අන්දරේගේ කතාව ගොඩක් ප්‍රසිද්ධයිනේ. රජ වාසල මිදුලේ පැදුරු වල සීනි වනා තිබුණා. රජ කාලේ ලංකාවේ සීනි හැදුවාද කියලා අහන්න එපා. ආනයනික සීනිද කියලා අහන්නත් එපා.
සීනි ගැන අන්දරේට හොඳට තේරෙනවා. ඒ වුනාට නොතේරුණා වගේ රජ්ජුරුවන්ගෙන් අහනවා. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ වෙන්න බැහැ.
"රජතුමනි, අර පැදුරු වල මොනවද වනල තියෙන්නේ?"
රජා වෙනුවෙන් උත්තර දෙන්න ලේකම් කෙනෙක් නැති නිසා රජාම උත්තර දෙනවා. රජවරු කොහොමත් ඇත්ත කියනවට වැඩිය බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන්න කැමතියිනේ.
"මේ පස් වගයක් වේලෙන්න දැම්මා, අන්දරේ!"
"අනේ තොගෙ පස්. තෝ රජා නිසා හිතනව ඇති තෝ ඇරෙන්න අනෙක් හැම මිනිහගේම ඔලුවෙ තියෙන්නෙ පස් කියලා!" අන්දරේ හිතනවා. හැබැයි කියන්නෙ නැහැ. ඕවා කියන්න ගිහින් ආදාහනය වෙන්න වෙයිද භූමදානය වෙන්න වෙයිද කියලා කවුද දන්නේ?
අන්දරේ මෝඩයා වගේ ඉඳලා පුතානෝවත් හවුල් කරගෙන සීනි වලින් ගොඩ යන්න ගේමක් සෙට් කරනවා. "උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්" කිය කියා පුතා එක්ක පෙරලි පෙරලී සීනි කනවා. හැබැයි අන්දරේගේවත් පුතාගේවත් කටේ පස් වැටෙන්නේ නැහැ. රජාට පාඩුවක් වෙන්නෙත් නැහැ. ඔය සීනි වල පාඩුව අන්තිමට රජාව නඩත්තු කරන මිනිස්සුන්ටයි.
අන්දරේට වගේ හැමෝටම රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?
අපි පටන් ගනිමු ඉල්ලුම් වක්‍රයෙන්. සැපයුමට පස්සේ එමු.
ඉල්ලුම් වක්‍රය කියන එක ඉහත පෙන්වා ඇති ආකාරයේ එකක්. තිරස් අක්ෂයෙන් පෙන්වන්නේ සීනි හෝ වෙනත් එවැනි භාණ්ඩයකට තිබෙන ඉල්ලුම. සිරස් අක්ෂයෙන් භාණ්ඩයේ මිල.
ඉල්ලුම් වක්‍රයේ හැඩය මෙහි තිබෙන හැඩයම විය යුතු නැහැ. එහෙත්, එකම එක අවශ්‍යතාවයක් තිබෙනවා. වක්‍රය පහළට බෑවුම් විය යුතුයි. ඒ ඇයි?
සීනි වගේ පාරිභෝගික භාණ්ඩයක මිල ඉහළ යද්දී භාණ්ඩයට තිබෙන ඉල්ලුම අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. මම හිතන්නේ මේක බොහෝ දෙනෙක්ට පහසුවෙන් එකඟ විය හැකි සරල කරුණක්. ඉල්ලුම හා අදාළව අපි මේ උපකල්පනය හැර වෙන බරපතල උපකල්පන කිසිවක් කරන්නේ නැහැ.
අපි හිතමු කවුරු හෝ කෙනෙක් පාලන මිලට සීනි කිලෝ එකක් ගන්න රුපියල් සීයක් අරගෙන කඩේ ගියා කියලා. කඩේ සීනි කිලෝ එකක් එකසිය විස්සයි. අසූපහට සීනි තියෙන කඩයක් හොයන එක තාප්ප වල චිත්‍ර ඇඳපු කට්ටිය හොයනවටත් වඩා අමාරුයි. රුපියල් සීයට සීනි කිලෝ එකක් ගන්න බැහැනේ. ඉතිං හැටක් දීලා සීනි පන්සීයක් අරගෙන ගෙදර යන්න වෙනවා. හැමෝටම ඔය වැඩේ වුනේ නැතත් සීනි මිල ඉහළ යන හැම වෙලාවකම යම් කිසි පිරිසකට තමන් මිල දී ගන්න සීනි ප්‍රමාණය අඩු කරන්න සිදු වෙනවා. ඒ නිසා සමස්තයක් ලෙස සීනි වලට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වෙනවා.
සීනි කිලෝ එකක මිල අසූ පහේ ඉඳලා එකසිය විස්සට ගියාම පාරිභෝගිකයින්ට පාඩුවක් වෙනවද?
මේක ටිකක් පරිස්සමෙන් තේරුම් ගත යුතු කරුණක්. අසූ පහේ ඉඳලා එකසිය විස්සට සීනි මිල වැඩි වුනහම කවුරු හෝ කෙනෙක් තමන්ගේ සීනි පරිභෝජනය කිලෝ එකේ ඉඳලා ග්‍රෑම් පන්සීය දක්වා අඩු කරන්නේ ඇයි?
මේ පාරිභෝගිකයාට පළමු සීනි ග්‍රෑම් පන්සීය අඩුම වශයෙන් රුපියල් හැටක් වටිනවා. නමුත් දෙවන ග්‍රෑම් පන්සීය රුපියල් හැටක් වටින්නේ නැහැ. එහෙම වටිනවානම් කරාබු දෙක උගස් කරලා හරි එකසිය විස්ස ගෙවලා සීනි කිලෝ එකක් ගන්නවා. පළමු සීනි ග්‍රෑම් පන්සීය හා දෙවන සීනි ග්‍රෑම් පන්සීය අතර කිසිම භෞතික වෙනසක් නැහැ. නමුත්, වටිනාකම් කියන ඒවා මිනිස්සුන්ට සාපේක්ෂ දේවල් මිසක් වාස්තවික දේවල් නෙමෙයි. එහෙම හිතුවේ සමාජ විද්‍යාවන් භෞතික විද්‍යාව පස්සේ නොන්ඩි ගගහා ගිය යුගයේ. තවමත් ඒ අතීතයේ ජීවත් වන අය ඇර වෙන කවුරුවත් දැන් එහෙම හිතන්නේ නැහැ.
මේ උදාහරණයේදී පාරිභෝගිකයා කඩේට ආවේ රුපියල් සීයක් අරගෙනයි. නමුත්, රුපියල් පන්සීයක් අරගෙන ආවත් ඔය වැඩේම වෙන්න පුළුවන්. සීනි අසූපහට තිබුණානම් කිලෝ එකක් ගන්නවා. එකසිය විස්සට ගියාම ගන්නේ සීනි පන්සීයක් පමණයි. මොකද පාරිභෝගිකයාට සාපේක්ෂව පළමු සීනි පන්සීය රුපියල් හැටක් වටින නමුත් දෙවන සීනි පන්සීය රුපියල් හැටක් වටින්නේ නැති නිසා. සීනි උදාහරණය අවුල් වගේනම් එළවලු උදාහරණයක් ගැන හිතන්න. බෝංචි කිලෝ එකක් සීය ගානේ ගන්න කෙනෙක් බෝංචි දෙසීය වුනාමත් කිලෝ එකක්ම ගන්නවද?
පාරිභෝගිකයාට සාපේක්ෂව පළමු සීනි පන්සීයේ වටිනාකම කීයද? එය රුපියල් හැටක්, සීයක්, එකසිය පනහක් හෝ දෙසීයක් වෙන්න පුළුවන්. අපි හරියටම දන්නේ නැහැ. නමුත් එය අනිවාර්යයෙන්ම රුපියල් හැටට සමාන හෝ වැඩි අගයක් විය යුතුයි. නැත්නම් පාරිභෝගිකයා සීනි මිල දී නොගෙන ආපසු හැරී යනවා.
පාරිභෝගිකයාට සාපේක්ෂව දෙවන සීනි පන්සීයේ වටිනාකම කීයද? එය රුපියල් 59.99 හෝ ඊට අඩු අගයක් විය යුතුයි. ඒ ඇයි? මේ පාරිභෝගිකයා කඩේ ආවේ රුපියල් 85ට තිබුණානම් සීනි කිලෝ එකක් ගන්න හිතාගෙනයි. ඇය සීනි පන්සීයක් වෙනුවෙන් රුපියල් 60ක් ගෙවුවා. එහෙත් දෙවන සීනි පන්සීයක් වෙනුවෙන් රුපියල් හැටක් ගෙවුවේ නැහැ.
අපි හිතමු පාරිභෝගිකයාට සාපේක්ෂව පළමු සීනි පන්සීයේ වටිනාකම රුපියල් 100ක් කියා. ඇය සීනි මිල දී ගත්තේ පන්සීය රුපියල් 60 බැගින්. ඒ කියන්නේ ඇයට සාපේක්ෂව සීනි වල වටිනාකමට වඩා රුපියල් 40ක් අඩුවෙන්. මෙය ඇයට ගනුදෙනුවෙන් සිදුවූ වාසියක්. ආර්ථික විද්‍යාවේදී මේ වාසිය හඳුන්වන්නේ පාරිභෝගික අතිරික්තය ලෙසයි.
පාරිභෝගික අතිරික්තය = පාරිභෝගිකයාගේ සාපේක්ෂ වටිනාකම - ගෙවූ මිල
නිදහස් ගනුදෙනුවකදී කිසිම විටක පාරිභෝගික අතිරික්තය සෘණ අගයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පාරිභෝගිකයෙකුට පාඩුවක් වෙන්නේ නැහැ. සිදුවෙන්නේ පාරිභෝගික අතිරික්තය අඩු වැඩි වීමක් පමණයි. යම් විදිහකින් සීනි කිලෝවක් රුපියල් 85 බැගින් මිල දී ගත හැකිව තිබුනනම් ඇගේ පාරිභෝගික අතිරික්තය 100 - 42.50 = 57.50ක් වෙනවා. සීනි කිලෝවක් රුපියල් 120ක් වූ නිසා පාරිභෝගික අතිරික්තය 100 - 60 = 40 දක්වා අඩු වුනා. මෙය පාරිභෝගිකයාගේ ලාබය රුපියල් 17.50කින් අඩු වීමක් වුවත් පාරිභෝගිකයාට පාඩු වීමක් නෙමෙයි.
අපි හිතමු පාරිභෝගිකයාට සාපේක්ෂව දෙවන සීනි පන්සීයේ වටිනාකම රුපියල් 50ක් කියා. සීනි කිලෝ එකක් රුපියල් 85ට තිබුණානම් ඇය දෙවන සීනි පන්සීයද මිල දී ගන්නවා. එසේ කළානම් ඇගේ පාරිභෝගික අතිරික්තය රුපියල් 50 - 42.50 - 7.50ක්. එහෙත් සීනි කිලෝවක් රුපියල් 60ක් වූ බැවින් ඈ සීනි මිල දී ගත්තේ නැහැ. යම් හෙයකින් ඈ රුපියල් 60ක් ගෙවා තවත් සීනි 500ක් මිල දී ගත්තානම් ඇයට රුපියල් 10ක පාඩුවක් වෙනවා. නමුත්, ඈ දෙවන සීනි පන්සීය මිල දී නොගත් නිසා ඇයට එවැනි පාඩුවක් සිදු වුනේ නැහැ. පාඩුවක් සිදු නොවුනත් ඇයට ලබා ගත හැකිව තිබුණු ලාබයක් අහිමි වුනා. එසේ අහිමි වූ ලාබය හෙවත් පාරිභෝගික අතිරික්තය රුපියල් 7.50ක්.
සීනි මිල රුපියල් 85 ලෙස තිබුණේනම් මේ පාරිභෝගිකයාට පළමු සීනි පන්සීයෙන් රුපියල් 57.50ක් හා දෙවන සීනි පන්සීයෙන් රුපියල් 7.50ක් ලෙස රුපියල් 65ක පාරිභෝගික අතිරික්තයක් හිමි වෙනවා. එහෙත් සීනි මිල රුපියල් 120 වූ නිසා ඇයට පළමු සීනි පන්සීයෙන් රුපියල් 40ක් පමණක් පාරිභෝගික අතිරික්තය ලෙස ලැබෙනවා. සමස්තයක් ලෙස රුපියල් 65 - 40 = 25කින් පාරිභෝගික අතිරික්තයේ අඩු වීමක් සිදු වී තිබෙනවා. එහෙත් මෙය ලාබය අඩු වීමක් මිසක් පාඩුවීමක් නෙමෙයි. නිදහස් වෙළඳපොළ ගනුදෙනු වලින් කිසිවෙකුට ලාබ මිසක් පාඩු වෙන්නේ නැහැ.
සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙකුට පාරිභෝගික භාණ්ඩයක පළමු ඒකකයේ වටිනාකම වැඩියි. දෙවන ඒකකයේ වටිනාකම අඩුයි. තෙවන ඒකකයේ වටිනාකම තවත් අඩුයි. මේ උදාහරණයේ පාරිභෝගිකයාට තෙවන සීනි ග්‍රෑම් පන්සීයක වටිනාකම වැඩිම වුවහොත් රුපියල් 42.49ක් පමණයි. කිලෝ එක 85ට තිබියදී වුවත් සීනි කිලෝවක් මිසක් කිලෝ එකහමාරක් මිල දී ගැනීමට ඇය සැලසුම් නොකළේ ඒ නිසයි.
අපි හිතමු පාරිභෝගිකයාට සාපේක්ෂව තෙවන සීනි පන්සීයක වටිනාකම රුපියල් 30ක් කියා. සීනි පන්සීයක් රුපියල් 42.50 බැගින් මිල දී ගත්තේනම් ඇයට සිදුවන්නේ රුපියල් 12.50ක පාඩුවක්. යම් හෙයකින් සීනි කිලෝවක මිල රුපියල් 60ක් වුනානම් අය සීනි කිලෝ එකහමාරක්ම මිල දී ගන්නවා.
මේ පාරිභෝගිකයා පමණක් සැලකුවොත් සීනි වලට ඇගේ ඉල්ලුම වෙනස් වෙන්නේ කොහොමද? මෙහිදී අපි පහසුවට හිතමු සීනි මිල දී ගන්න පුළුවන් ග්‍රෑම් 500 ඒකක වලින් පමණක් කියා. මෙය ග්‍රෑම් 100 හෝ ග්‍රෑම් 50 දක්වා අඩු කළා කියලත් මේ කතාව වෙනස් වෙන්නේ නැහැ.
- සීනි පන්සීයක් රුපියල් 30ක් හෝ අඩුනම් ඉල්ලුම අවම වශයෙන් කිලෝ 1.5ක්.
- සීනි පන්සීයක් රුපියල් 30-50 අතරනම් ඉල්ලුම කිලෝ 1ක්
- සීනි පන්සීයක් රුපියල් 50-100 අතරනම් ඉල්ලුම ග්රෑම් 500ක්.
- සීනි පන්සීයක් රුපියල් 100ට වැඩිනම් ඉල්ලුමක් නැහැ.
මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙනවා කියන එක ඉතාම පැහැදිලියි. වෙනත් පාරිභෝගිකයෙක් ගත්තොත් ඉල්ලුම් අඩු වෙන්නේ මේ මිල ගණන් වලදීම විය යුතු නැහැ. එහෙත් කවර හෝ ආකාරයකින් මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙනවා. එක් එක් මිල ගණන් යටතේ රටේ හැම පාරිභෝගිකයෙකුගේම ඉල්ලුම අරගෙන එකට එකතු කළොත් අපට සුමට වක්‍රයක් ලැබෙනවා. එය ඉහත රූපයේ වැනි පහළට බෑවුම් වූ වක්‍රයක්.
උදාහරණයක් විදිහට අපි හිතමු සීනි කිලෝවක මිල රුපියල් 110 සිට 120 දක්වා ඉහළ යද්දී ලංකාවේ වාර්ෂික සීනි ඉල්ලුම කිලෝ ග්‍රෑම් මිලියන 600 සිට 550 දක්වා අඩු වුනා කියලා. මේ විදිහට මිල ඉහළ යද්දී ආකාර දෙකකින් පාරිභෝගික අතිරික්තයේ අඩු වීමක් වෙනවා.
මිල ඉහළ යාමෙන් පසුවත් සීනි කිලෝ මිලියන 550ක් විකිණෙනවා. ඒ සීනි මිල දී ගන්නා හැම පාරිභෝගිකයෙක්ගේම සාපේක්ෂ සීනි වටිනාකම රුපියල් 120ට වඩා වැඩි නිසා කාටවත් පාඩුවක් වෙන්නේ නැහැ. නමුත් කලින් ලැබුණු ලාභය, හරියටමනම් පාරිභෝගික අතිරික්තය, දැන් කිලෝවකට රුපියල් 10කින් අඩු වෙලා. ඒ කියන්නේ සමස්තයක් ලෙස පාරිභෝගික අතිරික්තය රුපියල් මිලියන 550 x 10 = රුපියල් බිලියන 5.5කින් අඩු වෙලා. කොළ පාට චතුරශ්‍රයෙන් පෙන්වා තිබෙන්නේ මේ අඩු වීමයි.
මිල ඉහළ යද්දී පාරිභෝගික අතිරික්තයේ අඩු වීම ඉහත කොළ පාට චතුරශ්‍රයෙන් පෙන්වා තිබෙන කොටස පමණක් නෙමෙයි. කලින් පාරිභෝගිකයින් විසින් මිලදී ගත් සීනි කිලෝ මිලියන 50ක් දැන් මිලට විකිණෙන්නේ නැහැ. මේ සීනි කලින් මිල දී ගත් පාරිභෝගිකයන්ට සාපේක්ෂව කිලෝවක වටිනාකම රුපියල් 110ට වඩා වැඩි වුවත් 120ට වඩා අඩුයි. ඒ නිසා මේ අය අලුත් මිලට සීනි මිල දී ගන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට පාඩුවක් වී නැතත් කලින් ලැබුණු ලාබය හෙවත් පාරිභෝගික අතිරික්තය දැන් නැති වෙලා. නිල් පාට ත්‍රිකෝණයෙන් පෙන්වා තිබෙන්නේ ඒ අඩු වීමයි. සීනි මිල ඉහළ යාම නිසා පාරිභෝගික අතිරික්තයේ සිදු වූ සමස්ත අඩු වීම ඉහත කොළ පාට චතුරශ්‍රයේත් නිල් පාට ත්‍රිකෝණයේත් වර්ග ඵල වල එකතුවයි.
භාණ්ඩයක මිල අඩු වන තරමට පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. භාණ්ඩයක මිල වැඩි වන තරමට පාරිභෝගික අතිරික්තය අඩු වෙනවා. පාරිභෝගිකයන් ගැන පමණක් හිතනවානම් භාණ්ඩයක මිල අඩු වන තරමට හොඳයි. නමුත්, රටක පාරිභෝගිකයෝ වගේම නිෂ්පාදකයෝ කියා පිරිසකුත් ඉන්නවා. සීනි වගේ දෙයක් හා අදාළව තත්ත්වය ටිකක් වෙනස් වුවත් හාල්, පොල්, කහ වගේ දෙයක් ගැන හිතුවොත් මෙය ඉතාම පැහැදිලියි. සාධාරණත්වය කියා කියන්නේ රටේ හැම දෙනෙක් ගැනම එක විදිහට හිතන එක මිසක් පාරිභෝගිකයන් ගැන පමණක් හිතන එක නෙමෙයි. ඒ නිසා අපට සාධාරණත්වය වගේ දේවල් ගැන කතා කරන්න කලින් සැපයුම් වක්‍රය ගැනත් හදාරලා ඉන්න වෙනවා.
සැපයුම් වක්‍රය ගැන දෙවන කොටසින් කතා කරමු. ඊට පෙර මේ කොටස පිළිබඳ ගැටළු ඇත්නම් ඒවා විසඳාගෙනම ඉදිරියට යමු.
ඉකොනො,
ReplyDeleteමේක අනික් පැත්තට වෙන්නෙ නැද්ද. ඒ කියන්නෙ ඩිමාන්ඩෙක වැඩිවෙනකොට ප්‍රයිසෙක වැඩිවෙන්නෙ නැද්ද
මෙහි විස්තර කර තිබෙන මිල හා ඉල්ලුම අතර සම්බන්ධතාවය හා ඔබ කියන ඉල්ලුම වෙනස් වීම අතර වෙනස ආර්ථික විද්‍යාව මුලින් හදාරන කෙනෙකුට පහසුවෙන් පැටලෙන දෙයක්. ආර්ථික විද්‍යාවේ ඉතාම මූලික දෙයක් වුවත් ආර්ථික විද්‍යාව හදාරන්න පෙර මේ අවුල මටත් මුලදී තිබුණා. ඉල්ලුම හා මිල අතර තිබෙන මූලික සම්බන්ධයේ ස්වරූපය තමයි මෙහි පැහැදිලි කර තිබෙන්නේ. මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම වෙනස් වීමේදී සිදුවන දෙය මෙයට වඩා පොඩ්ඩක් සංකීර්ණයි. එය තේරුම් ගන්න සැපයුම් වක්‍රය ගැනත් (දෙවන කොටස), ඉල්ලුම හා සැපයුම සමතුලිතවන ආකාරය ගැනත් (තෙවන කොටස) පළමුව තේරුම් අරගෙන ඉන්න වෙනවා. එයින් පසුව ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නම්. එතෙක්, ඉල්ලුම වැඩි වීම කියන එකෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද කියා උදාහරණයකින් පැහැදිලි කරන්න පුළුවන්ද?
Deleteස්තුතියි ඔබගෙ ඉක්මන් ප්‍රතිචාරයට. පොඩි උදාහරණයක් ගත්තොත් ගෘහ කර්මාන්තයක් විදියට හැමගෙදරකම පැදුරුවියන්න ගත්තොත් පන්වල මිල ඉහල යනව වගේ දෙයක්. (මේක මගේ කුඩා අවදියෙ අත්දැකීමක්)
Deleteඔව්. එය නිවැරදි උදාහරණයක්. දැනට කෙටි පිළිතුරක් ලෙස ඉල්ලුම වෙනස්වීම කියා කියන්නේ ඉහත විස්තර කළ වක්‍රය මුළුමනින්ම වෙනස් වීම. ඒ කියන්නේ ඕනෑම නිශ්චිත මිලකට මිල දී ගන්න සූදානම් භාණ්ඩ ප්‍රමාණය වෙනස් වීම. පන් මිටියක් රුපියල් 50 ගානේ ගන්න සූදානම්ව හිටියේ දහ දෙනෙක් පමණක්නම් දැන් එය සීයක් වෙනවා. පන් මිටියක් රුපියල් 60 ගානේ ගන්න සූදානම්ව හිටියේ පස් දෙනෙක් පමණක්නම් දැන් එය අසූවක් වෙනවා. ඔය වගේ. මෙයට සාපේක්ෂව සැපයුමද වැඩි වුනේ නැත්නම් තරඟය නිසා සමතුලිත මිල ඉහළ යනවා. (ඉහත විස්තර කළ ඉල්ලුම් වක්‍රයේ තිබෙන්නේ සමතුලිත මිල නෙමෙයි. පාරිභෝගිකයෙකු විසින් ගෙවන්න කැමති උපරිම මිල. සමතුලිත මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම දෙකම මත.) ලංකාවේ සන්දර්භයේදී මේ විදිහට ඉල්ලුම වැඩි වීම නිතර දෙවේලේ සිදුවන දෙයක් නෙමෙයි. ඔබේ උදාහරණය වැනි විශේෂ අවස්ථා වලදී සිදුවන දෙයක්. එයට සාපේක්ෂව විවිධ හේතු මත සැපයුම් වක්‍රය වෙනස් වීම සුලභ දෙයක්.
Deleteස්තූතියි ඉකොනො, ඒ වගේම ලංකාවේ ඉල්ලුම සීසනල් ලෙස වෙනස් වීම් ද දක්නට පුළුවන්, උදාහරණයක් ලෙස සිංහල අලුත් අවුරුද්ද කාලේ, නත්තල් වැනි උත්සව සමයේ සාමාන්‍යයෙන් පාරිභෝගික භාණ්ඩ සහ නිවාස නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩ ආදිය සඳහා ඉහළ ඉල්ලුමක් තියෙනවා.
Deleteහදිසියේ වැඩි වීම් ගැන කියනවා නම් කලින් අඩු මිලට තිබුණ මුව ආවරණ (ෆේස් මාස්ක්) මෑතකදී ආපු කොවිඩ් වසංගතය සමග පැමිණි අර්බුදය නිසා ආපු විශාල ඉල්ලුම සමග අධික ලෙස මිල ඉහළ ගියා. ඒ කාලේ ලංකාවේ සාමාන්‍ය සර්ජිකල් මාස්ක් එකක් රුපියල් පණහක් දක්වා අධික ලෙස මිල ඉහළ ගියා. මේ නිසා ලංකාවේ දූෂිත ආණ්ඩුව දැඩි ලෙස මහජන විවේචනයට ලක්වී මිල පාලනය කරන ලෙස ජනතාව බලපෑම් කලා. පසුව රජයේ මැදිහත්වීමත් සමග අලුතෙන් රට පුරා මාස්ක් කම්හල් අරඹා විශාල ලෙස සැපයුම් වැඩි කිරීමත් සමග නැවත මිල පහළ ගියා. මේ නිසා ගිය වසරේ මැද සිට නැවත මේ දක්වා සර්ජිකල් මාස්ක් එකක් රුපියල් දහයක් සහ KN 95 මාස්ක් එකක් රුපියල් තිස් පහක් පමණ මිලට ගැනීමට පුළුවන්. මම හිතන්නේ ඇමරිකාවේ හෙම මේවා ඉතාම ලාබෙට ගන්න පුළුවන් වෙයි කියලා මොකද දියුණු තාක්ෂණයක් සහිත කාර්යක්ෂම ස්වයංක්‍රීය කර්මාන්ත ශාලා සහිත නිසා.
මේ වගේම ඇතැම් ආහාර ද්‍රව්‍ය වල සුවිශේෂී ගුණ හෝ දොස් නිසාත් මිල ඉහළ පහළ යනවා. උදාහරණයක් ලෙස ලංකාවේ නම් මුරුංගා, කටු අනෝදා වගේ දේවල් වල ගුණ නිසා ඉල්ලුම වැඩි වෙමින් පවතින අතරම අනෙක් අතට ආනයනික කිරිපිටි, සීනි, පාම් තෙල් වගේ දේවල් වලට ඉල්ලුම අඩුවෙමින් යනවා.
ලංකාවේ බොහෝ නාගරික මධ්‍යම පාන්තික පිරිස සීනි පරිභෝජනය අඩු කරන අතර බොහෝ දුරට මිල අධික දුඹුරු සීනි සුළු වශයෙන් භාවිතා කිරීමට පෙළඹී ඇති නිසා මේ සීනි වංචාව ඉතාමත් ඉක්මනින් යටපත් වන්නට ඉඩ ඇත. මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද ඉකොනො?
Nice long explanation.
ReplyDeleteBut what I am expecting is fact based details about so called sugar scam. (If you know the details)
If it is calculated/influenced by some top officials to benefit targeted people or technical miscalculation which some trades jump on it and benefited.
I remember once 8 seater Land Cruiser was imported and registered paying duty for a passenger bus (61 SRI), govt change the rule as soon as they discovered the error. Some people got away with it. (Wijebahu)
The observable fact is sugar tax has been revised several times within a short period. Whether it has been a part of a scam is a subject for a commission, private investigators or politicians, not for me. Even if I explain, only a person who understands relevant economic theories will understand my explanations. Most of my audience are not economists. So I have to start with basics, particularly because these concepts are also related to other issues I have discussed such as the so-called mafia of rice millers.
Delete'නමුත්, වටිනාකම් කියන ඒවා මිනිස්සුන්ට සාපේක්ෂ දේවල් මිසක් වාස්තවික දේවල් නෙමෙයි':
ReplyDeleteEcon, මෙතන වටිනාකම් කියන්නෙ Value එහෙමත් නැත්නම් importance, worth කියන එක නේද. මේ වාක්‍යයෙන් එය පැහැදිලියි, වඩාත් හොඳින් confirm කරගන්නයි ඇහුවෙ. හුඟක් අය 'වටිනාකම්' කිව්වම monetary value කියල හිතලා value and price කලවම් කරගන්න නිසයි.
ඔබ හරි. මිල කාටත් එකයි (සාමාන්‍යයෙන්). නමුත් එකම මිලට ලබා ගත හැකි දේවල් වල වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එකම පුද්ගලයාට වුවත් එය විවිධ හේතු මත වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් භාණ්ඩයක් වැඩි වැඩියෙන් අයිති කර ගනිද්දී එහි සාපේක්ෂ වටිනාකම අඩු වෙනවා. තමන්ට නැති දෙයක වටිනාකම වැඩියි.
Deleteකොහොම වුනත් මිල හා වටිනාකම අතර සම්බන්ධයක් තිබෙනවා. වටිනාකම කියන්නේ පාරිභෝගිකයෙක් විසින් භාණ්ඩයක් අඩු මිලට ගන්න අවස්ථාවක් නැති විටකදී ගෙවන්න සූදානම් උපරිම මිල. සීනි කිලෝ එකක් විකුණන්නේ වෙන්දේසියේ දමලානම් ලන්සු තැබීම නවත්වන මට්ටම. මිල මෙන් නොව එය නිරීක්ෂණය කළ හැකි වන්නේ කලාතුරකින්.
DeleteSugar, Sugar සින්දුව මතක් වුනා.
ReplyDeleteSugar
Ah, honey, honey
You are my candy girl
And you got me wanting you....
පැදුරු වියන අය වැඩි නම් පන් මිල වෙයි
ReplyDeleteසීනි කෑමටත් ඒ තියරිය හරි යයි
අපේ දේසෙ වුණෙ නං ඒ මොකුත් නෙවෙයි
හැලි අරක්කු පෙරන්නො වැඩි වෙච්චි එකයි
කිව්වේ ඇමැත්තෙකි බොරුවක් වෙන්නත් බෑ
සීනිවලින් ගහයිද පිළිගන්නත් බෑ
උදව් කරපු කට්ටිය ගැන නොතකත් බෑ
තණකොළ නොකෑවට අපි කියමුද 'උම්බෑ'
ගොන් දුල බණ වඩන නම් වූ තඩි පන් ගොයියා
Deleteඇදගෙන නෑම ගැන කප් ගැසු ලොකු අයියා
ටෝක්ස් කෝටියයි දෙන්නේ හෙණ කයියා
කළේ මොකද හැරුනම (පක්ෂ දෙකේදීම) දුන් බොරු පොයියා
ඉකොනො, බොහොම ස්තුතියි රසවත් වගේම දීර්ඝ පෝස්ට් පෙළක්. මේ ලිපි පෙළ අවසන් වන විට අපට ලංකාවෙ එතෙක් මෙතෙක් පැවති අතිවිශාලතම හොරකම වුනු රාජ පක්‍ෂ සීනි හොරකම ගැන ඉතා පැහැදිලිව තේරුම් ගැනීමට හැකි වේවි. ඒ වගේම ඔබට විවේකයක් හම්බ වුන ගමන්ම මෙම ලෝකයේ ඉඩම් වල අයිතිය සහ ඒ හා බැඳුනු ආර්ථික සාමාජීය සාධක ගැන විශ්ලේෂණාත්මක සාකච්ඡාවක් කරන්න පුළුවන් වේවි ද? මේ බලන්න;
ReplyDeletehttps://www.facebook.com/TheInfographicsShow/videos/839124946527283/
ඒ වගේම තවත් රසවත් සිදුවීම් පෙළක් මේ;
https://www.facebook.com/TheInfographicsShow/videos/631860860726927/
ආර්ථික විද්‍යාවට උපාධියක් තියෙනවා කියන හඳුන්නෙත්ති සීනි වංචාවක් වුණා කියලා දාලා තියෙන්නේ මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩුවක් ලු නේද? ඒ මදිවට කෝටි 50 කුත් පෙත්සම්කරුට ගෙවන්න කියලා ඉල්ලලා නේද?
ReplyDelete▪️උපන් ගෙයි මෝඩයෝ රැළක් වෙන, දෙක පාස් JVP මළකඩ බාස්ලා අන්ඳන හොඳම ක්‍රමය ඒක නේ මල්ලි.
��මහා පරිමාණ වංචාවක් වෙලා නම් මොකක්ද කරන්න ඕන?
▪️අල්ලස් හා දූෂණය කොමිසමට පැමිණිලි කරලා අපරාධ නඩුවක් දාන එක නේ මල්ලි.
��එතකොට මූලික අයිතිවාසිකම් නඩුවට මොකද වෙන්නේ ?
▪️ආණ්ඩුවක බදු ප්‍රතිපත්ති වෙනස් වීම මූලික අයිතිවාසිකම් කඩවීමක් නොවේ කියල නඩු තීන්දුවක් එන්න බොහෝදුරට ඉඩ තියෙනවා මල්ලි. එහෙම නැත්නම් විභාගයට නොගෙන විසිකරන්නත් ඉඩ තියෙනවා මල්ලි.
��ඊට පස්සේ ?
▪️අන්න ස' හොරු බේරගන්න නීතිය නැමුවා කියලා ආපහු දෙක පාස් JVP මළකඩ බාස්ලා ටික අන්ඳන්න පුළුවන් නේ මල්ලි.
��එතකොට සිනී වංචාවක් වෙලාම නැද්ද ?
වංචාවක් වෙන්නේ රුපියල් 50 ට තිබුණ සීනි බද්ද ශත 25 ට අඩුකරලා සීනි බිස්නස් කාරයගෙන් සීනි ටික අරගෙන ඊට පස්සේ ආපහු සීනි බද්ද රුපියල් 50 ක් කරා නං නේ මල්ලි.
��එතකොට සීනි වලට ගහන බද්ද තාම ශත 25 යි ද?
▪️ඔව් නේ මල්ලි.
��එතකොට ඒක වෙනස් කරලා ආපහු ගැසට් එකක් ගැහුවා කිවුවේ කවුද ?
▪️ගම්පහ පැත්තෙන් ඡන්දේ ඉල්ලලා පැරදුණ, ගස් හිටවන, පොස්ට් දාලා කෙළ වුණහම ඩිලීට් කරන දොස්තර කෙනෙක් නේද මල්ලි?
��එතකොට JVP මළකඩ බාස්ලා ටික මෙච්චර සතුටින් ඉන්නේ ඇයි?
▪️1965 ඉඳලා පළාත් සභාවක්වත් දිනාගන්න බැරි දුක මෙච්චරකල් වහගත්තේ කාට හරි හොරා කියලා නේ මල්ලි. ඉදිරියටත් එහෙම තමයි මල්ලි. අනික් එක රටට කෙළවෙන එක තරම් වෙන සතුටක් උන්ට නෑ නේ මල්ලි. රට ඇතුළට දරුණු කුණාටුවක් එනවා කිවුවත් උන්ට සතුටු ඒකනේ මල්ලි.
��එතකොට යහපාලන ආණ්ඩුව කාලේ වුණ බිලියන 131.5 ක මහා පරිමාණ වංචා වලට JVP කාරයෝ නඩු දැම්ම ද?
▪️පිස්සු ද මල්ලි ? ඒ ගොල්ලෝ හොඳ යාළුවෝ. එක නඩුවක් දාලා නෑ මල්ලි. රාජපක්ෂ ආණ්ඩුවක් ආපු ගමන් තමයි මළකඩ බාස්ලා ටික මෝහන නිද්‍රාවෙන් නැගිටින්නේ මල්ලි.
��එතකොට සීනි බදු අඩු කරපු එකෙන් රටට පාඩු නිසා JVP කාරයෝ ටික දැන් සීනි ගන්නේ වැඩිපුර සල්ලි දීල ද?
මොන පිස්සු ද මල්ලි ? ඕකුන් ගේ පක්ෂ නායකයා ඉඳලා පිනට කන පරපෝෂිතයෝ රැළක් නේ.
=============
සොනාල ගුණවර්ධන
අයිසේ සොනාල්,
Deleteමුංට පිස්සු. අපි මේ රාජ පක්ස කල්ලියේ කාලකන්නි ආණ්ඩුවට කැමති නෑ, අනිවාර්යයෙන්ම එලවන්නම ඕනේ. ඒකත් හරි. ඒත් ඒකට නිසි කාලයක් වෙලාවක් එනවා. ඒ වෙලාව වෙනකං ඉවසන් ඉන්න මොළයක් මුංට නෑ. පිස්සු බල්ලෝ වගේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් බුරනවා බුරනවා. දැන් ඒකෙන් වෙලා තියෙන්නේ ගොඩක් මිනිස්සුන්ට ගානක් නෑ. විශේෂයෙන් පාවෙන ඡන්ද දායකයන්ට මේක විකාරයක් වගේ වෙලා තියෙන්නේ නේද බන්?
මේක වෙන්නේ රට පැත්තකට තියලා පක්ෂ වලට වහල්කම් කරන්න ගියාම. ඉන්න බෑ, නලියනවා රාජපස්ස කෙනෙක් බලයේ ඉන්නේ කියලා මතක් වෙන හැම විනාඩියේම. ඒකයි මේ අවුල. ඉතින් හරි හෝ වැරදි. තර්කයක් තිබුණා හෝ නැතා. ඇත්ත හෝ බොරු. මේ ඕනම දෙයක් අරන් රෝල් කරලා ආණ්ඩුවට මඩගහන්න යනවා. ඉතින් බං ඉකොනොමැට්ටා කියනවා වගේම දැන් මේක නිකන් මේ කොටියා කෑවෝ වගේ වෙලා ඉවරයි. තාම අවුරුද්දයි හරියට ගියේ. තව 4ක් තියෙනවා. දැනටම පිස්සු බල්ලෝ වෙලා. සාමාන්‍යයෙන් විපක්ෂය මේ වෙලාවේ ඉවසීමෙන් තමන්ගේ වේලාව එනතුරු ජන සංවාදයක් ගොඩනගා ගන්න අත්‍යවශ්‍ය කාලයක් මේක. මේ ගොල්ලෝ කොහෙද, උදේට දවල්ට රැට මයික් ඉස්සරහ ඉඳන් ඔහේ පිස්සු බල්ලෝ වගේ බුරනවා විතරයි. නොදකින්.
වාසිය ආණ්ඩුවට. මේක වෙනුවට විපක්ෂය හරියට සංවිධානය කරලා ආණ්ඩුවට වැටෙන්න ගහන්න පුළුවන් එකෙක් වත් නෑ. මේකෙන් වෙන්නේ බුකියේ බයිල ගගහ ඉන්න අතරේ රාජ පක්ෂ චෞරයන් 2/3 ටිකෙන් ටික 5/6 ක් දක්වා ඉහළ නැංවීම තමයි ඉතින්. කාට කියන්නද මේවා?