වෙබ් ලිපිනය:

Friday, January 18, 2019

දොඩන්නැතුව කෝමෙයි?


පහුගිය ලිපියට වැඩිපුර ලැබිල තිබුණේ යන්නෙ කොහෙද මල්ලෙ දොඩම් ප්‍රතිචාර. කතා කළේ ඉරටයි හඳටයි යන එක ගැනයි. දොඩමුත් ඉර හඳ වගේ ගෝලාකාර නිසා දොඩම් මතක් වුනාද දන්නෙ නෑ. කොහොම වුනත් දොඩම් ගැන කතාවක් ඇදිල ඇවිත් නිසා ඒ ගැනත් මක්කා හරි දොඩන්නැතුව කෝමෙයි?

ඔය ප්‍රතිචාර වල කියන කවුරු හරි විදේශිකයින් කණ්ඩායමක් බිබිලේ දොඩම් වලට ගේම දුන්නා කියන කතාව ටිකක් පරණ කතාවක්. මට ඔය කතාව අහන්න ලැබිලා අඩු ගානේ අවුරුදු තිහක් තිස් පහක්වත් ඇති. ඒ දවස් වල ඔය වගේ කතාවක් ඇහුනහම වැඩි හොයා බැලිල්ලක් නැතුව කතාවට ප්‍රචාරයක් දෙන එක අපිත් කරපු වැඩක්.

ඔය වගේ කතාවක් පැතිරෙන්න මොකක් හෝ හේතුවක් තියෙන්න පුළුවන්. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියනවනේ. හැබැයි ගිණි නැතුවම දුම් නගින වෙලාවලුත් තියෙනවා. මේ කතාවේ පසුබිම හා අදාළ වැඩි තොරතුරු සමහර විට කියවන අය දන්නවා ඇති. මමනම් දන්නේ නැහැ. නොදත් පමණින්, ඔය කතාව බොරුවක් බව හෝ ඔය වගේ දේවල් වෙන්න විදිහක් නෑ කියලා කියන්නත් බෑ. කොහොම වුනත්, පදනමක් ඇතුව හෝ නැතුව ඔය වගේ කතාවක් වේගයෙන් පැතිරුණේ කොහොමද කියන එක ගැනනම් අදහස් දක්වන්න බැරිකමක් නැහැ.

දැන් ලංකාවේ ඕනෑම අහුමුල්ලකින් රටින් එන කහ දොඩම් මිල දී ගන්න පුළුවන්. ඇමරිකාවත් දොඩම් නිෂ්පාදනය කරන හා අපනයනය කරන රටක් වුනත් ලංකාවට මේ දොඩම් එන්නේ ඇමරිකාවෙන් කියා මම හිතන්නේ නැහැ. බොහෝ විට ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලින් වෙන්න පුළුවන්. මේ හා අදාළ අළුත් සංඛ්‍යාලේඛණ තියෙන තැනක් මට හමු වෙලා නැති නිසා නිශ්චිත ප්‍රකාශයක් කරන්න අමාරුයි.

කොහොම වුනත් ඔය කහ පාට රට දොඩම් ලංකාවට එන්න ගත්තේ අසූව දශකයේ මැද හරියේදී වගේ. ඊට කලින් අපි (මම) දැකලා තිබුණේ කොළ පාට දොඩම් විතරයි. අපේ ගම් වල ගොඩක් ගෙවතු වල දොඩම් ගහක් තිබුණා. ඒ ගස් වල කවදාවත්  "මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ" කියන්න තරම් ගෙඩි හැදුනේ නැහැ. හැබැයි ගෙඩි හැදුනා. ගස් ලොකු නිසා ගෙඩියක් කඩා ගන්න එක ටිකක් අමාරු වැඩක්. ඒ වගේම පැණි දොඩම් කියා කිවුවත් ඔය දොඩම් දැන් තියෙන රට දොඩම් තරම් පැණි රස නැහැ. පොඩි ඇඹුල් ගතියකුත් තිබුණා. ඒ නිසා, ගොඩක් වෙලාවට දොඩම් මිරිකලා දොඩම් යුෂ හදලා බොනවා මිසක් දොඩම් බිකි ගලවාගෙන කෑවේ නැහැ.

ඔය කාලේ වෙද්දී මොණරාගල බිබිලේ වගේ පැති වල වාණිජ වගාවක් විදිහට දොඩම් වවන්න ඇති. මමනම් ලංකාවේ එවැනි වාණිජ දොඩම් වගාවක් කවදාවත් දැකලා තිබුණේ නැහැ. කොහොම වුනත්, ඒ පැති වලින් ආපු හෝ එහෙම නැත්නම් අපේ පැත්තේම ගෘහස්ථ වගාවක් ලෙස වවපු ගස් වලින් කඩාගත් දොඩම් කඩෙන් මිල දී ගත හැකිව තිබුණා. ලෙඩෙක් බලන්න එහෙම යන වෙලාවල් වලදී අපි ගෙදර ගහකින් කඩාගත් හෝ කඩෙන් ගත් දොඩම් ගෙඩි දෙක තුනක් අරං ගියා.

දොඩම් ගෙඩි දෙකක් තරමවත් උස නැති කාලේ දැකලා නොතිබුණත් ටිකක් ලොකු මහත් වුනාට පස්සේ කාලෙදී කඩවල් වල කහපාට රට දොඩම් තිබුණු බව මතකයි. මේ රට දොඩම් වල දේශීය දොඩම් වල නොතිබුණු ප්‍රණීත රසයක් වගේම සිත් ඇදගන්නා සුළු පෙනුමකුත් තිබුණා. කොහොමත් ඉතිං මාකට් එකට පොත්ත රතු ගෙඩියක් බැස්සහම ගොඩක් අයට කකා හිටපු ගෙදර වත්තේ ගෙඩිය අමතක වෙනවනේ. ඊට අමතරව මේ ගෙඩියේ රහත් හොඳයි. මිරික මිරික ඉන්න දෙයක් නැහැ. පොත්ත ගැලෙව්වා. ඇදල ඇරියා.

ඉතා පැහැදිලිවම ඔය රට දොඩම, අඩු වශයෙන් මුල් කාලයේදී, දේශීය දොඩම් වලට වඩා ලංකාවේ ගොඩක් අය අතර ජනප්‍රිය වුණා. ඊට අමතරව මේ දොඩම් ගෙඩියක් විකිණුනේ දේශීය දොඩමක මිලට වඩා ටිකක් හෝ අඩු මිලකටයි. ඒ නිසා, රට දොඩම ආපු ගමන් ලංකාවේ දේශීය දොඩම් වලට තිබෙන ඉල්ලුම අඩු වන එකත්, ඒ හේතුව නිසා දේශීය දොඩම් නිෂ්පාදනය පහත වැටෙන එකත් අනිවාර්යයෙන්ම සිදුවිය හැකිව තිබුණු දේවල්. දේශීය දොඩම් නිෂ්පාදනය වට්ටන්න කවුරු හෝ විසින් කුමන්ත්‍රණයක් කළත් නොකළත් එය සිදු විය හැකිව තිබුණා.

රට දොඩම් ලංකාවේ වෙළඳපොළට ඇවිත් ටික කාලයක් යද්දී දේශීය දොඩම් වැඩිපුර පේන්න නැතුව ගියා. ඔය කුමන්ත්‍රණ කතාව වේගයෙන් ප්‍රචලිත වුනේ ඔය කාලයේදී. බිබිලේ කියන නම ඊට පෙර සිටම විදේශීය කුමන්ත්‍රණ හා අදාළව කතා කරද්දී කියැවුණු නමක් වීමත් මේ කතාව පැතිරෙන්න උදවුවක් උනාද දන්නේ නැහැ.

දැන්නම් නැවතත් කොළපාට දේශීය දොඩම් වලට ලංකාවේ ඉල්ලුමක් ඇති වී තිබෙනවා. එය තරමක් දුරට ලංකාවේ සිදු වූ සංස්කෘතික වෙනසක් එක්ක සිදු වුනු දෙයක් වෙන්න පුළුවන්. කොහොම වුනත් රට දොඩම් වල ජනප්‍රියත්වයත් තවමත් අඩු වෙලා නැහැ. මිල වුවත් දේශීය පළතුරු වල මිල එක්ක බැළුවහම එතරම් වැඩි නැහැ.

දැන් ලංකාවේ ආගමික කටයුතු සිදුවෙන විදිහෙත් අමුතු හා අලුත් දේවල් තියෙනවනේ. පහුගිය අවුරුද්දේ මගේ පියාගේ තුන් මාසේ දානය වෙලාවේ හාමුදුරුවරුන්ට පළතුරු කූඩයක් බැගින් පූජා කළ යුතු බව ගමේ හාමුදුරුවෝ විසින්ම කියලා තිබුණා. තවත් විශේෂ ඉල්ලීමුත් තිබුණා. දානයට වැඩම කරපු අප කාලයක් තිස්සේ දැන සිටි ජ්‍යෙෂ්ඨ නායක හිමිවරුන් කිහිප නමක් ඇතුළු වෙනත් විහාරාධිපති හිමිවරුන් තරමට ගමේ පන්සල මිල දී ගෙන අළුතින් පැමිණ සිටි මේ හාමුදුරුවන්ව අප ඇසුරු කර තිබුණේ නැහැ. කෙසේ වුවත් ගමේ පන්සල නිසා තීරණ ගැනීමේදී අපි ඒ හාමුදුරුවන්ට තැන දුන්නා.

ඔය වැඩේට පළතුරු ගන්න ගියේ මම. කූඩ තිහක් හදන්න ප්‍රමාණවත් තරමට ගත්ත පළතුරු අතර දේශීය පළතුරු වර්ග ගණනාවක්ම තිබුණා. ගෝනි කිහිපයක්. රට පළතුරුත් තිබුණා. නමුත්, මම අදහස් කරපු විදිහට කූඩ හැදුවහම වර්ග ගණනාවක් අතරේ රට පළතුරු ටික ලොකුවට මතු වෙලා පේන්නේ නැහැ. ගෙදර අනෙක් අයට ඕනෑ වුනෙත්, ගමේ හාමුදුරුවන්ට ඕනෑ වෙලා තිබුනෙත් ඇපල්, රට දොඩම් හා රට දෙළුම් වලින් පිරුණු කූඩ. ඒ නිසා අන්තිමට අර දේශීය පළතුරු පැත්තකට දමලා වැඩිපුර රට පළතුරු දමලා කූඩ පුරවන්න වුණා.

මම කියන්න හදන්නේ අවසාන වශයෙන් වෙළඳපොළ සමතුලිතතාවය තීරණය කරන්නේ පාරිභෝගික රුචිකත්වය විසින් බවයි. ලංකාවේ මිනිස්සු වඩා කැමති දේශීය දොඩම් වලටනම් මොන ලෙඩ බෝවුනත් ඒ ලෙඩ වලට පිළියම් කොහෙන් හෝ ලැබී නැවත ගස් වල දොඩම් හැදෙයි. වඩා කැමති රට දොඩම් වලටනම් කුමන්ත්‍රන නැතත් දේශීය දොඩම් නිෂ්පාදනයට පැවැත්මක් නැහැ.

රටින් එන පළතුරු වලට බෙහෙත් ගහලා කියන එක ප්‍රචලිත කතාවක්. කතාව බොරුවක් නෙමෙයි. ඇමරිකාවේදී අළුත් ඇපල්, දොඩම්, මිදි ආදිය කාලා ලංකාවට ආවහම ලංකාවේ වෙළඳපොළේ විකුණන්න තිබෙන ඒ පළතුරු කටේ තියන්නවත් හිතෙන්නේ නැහැ. එක පාරටම වෙනස තේරෙනවා. හැබැයි ඔය වැඩේ කෙරෙන්නේ ලංකාවේදීමයි. ඒ වගේම ඔය විදිහට රසායනික ගහන්නේ රට පළතුරු වලට විතරක් නෙමෙයි. කෙසෙල්, ගස්ලබු, අඹ වගේ දේශීය පළතුරක් ගත්තත් වෙනසක් නැහැ. මෙතැන සිදුවන්නේ බාහිර කුමන්ත්‍රණයක් නෙමෙයි.

දැන් ඔය කතාවට අනුව ඔය කුමන්ත්‍රණය වෙන්න කලින් බිබිල මොණරාගල පැත්තේ මාර විදිහට දොඩම් හැදිලා තිබෙනවා. බිබිලේ දොඩම්, නාවල අන්නාසි, මල්වානේ රඹුටන්, කළුතර මැන්ගුස් වගේ සමහර පළතුරු වල නම් එක්ක ගම් වල නම් කියවුනත් ඔය සම්බන්ධතා කොයි තරම් ප්‍රබලව පැවතුනාද කියන එක සොයා බැලිය යුතු දෙයක්.

කාලයක් බිබිල මොණරාගල පැත්තේ සරුවට දොඩම් හැදී තිබෙන බව බොරුවක් නෙමෙයි. මේ කියන කාලය අසූව දශකයට පෙර කාලයක්. නමුත්, මහා දිග කාලයක් නෙමෙයි. මම හිතන හැටියට වැඩිම වුනොත් දශක කිහිපයක කාලයක්. බිබිලේ දොඩම් වගාව විනාශ වුනේ කොහොමද කියන එක වගේම බිබිලේ දොඩම් හැදුණේ කොහොමද කියන එකත් කතා කළ යුතුයි.

ලංකාවේ දැන් ජනප්‍රියව තිබෙන බොහෝ පළතුරු වර්ග යුරෝපීය පාලන කාලයන් වලදී හඳුන්වා දෙනු ලැබූ හෝ ව්‍යාප්ත වූ පළතුරු. රඹුටන්, දුරියන්, මැන්ගුස් වගේ නම් මැලේ නම්. මේ පළතුරු පෘතුගීසි කාලයේදී වත්මන් මැලේසියාවෙන් හෝ ඉන්දුනීසියාවෙන් පැමිණි පළතුරු . නමුත්, දොඩම්නම් සෑහෙන කාලයක සිට ලංකාවේ තිබී ඇති පළතුරක්.

දොඩම් වල නිජබිම උතුරු ඉන්දියාව, උතුරු මියන්මාරය හා දකුණු චීනය අයත්වන ප්‍රදේශයක්. මුලින්ම දොඩම් පැතිරිලා තියෙන්නේ ආසියාවේ. සෑහෙන කාලයකට පෙර දකුණු යුරෝපයටත් පැතිරිලා තියෙනවා. නමුත් ඇමරිකාවට පැතිරිලා තියෙන්නේ කොලොම්බස් ආවට පස්සේ.

චන්ද්‍රසිරි දොඩම්ගොඩ, තුමිඳු දොඩම්තැන්න, බෙනඩික්ට් දොඩම්පේගම වගේ මිනිස්සු ගැනත් දොඩම්ගස්ලන්ද, දොඩම්පේ, දොඩම්දූව වගේ ගම් ගැනත් අපට අහන්න ලැබෙන එකෙන් පේන්නේ දොඩම් ගස් කාලයක් තිස්සේ ලංකාවේ පැතිර තිබී ඇති බවයි. නමුත්, ඒ අර මම මුලින්ම කිවුවා වගේ ගෘහස්ථ බෝගයක් විදිහට මිසක් වාණිජ බෝගයක් විදිහට නෙමෙයි. මේ ගස් වලින් ලොකු පලදාවක් ලැබී ඇති බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා, දහනවවන සියවසේ දෙවන අර්ධයේදීත් දොඩම් කියන්නේ ලංකාවේ ගෙවතු වගාවක් මිස වාණිජ භෝගයක් නෙමෙයි.

ලංකාවේ දොඩම් වගාව ගැන 1881දී ඩබ්. ෆර්ගසන් විසින් ලියනු ලැබ ඔබ්සර්වර් පුවත්පතට යැවූ ලිපියක් 1908 දී "ද ට්‍රොපිකල් ඇග්රිකල්චිර්ස්ට්" සඟරාවේ (වෙළුම 30, පිටුව 99) පළවී තිබෙනවා. එහි ඔහු මෙසේ කියනවා. (අරුත පැහැදිලි වන පරිදි මගේ වචන වලිනුයි ලියන්නේ)

"දොඩම් වගාව වෙනුවෙන්ම වෙන් කර ඇති කිසියම් ඉඩමක් ලංකාවේ ඇති බවක් මා දන්නේ නැහැ. ආර් එල් එම් බ්‍රවුන් මහත්තයා (වාණිජ බෝගයක් ලෙස) මහර පැත්තේ දොඩම් වවන්න උත්සාහ කළත් එය සාර්ථක වුනේ නැහැ. ලංකාවේ දොඩම් වවන්නේ ගෙවල් අවට හා වතු වල මිශ්‍ර වගාවක් ලෙසයි. ඒ නිසා, කොළඹ විකුණන්න තියෙන දොඩම් එන්නේ කොහෙන්ද කියා හොයන්න යන කෙනෙක් අමාරුවේ වැටෙනවා. පසුගිය අවුරුදු විසිපහ පුරා ගලහ වත්තේ දොඩම් ප්‍රසිද්ධියට පත්ව තිබුණත් එහි දොඩම් වවා තිබෙන්නේ කෝපි වවා ඇති මේ වත්තේ පාරවල් දිගේ මිසක් වෙනම වගාවක් ලෙස නෙමෙයි."

ලිපිය පළ වූ 1908 වෙද්දී ගලහට අමතරව හැටන් හා බදුල්ල ප්‍රදේශ වලත් වාණිජ භෝගයක් ලෙස දොඩම් වගාව ව්‍යාප්ත කරන්න උත්සාහ තිබෙන බව පෙනෙන නමුත් සාර්ථක වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. කෙසේ වුවත්, හැටන් වලට වඩා බදුල්ල දොඩම් වගාවට යෝග්‍ය බව පෙනී ගොස් තිබෙනවා.

වෙනත් වාර්තාවක ඇති තොරතුරු අනුව 1880 මැයි 13න් අවසන් වූ දෙසතිය තුළ ලංකාවේ නගර කිහිපයක දොඩම් විකිණිලා තිබෙන්නේ පහත මිල ගණන් වලටයි.

ලොකු දොඩම් ගෙඩි දුසිමක්
කොළඹ - ශත 50
මහනුවර - ශත 48
ගාල්ල - ශත 50
නුවරඑළිය - ශත 25

පොඩි දොඩම් ගෙඩි දුසිමක්
කොළඹ - ශත 37
මහනුවර - ශත 36
ගාල්ල - ශත 37
නුවරඑළිය - ශත 18

මිල ගණන් වල වෙනස්කම් අනුව පෙනෙන්නේ ඒ වන විට වැඩිපුර දොඩම් වවා තිබෙන්නේ නුවරඑළිය පැත්තට වෙන්න බවයි. පහතරට කලාපයේ වැවෙන පළතුරක් වන අන්නාසි ගෙඩියක මිල දිහා බැලූ විට මේ කරුණ පැහැදිලි වෙනවා.

අන්නාසි ගෙඩියක්
කොළඹ - ශත 4
මහනුවර - ශත 25
ගාල්ල - ශත 6
නුවරඑළිය - ශත 37

සමහර විට ඔය දවස්වල නාවල පැත්තේ ලොකුවට අන්නාසි වවන්න ඇති.

බ්‍රිතාන්‍ය පාලන කාලයේදී, 1912දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසුව රටේ විවිධ ප්‍රදේශ වල දොඩම් වගාව අත්හදා බලා තිබෙනවා. නමුත්, මුලදී සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම පහසු වෙලා නැහැ. අන්තිමට බදුල්ල හා මොණරාගල පැති වල දොඩම් වවා සරු අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ 1940 පමණ වෙද්දීයි.

කොහොම වුවත්, ඒ සාර්ථකත්වය වැඩි කලක් පැවතිලා නැහැ. 1950 පමණ වෙද්දී ට්‍රිස්ටෙසා වෛරසය පැතිරීම හා වෙනත් හේතු නිසා දොඩම් ගස් කණාටු වෙලා අස්වැන්න අඩුවෙලා ගිහින් තියෙනවා. මේ ලංකාවේ දොඩම් වගාවට මේ වගේ හානියක් සිදු වෙලා තිබෙන පළමු අවස්ථාව නෙමෙයි. දොඩම් වගාව රටේ ව්‍යාප්ත වෙන්නත් කලින් 1900 පමණදීත් හඳුනා නොගත් රෝගයක් වැළඳී ලංකාවේ දොඩම් වගාව විනාශ වෙලා තිබෙනවා. මේ විදිහට වෛරස් හෝ වෙනත් රෝග පැතිරීම නිසා වගාවන් විනාශ වීම දුලබ දෙයක් නෙමෙයි. ලංකාවේ කෝපි වගාව විනාශ වුනෙත් මෙවැනිම හේතුවකිනුයි.

සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන විදිහට 1960 දශකයේදී ලංකාවේ දොඩම් වගාව නැවතත් පණ ගසා ඇවිත් තියෙනවා. මේ වන විට ලංකාවේ පරිභෝජනය කරන දොඩම් ප්‍රමාණය තරමටම දොඩම් 1963, 1964 වගේ අවුරුදු වලදී රටේ නිෂ්පාදනය වී තිබෙනවා. නමුත්, සෑම වසරකම එක වගේ පලදාවක් ලැබී නැහැ. පලදාව විශාල ලෙස විචලනය වී තිබෙනවා. එසේ වුවත්, 1980 පමණ වන තුරු ලංකාවට දොඩම් ආනයනය කර නැති නිසා පරිභෝජනය කර තිබෙන්නේ රටේ හැදුණු දොඩම් ප්‍රමාණය පමණයි. මේ කාලයේදී දොඩම් වාරයට මිල ගණන් විශාල ලෙස පහත වැටීමත්, අවාරයට මිල ගොඩක් ඉහළ යාමත් සිදු ඇති බව පේනවා. දොඩම් ආනයනය කරන්න පටන් ගැනීමෙන් පසුව වසරේ සෑම කාලයකදීම ලංකාවේ වෙළඳපොළෙන් දොඩම් මිල දී ගන්න හැකි වී තිබෙනවා වගේම මිල ස්ථාවර වී ද තිබෙන බව පෙනෙනවා.

බිබිලේ දොඩම් වගාව විනාශ කරන්න කුමන්ත්‍රණය කර තිබෙන්නේ කවුරු වුවත් බිබිල පැත්තට දොඩම් වගාව හඳුන්වා දී ව්‍යාප්ත කර තිබෙන්නේනම් ඉංග්‍රීසින් විසිනුයි. 1850 පමණ සිට උත්සාහ කිරීමෙන් පසුව ඒ වැඩේ සාර්ථක වී තිබෙන්නේ 1940 පමණ වෙද්දීයි. එහෙම නැතුව අනාදිමත් කාලයක සිට මොණරාගල බිබිල පැති වල දොඩම් වගා තිබී නැහැ. සාර්ථකය කියා කීවත් මේ වගාවන්ගෙන් හොඳ මට්ටමේ පලදාවක් ලැබී තිබෙන්නේ අතරින් පතර වසර කිහිපයක කෙටි කාලාන්තර කිහිපයක් ඇතුළත පමණයි.


ඉංග්‍රීසින් ගියාට පස්සේ ලංකාවේ ආණ්ඩු යටතේත් කෘෂිකාර්මික අංශයටනම් යම් සැලකිල්ලක් ලැබුණු ලැබුණු බව කියන්න පුළුවන්. එහි වරදක් නැහැ. ඒ හේතුව නිසා හෝ වෙනත් වෙළඳපොළ සාධක මත මෑත වසර වලදී ලංකාවේ දොඩම් වගාව නැවතත් ජනප්‍රිය වෙමින් තිබෙනවා. මේ වන විට ලංකාවේ දොඩම් වගාව වෙනුවෙන් යෙදවෙන භූමි ප්‍රමාණය ඉතිහාසයේ කවර කලකවත් මේ වගාව වෙනුවෙන් යෙදෙවී නැහැ. එහෙත්, ලංකාවේ දොඩම් පරිභෝජනය රටේ දොඩම් නිෂ්පාදනය මෙන් දෙගුණයක් පමණ වෙනවා. මෙයට එක හේතුවක් වන්නේ දේශීය දොඩම් ආනයනික දොඩම් වලට පූර්ණ ආදේශකයක් නොවීමයි. අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ වගේ අය හොයන්නෙම පොත්ත රතු ගෙඩි නිසා දේශීය නිෂ්පාදනය ඉහළ යාම ආනයනික දොඩම් ඉල්ලුම මුළුමනින්ම නැති කරන්නේ නැහැ.

ඊළඟ ප්‍රශ්නය වන්නේ ලංකාවේ දොඩම් ඵලදා අනුපාතය ගොඩක් අඩු මට්ටමක පැවතීමයි. දොඩම් වගාවට වෙන් කරන ඉඩම් ප්‍රමාණයේ තරමට දොඩම් නැහැ. ඒ නිසා, වැඩි ඵලදාවක් තියෙන රටවලට මෙහේ හදනවට වඩා ගොඩක් අඩු මිලට ලංකාවට දොඩම් එවන්න පුළුවන්. පහත තියෙන්නේ ලංකාවේ හා වෙනත් ප්‍රධාන හා අසල්වැසි දොඩම් වවන රටවල ඉඩම් හෙක්ටයාරයකින් ලබාගන්නා දොඩම් කිලෝග්‍රෑම් ප්‍රමාණයයි.

බ්‍රසීලය- 27,640
ඇමරිකාව- 21,525
චීනය- 16,975
ඉන්දියාව- 12,724
මෙක්සිකෝව- 14,432
ස්පාඤ්ඤය-  23,894
ඊජිප්තුව- 25,203
තුර්කිය- 37,982
ඉතාලිය- 17,920
දකුණු අප්‍රිකාව-  42,195
ඇල්බේනියාව- 41,502
ඝානා- 39,926
ඉන්දුනීසියාව- 39,233
ගෝතමාලාව- 35,004
ග්‍රීසිය- 32,466
ඉරානය- 26,013
ඕස්ට්‍රේලියාව- 19,334
තායිලන්තය- 21,217
පකිස්තානය- 11,612
නේපාලය- 10,078
ලංකාව- 937

පේනවනේ තත්ත්වය. ලංකාවේ දොඩම් ගහක ගෙඩියක් හැදෙන කොට වෙන රටවල් වල ගහක ගෙඩි තිහ හතළිහක් හැදිලා. ලෝක ආහාර සංවිධානයේ දත්ත අනුව දොඩම් පලදාව අතින් ලංකාවට පහළින් ඉන්නේ තව එක රටක් (බොස්නියාව) විතරයි.  ඔය බිබිලේ දොඩම් අස්වැන්න සරුවටම තිබුණු අවුරුදු වලදීවත් ලංකාවේ දොඩම් අස්වැන්න අනික් රටවල් වල කිට්ටුවකවත් තිබිලා නැහැ. අනෙක් පැත්තෙන් බැලුවොත් දොඩම් නිෂ්පාදනය හෝ පරිභෝජනය අතින් ලංකාව කිසිම දවසක ලැයිස්තුවේ උඩ ඉන්න රටවල් වලට කිට්ටු කරලා නැහැ.

පළ ඇති දොඩම් රුක් තියෙන,  ලොකු දේශීය දොඩම් ඉල්ලුමක් තියෙන, දොඩම් අපනයනය කරන රටවල් තව සිය ගානක් තියෙද්දී, හිඟන්නාගේ දොඩම් පාත්තරේටම හෙනහුරාගෙන් ගෙනාපු ට්‍රිස්ටෙසා වෛරසය හරි වෙන පලිබෝධයක් හරි දාලා බිබිලේ දොඩම් වගාව කවුරු හරි විනාශ කළානම් ඒ මොකක් හරි මාර ලොකු තරහකටම වෙන්න ඕනෑ.

අහන්න කලින්ම කියන්න තව දෙයක් තියෙනවා. ලේඛකයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සුළු සේවකයෙක් නෙමෙයි!

51 comments:

  1. මහත්තයා දොඩම් විකුණන වෙළෙන්දක්ද?

    ReplyDelete
    Replies
    1. අවුරුද්දකට සැරයක් වගේ දොඩම් යුෂ වගේ දෙයක් විකුණන්නනම් සහභාගී වෙනවා.

      http://economatta.blogspot.com/2016/05/blog-post_20.html

      Delete
  2. දොඩම් ගැන නොදන්නා ගොඩක් දේවල් දොඩන එක ගැන දොඩන්න වදන් නෑ!

    ReplyDelete
  3. 'අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ වගේ අය හොයන්නෙම පොත්ත රතු ගෙඩි නිසා'

    ඉහත ජේදය මගින් බුද්ධාගමට අපහාස කොට ඇති අතර, ඒ සම්බන්ධව අපගේ බරපතල අමනාපය මෙම අන්තර්ජාල පුවත් බ්ලොග් අඩවියට මෙසේ දක්වා සිටිමු.

    ReplyDelete
    Replies
    1. නිදහස් අධ්‍යාපනයේ පළ නෙලාගෙන සංක්‍රමික වූ වන්හට මෙයමෙසේ ලිවිම එතරම් බරපතල කජ්ජක් නොවේ. සුද්දන්ගේ පුක පවා ලෙවකමින් ලංකාවේ දේ ගැන විවේචනය කරමිනින් ඉන්න මොවුන් ගැන ලියා පලක් නැත මෙවන් කීපදෙනෙක්ම පොරවල් වීමේ අදහසින් මෙසේ ලියති

      Delete
    2. පිටරට සංක්‍රමණය වූවන් ගැන ඊර්ෂ්‍යාෙවන් පෙළෙන පශ්චාත් භාගය කසාගන්න නියපොත්තක් නැති අය මෙවැනි අනවශ්‍ය කොමෙන්ට් දමා වැදගත් මාතෘකාවක් අල කරති

      Delete
    3. AnonymousJanuary 20, 2019 at 10:58 PM

      මේ බටහිර රටවල් වලට එක එක මාර්ග වලින් පැනගෙන එහි හොඳටම සාමාන්ය ජීවිත ගත කරන ලන්කාවේ අයියලාට තමන් සිරා පොරවල් කියා කීමට ඇත්තේ පුදුම අමාරුවකි.

      රසිකොලොජි, අජිත් දර්මා හොදම උදාහරනය.

      තමන් දැනට ජීව්ත් වන සමාජයට සෙට් වීමට ඇති නොහැකියාව මුන් වසාගන්නේ අපට ලොකුපාට් දැමීමෙනි.

      හොඳින් බැලුවොත් මැද පෙරදිග සිට බ්ලොග් ලියන අයට මෙවැනි අමාරුවක් නැත. ඔවුන් අපට ලොකුකම් දාන්නට එන්නේ නැත. ඔවුන් සාමාන්යෙන් ඉතා ආතල් පොරවල්ය.

      Delete
    4. Anonymous January 20, 2019 at 10:58 PM

      ඔය රට ගිය ඇත්තෝ ගැන මරාවාදී කුප්‍රකට බ්ලොග්කාරයෙක් කාලෙකට කලින් පට්ට පෝස්ට් එකක් දාල තිබ්බ නේද? ඌ කියපු විදිහට ලංකාවෙ ඉපදිලා ලාංකික මහජන මුදලින් ඉගෙනගෙන පී.ආර්. අරන් පිට රටවල් වල ගිහින් ජීවත්වෙන සමහර උන්දැලාට ලන්කාවට ඇවිත් පම්පෝරි කියවන්න තිබුන චෑන්ස් එක මරා කල්ලිය බලයේ හිටපු වනචර දශකයේ වෙච්චි සංවර්දනේ නිසා නැති වුණාලු. බලන් ගියාම කතාවත් ඇත්ත. මතක ද ඒ කාලේ සමහර රට ගිහින් ආපු කස්ටිය ගේ පොර ටෝක්?

      "අපෝ මල්ලි ලන්කාවෙ යුද්දෙනෙ..., චික් මහ කාලකණ්ණි කවදාවත් ඉවර නොවෙන තුවාලයක් මේක...ඒකට ඔසී/ යූකේ / කැනඩා එක්සෙට්‍රා, ශාහ් මාරම පීස්ෆුල්, එහේ අය බෝමබ, තුවක්කු දැකලවත් නැහැ, මාර සේෆ්, ෂඃ අන්න රටවල්"

      මෙහෙ මේ අලි නාවන තඩි වලවල් තියෙන කෝපි කාලෙ පාරවල් වගේ ද එහෙ?
      අම්මට හුඩු යකෝ ගමන් යන්නෙ සුරුස් ගාලා හයි වේ එකේ නේ..., සීයට ඇරල යතහැකි ඕයි, පිස්සු හැදෙයි, මෙහෙනම් තව කල්ප ලක්ශයක් ගියත් ඒ වගේ පාරවල් දකින්න වෙන්නෙ නැහැ, අම්මප"

      "ශික් මේ ලන්කාවෙ පිරිසිදු කම අන්තිමයි නේ.. පාරෙ හැම තැනම කුනු.. කොළඹ අගනුවර වෙලත් කැත විතරක්, ගඳේ බෑ, අපූ... :( ඒ රටවලනම් පාරෙ බත් දාගෙන කතහැකි"

      "යකෝ මෙහෙ වගේද එහෙ මල්ලි... මහජනතාවට විනෝද වෙන්න..පාගමනේ වියායාම කොරන්න පබ්ලික් ස්පේසස් තියෙනවනේ..., මාරයි ඕයි, මෙහේ ඇති ලබ්බක් වත් නැහැ, හිකේ ශික්."

      දැන් ඉතින් ඕවා කාට කියන්නද.. 2005-2017 කාලෙදි ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දුන්නා නේද? ඉතින් ඉඳ හිටලා ලන්කාවට ඇවිත් මෙහෙ ඉන්න නෑදෑ හිතවතුන් ට දෙන්න තිබුනු පොර ටෝක් එක නැතිකොලාට පිටරටවල ඇම්ඹිටිල්ලන් මීයෝ වගේ ජීවත් වෙන ඈයො මහින්ද /ගෝටා එක්ක වෛර බැන්දා කියල තමයි මරාගෙ සට්ටැඹි බ්ලොගා ලියල තිබ්බෙ.

      අන්න ඒ නිසා මුන් කරන්නෙ මෙහේ මොකක් හරි පොඩි සීන් එකක් ඇදුන ගමන්

      "අම්මට හුඩු ලංකාවෙ ඔහොමම මයි, බට් ඒකට ඔසී වල, පුහ් බලන්න එපායැ" කිය කිය ගොන් පාට් ලෝකයක් අතාරින එක.

      ඒකටම හරියන රනිල් -හිටන් ඩබල - පාරෙ ඉරි කහ පාටෙන් සුදු පාට කොල එක තමා එකම සන්වර්දනේ..පාර පුරා කුනු.. හැමදාම පාරවල් වහලා විරෝදතා..., ඉතින් දැන් ඔය පිට රට ඉන්න ශ්‍රී ලංකන් කල්ලතෝනි ගොබ්බ රැලට ෆුල් ජොලි කිය්ලත් ඌ ලියල තිබ්බ....

      මොකෝ බැරිවෙලාවත් පිට රට පදින්චි වෙලා හිටියා කියලා ඒ රටවල සුද්දන් ගේ ඉන්ග්‍රීසි සන්ගමයක කතාවක් කොරන්න කියලා ආරාදනා ලැබෙනව ද?

      ලංකාවෙ අපිට කුණු විදිහට කැත කතා කියල මහ අසික්කිත විදිහට බැන්නට මේ සමහර රට ගිය හාදයන් ට ලන්කාවේ පුරුදු අත හරින්න බෑ... මතකයි නේ මලගෙවල් මගුල් ගෙවල් වල බලෙන් ම කතා පවත්වන සැට් එක....? මේ හාල්පාරු වහන්සේලා එහෙ ගිහිනුත් කොරන්නේ සිංහල සන්ගම් අටෝගෙන ගොන් පාට් දාන එක. සමහරක් ඔයි සින්හල සන්ගම් අටවා ගන්නෙම ඒ රටවල ආන්ඩුවෙන් මයිනෝරිටි සන්ස්කෘතීන් දියුනුවට වෙන් කොරනා ග්‍රාන්ට් එක කඩාගන්නමයි නේ.... දන්නවනේ ගෙදර ගෑනියි මිනිහයි සන්ගමේ සබාපති හා ලේකම්... ඒ වැනි සන්ගම් කීපයක් ම එකම් පවුලේ අතඩන්ගුවේ තියෙනවනේ ! අපොයි එපා කියලා අත හැරලා දාලා ගිය සින්හ්ලේ විකුනන් කන්නේ එහෙමයි !

      හැබැයි ඒකට ලංකාවේ ඉන්න ළිං මැඩි අපි... ඉස්කෝලෙන් කැම්පස් එකෙන් එලියට ගියාට පස්සෙ සින්හල සන්ගමේ කතා කොරන්නවත් කතා අහන්නවත් යනවද?

      කසාද ගෑනි දෙන ආතල් මදි කියල දමලා ගහලා වෙන ගෑණියෙක් එක්ක පැනල ගිය එකෙක් හිටපු කසාද ගෑණිගේ අහවල් එක ගැන වොරි වෙනවා වගේ අමුම අමු ගොන් මීහරක් වැඩක් මේකනම්, මුන්ට නම් _කේ ඉඳන් පිස්සු.

      Delete
  4. බිබිලේ දොඩම් වගා කරුවන්ට අපනයනය පහසු වනු පිණිස මුහුදක් නොපෙනෙන බිබිලට වරායක් දෙන බවට මන්ත්‍රී ධුර අපේක්ෂකයකු වූ විජයානන්ද දහනායක චන්ද පොරොන්දුවක් දුන් කතාවක් මා අසා ඇත!

    ReplyDelete
  5. මේ ගසේ බොහෝ පැණි දොඩම් ඇතේ කියා කියා ඔයා ඔය කරන්නේ තුප්පහි වෙළදපල මාෆියාව සාධාරණියකරණය කරන එකනේ.................

    // ඔය ප්‍රතිචාර වල කියන කවුරු හරි විදේශිකයින් කණ්ඩායමක් බිබිලේ දොඩම් වලට ගේම දුන්නා කියන කතාව ටිකක් පරණ කතාවක්. මට ඔය කතාව අහන්න ලැබිලා අඩු ගානේ අවුරුදු තිහක් තිස් පහක්වත් ඇති. ඒ දවස් වල ඔය වගේ කතාවක් ඇහුනහම වැඩි හොයා බැලිල්ලක් නැතුව කතාවට ප්‍රචාරයක් දෙන එක අපිත් කරපු වැඩක්.

    ඔය වගේ කතාවක් පැතිරෙන්න මොකක් හෝ හේතුවක් තියෙන්න පුළුවන්. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියනවනේ. හැබැයි ගිණි නැතුවම දුම් නගින වෙලාවලුත් තියෙනවා.//

    වගේ දෙකට දෙවාරේ පී කතා නොකියා කෙලින්ම කියන්නකෝ මොකද්ද උනේ කියලා.................

    අනේ මන්දා මහත්තයෝ ඔයාලා ඇත්ත රවුන් කර කර බෝල කර කර හරි අමාරුවෙන් මේවා ලියන්නේ කාගේ උවමනාවටද කියන එක අපිට නම් තේරුම් ගන්න අමාරු නෑ, මේ රටේ බත් කන හරක් බහුතරයකට බැරි උනාට.................

    මෑත ඉපදුනු ළදරුවටත් පටන් රෝගියා මහල්ලා දක්වාම කන්න තිබුණු දේශීය දේවල් හැම රටකම විනාස කරලා පරම්පරා පිටින් ලෙඩ්ඩු කරලා පිට රටවල බහු ජාතික සමාගම් වල බඩ තඩි ඌරො අතලොස්සකට සහ උන්ගේ කටු කන දේශීය මිනී මරුවෝ ටිකකට ඩොලර් ගරන්න මිනිස්සුන්ගේ ඔලු හෝදන අමාරුව නේද...............

    අනාගත පරපුරට හිටන් විස කවලා ඩොලර් ගරන නුතන ඩොයිලිලාට හෙන ගහන්නේ.............හෙන.............සවන් ඇත්තෝ සවන්දෙත්වා.......................

    ReplyDelete
    Replies
    1. අනේ ඉකොන් ඔයා මහන්සිවෙලා මේ ලියන ඒවා අපේ බත් කන හරක්ට තේරෙන හැටි ඉහළ ඇනෝ කොමෙන්ටුවෙන් බලාගන්න පුළුවන්. මේ ලියන ඒවා අපරාදේ වගේ උනාට මේවා කියවන මොළේ කළඳක් හරි තියෙන මිනිස්සු වෙනුවෙන් මේවා තවත් ලියන්න .

      Delete
    2. @ AnonymousJanuary 19, 2019 at 4:53 AM

      තමුන්ගේ රටේ කුඩා දරුවාගෙ පටන් රෝගී මහල්ලා දක්වාම කන්න හරි දෙන්න තියන දේශීය දේ විනාශ කරන විනාශ කරන බහු ජාතික වෙළද මාෆියාවට කඩේ යන ඉකොනා ටත් කඩේ යන උබලා වගේ උන්ට තමා බත් කන හරක් කියන්නේ........අද ලෙඩ පිරුණු බෙලහීන වකුගඩු රෝගී පිළිකා රෝගී වද විමට නියමිත බෙලහීන ජාතියක් උනේ මම කියපුවා නිසා නෙවෙයිද මේ අන්තිම අවරුදු 30-40 ඇතුලෙදි කියලා මොලයක් තියනවා නම් හිතලා බලපන් ඉකොනගේ ගරිල්ලා මාකටින් වලට අහු වෙන්නේ නැතිව ...........තොපි හිතින් හද පෙන්නුවාම ඇගිල්ල බලන ගොන් හැත්ත නේ................
      වැඩේ කියන්නේ උබ ඉකොනට කඩේ ගියාට උබටයි උබේ දැරූ මල්ලන්ටයි කන්න වෙන්නෙත් කප්පරක් වස ගහපු මල ජරාව ම තමයි...............ඕක වත් තේරුම් ගන්න බැරුව ඉකොනගේ කහ පාට දොඩo ගෙඩියට කෙල හල හල ඉන්න තොපි වගේ මෝඩයෝ නිසා තම ඉතින් ලංකාව මෙච්චර දියුණු..................
      ඉකොන මේ ගසේ බොහෝ කියා කියා වෙළද මාෆියාවට කඩේ ගියාට ඌට පාඩුවක් නෑ...............තොපි තමා ඉකොනගේ කහ පාට දොඩමට වහ වැටිලා හලාහල විස පිරුනු මල ජරාව දරුවන්ට හිටන් ගිල්ලලා අනාගත පරම්පරාවල් ලෝක ලෙඩ්ඩු කරලා අපේ ජාතිය මහා පොළවෙන් අතුගාලම දාන්න වැලි කන උන්ට බටර් නැතිවම දෙන්නේ ගිහින්....................මෝඩ ගොන් හැත්ත බත් කන හරක් ම තමයි ඉතින්....................
      යකෝ ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම මේ මොහොතේත් වෙන්නේ මම මතක් කරපු තිත්ත ඇත්ත නෙවෙයි ද කියලා මොලේ මන්චාඩියක් හරි තියනවා නම් හිතලා බලපන්..................නැත් නම් නෑ කියලා සාක්කි ඇතුව කියපන්..................නිකන් වහල් කම ප්රපදර්සනය නොකර...................

      Delete
    3. Anonymous January 18, 2019 at 11:44 PM and
      AnonymousJanuary 20, 2019 at 1:50 AM

      ඇනෝ ඔබගේ බස්වහර මීට වඩා වෙනස් කර වඩාත් ප්‍රියජනක කරගත හැකිනම් අගෙයි, එවිට වඩා හරවත් සංවාදයකට මග පෑදෙයි. ජවිපෙ/ වීරවංශ ආදීන් මෙන් මඩ/ අවලාද/ අපහාස වලින් අනෙකාගේ අදහස් වෙන වීම වෙනුවට වෛරය පමණක් ඇතිවෙයි. සංවාදයෙන් සාකච්චාවෙන් සම්මුතියෙන් වඩා නිවැරැදි අදහස් සමාජ සම්මුතීන් කරගත හැකියි.

      Anonymous January 19, 2019 at 4:53 AM

      විරුද්ධ මතවාද දරන අයට ඔවුන්ගේ ආහාර පුරුදු පවා අල්ලාගෙන අපහාස කිරීම හෙළාදකිමු. ඔබ බත් වෙනුවට පාන් කනවා කියා සිතන්න, දැන් ඔබට යමෙක් "පාන් කන හරකෙක්" කියනවට ඔබ කැමතිද?

      අනෙක ඉකොනොමැට්ටා මහතා ලියන ලිපි අප බොහෝ දෙනෙක් බලන්නෙ හුදෙක් විනෝදයට පමණයි. කිහිපදෙනෙක් පමනක් බලන මේවගේ බ්ලොග්වලින් රටක් වශයෙන් ලාන්කීය ජනයාගේ අදහස් වලට කිසිදු බලපෑමක් වන්නේ නැහැ, කිහිප දෙනෙක් විනෝද වීම පමණයි සිදුවන්නේ. ඉකොනොමැට්ටාත් මම හිතන්නේ ලියන්නේ විනෝදයට වියහැකියි.

      ඉකොනොමැට්ටා මෙහි කියන කරුණු කෘෂි තාක්ෂණය අනුව සහ කෘෂි ආර්ථික විද්‍යානුකූලව (කෘෂි ආර්ථික විද්‍යා සහ කෘෂි ව්‍යාපාර කළමනාකරණ මූලධර්ම අනුව නම්) ඉතාම විසුළු සහගතයි. සරල උදාහරණයක් කියන්නේ නම් ඔබට කොළඹ නගරය තුල පර්චස් එකක ඉඩමක වගාකොට හම්බන්තොට බැද්දේ අක්කර ගණනක ඔහේ වැවෙන වැවෙන තිබ්බටු ඵලදාව ලබාගත හැකියි. නමුත් ඒ සඳහා අතිවිශාල වශයෙන් ජානමය වශයෙන් වැඩිදියුණු කල මිල අදික බීජ, නවීන තවාන් ක්‍රම, අධික ලෙස රසායනික පොහොර, කෘෂි රසායන වර්ග සහ ක්‍රමශිල්ප ආදිය යොදාගැනීමට සිදුවන අතර ඉන් යම් වාසියක් ඇතත් මේ කියන තරම් නෙවෙයි. මහාපරිමාණයෙන් වගාකිරීමෙන් ලැබෙන ඉකොනොමි ඔෆ් ස්කේල් වාසියත් ඉන් ලැබේ.

      දොඩම් ගැන කිව්වොත් දොඩම් වල නිජ බිම දකුණු ආසියාවයි. කොටිම ඉන්ග්ලිශ් ඔරේන්ජ් යන්නත් සකුබසින් /ෆාර්සි බසින් අරාබි බසට ආ නාරන්ජ් යන්නෙන් බිඳුනක්. මේ ගැන් දීර්ඝ වශයෙන් ලියතහැකි වුනත් මම කාර්යබහුල වීමත් කම්මලිකමත් නිසා නොලියා සිටිමි.

      ලෝක දොඩම් වගාව ගැන විස්තර මේකෙන් බලාගන්න;

      http://www.fao.org/faostat/en/#data/QC/visualize

      Delete
  6. මල්ලි බිබිලේ හෙන ගොඩේ පැත්තකද වැඩ වාසය කරන්නේ?

    ReplyDelete
  7. Anonymous January 19, 2019 at 10:57 AM

    දකුණු වියට්නාම් රජයේ සහයෝගීතාව ලත් ඇමෙරිකානු හමුදා විසින් 1964 වසරේ මාර්තු 14 වනදා උතුරු වියට්නාමයේ දේශසීමා අසලට එල්ල කල යුධ ටැංකි ප්‍රහාරයකින් නොචිකෝ ගම්මානයේ සිවිල් වැසියන් 56% ක ප්‍රමාණයක් මිය ගිය අතර ඔබ මේ දකින්නේ එහි ගොවියෙකු තම මිය ගිය කුඩා බිලිදාගේ නිසල දේහය රජයේ සන්නද්ධ රථයක නැගි සෙබලුන් කිහිපදෙනෙකුට පෙන්වා බිලිදාට පණ දිය හැකි දැයි අසනා අවස්ථාවක වියට්නාම යුද්ධය එක්සත් වියට්නාමයක් උදෙසා උතුරු වියට්කොංග් ගරිල්ලන් ඇමෙරිකානු හිතැති දකුණු වියට්නාම් රජයට එරෙහිව 1955 වසරේදී අරඹන ලදි, එය වසර දහනමයක් මාස පහක් සති හතරක් සහ එක් දිනක් ගතවී නිමා වන විට මානව ඉතිහාසයේ රතු පැල්ලමක් එක් කරමින් නිමාව දකිණ විට මියගිය ජීවිත සංක්‍යාව පනස් අට ලක්ශ විසි තුන්දහස් හත්සිය හැත්තෑ හතරකි. මෙම ජීවිත හානි අතරින් බරපතළ ලෙස හානි එල්ලවූයේ උතුරු වියට්නාම සිවිල් ජනතාවට සහ එහි විප්ලවීය වියට් කොංග් ගරිල්ලන් වෙතටයි, ලොව බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංගනය කරමින් ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව ජපානය දකුණු කොරියාව සහ නවසීලන්තය ඇමෙරිකානු හිතැති දකුණු වියට්නාමයට සහය දුන් අතර එක්සත් වියට්නාමයක් බිහිකරලීමේ දේශප්‍රේමී සටනින් 1975 වසරේ අප්‍රේල් 30 වනදා උතුරු වියට්නාමය ජයගෙන එහි නායක හෝ චී මිංග් විසින් එක්සත් වියට්නාමය බිහි කලේය.

    සාපරාධී යුධ අපරාද වල යෙදුන එක්සත් ඇමෙරිකා ප්‍රමුක කොමියුනිස්ට් විරෝධි රටවල අත පෑම සහ යුධ නීති අමු අමුවේ උල්ලංගනය කරමින් වූ විරෝධය ඇති වීම ඉතා සුවිශේෂී සිදුවීමකි., එක්සත් වියට්නාම ජයග්‍රහණය සමග දකුණු වියට්නාමයේ සාපරාධී යුධ අපරාද වල යෙදුනා වූ හමුදා සහ සිවිල් නායකයන් බහුතරයකට ඇමෙරිකානු පුරවැසිභාවය සහ ආරක්ශාව ලැබීමෙන් මානව සංහාරයන්වල වගකීම සහ ඒවායේ යුක්තිය ජනතාවට ඉටුකිරීම සිදු නොවුනි.

    වසර 240 ක ඇමෙරිකානු ඉතිහාසයේ ලද සුවිශාලම පරාජය වියට්නාමය වැනි කුඩා රටක් හමුවේ සිදුවීම දෙවියන්වහන්සේගේ ආශ්චර්‍යක් නොව එකමුතුකමෙහි බලමහිමය වග වියට්නාම වංශ කතාව අප හමුවේ නිහඩව අදත් දිග හරිමින් පවතී. ජායාරූප ශිල්පී හෝර්ස්ට් ෆාර්ස් ගේ කැමරා කාචයෙහි සටහන්වූ මෙම අනුවේදනීය ජායාරූපය 1965 වසරේ පුලිට්සර් සම්මානයෙන් පුදනු ලැබීය....

    මගේ දුවට පණ පොවනු මැන, නැතහොත් මටද මරණය දෙනු මැන මිනිසුනේ ඉල්ලමින් මේ අසරණ තාත්තා හඩ නගා ඇයදූ බව ෆාර්ස් විසින් සම්මානය ගත් අවස්ථාවේ ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ කියා සිටියේය.

    මාධ්‍ය ජායාරූපය හදුන්වා තිබුන "මගේ දුවට පණ දෙන්න මිනිසුනේ" ලෙසිනි.

    ReplyDelete
  8. ලංකාවේ දොඩම් ගැන මෙවැනි ලිපියක් ලියන්නට ඔබට තිබුණු ශික්ෂණය පිළිබඳ මටනම් හිතා ගන්නටවත් බැහැ.

    ඌව ප්‍රදේශයේ දොඩම් වැවුණු පළාත්වල නම් ඒවා විනාශ වී ගියේ සුළි සුළඟින් පසු කියායි මා අසා තිබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔසී රටේ මලපවාහනපද්දතියේ (ගූ බබුසර් සමගම) සුළු රැකියාවක් කරන්න ඔබට තියෙන ශික්‍ෂණය මටනම් හිතා ගන්නටවත් බැහැ.

      Delete
    2. පශ්චාත් භාගය කසාගන්න නියපොත්තක් නැති ඔබ වැනි නිකමෙක් රසික වැනි ඕස්ට්‍රේලියාවේ ජීවත්වන වෘත්තීයවේදියෙකුට අපහාස කරන්නෙ ඔබ ගැන ඔබටම තිබෙන වෛරය හා ඊර්ෂ්‍යාව නිසාය

      Delete
    3. රසික, පැරා, මාතලන්, රාජ්, අරුණි, කොළඹ ගමයා ඇතුළු මෙකී නොකී සියළුම සිංහල බ්ලොග් රචකයන් අමු හිඟන රැළකි.

      ඒ ඔවුන් පිනට ලැබෙන සර්වර් අවකාශයේ මොනවා හෝ අපබ්‍රංශයක් කුරුටු ගා නොමිළේම පොරවල් වීමට උත්සාහ දරන්නන් නිසාය.

      උනුනුන් අතරේ "සම්මාන" නමැති ලී කැබෙලි කිහිපයක් බෙදා ගැනීම සඳහා වන මොවුන්ගේ බලු පොරය දකින මට සිහිවන්නේ නගරයේ හිඟන රැළකට කාසි කිහිපයක් විසි කළවිට ඒවා අහුලා ගැනීමට ඒ හිඟන්නන් පොරකන අන්දම ය.

      බ්ලොග් ලිවීම සඳහා සර්වර් අයිති සමාගම් මසකට ඩොලර් 50 ක වැනි මුදලක් අය කරන්නේ නම් මොවුන් එකෙක් හෝ බ්ලොග් නොලියනු ඇත.

      Delete
    4. @AnonymousJanuary 20, 2019 at 11:00 PM

      මීට අවුරුදු ගාණකට කලින් රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කල බ්ලොග් සම්මාන උලෙලදී, ඒකෙදි මුල්ම සම්මාන නිර්දේශ වලදි පැරා ට සම්මානයක් තිබ්බෙ නෑ...

      පස්සෙ පැරා එකේ සංවිධායකයන්ට බ්ලොග් එකෙන් අම්මා මෝ නැතිවෙන්න නෙලුවා...

      සංවිධායකයෝත් කමින් කල්ර්ස් ආ නොට් ගුඩ් කෙල්ල ගෙට ගනින් කියලා සම්මාන උලෙලට දවස් දෙක තුනක් තියෙද්දී මූට සම්මානයක් දීල උත්සවයේ කථාවකුත් දුන්නා...

      මෙන්න බොලේ ඊලග දවසේ මූ පට්ට යූ ටර්න් එකක් ගහලා කිව්වේ නැද්ද ...රාජකීය විද්‍යාලයේ සම්මාන උත්සවය අතිසාර්ථකයි.....
      නියමෙටම සම්මාන ටික දුන්නා කියලා හිටං.....මං හිතන්නේ එදාතමයි පැරා තමන්ගේ කලිසම ඔළුවෙන් ගලවලා තමන්ගේ නග්නත්වයේ හංස ගීතය ගැයුවේ කියලා

      මචං රසික, ප්ලීස් මෙන්න මෙවාට ලින්ක් දාපන්.... උඹටත් පොඩි හිතේ අමාරුවක් ඇති නේ 2017 ටීවි ප්‍රොග්‍රැම් එකට උඹේ මූනත් තහඩුව ඔබා ගන්න බැරි උනාට....

      බැරි වෙලාවත් රසිකටත් ආරාධනය කලා නම් මූ ටිකක්ට් එකකුත් අරං ලංකාවේ....

      Delete
    5. Anonymous January 20, 2019 at 10:58 PM

      ඔය රට ගිය ඇත්තෝ ගැන මරාවාදී කුප්‍රකට බ්ලොග්කාරයෙක් කාලෙකට කලින් පට්ට පෝස්ට් එකක් දාල තිබ්බ නේද? ඌ කියපු විදිහට ලංකාවෙ ඉපදිලා ලාංකික මහජන මුදලින් ඉගෙනගෙන පී.ආර්. අරන් පිට රටවල් වල ගිහින් ජීවත්වෙන සමහර උන්දැලාට ලන්කාවට ඇවිත් පම්පෝරි කියවන්න තිබුන චෑන්ස් එක මරා කල්ලිය බලයේ හිටපු වනචර දශකයේ වෙච්චි සංවර්දනේ නිසා නැති වුණාලු. බලන් ගියාම කතාවත් ඇත්ත. මතක ද ඒ කාලේ සමහර රට ගිහින් ආපු කස්ටිය ගේ පොර ටෝක්?

      "අපෝ මල්ලි ලන්කාවෙ යුද්දෙනෙ..., චික් මහ කාලකණ්ණි කවදාවත් ඉවර නොවෙන තුවාලයක් මේක...ඒකට ඔසී/ යූකේ / කැනඩා එක්සෙට්‍රා, ශාහ් මාරම පීස්ෆුල්, එහේ අය බෝමබ, තුවක්කු දැකලවත් නැහැ, මාර සේෆ්, ෂඃ අන්න රටවල්"

      මෙහෙ මේ අලි නාවන තඩි වලවල් තියෙන කෝපි කාලෙ පාරවල් වගේ ද එහෙ?
      අම්මට හුඩු යකෝ ගමන් යන්නෙ සුරුස් ගාලා හයි වේ එකේ නේ..., සීයට ඇරල යතහැකි ඕයි, පිස්සු හැදෙයි, මෙහෙනම් තව කල්ප ලක්ශයක් ගියත් ඒ වගේ පාරවල් දකින්න වෙන්නෙ නැහැ, අම්මප"

      "ශික් මේ ලන්කාවෙ පිරිසිදු කම අන්තිමයි නේ.. පාරෙ හැම තැනම කුනු.. කොළඹ අගනුවර වෙලත් කැත විතරක්, ගඳේ බෑ, අපූ... :( ඒ රටවලනම් පාරෙ බත් දාගෙන කතහැකි"

      "යකෝ මෙහෙ වගේද එහෙ මල්ලි... මහජනතාවට විනෝද වෙන්න..පාගමනේ වියායාම කොරන්න පබ්ලික් ස්පේසස් තියෙනවනේ..., මාරයි ඕයි, මෙහේ ඇති ලබ්බක් වත් නැහැ, හිකේ ශික්."

      දැන් ඉතින් ඕවා කාට කියන්නද.. 2005-2017 කාලෙදි ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දුන්නා නේද? ඉතින් ඉඳ හිටලා ලන්කාවට ඇවිත් මෙහෙ ඉන්න නෑදෑ හිතවතුන් ට දෙන්න තිබුනු පොර ටෝක් එක නැතිකොලාට පිටරටවල ඇම්ඹිටිල්ලන් මීයෝ වගේ ජීවත් වෙන ඈයො මහින්ද /ගෝටා එක්ක වෛර බැන්දා කියල තමයි මරාගෙ සට්ටැඹි බ්ලොගා ලියල තිබ්බෙ.

      අන්න ඒ නිසා මුන් කරන්නෙ මෙහේ මොකක් හරි පොඩි සීන් එකක් ඇදුන ගමන්

      "අම්මට හුඩු ලංකාවෙ ඔහොමම මයි, බට් ඒකට ඔසී වල, පුහ් බලන්න එපායැ" කිය කිය ගොන් පාට් ලෝකයක් අතාරින එක.

      ඒකටම හරියන රනිල් -හිටන් ඩබල - පාරෙ ඉරි කහ පාටෙන් සුදු පාට කොල එක තමා එකම සන්වර්දනේ..පාර පුරා කුනු.. හැමදාම පාරවල් වහලා විරෝදතා..., ඉතින් දැන් ඔය පිට රට ඉන්න ශ්‍රී ලංකන් කල්ලතෝනි ගොබ්බ රැලට ෆුල් ජොලි කිය්ලත් ඌ ලියල තිබ්බ....

      මොකෝ බැරිවෙලාවත් පිට රට පදින්චි වෙලා හිටියා කියලා ඒ රටවල සුද්දන් ගේ ඉන්ග්‍රීසි සන්ගමයක කතාවක් කොරන්න කියලා ආරාදනා ලැබෙනව ද?

      ලංකාවෙ අපිට කුණු විදිහට කැත කතා කියල මහ අසික්කිත විදිහට බැන්නට මේ සමහර රට ගිය හාදයන් ට ලන්කාවේ පුරුදු අත හරින්න බෑ... මතකයි නේ මලගෙවල් මගුල් ගෙවල් වල බලෙන් ම කතා පවත්වන සැට් එක....? මේ හාල්පාරු වහන්සේලා එහෙ ගිහිනුත් කොරන්නේ සිංහල සන්ගම් අටෝගෙන ගොන් පාට් දාන එක. සමහරක් ඔයි සින්හල සන්ගම් අටවා ගන්නෙම ඒ රටවල ආන්ඩුවෙන් මයිනෝරිටි සන්ස්කෘතීන් දියුනුවට වෙන් කොරනා ග්‍රාන්ට් එක කඩාගන්නමයි නේ.... දන්නවනේ ගෙදර ගෑනියි මිනිහයි සන්ගමේ සබාපති හා ලේකම්... ඒ වැනි සන්ගම් කීපයක් ම එකම් පවුලේ අතඩන්ගුවේ තියෙනවනේ ! අපොයි එපා කියලා අත හැරලා දාලා ගිය සින්හ්ලේ විකුනන් කන්නේ එහෙමයි !

      හැබැයි ඒකට ලංකාවේ ඉන්න ළිං මැඩි අපි... ඉස්කෝලෙන් කැම්පස් එකෙන් එලියට ගියාට පස්සෙ සින්හල සන්ගමේ කතා කොරන්නවත් කතා අහන්නවත් යනවද?

      කසාද ගෑනි දෙන ආතල් මදි කියල දමලා ගහලා වෙන ගෑණියෙක් එක්ක පැනල ගිය එකෙක් හිටපු කසාද ගෑණිගේ අහවල් එක ගැන වොරි වෙනවා වගේ අමුම අමු ගොන් මීහරක් වැඩක් මේකනම්, මුන්ට නම් _කේ ඉඳන් පිස්සු. කෙසේ වෙතත් ලංකාවෙන් ගිය ලාංකිකයන් ලංකාවට එපාද? පසුගිය රජයෙන් මෙන්ම මේ රජයෙන්ද ඒ අයට නැවතත් මව්බිමට එන්නට ආරාධනය කළේ ඇයි?

      Delete
    6. Anonymous January 20, 2019 at 10:58 PM

      ///කෙසේ වෙතත් ලංකාවෙන් ගිය ලාංකිකයන් ලංකාවට එපාද? පසුගිය රජයෙන් මෙන්ම මේ රජයෙන්ද ඒ අයට නැවතත් මව්බිමට එන්නට ආරාධනය කළේ ඇයි?///


      ඔය ගිය එවුන්ගෙන් අඩුම තරම්වත් ලක්ෂ 3- 4 කඩාගන්න ඕනේ නිසා උන්ට උගන්වන්න වියදම් කරපු මහජන බදු මුදලින් කොටසක් හරි ලබාගන්න ඕනේ නිසයි එහෙම කරලවත් බැලුවේ.

      අපෝ එපා ගිය උන් නැවත ආවයි කියා කිසිදෙයක් වෙන්නේ නැහැ උන් එහෙ ඉදන් දෙන පොර ටෝක් වලින් ලංකාව මෙහෙමයි බටහිර මෙහෙමයි කියලා දෙන උපදෙස් වලින් ලංකාව හදන්න පුළුවන් නම් ......

      ලංකාවේ වැඩ කරද්දී ... "ඔහොම යන් ඔහොම යන්...." විදිහට වැඩ කරලා සන්ක්‍රමනය කරලා එහෙ කරබාගෙන එහෙ සුද්දන්ට දෙකට නැවී එකසිය ගානට බර අදිමින් ලංකාවේ අපට බයිලා කියන ඕකුන් කොහොමත් ඕනේ නෑ නියම කෑක්කුමක් තියන එකා කට්ට කගෙන ඇව්ල්ලා හරි යමක් රටට කරන්න බලනවා

      Delete
    7. රසික සූරියආරච්චි - Rasika SuriyaarachchiJanuary 19, 2019 at 6:28 PM

      රසික කෝ ඔබේ ඕස්ට්‍රේලියානු පුරවැසියානු සහතිකය සහ මුදල් ගෙවා නැවත ලබාගත් ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත් සහතික වල පින්තුර?

      ඔබ එවා පල නොකරන්නේ තමන් කී බොරු එලිවී කුජිත වන නිසා නේද?

      එමගින් ඔබ ලාංකීය පුරවැසිබව කාලයක් යනකම් අහිමි සිටි බව ඔප්පුවන නිසා ය.

      මා නැවත වතාවක් ඔබට කියා සිටිනවා සංක්‍රමණය කල පරගැතියකු වශයෙන් ඔබ ඉන්න රටවී සිටින්න, තවත් ලංකියන් හට ඔබෙන් කිසිම දෙයක් එපා ඔබ අපට පිළිකුලකි.

      රසික සුරියආරච්චි ඔබ "වංචාකාර කපටි බොරු කාරයකි". තවත් ඔබ කියන මුසා පිලිගනි කියාද ඔබ සිතා සිටින්නේ?

      Delete
  9. //රටින් එන පළතුරු වලට බෙහෙත් ගහලා කියන එක ප්‍රචලිත කතාවක්. කතාව බොරුවක් නෙමෙයි. ඇමරිකාවේදී අළුත් ඇපල්, දොඩම්, මිදි ආදිය කාලා ලංකාවට ආවහම ලංකාවේ වෙළඳපොළේ විකුණන්න තිබෙන ඒ පළතුරු කටේ තියන්නවත් හිතෙන්නේ නැහැ. එක පාරටම වෙනස තේරෙනවා. හැබැයි ඔය වැඩේ කෙරෙන්නේ ලංකාවේදීමයි.//
    ඉකොනෝ , මේ කියන දේ පැහැදිලි මදි. පිටරටින් එන පලතුරු කල්තබා ගැනීම පිණිස වැක්ස් ආලේප කිරීම (fruit waxing ) කරන්නේ ඒ ඒ රටවලදීම මිසක් ලංකාවේදී නොවෙයි. ඒ හැර ලංකාවේදීත් තවදුරටත් මොනවා හෝ කල්තබා ගැනීමේ බෙහෙතක් ඒවාට ස්ප්‍රේ කලාට එයින් ලැබිය හැකි ප්‍රතිඵලය අවම විය හැකියි. හේතුව ඒවායේ තියන 'වැක්ස් ලේයරය' ජල මුද්‍රිත ආවරණයක් ලෙස ක්‍රියා කිරීමයි. ඇපල් දොඩම් වැනි දෑ වගා කරන රටවලදී තිබෙන රස ලංකාවේදී නැතිවීමට මුලිකම හේතුව ඒවා කල්ගතවී තිබීම මිසක් ලංකාවේදී ඒවාට යොදන රසායනික ද්‍රව්‍ය කියා හිතන්න අමාරුයි.
    ඒ වාගේම බිබිලේ දොඩම් වගාව වඳවී යාම සිදු වූ කාල වකවානුව පිළිබඳව සිතුවාම (70 දශකයේ අග) එය සිදු උනේ විදේශීය කුමන්ත්‍රණයකින් කියා හිතන්න අමාරුයි. එකල 1977 ජයවර්ධන රජයෙන් ආනයනයට තිබුන සීමා ඉවත් කිරීම නිසා වසර හතකින් පසුව ලස්සන කහපාට විදේශීය දොඩම් දුටු මිනිසුන්, ඉවක් බවක් නැතිව ඒවා මිලදී ගැනීම නිසා කොළ පාට දොඩම් වලට තිබුන ඉල්ලුම පහත යාමත් මුලිකම හේතුවක් විය හැකියි.

    ReplyDelete
    Replies
    1. කල් ගත වූ පළතුරු අලුත් ඒවා තරම් රස නැති එක ඇත්ත. නමුත්, දැන් මෙහේ වුනත් අළුත් පළතුරු විකුණන්නේ පළතුරු වාරයට පමණයි. අනිත් කාල වලදී විකුණන්නේ මාස ගණනක් කල් තබා ගත් පළතුරු. මම කියන්නේ ඒ නිසා ඇති වන රස වෙනස ගැන නෙමෙයි. මම නිශ්චිතවම දන්නේ නැතත් දන්නා තරමින් වැක්ස් ආලේප කිරීම වැඩිපුරම පළතුරක නැවුම් හා ආකර්ශනීය පෙනුම පවත්වා ගන්න කරන දෙයක් කියලයි මම හිතන්නේ. කල් තබා ගැනීම කරන්නේ ශීත කාමර වල තබා ගැනීමෙන් කියලයි මම හිතන්නේ. වැක්ස් කිරීම පමණක් ප්‍රමාණවත් කියා මම හිතන්නේ නැහැ. මම දන්නා තොරතුරු අනුව ලංකාවේ සාමාන්‍ය පළතුරු කඩ වල විකුණන ගොඩක් පළතුරු වලට අදියර ගණනකදී විවිධ රසායනික යොදනවා. තොග වෙළෙන්දන්, සිල්ලර වෙළෙන්දන් ආදී වශයෙන්. ආනයනකරුවන් ශීත කාමර වලින් එළියට ගත්තට පසුව. මට වගේම දරුවන්ටත් කටේ තියන කොටම වෙනස තේරෙනවා. සුපිරි වෙළඳසැල් වල තත්ත්වය හොඳයි.

      Delete
    2. පලතුරු කල් තබා ගැනීම සඳහා මුලිකම අවශ්‍යතාවය ශීතාගාර බවට මාත් ඔබ සමග එකඟයි. නමුත් නිකංම cold storage දාලා ඒවා කල් තබා ගන්න බැහැ . එහිදී පලතුරු වියැලීම හෝ පෙඟීම යන කරුණු දෙකම වැලක්වීමට වැක්ස් බැරියර් එක තිබිය යුතුයි. එමගින් පිටත පෙනුමත් ආරක්ෂා වෙන බවත් ඇත්තක් .
      රසික කියා ඇති ආකාරයට 78 නොවැම්බර් සුළි සුළගෙන් පසු දොඩම් කෙසේ වෙතත් පෙයාර්ස් වගාව නම් සම්පුර්ණයෙන්ම වාගේ විනාශ වූ බවත් (නැවත වගා කරන්න උනන්දු නොවුනේ ඒ වන විට ඇපල් ඕනෑ තරම් තිබු නිසා විය හැකියි) මට මතකයි.

      Delete
    3. @ Sam Perera,

      ලංකාවට විදේශ රටවලින් ගෙන්වන පලතුරු අතුරින් විශේෂ තැනක්‌ හිමිවන්නේ ඇපල් වලට, ලංකාවේ විදේශ විනිමය වෙනත් රටවලට ඇදී යන යුගයක ලංකාවේ ඇපල් වගා කල පරිඡ්ඡේදයක්‌ තිබූ බව අසන විටද පුදුමය ගෙන දෙන්නකි.

      අප රටේ 1960-1977 යන කාලය තුළ යම් දේශීයත්වයට නැඹුරුවක්‌ තිබූ කාලයක්‌ යෑයි කීම නිවැරදියි. එවන් වූ වකවානුවක හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය මාර්ටින් නම් මිනිසාට ලංකාවේ ඇපල් වගාකිරීමට සිතීම හාස්‍යගෙන දෙන්නක්‌ වුවත් අවසානයේ අපව පුදුමයට පත්කරවන්නටද ඔහුට හැකිවිය.

      මහ ඌව වතුයාය ආසන්න නානුඔය ග්‍රේට්‌වෙස්‌ටන් කන්ද අවසාන වන ප්‍රදේශයේ වලපන ප්‍රදේශය මෙම වගාවට සුදුසු ස්‌ථානයක්‌ ලෙස මාර්ටින් තෝරාගත්තේ කෘෂිකර්මය ගැන මහත් වූ උගත් කමක්‌ නිසා නොව පරිසර හිතකාමීව ජීවත් වූ ඔහුට සොබාදහම ගැන පරිසරය ගැන මැනවින් දැන හදුනගෙන සිටි නිසාය. අඩි 3,000- 5,000 ත් අතර උස්‌වු කදුකරය තෝරාගත් ඔහු එහි සිට බලන විට පහළින් දිස්‌වූයේ මහියංගන ප්‍රදේශයත් එහි සිට කුඩාවට ගලන මහවැලි ගංගාවත්ය.

      ඇපල් වගාවට විශේෂ උනන්දුවක්‌ වූ පූජකවරයකු මාර්ගයෙන් ඇපල් පැළ කිහිපයක්‌ විදේශ රටින් ගෙන්වාගත් මාර්ටින් ඉතාමත් කැපවීමෙන් මේ ප්‍රදේශයේ ඇපල් වගාව කරගෙන ගියේය. අවුරුදු 5-6 ක්‌ පමණ කාලයක්‌ ගෙවී යන විට ඉතා සරුවට වැඩුණු ඇපල් ගස්‌ ඔහුට දැකගත හැකිවිය. එක්‌ ගසකින් එන පැළ ගෙන තව තවත් ඇපල් වගාව වර්ධන කරගත් මාර්ටින් ගසේ වැඩීම සඳහා යොදාගන්නා ලද්දේ වියළි ගොම කූඩයකට ලුණු ප්‍රමාණයක්‌ හා ගසේ කඳ කොටසේ යුෂ උරාබොන කෘමීන්ගෙන් බේරා ගැනීමට ගාන ලද රසායනික ද්‍රව්‍යයක්‌ පමණි.

      මාර්ටින් ඇපල් වගාව ඉතා සරුවට වැඩුණු නිසා බොහෝ ප්‍රසිද්ධ වි කෘෂිකර්මය පිළිබඳ උපාධි අධ්‍යයනයෙහි නිරත ව සිටි ශිෂ්‍යයන් මෙන්ම ආචාර්යවරුන්ද මෙම ස්‌ථානයට පැමිණ විවිධ පරීක්‍ෂණ කළ අතර දෙස්‌ විදෙස්‌ සඟරාවල පවා මෙම ඇපල්වගාව පිළිබඳ විස්‌තර හා රූපරාමු පළකළේය.

      හදිසියේම ඕස්ට්‍රේලියා වේ සිට අප රටට විශේෂ අධ්‍යයන කණ්‌ඩායමක්‌ පැමිණියේද මේ කාලයේ, මාර්ටින්ගේ ඇපල් වත්තට ගිය ඔවුන් ඉතා සරුවට විශාලව වැඩුණු ඇපල් ඵලදාව දැක පුදුමයට පත්වූහ. තමාගේ ඇපල් වගාවේ සාර්ථක වීමේ සාස්‌තරය ඉතාමත් සතුටින් අමුත්තන්ට ප්‍රකාශ කළ ඇපල් මාර්ටින් පුලුවන් උපරිම ආකාරයට විදෙස්‌ අමුත්තන්ට සංග්‍රහ කරන්නටද අමතක නොකළේය.

      ඕස්ට්‍රේලියායානු කණ්‌ඩායම සියලු විමර්ශන කටයුතු අවසන් කළාට මාර්ටින් හට අලුත් උපදෙස්‌ මාලාවක්‌ ලබාදුනි.

      ඕස්ට්‍රේලියානු කණ්‌ඩායම ඉතාමත් හොද වර්ගයේ ඇපල් පැළ ඔහුට ලබාදෙන බවත් ඒ පැළ මේ ගස්‌ අතරට සිටුවන ලෙසත් තවදුරටත් උපදෙස්‌ දී ඒ කණ්‌ඩායම ලංකාවෙන් පිටව ගියහ. ඉතාමත් ඉක්‌මනට ඕස්ට්‍රේලියන් ඇපල් පැළ පොරොන්දු වූ පරිදිම එවන ලද අතර ලබාදුන් උපදෙස්‌ද මාර්ටින් අනුගමනය කළේ ඇපල්වගා සම්බන්ධ හසල දැනුමක්‌ ඕස්ට්‍රේලියන් කණ්‌ඩායමට ඇති නිසාය.

      ඇපල් මාර්ටින්ට මාස කිහිපයක්‌ ගතවන විට දැකගත හැකි වූයේ එවන ලද පැළ සිටුවීමෙන් පසු සරුවට වැඩුණු ඇපල් වගාව මලානික වෙමින් යන බවත්ය. ඉතා කඳුළු පිරි දෙනෙතින් තම වගාව දෙස බලාසිටි ඇපල් මාර්ටින් රටේ අගමැතිටත් ප්‍රධාන කෘෂිකර්ම අධ්‍යක්‍ෂතුමාටත් මේ බව කෙසේ හෝ සැලකර සිටියහ. එවකට ප්‍රධාන කෘෂිකර්ම අධ්‍යක්‍ෂව සිටි ඩොක්‌ටර් ජෝකින් වෙත මෙම පණිවුඩය සැලකිරීමෙන් පසුව විශේෂ කමිටුවක්‌ පත්කළ අතර එම කමිටුව විසින් ඇපල් ගසෙහි කොටස්‌ හා ඒ ආශ්‍රිත පස්‌ද වැඩිදුර පරීක්‍ෂණයන් සඳහා ගෙන එන ලදී.

      ප්‍රධාන කෘෂිකර්ම අධ්‍යක්‍ෂතුමා කරන ලද පරීක්‍ෂණයන් වලින් පසු නිර්දේශයක්‌ ලබාදුන්නේය.

      ඒ නිර්දේශය;

      "අලුත සිටුවන ලද ඇපල් පැළ ඉතාමත් ඉක්‌මනින් ගලවා ඉවත් කරන ලෙසත් එම පැළ පසෙහි හා අවට ඇති ඇපල් ගස්‌වල සාරවත් බව විනාශ කිරීමට තරම් ප්‍රබල හැකියාවක්‌ ඇති බවය."

      ඇපල් වගාව ලංකාවේ ව්‍යාප්ත වීමෙන් ඕස්ට්‍රේලියන් විශේෂ ආදායමක්‌ වූ ඕස්ට්‍රේලියන් රටට ලැබෙන ආදායම ගැන කලබල වූ ඔවුන් සිදුකළ අපරාධයට විරුද්ධ වීමට තරම් හැකියාවක්‌ අප රටට නොතිබිණි.

      ඕස්ට්‍රේලියානු කණ්‌ඩායම එදා සිදුකළ වගා විනාශයෙන් පසු ඉතා කුඩා ප්‍රදේශ කිහිපයකට එනම් මහ ඌව, හරස්‌ බැද්ද, බැද්දවත්තේද ඇපල් වගාව ඉතා සුළුවට කරගෙන ගිය අතර, අද වනවිට ඇපල් පමණක්‌ නොව පැපොල් ඇට ටිකද (ගස්‌ ලබු බීජ) අපට අහිමිකර ඇතිබව අත්දැකීමෙන් අප දන්නෙමු.

      එදා මෙන්ම අදත් රටත් ලෝකයත් මවිත කරවන්නට උත්සහ කළ පරිසරයට, සොබා දහමට ආදරය කළ ඇපල් මාර්ටින් වැනි මිනිසුන් අප අතර අදටත් සිටිය හැකි අතර ඔවුන් සැමවිටම අප රටට ලබාදෙන්නේ ලාංකීය අභිමානයයි.

      Delete
    4. ආසියාවේ වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති බුද්ධිමත් ජාතියක් වූ සිංහල ජාතිය අද වැටී ඇති මට්ටම මේ මන්ද බුද්ධිකයාගේ කමෙන් එකෙන් පෙනේ............

      මුන් මේවා දමන්නේ මුගේ මෝඩ කමට වත් ජෝක් එකටවත් නොවේ.............මෙතන සිදුවී ඇති සත්ය. කේදවාචකය ජෝක් එකක් කර චොර කරන්නටය..................එතකොට ඇත්ත කතාව පැත්තක තබා මුගේ ගොන් ජෝක් එක කියවා සිගිති ආතල් එකක් ගෙන වතුර එකක් බී චූ කර බුදිය ගත හැකිය....................සිද්ධිය එතනින් අහවරය..................නමුත් තිත්ත ඇත්ත ප්රීශ්නය මුන්ගේ ගොන් ජෝක් වලින් අහවර නොවීමය....................සැබෑ පරිසර සංහාරය දිගටම සිදුවීම සහ අපි මුන්ගේ ගොන් ජෝක් කියවා සිගිති ෆන් ගැනීමය...................

      මුන් වැනි කුහක පිස්සන් ඉන්න රටක් මෙහෙම හරි ඉතුරු වීම පුදුමය................

      Delete
  10. සුපිරි ධනවාදයේ අතුරු ප්‍රතිපල - ඉතිහාසයේ දිනක මෙසේ සිදුවිය.

    බ්‍රිතාන්‍ය පාලන සමයේදී සිදු වූ මානව සංහතියට එරෙහිව දියත් කල අමානුෂික ක්‍රියාවන් අතරින් ප්‍රමුඛතම සිදුවීමක් ලෙස මදුරාසිය මුලික කොටගෙන හටගත් සාගතය පෙන්වා දිය හැක. මදුරාසිය, බොම්බාය, හයිද්‍රාබාද්, මයිසුර් ඇතුළු වර්ග කිලෝමීටර් 670.000 ක් පුරා මෙම සාගතය පැතිරී තිබුණි. මිලියන 68,5 ක් සෘජු ලෙසම පීඩාවට පත් වූ අතර, ඉන්දීය කුල ක්‍රමය තුල ඉතා පහත් කොට සලකන දාලිත් ජනයා ඉන් මිය ගිය පිරිස අතර කැපී පෙනුනි. එවකට ඇස්තමේන්තු ගත සංඛයා ලේඛන වලට අනුව මිලියන 5,5 ක් ක් වූ පීඩාවට පත් වූ ජනයා ආහාර ජලය නොමැතිව මිය ගියේය.

    බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ මිලේච්ච තීන්දු තීරණ මෙම මහා ව්‍යසනයට මග පෑදී තිබුණි. එවකට ඉන්දියාව පාලනය කල ලයිටන් සාමිවරයා විසින් ඉන්දීය ගොවී ජනතාව විසින් ඉතා වෙහෙස මහන්සියෙන් නෙලාගත් අස්වැන්න වූ තිරිඟු ටොන් 320.00 ක් එංගලන්තයට නැව් ගත කළේය. සාගතය අතර මග සිදුකල මෙම අමානුෂික ක්‍රියාවෙන් ඉන්දීය දුගී ජනයා දුර්භික්ෂයකකට බලහත්කාරයෙන් ඇද දමන ලදී ..
    1876- 78 කාලයේ සිදු වූ මෙම මහා සාගතය තුල මිනිසුන් ලක්ෂ ගනනින් මිය යනවිට, වික්ටෝරියා රැජිනගේ මෞලි මංගල්‍ය වෙනුවෙන් ප්‍රභූන් 60000 ක ගේ සහභාගිත්වයෙන් සම්භාෂණ පවත්වා ඇත. ඔවුන් ප්‍රිය සාදා පවත්වා ඇත්තේද සාගතයෙන් පීඩාවට පත් වූ ජනයාට නියම කල සලාකයද කපා හරිමින්ය.

    ReplyDelete
    Replies
    1. මෙය සම්පත් බෙදා හැරීම ආණ්ඩුවට භාර දීමේ ප්‍රතිඵල පිළිබඳ හොඳ උදාහරණයකි. ධනවාදය යනු මිනිසුන් අතර සිදුවන නිදහස් ගනුදෙනු වලට ඉඩ හැරීම මිස සම්පත් බෙදා හැරීම හා පාලනය ආණ්ඩුවට පැවරීම නොවේ. එය සමාජවාදීන්ගේ ක්‍රමයයි. සමාජවාදීන් අදටත් කියන්නේ සම්පත් වඩා සාධාරණ ලෙස බෙදා හැරීම ආණ්ඩුවට කළ හැකි බවයි. ආණ්ඩු වලට මිනිසුන්ගේ සම්පත් බලෙන් පැහැර ගැනීමට ඉඩ සලසන්නේ ඒ මතවාදයයි.

      Delete
    2. මෑතකාලීන උදාහරණයක් අවශ්‍යනම් මේ මොහොතේ වෙනිසියුලාව ලෙස බැලීම ප්‍රමාණවත්ය.

      Delete
    3. ඉකොනොමැට්ටෝ, ෆ්‍රී මාකට් ඉකොනොමි නැත්නම් වෙළෙඳපොළ සමාජය හෝ වෙළෙඳපොළ ආර්ථිකයක් කියන සන්කල්පෙ ධනවාදී/ දනේස්වර සමාජය කියන සන්කල්පෙට වඩා පැරණි එකක්, ඉතින් ඉකොනොමැට්ට වගේ උග්‍ර එජාප පාක්ෂිකයින් පාරම්බාන 1977 සෝ කොල්ල්ඩ් "විවෘත" ආර්ථික ක්‍රියාව ලංකාවට ‘ධනවාදය’ පූර්ණ ලෙස පැමිණීමක් නොවේ. රනිල් හෝ එජාපය කිසිසේත්ම ලංකාවට ‘ධනවාදය/ ධනේශ්වර සමාජය’ හඳුන්වා දුන් පක්ෂය හෝ පුරෝගාමියකු නොවන අතර ඔවුන් ලංකාවට හදුන්වා දුන්නේ ෆ්‍රී මාකට් ඉකොනොමි කියන ‘නිදහස් වෙළෙඳපොළ’ යන අදහස මන අතරම ඒය සහ "ධන වාදය" අහසට පොළව මෙන් දුරස් සම්බන්ධයක් ඇති කන්සෙප්ට් දෙකක් බව ඉකොනොමැට්ටා දන්නවාද?

      මම හිතන විදිහට ලංකාවේ මේ දෙක අතර වෙනස පැහැදිලි නැති නිසා ආර්ථික ක්‍රමවේද ගැන බහුතර ලාන්කීය පුරවැසියන්ට තිබෙන්නේ අතිශය අවුල් සහග්ත විකාර අදහසක් පමණයි. ඉතින් ලංකාවේ ධනපති විරෝධීන් අධික ලෙස හිටියත් මේ ගැන හරවත් සන්වාදයක් කොහෙත්ම කෙරී නැහැ නේ? ඉකොනොමැට්ටාට පුළුවනිද මේ ගැන හරවත් සන්වාදයක් අරඹන්න?

      ඩාස් කපිතාල් අනුව දෙන ලද විශේශිත සමුද්දේෂ සමාජයක් "ධනවාදී" යැයි අපට නම් කරන්ට මාක්ස්ගේ නිර්වචනය අනුව;

      “අදාල සමාජ කුලකයේ ‘ශ්‍රමය’ විකුණුම් භාණ්ඩයක් බවට පරිවර්තනය වන ක්ෂණික මොහොතේ සිට එම සමාජය ධනවාදී ලෙස අර්ථ දක්වනු ලැබේ.”

      මෙය ඔබට වඩාත් පැහැදිලි කිරීමට ලන්කාවේ චැනල් මුදලාලිලාගේ වෛද්‍ය ක්ෂේත්‍රය ගමු. ඉකොනොමැට්ටා වගේ විදේශිකයිනුත් දන්නව ඇති ලංකාවේ පුද්ගලික රෝහල් අතිවිශාල සංඛ්‍යාවක් ඇති බව. ඉති එම රෝහල් පුද්ගලික ඒවා වුවත් පුද්ගලික වූ පලියට ඒවා ධනවාදී ("Capitalist") වෙන්නේ නැත. එම පුද්ගලික රෝහල් ධනාවදී වීමට නම් ඒවා අනිවාර්ය සාධකයක් තෘප්ත කැල්යුතු අතර එනම් " එම රෝහල් ධනවාදී වීමට ඒ රෝහල් විසින් “වෛද්‍ය ශ්‍රමය” ("Medical labour") මිලට ගත යුතුය. නමුත් එවැන්නක් තවම ලංකාවේ සිදු වන්නේ නැති නිසා ඒවා ධනවාදී නොවේ.

      ලාන්කීය පුද්ගලික රෝහල්වල ආදායම එකතු වන්නේ කෙසේද? ප්‍රධාන වශයෙන් ලන්කාවෙ පුද්ගලික රෝහල්වල අදායම එකතු වන්නේ පුද්ගලික සමාගම්වල රක්ෂණආවරණ ෆන්ඩ්ස් වලින්. ඊට අමතරව වෛද්‍ය විශේෂඥවරුන් වෛද්‍ය වාර්තාවලට නිල අත්සන් තැබීමෙන් අතිවිසාල ආදායමක් පුද්ගලික රෝහල් ලබා ගන්නා මුත් එතැනදීත් “වෛද්‍ය ශ්‍රමය” මිලට ගැනීමක් (නැත්නම් සූරා කෑමක්) සිදු වන්නේ නැහැ නේද?

      දැනට සිරිලක සිදුවන්නේ වෛද්‍යවරුන් පුද්ගලික රෝහල්වලට යාම හරහා ඔවුන් කරන්නේ චාඅජ් එකක් නැත්නම් බදු කුලියක් ගෙවීමයි. වෛද්‍ය සේවය සඳහා අය කරන රිසිට් පතෙහි //Doctor Charges// යනුවෙන් හැඳින්වෙන්නේ එම වෛද්‍යවරයාගේ ආදායම මිස “ප්‍රාග්ධනය” /Capital/ නොවේ. ඔහු ගෙවන බදු කුලිය වන්නේ එක රෝගයෙක් සඳහා රුපියල් 500ක් පමණ වෙයි. මේ හේතුව නිසා ලංකාවේ පුද්ගලික රෝහල් යන නාමකරනය අර්ථ ශුන්යයි. වඩාත් නිවැරැදිව හැඳින් විය යුත්තේ ඉඳුම් හිටුම් ෆැසිලිටේශන් ලබා දෙන ස්ථාන/ රෝහලක් වූ පලියට එමඟින් සැපයෙන වෛද්‍ය සේවාවක් නැත. එය වෛද්‍යවරයාගේ පුද්ගලික වැඩකි. වෛද්‍යවරයාත්, රෝගියාත් තම අභිමතය පරිදි ස්ථානයක් කුලියට ගැනීම හැර අන්දෙයක් මෙතැන සිදු වන්නේ නැත. මෙම තත්ත්වය ‘නිදහස් වෙළෙඳපොළ’ වෛද්‍ය සේවයට ඇතුළු වීමක් පමණි. එමඟින් සෞඛ්‍යය හෝ වෛද්‍ය සේවය "ධනවාදී" //Capitalist// වීමක් නොවේ. ප්‍රාග්ධනය ඇකියුමිලේට් වීමක් ද මෙමඟින් සිදු නොවෙයි.

      සිරිලක වෛද්‍යවරුන් (/විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරුන්/) රජයේ සේවයෙන් ඉවත් නොවී අර්ධ වශයෙන් පුද්ගලික වෛද්‍ය සේවයට ඇතුළු වන්නේ මන්ද? වෛද්‍ය සේවය සහ සෞඛ්‍ය සේවය ධනවාදී වෙනවා යනු රජයේ සේවයට නොයා වෛද්‍යවරයා පුද්ගලික අංශයේ වැටුපට සේවය කිරීමයි. ඒ අනුව වෛද්‍යවරුන් ‘රජය’ යනු සමාජවාදී ලෙසත් පුද්ගලික වෛද්‍ය සේවය ‘ධනවාදී’ ලෙසත් වටහා ගෙන ඇත. ඇත්තටම න්‍යායික අර්ථයෙන් සිදු වන්නේ නිදහස් වෙළෙඳපොළ යාන්ත්‍රණය සෞඛ්‍ය සහ වෛද්‍ය සේවයට ඇතුළු වීම මිස ඒවා ධනවාදී වීම නොවේ. මන්ද වෛද්‍යවරයා නිර්ධන කාරණයක් වීමට අවශ්‍ය සමාජ වටපිටාව ලංකාවේ නිර්මාණය නොවී තිබීමයි. වෛද්‍යවරයා පුද්ගලයකු ලෙස රජයෙන් වැටුප් ලබාගෙන පුද්ගලික අංශයේ ගොඩනැගිල්ලක ස්ථානයක් //place// බද්දට ගැනීම(මුදලට සේවා සැපයීමට) හැර අන් කිසිවක් මෙතැන සිදු වී නැහැ නේද?

      Delete
    4. ඉතින් ඉකොනොමැට්ටඕ සිරිලක වාමාංශික පක්ෂ වෛද්‍ය සහ සෞඛ්‍ය සේවය පුද්ගලීකරණය කරන්න එපා යැයි විලාප තියමින් බෙරිහන් දෙන්නේ ඇයි? එය ඔවුන්ගේ ධනවාදය පිළිබඳ ආකල්ප ප්‍රශ්නයකි. ‘ධනවාදය’ ලෙස ලංකාවේ මුග්ධ තකතිරු වාමාංශික චින්තකයින් වටහා ගෙන ඇත්තේ පූර්ව-ධනේශ්වර නිදහස්–වෙළෙඳපොළවාදී මතයකි. සිරිලංකාවේ වෛද්‍ය සභාව විසින් අනුමත විශේෂඥ වෛද්‍යවරුන්ට හැර ලංකාවේ පුද්ගලික රෝහල්වල නිල වශයෙන් සේවය කළ නොහැකිය. මේ හේතුව නිසා එවැනි රෝහල්වලට විදේශවලින් අඩු මිලට වෛද්‍ය ශ්‍රමය ආනයනය කිරීමේ හැකියාවක් ද නැත. මේ හේතුව මඟින් ද තහවුරු වන්නේ ලංකාවේ ‘වෛද්‍ය ශ්‍රමයට’ හුවමාරු වටිනාකමක් ලැබීමට ඇති ඉඩකඩ ජාතික තලයේ වෘත්තීය පදනම් මඟින් සීමා වන බවයි. කැපිටලිස්ම් හෙවත් ධනවාදය සහ ධනවාදය පිළිබඳ ආකල්ප අතර පුළුල් සමාජ–ආර්ථික (සෝෂියො ඉකොනොමික්) වෙනසක් තියෙනවා, ඒ අනුව බැලුවාම ඉතිහාසයේ වෙළඳ ඵන්තියක් බිහිවෙමින් සිදුවූ "ධනවාදය" වැඩවසම් සමාජ ක්‍රමයට එරෙහිව ‘සමාජ සමානාත්මතාවය’ ක්ලේම් කල පළමු සමාජ ක්‍රම වේද්යයි. ඉතින් සිරිලංකාව තුළ ‘වෛද්‍ය ශ්‍රමය’ නිර්ධන වීමට ඉඩ නොදීම නිසා වාමාංශික පක්ෂ සහැ සංවිධාන, වාමාංශික සිතන්තන් පුළුල් අර්ථයෙන් පැරණි දෘෂ්ටිවාදයක එල්බගෙන සිටිති.

      ඉතින් ඉකොනොමැට්ටෝ අප ඉහත දැක්වූ සමාජ – ආර්ථික පසුබිම ඔබට තාර්තික ලෙස ලොජිකලි අවබෝධ වන්නේ නම් රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක අතර ගැටුමක් පැවැතිය නොහැකි බව තේරෙයි, මොකද ඔවුන් දෙදෙනාම පෙනී සිටින්නේ නිදහස් වෙළෙඳපොළ රටාව තුළින් උද්ගමනය වන අයහපත් ප්‍රවණතාවයන්ට මිස ‘වෛද්‍ය ශ්‍රමය’ විකුණුම් භාණ්ඩයක් වීමට එරෙහිව නොවේ. මෙතන ගැටලුව වන්නේ ලංකාවේ කවුද ‘වෛද්‍ය ශ්‍රමය’ යටත් කරන ප්‍රාග්ධනය වෙනුවෙන් පෙනී සිටීමට නියමිත කරුණයි. පෙනෙන විදිහට එවැනි දෙයකට බිය නැති ප්‍රාග්ධනයක් පෙනෙන තෙක් මානයක නැත. සිදු වීමට නියමිත වන්නේ බදු මුදල් සූරා කන සමාජ පන්තියක් තම අධිකාරිය සමාජය මත සුජාත කරණය කිරීමයි; ඡන්දය යනු එම ක්‍රියාවලියේ වත්පිළිවෙතයි. එබැවින් එජාප ඔබත් ජවිපෙ සමග එක්වී පුළු පෙරමුණක් සාදාගෙන හුදෙක් ඡන්ද පිස්සුවෙන් මිදී මෙමම් ක්‍රමය වෙනස් කොට අලුත් විවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරමු.

      Delete
    5. AnonymousJanuary 20, 2019 at 11:41 PM

      ඔබේ කමෙන්ට් එකේ එහෙන් මෙහෙන් වුවත් මා එකඟ වන කරුණු ගණනාවක් තිබේ. ඒ හැම දෙයක් ගැනම ප්‍රතිචාර දැක්වීම බොහෝ කාලයක් අවශ්‍ය කටයුත්තකි. ඇතැම් දේවල් ගැන මීට පෙර ලියා තිබේ.

      //ඉතින් ඉකොනොමැට්ට වගේ උග්‍ර එජාප පාක්ෂිකයින් පාරම්බාන 1977 සෝ කොල්ල්ඩ් "විවෘත" ආර්ථික ක්‍රියාව ලංකාවට ‘ධනවාදය’ පූර්ණ ලෙස පැමිණීමක් නොවේ.//

      ඉකොනොමැට්ටා උග්‍ර එජාප පාක්ෂිකයෙක් කියන එක ඔබේ මතයනම් ඒ කරුණ ගැන වාද නොකර අපි පැත්තකින් තියමුකෝ. ඉතිරි වැදගත් කරුණු ටිකට එමු. 1977දී ලංකාවට ධනවාදය පූර්ණ ලෙස පැමිණි බවක් මා කොහේවත් කියා නැත. මා දිගින් දිගටම මගේ ලිපි හරහා පැහැදිලි කර තිබෙන්නේ ලංකාවේ ධනවාදයක් හෝ නිදහස් වෙළඳපොළක් අදටත් නැති බවයි. ජේආර් විසින් කළේ 1970-77 කාලයට සාපේක්ෂව ආර්ථිකයේ කොටස් කිහිපයක් විවෘත කිරීම පමණි. සමස්තයක් ලෙස ගත් කළ ජේආර් විසින්ද විශ්වාසය තැබුවේ විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් පවත්වා ගනිමින් සිදු කරන රාජ්‍ය මූලික සංවර්ධනයක් කෙරෙහිය. ජේආර් විසින් ආර්ථිකය විවෘත කිරීමේ යහපත් ප්‍රතිඵල ලැබුනත්, වත්මන් ණය උගුලට රට මුලින්ම ඇද දැම්මේ ජේආර්ගේ රාජ්‍ය මූලික සංවර්ධන උපාය මාර්ගයයි. එයින් යහපත සැලසුනේ රාජ්‍ය යාන්ත්‍රනය සමඟ සෘජුව හෝ වක්‍රව සම්බන්ධව සිටි සීමිත පිරිසකටය. ජේආර්ගෙන් පසුව රාජ්‍ය යාන්ත්‍රනය ලොකුවටම විශාලනය කළේ මහින්ද රාජපක්ෂයි. විදේශ ණය ලබා ගනිමින් ඒ ණය වල උදවුවෙන් රුපියල කෘතිමව පහළින් තබාගෙන රටේ ආනයන ආර්ථිකය බිඳ වට්ටමින් රාජපක්ෂ ආණ්ඩුව රටේ ආර්ථික අර්බුදය නව මානයකට ගෙන ගියේය. කොහොම වුනත් ණය අර්බුදයකට රට ඇද දැම්මේ රාජපක්ෂ ආණ්ඩුවට බොහෝ පෙර ජේආර් විසිනි. රාජපක්ෂ ආණ්ඩුව විසින් කළේ ගැලවෙන්නට අමාරු ගෙවුම් ශේෂ අර්බුදයක රට හිර කිරීමයි. රනිල්ගේ ආණ්ඩුව වුවද රාජ්‍ය මූලික සංවර්ධන ආකෘතියෙන් බැහැර වී නැත. පූර්ණ නිදහස් වෙළඳපොළක්, නියම ධනවාදයක් ලංකාවේ අර්බුද බොහොමයකටම විසඳුම් සපයනු ඇති නමුත් ඒ වෙනුවෙන් ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් කෙළින්ම පෙනී සිටින්නේ නැත. මා පෙනී සිටින්නේ ඒ වෙනුවෙනි. රනිල්ගේ තිබෙන සාධනීය ලක්ෂණය අවම වශයෙන් ඔහු රාජ්‍යය තවත් විශාල කිරීමට කටයුතු නොකිරීමයි.

      Delete
    6. /ඉතින් ලංකාවේ ධනපති විරෝධීන් අධික ලෙස හිටියත් මේ ගැන හරවත් සන්වාදයක් කොහෙත්ම කෙරී නැහැ නේ? ඉකොනොමැට්ටාට පුළුවනිද මේ ගැන හරවත් සන්වාදයක් අරඹන්න?//
      ලංකාවේ කවුරුත් වගේ ධනවාදය කියා හඳුන්වන්නේ ධනවාදය ලෙස මාක්ස්වාදීන් විසින් කියා දී ඇති දෙයයි. ඒ නිසා ධනපති විරෝධය ජනප්‍රිය වී තිබේ. මේ බ්ලොග් එක පටන්ගත් දින සිටම ඉදිරියට ගෙන යන්නේ ඔබ කියන සංවාදයයි.

      //“අදාල සමාජ කුලකයේ ‘ශ්‍රමය’ විකුණුම් භාණ්ඩයක් බවට පරිවර්තනය වන ක්ෂණික මොහොතේ සිට එම සමාජය ධනවාදී ලෙස අර්ථ දක්වනු ලැබේ.”//
      දාස් කැපිටාල්හි තිබෙන වෙළඳපොළ, මිල හා වටිනාකම් පිළිබඳ මාක්ස්ගේ ප්‍රවාද මා පිළිගන්නේ නැත. එහෙත්, අවශ්‍යනම් ඒ ප්‍රවාද පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම්ය. දාස් කැපිටාල්හි සමස්ත ප්‍රවාදයම ගොඩ නංවා තිබෙන්නේ භාණ්ඩයකට පාරිභෝගිකයාගෙන් වියුක්ත වාස්තවික වටිනාකමක් තිබේය යන වැරදි උපකල්පනය මත පදනම්වය. එය ඉවත් කළ විට ඉතිරි කතන්දර කිසිවකට පදනමක් නැත. ශ්‍රමය සූරාකෑම කියන්නේ ඉහත උපකල්පනය මත ගොඩ නගා තිබෙන පදනමක් නැති සංකල්පයකි. ශ්‍රමය හුවමාරු වීම යනු අලුත් දෙයක් නොවේ. එය භාණ්ඩ හුවමාරුව තරම්ම පැරණිය. ඒ නිසා ඔබ කියන අර්ථයෙන් ගත්තත්, මා පිළිගන්නා අර්ථයෙන් ගත්තත් ධනවාදය කියන්නේ ඉතිහාසය පුරාම තිබුණු ස්වභාවික ආර්ථික ක්‍රමය මිස මහා අමුතු දෙයක් නොවේ. කාලයත් සමඟ පරිණාමය වී තිබෙන්නේ නිෂ්පාදන තාක්ෂණයයි. ඒ සමඟ නිෂ්පාදනය සඳහා යොදාගන්නා ශ්‍රමයේ ස්වභාවයද වෙනස් වී තිබේ. පසුගිය සියවසක හෝ දෙකක සිට අලුතෙන් සිදුව ඇති දෙය වන්නේ ඒ ස්වභාවික ක්‍රමයට රාජ්‍යයන් විසින් වැඩි වැඩියෙන් බාධා පැමිණවීමයි. මේ කරුණු ගැන මීට පෙර වෙනත් අයෙකු සමගද සංවාදයක් පටන් ගත්තත් ඔහු අතරමගදී එය හැර ගියේය. මාක්ස්වාදීන් මෙන් සියලු මිනිසුන්ගේ ශ්‍රමය සමාන බව මා පිළිගන්නේ නැත. ඒ නිසා, මට අනුව විකුණුම් භාණ්ඩයක් වන්නේ විවිධ (විශේෂයෙන්ම සේවා) නිෂ්පාදන සඳහා යොදා ගැනෙන විවිධ ශ්‍රමයයන් මිස ශ්‍රමය නම් වූ පොදු දෙයක් නොවේ. මාක්ස්ගේ කාලයේදී නිෂ්පාදන සාධකයක් ලෙස මූලික ශ්‍රමයට වූ වැදගත්කම අද නැත. එමෙන්ම ප්‍රාග්ධනය යනු පරිභෝජනය නොකර ඉතිරි කර ගත් ශ්‍රමයේ ප්‍රතිලාභයි. එනම් එය ශ්‍රමයේම තවත් ස්වරූපයකි. ඒ නිසා ප්‍රාග්ධනය අතහැර ශ්‍රමය පමණක් මත පදනම්ව වටිනාකම් ඇස්තමේන්තු කළ නොහැක.

      //ඊට අමතරව වෛද්‍ය විශේෂඥවරුන් වෛද්‍ය වාර්තාවලට නිල අත්සන් තැබීමෙන් අතිවිසාල ආදායමක් පුද්ගලික රෝහල් ලබා ගන්නා මුත් එතැනදීත් “වෛද්‍ය ශ්‍රමය” මිලට ගැනීමක් (නැත්නම් සූරා කෑමක්) සිදු වන්නේ නැහැ නේද?//
      මා මාක්ස්වාදියෙක් නොවන නිසා රෝහල් ධනවාදී රෝහල් හා ධනවාදී නොවන රෝහල් ලෙස වර්ග කිරීම මට අදාළ කරුණක් නොවේ. ඇමරිකාවේ රෝහල් වල තිබෙන්නේද ඔය ආකෘතියමය. වෛද්‍යවරු පැමිණ ශල්‍ය කර්ම ආදිය කර පිටව යති. රෝහලට ලැබෙන්නේ සපයන සේවා වෙනුවෙන් ගාස්තුවකි. ඉතිරිය රෝගියා හා වෛද්‍යවරයා අතර ගනුදෙනුවකි. එමෙන්ම සූරාකෑම කියන දෙය අර්ථදැක්වීම අනුවම බොරුවකි. දාස්කැපිටාල්හි ඔය සංකල්පය ඉදිරිපත් කරන්නේ බොරු උපකල්පන මත භාණ්ඩයකට බොරු වාස්තවික වටිනාකමක් දෙමින් හා ප්‍රාග්ධන යෙදවුම් වෙනුවෙන් ප්‍රතිලාභ හිමි විය යුතු බව නොසලකමිනි. සූරාකෑමක් කියා දෙයක් නැතත් නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවමින් ඇතැම් කොටස් විසින් ඒකාධිකාර පවත්වා ගැනීම හරහා සුපිරි ලාභ ලැබීමක්නම් සිදු වේ.

      Delete
    7. @ ඉකොනොමැට්ටා


      // සමාජවාදීන් අදටත් කියන්නේ සම්පත් වඩා සාධාරණ ලෙස බෙදා හැරීම ආණ්ඩුවට කළ හැකි බවයි. ආණ්ඩු වලට මිනිසුන්ගේ සම්පත් බලෙන් පැහැර ගැනීමට ඉඩ සලසන්නේ ඒ මතවාදයයි.//

      ඇමරිකාවත් හෙලුවැල්ලෙන්..............ඇමරිකාවට කඩේ යන උනුත් හෙලුවැල්ලෙන්.................

      ලෝකේ අනිත් රටවල සම්පත් බලෙන් ගන්නේ සමාජවාදේ නෙවේ ධනවාදේ නේ...................

      මේ මොහොතේත් ලෝකේ අප්රි කානු රටවල තෙල් සම්පත කනිජ සම්පත් ආසියානු ලතින් ඇමරිකානු රටවල සම්පත් කොල්ල කන්නේ ඇමරිකන් බටහිර බහුජාතික සමාගම් නේද................කොටින්ම අපේ කොතල හිබුටු ටිකත් කොල්ලකාවේ ඔය හිගන්නෝ................

      මේ මොහොතේත් අනුන්ගේ රටවල දේ බලෙන් අරගෙන කන ධනවදේ කට්ටිය හෙළුවෙන් ඉදන් තමා නේද සමාජවාදේ බලෙන් ගන්නවා කියන්නේ ....................හා හා.........

      වෙනිසියුලාව ගැන කිව්වොත් ලෝක වෙළද මාෆියාව පාලනය අද ඇමරිකාව ඇතුළු කදවුර අත තියන බව කවුරුත් දන්නා කරුණක්. ඒ කියන්නේ ලෝක වෙළදාම බලහත්කාරයෙන් පාලනය කරන්නේ ඔවුන්.............



      // මෑතකාලීන උදාහරණයක් අවශ්‍යනම් මේ මොහොතේ වෙනිසියුලාව ලෙස බැලීම ප්‍රමාණවත්ය.//

      තමුන්ගේ වෙළද අධිරාජ්යො යොදාගෙන ඒ රටවල ආනයන අපනයන සම්පුර්ණයෙන්ම පාහේ සම්බාධක දාලා තහනම් කරලා ...............දැන් කියනවා වෙනිසියුලාවේ ආර්ථිකේ ටිකක් අවුල් ලු.................දරුවන්ට දෙන බෙහෙත් ටිකට පවා සම්බාදක දාන නපුන්සක වෙලද මාෆියාවක් පවත්වාගෙන යන ඇමරිකාව රෙදි ඇදගෙනද මේවා කියන්නේ................මොන නපුන්සක රටවල්ද යකෝ මේවා.................


      ඇමරිකාව පරජාතන්තර.වාදය පිලිගන්නවා නම් පරජාතන්තරවාදී ව බලයට පත් වුනු ආණ්ඩු වලට සම්බාධක දාලා මිනිස්සු මරන්නේ නැතිව නිදහසේ තමුන් කැමති කරමයට වැඩ කරන්න දෙන්නැත්තේ ඇයි මහත්තයෝ...................


      Delete
    8. @ ඉකොනොමැට්ටා

      // බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ මිලේච්ච තීන්දු තීරණ මෙම මහා ව්‍යසනයට මග පෑදී තිබුණි. එවකට ඉන්දියාව පාලනය කල ලයිටන් සාමිවරයා විසින් ඉන්දීය ගොවී ජනතාව විසින් ඉතා වෙහෙස මහන්සියෙන් නෙලාගත් අස්වැන්න වූ තිරිඟු ටොන් 320.00 ක් එංගලන්තයට නැව් ගත කළේය. සාගතය අතර මග සිදුකල මෙම අමානුෂික ක්‍රියාවෙන් ඉන්දීය දුගී ජනයා දුර්භික්ෂයකකට බලහත්කාරයෙන් ඇද දමන ලදී ..
      1876- 78 කාලයේ සිදු වූ මෙම මහා සාගතය තුල මිනිසුන් ලක්ෂ ගනනින් මිය යනවිට, වික්ටෝරියා රැජිනගේ මෞලි මංගල්‍ය වෙනුවෙන් ප්‍රභූන් 60000 ක ගේ සහභාගිත්වයෙන් සම්භාෂණ පවත්වා ඇත. ඔවුන් ප්‍රිය සාදා පවත්වා ඇත්තේද සාගතයෙන් පීඩාවට පත් වූ ජනයාට නියම කල සලාකයද කපා හරිමින්ය.//

      ඉකොනොමැට්ටා - //මෙය සම්පත් බෙදා හැරීම ආණ්ඩුවට භාර දීමේ ප්‍රතිඵල පිළිබඳ හොඳ උදාහරණයකි. ධනවාදය යනු මිනිසුන් අතර සිදුවන නිදහස් ගනුදෙනු වලට ඉඩ හැරීම මිස සම්පත් බෙදා හැරීම හා පාලනය ආණ්ඩුවට පැවරීම නොවේ. //


      මෝඩ කමට මෙන්ම නොදන්නා කමට බෙහෙත් නැත.....................
      ඇමරිකන් ගොබෙල්ස් වාදී පච මාධ්යත අසූචි වලින් ඔලුව පුරවාගත්තාම ඔහොම සිදු වේ..................

      මේවාට උත්තර දෙන්නේ කුමන සිංහලෙන්ද කියා සිතේ.................

      ඉන්දියාව තුල බ්රිේතාන්ය් ධනේශ්වර අධිරාජ්ය.වාදීන් වර්ග සංහාර කල එක බෙදා හැරිම ආණ්ඩුව කරන එකේ ප්රදතිපලයක් ලූ.........එක සමාජවාදී ක්ර.මය ලූ..........ධනවාදය තුල එහෙම නෑ ලූ.................

      එතකොට ඔයා කියන්නේ මහා රැජිනගේ බ්රි.තාන්යව හිරු නොබසින අධිරාජ්ය. සමාජවාදී එකක් කියලද..........?

      එංගලන්තේ මහා රුජිණි ලෙනින් වගේ කෙනෙක්ද?

      බ්රිනතාන්ය හමුදාව ලංකාවට එහෙම ඇවිල්ලා ශ්රීු වික්ර්ම රාජසිංහ රජතුමාව එහෙම අල්ලාගෙන ගියේ ලංකාවේ සමාජවාදය ගොඩ නගන්නද...............??? මෙනවද හලෝ මේ කියන ගොන් කතා..............???

      ගොන්වහන්ස ධනවාදී ක්රමයේ ආදී කතෘ බ්රිතාන්ය අධිරාජ්යල තමා සැලසුම් සහගතව බෙන්ගාලි සාගතය ඇති කරලා මිනීස්සු මැරුවේ.................අදත් ලෝකේ මෙයාල කරන්නේ ඒක

      බ්රිතාන්ය අධිරාජ්ය ක්රමය පිළිබද අවම දැනුමක් වත් නැතිවද මේ මනුස්සය මේ කියවන්නේ................


      අනික දැන් ලෝකේ සමාජවාදේ ප්රැක්ටිකල් නැත............මිනිස්සු ප්රතික්ෂේප කරලය........... තියෙන්නේ රටවල් 4ක විතරය.................කියලා ඔයාලා පාරම්බානවා නේ................

      බැලූ බැල්මට සමාජවාදී ක්රමය බිදවැටිලා නේ................

      රටවල් 4ක් 5ක් හැර ඔක්කොම රටවල් ධනවදේ පිළි අරන් නේ.............ඔයා දන්නවද එක්සත් ජාතීන්ගේ සංවිධානේ නිල වාර්ථා වලට අනුව මේ ලෝකයේ එක දවසකට බඩගින්න නිසා පමණක් මිනිසුන් 20 000 ක් මියයයි...................මහා ලොකුවට සමාජවාදෙට පයින් ගහලා වැලදගත්ත ධනවදේ දිග පළල කොහොමද.........බෙන්ගාලි සාගතේ හොදයි නේද ධනවදේට වැඩිය.................

      Delete
  11. ඇයි අනී උයාලා ඉකොනොතුමාට අඩන්තේට්ටම් කරන්නේ.

    අඩන්තේට්ටම් කියන වචනේ මොන බාශාවෙන් ආපු එකක්ද? දෙමල නම් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අරියාදු සහ අඩන්තේට්ටම් ආදී වදන් හෙළ බසට මළයාලම් බසින් පැමිණි වදන් නේද? බොහෝ දෙනෙක් දෙමළෙන් පැමිණියායැයි කියන සිහල වදන් ද මළයාලම් ආපුවා තමයි

      Delete
    2. මලයාලි තේරුම මොකක්ද?

      Delete
    3. මළයාළීන් അദാന്തേട്ടം කියන්නේ මල වදේ, මල කරදරේ වගෙ එකකට නේද ජගත්?

      Delete
  12. ඉකොනොමැට්ටා දන්නවත් ඇති මේ දවස්වල ලංකාවෙ කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරමින් ඇති ආක්‍රමණික ඇමරිකානු සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ඉතා සාර්ථක දේශීය රසායනික ඔෟෂධයක් නිෂ්පාදනය කිරීමට සෙවණගල, මහගම, සමඟිපුර ප්‍රදේශයේ ගෙවිලියක් සමත් වී ඇති බව. (සෙවණගල, මහගම අංක 77, සමාධිපුර පදිංචි ඩී.එල්.ජී. ශ්‍රියානි මහත්මිය මෙම ඔෟෂධය නිපදවා ඇත.)

    මේකෙදි ඇය වගා කර ඇති බඩඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන් හානි පැමිණීම හේතුවෙන් දේශීය ඔෟෂධ කොළ එකතු කර කොටා දවසක් ජලයේ බහා තබා පසුව එය මිරිකා රැගෙන ලීටර් 16 කෘෂි රසායනික යොදන ටැංකියකට සාදා ගන්නා ලද රසායනික ඔෟෂධ අවුන්ස 08ක් පමණ යොදා ජලයේ කලවම් කර ඉරිඟු ගසේ ගොබය තුළට එකී ද්‍රව්‍ය කාවදින පරිදි රසායනික ඔෟෂධය යොදා ඇත.

    කියන විදිහට විනාඩි 30ක පමණ කාලයක් තුළ දළඹුවන් සියල්ල මියගොස් බිම වැටී ඇත. ඒ අනුව ඇය පැරකුම් ගොවි සංවිධානයේ සාමාජික සාමාජිකාවන්ට සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා මෙම ඔෟෂධය ලබාදීමට කටයුතු කර ඇත. පැරකුම් ගොවි සංවිධානයේ සභාපති ආර්. එම්. විජේරත්න කියා සිටියේ සේනා දළඹුවා මර්දනය කළ නොහැකි බවට පැතිර ඇති කතා අනුව මෙම ඔෟෂධය සාර්ථක නිෂ්පාදනයක් වන බවය.

    // අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය දැනුවත් කළත් ඒ පිළිබඳ ඔවුන් එපමණ උනන්දුවක් දැක්වූයේ නැහැ. ජනාධිපතිතුමා හා කෘෂිකර්ම ඇමැතිතුමාගේ අවධානය මේ ගැන යොමුවෙයි කියලා මම හිතනවා. මෙම පළිබෝධ නාශකය නිෂ්පාදනය කරල තියෙන්නේ දේශීය කොළ වර්ග යොදාගෙන, පරිසර හිතකාමී ඔෟෂධයක් ලෙස මෙය වගාවට යෙදිය හැකියි. රජයේ හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර මෙම ඔෟෂධය වැඩිදියුණු කර ගොවීන්ට ලබා දෙන්න කටයුතු කරනවා නම් ලොකු දෙයක්.//

    ඉතින් ඉකොනොමැට්ටා ඔන්න දැන් මොන්සන්ටෝ කාරයා ඔකේ රසායනික සංයෝගය හොයාගෙන මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරලා මුළු ලෝකෙටම අධික මුදලට විකුනන අතරේ අපිටත් ගිණිගනන් වලට විකුනයි. ඊට කලින් දේශීය වියාපාරිකයෙක් හරි මේ කාන්තාව සමග එක්ව මෙයට පේටන්ට් එක අරගෙන කාර්මිකව නිපදවීම කලොත් නරකද? ඔබේ අදහස ඉදිරිපත් කලොත් වටිනව මේ ගැන.

    ReplyDelete
    Replies
    1. සේනා දළඹුවා කියන තරම්මම මැජික් එකක් නෙමෙයි. ඇමරිකාව සේනා දළඹුවාගේ හානිය සෑහෙන තරමින් සාර්ථකව පාලනය කරගෙනයි ඉන්නේ. දළඹුවා මරණ එක නෙමෙයි ප්‍රශ්නේ. දළඹුවන් මරාගෙන යන කොට බිත්තර වලින් අළුත් දළඹුවෝ පරම්පරාවක් ඉතා ඉක්මණින් බිහිවීමයි. ඒකයි තිබෙන අභියෝගය. ඒ නිසා කරන්න අවශ්‍ය දළඹුවන් මැරීමට වඩා බිත්තර වලින් දළඹුවන් හැදෙන එක වැළැක්වීමයි. දළඹුවන් මරන්න ඉවක් බවක් නැතුව කෘමි නාශක යෙදූ විට දළඹු බිත්තර විනාශ කරන සතුන් මිය යාම නිසා හානිය වැඩි වෙනවා. ඒ නිසා දළඹුවන් මැරිය යුත්තේ එක්තරා නිශ්චිත අදියරකදී පමණයි. දළඹුවා කාලා ලොකු උනාට පස්සේත් මරල වැඩක් නැහැ. ඇමරිකාවේ බොහෝ සරසවි වල වෙබ් අඩවි වල අවශ්‍ය උපදෙස් තිබෙනවා.

      Delete
    2. අනිවාර්යෙන්ම ඇත්ත ඉකොනොමැට්ටා, ඒවගේම තමයි මොන්සන්ටෝ (BASF) සල්ලි අරගෙන උන්ගේ පැත්තට කතා කරපු මහාචාරිය කියල කියාගන්න රසායනික විද්‍යාව ගණිකා වුර්තියේ යොදවන බකපණ්ඩිත කලකණ්ණියෝ අර එදා ගල්යිපොස්පෙට් වකුගඩු රෝගයට සම්බන්දයක් නෑ කිව්වා වගේ කියාවි මේ ගෙවිලිය සොයාගත්ත රසායනය කිසිම වැඩක් නෑ මොනසන්ටෝ බෙහෙත් තමයි නිවැරදි බෙහෙත කියල, පසුගිය කාලේ ඇමෙරිකාව ඇතුළු බොහෝ රටවල රුපවාහිනියේ මිනිසුන්ට රසායනික දේවල් වල ගුණ ගැන ප්‍රත්‍යක්ෂයෙන් කතා කරපු ස්වාදීන යි කියල පෙන්නපු මහාචාරියලා ආචාරියල බොහෝ දෙනෙක් පසුව අහුවුනා උන් රසායනික නිපදවන කොම්පනිවලින් හොරෙන් පඩි ගන්න එවුන් කියල.

      අපෙත් ඔය කතා කරපු උන් සහ රසායනික රෙජිස්ටාර්ලා ඇතුළු නිලතල බොහොමයක් උන් අදත් පඩි කන්නේ රසායනික කොම්පැණි වලින් ඇමරිකන් වෝටර් එකට, ඇන්කර් එකට විරුද්දව පැමිණිලි ආවේලාවේ ඒවා ආරක්ෂා කරන්න ඔය නිලධාරින් පුදුම මහන්සියක්ල් ගත්තේ හරියටම අර UNP ආණ්ඩුව ආරක්ෂා කරන්න ලිට්රෝ ගෑස් එකෙන් පඩි කාපු දඹර අමිල කම්බ හොර ගණගෙඩියා වගේ

      Delete
    3. පහළින් තියෙන අනිත් දේවල් ගැනනම් මම කියන්න දන්නේ නැහැ.

      Delete
    4. 'සේනා දළඹුවා කියන තරම්මම මැජික් එකක් නෙමෙයි. ඇමරිකාව සේනා දළඹුවාගේ හානිය සෑහෙන තරමින් සාර්ථකව පාලනය කරගෙනයි ඉන්නේ. දළඹුවා මරණ එක නෙමෙයි ප්‍රශ්නේ'

      ඕක තමයි ප්‍රශ්නේ. තුන්වෙලටමප් පන්සිල් ගන්නා සිංහල බෞද්ධයන් මරන්නේ චිකන්, තම්බි සහ දෙමල්ලු විතරයි. මාළුත් ශේප්. අනික්වා ප්‍රාණඝාත අකුසලයට සිදු වෙනවා.

      Delete
    5. http://www.fao.org/3/a-bt417e.pdf?fbclid=IwAR23hRDr2so7JqaGdPKV3tjS8YmPRbwQ4wIB2vWX8jgUwSBIp9QChilRliA

      Delete
  13. thank you sir for sharing the knowledge

    ReplyDelete
  14. අප වෙනුවෙන් ඔබ දරන වෙහෙසට ස්තූතියි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: