අපි කවුරුත් විවිධ දේවල් සැලසුම් කරනවා. ගෙයක් හදන්න, උපාධියක් ගන්න, රස්සාවක් හොයාගන්න, පරස්තාවක් කරගන්න, කාර් එකක් ගන්න, රට පනින්න, ආණ්ඩුව වෙනස් කරන්න, ජාතිය ගොඩගන්න, ෂෝට් ලීව් එකක් දාලා කලින් ගෙදර යන්න, ගෙදර අලුතෙන් පේන්ට් කරන්න, කාමරේ අස් කර ගන්න, ගෙදරට හොරෙන් යාලුවෝ එක්ක හවසට සෙට් වෙන්න ආදී නානාප්‍රකාර සැලසුම් අපිට තියෙනවා. සැලසුම් කියන්නේ නරක දෙයක් නෙමෙයි.
අපට සැලසුම් අවශ්‍ය වෙන්නේ ඇයි? විකල්පයක් විදිහට හැම දෙයක්ම එවෙලේ ක්ෂණිකව තීරණය කරලා කරන්න පුළුවන්නේ. එහෙමනම් සැලසුම් මොකටද?
අපට මේ මොහොතේ වඩාත්ම වාසිදායක, අපට වඩාත්ම සතුටක් ගෙනදෙන, හොඳම තීරණය ගන්න පුළුවන්. එහෙත්, අපි අද ගන්න ගොඩක් තීරණ වල අනාගත බලපෑමක් තිබෙනවා. උදාහරණයක් විදිහට මත්පැන් තොලගාන කෙනෙකුට ඒ මොහොතේ ලැබෙන සතුට මත්පැන් වෙනුවෙන් වැය කරන මුදලට වඩා වැඩි වෙන්න පුළුවන්. මේ විදිහට ඒ මොහොතේ සතුට ගැන සිතා දිනපතා කරටි කැඩෙන්න ගහන කෙනෙක්ට අනාගතයේ දවසක ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න වෙන්න පුළුවන්. ඒ නිසා, මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳම තීරණය ගන්න පුළුවන් වෙන්නේ යම් තීරණයකින් මේ මොහොතේ ලැබෙන වාසි අවාසි වගේම අනාගත වාසි අවාසිත් සලකා බැලීමෙන් පසුවයි.
මෙතැනදී මතු වන ප්‍රශ්නය වන්නේ අනාගතය ගැන අපි හරියටම දන්නේ නැති වීමයි. අපි හිතමු අපිට අනාගතය නිශ්චිත ලෙස දකින්න හැකියාවක් තිබෙනවා කියා. හෙට මා වාහන අනතුරකට මුහුණ දෙන්න නියමිත බව අද දන්නවානම් මට එම අනතුරට හේතු වන ගමන නොගිහින් ඉන්න පුළුවන්. තමන්ගේ දුම්පානය කිරීමේ පුරුද්ද නිසා තව අවුරුදු දෙකකින් පසු පෙනහළු පිළිකාවක් හැදී සෑහෙන දුකක් විඳ මිය යන්න වෙන බව අද හරියටම දන්න කෙනෙක් බොහෝ විට අද දුම්පානයෙන් මිදෙනවා. ඒ වගේම, ජීවිත කාලයම දුම්පානය කළත් අවුරුදු අනූවක් යන තුරු ඉහින් බහින රෝගයක් හැදෙන්නේ නැති බව හරියටම දන්නා කෙනෙක් එම පුරුද්දෙන් මිදෙන්න තිබෙන්නේ අඩු ඉඩක්.
අපිට අනාගතය නිශ්චිතව දකින්න විදිහක් නැහැ. එහෙත්, අනාගතය ගැන අපිට යම් අදහසක් තිබෙනවා. උපාධියක් ලබා ගත්තොත් හොඳ රැකියාවක් ලැබෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. හොඳ රැකියාවක් තිබේනම් හොඳ පරස්තාවක් කර ගන්න තිබෙන ඉඩකඩ වැඩියි. ලොක්කාට මළ පැනලා ඉන්න වෙලාවක ඇහුවොත් ෂෝට් ලීව් එක අනුමත කරන්න තිබෙන ඉඩකඩ අඩුයි. අද ඉඳලා කීය කීය හරි ඉතුරු කර ගත්තොත් කාර් කට්ටක් ගන්න ලැබෙන ඉඩකඩ වැඩියි. ඔය වගේ දළ අදහසක් අපිට තිබෙනවා. අපි සැලසුම් හදන්නේ මේ දළ අදහස මතයි.
සැලසුමක් හදන්න කලින් පළමුව අනාගතය පිළිබඳව පුරෝකථනය කළ යුතුයි. මෙහෙම කළොත් කොහොම වෙයිද? මෙහෙම නොකළොත් කොහොම වෙයිද? අපට මේ විදිහට අනාගතය ගැන පුරෝකථනය කරන්න වෙන්නේ මේ මොහොතේ අපි දන්නා දේවල් මත පදනම්වයි. නමුත්, පසුව අලුත් තොරතුරු ලැබෙන විට කලින් හිතා හිටි දේ නිවැරදි නොවන බව තේරෙන්න පුළුවන්. හොරෙක්ට අහුවෙන්න යන බව කලින් තේරෙන්නේ නැහැ. තේරෙන කොට අහුවෙලා.
එකම තොරතුරු ටික දැනගෙන හිටියත් දෙන්නෙක් එක ලෙසටම අනාගතය දකින්නේ නැහැ. එය එක් එක් පුද්ගලයාගේ විශ්ලේෂණ හැකියාව මතද තීරණය වෙනවා. කාලය ගෙවෙද්දී තමන්ගේ මුල් විශ්ලේෂණය නිවැරදි නොවන බව කෙනෙක්ට පෙනෙන්න පුළුවන්.
ඉහත කී හේතු දෙක නිසා බොහෝ විට සැලසුම් හරියටම සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා, කිසියම් සැලසුමක් ඕනෑම තත්ත්වයක් යටතේ මුලින් හිතපු විදිහටම ක්‍රියාත්මක කරන එක මෝඩ කමක්. අලුත් තොරතුරු ලැබෙන විට ඒ මත පදනම්ව අවශ්‍ය පරිදි සැලසුම වෙනස් කිරීම වඩා වාසිදායකයි.
මිනිස්සු වගේම රටවල්ද සැලසුම් සකස් කරනවා. සමාජවාදී රටවල් විසින් කාලයක් තිස්සේ උත්සාහ කළේ එක් මධ්‍යගත සැලසුමක් අනුව රටක බොහෝ කටයුතු සිදු කරන්නයි. මේ අනුව, රටේ සියලුම දෙනා මේ සැලසුමට අනුගත විය යුතුව තිබුණා. එවැනි සැලසුම් බොහෝ විට සකස් කළේ සුළු පිරිසක් විසින්. රටේ අනෙක් අයට සැලසුමට විරුද්ධ වීමේ හැකියාවක් තිබුණේ නැහැ. 2 + 2 = 5 කියා ආණ්ඩුව කියනවානම් මිනිස්සුන්ට ඒ බව පිළිගනු හැර වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.
ජෝර්ජ් ඕර්වෙල් යන ආරූඪ නාමයෙන් පෙනී සිටි ඉංග්‍රීසි ලේඛක එරික් ආතර් බ්ලෙයාර් ඔහුගේ "1984" කෘතියේ මේ තත්ත්වය සමච්චලයට ලක් කළේ මෙහෙමයි.
"In the end the Party would announce that two and two made five, and you would have to believe it. It was inevitable that they should make that claim sooner or later: the logic of their position demanded it."
"අවසානයේදී පක්ෂය විසින් දෙකට දෙකක් එකතු කළ විට පිළිතුර පහ බව දැනුම් දෙනු ඇති අතර ඔබට එය විශ්වාස කිරීමට සිදු වනු ඇත. ඔවුන් මෙවැනි ප්‍රකාශයක් කිරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. පක්ෂ ස්ථාවරය අනුව, එය තර්කානුකූලව සිදු විය යුතුම දෙයකි."
ජෝර්ජ් ඕර්වෙල්ට මේ විදිහට ලියන්න පෙළඹුමක් ඇති කළේ සෝවියට් දේශයේ පළමු පස් අවුරුදු සැලැස්ම යටතේ එරට ඉතා වේගයෙන් කාර්මීකරණය කරන්න ගත් උත්සාහය තුළ අවුරුදු පහේ ඉලක්ක අවුරුදු හතරින් අත් කර ගැනීමට දැරූ උත්සාහය වෙන්න පුළුවන්. කෝවිඩ්-19 සංඛ්‍යාලේඛණ වැනි කරුණකදී ඉහත ප්‍රකාශයේ පක්ෂය කියන එකට අවශ්‍යනම් ආණ්ඩුව කියන වචනය ආදේශ කරන්නත් පුළුවන්.
සෝවියට් දේශය අනුගමනය කරමින් චීනය, ඉන්දියාව, කොරියාව වගේ රටවල් ගණනාවක් පස් අවුරුදු සැලසුම් හැදුවා. සමගි පෙරමුණු ආණ්ඩුව 1972-76 කාලයේ ක්‍රියාත්මක කළේත් මෙවැනි පස් අවුරුදු සැලැස්මක්.
ඔය වගේ බරපතල සැලසුමක් නැතුව පටන් ගත්තත්, මේ බ්ලොග් එකටත් අදට අවුරුදු පහක්!
මමත් දිගටම බලනවා
ReplyDeleteඔබත් දිගටම ලියනවා
පහක් අවුරුදු ගෙවෙනවා
සුභ පැතුම් එක් කරනවා!
කලක් එන අය පසුව හැර යති
Deleteවෙනත් අයැවිත් අඩුව පුරවති
පහක් දිගටම ආ අයද වෙති
වරක් ආවත් කරමි මම තුති
හෝමාගමට පිට්ටනියක් අනුමත වෙනවාලූ
ReplyDeleteජාතියේ පිනට නොව බන්දුලගේ පින වේලු
පඩි ගෙවන්න බෑ කිය කිය සල්ලි හිඟමනේලූ
හෙන ගහපන් වෙන කියන්න දෙයක් නොමැත යාලූ
ඔහොම යන් ඔහොම යන්!
ReplyDeleteමාත් ඉස්සර වෙනත් නමකින් බ්ලොග් එකක් කළා.
කනිෂ්ඨ ස්කෝලෙන් අවුරුදු පහක් ඉගෙනගෙන හයේ පන්තියට ලොකු ඉස්කෝලෙට ගියා වගේ මං ඒ බ්ලොග් එක නතර කරලා වෙන බ්ලොග් වැඩකට හිත යොමු කළා. හැබැයි ඉතිං ඒක තමයි තාමත් කරගෙන යන්නේ හයවෙනි අවුරුද්දේ.
මේ අර ඉස්සර පඩ,ජී,ශුක්‍ර,ජංගි,ඔසප් ගැන එහෙම බ්ලොග් ලියපු මානසික ලෙඩා නේද? මේ බ්ලොග් එකත් අල කරන්නේ නැතිව හිටියොත් හොදයි. මොකද මේ ලෙඩාට අනික් මිනිස්සු හොදට බ්ලොග් ලියද්දි ඒක පෙන්නන බැහැනි. එව්වගේ වැරදි හොයන එකයි, ඇනෝ ඇවිත් සංවාද අල කරන එකයිනි කරන්නේ. විචාරකලා, මාතලන්ලා, රාජ්ලා හැමෝම දන්න්වනි මේ ලෙඩා ගැන.
Deleteඅවුරුදු පහක් කිසියම් දෙයක් එක දිගට කරනවා කියන එක සුවිශේෂී දෙයක්. මගේ ජීවිතයේ මේ වගේ දේවල් තිබෙන්නේ සීමිත ප්‍රමාණයක්.
Deleteසමගි පෙරමුණේ පස් අවුරුදු සැලැස්ම ගැන මට මතකයි. ඒ ගැන සඳහන් වාක්‍ය දෙක තුනක් අපේ ඇක්සයිස් පොත්වල පවා මුද්‍රණය කර තිබුණා. ඒ දවස්වලම තිබුණු තවත් වැනි සැලැස්මක් තමයි වගා සංග්‍රාමය.
ReplyDeleteපසුව පැමිණි ආණ්ඩුවල නම් එවැනි සැලසුම් ලෙස මතකයට එන්නේ පස්අවුරුදු මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය පමණයි. වසර 2000දී සැමට සෙවන වැනි කතා සැලසුම් වලට වඩා නිකං සටන් පාඨ පමණයි.
මෙන්න ඔබේ බ්ලොගය ගැන මා එදා ලියූ කෙටිම කෙටි සටහනක්
ReplyDeletehttp://rasikalogy.blogspot.com/2015/05/anything-better-to-do-on-this-sunday.html
මුල් කාලයේදී බ්ලොග් එක වැඩි පිරිසක් අතර ප්‍රචාරය වීමට රසිකොලොජිය හේතු වුනා. රසිකොලොජියේ ලිපි පළවන වේගය විශාල ලෙස පහත වැටෙන තුරු ඒ තත්ත්වය පැවතුනා.
DeleteCongratulations on achieving five years....we learn a lot from your blog. Appreciate your commitment to maintain in this manner.
ReplyDeleteThank you very much!
Deleteපස් අවුරුද්දට සුබ පැතුම් ! බෙදපු දැනුම අනන්තයි, අප්‍රමාණයි මේ පස් අවුරුද්ද තුළ. බොහොමයක් බ්ලොග් නින්දට වැටෙන කාලයක පටන් අරන් මේ දක්වා දිගටම ලිවීමෙන් බ්ලොග් අවකාශයත් අවදියෙන් තියාගන්න පුළුවන් උනා කිව්වොත් නිවැරදියි.
ReplyDeleteදිගටම කරගෙන යන්න අවැසි කාලය හා උවමනාව ලැබේවායි පතනවා.
ජයම වේවා !! කොරෝනා රකුසාගෙන් රැකේවා !! නිරෝගී වේවා !!!
ඔබ හරියටම හරි. මෙය පටන් ගන්නා කාලය වන විට සිංහල බ්ලොග් වල පීක් එක ඉවරයි. සුබ පැතුමට ස්තුතියි!
DeleteEcono,
ReplyDeleteIdeas are worth fighting.
Do not Keep Calm but Write On.
Greetings!
CP-C
Thank you for your valuable comments and queries!
DeleteCongratulations!!!!!!, keep up the good work
ReplyDeleteThank you, Wijebahu!
Deleteසුභ පැතුම් ....
ReplyDeleteස්තුතියි!
Deleteපසුගිය වසර පහ තුල පලවූ ඔබගේ සියලු ලිපිකියවා ඇත. අනර්ඝයි.
ReplyDeleteසුභපැතුම්
දැනගන්නට ලැබීම සතුටක්. ස්තුතියි!
Deleteමේක බ්ලොග් එකක් නෙමෙයි මහා පුස්තකාලයක්. මම දැකපු විදියට කාලයට පස්සේ වැඩිම ලිපි ප්‍රමානයක් තියෙන බ්ලොග් එක. පස් අවුරුද්දට සුභ පැතුම්. තව තවත් ලියන්න දිරිය ලැබේවා!
ReplyDeleteමහේශ් සව්දි අරාබියේ සිට.
බොහොම ස්තුතියි, මහේෂ්!
Deleteපස් අවුරුද්දට සුබ පැතුම්..! ඔබේ ලිපිවලින් උගත් දේ බොහොමයි. විශේෂයෙන්ම ආර්ථික විද්‍යාව ඉගෙනීමට අවස්ථාවක් නොලද මා වැනි කෙනෙක් ඔබේ ලිපිවලින් විශාල දැනුමකුත් උත්තේජයකුත් ලැබුවා. දැන් ඒ ගැන තව දුරටත් අන්තර්ජාලය හරහා සෑහෙන්න කියවනවා.
ReplyDeleteමං හිතන්නේ සෑම කෙනෙක්ම ආර්ථික විද්‍යාවේ මූලික දැනුම හෝ ලැබිය යුතුයි. එය සාමාන්‍ය පෙළට අනිවාර්ය විෂයක් කළ යුතු මට්ටමේ වටිනා විෂයක්.
අනිවාර්යයෙන්ම. ලංකාවේ බොහෝ දෙනෙකුට ආර්ථික විද්‍යාවේ මූලධර්ම ගැන ඉගෙන ගන්න අවස්ථාවක් නැති වීම ලංකාව රටක් ලෙස දැන් පවතින තත්ත්වයේ තියෙන්න එක් ප්‍රධාන හේතුවක්. ආර්ථික විද්‍යාව විධිමත් ලෙස ඉගෙන ගන්න ගොඩක් අයත් එය කරන්නේ කැමැත්තක් ඇති නිසා නෙමෙයි. අනිවාර්ය නොකළත් දැන් ඕනෑම කෙනෙකුට නොමිලයේ ඕනෑම දෙයක් ඉගෙන ගැනීමේ අවස්ථාව තිබෙනවා. අවශ්‍ය වන්නේ උනන්දුව ඇති කරවන රැල්ලක් පමණයි.
Deleteටික කාලයක ඉඳලා මෙහාට එන්නේ. රහයි, හරබරයි, කාලෝචිතයි කියන එක තමා හැම post එකක් ගැනම කියන්න තියෙන්නේ.
ReplyDeleteලියන ඉක්මන තව දිගටත් පවත්වාගෙන යන්නට දිරිය, පිරිය හා සවියත්, විවේකයත් ලැබේවා!
ස්තුතියි, නිදි.
Deleteසුභපැතුම්! 5+5=25 වේවා යැයි පතමි.
ReplyDelete5+ 5 плюс энтузиазм читателей = 25! ස්තුතියි!
Deleteසුභ පැතුම් ඉකොනො..!
ReplyDeleteඑකොනොමි වගේම තව බොහෝදේ ගැන උගන්වපු බ්ලොග් එකක්.
සුබ පැතුමට ස්තුතියි!
Deleteඉකොනෝ,
ReplyDeleteඔබගේ බ්ලොග් එකේ ලිපි, කොමෙන්ටු හරහා මතුවන කරුණු හරහා හොද පැහැදිලිකිරීම් ලබාගන්නට පුළුවන්. ඒක ගොඩක් වටිනවා. සුභ පැතුම් වසර 5 ක් ලිපි ලිව්වට.
ඒ වගේම ඉකොනෝ මේ බ්ලොග් එකේ පසුගිය දිනවල ලිපි වලින් ඔබ පැවසුවා ඇමරිකාව කොරෝනා මර්ධනයේදී ගන්නා පියවර සාර්ථක සහ සෑම දෙයක් ගැනම බලා විද්වතුන් ගන්නා තීරණ මත ක්‍රියාත්මක වන බව. එනමුත් Show Me your Walk, HBCU Edition නමැති වැඩසටහනේදී ඇමරිකන් හිටපු ජනපති ඔබාමා වත්මන් කොරෝනා මර්ධන ව්‍යාප්තිය දැඩි ලෙස විවේචනය කරා. වර්තමානයේ සියල්ලම වැරදි ගොස් ඇතිබව ඔහු කිව. එතකොට ඒ වගේ මතයක් එන්නේ ඇයි? ඇත්තෙන්ම ඔබගේ ලිපි පෙළ කියවා මා සිතා සිටියේ සහ ඇතැමුන් සමග තර්ක කලෙත් ඇමරිකාවේ වැඩපිළිවෙල හරියි, ලංකාවේ වැරදියි කියායි. වත්මනයේ ඇමරිකාවේ තත්වය, ඒ ගැන ඇති මත පිලිබදව පැහැදිලි කිරීමක් කරන්නකෝ ඉකොනෝ.
ලංකාවේ සමාජය වගේම ඇමරිකාවේ සමාජයත් මේ වන විට ඉතා දැඩි ලෙස පක්ෂ අනුව බෙදී තිබෙන සමාජයක්. දෙපැත්තේම පක්ෂ බදාගත් අයට අනික් පැත්තේ හැම දෙයක්ම වැරදියි. තමන්ගේ පැත්තේ හැම දෙයක්ම හරි. ඇමරිකාවේ ආර්ථික විද්‍යාඥයින් එකතු වී පක්ෂ පදනමක් නැතිව කාටත් විෂය කරුණු මත එකඟ විය හැකි දේ මත පදනම්ව ඇමරිකානුවන්වද දැනුවත් කරමින් සිටිනවා. ඔබ සඳහන් කරන වැඩ සටහන් මම නරඹා නැහැ.
Deleteසුබ පැතුමට ස්තුතියි!
Month ago I came here when I seen your letter from lankanewsweb website. After that I started to came here daily and already I read lot of letters and learn lot from here. Now I inspired to learn more about economics. Thanks and congratulations!
ReplyDeleteThank you! Good to know that you are inspired to learn more about economics. I am more happy if you can equip with knowledge and independently question almost everything including what I write here so that we can find better answers to many problems.
DeleteMonth ago I came here when I seen your letter from lankanewsweb website. After that I started to came here daily and already I read lot of letters and learn lot from here. Now I inspired to learn more about economics. Thanks and congratulations!
ReplyDeleteDear Econo,
ReplyDeleteI read all letters published in your Blog during the last five years. Your reading would help to widen our horizon.Also noticed that some comments will add values to the main letter.Thanks for humble & silent service. Congratulations!
Thank you very much! I appreciate your generous comment.
Deleteme blog eka kochchara hondata tharka goda naganawada kiyanawanam katauththara nethi una un athana methana mada gahana thathweta wetuna. saitm case ekedi ehema..
ReplyDeleteJaya..
කාලයක් නිද්‍රාවෙන් ඉදලා නැවත් කඩින් කඩ බ්ලොග් කියවන්න පටන් ගත්තා. අවුරුදු පහට සුභ පැතුම්. ලිපි ටික මුළ ඉදන් කියවන්න ඕනෙ
ReplyDeleteස්තුතියි, දිනුක!
Deleteඋගත් දේ බොහොමයි සර්..
ReplyDeleteපින් හුගක් ..
සමීර
ස්තුතියි!
Deleteමා කියවන බ්ලොග් වලින් පලවුන සියලූම ලිපි කියවා ඇති ඒවා ඇත්තේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්.ඔබේ බ්ලොග් එක හා සතපහ ත් එයින් දෙකක්.පුරුද්දක් වශයෙන් දවසකට සැරයක්වත් ඇවිත් බලනවා අලුත් ලිපියක් තියනවද කියලා.ඔබෙන් උගත් දේවල් බොහොමයි.ගොඩක් දේවල් ගැන හිතාගෙන හිටපු විදිහ වෙනස් වෙන්බෙන් ලද දැනුම හේතු උනා.
ReplyDeleteතවත් කාලයක් මෙය පවත්වාගෙන යාමට ලැබේවා කියලා සුබ පතනවා.
(අලුතින්ම දැනගත්තේ ජෝර්ජ් ඕර්වෙල් කියන්නේ ඉංග්‍රීසි ලේඛකයෙක්කියලා. කීප වතාවක් 1984කියවලා තිබුනත් මම හිතාගෙන හිටියේජෝර්ජ් ඕර්වෙල් රුසියානු ජාතිකයෙක් කියලා.)
මා කියවන බ්ලොග් වලින් පලවුන සියලූම ලිපි කියවා ඇති ඒවා ඇත්තේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්.ඔබේ බ්ලොග් එක හා සතපහ ත් එයින් දෙකක්.පුරුද්දක් වශයෙන් දවසකට සැරයක්වත් ඇවිත් බලනවා අලුත් ලිපියක් තියනවද කියලා.ඔබෙන් උගත් දේවල් බොහොමයි.ගොඩක් දේවල් ගැන හිතාගෙන හිටපු විදිහ වෙනස් වෙන්න ඔබෙන් ලද දැනුම හේතු උනා.
ReplyDeleteතවත් කාලයක් මෙය පවත්වාගෙන යාමට ලැබේවා කියලා සුබ පතනවා.
(අලුතින්ම දැනගත්තේ ජෝර්ජ් ඕර්වෙල් කියන්නේ ඉංග්‍රීසි ලේඛකයෙක් කියලා.කීප වතාවක් 1984 කියවලා තිබුනත් මම හිතාගෙන හිටියේ ජෝර්ජ් ඕර්වෙල් රුසියානු ජාතිකයෙක් කියලා.)