අන්දරේට වගේ හැමෝටම රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?
පළමු කොටසින් අපි ඉල්ලුම් වක්‍රය ගැනත්, මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩුවීම ඉල්ලුම් වක්‍රයෙන් නිරූපණය වන ආකාරයත්, පාරිභෝගික අතිරික්තය කියන සංකල්පය ගැනත්, මිල වැඩි වෙද්දී පාරිභෝගික අතිරික්තය අඩු වන ආකාරය ඉල්ලුම් වක්‍රය තුළ නිරූපණය වන ආකාරයත් කතා කළා. දෙවන කොටසෙන් අපි සැපයුම් වක්‍රය ගැන ඉගෙන ගනිමු.
සීනි, හාල්, පොල් වගේ පාරිභෝගික භාණ්ඩයකට ඉල්ලුමක් තිබුණු පමණින් පාරිභෝගිකයෙක්ට එම භාණ්ඩය හිමි කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. භාණ්ඩය සපයන්න කැමති සැපයුම්කරුවෙකුත් ඉන්න ඕනෑ. සැපයුම්කරුවෙක් පාරිභෝගිකයෙකුට භාණ්ඩයක් සපයන්නේ ඇයි? තමන්ට ලාබයක් ගන්න. නැතුව වෙන මුකුත් අමාරුවකට නෙමෙයිනේ.
සැපයුම්කරුවා සමහර විට භාණ්ඩයේ නිෂ්පාදකයාම වෙන්න පුළුවන්. නැත්නම් අතරමැදියෙක් වෙන්න පුළුවන්. බොහෝ විට දෙවැන්න.
නිෂ්පාදකයෙක්ගෙන් භාණ්ඩයක් මිල දී ගන්න ගණනටම එය පාරිභෝගිකයාට විකුණලා අතරමැදියෙකුට ලාබයක් ලබන්න බැහැ. කීයක් හරි වැඩියෙන් විකුණන්න වෙනවා. කීයක් වැඩියෙන්ද? එහෙම ගාණක් කියන්න බැහැ. එය සාධක ගණනාවක් මත තීරණය වන දෙයක්. නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩයක් ලබා දෙන අතරමැදි ක්‍රියාවලියේ විවිධ වියදම් තිබෙනවා. මේ වියදම් අතරමැදියා විසින් පියවා ගත යුතුයි.
නිෂ්පාදකයාගේ ලාභය = මිල - පිරිවැය
භාණ්ඩයක වෙළඳපොළ මිල ඉහළ යද්දී එම මිලට භාණ්ඩය විකුණා අතරමැදියෙකුට ලැබිය හැකි ලාභ ඉහළ යනවා. ඒ නිසා මිල ඉහළ යද්දී වෙළඳපොළකට සැපයුම්කරුවන් වැඩි වැඩියෙන් ආකර්ශනය වෙනවා. සැපයුම ඉහළ යනවා. රුපියල් 85ට සීනි නොසපයන සැපයුම්කරුවන් මිල රුපියල් 120 වෙද්දී සිනි සපයන්න පටන් ගන්නවා. ඉල්ලුම් වක්‍රයේ බෑවුම පහළට නැඹුරු වූ එකක් වුවත් සැපයුම් වක්‍රයේ බෑවුම ඉහළට නැඹුරු වූ එකක්. පහත රූපයේ වගේ.
තිරස් අක්ෂයෙන් පෙන්වන්නේ කිසියම් මිලකට සියළුම සැපයුම්කරුවන් විසින් සපයන සීනි හෝ වෙනත් එවැනි භාණ්ඩයක සැපයුම් ප්‍රමාණය. සිරස් අක්ෂයෙන් භාණ්ඩයේ මිල.
සැපයුම් ප්‍රමාණය තීරණය වන්නේ පිරිවැය මත. ඒ කියන්නේ ඉහත රූප සටහනේ ඇති නිදර්ශනයේ රුපියල් 110කට නොවැඩි මිලකට සැපයිය හැකි උපරිම සීනි ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 600ක් පමණයි. කවර හෝ හේතුවක් නිසා ඒ මිලට ඊට වඩා සීනි සපයන්න බැහැ. එහෙම පුළුවන්කමක් තිබෙනවානම් ඒ පුළුවන් කෙනාට රුපියල් 110 බැගින් තවත් සීනි සපයා ලාබයක් ලබන එක නොකර සිටින්න හේතුවක් නැහැ. ඒ නිසා ඒ හේතු මොනවාද කියා හොයන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ.
සීනි මිල රුපියල් 120 වූ විට තවත් සීනි කිලෝග්‍රෑම් මිලියන 50ක ප්‍රමාණයක් සැපයිය හැකි වෙනවා. ඒ සීනි කිලෝග්‍රෑම් මිලියන පණහේ පිරිවැය රුපියල් 110ට වඩා වැඩි වුවත් රුපියල් 120ට වඩා අඩුයි. ඒ නිසා රුපියල් 110ට විකුණා ලාබ ගන්න බැරි වුනත් රුපියල් 120ට විකුණා ලාබ ගන්න පුළුවන්. එකම භාණ්ඩයක්, එකම ගුණාත්මක භාවයකින් යුතුව නිපදවා වෙළඳපොළට දමන්න සැපයුම්කරුවන් දෙදෙනෙකුට යන වියදම හැම විටම සමාන නැහැ. ඇතැම් සැපයුම්කරුවන් වඩා කාර්යක්ෂමයි. ඇතැම් අය සාපේක්ෂව අකාර්යක්ෂමයි.
මිල අඩු මට්ටමක තිබෙන විට භාණ්ඩයක් සපයා ලාබ ලැබිය හැක්කේ වඩාත්ම කාර්යක්ෂම සැපයුම්කරුවන්ට පමණයි. එහෙත් මිල ඉහළ යද්දී සාපේක්ෂව අකාර්යක්ෂම සැපයුම්කරුවන්ටත් කිසියම් ලාබයක් ලැබීමේ අවස්ථාව හිමි වෙනවා. සැපයුම් වක්‍රය උඩු අතට බෑවුම් වන්නේ ඒ නිසයි. මේ ක්‍රියාවලිය තුළදී නිසගයෙන්ම මුලින් වෙළඳපොළේ සිටි වඩා කාර්යක්ෂම සැපයුම්කරුවන්ගේ ලාබද ඉහළ යනවා. එයට හේතුව මිල ඉහළ ගියත් ඔවුන්ගේ පිරිවැය ඉහළ නොයාමයි.
භාණ්ඩයක මිල ඉහළ යද්දී සැපයුම්කරුවන්ගේ ලාබ ඉහළ යාම ක්‍රම දෙකකට සිදු වෙනවා. පළමුව මිල ඉහළ යාමට පෙර විකුණූ සෑම ඒකකයකටම දැන් කලින් ලැබුණාට වඩා වැඩි මිලක් ලැබෙනවා. පහත රූප සටහනේ කොළ පැහැති චතුරශ්‍රයෙන් පෙන්වන්නේ එසේ වැඩි වන ලාබ ප්‍රමාණයයි. ඊට අමතරව සැපයුම් ප්‍රමාණය ඉහළ යන නිසා රූපයේ නිල් පැහැති ත්‍රිකෝණයෙන් පෙන්වන ලාබ කොටසද එකතු වෙනවා. ඒ කොටසේ ඉන්නේ අළුතෙන් වෙළඳපොළට එකතු වූ සාපේක්ෂව අකාර්යක්ෂම සැපයුම්කරුවන් හෝ සැපයුම්.
හැබැයි ඉහත කී පරිදි මිල ඉහළ යාමේදී සැපයුම්කරුවන්ගේ ලාබ ඉහළ යාම සඳහා භාණ්ඩයට ප්‍රමාණවත් ප්‍රමාණවත් ඉල්ලුමක් තිබිය යුතුයි. අපි පළමු කොටසෙන් පැහැදිලි කරගත් පරිදි භාණ්ඩයක මිල ඉහළ යද්දී ඉල්ලුම අඩු වෙනවා. මිල ඉහළ යද්දී සැපයුම්කරුවෙකුට විකිණිය හැකි භාණ්ඩ ප්‍රමාණය සීමාවීමක් වෙනවා. ඒ නිසා, සැපයුම්කරුවෙකුට ඔය විදිහටම ලාබ වැඩි කරගන්න බැහැ.
එහෙමනම් කොයි තරම් ලාබ වැඩි කරගන්න පුළුවන්ද? එය දැන ගන්නනම් අපට ඉල්ලුම් සැපයුම් සමතුලිතාවය හොයා ගන්න වෙනවා. ඉල්ලුම් සැපයුම් සමතුලිතාවය තෙවන කොටසින් සාකච්ඡා කරමු.
කාර්යක්ෂම වෙතත් නැතිවත් ලාබ ගන්නට ක්‍රම තියෙනවා
ReplyDeleteසප්ලයර්ස්ලා වෙන්න හැමටම තියෙන ඉඩ අහුරල තියෙනවා
හිතේ හැටියට ගරා ගන්නට වුණත් පසුබිම හදල දෙනවා
පිලේ එව්වෝ එකට එක්වී හොරා කද්දී අපි ගෙවනවා!
සීනි ආනයනට පනවා තිබූ බදු රු. 50 සිට ශත 25 තෙක් අඩු කිරීමෙන් ගෝඨාභයගේ ගජ මිතුරා වල ශැංග්‍රිලා හෝටලයේ සහ විල්මා ට්‍රේඩින් හි අධිපති එක රැයකදී රට තුලට වරායෙන් මුදවාගත් සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 90,000 කි.
ReplyDelete�� එමඟින් රජයට සීනි කිලෝ එකකින් රු. 49.75 ක බදු මුදලක් අහිමිවිය.
�� එලෙස ගෙන්වූ සීනි ප්‍රමාණය සතොස විසින් කිලෝවක් රු.125 බැඟින් වූ අධික මිළකට මිලදී ගන්නා ලදී.
�� රු. 125/- ට මිළදී ගත් එම සීනි තොග සතොස විසින් පාරිභෝගිකයින්ට අලෙවි කල සිල්ලර මිල කිලෝවක් රු. 99 කි.
�� එවකට වෙළෙඳපළ සීනි කිලෝවක සිල්ලර මිල රු. 130/- කි. එසේ නම් බදු අඩු කිරීමේ ප්‍රතිලාභය ලෙස පාරිභෝගිකයින්ට සීනි අලෙවිකල යුතුව තිබුනේ රු. 80.25 කට නමුත් සතොස නියම කල සිල්ලර මිල වූයේ රු. 99/- කි.
❌ කරුණු එසේ නම් බදු අඩු කිරීමේ සැබෑ වාසිය පාරිභෝගිකයින්ට ලැබුනාද..??
❌ බදු අඩු කිරීමෙන් රජයට අත්වූ වාසිය කුමක්ද..??
❌ අඩු කල බදු වාසිය ලැබුනේ කාටද..??
❌ මේ බදු වංචාව පිටුපස සිටින්නේ කවුද..??
වැඩි විස්තර සඳහා පහත ලින්ක් එකෙන් වීඩියෝව නැරඹන්න..
https://www.facebook.com/1175209425985923/posts/1704433103063550/?app=fbl