කියවන අය අතරේ අයිසෙක් නිවුටන් කියන නම අහල නැති කෙනෙක් නැතුව ඇතිනේ? කමක් නෑ. මමම කියන්නම් කවුද කියලා. අයිසෙක් නිවුටන් කියන්නේ 1696 අවුරුද්දේ ඉඳලා අවුරුදු තිස් එකක් එංගලන්තයේ රාජකීය ටන්කනයේ එහෙමත් නැත්නම් රෝයල් මින්ට් එකේ වෝඩන් හා පසුව මාස්ටර් ලෙස සේවය කළ පුද්ගලයා.
පුරප්පාඩු වූ තනතුරට අයදුම් කරන අයිසෙක් නිවුටන් 1696 අප්‍රේල් මාසයේදී රෝයල් මින්ට් එකේ වෝඩන් ලෙස පත් වෙනවා. ඒ වෙද්දී ඔහු "ස්වභාවික දර්ශනයේ ගණිතමය මූලධර්ම" කියලා පොතක් එහෙම ලියලා ටිකක් ප්‍රසිද්ධ වෙලයි හිටියේ.
අයිසෙක් නිවුටන් රෝයල් මින්ට් එකේ වෝඩන් ලෙස පත් වෙලා අවුරුදු තුනකට පස්සේ රෝයල් මින්ට් එකේ මාස්ටර් විදිහට සේවය කළ පුද්ගලයා මිය ගිහින් එම තනතුර පුරප්පාඩු වෙනවා. මාස්ටර් තනතුර වෝඩන් තනතුරට වඩා පහළ තනතුරක්. හැබැයි රජය වෙනුවෙන් කාසි ටන්කනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ ඔය මාස්ටර් තනතුරේ ඉන්න පුද්ගලයාටයි. ඒ නිසා, කාසි ටන්කනය කරන අයට උප-කොන්ත්‍රාත්තු දීලා කොමිස් විදිහට හොඳ ආදායමක් ලබන්න පුළුවන්කම තිබෙන රස්සාවක්. 1699 නත්තල් දවසේ නිවුටන් වෝඩන් කමෙන් අයින් වෙලා මාස්ටර් විදිහට වැඩ භාර ගත්තා. ඉන් පසු මැරෙන තුරුම ඔය තනතුර අත ඇරියේ නැහැ.
කොමිස් ගන්නවා කිවුවට මේ කිවුවේ තනතුර දරන පුද්ගලයාට නිල වශයෙන්ම ලැබුණු කොමිස් මුදල් ගැන. එහෙම නැතුව හොරට කොමිස් ගහපුවා නෙමෙයි. නිවුටන්ව සැලකෙන්නේ ඉතා අවංකව සේවය කළ රාජ්‍ය නිලධාරියෙක් හැටියටයි. වරක් පවුම් පන්දහසක අල්ලසක්ද ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පැවසෙනවා.
මොන නම භාවිතා කළත් ඔය කාලයේ ලෝකයේ තිබුණේ ප්‍රධාන මුදල් ඒකක දෙකයි. එකක් රත්තරන්. අනෙක් එක රිදී. අනෙක් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව රත්තරන් හෝ රිදී වල වටිනාකම තීරණය වුනේ ඉල්ලුම හා සැපයුම මත. මේ විදිහට රත්තරන් හා රිදී වල සාපේක්ෂ වටිනාකම් එකිනෙකින් ස්වායත්තව වෙනස් වෙද්දී රත්තරන් හා රිදී යොදා හදා තිබුණු මුදල් වල සාපේක්ෂ හුවමාරු අගයන්ද නිදහසේ තීරණය වුනා.
මුලින්ම එංගලන්තයේ ස්ටර්ලින් රිදී කාසි ටන්කනය කළේ කාසි 240ක බර රාත්තලක් වන විදිහටයි. මේ රාත්තල දැන් රාත්තලකින් 80%ක් පමණ බර රාත්තලක්. සිලිමක් වුනේ ඔය කාසි 12ක බරක්. එතකොට සිලිම් 20ක් රාත්තලක් බරයි. ඔය රාත්තලකට අවුන්ස 12ක් තිබුණා. ඒ කියන්නේ අවුන්සයක බරක් කියන්නේ රිදී කාසි 20ක බරක්. මේ ස්ටර්ලින් කාසි තමයි පසුව පැන්ස කාසි වුනේ.
දැන් මට්ටමට නැති වුනත් සල්ලි බාල්දු කරන වැඩේ දිගින් දිගටම සිදු වුනු වැඩක්. මේ වැඩෙන් රජයට බදු නොගහා බදු ගහන්න පුළුවන් වුනා. මුලින්ම සල්ලි බාල්දු කරන එක කියලා කළේ රිදී වලට ටික ටික තඹ කලවම් කරන එක. ඔහොම ගිහින් දාහත්වන සියවස පටන් ගනිද්දී පැන්ස කාසි රාත්තලක බර හැදුනේ රිදී අවුන්ස හතරක (තුනෙන් එකක) හා තඹ අවුන්ස අටක (තුනෙන් දෙකක) කලවමකින්.
සල්ලි බාල්දු කළාම එක පාරට මිනිස්සු රැවටෙනවා. මේ වැඩේ ටික ටික මිසක් එක පාරට කරන්නේ නැහැනේ. මුලින්ම රිදී වලට තඹ යාන්තමින් කලවම් කරනවා. පස්සේ ටිකෙන් ටික රිදී අඩු කරලා තඹ අනුපාතය වැඩි කරනවා. වෙනසක් වුනා කියා එක පාරට තේරෙන්නේ නැහැ. එහෙත් රිදී කාසියක් වෙනුවෙන් වැඩ කරන කෙනෙක්ට දැන් රිදී වෙනුවට ලැබෙන්නේ තඹ කලවමක්.
එක පාරට තේරුණේ නැතත් කාලයක් යද්දී තමන්ට ලැබෙන කාසි වල හිතපු තරම් වටිනාකමක් නැති බව මිනිස්සුන්ට තේරෙන්න ගන්නවා. එතකොට මිනිස්සු වැඩි පඩි ඉල්ලනවා. පැන්සයකට විකුණපු තමන්ගේ නිෂ්පාදන වලට පැන්ස දෙකක් ඉල්ලන්න ගන්නවා. ඔන්න උද්ධමනය.
රජය රිදී වලට තඹ කලවම් කරන්නේ මිනිස්සුන්ව රවට්ටලා නොතේරෙන්න බද්දක් ගහන්නනේ. එහෙම නැත්නම් අඩු රිදී ප්‍රමාණයක් ගෙවලා වැඩි ශ්‍රමයක් මිල දී ගන්න. මිනිස්සු ඕක තේරුම් අරගෙන වැඩි පඩි ඉල්ලන කොට සල්ලි බාල්දු කරපු එකේ වාසිය නැතුව යනවා. එතකොට සල්ලි තවත් බාල්දු කරන්න වෙනවා. මිනිස්සුන්ට වටින්නේ කාසියක තිබෙන රිදී ප්‍රමාණය මිසක් එහි මුළු බර නොවන බව පැහැදිලි වුණාම තුනෙන් එකක් රිදී තිබෙන කාසියක් වෙනුවට එම බරෙන් තුනෙන් එකක තනි රිදී කාසියක් ආදේශ වෙනවා. කලවම් කාසියේ රිදී තියෙන්නේ තුනෙන් පංගුවක් පමණක් බව දැනගත්තට පස්සේ මිනිස්සුන්ට ඔය දෙකේ වෙනසක් නැති නිසා තඹ කලවම් කරන එකේ තේරුමක් නැහැ. බර අඩු රිදී කාසියක්ම දෙන්න පුළුවන්.
දාහත්වන සියවස පටන් ගනිද්දී ට්‍රෝයි රාත්තලක් බර රිදී වලින් රිදී සිලින් කාසි 60ක් කැපුවා. නමුත් ඒ වෙද්දීත් පවුම සිලිං 20යි. ස්ටර්ලින් වල පසුකාලීන වර්ෂන් එක වූ පැන්ස 240යි. ඒ කියන්නේ ඒ වෙද්දී ට්‍රෝයි රාත්තලක් බර රිදී සමාන වෙන්නේ පැන්ස 720ක තිබෙන රිදී වලට. සල්ලි වල වටිනාකම මුල් වටිනාකමෙන් 1/3ක් දක්වා බාල්දු වෙලා. එහෙමත් නැත්නම් බඩු මිල තුන් ගුණයකින් වැඩි වෙලා.
දාහත් වන සියවස මුලදී එංගලන්තයේ සල්ලි තවත් බාල්දු වෙනවා. ට්‍රෝයි රාත්තලක් බර රිදී වලින් කපන සිලින් කාසි ගණන 62 දක්වා වැඩි කෙරෙනවා. අයිසෙක් නිවුටන්ගේ ප්‍රසිද්ධ වාර්තාව ඉදිරිපත් කෙරුණු 1717 සැප්තැම්බර් 21 දින වෙද්දී තිබුණේ ඔය රාත්තලට සිලින් හැට දෙකේ රිදී සම්මතය. රිදී කිවුවට තනි රිදීමත් නෙමෙයි. කොටස් 120කින් කොටස් 111ක් රිදී හා ඉතිරිය වැඩි වටිනාකමක් නොතිබුණු වෙනත් ලෝහයක් වූ කලවමක්.
ඔය දවස් වල එංගලන්තයේ රන් කාසිත් නිකුත් වී තිබුණා. රන් පවුමේ මුල් ස්වරූපය වූ ගිනි කාසිය එවැන්නක්. දැනටත් ලංකාවේ ඉතිරි වී තිබෙන ගිනි කනවා, ගිනි ගණන් වගේ යෙදුම් වල සම්භවය ඔය ගිනි කාසිය. ගිනි කාසි ටන්කනය කර තිබුණේ කැරට් විසි දෙකේ රත්තරන් රාත්තලක් ගිනි කාසි 44.5ක බරට සමාන වෙන විදිහටයි. කැරට් විසි දෙකේ කියා කියන්නේ කොටස් 22/24ක් රත්තරන්. ඉතිරි 2/24 රිදී.
අපි හිතමු රත්තරන් ගිනි කාසියක වටිනාකම රිදී සිලිං කාසි 20කට සමානයි කියලා. දැන් අපිට මේ සමානතාවය යොදාගෙන රන් හා රිදී අතර විණිමය අනුපාතිකය හොයා ගන්න පුළුවන්. නිවුටන් ගණන් හදලා පෙන්නපු විදිහට එංගලන්තයේ රත්තරන් රාත්තලක වටිනාකම රිදී රාත්තල් 15.57කට පමණ සමාන වුනා.
"I humbly represent, that a pound weight Troy of Gold eleven ounces fine and one ounce allay is cut into 44½ Guineas, and a pound weight of Silver eleven ounces two penny weight fine & eighteen penny weight allay is cut into 62 Shillings. And according to this rate, a pound weight of fine gold is worth Fifteen pounds weight six ounces seventeen penny weight & five grains of fine silver..."
මුදල් විදිහට රන් කාසි හා රිදී කාසි භාවිතා කළේ එංගලන්තයේ පමණක් නෙමෙයි. අනෙක් රට වලත් රන් වලින් හදපු කාසි හා රිදී වලින් හදපු කාසි භාවිතා වුනා. ඒ අනුව, රන් හා රිදී වටිනාකම් අතර කිසියම් අනුපාතයක් තිබුණා. කාසි තිබුනේ එක වර්ගයකින් පමණක් වුනත් එම කාසි එක්ක අනෙක් ලෝහය හුවමාරු වන අනුපාතයක් තිබුණා. හැබැයි මේ අනුපාතය රටින් රටට වෙනස් වුනා.
අයිසෙක් නිවුටන්ගේ වාර්තාවේ තිබෙන තොරතුරු අනුව, චීනයේ හා ජපානයේ රත්තරන් රාත්තලක් හුවමාරු වුනේ රිදී රාත්තල් නවයකට හෝ දහයකට. නැගෙනහිර ඉන්දියාවේ රිදී රාත්තල් දොළහකට. ප්‍රංශයේ රිදී රාත්තල් පහළොවකට. ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ රිදී රාත්තල් දහසයකට.
යුරෝපයේ ස්පාඤ්ඤය හා පෘතුගාලය වැනි රටවල් කිහිපයක් ඇරුනහම ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව එංගලන්තයේ රත්තරන් වල රිදී මිල ඉහළ මට්ටමකයි තිබුණේ. ඒ නිසා, එංගලන්තයෙන් භාණ්ඩ ආනයනය කරන රටවල් හැම වෙලාවෙම වගේ ගෙවුවේ රත්තරන් වලින්. රත්තරන් රාත්තලක බඩු වලට රිදී රාත්තල් 15.57ක් ගෙවන්න වෙනවනේ. ඉන්දියාව, චීනය වගේ ආසියාතික රටවල රත්තරන් රාත්තලක වටිනාකම රිදී රාත්තල් 15.57ක වටිනාකමට වඩා ගොඩක් අඩුයි. ඒ නිසා රත්තරන් වලින් ගෙවන එක ලාබයි. රිදී වලින් ගෙවන එක වාසියි.
අනෙක් අතට එංගලන්තයට භාණ්ඩ අපනයනය කරද්දී චීනය වගේ රටවල් රත්තරන් බාර නොගෙන රිදී වලින්ම ගෙවන්න කියලා ඉල්ලුවා. මේ නිසා එංගලන්තයේ රිදී දිගින් දිගටම එළියට ගිහින් රිදී හිඟයක් ඇති වුනා. එංගලන්තයට චීනය ඉන්දියාව වගේ රටවලින් බඩු ගන්න එක ප්‍රශ්නයක් වුනා. නිවුටන්ට විසඳන්න වුනේ මේ බැරෑරුම් ප්‍රශ්නය.
නිවුටන්ගේ විසඳුම වුනේ පවුම (සිලිං විස්ස) අවප්‍රමාණය කිරීම. මේ යෝජනාව ක්‍රියාත්මක වුනා. ඒ අනුව, ගිනි එකක් සිලිං 21 කට සමාන කරමින් රන් හා රිදී අතර විණිමය අනුපාතය වෙනස් කෙරුණා. මේ අනුපාතයට රන් අවුන්සයක මිල පවුම් 4.25 ක් බවට පත් වුනා.
නිවුටන් කොයි තරම් ගණන් කාරයෙක් වුනත් විණිමය අනුපාතය සකස් කිරීම මගින් රටේ තිබුණු රිදී කාසි රටෙන් පිටවෙන එක වලක්වාගන්නනම් බැරි වුනා. ගණන් කාරයෙක් කියා කිවුවට නිවුටන් කියා කියන්නේ කොටස් ආයෝජන කරන්න ගිහින් අන්තිම කාලයේදී සේසතම නැති කර ගත්ත මනුස්සයෙක්නේ. ඒ වගේම සම්ප්‍රදායික දැනුම් පිළිබඳව හැදෑරීම සඳහා රහසිගතව විශාල කාලයක් වැය කරපු කෙනෙක්.
නිවුටන් විණිමය අනුපාතය හැදුවේ යුරෝපය සමඟ කරන වෙළඳාමට ගැලපෙන විදිහටයි. ආසියාතික රටවල් සමඟ කරන වෙළඳාමට ඔහු තිබ්බේ ඉතා අඩු බරක්. විණිමය අනුපාතයේ තවදුරටත් තිබුණු විශාල අසමතුලිතතාවය නිසා නිවුටන්ගේ රන් සම්මතයෙන් පස්සේ සිදු වුනේ එංගලන්තයේ රිදී කාසි ඔක්කොම වගේ රටෙන් පිටතට ඇදී යාමයි. එයින් පස්සේ එංගලන්තය කාලයක් තිස්සේ පවත්වා ගෙන ආ රිදී සම්මතය බිඳ වැටිලා රන් සම්මතයකට යන්න වුනා. නිවුටන්ගේ අවුන්සයට පවුම් 4.25 රන් සම්මතයනම් කාලයක්ම වෙනස් නොවී තිබුණා.
එංගලන්තයෙන් එළියට ගිය රිදී කාසි ඉන්දියාවේ ගොඩ ගැහුනා. ඉන්දියාවේ රත්තරන් එංගලන්තට ගියා. එංගලන්තය රන් කාසි වලට මාරු වෙද්දී ඉන්දියාවේ ජනප්‍රිය වී තිබුණේ රිදී කාසි. ලංකාවේ මුලින් භාවිතා වුනේත් මේ ඉන්දියානු රිදී කාසි. මුලින් පවුමක වටිනාකමට හදපු ගිනි එකක් සිලිං 21 කරලා කාලෙකට පස්සේ එංගලන්තය සිලිං 20ක් වටින පවුමේ රන් කාසි නිකුත් කළා. මේ පවුමේ කාසියක රත්තරන් ප්‍රමාණය ගිනි එකක ප්‍රමාණයෙන් 20/21ක්. ලංකාවේ රත්තරන් පවුම් කියා කියන්නේ ඔය කාසියක තිබෙන රත්තරන් ප්‍රමාණය. නිවුටන්ගේ වාර්තාවේ යෝජනා කරපු විදිහටම ඔය රන් පවුම් 4.25ක රත්තරන් ට්‍රෝයි අවුන්සයක් තියෙනවා.
යුරෝපයට සාපේක්ෂව ආසියානු රටවල රිදී වල රන් වටිනාකම ඉහළ මට්ටමක තිබුණා. ඉන්දියානුවන් රිදී කාසි අත ඇරලා රන් කාසි ලබා ගන්න කැමති වුනේ නැහැ. ඒ නිසා ඉන්දියාවේ වගේම ඉන්දියාව හරහා ලංකාවෙත් වැඩිපුර ජනප්‍රිය වෙලා තිබුණේ රිදී කාසි. ලංකාවේද භාවිතා වූ ඉන්දියානු රුපියලක් මුලදී සිලිං දෙකක වටිනාකමක් ඇති සේ සැලකුණා. එංගලන්තයේ සිලිං විස්සක් පවුමකට සමාන සේ සැලකුණා. ඒ අනුව බ්‍රිතාන්‍ය පවුමක් රුපියල් දහයක් වුනා.
නෙලී බ්ලයි යන අන්වර්ථ නාමයෙන් ලියූ එලිසබෙත් ජේන් කොක්‍රේන් ලංකාවට එන්න වසර දෙක තුනකට කලින් රිදී මිල විශාල ලෙස පහළ ගිහින් ඉන්දියානු රුපියල් වල සැබෑ වටිනාකම පහත වැටුනා. ඊට සාපේක්ෂව ඉන්දියාවේ වගේම ලංකාවේත් රත්තරන් වල වෙළඳපොළ මිල කාසි වල නාමික අගයට වඩා ගොඩක් ඉහළ ගියා. නෙලී බ්ලයිට ඇගේ ඩොලර් විස්සේ රත්තරන් කෑල්ල එහි නාමික මිලට වඩා වැඩි මිලකට කොටුවේදී මාරු කරන්න පුළුවන් වී තිබෙන්නේ ඒ නිසයි. හරියට අද වෙනවා වගේ.
පහතින් තියෙන්නේ මේ වියුණුව පටන් ගත් දිනට පසු දින පළ කළ ලිපියක්. නිවුටන් ගැන සමහර දේවල් එම ලිපියේ තිබෙනවා. වියුණුවේ පළ වූ තෙවන ලිපිය. නමුත් නිවුටන් ගැන වැඩිපුර කතා නොවන ඇතැම් සුවිශේෂී දේවල් මේ ලිපියේ වගේම ඒ ලිපියේත් නැහැ.
ඒ දවස් වල අපේ වියුණුව කියෙවුවේ දහ පහළොස් දෙනෙක් වගේ ඉතාම සුළු පිරිසක් පමණයි. දැන් ආපසු හැරී බැලුවත් පෙනෙන්නේ ලියන්න පටන් ගත් විදිහ හා අවුරුදු හයකට ආසන්න මෙතෙක් ආ මග නරක නැති බවයි.
ප්‍රධාන වශයෙන්ම පාඨක පිරිසක් ආකර්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිව ලියූවක් වුවත් ඉහත ලිපියේ මම මෙහෙම ලියා තිබෙනවා.
"ඔය කියන ඇපලය වැටෙන විට අයිසෙක් නිවුටන් ට්‍රිනිටි කොලිජියේ දීප්තිමත් සිසුවෙකුව සිට ගණිතය සහ භෞතික විද්‍යාව මැනවින් හදාරා තිබුණේය. ඒ නිසා, තවත් අලුත් භෞතික විද්‍යා නියමයක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකි විය. යම් කිසි ආකාරයකින් ඔහුගේ විෂයය (ආර්ථික විද්‍යාව වැනි) වෙනකක් වීනම් ඉතිහාසය තරමක් වෙනස් විය හැකිව තිබුණි."
ඇත්තමට කියනවානම් ඒ දවස් වල නිවුටන්ට ගණිතය සහ භෞතික විද්‍යාව වගේ විෂයයක් මිසක් ආර්ථික විද්‍යාව හදාරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අද අර්ථයෙන් එහෙම විෂයයක් ඒ කාලයේ තිබුණේ නැහැ. නිවුටන් ආර්ථික විද්‍යා සංකල්ප තේරුම් ගත්තේ භෞතික විද්‍යා න්‍යාය ඇසුරෙන්. මෙය ලෝක ඉතිහාසයේ නිවුටන්ට පසු කොටස විශාල ලෙස වෙනස් කළා. ඒ අර්ථයෙන් බැලුවොත් අයිසෙක් නිවුටන් කියන්නේ ලෝකයම වෙනස් කළ කෙනෙක්. කවුරුවත් සාකච්ඡා කර තිබෙන බවක් මා දන්නේ නැතත් කාල් මාක්ස් වගේම ඇඩම් ස්මිත් විසින් පසුකාලීනව වටිනාකම් න්‍යාය හදන්නේ නිවුටන්ගේ රන් වටිනාකම් න්‍යායේ ආභාෂය ලබමින්.
නිවුටන් රාජකීය ටන්කනාගාරයේ රස්සාව කරන අතර ගෙදර ගිහින් හවසට ඇල්කෙමි පරීක්ෂණ කරද්දී ජෝන් ලොක් ඉල්ලුම් සැපයුම් න්‍යාය ගැන අදහස් ලියා පළ කළා. පසුව ඇඩම් ස්මිත් විසින් නිවුටන්ගේ ආභාෂය ලබන අතරම ජෝන් ලොක්ගේ අදහස් වර්ධනය කළා. එහෙත් කාල් මාක්ස් ඔවුන්ව නොසලකා හරිමින් භෞතික විද්‍යාව පස්සේම නොන්ඩි ගගහා ගියා. ඔහු වඩා වැදගත් සේ සැලකුවේ හේගල්ගේ දර්ශනවාදය හා මනෝරාජික සමාජවාදීන්ගේ අදහස්.
හොඳ පෝස්ට් එකක් ඉකොනොමැට්ටා, ඔබ නිව්ටෝනියානු ආර්ථික විද්‍ය සංකල්පනා වල ආරම්භය ගැන ඇඩම් ස්මිත් සහ ජෝන් ලොක් ගැනත් කෙටියෙන් කියමින් ලියා තියෙනවා. ඒ වගේම ලිපිය අන්තිමට ආචාර්ය නලීන් ද සිල්වා ගේ මාක්ස්වාදයේ දරිද්‍රතාවය ග්‍රන්ථයේ සඳහන් පරිදි බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසමින් යන සාමාජීය විද්‍යාවලින් එකක් ලෙස මාක්ස්වාදය සලකා තියෙනවා. නමුත් වඩාත් වැදගත් වන්නේ ඔබ මෙහි ලෝක ඉතිහාසයේ විනිමය අනුපාත වල විචලනය ගැන ඉතාමත් සරල බසින් ඉදිරිපත් කළ ආකාරයයි. ඒ සම්බන්ධයෙන් අපේ ගෞරවය ඔබට පුද කිරීමට කැමතියි.
ReplyDeleteඒ වගේම ඉතාම කාලීන සහ දේශපාලන වශයෙන් ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ ඉතාම වැදගත් කරුණක් ගැන ඔබේ අවධානය යොමු කරන්න කැමතියි.
ඒ පුනරුද සමයේ එංගලන්තයට නිව්ටන් සිටි පරිදිම ලංකාවේ මේ වනවිට සිටින ඉතාමත් දක්ෂ ස්මාට් ජීනියස් කෙනෙක් ගැන. ඇත්තටම ඔබ දකින්නට ඇති රාජිත සේනාරත්න, මංගල සමරවීර ඇතුළු සමගි ජන බලවේගයේ ඇතැම් පාර්ශ්ව විසින් පොදු අපේක්ෂකයා ලෙස කුමාර සංගක්කාර යෝජනා කරන එක ගැන ඔබ ඇතුළු පාඨක සමූහයේ අදහස් දැනගන්න කැමතියි. කුමාර නැත්නම් සවේන්දර දෙන්නගෙන් හොඳම පොදු අපේක්ෂකයා ලෙස කුමාර සංගක්කාර වඩාත් සුදුසු බවයි බොහෝ දුරට පැවසෙන්නේ. 2024 ජනාධිපතිවරණය සඳහා ස.ජ.බ. ජවිපෙ ටී එන් ඒ, SLMC, ACMA, මලයනාඩු මක්කල් මුණ්ණණි ඇතුළු සියලුම රාජ පක්ෂ විරෝධීන් එකට එකතු කිරීම පිණිස කුමාර් මහතා සුදුසු බව පේනවා නේද? මම හැමදාම කියනවා වගේ කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ බිහිවෙච්ච සූක්ෂම මොලයක් තියෙන, බුද්ධියක් තියෙන අතිදක්ෂ පුද්ගලයෙක්. හරියට නිව්ටන් ඇඩම් ස්මිත් සහ ජෝන් ලොක්ලා වගේ.
ක්‍රිකට් ගහපු සංගක්කාරගේ පබ්ලික් රිලේෂන්ස් හැකියාව ගත්තොත් ලංකාවේ ටොප් කියන ඇඩ්වර්ටයිසිං ඒජන්සීස් වල ක්‍රියේටිව් කරන මිනිස්සු ළඟවත් ඒ තරමටම දක්ෂතාවක් දකින්නට නෑ.
අන්න ඒ හැකියාව, බුද්ධිය, දෙයක් කරද්දි හරියටම කරන ඩෙඩිකේෂන් එකමයි සංගක්කාර හොද වැඩ වලට වගේම තිරය පසුපස ඔහුගේ යටිකූට්ටු සටකපට තක්කඩි වැඩ වලටත් පාවිච්චි කරන්නේ.
මෑතකදී වාර්තා වුණ අර ඉඩම් සංසිද්ධියත් සංගක්කාරගේ ඒ සුපිරි සටකපට බුද්ධියේ තරම දැනගැනීමට හොද උදාහරණයක්.
ටික කලකට කලින් සීගිරිය පෙනෙන මානයේ සංචාරක හෝටලයකට ඉතා උචිත ප්‍රදේශයක ඉඩම් ගොවියන්ට ආණ්ඩුවෙන් නොමිලයේ දෙනවා. මේ බව ලංකාව පුරාම ඇති වටිනා ඉඩම් සහ අනාගතයේ වටිනාකම අධික විය හැකි බව නිසැක වූ ඉඩම් වලට ඇහැ ගහන් ඉන්න සංගක්කාර දැනගන්නවා.
එහෙම රජයේ ඉඩමක් ගත්තු අහිංසක දුප්පත් පවුලක් හොයාගෙනම සංගක්කාර යනවා.
ක්‍රිකට් වගේ ක්‍රීඩා ටීවි වලින් බලලා නැති ඒ මිනිස්සුන්ව හම්බ වෙන්න යන සංගා එතනදී ජීවිත කාලෙම ඒ වයසක මිනිස්සු බලාගන්න පොරොන්දු වෙනවා. බෙහෙත් අරන් දෙනවා. හොඳට අත දිග ඇරලා වියදම් කරනවා, සල්ලිත් දෙනවා.
ඊට පස්සේ ෂේප් එකේ ඒ ඉඩම ලියාගන්නවා. ඒකත් ලියාගන්නේ 'යෙහාලි පීරිස්' කියන සංගාගේ බිරිඳගේ විවාහයට පෙර නමට. ඉතාමත් දක්ෂ විදියට සංගක්කාරගේ නමට හෝ යෙහාලි සංගක්කාර නම ඒ සඳහා යොදාගන්නේ නෑ.
ඉන්පසුව නැවතත් කොළඹට පැමිණ සුදුසු වෙලාව එනකම් බලන් ඉන්නවා.
ඔය අතරේ අහම්බෙන් මේ සිදුවීම සිළුමිණ පුවත්පතේ කර්තෘට ආරංචි වෙනවා, මෑන් සිද්ධිය පස්සේ පන්නන්න ගන්නවා. පත්තිරු හොයාගෙන ඔෆිස් ගානේ යනවා. ඒ මිනිස්සු හම්බ වෙනවා.
සංගක්කාර දැනගන්නවා තමන්ට වැඩේ පත්තු වෙන්න යන බව.
ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා තමන්ම කම්ප්ලේන් එකක් දානවා ඉඩම් කොමසාරිස්ට. ඒකේ ඇත්ත කතාව හංගලා අර අසරණ මිනිස්සු තමන් රවට්ටලා ඉඩම විකුණ්නා කියලා.
ඔන්න සිදුවීම මාධ්‍යයේ පළවෙනවා.
එතකොටම ගල් කපටි කුමාර් සංගක්කාර තමන්ගේ FB පේජ් එකේ සටහනක් එක්ක පසුව දාපු පැමිණිල්ල සංගක්කාර රිලීස් කරනවා.
සංගක්කාර සමාජ අපවාදයෙන් නිදොස් වෙනවා. හෙළිකරපු පත්තරේ සමාජය ඉදිරියේ වැරදිකරුවා වෙනවා.
ඉතින් ඉකොනොමැට්ටා අන්න ඒ වගේ ක්ලාස් එකේ ඉඳලා ගේම් ක්ලෝස් කරන්න අති දක්ෂ ක්ලාස් සංගක්කාර රාජපක්ෂලා එක්ක ලස්සනට ඩීල් දාලා දේශපාලන සහ මිත්‍රත්ව සබඳතා සහ මුදල් භාවිතා කරලා ඉදිරී පරීක්ෂණත් යට ගහනවා. නිදොස් වී නිදහස් වෙනවා.
Deleteමෙන්න මේ බුද්ධිය ගැනයි මම කලින් කිව්වේ.
අනතුරක් පැමිණෙන විට එයින් ගැලවීමට පවා ක්ෂණිකවම උපායක් ඇටවීමට තරම් ඔහු ඉතාමත් බුද්ධිමත්.
ඒ වගේම තමයි 2016 දී චාර්ලි ඔස්ටින් ගැන මාධ්‍ය වලින් එක්ස්පෝස් කරද්දි මම සංගක්කාරගේ බිස්නස් ගැන රීසර්ච් එකක් කළා.
එතනදි මම දැක්කේ සංගක්කාර ප්ලේයර් මැනේජ්මන්ට් බිස්නස් විතරක් නෙවෙයි චාර්ලි ඔස්ටින් එක්ක ලංකාවේ කල්ටිවේෂන් / සෝලර් එනර්ජි / මයික්‍රෝ ෆයිනෑන්ස්/ ලෑන්ඩ් සේල් බිස්නස් පවා මහා පරිමාණයෙන් කරනවා.
විශ්වාස කරන්න ලංකාවේ වල්ලපට්ටා (agarwood) ජවාරම පවා ඇරඹුවේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන. ඒ කල්ටිවේෂන් නාමයෙන්. මහේල ඉන්වෙස්ටර් කෙනෙක් විදියට පාර්ට්නර් වුනත් ඔය පසුපස මහමොළය හැමදාම කුමාර් සංගක්කාර.
2016 දී සංගක්කාර ජාතික වීරයෙක්. ඔහුට විරුද්ධව කතා කිරීම පවා ගුටි කන වැඩක් වුනා. නමුත් ටික දෙනෙක් බය නැතුව එය කළා. කොහොම හරි වැඩේ පත්තු වෙලා චාර්ලි ඔස්ටින් ලංකාවෙන් එළවා දැමූවා. ඒක කිරීමට හැකි වුනේ ඒ පිරිස නිවැරදිව අවශ්‍ය තරම් කරුණු රීසර්ච් කරලා, සාක්ෂි තියාගෙන, හරියටම හොයාගෙන රටට එළිකරපු නිසා.
මම හොයා ගත්තු විදියට කුමාර් සංගක්කාර චරිතය අතිශය ධනවතෙක් වුනත් මුදල් ඉපැයීමෙන් සෑහිමකට පත්නොවෙන කෙනෙක්.
ලංකාවේ විතරක් ගත්තොත් ඔහුට රටපුරාම විවිධ වටිනා ස්ථානයන්හි ඉඩම් පවතිනවා. නීත්‍යානූකුලව ලබා ගත් ඒවා මෙන්ම එසේ නොකර ලබාගත් ඒවා. මීට අමතරව ඉන්දියාවේ සහ තවත් ආසියාවේ රටවල ඔහු විවිධාකාර ආයෝජන කරල තියෙන්නෙ.
මට කුමාර් සංගක්කාර දකිද්දි මතක් වෙන්නේ අපි පුංචි කාලේ ආසාවෙන් කියවපු ශර්ලොක් හෝම්ස් කතා මාලාවේ එන මහාචාර්ය මොරියාටි. ඔබටත් ඔහුව හොඳින් මතක ඇති.
ශර්ලොක් හෝම්ස්ට සමාන බුද්ධියක් තිබුණු මොරියාටි පතාල ලෝකයේ සියලු අපරාධ මෙහෙයවූවත් සමාජය ඉදිරියේ සත්ගුණවත්, කීර්තිමත් පුරවැසියෙක්.
මොරියාටිට අපරාධකාරයා යැයි කිවහොත් අපහාස නඩුවක් දමා වන්දි ගෙවීමට වන ප්‍රතිරූපයක් මොරියාටි තියාගෙන හිටියා.
කුමාර් සංගක්කාර කියලා කියන්නේ වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ලෝකයේ මහාචාර්ය මොරියාටි.
ඔහුගේ බුද්ධිය, ස්මාටි සටකපට මොළය, තීක්ෂණ නුවණ සහ දෙයක් කරද්දි පරිපූර්ණත්වයෙන් කරන්න කැපවීම ගැන මට හැමදාමත් තියෙන්නේ ගෞරවයක්. කෙසේ වෙතත් ඔහුගේ හේටර්ස්ලා (haters) ලාට විරෝධය තියෙන්නේ ඔහු ඒ බුද්ධිය මෙහෙයවමින් මිනිසුන් රවටමින් සිදුකරනා විවිධාකාර සටකපට ජාවාරම් වලට එරෙහිවයි. කෙසේ වෙතත් ඔහුගේ ප්‍රතිරූපය නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඔහුව මීළඟ පොදු අපේක්ෂකයා කිරීම සුදුසු බව පේනවා නේද? මොකද 2024 නැවත සජබ ප්‍රමුඛ සංධානයෙන් දක්ෂ බුද්ධිමත් ආකර්ෂණීය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන එක ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් බව අප විශ්වාස කරන නිසා. සජිත් ප්‍රේමදාස ඒ තරම් ආකර්ෂණීය හෝ සාර්ථක වන්නේ නෑ ඔහු හිතන විදියට. ඔබ මේ ගැන වෙනස් ඇසකින් දකිනවා නම් කමක් නැහැ ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන්න.
ඉකොනො ඔබ ලංකාවෙ මේ දවස් වල ජනතාව අතර දැඩි ලෙස කතාබහට ලක් වූ සීනි ආනයනය කිරීමේදී සිදුවූ බව කියන රුපියල් බිලියන පහළොවකට අධික සීනි වංචාව ගැන ඔබේ අදහස් සහ ආර්ථික විද්‍යාත්මකව තහවුරු කළ හැකි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වේවි ද?
ReplyDeleteකුප්‍රකට ලංකාවෙ 2029 සීනි වංචාව ගැන මහ බැංකුවේ ආර්ථික විද්‍යාත්මක පැහැදිලි කිරීම මෙහෙමයි;
සීනි සඳහා පනවා තිබුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 50 සිට සත 25 දක්වා අඩු නොකළේ නම්, මේ වන විට වෙළෙඳපොළේ සීනි කිලෝ 1 ක මිල රු. 175 ක් දක්වා ඉහළ යාමට ඉඩ තිබුණු බවත්, එහිදී බදු අඩු කිරීම රාජ්‍ය ආදායම අහිමිවීමක් ලෙස ගණනය කිරීම නිවැරදි නොවන බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසීය. මාර්තු මාසේ 12 වන සිකුරාදා පැවති විශේෂ මාධ්‍ය හමුවක දී මුදල් ලේකම්වරයා මේ බව අවධාරණය කළේය. තවද අද වන විට සීනි කිලෝවක ආනයනය වෙනුවෙන් දරන CIF (Cost, insurance, and freight) පිරිවැය රු. 72 සිට රු. 90 දක්වා වැඩි වී ඇති බව ද ආටිගල මහතා මෙහිදී පැවසීය.
මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මෙසේ කරුණු දැක්වීය.
“අපි මේ සත 25 තවම වෙනස් කරලා නැහැ. සීනි 135 ට තිබුණු එක අද 115 ට අඩුවෙලා තියෙනවා. CIF වටිනාකම රු. 72 සිට අද වෙන කොට රු. 90 දක්වා වැඩිවෙලා. මේක අඩු කළේ නැත්තන් සීනි 135 නෙමෙයි 175 විතර තියෙන්නේ. අද 115යි. ඒ ප්‍රතිලාභය ක්‍රමානුකූලව මහජනතාවට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ Oligopolistic මාර්කට් එකක් (කතිපයාධිකාරී වෙළෙඳපොළක්). පස් දෙනෙක් හය දෙනෙක් ඉන්නේ. මේ කට්ටිය තමයි 2015 ත් හිටියේ.“
“එදා ඔක්තෝබර් 13 වෙනිදා සීනි රු. 50 සිට සත 25ට කිලෝ එකට අඩුකළා. ඊට අමතරව ළූණු, පරිප්පු, සැමන් වැනි තවත් භාණ්ඩ කිහිපයක අඩු කළා. පත්තරවල තියෙනවා, මුදල් අමාත්‍යාංශ්‍ය කිව්වා කියලා, බිලියන 15.9 ක් සීනිවලින් ආදායම අහිමි වීමක් කියලා. අපි එහෙම කිව්වේ නැහැ. එහෙම අපිට කියන්න බැහැ. එහෙම loss එකක් නැහැ. Public Finance Commission එක අපෙන් ඉල්ලුවා පෙබරවාරි මාසයේ 10 වෙනිදා දක්වා ආනයන කළ සීනි ප්‍රමාණය. එතකොට ඔක්තෝබර් 13 සිට පෙබරවාරි 10 දක්වා ආනයන කළ සීනි ප්‍රමාණය යම්කිසි ගණනක් තියෙනවා. ඒකට රු. 50 සිට සත 25 ට අඩුවුණු නිසා රු. 49.75 ක් එක කිලෝ එකකට අපිට ආදායම ලැබෙන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ, ඒක ආදායම් අහිමි වීමක් කියලා. ඒක තමයි ප්‍රතිපත්තිය.“
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අනුව රජය විවිධ අවස්ථාවල බදු අඩු වැඩි කරන බවත්, මහජනතාව වෙනුවෙන් බදු වෙනස් කිරීමේ සම්පූර්ණ අයිතිය ආණ්ඩුව සතු බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මෙහිදී වැඩිදුරටත් පැවසූ අතර එලෙස බදු වෙනස් කිරීම හරහා ආදායමේ අඩුවීමක් සිදුනොවන බව අවධාරණය කළා.
නමුත් ඉකොනො මේ කතාව ඇත්ත ද? මම නම් හිතන්නේ සාවද්‍ය ප්‍රකාශයක් වගේ. බදු රහිතව සීනි ආනයනය කරලා වැඩි මිලට සතොසට විකුණා ඇති බවයි මගේ අදහස. මේක ගැන හිතන්නේ කොහොමද?
//රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අනුව රජය විවිධ අවස්ථාවල බදු අඩු වැඩි කරන බවත්, මහජනතාව වෙනුවෙන් බදු වෙනස් කිරීමේ සම්පූර්ණ අයිතිය ආණ්ඩුව සතු බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මෙහිදී වැඩිදුරටත් පැවසූ අතර එලෙස බදු වෙනස් කිරීම හරහා ආදායමේ අඩුවීමක් සිදුනොවන බව අවධාරණය කළා.//
Deleteරජයට කැමති විදිහට බදු අඩු වැඩි කරන්න තිබෙන අයිතිය පිළිගන්නවානම් ලාබ පාඩු කතා කරන එකේ තේරුමක් නැහැ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වෙනස් වන ආකාරය අනුව රජයේ ආදායම් අඩු හෝ වැඩි වීම සාමාන්‍ය දෙයක්.
ඉකොනො ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ දීල නෑනේ හරියට සමහරක් දේසපාලුවන්ගේ උත්තර වගේ. දැන් ඔය කියල තියෙන්නේ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒවා ගැන.
Deleteඒක නෙමෙයි මේකේ ප්‍රශ්නය තමයි රජයේ තීරණය අනුව මෙම බදු අඩුකිරීමේ සහනය ජනතාවට නිසි පරිදි ලැබී නොමැති අතර එය සම්පූර්ණයෙන් හෝ එයින් කොටසක් සිනී ආනයන සමාගම් විසින් වංචනික ලෙස ලබාගෙන ඇතැයි අනාවරණය වුණ එක. මේක ඇත්ත ද?
https://youtu.be/kgYkN0ugkEE
මේ ගැන සමගි ජන බලවේගයේ පා.ම. වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කළ අනාවරණය;
https://youtu.be/zWyJ9lK_pFQ
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ගැන කළ අනාවරණය;
https://youtu.be/zPLpPS1cOxc
මේ ගැන සිරස ටීවී ආයතනයේ මාධ්‍ය අනාවරණය;
https://youtu.be/dBmUZSIpe8o
කලකට පෙර ඔබ බැඳුම්කර කේස් එක ගැන ඉතා පැහැදිලිව තේරුම් යන පරිද්දෙන් විස්තර කරලා ලියලා තියෙන දේවල් වගේම මේ සීනි වංචාව ගැන සියලු දෙනාටම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් විදියට විස්තර කරලා පෝස්ට් එකක් දාන්න පුළුවන් නේද?
මොකද ආණ්ඩුව මේකේ හොරකම් වුණේ නෑ කියලා බයිලයක් ගහන්න හදනවා වගේ පේනවා. මේ වගේ වංචාවක්, විශේෂයෙන්ම ලංකාවේ ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුව ඇති බව පේන අති විශාලතම හොරකම මෙය බවයි පැවසෙන්නේ. මේක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ලංකාවේ බොහෝ දෙනෙක්ට.
හරියටම උත්තරේ තමයි දීල තියෙන්නේ. ඕකත් බැඳුම්කර කතන්දරය වගේම තවත් කතන්දරයක්. ලංකාවේ දේශපාලනය කියන්නේ එක කතන්දරයක් ඉවර වෙද්දී ඔය වගේ තව කතන්දරයක් හදන එකනේ. වැරැද්දක් වෙලා තිබෙනවානම් වෙලා තියෙන්නේ ඉන්සයිඩර් ට්‍රේඩින් වගේ දෙයක්. ඒක ඉතින් බැඳුම්කර සිද්ධියේදී වගේ කොමිසමක් දමලා දුරකථන ඇමතුම් එහෙම පරීක්ෂා කරලා තමයි හොයා ගන්න වෙන්නේ. එහෙම නැතුව මට විග්‍රහ කළ හැකි ආකාරයේ වැරැද්දක් මෙතැන නැහැ. බැඳුම්කර ගැන ගොඩක් විස්තර කරන්න වුනේ බැඳුම්කර කියන්නේ මොනවාද කියලා ඔය සිද්ධිය වෙනකම් ගොඩක් අය දැනගෙන නොසිටි නිසා. බදු කියන්නේ මොනවාද කියලා කවුරුත් වගේ දන්නවනේ.
Delete//මේ වගේ වංචාවක්, විශේෂයෙන්ම ලංකාවේ ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුව ඇති බව පේන අති විශාලතම හොරකම මෙය බවයි පැවසෙන්නේ.//
මේවා හරි ලස්සන කතා. බැඳුම්කරය ගැනත් කිවුවේ ඔය වගේම කතාවක්නේ. දැන් දෙපැත්ත මාරු වෙලා. එච්චරයි.
නැහැ ඉකොනොමැට්ටා රාජ පක්‍ෂ කල්ලිය කියලා කියන්නේ උපන්ගෙයි හොර රැලක් බව නිසැකයි කියල තමයි ලංකාවේ පිළිගත් මතය. මහබැංකු බැඳුම්කර වංචාව එළි වුණාට පස්සේ මට මතකයි රනිල් වික්‍රමසිංහ කිව්වා "පසුගිය ආණ්ඩු වගේ ඔවුන් හොරකම් හංගන්නේ නැහැ.... ඒ ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න උපදෙස් දුන්නා..." කියා. එතකොට ටොයියෝ කිව්වා "පේනවා නේද අපේ පක්ෂෙ වැඩ! හංගන්න කිසිම දෙයක් නැහැ... ඒකෙන්ම පේනවා අපේ ආණ්ඩුව නිර්දෝෂයි..." කියලා. කස්ටිය පරීක්ෂණත් කළා... කොමිසමුත් දැම්මා... තව වෝහාරික විගණනයකුත් කළා... රනිලුත් කොමිසමට ගියා... මාධ්‍ය සාකච්ඡා තිබ්බා... පත්තර පිටු ගණන් මහා විශ්ලේෂණ කළා... චැනල්වල රෑ එළි වෙනකල් වාද කළා... ෆුට්නොට් ලිව්වා... අම්බෝ ඒ කාලේ... අන්තිමට කොමිසම් වාර්තාත් නැහැ... වෝහාරික විකාරෙකුත් නැහැ... අල්ලපු හොරෙකුත් නැහැ... අර්ජුනයා ලොවෙත් නැහැ... ඇත්තටම මොකද වුණේ කියලා දන්න ටොයියෙකුත් නැහැ... බයියෙකුත් නැහැ... ජෙප්පෙකුත් නැහැ... යහපාලන ආණ්ඩුවත් නැහැ... දැන් සීනි බදු වංචාව එළි වෙලා තියෙනවා. මේ ආණ්ඩුවේ ලොක්කො කියනවා "පසුගිය ආණ්ඩු වගේ ඔවුන් හොරකම් හංගන්නේ නැහැ.... ඒ ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න උපදෙස් දුන්නා..." කියා. දැන් බයියො කියනවා "පේනවා නේද අපේ පක්ෂෙ වැඩ! හංගන්න කිසිම දෙයක් නැහැ... ඒකෙන්ම පේනවා අපේ ආණ්ඩුව නිර්දෝෂයි..." කියලා... සමහරු කලින්ම ලස්සන ෆුට් නෝට් ලියනවා... මෙහෙව් මිනිස්සු ඉන්න රටක් දියුණු කරන්න පුළුවන් කියා හිතනවද?
Deleteඒ වගේ නෙවෙයි මේකෙදි වෙන්නෙ රජයේ සැලසුම අනුව බදු අඩුවෙන් ගත්ත භාණ්ඩ අඩු මුදලට ජනතාවට දිය යුතුයි. නමුත් අඩු බදු මුදලට ගෙන්වා සීනි නිකුත් කරලා තියෙන්නේ වැඩි මිලට. එතනින් තමයි ආනයනකරු වැඩිපුර ලාබයක් ලබාගෙන තියෙන්නෙ. ලංකාවේ ඉන්නෙ සීනි ආනයනකරුවන් ඉතාම ටික දෙනයි. ආනයනය කළ ලියකියවිලි තියෙනවා. ඒ අනුව ආණ්ඩුවට හොයා බලන්න පුළුවන් අඩු මුදලට ගෙනාව සීන් වලින් අහිමිවූ ආදායම. මෙම මුදල ආණ්ඩුව අයකර ගැනීමට කටයුතු නොකිරීම නිසයි ආනයනය කරු ලාභ ලබා ඇත්තේ. ආණ්ඩුවකට ලැබිය යුතු ආදායමක් වෙළෙන්දෙකුට ලබාදීමට ආණ්ඩුවට ඇති අයිතිය මොකක්ද කියල තමයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් අති බහුතරය විමසා සිටින්නේ. මේ ගැන පොදු ජන පෙරමුණේ නිදහස් පක්ෂ කණ්ඩායම පවා තම ආණ්ඩුව විවේචනය කරන එක දකින්න පුළුවන්.
සීනී බදු වංචාවක් වෙලා!
මෙ කියන සීනී බදු වංචාවට හවුල් හැමෝටම එරහිව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහත්තයා නීතීය ක්‍රියාත්මක කරාවි යැයි අපි බලාපොරොත්තු වෙනවා!
බැඳුම්කර හොරකමට ගැවුනු ආණ්ඩුවක් එලවලා අපි ආවේ හොරකම්වල කැත නම ගාගන්න නෙමෙයි!
- රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර
( Lanka C news )
ඒ වගේම සීනි ආනයනය කිරීම නිසා රුපියල් බිලියන 15.9 ක වංචාවක් සිදුවී ඇති බවට අනුර කුමාර ගණන් හදලා තියෙන්නේ මෙහෙමයි.
ඔක්තෝම්බර් මාසේ 13 සීනි බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා රුපියල් 49.75 කින් අඩු කරනවා. අද දක්වාම සීනි වලට අය කරන්නේ එම අඩු කරපු ශත 25 බද්ද.
ශත 25 සීනි බද්ද යටතේ පෙබරවාරි 12 වන විට ගෙනෙන ලද සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 320,000ක්
ඒ අනුව ඔක්තෝබර් මස 13 දින සිට පෙබරවාරි 12 දක්වා කාල සීමාව තුළ රට තුළට ගෙන එන ලද සීනි ප්‍රමාණය අඩු කර බදු අනුපාතයන් ගුණ කිරීමෙන් ආණ්ඩුවට අහිමි වූ බදු ආදායම වංචාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ අති බහුතරය විසින් පාර්ලිමේන්තුවේ හුවා දක්වා ඇත
(320,000*49.75=15,920,000,000)
එනම් රුපියල් බිලියන 15.9ක් තමයි රාජ පක්ෂ චෞරයන් විසින් සොරකම් කළ මුදල් ප්‍රමාණය.
නමුත් රාජ පක්ෂ කල්ලියේ මෝඩ බයි කාලකන්නි හැත්ත මේක සාධාරණීකරණය කරන්නේ මේක ආණ්ඩුවේ බදු ආදායම් අහිමි වීමක් පමණක් බවත් පොදු ජනයා අතර ලාභය බෙදී යන බව කියමින්. මට ඕන අන්න ඒක පැහැදිලි කරගෙන මෙතන සැබෑවටම හොරකමක් සිද්ධ වූ බව ඔප්පු කිරීමට අවශ්‍ය සහය ඔබෙන් ලබා ගන්නයි ඉකොනොමැට්ටා. මේකට ඔබේ සහයෝගය අත්‍යවශ්‍ය සාධකයක් බව පේනවා නේද?
ඔය මුදල් අමාත්‍යංශයේ වාර්තාව පොදු අවකාශයේ කොහේ හරි තියෙනවද?
Deleteඑහෙම එකක් මට හොයාගන්න බැරි උනා. ඒත් මේ මාධ්‍ය වාර්තා බලන්න පුලුවන්;
Deletehttps://economynext.com/sugar-scam-costs-sri-lanka-rs-15-9-billion-in-tax-revenue-finance-ministry-79636/
මේ සිරස මාධ්‍ය වාර්තා
https://www.newsfirst.lk/2021/03/11/more-details-on-sugar-scam-come-to-light/amp/
මීට අමතරව මේ ගැන ජනතා විමුක්ති පෙරමුණේ මූලික අයිතිවාසිකම් කඩවීම් නඩුව ගැන විස්තර ෆේස්බුක් එකේ ඇහුවාම එකෙක් කියන්නෙ නෑ ඇයි අල්ලස් හා දූෂණ විධිවිධාන යටතේ නඩුවක් ගොනුනොකර මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මෙ ඇයි කියලා. බහුබූත දොඩවනවා. සමහරු කියනවා ජනාධිපති මුක්තිය නිසා දාන්න පුළුවන් මූලික අයිතිවාසිකම් කඩවීම් නඩුවක් ගොනු කරන්න විතරයි කියලා. මේක ඇත්ත ද? මේ ගැන සාමාන්‍ය පුරවැසියන් වශයෙන් ලංකාවේ අපට ආණ්ඩුවට එරෙහිව අල්ලස් හෝ දූෂණ විධිවිධාන යටතේ නඩුවක් ගොනු කරන්න පුළුවන් නේද?
ඊට අමතරව මේ රාජ පක්ශ්වරුන්ගේ කොරෝනා ගැරිල්ල ගැන ෆේස්බුක් වල දාපු පෝස්ට් එකක්..
//රාජ පක්ෂ් ලාට (දවසකට හෝටලේ බිලෙන් 10,000 * 14 = 140,000 ) + ( PCR කොමිස් 3000 * 2 = 6,000 ) + ( ගුවන් ටිකට් එකෙන් 50,000) = 196,000/=. රටවිරුවො 3000 විතර ලංකාවට ගෙන්නුවලු. ඒ කියන්නෙ රාජපක්ශ පවුලේ කොරෝණා නිරෝධායන කොමිස් කුට්ටිය = 196,000 * 3000 = 588,000,000/= දල වශයෙන් බිලියන භාගයක්. සුනාමිය තරම් නැති උනත් මේ එදාවේලවත් හම්බුකොරගන්න බැරි කාලෙ ඔය සොච්චමත් රාජපක්ශල වගේ කම්බ හොරුන්ට ලොකු දෙයක්. කොරෝනා අරමුදල ගැන සඳහනක් කරන්න බෑ. මොකට ඒකට වෙන දේ දෙයියො දන්නෙත් නෑ රාජපක්ශල ඇරෙන්න.//
ඉකොනොමැට්ටාගෙ අදහසත් ඕන මේ ගැන.
ස්තුතියි, ඇනෝ! මාධ්‍ය වාර්තානම් දැක්කා. අල්ලස් නඩුවක් දමන්න සාක්ෂි නැතුව ඇති. මේ ගැන මට කියන්න තිබෙන දේ පසුව ලියන්නම්. රජයට කොහොමත් පාඩු වෙන්නේ නැහැ. පාඩු වෙන්නේ පාරිභෝගිකයින්ට. ඒකත් පාඩුවකට වඩා ආනයන බද්ද නිසා කොහොමටත් සිදු වුනු පාඩුව අඩු නොවීමක්.
Deleteමහ මොළකාර නිව්ටන් වුව අවසානේ
ReplyDeleteබංකොලොත් වුණිය කිව්වම මට හිතුණේ
මේ මුතු ඇටේ ඉන්නා අයගේ වරුණේ
කබ්බල වුණත් කම්මුතු වෙනවා බොරුනේ!
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු අයට දඬුවම් කළ යුතුව තිබියදී ආණ්ඩුව එසේ ක්‍රියා නොකර එම ත්‍රස්ත ප්‍රහාරය පිටුපස වත්මන් ජනාධිපති ගෝඨාභය සහ ඔහුගේ සහෝදරයකු, තවත් අයකු ඇතුළු හෙංචයියන් සිටින බව අනාවරණය කරමින් ප්‍රකාශයක් කළ සජබ අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා වැනි අහිංසක සිවිල් වැසියන් පසු පස රහස් පොලිසිය යවමින් දේශපාලන පලිගැනීම් කිරීම ගැන සජබ නායක සහ විපක්ෂ කණ්ඩායම් නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි කණස්සල්ල සහ බලවත් අප්‍රසාදය ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර තිබේ.
ReplyDeleteඒ වගේම ජනපති වරයා මේ චෝදනාවෙන් නිදහස් වීමට නම් කල යුත්තේ, අශෝක් අබේසිංහ මහතා අභූත චෝදනා කරමින් චුදිතයන්ගේ කිර්ති නාමයට හානියක් මෙන්ම අපහාසයක් කර ඇති නිසා බිලියන ගානක වන්දියක් ඉල්ලා නීතිඥයෙකු මාර්ගයෙන් අශෝක් මන්ත්‍රීවරයා වෙත එන්තරවාසියක් යවා අධිකරණයේ අපහාස නඩුවක් ගොනු කර, අශෝක් මන්ත්‍රීවරයා නගා ඇත්තේ අභුත චෝදනාවක් බව අධිකරණයේ ඔප්පු කර, ඉල්ලා ඇති වන්දිය ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමයි. ඒ අනුව දීර්ඝ නඩු විභාගයකින් පසු සාක්ෂිකරුවන්ගෙන්ද සාක්ෂි විමසා හරස් ප්‍රශ්නද අසා, නීතිඥයින්ගේ තර්ක විතරක් වලින් පසුව, අශෝක් අබේසිංහ මහතාට ඉල්ලා ඇති වන්දිය හෝ යම් වන්දි මුදලක් ගෙවන ලෙස අධිකරණ තීන්දුව ලැබුනොත්, චූදිතයින් තිදෙනාම නිවරදිකරුවන් වේ. එසේ නොමැතිව CID එකට අශෝක් අබේසිංහ මහතාව කැඳවා පැය 05 ක් ප්‍රශ්නකර රස්තියාදු කරමින් අශෝක් අබේසිංහ මහතාට කරන ලද චෝදනාව ඔප්පුකිරීමට සාක්ෂි කිසිවක් නැති යයි පැවසුව බව CID නිලධාරින් ප්‍රකාශ කිරීමෙන් පමණක් අශෝක් අබේසිංහ මහතා කරන ලද චෝදනාවෙන් සම්පුර්ණයෙන්ම නිදහස් නොවේ. මේ ගැන ඔබේ අදහස් මොනවද ඉකොනොමැට්ටා?