියක වැසිකිළියේ ඡායාරූපය මා මෙහි නැවත පළ කරන්නේ නැහැ.
දැනට දශක කිහිපයකට පෙර මා සේවය කළ තැනක ඉහළ තනතුරක් දැරූ තැනැත්තියක් ඇගේ දරුවෙකුට සහකරුවෙකු හෝ සහකාරියක සොයමින් සිටියා. ඈ ඒ දවස් වල කියූ කතාවක් වුනේ මංගල යෝජනාවක් හා අදාළව ගෙදරකට ගිය විට බොරු උවමනාවක් පෙන්වා හෝ අනිවාර්යයෙන්ම වැසිකිළියට යන බවයි. ඇගේ අදහස අනුව ගෙදර වැසිකිළිය පරීක්ෂා කළ විට ගෙදර ජීවත් වන මිනිස්සු ගැන බොහෝ දේ දැනගත හැකියි. පෞද්ගලිකව මා මගේ ඇතැම් රැකියා තීරණ වලදී පවා රැකියා ස්ථානයේ වැසිකිළියටත් යම් බරක් දී තිබෙනවා. ජීවිතයෙන් බාගයක්ම ගෙවන තැන වැසිකිළිය යාමට අප්‍රසන්න තැනක්නම් එවැනි තැනක රැකියාවක් කිරීම ප්‍රසන්න අත්දැකීමක් නෙමෙයි.
වැසිකිළි ගැන කතාවක් ඇදලා ගත්තේ අද (නොවැම්බර් 19) ලෝක වැසිකිළි දිනය නිසයි. ලෝක වැසිකිළි සංවිධානය විසින් 2001 වසරේ සිට සමරන වැසිකිළි දිනය එක්සත් ජාතීන්ගේ සංගමය විසින් 2013 සිට නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. ලෝක වැසිකිළි දිනය සේ නම් කර තිබෙන නොවැම්බර් 19 දිනයම ජාත්‍යන්තර පිරිමි දිනය ලෙසද තෝරාගෙන තිබීම අහම්බයක් විය යුතුයි!
පසුගිය සියවසේ මැද භාගයේ දී පමණ වුනත් ලංකාවේ ගම්බඳ ප්‍රදේශවලට වැසිකිලි යෑම පුරුදු කිරීමට සෑහෙන්න අමාරු වී තිබෙනවා.
ReplyDeleteපොදු වැසිකිලි නම් අදත් කියා පලක් නෑ. සල්ලි අය කරනවා පමණයි!
අද නගරවල පොදු වැසිකිලිවල තත්ත්වය පෙරට වඩා හොඳයි. ඒත්......
ReplyDeleteමාසයකට වතාවක් බෙහෙත් ගන්නට හම්බන්තොට යන ගමනේදී බොහෝවිට මාතර බස් නැවතුමේ පොදු වැසිකිලියට යැවෙනවා සුළු දිය පහ කරන්න. අයකිරීම රුපියල් දහයක්. නමුත් හුඟක් වෙලාවට දුර්ගන්ධය නම් අධිකයි.
High Way එකේ වැලිපැන්න නැවතුමේ වැසිකිලියක් පාවිච්චි කිරීමට ගාස්තුව රුපියල් විස්සයි. නමුත් ගඳත් නැහැ. පිරිසිදුකමත් ඉහලයි. එහෙම වෙන්නේ යන අය අඩු නිසාද? යන අයගේ කොලිටිය වැඩි නිසාද?
මටනම් පොදු වැසිකිවල මුත්‍රා ගඳ දැනෙන්නේ සුවඳක් වගේ. (විහිළුවක් නෙමෙයි)
Deleteමහත්තයා දිනකට කී පාරක් වැසිකිලි ගොස් මළමුත්‍රා කරනවද?
ReplyDelete'පෞද්ගලිකව මා මගේ ඇතැම් රැකියා තීරණ වලදී පවා රැකියා ස්ථානයේ වැසිකිළියටත් යම් බරක් දී තිබෙනවා. ජීවිතයෙන් බාගයක්ම ගෙවන තැන වැසිකිළිය යාමට අප්‍රසන්න තැනක්නම් එවැනි තැනක රැකියාවක් කිරීම ප්‍රසන්න අත්දැකීමක් නෙමෙයි'
ReplyDeleteමහත්තයා සිරිකොතේ ලැට් එකටද යන්නේ?
නගරයක අපිරිසිදුවට හරි වැසිකිළියක් තියනවා. ගමනක් යත් දී නගර දෙකක් මැද්දේ හදිසියක් උනොත් මොකද කරන්නේ?ඇයි මෙහෙම සරල දෙයක්වත් බලධාරින්ට තේරෙන්නේ නැත්තේ.නගර දෙකක් මැද්දේ ඉඩ තියෙන තැනක වැසිකිලි සංකීර්ණයක් හැදුවොත් හොඳ ආදායමක් ගන්ඩ පුළුවන් ව්‍යපාරයක්.
ReplyDeleteශ්‍රී ලංකාවේ ගමනක් යද්දී මළපහ කරන්න, මුත්‍රා කරන්න ඕනි කමක් ආවොත් කාර්ගිල්ස් සාප්පුව වගේ සුපර්මාර්කට් එකකට යන්ඩ. ඒ සාප්පු ලංකාවේ ලොකු පුංචි බොහෝ නගර වල තියෙනවා. ඇයි කීල්ස්, ලාප්ස්,ආර්පිකෝ වගේ එව්වත් තියෙන්නේ. තව පොඩි පොඩි සුපර්මාර්කට් වලත් වැසිකිලි තියෙනවා. එඅතරේ දවල් කාලේ නං බැංකුවකටඋනත් යන්ඩ පුළුවන්. ඒවයෙත් වැසිකිලි තියෙනවා. එහෙම නැත්තන් ඉන්ධන පිරවුම් හල්. ඒවයෙත් තියෙනවා මලමුත්‍ර කරන්න වැසිකිලි.
ReplyDelete