වෙනිසියුලාවේ මහ බැංකුව විසින් බොලිවාර් ලක්ෂ දෙකේ, ලක්ෂ පහේ හා මිලියනයේ නෝට්ටු තුනක් අලුතෙන් නිකුත් කර තිබෙනවා. නිකොලොස් මදුරෝගේ එක්සත් සමාජවදී පක්ෂ පාලනය යටතේ වෙනිසියුලාවේ දුප්පත්ම වැසියන් පවා මිලියනපතියන් වී සිටීම එයට හේතුවයි.
ප්‍රධාන වශයෙන්ම තෙල් අපනයනය මත යැපෙන වෙනිසියුලාවට අනූව දශකය අවසානයේදී කාලයක් තිස්සේ එක දිගට ඉහළ ගිය ලෝක තෙල් මිල විශාල වාසියක් වුනා. එවකට වෙනිසියුලාවේ ජනාධිපති වූ හියුගෝ චාවේස් ඉහළ ගිය තෙල් මිලේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් රට තුළ විශාල සුබසාධන ආර්ථිකයක් ඇති කළා. එයින් ඔහුගේ ජනප්‍රියතාවයද විශාල ලෙස ඉහළ ගියා.
තෙල් මිල පහළ වැටීමත් සමග චාවේස්ගේ සුබසාධන ආර්ථික ප්‍රතිපත්ති අතේ පත්තු වෙන්න පටන් ගත්තා. එහෙත් සුබසාධන වියදම් කපා හැරීමක් සිදු වුනේ නැහැ. සුබසාධක වියදම් ඉහළ යද්දී ලැබෙන ජනප්‍රියත්වය හා විශාල වන රාජ්‍ය යාන්ත්‍රණය තුළ වංචා හා දූෂණ දළු දමා පැල වීමත් සාමාන්‍ය දෙයක්. ඉහළ යන අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජය සතු තෙල් සමාගමෙන් මුදල් ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තෙල් සමාගමේ ආයෝජන ඇන හිටීම නිසා වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනය විශාල ලෙස පහත වැටී ආර්ථික අර්බුදය තවත් උග්‍ර වුනා.
චාවේස්ගේ මරණයෙන් පසුව මදුරෝ බලයට පත් වුනත් චාවේස්ගේ දේශපාලන ප්‍රතිපත්ති දිගටම ඉදිරියට ගියා. අසාර්ථක රාජ්‍ය ප්‍රතිපත්ති හමුවේ රාජ්‍ය පාලකයන්ගේ අන්තිම තුරුම්පුව වන සල්ලි අච්චු ගැසීම කරා වෙනිසියුලාව යොමු වුනා. මෙහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය යක්ෂයෙකු සේ හිස ඔසොවද්දී මිල පාලනය ආදී සම්ප්‍රදායික සමාජවාදී උපක්‍රම වලින් තත්ත්වය තවත් දරුණු අතට හැරුණා.
පාන් රාත්තලක, සීනි කිලෝවක මිල බොලිවාර් ලක්ෂ ගණනක් දක්වා ඉහළ යද්දී මදුරෝ රජය ප්‍රශ්නයට සුහුරු දේශීය විසඳුමක් හොයා ගත්තා. ඒ සියලුම මිල ගණන් වලින් බින්දු පහක් කපා දැමීමයි. 2018 අගෝස්තු 20 දින සිට ක්‍රියාත්මක වූ මේ බින්දු කැපිල්ලෙන් පසු ඒ වන විට බොලිවාර් ලක්ෂ දහයකට අලෙවි වුනු පාරිභෝගික භාණ්ඩයක මිල බොලිවාර් දහය දක්වා අඩු වුනා. හැබැයි මේ සුහුරු විසඳුමෙන් පසුවත් වැඩිකලක් බඩුමිල පහළින් තියා ගන්න බැරි වුනා.
මේ වෙද්දී වෙනිසියුලාවේ හාල් කිලෝවක් බොලිවාර් මිලියන 2.5ක්ද, තක්කාලි කිලෝවක් බොලිවාර් මිලියන 5ක්ද, කුකුළෙක් බොලිවාර් මිලියන 14.6ක්ද වෙනවා. දවසකට වේලක් කන වෙනිසියුලානු වැසියෙක් ඇත්නම් ඔහු අනිවාර්යයෙන්ම මිලියනපතියෙක්. බොලීවියාවේ මහ බැංකුවේ දත්ත අනුව මේ වන විට (2021 අප්‍රේල් 13) ඇමරිකානු ඩොලරයක මිල බොලිවාර් 2,290,488.29ක්.
වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් කලකට පෙර ප්‍රකාශ කළේ ලංකාවද වෙනිසියුලාව ආදර්ශයට ගනිමින් ඔවුන් පසුපස පියවර තැබිය යුතු බවයි.
හොඳ පෝස්ට් එකක් ඉකොනොමැට්ටා,
ReplyDeleteලංකාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු සඳහන් කරන්නේ ලංකාව මේ වන විට සිම්බාබ්වේ රාජ්‍යයේ සිදුවූ දේ කරා වේගයෙන් ගමන් කරන බව.
ඒ වගේම චීන කළු සල්ලි වලින් කරන්න හදන පෝට් සිටි කූට ව්‍යාපාරය ගැන ඔබ සිතන්නේ කොහොමද?
මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න.
https://www.facebook.com/watch/?v=1481509045520419
ඉකොනොමැට්ටා,
ReplyDeleteපහුගිය මැතිවරණය සමයේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉතා බලසම්පන්න වැඩපිළිවෙළක්. ඒ අනුව ලංකාවේ රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ ගරා වැටුණු ආර්ථිකය ගොඩ නැඟීමට හොඳම ක්‍රමය ආර්ථිකයට මුදල් සහ සම්පත් විශාල වශයෙන් පොම්ප කිරීම බව ආර්ථික පඬිවරැන් වන තමාගේ කණ්ඩායම දන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතා දැඩිව අවධාරණය කළා.
පහුගිය අගෝස්තු පස්වනදා මැතිවරණය ජයගැනීමෙන් පසු ලංකාවේ පවුල් ඒකක මිලියන 5.4 ක් පමණක් සිටින නිසා ඒ සෑම පවුලකටම අවම රුපියල් 20,000 ක ආධාරයක් ලබාදීමට තමන් කටයුතු කරන බවද ඔහු පැවසීය.
පහුගිය 2020 අගෝස්තු 05 වැනිදා ආණ්ඩුව ජයග්‍රහණය කිරීමෙන් පසු පැය 24 ක් තුළ දී ඉන්ධන මිල විශාල වශයෙන් පහත දමන බවද ඔහු කීය.
ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් රටපුරා පැවති ජන හමු අමතමින්.
මේ බලන්න;
https://youtu.be/eaNhujjSIEQ
ඒ වගේම මේකේ විනාඩි 1.00 සිට බලන්න ඉතා ප්‍රායෝගික දියුණු ආර්ථික සංවර්ධන සැලසුම් ගැන සාකච්ඡා කරනවා;
https://youtu.be/2rM6bUWDqNU
මේක වඩාත් strategic වැඩපිළිවෙළක්;
https://youtu.be/bedJT8ZvC6U
මේවා ක්‍රියාත්මක කිරීමෙන් පසු රටේ ආර්ථිකය දියුණුව කරා යෑමට පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක්
ReplyDelete(රන්ජන් කස්තුරි)
චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක සංවර්ධන ණයක් ප්‍රදානය කර තිබේ.
එම ණය ගිවිසුම කොළඹ චීන තානාපති කාර්යාලයේදී අද අත්සන් තැබිණි.
සහන පොලී අනුපාතයක් යටතේ වසර 10ක කාලයකින් ගෙවා නිමකිරීමේ පදනම මත එම ණය ලබාගත් බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි.
එම ඩොලර් මිලියන 500 ක ණය මුදල් ඉදිරි දින කීපයතුළ ශ්‍රී ලංකාවට ලැබෙන බව ද ආටිගල මහතා කියයි.
..
චීනයෙන් නැවත නය මුදලක් ලබා දීමේ ඇත්ත චීන අරමුණ මොකක් විය හැකිද ඉකොනෝ?
ඉකෝන්,
ReplyDeleteඔබ මේක ගැන හිතන්නේ මොකද? මේක මනි ලොන්ඩරින් එකක් ද ලංකාවේ කරන්න හදන?
https://youtube.com/watch?v=WoHPRCAlt44&feature=share
Video unavailable.
Deleteමේ වීඩියෝ එක ලංකාවෙ, මැදපෙරදිග කලාපයේ සහ දකුණු කොරියාව වගේ රටවල අයට නම් බලන්න පුළුවන්. ඇමරිකාවේ බ්ලොක් ද දන්නේ නැහැ
Deletehttps://m.youtube.com/channel/UCCK3OZi788Ok44K97WAhLKQ
මේක බලන්න පුලුවන් නේද?
එකොනො,
ReplyDeleteමේ වීඩියෝ එකේ තියෙන ලංකාවේ කුරුඳු වැවිලිකරුවන් මුහුණ දෙන ප්‍රශ්නය ගැන ඔබට විසඳුමක් ලබා දීමට පුළුවන් වේවි ද?
https://youtu.be/mn6650M3M-U
ඇත්තටම ලංකාවේ කුරුඳු පිළිබඳ ප්‍රශ්නය branding ප්‍රශ්නයක්. නිෂ්පාදන පිරිවැය අඩු කර ගත හැකි ක්‍රම ගැන සොයා බැලිය යුතු වුවත් කොයි තරම් මහන්සි වුනත් කෂියා කුරුඳු එක්ක මිලෙන් තරඟ කරන්න පුළුවන් වෙයි කියා මම හිතන්නේ නැහැ. මේ වගේ කර්මාන්තයක් ගොඩ දමන්න ඕනෑ product differentiation මගින්. මිල අඩු කරනවා වෙනුවට මිල තවත් වැඩි කරලා යම් ආකාරයක "සුඛෝපභෝගී භාණ්ඩයක්" විදිහටයි මාකට් කරන්න ඕනෑ. ගොඩක් පාරිභෝගිකයෝ කුරුඳු වර්ග දෙක අතර වෙනස දන්නේ නැහැ. ප්‍රචාරණයේ වටිනාකම පෙනෙන්නේ මේ වගේ තැන් වලදී. මිල කිහිප ගුණයකින් ඉහළ ගියොත් මහන්සි වුනා කියලා ශ්‍රමිකයන්ට පාඩු වෙන්නේ නැහැ. අනිත් එක ලංකාවේ කුරුඳු කෂියා කුරුඳු ඉදිරිපත් කරන විදිහටම වෙළඳපොළට ඉදිරිපත් කළ යුතුද? ලෝක වෙළඳපොළේ කුරුඳු ඉල්ලුම හැදෙන්නේ කොහොමද කියන එක ගැන මට ලොකු අවබෝධයක් නැහැ. කුළුබඩුවක් විදිහට පාවිච්චි කරන ගොඩක් අයට අවශ්‍ය කුරුඳු කුඩු. ඒ නිසා නිෂ්පාදනයේදී පොඩි කෑලි කැඩෙන එක ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. ඒ වගේම සීරියල් වගේ දේවල් හදන්න ගන්නෙත් කුඩු. අතරමැදි භාණ්ඩයක් විදිහට කුරුඳු මිල දී ගන්න මහා පරිමාණ නිෂ්පාදකයින් එක්ක සෘජුව කතා කළ යුතුයි. ඔය ප්‍රශ්නය කුරුඳු ගොවියාගේ පැත්තෙන් පටන් අරන් විසඳන්න බැහැ. මොකද ලංකාවේ කුරුඳු ගොවියෙකුට කවදාවත් මිල තීරණය කරන්න බැහැ. උදවු කළ යුත්තේ කුරුඳු අපනයනකරුවන්ටයි. එවිට වක්‍ර ලෙස එහි වාසිය ගොවීන්ට එනවා. වෙනස් දෙයක් විදිහට බ්රෑන්ඩ් කරලා තෝරාගත් පාරිභෝගික පිරිසක් ඉලක්ක කරලා විකුණන එකයි කළ යුත්තේ. ඔය වැඩේට මුදලක් යට කරන්න වෙනවා. අවදානමක් ගන්න වෙනවා. ගොවීන්ගේ තැනින් පටන් අරන් ප්‍රශ්නය විසඳීම සාර්ථක නොවන්නේ ඒ නිසයි. මට මේ කර්මාන්තය ගැන ලොකු දැනුමක් නැහැ. මට තේරෙන දෙයයි කිවුවේ.
Deleteඉකොනො ඔබ වෙනිසියුලාව ගැන කියපු කතාව නිසා මට පැරණි සම්මන්ත්‍රණයක් සිහිපත් වුණා.
ReplyDeleteඒ පහුගිය 2018 / 19 කාලයේ වත්මන් ජනපති වෙනුවෙන් දේශපාලන ප්‍රචාරක යාන්ත්‍රණයේ ප්‍රබල කොටසක් බවට පත් වී තිබුණ වියත් මග රැස්වීම් වල පැවති සම්මන්ත්‍රණ වල වෙනිසියුලාව ගැන සාකච්ඡා කළ කරුණු කාරණා.
ඒ අනුව වියත් මග සාමාජිකයන් දැරූ පොදු මතය වුණේ රටකට කොච්චර ස්වභාවික සම්පත් තිබුණත් ඒ රටට සංවර්ධනය වෙන්න ඕන මූලික සංකල්ප සහ අත්තිවාරම තිබීම අනිවාර්යයයි. ඒ වගේම වීරවංශලාට ලාවට මඩක් ගසමින් එහි පැවසූවේ සංවර්ධනය ගැන අවබෝධය නැති වුණාම අපට ස්වභාවිකවම හිතෙන දේ තමයි කවුරුහරි කරන කුමත්‍රණයක් නිසා තමයි අපිට දියුණු වෙන්න බැරි කියන මතය සහ ලෝකයේ අනිත් සියලුම රටවල් හරිම හිත හොදින් හැමෝටම උදව් කරනවා කියන එකත් සත්‍ය නෙවෙයි, නමුත් අනිත් අයගේ බලපෑම් වලට වඩා ප්‍රශ්නය තිබෙන්නේ අපිට අපේ අඩුපාඩු තේරුම්ගැනීමට නොහැකිවීම සහ සංවර්ධනයට යන පාර අපිටම හොයා ගන්න අපහසු වීම බවයි ඔවුන්ගේ අදහස.
මේ සදහා ඒ වියත් මග කණ්ඩායමේ සිටි සාමාජිකයන් පෙන්වූ හොඳම උදාහරණයක් තමයි ඔබ මේ පවසන වෙනසුඒලා රට (වෙනිසියුලාව).
ඒ අනුව එහිදී ඔවුන් මුලු ලෝකයටම බොරතෙල් සැපයීමේ ධාරිතාවයෙන් පස් වෙනියට සිටින රට බවයි පැවසූයේ, නමුත් ඔවුන්ගේ ආර්ථික තත්වය ඉතාම පසුගාමීයිලු. ලෝකයේ මේ විදියට සම්පත් තිබෙන බොහෝ රටවල් ඉතාම දිළිඳු භාවයෙන් කාලය ගත කරන්නේ සංවර්ධනයට යන පාර කුමක්ද කියා හරි හැටි නොදන්නා නිසා බව වියත් මග කණ්ඩායමේ අදහසක්.
වියත් මග කණ්ඩායමට අනුව සංවර්ධනය කියල කියන්නෙ එක පාරටම හෝ එක රැයින් සිදුවෙන දෙයක් නෙවෙයි. අර නීතිඥ නාගානන්ද සහ රොහාන් පල්ලෙවත්ත වගේ අය පැවසූ පරිදි ක්ෂණිකව මැජික් එකක් වගේ විජ්ජාවක් තුලින් රටක් හදන්න බෑ කියලා ඔවුන් හිතනවා.
වියත් මග හිතපු විදියට රටක් සංවර්ධනය කිරීම හරියට Gym එකට ගිහින් ව්‍යායාම කරනව වගේ. ශරීරයේ සැලකිය යුතු වෙනසක් වෙන්න එක දිගට දිනකට මිනිත්තු 90 බැගුන් වගේ ව්‍යායාම කරන්න ඕන. සතියක ව්‍යායාම එක දවසක කරා කියල හරි Gym එකේ තියෙන හැම ව්‍යායාම උපකරණයකම ව්‍යායාම කලා කියල අපේ fitness නැත්තම් ශාරීරික යෝග්‍යතාවය හැදෙන්නෙ නෑ. රටකට ඕනතරම් සොභාවික සම්පත් තියෙනව වගේ gym එකේ ඉතා හොද උපකරණ තිබුණ කියල අපේ ශරීර යෝග්‍යතාවය වර්ධනය වෙන්නෙ නෑ. ශරීර යෝග්‍යතාවය කියන්නෙ ක්‍රියා පටිපාටියක් මිසක් එකපාර වෙන විප්ලවයක් නෙවෙයි. ඉංග්‍රීසියෙන් කියන්නෙ “Development is an evolution not a revolution” කියල අන්න ඒ නිසයි. ඒ කියන්නෙ සංවර්ධනය කියන්නෙ විප්ලවයකින් වෙන දෙයක් නෙවෙයි, ක්‍රමාණුකූලව සිදුවෙන පරිණාමික ක්‍රියාවක් කියන එකයි.
ඒ වගේම වියත් මග කණ්ඩායමේ මතය අනුව සංවර්ධනය කියන පරිණාමය සිදුවෙන්න ඕන මූලික කාරණාවක් තියනවා. ඒ තමයි රටක් ඇතුලෙ නිශ්චිත ආයතන පද්ධතියක් තියෙන්නෙ ඕන.
ඉංග්‍රීසියෙන් ඕකට Institutions කියල කියනවා. ලංකාවේ බහුතරයකට ආයතන පද්ධතියක් කිව්වම හිතාගෙන ඉන්නෙ ආයතන කියන්නෙ රජයේ ආයතන වගේ ගොඩනැගිලි සහ ඒවයේ ඉල්ල නිලධාරීන් කියල. තව සමහරු හිතන් ඉන්නෙ ආයතන කියන්නෙ ක්‍රියාපටිපාටි කියල. ඒත් ඇත්තටම ආයතන කියන්නෙ ඔය එකක්වත් නෙවෙයි. ආයතන නැත්තං Institutions කියල කියන්නෙ සමාජය මෙහෙයවන ක්‍රමය කියන එකයි වියත් මගේ අදහස.
ඒකට ඔවුන් ඒ සඳහා උදාහරණයකට ගත්තේ මහින්ද දේශප්‍රිය යටතේ ජනතාව අතර ජනප්‍රිය වී පැවති සාර්ථක මැතිවරණ කොමසාරිස්ගේ ක්‍රමය. ඒ අනුව මැතිවරණය සමාජය මෙහෙයවෙන ක්‍රමයක්. අපේ වැඩ කරගන්න නායකත්වය ලබාගන්න පිරිස පත් කරණ සමාජ ක්‍රමයක්. ඒක හැමෝම පිලිගන්න ක්‍රමයක් සහ හැමෝම ගරුකරන සහ සහභාගී වෙන ක්‍රමයක්. මෙතන මැතිවරණ කොමිසම හරි, මැතිවරණ කොමිසන් සභාව හරි, මැතිවරණ කොමසාරිස් හෝ, මැතිවරණ කොමිසට අදාල ගොඩනැගිලි හෝ වියදම් නෙවෙයි Institutions කියන්නෙ, අදාල ක්‍රමවේදය. හැබැයි මේ ක්‍රමවේදය නිකං කාර්යලයකින් වැඩක් කරගන්න ගියාම පලමු පියවර විදියට ඉල්ලුම්පත්‍රයක් ගන්න, දෙවැනි පියවර විදියට ඒක පුවන්න වගේ ක්‍රියාපටිපාටි නොවෙයි. ඒට වඩා පුළුල් සමාජයේ තිබෙන අවශ්‍යතාවයන්ට පිළිතුරු සපයන සමාජ ක්‍රමයන්. අන්න ඒ සමාජ ක්‍රමය ශක්තිමත් කිරීමෙන් විතරයි රටක් සංවර්ධනය වෙන්නෙ. ඒ සමාජ ක්‍රමය ශක්තිමත් වෙන්නෙ නැතුව අපිට කොච්චර සොභාවික සම්පත් තිබුනත් වෙන්නෙ ඒව හිස් කලයකට වතුර පුරවනව වගේ සම්පූර්ණයෙන් අපතේ යාමයි.
Deleteවියත් මග කණ්ඩායම ඉදිරිපත් කළේ ලංකාවට තරමක් දුරට ස්වභාවික සම්පත් තිබුණත් අපි දියුණු වෙන්නෙ නැත්තෙ මෙන්න මේ ආයතන පද්ධති නැත්තං රටේ තිබිය යුතු සමාජ ක්‍රම තිබුණෙ නැති නිසා කියන මතය. ඒ නිසා පත්වෙන ඕනම රජයක් මේ සමාජ ක්‍රම ශක්තිමත් නොකර සංවර්ධනය කිරීමට යාමෙන් වෙන්නෙ එම රජයම අපහසුතාවයට පත්වෙන එක. අන්න ඒ මැත්වරණ ක්‍රමය වගේ රාජ්‍ය ආයතන මෙහෙයවෙන සමාජ පද්ධති, පුද්ගලික අංශය මෙහෙයවෙන සමාජ පද්ධති, මාධ්‍ය මෙහෙයවෙන සමාජ පද්ධති සහ රටේ මූල්‍ය පද්ධතිය මෙහෙයවෙන පද්ධති ස්ථාපිත කළ යුතුයි. එසේ නොකොලොත් ලංකාව සංවර්ධනය වෙන සිහිනය කවදාවත් සැබෑ වෙන සිහිනය වෙන්නෙ නෑ කියලා තමයි ඔවුන් හිතන්නේ.
වියත් මග පසුගිය රජයන් ගැන සානුකම්පිතව බලමින් පැවති රජයන් ගනණාවක්ම මේ සමාජ ආයතන පද්ධතිය නැත්තං සමාජක්‍රම හදාගන්න බැරිවුණු වරදේ අවසනාවන්ත ගොදුරු බවට පත්වුණා කියලා කියුවේ. ඒ වගේම රජයන් වලට මේ ආයතන පද්ධති නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බවකුත් පෙනෙන්නට නැහැ කියලත් ඔවුන් කියනවා. අපි නිදසුනකට එවකට පැවති පසුගිය යහපාලන රජය ගත්තත් ශ්‍රී ලංකාවෙ මූල්‍ය පද්ධතිය මෙහෙයවන මහ බැංකුවේ මෙහෙයුම් වල ස්වාධීන බව රැක ගැනීමට අපොහොසත්වීම, රටේ ආරක්ෂාව සම්බන්ධ මූලික ආයතන කාර්යක්ෂමව වැඩ කල හැකි ක්‍රමය සැකසීමට නොහැකි වීම වගේ කරුණු වල ගොදුරු බවට පත්වුණ බව ඔවුන් හිතන්නේ.
ඒ වගේම ඔවුන් හිතන්නේ මේ ආයතන ගොඩ නොනැගීමේ වරදේ බලපෑම් රජයන් වෙත එන්නෙ නොහිතන වෙලාවල් වල බව. ඒක හරියට හෙල්මටයක් පලදින්නෙ නැතුව මෝටර් සයිකලයක් පදවවන වගේ. කොච්චර හොදට යතුරු පැදිය පදින්න ලෑස්තිවෙලා ගියත් අනතුරක් වුණු ගමන් ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා. බොහෝ දෙනෙක් සිතන්නේ අවංක නිලධාරීන් පත් කිරීමෙන් ප්‍රශ්නය විසදන්න පුලුවන් බව වුනත් ඔවුන්ගේ අදහස වුණේ බොහෝ දෙනෙක්ට නොතේරෙනෙ දෙයනම් අවංක මිනිසුන් වංක වෙන්නේ නිශ්චිත ආයතන පද්ධති නොමැති වීමෙන් යන්නයි.
අද පවතින තත්ත්වය දිහා බලද්දි මම පුද්ගලිකව හිතන විදිහට දැන් පවතින රාජපක්ෂ රජයටත් දැන් එල්ල වෙමින් පවතින්නේ සහ මුහුණ දෙමින් පවතින්නේ එම ප්‍රශ්නයමයි. ජනාධිපති වරයා බලයට පත්වුනූ විට ඔහු ගේ මූලික තේමාව වුනූ System Change කියන සංකල්පය නැත්තං පවතින ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස්කරනවා කියන තේමාව ඉදිරියට යාමට ඔහුට ඇති බාධාව මේ සමාජ ක්‍රම හෙවත් වැඩක් වෙන ආයතන පද්ධති සමාජයේ සකස් වී නොතිබීමයි.
Deleteඑවැනි සමාජ ක්‍රමවේද ශක්තිමත් කිරීම වෙනුවට විවිද තැන් වලින් සමාජ ප්‍රශ්න විසදන්නට උත්සහ කිරීමෙන් සිදුවෙන්නේ එවැනි වෙනස්කම් වලට එල්ල වන බලපෑමට සටන් කිරීමට යෑමෙන් සංවර්ධනය කල හැකි සහ කල යුතු බොහෝ දේ ඉතා ඉක්මනින් අතපසුවෙමින් කාලය ගත වීමයි.
ඒ වගේම සමාජ ක්‍රමවේද නිසි පරිදි සකස් නොවීම නිසා එදිනෙදා ගැටලු එක්ක පොර බදනවා විනා දීර්ඝ කාලීනව සංවර්ධන උපාය මාර්ග ගැන සිතීම පවා ඉතා අපහසුයි. පවතින රජයත් මේ සටන් කරමින් සිටින්නේ නිසි ආයතන සහ සමාජ ක්‍රම්වේද ශක්තිමත් කිරීමට වෙහෙස නොදැරීමේ සහ කලින් පැවති රජයනුත් එවැනි ශක්තිමත් අත්තිවාරමක් නොදැමීමේ ප්‍රතිඵල වෙතටයි.
ඔබ දන්නවා ඇති ජිම් කොලින්ස් නැමති කතුවරයා ලියා ඇති "Good to Great: Why Some Companies Make the Leap, and some others Don't” කියල කියන කෘතියේ පෙන්වාදී ඇති පරිදි ආයතනයක් දිගු කලක් පැවතීමට සැකස්ම නිර්මාණය හරියට මුලින්ම ඔරලෝසුවක් හදනවා වගේ වැඩක්. ඔරලොසුව හැදුවට පසුව ඕනම කෙකෙක්ට එහි වෙලාව බලන්න පුලුවන්. නමුත් නොනැවතී වෙලාව ගමන් කරන ඔරලෝසුව හැදීම තමයි ඉතාම අපහසු. ඔරලෝසුව නිපදවූ පසුව නිපදවූ නිර්මාණකරුවා නොමැතිව වුවත් වෙලාව කියවා ගැනීම අපහසු නැහැ. සමාජ ක්‍රමය හෙවත් ආයතන ව්‍යුහය හැදීම හරියට ඔරලෝසුවක් හදනවා වගේ. අන්න ඒ ඔරලෝසුව හදා ගැනීම තමයි සංවර්ධනයට යන මාර්ගය. එවිට ඊට පසුව එන ඕනෑම කෙනෙක්ට වෙලාව කියවා ගැනීම අපහසු වෙන්නෙ නෑ.
මේ දිනවල ලංකාවේ විශාල කතාබහට ලක්වෙන මහ බැංකු වංචාකරුවන් අත්ඩංගුවට ගැනීම, වනාන්තර එළිකිරීම, සහ කොළඹ වරායේ බටහිර පර්යන්තය කියන කරුනු සියල්ලම පිළිබදව මූලික ප්‍රශ්න මේ සංකල්පයට අදාලයි. ස්වාධීනව නීති ක්‍රියාත්මක කරන යාත්‍රණයක් ඇති කිරීම, ඉඩම් වල සීමා ලකුණු කිරීමට අවශ්‍ය ඩිජිටල් සිතියම් ක්‍රමය, සහ ආයෝජකයන්ගේ අවශ්‍යතා නිරූපනය වන ආකාරයට සිදුකෙරෙන විවෘත ටෙන්ඩර් පටිපාටි ක්‍රම ඇති වීම හරියට ඔරලෝසු තැනීම වගේ.
නිසි සමාජ ක්‍රමවේද සකස් කිරීම හෙවත් සමාජ ආයතන හැදීම කියන්න් ලේසි වැඩක් නෙවෙයි. සංවර්ධනයකට යන්න නම් ඒ ක්‍රමවේද අපි සකස් කරගත යුතුමයි. එහෙම නැතුව අපිට ස්වභාවික සම්පත් තිබුණු පමණින් හෝ අලුත් සොයා ගැනීමක් සොයා ගත් පමණින් ලංකාව සංවර්ධනය වෙන්නේ නැති බව කණගාටුවෙන් වුණත් කියන්න ඕන. එතකොට සිදු වන්නේ අපේ තියන ස්වභාවික සම්පත් ටිකත් නැතිවෙන එක සහ රට සංවර්ධනය කිරීමට මෙහෙයවන්න පුලුවන් මිනිස්සු ටික එවැනි සමාජ ක්‍රමයක් තියන රටවල් වලට හෙමින් සංක්‍රමණය වෙන එක. අවුරුදු 30ක යුද්දයක් ඉවර කරල තව අවුරුදු 10කට වඩා කාලය ගත වුණත්, පෙර අපර දෙදිග නාවික මාර්ගයේ වටිනම කෙන්ද්රස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා තිබුණත්, කාලයක් ලෝකයේ 8 වැනි පුදුමය ලෙස සැලකුනු සීගිරිය අපේ රටේ පිහිටා තිබුණත්, ලෝකය දිනපු ආතර් සී ක්ලාර්ක් වගේ මහත්වරු මේ රටේ පදිංචියට ආවත්, සිංහරාජය වගේ ලෝක උරුම ඇතුලු බොහෝ වටිනා සොභාවික සම්පත් තිබුනත් අපි තාම දියුණු වෙලා නැත්තෙ ඒකයි. අපේ දියුණුව බටහිර ක්‍රමයට බැලුවත්, පෙරදිග ක්‍රමයට බැලුවත් අපි තාම පිටිපස්සෙන් ඉන්නෙ ඒකයි.
හැමදාම ලංකාවේ බලයට එන රජයන් ඔරලෝසුව හැදීම වෙනුවට එක එක්කෙනාගෙන් වෙලාව අහමින් කාලය ගත කරනවා. එතකොට අපිට නොදනිම වෙලාව ගත වෙනවා. ලෝකය ඉස්සරහට යනවා. ඒත් අපි ඉන්නෙ එකම තැන. මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද?
රටේ ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමේ උවමනාව නිවැරදිව හඳුනා ගැනීම හා 20වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම reconcile කරන්නේ කොහොමද?
DeleteI think unlike Venezuela, Sri Lanka is highly dependent on foreign assistance and several high profile assistance projects were launched in 2003 as I remember. The most significant of these resulted forming an aid conference in Tokyo in June 2003 as of the request from then prime minister of SL Dr. Ranil Wickremasinghe; pledges at the summit, which included representatives from the International Monetary Fund, World Bank, Asian Development Bank, Japan, the European Union and the United States, totalled $4.5 billion.
ReplyDeleteDebt and IMF assistance during the past few years had made huge impact on the SL's external debt which has soared as the new government formed in 2015 has boasted social welfare expenditure extremely & increased the wages of public services sector resulting to the point of near bankruptcy which required a bailout from the International Monetary Fund (IMF).
Accordingly "Without an IMF loan, Sri Lanka would have been in a precarious position" in May 2016, said Dr. Krystal Tan, an Asia economist at Capital Economics, who added "foreign exchange reserves only covered around 80 percent of short-term external debt."
Then IMF had agreed to provide a $1.5 billion bailout loan in April 2016 after Sri Lanka provided a set of criteria intended to improve its economy by increasing excessive taxes from general public & extremely reduced public expenditure resulting extremely negative impacts on most of the citizens involved in almost all the sectors of the economy, corporate sector & public sector as well.
As per reports by the fourth quarter of 2016 the debt was estimated to be $64.9 billion. Additional debt had been incurred in the past by state-owned organizations and this was said to be at least $9.5 billion.
Since early 2015, domestic debt has increased by 12 percent and external debt by 25 percent which resulting extremely weak economy in SL.
DeleteHowever by late 2016 the World Bank provided US$100 million in financing and the Japan International Cooperation Agency provided a US$100M loan, both intended to "provide budget financing and to support reforms in competitiveness, transparency, public sector and fiscal management", according to the World Bank. The bank also reported that the country's government had agreed that there was a need for reforms "in the areas of fiscal operations, competitiveness and governance" and if fully implemented, "these could help the country reach Upper Middle Income status in the medium term" according to the bank spokesmen.
However, later in November 2016 the International Monetary Fund reported that it would disburse a higher amount than the US$150 million originally planned, a full US$162.6 million (SDR 119.894 million), to Sri Lanka as the country suffered with stiffer conditions. Thus the agency's evaluation was highly cautious about the future: "While inflation has abated, credit growth might remain strong. The central bank indicates its readiness to tighten the monetary policy stance further if inflationary pressures resurge or credit growth persists. The authorities intend to continue building up reserves through outright purchases while allowing for greater exchange rate flexibility. The banking sector is currently capitalized. Steps are being taken to find a resolution mechanism for the distressed financial institutions. Going forward, there is a need to strengthen the supervisory and regulatory framework, and identify and mitigate vulnerabilities in the financial sector, particularly with regard to non-banks and state-owned banks.
Being part of the debt management program, Sri Lankan government carried out several reforms which included the implementation of a new Inland Revenue Act as well as an automatic fuel pricing formula. Tax reforms also increased VAT rates and narrowed exemptions and the third review by the IMF noted that performance was on track regarding fiscal consolidation, revenue mobilization, monetary policy management, and reserves accumulation. In the fourth review in June 2018 the IMF claimed that "Sri Lanka has a slightly acceptable progress under its fund supported program, but stressed the need of better progress up to acceptable level with revenue based fiscal consolidation and a prudent monetary policy with sustained efforts to build up international reserves.
However then SL government has not much happy with IMF & its allies and as a result in early 2018 SL government asked from China to extend a loan of $1.25 billion consisting of a below-market-rate syndicated loan and smaller Panda bond to bail out Sri Lanka.
It has helped SL to gain some relief after long periods of extremely stressful & tougher conditions & impossible targets & KPI's from international donors like IMF, IBRD etc.
මේක ඇත්ත ද ඉකෝ?
ReplyDeletehttps://www.facebook.com/147379678656680/posts/3996243833770226/?app=fbl
ඔව්. මෙය පෞද්ගලිකවත් යම් හැදෑරීමක් හා මැදිහත්වීමක් කර තිබෙන/ කරන කරුණක්.
Deleteබොහොම ස්තුතියි.
Delete