ලංකාවට වෙලා තියෙන දේ ගැන නලින් ද සිල්වා විසින් තනි වාක්‍යයකින් කියා තිබුණා: "උගතුන් ඇති වීම හා මුදලාලිලා නැති වීම". මෙය කියා තිබෙන ලිපියේම තිබෙන ඇතැම් කරුණු ගැන මට විශාල ප්‍රශ්න තිබෙනවා. එසේ වුවත්, මේ තනි වාක්‍යයට මම කැමතියි. ලංකාවට වෙලා තියෙන දේ ගැන තනි වාක්‍යයකින් කියන්න කියා කවුරු හරි කිවුවොත් මට වුවත් නොපැකිල "උගතුන් ඇති වීම හා මුදලාලිලා නැති වීම." කියා කියන්න පුළුවන්. ඒ වගේම මේ තනි වාක්‍යය ඇසුරෙන් ලංකාවේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් වෙත ප්‍රවේශ වී පැහැදිලි කරන්න පුළුවන්.
හැබැයි මම මේ තනි වාක්‍යය යොදා ගන්නේ නලින් ද සිල්වා එය යොදාගෙන තිබෙන තේරුමෙන්ම නෙමෙයි. ඊට වඩා පටු, ආර්ථික විද්‍යා අර්ථයකින්. මම සරල ලෙස "උගතුන් ඇති වීම හා මුදලාලිලා නැති වීම" කියා කියන්නේ "ප්‍රමාණවත් තරමට වඩා මානව ප්‍රාග්ධනය වැඩි වීම හා ප්‍රමාණවත් තරමට භෞතික ප්‍රාග්ධනය නැති වීම". ඇතැම් අයට වැඩිය දිරවන්නේ නැති කොබ්-ඩග්ලස් ආකෘතියට ගියොත්, L ඕනෑවට වඩා වැඩි වීම හා K අවශ්‍ය තරමට නැති වීම.
ලංකාව මේ තත්ත්වයට වැටීම අහම්බයෙන් සිදු වූ දෙයක් නෙමෙයි. නිදහසින් පසුව ලංකාව පාලනය කළ පාලකයන්ගේ සමාජවාදී ප්‍රතිපත්ති නිසා සිදු වුනු දෙයක්. සමාජවාදීන් විසින් පරම්පරා දෙක තුනක කාලයක් තිස්සේ ලංකාවේ කරලා තිබෙන මොළ ශෝධනය කොයි තරම්ද කියනවානම් තමන් ධනවාදියෙක් ලෙස හඳුන්වාගන්න කැමති අය තවමත් ලංකාවේ නැති තරම්. එය පවක් වගේ. හැබැයි. සමාජවාදය වෙනුවෙන් පෙනී ඉන්න, ධනවාදය විවේචනය කරන්න, ඕනෑ තරම් අය ඉන්නවා.
ධනවාදය හා සමාජවාදය/ මාක්ස්වාදය අතර වෙනසත් සමාජවාදය සමාජ පරිණාමය ආපසු හරවන පිළිලයක් වන්නේ ඇයි කියන එකත් මම මේ වන විට පැහැදිලි කර තිබෙනවා.
මූලික ප්‍රශ්නය: නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ජනිත වන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යා යුත්තේ කෙසේද?
ධනවාදී පිළිතුර: ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමය ලබාදුන් අයටත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධනය ලබාදුන් අයටත් හිමි විය යුතුයි.
මාක්ස්වාදී පිළිතුර: ප්‍රාග්ධනය වෙනුවෙන් කිසිවක් හිමිවිය යුතු නැති අතර ශ්‍රමය ලබා දුන් අයට මුළුමනින්ම හිමි විය යුතුයි.
මාක්ස්වාදී පිළිතුරේ වැරැද්ද: ධනවාදී පිළිතුරෙන් විසඳුම් නොදෙන කිසිම ප්‍රශ්නයකට මාක්ස්වාදී විසඳුම පිළිතුරු නොදෙන අතර මාක්ස්වාදී පිළිතුර නිෂ්පාදනය වර්ධනය වීමේ වේගය අඩාල කිරීම හරහා සමාජ ප්‍රගතියට අකුල් හෙළයි. එහෙයින් මාක්ස්වාදී විසඳුම අනිවාර්යයෙන්ම අකාර්යක්ෂම එකකි.
ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. ධනවාදය විවේචනය කරන හෝ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් මුලින්ම මේ ප්‍රශ්නයට පිළිතුරක් ඉදිරිපත් කළ යුතුයි. එවැනි පිළිතුරක් නැත්නම් අමතර පැහැදිලි කිරීම් වෙනුවෙන් අපේ කාලය නාස්ති කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.
ධනවාදී ක්‍රමයක් යටතේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමය ලබාදුන් අයටත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධනය ලබාදුන් අයටත් ලැබෙනවා. ඒ නිසා මේ දෙක අතර හැම විටම සමතුලිතතාවයක් ඇති වෙනවා. ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ඉහළ යන විට මානව ප්‍රාග්ධනය වෙනුවෙන් කරන ඒකීය පුද්ගල ආයෝජන ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට L වැඩි වෙනවා. L වැඩි වෙද්දී ශ්‍රමය සපයන අය අතර තරඟය නිසා ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය අඩු වෙලා එය නියම මට්ටමට එනවා.
මේ විදිහටම ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ඉහළ යන විට භෞතික ප්‍රාග්ධනය වෙනුවෙන් කරන ඒකීය පුද්ගල ආයෝජන ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට K වැඩි වෙනවා. K වැඩි වෙද්දී ප්‍රාග්ධනය සපයන අය අතර තරඟය නිසා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය අඩු වෙලා එය නියම මට්ටමට එනවා. ඒ නිසා, ප්‍රාග්ධන හිමියන්ට ශ්‍රමයේ පංගුව "සූරාකන්න" අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
දෙවන කාරණය ඉටු වෙන්නනම් ප්‍රාග්ධනය සපයන අය අතර ප්‍රමාණවත් තරඟයක් ඇති විය යුතුයි. එය සිදු වන්නේ ඒකීය පුද්ගලයින්ට බාධාවකින් තොරව ප්‍රාග්ධනය එක්රැස් කර ගත හැකි වූ තරමටයි. එහෙත් මාක්ස්වාදය විසින් යෝජනා කරන්නේ එහි අනෙක් පැත්ත වන ප්‍රාග්ධනයේ ඒකාධිකාරයක්. ඒකාධිකාරය තිබෙන්නේ රජය සතුවයි.
හැම සමාජවාදී රටකම රජය සතු ප්‍රාග්ධනය විසින් කර තිබෙන්නේත්, කරන්නේත් ශ්‍රමයේ පංගුවෙන් කොටසක් සූරාකන එක බව සංඛ්‍යාලේඛන ඇසුරෙන් පෙන්වා දිය හැකි කරුණක්. එහෙත් මාක්ස්වාදී තර්කනය අනුව සෛද්ධාන්තිකව එවැන්නක් සිදු වන්නේ නැහැ. ශ්‍රමයේ පංගුව ප්‍රාග්ධනයේ ඒකාධිකාරය තිබෙන රජය විසින් සූරා නොකන තත්ත්වයක් යටතේ වුවත්, ප්‍රාග්ධන සංචිත පවත්වා ගැනීම හා ක්‍රමිකව වර්ධනය කර ගැනීම සඳහා නිෂ්පාදන අතිරික්තයෙන් ප්‍රමාණවත් කොටසක් රජයට වෙන් කර ගන්න වෙනවා. මේ පංගුව ධනවාදී ක්‍රමයක් යටතේ ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රසස්ථ මට්ටමමනම් හා රජය පෞද්ගලික ව්‍යවසායකයන් තරමටම කාර්යක්ෂමනනම් සමාජවාදී ක්‍රමයක් යටතේ වුවත් ප්‍රාග්ධනයේ යෙදවුම් හා අදාළ අකාර්යක්ෂමතා අවම කර ගන්න පුළුවන්. බොහෝ විට ප්‍රායෝගිකව එසේ සිදු නොවීම වෙනම කරුණක්.
ධනවාදී ක්‍රමයකදී පෞද්ගලික ප්‍රාග්ධන ආයෝජන කිරීමට විකල්පයක් විදිහට, පෞද්ගලික ප්‍රාග්ධනයට ඉඩක් නැති සමාජවාදී ක්‍රමයකදී භෞතික ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කරන්නේ රජයයි. ඊට අමතරම සමාජවාදී ක්‍රමයකදී ශ්‍රමිකයෙකුට ලැබෙන ප්‍රතිලාභ හා ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය අතර සම්බන්ධය බිඳෙන නිසා මානව ප්‍රාග්ධනය වෙනුවෙන් සිදු කෙරෙන පෞද්ගලික ආයෝජනද නවතිනවා. ඒ නිසා, ඒ වැඩේ භාර ගන්න වෙන්නෙත් රජයටයි. සමාජවාදීන්ට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය වගේ දේවල් ඉතාම වැදගත් ඒ නිසයි. සමාජවාදී පැකේජ් එකට මේ දේවල් නැතුවම බැහැ. ඒ වගේම මානව ප්‍රාග්ධනය වෙනුවෙන් රජය විසින් වෙන් කෙරෙන නිෂ්පාදන අතිරික්තයේ පංගුව ධනවාදී ක්‍රමයක් යටතේ මානව ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රසස්ථ මට්ටමමනම් සමාජවාදී ක්‍රමයක් යටතේ වුවත් මානව ප්‍රාග්ධනයේ යෙදවුම් හා අදාළ අකාර්යක්ෂමතා අවම කර ගන්න පුළුවන්.
මේ කරුණු දෙකම එක්ව ගත්තොත් හරියටම ක්‍රියාත්මක වන සමාජවාදී ක්‍රමයකට සෛද්ධාන්තිකව ධනවාදී ක්‍රමයකට තරමක් ආසන්න කාර්යක්ෂමතා මට්ටමකට එන්න පුළුවන්. නමුත් ලංකාවේ වගේ අච්චාරු ක්‍රමයකදී වෙන්නේ ඔය දෙපැත්තම නැති වෙන එක.
සෝවියට් පන්නයේ සමාජවාදයක් ඇතුළේ ප්‍රාග්ධනය තිබෙන්නේ රජය සතුව නිසා මතවාදී තලයේදී පොදුවේ රට ඇතුළේ සමස්තයක් ලෙස ප්‍රාග්ධනයට එරෙහිව යාමක් වෙන්නේ නැහැ. රාජ්‍ය ඒකාධිකාරය යටතේ වුවත් ප්‍රාග්ධනය වර්ධනය වෙනවා. ධනවාදී ක්‍රමයක කොහොමටත් ප්‍රාග්ධනය වර්ධනය වෙනවා. නමුත් ලංකාවේ තියෙන්නේ ඔය දෙකටම නැති තත්ත්වයක්. රාජ්‍ය ඒකාධිකාරය කොයි තරම් විශාල වුවත්, පැත්තකින් පෞද්ගලික ප්‍රාග්ධනයත් තියෙනවා. රටේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ආන්තික ලෙස තීරණය කරන්නේ රජය නිසා පෞද්ගලික අංශය ඇතුළෙත් හැම විටම අකාර්යක්ෂමතාවයට ඉඩක් ඉතුරු වෙනවා.
ලංකාවේ පෞද්ගලික අංශයට රජයට වඩා යාන්තමින් කාර්යක්ෂම වී ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රතිලාභ ලබන්න පුළුවන්. රජය විසින් ප්‍රාග්ධනයේ කාර්යක්ෂමතාවයේ උපරිම සීමාව සලකුණු කරන නිසා ප්‍රාග්ධන හිමියන් අතර ඇති වන්නේ සීමිත තරඟයක්. ඒ නිසා අලුතින් "මුදලාලිලා" බිහිවෙන්නේ නැහැ. ඉන්න "මුදලාලිලා" ටික දෙනාට ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ විදිහට ලොකු කුට්ටියක් ලැබෙනවා.
අනෙක් අන්තයේ සිදු වන විකෘතිය ඊට වඩා ගොඩක් වැඩියි. සෝවියට් පන්නයේ සමාජවාදී රටක මානව ප්‍රාග්ධනය වෙනුවෙන් රජය විසින් කරන ආයෝජන වල ප්‍රතිලාභ නැවත ලබාගන්නේත් රජයයි. නමුත් ලංකාවේදී මේවා පෞද්ගලික ප්‍රතිලාභ. උදාහරණයක් විදිහට වෛද්‍ය අධ්‍යාපනය ගන්න පුළුවන්. ලංකාවේ රජය විසින් සූරාගන්නා නිෂ්පාදන අතිරික්තය ආපසු ලබා ගැනීම සඳහා බොහෝ දෙනෙකුට තිබෙන එකම ක්‍රමය නිදහස් අධ්‍යාපනය. ලංකාව ඇතුළේදී මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමේ වියදම අඩුයි. පුද්ගල මට්ටමෙන් සලකා බැලුවොත් ඊට සාපේක්ෂව ප්‍රතිලාභ වැඩියි. ඒ නිසා ලංකාවේ කාලයක් තිස්සේම මානව ප්‍රාග්ධනය අත් පත් කර ගැනීම සඳහා විශාල තරඟයක් තිබෙනවා.
ඇමරිකාව වගේ ධනවාදී රටක ඔය තරඟය ඔය විදිහට ඇති වෙන්නේ නැහැ. මොකද අධ්‍යාපනය වෙනුවෙන් කළ යුතු ආයෝජනය පෞද්ගලික එකක්. ප්‍රතිලාභ වැඩි වුනත් කළ යුතු ආයෝජනය සැලකූ විට ආන්තික ප්‍රතිලාභ සමානයි. ඒ නිසා වෛද්‍යවරයෙක් වෙන්න හිතන්නේ ඇත්තටම ඒ රස්සාවට කැමති කෙනෙක්.
සෝවියට් පන්නයේ සමාජවාදයක් ඇතුළේත් ඔය තරඟය ඔය විදිහට ඇති වෙන්නේ නැහැ. අධ්‍යපනය වෙනුවෙන් කළ යුතු ආයෝජනය රජයෙන් කරනවා වුවත් එහි ප්‍රතිලාභ ලබා ගන්නේද රජය විසින්ම නිසා අතිරික්ත පෞද්ගලික ප්‍රතිලාභයක් නැහැ. ඒ නිසා එහිදීත් වෛද්‍යවරයෙක් වෙන්න හිතන්නේ ඇත්තටම ඒ රස්සාවට කැමති කෙනෙක්. ලංකාවේදී මානව ප්‍රාග්ධනය වෙනුවෙන් පෞද්ගලික ආයෝජන සිදු නොකර පෞද්ගලික ප්‍රතිලාභ ලැබිය හැකියි. මතුපිටින් පෙනෙන්න තිබෙන්නේ මෙවැනි තත්ත්වයක් වුවත් ඇත්තටම මෙහි වාසිය ලබන්නේ ලංකාවේ ප්‍රාග්ධනය හිමි සීමිත පිරිසයි.
දෘෂ්ඨිවාදී තලයේදී මාක්ස්වාදය විසින් පෞද්ගලික ප්‍රාග්ධනයට එරෙහිව රාජ්‍ය ප්‍රාග්ධනය ප්‍රවර්ධනය කරනවා. ඒ එක්කම මේ වෙද්දී පෞද්ගලික ප්‍රාග්ධනය මුළුමනින්ම අහෝසි කිරීමේ විකල්පය ප්‍රායෝගිකව ලෝක මට්ටමෙන්ම අසාර්ථක වී තිබෙනවා. චීන සමාජවාදය වගේම ඊට බොහෝ කිට්ටු ලංකාවේ සමාජවාදය කියන්නේ සමාජවාදී ආකෘතිය ඇතුළේම සිටිමින් පෞද්ගලික ප්‍රාග්ධනයට සීමිත ඉඩක් ලබා දෙන ඉතා නරක, එහෙත් ප්‍රායෝගිකව සාර්ථක තෙවන විකල්පයක්. ඇතැම් අය මේ ක්‍රමය රාජ්‍ය ධනවාදය ලෙස හඳුන්වනවා.
චීන සමාජවාදය ඇතුළේ ධනවාදී ක්‍රමයක් ඇතුළේ තිබෙන ප්‍රාග්ධන හිමියන් අතර තරඟය නැහැ. ඒ නිසා ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ඵලදායීතාවයට වඩා වැඩි දෙයක් ලබාගත හැකියි. මෙය කරන්නේ දෘෂ්ඨිවාදී ලෙස පෞද්ගලික ප්‍රාග්ධනයට එරෙහිව පොදු ප්‍රාග්ධනය වෙනුවෙන් පෙනී සිටිමින් රටේ බහුතරයට ප්‍රාග්ධන ප්‍රවේශය ඇහිරීම හරහා. එහෙත්, රජයට කිට්ටුවෙන් ඉන්න සුළු පිරිසකට මේ ප්‍රශ්නය නැහැ. රජය හා සීමිත ප්‍රාග්ධන හිමියන් පිරිසක් අතර තිබෙන්නේ අශුද්ධ සන්ධානයක්. මේ මුදලාලිලා ටික දෙනා හැර වෙනත් මුදලාලිලාට බිහි වෙන්න ඉඩක් නැහැ.
ලංකාවේද ක්‍රියාත්මක චීන සමාජවාදය ඇතුළේ ප්‍රාග්ධනය හිමි රජය හා ඉතුරු මුදලාලිලා ටික දෙනාට එකතු වී ශ්‍රමය සූරාකන්න පුළුවන්. මෙය දිගින් දිගටම කළ හැක්කේ ශ්‍රම සැපයුම ඕනෑවට වඩා වැඩිනම් පමණයි. ශ්‍රම දායකයන් අතර ලොකු තරඟයක් නැත්නම් ප්‍රාග්ධන හිමියන්ට ශ්‍රමය සූරාකන්න අමාරුයි. ලංකාවේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය ආදිය හරහා කරන්නේ මේ තරඟය දිගින් දිගටම පවත්වා ගැනීම.
තනි පුද්ගලයෙක්ට සාපේක්ෂව බැලුවොත් ඔහුගේ හෝ ඇයගේ මානව ප්‍රාග්ධනය වැඩි කර ගන්න තිබෙන අවස්ථා ඉතාම සාධනීය බව පෙනෙන්නට තිබෙනවා. එහෙත්, ඔය අවස්ථාවන් නොතිබුණානම් මේ වෙද්දී ශ්‍රමිකයන්ගේ තත්ත්වය මීට වඩා ගොඩක් නරක තත්ත්වයක් කියා සිතීම මුලාවක්. "උගතුන්" වැඩි වන තරමට වෙන්නේ උගතුන්ගේ තත්ත්වය සමස්තයක් ලෙස පහළ යාමයි. රජයට කිට්ටුවෙන් ඉන්න ඇතැම් ප්‍රාග්ධන හිමියන් රටේ මානව ප්‍රාග්ධනය වැඩි කිරීම ගැන කතා කළත් එහි සැබෑ වාසිය තමන් වැනි ප්‍රාග්ධන හිමියන්ට මිස ශ්‍රමිකයන්ට නොවන බව අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම අතහැර ව්‍යාපාර ලෝකයට පිවිසි මෙවැනි අය හොඳින්ම දන්නවා.
ලංකාවේ ප්‍රශ්නය උගතුන් වැඩිවීම හා මුදලාලිලා අඩු වීම. එය එසේ වෙන්න හේතු වී තිබෙන මූලික ප්‍රශ්නය ලංකාවේ පැලපදියම් කර තිබෙන සමාජවාදී දෘෂ්ඨිවාදය. උගතුන් රට හැර යාම, කාන්තාවන්ට රැකියා සොයා මැද පෙරදිග යන්න සිදු වීම, අකාර්යක්ෂම උපාධිධාරීන්ගෙන් රාජ්‍ය සේවය පුරවන්න සිදු වීම, රජය වටා සිටින ටික දෙනෙකුගේ විවිධ මගඩි ආදී බොහෝ අවශේෂ ප්‍රශ්න වලට හේතුව උගතුන් වැඩිවීම හා මුදලාලිලා අඩු වීම. වරාය නගර ව්‍යාපෘතිය සමස්තයක් ලෙස සාධනීය එකක් වන්නේ ඒ හරහා මේ මූලික ප්‍රශ්නයට යම් තරමකින් හෝ විසඳුමක් ලැබෙන නිසයි.
ඉකෝන්
ReplyDeleteලංකාවේ ආර්ථිකයේ තියන ප්‍රශ්න සේරම ගැන පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මේ පහළ දීල තියන ලින්ක් එකට ගිහින් ඒකෙ තියෙන වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න.
මේක බලන්න ලංකාවේ තියෙන සියලුම ආර්ථික ප්‍රශ්න ගැන ඉතාමත් සරල බසින් ඉදිරිපත් කළ පැහැදිලි කිරීමක්... මේකේ අන්තිම කොටසේ මේ ආදායම් විෂමතා ප්‍රශ්නය ඉතාමත් පහසුවෙන් විසඳීමට මා මෙතෙක් දුටු හොඳම යැයි කිවහැකි විසඳුම හරිම සරලව පැහැදිලි කරමින් ඉදිරිපත් කර තිබේ;
https://www.facebook.com/watch/?v=1284793348563886
පහුගිය 2015 - 2019 පැවති රජය විසින් ආචාර්ය හර්ෂ ද සිල්වා වැනි අයගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ වෙනත් දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් වෙත ලංකාවෙ ආර්ථික ප්‍රශ්න ගැන පැහැදිලි අවබෝධයක් ලබා දීමට කටයුතු කළ අතර ඒ අනුව මේ ගැන සිදු වූ විශාල ප්‍රමාණයක සාකච්ඡා මගින් සමාජවාදී ප්‍රවේශයක් යටතේ මේ සඳහා ඉතාමත් වැදගත් සාර්ථක විසඳුමක් සොයා ගැනීමට ජාතික ජන බලවේග (ජවිපෙ) කණ්ඩායම සමත්වී තිබෙනවා. මේ ගැනත් පෝස්ට් එකක් ලියන්න පුලුවන් නේද?
මහත්තයා පිටකොටුවේ තොග වෙළඳසැලක සුළු සේවකයෙක්ද?
ReplyDeleteමම මෙය කියවන්නේ මෙහෙමයි. මේක ඇවිත් ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිද වැටීමක් කිව්වොත් නිවරදි. සමාජවාදී ,ධනවාදී ,මාක්ස්වාදී කියන ආර්තික විග්‍රහයක් මොන ආකාරයට ගත්තත් එතන පොදු නිතියක් තුල සම්පත් බෙදී යාමක් සිදු වෙනවා. ධනවාදී ඇමරිකාවේ දතක් ගලවන්න ගියොත් ,ගෙදර එනකොට ඊට පසු ප්‍රතිකාර බෙහෙත් මල්ලක් ලැබෙනවා, සමජවාදී ලංකාවේ තැනකට දතක් ගලවන්න ගියොත් ගලපු දතේ ලේ ගලන එක වලවන්න දෙන පුලුන් කෑල්ලෙනුත් භාගයක් ලැබෙන්නේ. ධනවාදී ඇමරිකාවේ ජිම් එකකට ගියොත් ,ටවල් එකක්, වතුර බෝතලයක් වගේ දෙවල් නොමිලේ ලැබෙනවා. ලංකාවේ නම් මලාට ලැබෙන්නේ නෑ. ඇයි ඒ, ලංකාවේ සියලුම සම්පත් සීමිත් කොටසකට ලැබෙනවා, එක්කෝ නිතියෙන් නිවරදිව, නැත්නම් නීතියෙන් වැරදී විදියට. හැබයි මෙහි වෙනසක් නෑ, නීතියෙන් ලැබුනත් එකයි අවනීතියෙන් ලැබුනත් එකයි.අන්න ඒ නිසා බොහෝ සම්පත් බහුතරය අතර සීමිතයි. ඇමරිකාවේ මෙකේ අනිත් පැත්ත , සියල්ල නීතියට යටයි. නිතිය ඇති සමජවාදී රටකත් ඕකම තමයි. නිතිය තමා ආර්තික මොඩලයට වඩා වැදගත් .
ReplyDeleteඒ වගේම දැනට කුමන්ත්‍රණයක් මගින් ලංකාවේ බලය අත්පත් කරගෙන සිටින පාලකයනට හා පාලනයට විරුද්ධව හඬක් නගන්නන් මර්ධනය කිරීම සඳහා මේ ජඩ නන්දසේන මිලිටරිමය ජුන්ටාව එක පවත්වා ගෙන යන, ඉන් යැපෙන උන් වහා වහා ක්‍රියාත්මක වෙනවා. ඉන් පළමු ක්‍රමය නම් විදෙස් සංවිධාන සහ තානාපති කාර්යාල සමග සහයෝගයෙන් කටයුතු කරමින් ලංකාවේ බටහිර සභ්‍යත්වයේ නීතියේ හා ක්‍රමවේද ශක්තිමත් කිරීමට සටන් කරන අරගලකරුවන්ට NGO කාරයෝ යැයි ද , දේශද්‍රෝහීන් යැයි ද, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවන් යැයි ද බොරු චෝදනා කරමින් මඩ ප්‍රහාර එල්ල කිරීම. ඉන් නොසැලී සිටීමට නාගානන්ද සමත්වූයේ ඔහුගේ නොපසුබට උත්සහය නිසාම තමයි.
Deleteඅපි මේ දැන් දකින්නේ මර්ධනයේ දෙවැනි අදියර යි. එනම්, රාජ්‍ය ආයතන භාවිතා කොට නඩු හබ වලට පැටලීම, ලියාපදිංචිය අහෝසි කිරීම, බලපත්‍ර අහෝසි කිරීම, අත් අඩංගුවට ගැනීම , දූෂණ හා වංචා වලට හසු කිරීම ආදී ක්‍රියාවන් මෙහිදී ක්‍රියාත්මක වෙයි. දැන් නාගානන්ද හසු වී සිටින්නේ මෙවන් වූ මර්ධනකාරි පිලිවෙතකට. අවුරුදු 3ක් නීතිඥ නාගානන්දගේ නීතීඥ බලපත්‍රය අහෝසි කරනු ලැබ ඇත. මින් නොනැවතී ඔහු ඉදිරියට ගෙන ආ යුතුය. ඔහු විවෘතව අධිකරණයට අභියෝග කිරීම කිඹුල් කටේ අත දැමීමක් ලෙස පෙනෙන්නට තිබුනත්, ඔහු ඒ අවධානම දරා ගනිමින් දිගින් දිගටම එසේ සිදුකලේ මෙවන් ප්‍රථිපලයක් නොලැබෙතැයි නොසිතා විය නොහැකිය. අධිකරණය ද සිය ගෞරවය රැක ගැනීමට සියළු බලය යොදවන බව ඔහු දැන සිටිය යුතුය. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ඔහුට තිබෙන්නට පුළුවන්.
මර්දනයේ ඊළඟ පියවර වෙඩි උණ්ඩය බව අප සිහි තබා ගන්න ඕන. තවත් පැත්තකින් ගත්තොත් මනුස්සයෙක් කොකේන් පාවිච්චියට ඇබ්බැහි වුනාම ඒ මනුස්සයා කොච්චර වෙනස් වෙනවද, සිහිය විකෘති වෙලා වෙනමම මිනිහෙක් වෙනවද කියලා උදාහරණ අවශ්‍ය නම් හරීන් ප්‍රනාන්දු පෙන්නන්න පුළුවන්, සිහිය නැති, අවසිහියෙන් වෙනම මානසිකත්වයක ඉන්න විකෘතිකයෙක් දැන් ඉන්නේ.
ඒ වගේම ලංකාවේ සමාජ ජාල වල කවුරු හරි අමුතු පොරක් නලුවෙක් වගේ ඇවිත් ටිකක් හැඟීම් වලට බර පොඩි කතාවක් කලාම ඌ අපේ ගැලවුම්කාරයා කියල පස්සේ හුරේ දාගෙන යන අමුගොං මීම්මු ඉන්න රටක්..... තවත් වසර එකසිය හැත්තාවක් ගියත් රට ආපස්සටම තමයි..... ඡන්දය ගන්නකම් සිහින ලෝකවල මිනිස්සු අතරමං කරල ... දිනුවට පස්සේ ඌ අවස්ථාවාදියෙක් නොවී ඉන්නව කියන තහවුරුව දෙන්න පුලුවන් කාටද?
නමුත් නාගානන්දට අත තියන්න කිසිසේත්ම කිසිදිනක නොහැකියි.හේතුව ඔහු කුඩා කාලයේ පටන් ගෙන ආ බෞද්ධ චින්තනය හා සද්ධර්මයෙන් සන්නද්ධ වී සිටීමයි. ඔහුට එල්ල කරන සෑම අසත්‍යය චෝදනාවන්ට කිසියම් දිනකදී ඒ බොරුව ඉදිරිපත් කරන්නන්ට මෙලෝ වශයෙන්ම විපාක දෙනවාමයි. කොල , රතු, නිල් සහ නිල් පක්ෂ යෙන් කැඩී අා දුෂණ, වංචා, හොරකම්, මිනීමරුම් අල්ලස් චෝදනාලත් ලත් පොහොට්ටු පක්ෂය නමින් සැදුම්ලත් පක්ෂයේ දේශපාලුවනුත් අැතුලු 225 දෙනාගේම වංචා , දූෂණ, හොරකම්, සදහාත්, එයට සහයෝගය දුන් නිළධාරීන්ට දඩුවම් දීමෙන් රටේ මහජනතාව ගේ මුදල් ඉතිරි කරණ සැලසුම්, සහ යෝජනා එතුමා ව්සින් ඉදිරිපත් කර අැත.අවුරුදු 2 ක 3 කට පෙර සිට දේශපාලනයට නෙපැමින , දේශපාලුවන් කල, සහ දැනටත් කරන වංචා, දූෂණ, හොරකම් වෙනුවෙන් තම පෞද්ගලික මුදලින් සමාජ සාධාරණ උදෙසා අධිකරණයට ගිය පුද්ගලයෙකි.
@ AnonymousApril 24, 2021 at 10:46 AM
Deleteඔය වගේ ලංකාවේ බොහෝ දෙනෙක් පවසන්නේ ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳවැටිලා තියෙනව කියල නමුත් අපි කල්පනා කරන්න ඕන ඇයි එහෙම වුණේ කියලා. මේකට ප්‍රධානතම හේතුව ලංකාවේ ව්‍යවස්ථාදායකය සහ විධායකය විසින් අධිකරණය ගිලගැනීමයි.
නීතියේ ආධිපත්‍යය පිළිබඳ ලෝකයේ රටවල් වල තත්ත්වය දැන ගැනීමට ඒ සඳහා වන දර්ශකය (Rule of Law index) ගැන අවබෝධයක් අවශ්‍යයි.
නීතියේ ආධිපත්‍යය දර්ශකය හදුන්වා දී ඇත්තේ ලෝක අධිකරණ ව්‍යාපෘතිය (World Justice Project) නැමැති සිවිල් සංවිධානයක් මගින් නිසා මෙම දර්ශකය The World Justice Project Rule of Justice ලෙස හදුන්වයි.
මෙම දර්ශකය ලෝකයේ රටවල් නීතියේ ආධිපත්‍යයට කොතරම් දුරට අනුගතව කටයුතු කරන්නේද යන්න ඇගයීමට සකසා ඇති ප්‍රමාණාත්මක ඇගයීම් මෙවලමක්, දර්ශකය තුල රටවල් ශ්‍රේණිගත කර ඇත්තේ සාධක 8 ක් පදනම් කරගනිමින්.
ඒ රජයේ බලය මත කෙරෙන අවහිරතා, දූෂණය පිටු දැකීම, විවෘත රාජ්‍යය, මූලික අයිතිවාසිකම්, නීතිය සහ ආරක්ෂාව, නියාමනයන් ක්‍රියාත්මක කිරීම, සිවිල් යුක්තිය සහ අපරාධ යුක්තිය එම සාධක 8 යි. රටවල් 128 සලකා 2020 වර්ශයේ මෙම දර්ශකය සකසා ඇත.
2014 වර්ෂයේ නීතිය සාධාරණව ඉටු කිරීමෙන් දකුණු ආසියාවේ මුල් තැන ලංකාවට හිමි වී තිබුණේ.
//නීතියේ ආධිපත්‍යය (Rule of law) පිළිබඳ දර්ශකයෙන් දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. එක් එක් රටවල සාමාන්‍ය ජනතාව වෙත එම රටවල නීති ආධිපත්‍යය අත්විඳින ආකාරය සම්බන්ධයෙන් නිවාස ලක්ෂයක කෙරුණු විශේෂඥ සමීක්ෂණ 2400ක් පදනම් කැර ගනිමින් මෙම දර්ශකය සකස් කැර තිබේ.
දකුණු ආසියාවේ සෙසු රටවල් වන නේපාලය (57), ඉන්දියාව (66), බංගලාදේශය (96), පාකිස්ථානය (96), ඇෆ්ගනිස්ථානය (98) ලෙසින් ශ්‍රී ලංකාවට පසුපසින් සිටි අතර දර්ශකයේ ප්‍රථම ස්ථාන තුන පිළිවෙළින් ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩන් යන රටවලට හිමිව තිබේ.
ලෝක යුක්ති ව්‍යාපෘතිය (The World Justice Project) 2014 වසරේ නිකුත් කළ නීතිය ක්‍රියාත්මක කිරීමේ දර්ශකයට (Rule of Law Index 2014) අනුව ලෝකයේ රටවල් 99ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 48 වන ස්ථානයයි.
අමෙරිකා එක්සත් ජනපදය 19 වැනි ස්ථානයටත් බ්‍රිතාන්‍ය 13 වැනි ස්ථානයටත් පත් වන විට අවසන් ස්ථානය වන 99 වැනි ස්ථානයට හිමිකම් කියන්නේ වෙනිසියුලාවයි.//
ඉන් පසුව 2016 ලංකාවේ තත්ත්වය
//ලෝකයේ රටවල් 176ක් අතරින් ලොව පවතින දූෂිත රටවල් ලැයිස්තුවේ 2016 වසරේ ලංකාවට හිමිවී ඇත්තේ 95 වන ස්ථානයයි. ලෝකයේ රටවල් අතර නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාමේ දර්ශකය තුළ ලංකාවට හිමිවී ඇත්තේ 52 වන තැනයි. සිය දිවි නසා ගැනීමේ දර්ශකයේ ලෝකයේ රටවල් අතුරින් මෙරටට හිමින්නේ 4 වන ස්ථානයයි. මාධ්‍ය නිදහස දැක්වෙන දර්ශකයේ අපට හිමිව ඇත්තේ 141 වන ස්ථානයයි//
පසුව 2017 වසරේ ලංකාව මෙම දර්ශකයේ 59 වන තැනට වැටුණ අතර 2018 වසර තුළ 62 වන තැනට සහ 2019 වසර අවසන් වන විට එහි 64 වන ස්ථානය දක්වා පල්ලම් බැසීමට ලංකාවට සිදු වුණා.
එය දිගටම එසේම යමින් 2020 නවතම දර්ශකය අනුව මෙම දර්ශකයේ පළමු ස්ථානය ඩෙන්මාර්කයට හිමිව ඇති විටක ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 66 වන ස්ථානයයි. එය 2019 දර්ශකයට වඩා ස්ථාන දෙකක් පහළ යෑමක්. මෙම දර්ශකයේ මෑතකදී (2017) ලංකාව පරදවා වේගයෙන් පෙරට පැමිණ දකුණු ආසියානු කලාපයේ පෙරමුණ ගෙන ඇත්තේ නේපාලය වන අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ දැනට දෙවන ස්ථානයේ පසුවෙයි. ඉදිරි කාලයේදී බංග්ලාදේශ සහ මාලදිවයින මෙන්ම අන්ත දූෂිත රටක් ලෙස ලෝක ප්‍රසිද්ධියට පත්ව තිබෙන ඉන්දියාව පවා ලංකාව අභිබවා යාමට ඉඩ ඇති බව සමහරු කියති.
ලංකාවේ නීතියේ ආධිපත්‍යය 1980 දශකයේ පමණ සිට ඉතා බරපතල ලෙස බිඳ වැටීමක් පවතින අතරම මේ ගැන මෑත කාලීනව 2010 - 2014 කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය වුණා අධිකරණයේ බලය අවම කරන්න, ඔහු කළේ විනිශ්චයකරුවන් පත්කරන 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනාපු ව්‍යවස්ථාදායක සභාවේ දහදෙනාගෙන් හත්දෙනෙක්ම හිටියේ රටේ පිළිගත් සිවිල් විද්වතුන්.. වැදගත් ප්‍රවීණ පිටින් පත් කළ පිරිස්. පාර්ලිමේන්තු නියෝජනයන් තිබුණේ තුන්දෙනයි. රාජපක්ෂට ඕනෑවුණා මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ යටතට ගන්න. එතකොට අධිකරණය තමන්ගේ අතේ. එතකොට එයාට ඕන විදියට පාලනය ගෙනියන්න පුළුවන්.
ලෝකයේ වෙන රටවල ජනතා බලය අවභාවිත කරන ව්‍යවස්ථාදායකය සහ විධායකය රෙගියුලේට් කරන්නේ නීතිය හරහා අධිකරණයේදී, ඒත් මෙහේ රාජපක්ෂ කළේ මේක විසුරුවලා එයාට ඕන මිනිස්සු දාගත්තා. ඊට පස්සේ එයාට ඕන දේ ඉබේටම වුණා. මේකට ජාත්‍යන්තරය විරුද්ධ වුණා.
ඔන්න එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම හමුවේ 2015 මේ දේවල් පිළිගත්තේ යහපාලනය. ජනපති සිරිසේනයි, රනිල් වික්‍රමසිංහයි ලන්ඩන් ඇවිත් කිව්වා අපිට බලය දෙන්න නැවත නීතියේ ආධිපත්‍යය මේ රටේ ඇති කරන්න කියලා.
Deleteඑහෙම කියලා ගෙනාපු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙලාවේ මේකත් පාර්ලිමේන්තුවේදී විවාදයට ගත්තා. මොකද වුණේ අර 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ විදිහටම මේක ඇතුළේ ස්වාධීනත්වය ඇති කරන්න ව්‍යවස්ථාදායක සභාව පිහිටුවන්න පියවර ගත්තා. පනත් කෙටුම්පතින් පාර්ලිමේන්තුවට ආපුවහම පනත් කෙටුම්පත ගැන පාර්ලිමේන්තුවේ අය කිව්වේ ආයේ වෙනම කතාවක්. ඒ අය කිව්වා අපිට ඕන නෑ එහෙම වෙන්න. අපිට ඕන අධිකරණය අපේ ග්‍රහණයේ තියාගන්න කියලා. අන්තිමට මොකද වුණේ. අර දහදෙනාගෙන් හත්දෙනෙක්ම දේශපාලකයෝ සහ ඉතුරු අය ආණ්ඩුවේ හෙංචයි සිවිල් සංවිධාන වල සාමාජිකයන් වුණා. ඉතින් ආයේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරලා වැඩක් නැහැනේ. ඉතින් අධිකරණයේ ස්වාධීනත්වය අන්තයටම පිරිහුණා.
ඕනෑම රටක් ඉස්සරහට යන්න නම් ඕනෑම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න නම් අධිකරණය නිශ්චිතවම ස්වාධීන වෙන්න ඕන. ඒ බලය නැත්නම් මේ හොර දූෂිත මංකොල්ල කන දේශපාලකයෝ ගැන හොයන්න බෑ. අධිකරණය දෙපයින් පාගාගෙන මේක කරන්න බෑ. අද ඒකේ නරක ප්‍රතිඵල අපි භුක්ති විඳිනවා.
හැබැයි මෙතනදි විනිසුරුවන්ටත් පුළුවන් නේද කොන්ද කෙළින් තියන් තීරණ ගන්න. එහෙම ස්වාධීන එඩිතර විනිශ්චයකරුවන් ඉන්නවා. ඒත් සමස්ත චිත්‍රය විශාල වැඩියි. අගවිනිසුරුවරු පවා විධායකය සහ ව්‍යාවස්ථාදායකයන්ට ඕන හැටියට බෙල්ලෙන් අල්ලලා එළියට දාපු රටක් මේක. අනෙක වැඩිපුරම පත්වීම් හිතවතුන්. ඒකයි ප්‍රශ්නය. මේකට හොඳ උදාහරණයක් මහාධිකරණ විනිසුරුවරයෙක් කිව්වා දැන් කාලයක පටන් මේක හයිජැක් කරලා තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. ඉන්න නීතිපති කවුරු වුණත් එයා පුළුවන් තරම් ආණ්ඩුවට ගැතිකම් කරනවා. ඊළඟ අගවිනිසුරු වෙන්න ඕක තමයි තත්ත්වය. අද අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගෙන් නවදෙනෙක්ම ඉන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ අය. ස්වේච්ඡා අධිකරණයේ ඉන්න අයගෙන් නවදෙනෙක්ම නීතිපති දෙපාර්තමේන්තුවේ. නිතිපති එකේ බලතල බෙදීමේ සිද්ධාන්තය කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. ඒක අනුව කවදාවත් එහෙම වෙන්න බෑ.
ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය වෙන වෙනම ක්‍රියාත්මක වෙන්න ඕන. නීතිපති දේශපාලන පත්වීමක් වුණහම ඔහු කරන්නේම දේශපාලකයා ආරක්ෂා කරන එක. නීතිපති, විධායකය, අධිකරණය වුණහම මොකද වෙන්නේ අපේ ජනතාව අතරමං වෙනවා. කෙළින් වැඩ කරන්න පුළුවන් විනිසුරුවන්වත් කෙළින් වැඩ කරන්නේ නෑ. මොකද ඒක මේ ක්‍රමය යටතේ කරන්න ලේසි නෑ. මෙහෙම වුණහම නීතියේ ආධිපත්‍යය බිඳ වැටෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටෙනවා.
උගතුන් වැඩිවෙලා
ReplyDeleteකියනකොට පුදුම හිතෙනවා
රටේ සමහරු අහනවා
"වියත්මග" කොහේදැයි සොයනවා
මුදලාලිලා කොහොමද අඩුඋනේ
ඇයිවදේ පස් කපන කට්ටිය ඉන්නේ!
2021 ජනවාරි 28 ලිපිය හා බැඳේ
ReplyDeleteඑකොනෝ ඉහත ලිපියේ 17 ඡේදයේ ඔබ මෙසේ කියනවා;
//...ඒ කියන්නේ අවසාන වශයෙන් නිෂ්පාදන අතිරික්තය සම්පූර්ණයෙන්ම යන්නේ ගෘහස්ථ ඒකක වලට. ඒ සල්ලි වලට වෙන්නේ කුමක්ද?..//
මෙසේ කීම තුලින් ඔබ නිශ්පාදන අතිරික්තය බෙදී යාම විශ්වීය ලෙසට/universalyසාධාරණීය කරනවා. නමුත් පවතින සමාජය තුල එහි විශාල ව්‍යාතිරේකයන් තිබෙන විට එම බෙදී යාම සාධාරණ වන්නේ කෙසේද?
නිදසුනක් ලෙසට;
කේවල ස්වාමි ව්‍යාපාරයක rK සම්පූර්ණයෙන්ම ප්‍රාග්ධන සම්පාදකයා සතු වෙනවා. සමාගම් යනු අතථ්‍ය/virtual වුනත් rK කොටස හිමි කර ගන්නා real පුද්ගලයකු සිටිනවා. ඊටම අනුබද්ධිතව ගෘහස්ත පාරිභෝජනයටත් ඒ පුද්ගලයා අයිති වෙනවා. එවිට Y හි වැඩි කොටසක් හිමි වන්නේ අර ප්‍රාග්ධන සම්පාදකයාට නොවේද?
හැරත් ; Y = C +S වන තත්ත්වයක් තුල ප්‍රාග්ධන සම්පාදකයාගේ C හා S සහ ශ්‍රමිකයාගේ C හා S සාධාරණව සසඳන්නේ කෙසේද? එනම් ශ්‍රමිකයාගේ S සහ ප්‍රාග්ධන සම්පාදකයාගේ මෙම අගයන් අතර අනුපාතය , සැබෑ තත්ත්වය /real state යටතේ කෙසේ වෙනස් විය හැකිද?
මෙය මම තේරුම් ගත්ත විධියයි. මෙය වැරදි නම් එම ලිපියේ අදාල ඡේදය නැවත විග්‍රහ කල හැකිද?
CP-C
//මෙසේ කීම තුලින් ඔබ නිශ්පාදන අතිරික්තය බෙදී යාම විශ්වීය ලෙසට/universalyසාධාරණීය කරනවා. //
Deleteඔව්. මාක්ස්වාදයෙන් යෝජනා කරන විකල්පයට සාපේක්ෂව මම මේ බෙදීයාම විශ්වීය ලෙස සාධාරනීකරණය කරනවා. මම ගොඩනගන තර්කයේ පාදම තිබෙන්නේ මෙතැනයි. ඒ නිසා, ධනවාදයට එරෙහි කවර හෝ විකල්පයක් ගැන හිතන ඔබ හෝ වෙනත් ඕනෑම කෙනෙක් විසින් මුලින්ම පහර දිය යුතු තැන මෙයයි. මේ තර්කය කවුරු හෝ පිළිගත හැකි අයුරකින් බින්දොත් මම කියන අනෙකුත් දේවල් වලට ශක්තිමත් පදනමක් නැති වෙනවා.
//නමුත් පවතින සමාජය තුල එහි විශාල ව්‍යාතිරේකයන් තිබෙන විට එම බෙදී යාම සාධාරණ වන්නේ කෙසේද?//
උදාහරණ දුන්නොත් පැහැදිලි කරන්න පුළුවන්. පහත ඔබ දී තිබෙන උදාහරණ වලට ප්‍රතිචාර දක්වන්නම්.
//කේවල ස්වාමි ව්‍යාපාරයක rK සම්පූර්ණයෙන්ම ප්‍රාග්ධන සම්පාදකයා සතු වෙනවා.//
ඔව්. මෙහිදී අපට වියුක්ත ලෙස සිතා ව්‍යාපාරය හා එහි හිමිකරු කොටස් දෙකක් ලෙස විසංයෝජනය කරන්න පුළුවන්. වඩාත් සරලව සිල්ලර කඩේ මුදලාලි සහ ඔහුගේ බිරිඳ ගනිමු. මේ දෙන්නා ගෘහස්ථ ඒකකයක්. ඔවුන්ගේ ව්‍යාපාරය වෙනම ඒකකයක්. මේ දෙන්නා ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රාග්ධනය සපයනවා. කඩේ තිබෙන්නේ නිවසේම ඉදිරි කොටසේ වෙන්න පුළුවන්. නමුත් සංකල්පීය ලෙස නිවාස ඒකකයේ සිට ව්‍යාපාරික ඒකකයට ප්‍රාග්ධනය යනවා. මේ දෙක සංකල්පීය ලෙස ඒකක දෙකක්. ඒ වගේම මේ දෙන්නා මාරුවෙන් මාරුවට කඩේ වැඩ කරනවා. ඒ වෙනුවෙන් නිශ්චිත වැටුපක් වෙන් කරලා ගන්නේ නැහැ. නමුත් මෙහිදී වෙන්නේ ගෘහස්ථ ඒකකයේ සිට ව්‍යාපාරික ඒකකයට ඔවුන් තමන්ගේ ශ්‍රමය කුලියට දෙන එක. ව්‍යාපාරය තමන්ගේම එකක්ම කියන එක මත කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මේ ව්‍යාපාරයේ ලාබ නිවාස ඒකකයට යනවා. එහි rK හා wL කොටස් දෙකම තිබෙනවා. ගෙදර පරිභෝජනය සඳහා කඩෙන් පරිප්පු ග්‍රෑම් 500ක් ගත්තොත් එයත් අතිරික්තයට එකතු කළ යුතුයි. මේ නිදර්ශනයේදී අපට rK + wL නිරීක්ෂණය කරනවා මිස ඒ දෙක වෙන වෙනම නිරීක්ෂනය කරන්න බැහැ. නමුත් අතිරික්තය හරියටම ඒ කොටස් දෙකට බෙදෙනවා. අපි හිතමු කඩේ සේවකයෙක් වැඩ කරනවා කියලා. දැන් wL වලින් කොටසක් ඔහුටත් යනවා. සමහර විට මුදලින් නොවෙන්න පුළුවන්. කඩේ කොල්ලාට මුදලාලි කන්න අඳින්න දෙන එක හරි අවුරුද්දට ගමේ යද්දී කීයක් හරි අත මිට මොළවන එක වෙන්න පුළුවන්. එය තමයි කඩේ කොල්ලාගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය. wL වල ඉතිරි කොටස (මුදලාලිගේ හා හා හාමිනේගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය) හා rK මුදලාලිගේ නිවාස ඒකකයට යනවා. ඉතිරි කොටස සේවකයාගේ නිවාස ඒකකයට යනවා.
//සමාගම් යනු අතථ්‍ය/virtual වුනත් rK කොටස හිමි කර ගන්නා real පුද්ගලයකු සිටිනවා.//
පැහැදිලිවම.
//ඊටම අනුබද්ධිතව ගෘහස්ත පාරිභෝජනයටත් ඒ පුද්ගලයා අයිති වෙනවා.//
ඕනෑම ප්‍රාග්ධන සම්පාදකයෙක් හෝ ශ්‍රම සම්පාදකයෙක් ගෘහස්ථ ඒකකයක සාමාජිකයෙක්. ගෘහස්ථ ඒකකය තුළ ඔහු පරිභෝජකයෙක්.
// එවිට Y හි වැඩි කොටසක් හිමි වන්නේ අර ප්‍රාග්ධන සම්පාදකයාට නොවේද?//
මම හිතන්නේ ඔබ මෙහි කියන්නේ එක් ප්‍රාග්ධන සම්පාදකයෙක් සහ සේවකයින් කිහිප දෙනෙකු ඉන්න අවස්ථාවක් ගැන වෙන්න ඇති. පුද්ගලයින් ලෙස ගත්තොත් මෙහිදී බොහෝ විට ප්‍රාග්ධන සම්පාදකයාට Y වලින් වැඩි කොටසක් යන්න පුළුවන්. අඩු වුනත් වැඩි වුනත් ඔහුට ලැබෙන්නේ ඔහුගේ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය හා ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය. අනෙක් අයටත් එසේමයි.
//හැරත් ; Y = C +S වන තත්ත්වයක් තුල ප්‍රාග්ධන සම්පාදකයාගේ C හා S සහ ශ්‍රමිකයාගේ C හා S සාධාරණව සසඳන්නේ කෙසේද? එනම් ශ්‍රමිකයාගේ S සහ ප්‍රාග්ධන සම්පාදකයාගේ මෙම අගයන් අතර අනුපාතය , සැබෑ තත්ත්වය /real state යටතේ කෙසේ වෙනස් විය හැකිද?//
මෙහිදී මම C හා S අකුරු යොදාගත්තේ රටේම සමස්ත පරිභෝජනය හා සමස්ත ඉතිරි කිරීම් නියෝජනය කරන්න. සමස්ත අගය හැදෙන්නේ තනි පුද්ගලයන්ගේ අගයන්ගේ එකතුවෙන්.
C = c1 + c2 + c3 + ....
S = s1 + s2 + s3 + ....
Y = y1 + y2 + y3 + ....
ඔබ කියන Y = C +S යන්න සමස්තයක් ලෙස වගේම තනි නිවාස ඒකක වලටත් පොදු දෙයක්.
y1 = c1 + s1
y2 = c2 + s2
....
මෙහිදී හැම නිවාස ඒකකයකම ආදායම (y) පරිභෝජනය (c) හා (s) අතර බෙදී යන්නේ එක විදිහට නෙමෙයි. එය විශාල ලෙස වෙනස් වෙන්න පුළුවන්. සමහර අයගේ s =0 යි. උපයන සියල්ල පරිභෝජනය කරනවා. ප්‍රාග්ධනයක් නැතිව ඉපදෙන බොහෝ දෙනෙක් පසුව සැලකිය යුතු ප්‍රාග්ධනයක් එක්රැස් කර ගන්නේ තරුණ කාලයේදී c අඩු කර s වැඩි කර ගැනීම නිසා. ඇතැම් අය මිය යද්දීත් ප්‍රාග්ධනයක් නැතිව මැරෙන්නේ ඔවුන් පරිභෝජනය වෙනුවෙන් තමන් උපයන සියල්ල වැය කරන නිසා. ඒ වගේම ප්‍රාග්ධනයක් හිමිව ඉපදෙන ඇතැම් අය වත්කම් අහිමිව මැරෙන්නෙත් ඔවුන්ගේ c වැඩි නිසා.
පැහැදිලි මදි තැනක් ඇත්නම් තව දුරටත් විස්තර කළ හැකියි.
What do you say about Scandinavian countries where the education is free and a few entrepreneurs ?
ReplyDeleteI think every country in the world provides some sort of so-called free education and I am not against it. The point I highlight here is maintaining/ distorting the balance between physical capital and human capital.
Deleteලංකාවේ අලුත් අවුරුදු උත්සව තදබදය නිසා සිදුවුන දැඩි ජනතා සංචරණ නිසා කොවිඩ් 19 වසංගත උවදුර නැවතත් වේගයෙන් පැතිරීමේ අර්බුදයට අවසන් විසඳුම එන්නත්කරණය පමණක් බවයි ලංකාවේ ආණ්ඩුව දැන් විශ්වාස කරන්නේ. මේ අනුව ආචාර්ය ලලිත් වීරතුංග යටතේ ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් ලංකාවේ රජය සතුව තිබෙන බව ආණ්ඩුව පවසයි. මේ අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන්, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ලංකාවේ ජනාධිපති අවධාරණය කරයි.
ReplyDeleteඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇති සහ ඉදිරි කාලය තුළ අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්දන එන්නත් අතරින් හතරක්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය විධිවිධාන සකසා තිබේ. ප්‍රථමයෙන් ගෙන්වනු ලැබූ ඇස්ට්‍රසෙනෙකා එන්නත පුද්ගලයින් 925,242කට මේ වන විට ලබාදී ඇති බවයි ආණ්ඩුව කියන්නේ. එම එන්නතේ දෙවන මාත්‍රව ලබාදීම මැයි මස මුල සතිය තුළ ආරම්භ කිරීමට නියමිතයි. ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන්, කොවිඩ් මර්දනයේ නිරත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළුව 356,000ක් දෙනාට දෙවැනි මාත්‍රාව දෙන බව පැවසේ. ඉතිරි අවශ්‍යතාව සපුරාගැනීම සඳහා ඇස්ට්‍රාසෙනකා එන්නත නිෂ්පාදනය කරන ලෝකයේ සෙසු ආයතන සමග රජය දැන් සාකච්ඡා කරමින් සිටින බව පේනවා.
මීට අමතරව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නතේ මාත්‍රා 200,000 අප්‍රේල් අවසානයේ දීත්, මාත්‍රා 400,000ක් මැයි මාසයේදීත්, මාත්‍රා 800,000ක් ජූනි මාසයේදීත්, මාත්‍රා 1,200,000ක් ජූලි මාසයේදීත් ගෙන්වා ගැනීමට නියමිතයි. ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට ලංකාවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇත.
ඒ වගේම මේ දවස් වල ලංකාවට පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා 600,000 ඉදිරි සති කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණොත් ලංකාවේ ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇත.
මේ සේරටම අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත ගෙන්වීම සඳහා අවශ්‍ය මූලික ගිවිසුම් දැටනමත් අත්සන් කොට ඇති අතර එම එන්නත හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට රජය ක්‍රියාකාරමින් සිටිනවා. නමුත් ඒ එන්නත හැන්ඩ්ල් කරන එක අසීරුයි ලංකාව වගේ උෂ්ණත්වය ඉහළ රටක.
ලංකාවේ බොහෝ දුරට කොවිඩ් 19 ව්‍යාප්තිය පිටුදැකීමේ කොඳුනාරටිය වනුයේ මූලික මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම බව ලංකාවේ ආණ්ඩුව දැන් විශ්වාස කරන අතර ලෝකයේද එය එසේ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (24) ජිනීවා නුවරදී යළිත් වරක් අවධාරණය කළා. නිසි පරිදි මුහුණු ආවරණය, සබන් හෝ විෂ බීජ නාශක යොදා විටින් විට දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ගමන් බිමන් වලින් සහ උත්සව සහ සාද වැනි ඒකරාශීවීම් වලින් වැලකී සිටීම ඒ අතර ප්‍රධාන තැන ගනී.
රටේ මූලික සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම හා ශික්ෂණයක් සහිත විනයගරුක සමාජ චර්යාව වෛරස ව්‍යාප්තිය නතර කිරීමට සාර්ථක විසඳුමක් බව එවැනි ශික්ෂණයක් පෙන්නුම් කළ සියලු රටවල අත්දැකීමය.
මේ වගේම මේ කෝවිඩ් 19 උවදුරට විසඳුමක් ලෙස යම් කලකට රට වසා දැමිය යුතුය යැයි සමහරු කල්පනා කරති. ආරම්භක අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ගයකින් සතුටුදායක ප්‍රතිඵල අත්වුවද දිගුකාලීනව එය ජන ජීවිතයට සහ ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් ඇති කරයි. ආර්ථික ක්‍රියාකාරිත්වය මුලිමනින් අඩපණ කරන අගුල් දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම් ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට කළ නොහැකිය. ලංකාව වැනි හිඟන රටවල්වල ආදායම් උපයන්නන්ගෙන් බහුතරය අවිධිමත් ජීවනෝපාය මාර්ග මත යැපෙති.
එබැවින් රජය සිය කාර්ය ඉටුකරන අතර, ජනතාව රටේත්, තමාගේත් සුබ සිද්ධිය තකා ස්වකීය වගකීම සහ යුතුකම ඉටුකළ යුතු බව ලංකාවේ ජනපතිවරයා අදහස් කරයි. මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා? ලංකාවේ මිනිස්සු මේකට මොකද කරන්න ඕන?
ඉකොනොමැට්ටා මේක ගැන හිතන්නේ මොකද? මේක සාර්ථක වේවිද? නැත්නම් ලංකාවේ මත්තල ගුවන් තොටුපල වගේ අසාර්ථක වේවි ද?
ReplyDeletehttps://youtube.com/watch?v=YJ0DUxPrEs4&feature=share
පෝට් සිටි එකේ ඉඩම් භාවිතා කිරීම ගැන එක්සත් ජාතික පක්ෂයේ අදහස් මේවා ඇත්ත ද ඉකොනොමැට්ටා?
ReplyDeletehttps://www.facebook.com/watch/?v=2900769646878547
ලංකාවේ ඕන තරම් 'උගත්' අය මුදලාලිලා වෙලා හිටියත් (උදා: වෛද්යවරුන්ගෙ චැනල් සෙන්ටර්ස්, ගුරුවරුන්ගෙ ටියුෂන් ව්‍යාපාර, accountantsලගෙ audit firms වගේ), අඩුවෙන් තියෙන්නෙ business acumen හෙවත් සංකීර්ණ ප්‍රශ්න තේරුම්ගෙන නිවැරදි තීරන ගැනීමෙ හැකියාව සහ ආත්ම විශ්වාශය. මිනිස්සු සිතන පතන විදිහ අනුව ඒවගේ skills දියුනු වෙන්නෙත් අඩුවෙන්, උදාහරනයකට දරුවෙක් තනියම හිතලා යමක් කිරීම දෙමව්පියන්ගෙ ego එකට පහරක්. දරුවො වැඩිහිටියන් වෙන එක තමයි දෙමව්පියන්ට දරගන්න අමාරුම. ඒ වගේම දරුවන්ව academic මාර්ගයෙම යවන්න සමහර දෙමව්පියන් හිතන නිසා ලමයින්ට වෙනත් නිර්මානාත්මක දේවල් ඉගෙන ගෙන creative thinking සහ intuition දියුනු කරගන්න ලැබෙන්නෙත් නැහැ. පන්ති කාමරවල හිරවෙන ලමයි මානව සම්බන්දතා (PR) දියුනු කරගන්නවත් මදි. Voice SL වැඩසටහනේ සමහර කොටස් බලනකොට මම ඉතාම සතුටු වෙන දෙයක් තමයි අම්මලා තාත්තලා ඇවිල්ල තමන්ගෙ දරුවන්ගෙ දක්ශකම් අගය කරලා සතුටු වෙන එක. ඒක ගැන කතාකරද්දි යාලුවෙක් කියනවා ඔය වගේ සංගීත වැඩසටහන් වලින් වෙන්නෙ ලමයින්ට ගනන් බැරි වෙන එකලු. ඒ තමයි අපේ ආකල්ප. අඩුම ගානෙ මේ ලමයි සහෝදරත්වය, healthy competition වගේ දේ ඉගෙන ගන්න එක (ෂෝ එකකට හරි) කොච්චර දෙයක්ද.
ReplyDeleteකමෙන්ට් එක දිග වෙනවා නමුත් තව දෙයක් හිතුනා. ඔය 'උගතුන් වැඩි මුදලාලිලා අඩු' ප්රශ්නෙ ලෝකෙ දියුනු රටවලත් ප්රශ්නයක් නේද. උදාහරනයකට skilled visa shortage occupation list එකක් බලන්න.
මම මේ ලිපියේ කතා කරන සන්දර්භය තුළ ඔබ සඳහන් කරන අය මුදලාලිලා නෙමෙයි. මම මෙහි "මුදලාලිලා" කියන එකෙන් අදහස් කළේ නිෂ්පාදනය සඳහා භෞතික ප්‍රාග්ධනය යොදවන අය. "උගතුන්" කියන එකෙන් අදහස් කළේ නිෂ්පාදනය සඳහා මානව ප්‍රාග්ධනය යොදවන අය. මෙහිදී මම මානව ප්‍රාග්ධනය මූලික ශ්‍රමයෙන් වෙන් කර නැති නිසා එයත් නිෂ්පාදනය සඳහා යොදවන ශ්‍රමයේම කොටසක්. ඔබ සඳහන් කරන චැනල් සෙන්ටර්, ටියුෂන් පන්ති, ගිණුම්කරණ ව්‍යාපාර ආදී සියල්ල ව්‍යාපාර වුවත් බොහෝ දුරට කේවල ශ්‍රමය මත පදනම් වූ ශ්‍රමමූලික ව්‍යාපාර. මේ ව්‍යාපාර වලින් ලැබෙන්නේ තනිකරම වගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය වුවත් එය ශ්‍රමිකයන් විශාල පිරිසක් අතර බෙදී යන්නේ නැහැ. චැනල් සෙන්ටර් එකක මුදල් භාර ගන්නා, ටියුෂන් පන්තියේ කාඩ් චෙක් කරන්නා වගේ කිහිප දෙනෙකුට රැකියා ලැබුණත් මෙවැනි ව්‍යාපාරයකින් වෙනත් අයෙකුට රැකියා ලැබෙන්නේ ඉතා අඩුවෙන්. මම පෙන්වා දෙන ප්‍රශ්නය හරියටම මෙයයි. පැත්තක ඉන්න කෙනෙකුට මෙවැනි තැනකට ශ්‍රමය ලබා දී එහි ආන්තික ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව හිමි වන්නේ ඉතාම අඩුවෙන්. ඒ වගේම පැත්තක ඉන්න කෙනෙකුට මෙවැනි තැනකට ප්‍රාග්ධනය ලබා දී එහි ආන්තික ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව හිමි වන්නේ නැති තරම්. මෙවැනි වෘත්තීය රැකියා කරන වැඩි දෙනෙක් මැරෙන තුරුම තමන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ලබා ගන්නවා මිස වෙනත් දෙයකට යොමු වන්නේ ඉතා කලාතුරකින්. වෛද්‍යවරු ප්‍රාග්ධනය එකතු කරගෙන තේවතු අරන් දමන නමුත් බොහෝ විට ප්‍රධාන ආදායම් මාර්ගය තමන්ගේ වෘත්තියයි. ලංකාවේ ප්‍රශ්නය බොහෝ දෙනෙකුට රැකියා සැපයිය හැකි ව්‍යවසායකයන් වීමේ විභවය තිබෙන බොහෝ දෙනෙක් වෘත්තිකයින් වී නැවතීමයි. එසේ වීමට හේතුව ලංකාවේ රජයන සමාජවාදී දෘෂ්ඨිවාදයයි. බටහිර රටවල skilled visa shortage occupation list වලින් පෙන්වන්නේ මෙහි අනෙක් පැත්ත. ඒ කියන්නේ එම රටවල භෞතික ප්‍රාග්ධනය අඩුවක් නැහැ. අඩු මානව ප්‍රාග්ධනයයි. සරලව කිවුවොත් කාටවත් තමන්ගේ පෞද්ගලික රුචිකත්වය මත මිස සල්ලි හොයන්න වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය නැහැ. සල්ලි හොයන්න වෙන විකල්ප ඕනෑ තරම් තිබෙනවා. නමුත් ලංකාවේ එවැනි වෙනත් විකල්ප නැති තරම්. ශ්‍රමය සූරාකෑම නරක දෙයක් කියා මාක්ස් සීයාගේ මී මුණුපුරෝ උගන්වා තිබෙන නිසා ලංකාවේ මිනිස්සු වෙන අයගේ සේවය ලබා ගන්න බයයි. සාමූහික නිෂ්පාදන වෙනුවට බොහෝ විට හොයන්නේ කේවල නිෂ්පාදන මාර්ග. ඒ නිසා ශ්‍රමය විකුණන්න වෙළඳපොළක් නැහැ. සූරාකෑමක් කියා දෙයක් තිබේනම් එය නැති වෙන්නේ සූරාකෑමට අවස්ථාව ලැබීම තුළමයි. ශ්‍රමයට වැඩි වටිනාකමක් ලැබෙන්නේ ශ්‍රමය මිල දී ගෙන ලාබ ලබන්න වැඩි පිරිසක් උත්සාහ කර ඔවුන් අතර ඇතිවන තරඟය තුළයි.
Delete'ලංකාවේ ප්‍රශ්නය බොහෝ දෙනෙකුට රැකියා සැපයිය හැකි ව්‍යවසායකයන් වීමේ විභවය තිබෙන බොහෝ දෙනෙක් වෘත්තිකයින් වී නැවතීමයි'. Got your point, but we have to start somewhere. වෘත්තිකයින් ඒ තරමින් හෝ ව්‍යවසායකයන් වීම හොඳ ආරම්භයක්. නමුත් ඔබ කතා කරන දෙය critical point එකක් කියලා එකඟයි.
Delete//වෘත්තිකයින් ඒ තරමින් හෝ ව්‍යවසායකයන් වීම හොඳ ආරම්භයක්. //
Deleteපැහැදිලිවම. රජයෙන් කොයි තරම් බාධා කළත් වෙළඳපොල/ ආර්ථික විද්‍යා න්‍යායයන් ක්‍රියාත්මක වෙනවා. අධිකාරීමය (හෙජමොනික) දෘෂ්ඨිවාදය හා රාජ්‍ය ප්‍රතිපත්ති වලින් පැනවෙන බාධාවන් නිසා සමාජ ප්‍රගමනය මන්දගාමී වුවත් සමාජය ඉදිරියට යනවා. වෘත්තිකයන් ලෙස යම් ආකාරයක ව්‍යවසායකයන් වූ අයගේ දෙවන පරම්පරාව ප්‍රාග්ධන මූලික නිෂ්පාදන වලට අත ගහයි. මෙහි තිබෙන ප්‍රශ්නය වන්නේ ලෝකයේ අනෙක් රටවල් වල ඔය ක්‍රියාවලිය වඩා වේගයෙන් සිදු වන විට ලංකාවට සාපේක්ෂ අවාසියක් වෙනවා. ලංකාවේ ඉතිරිවන වෘත්තිකයින් බොහෝ දෙනෙකුගේ දරුවන් ලංකාවේ රැඳෙයිද කියන ප්‍රශ්නය ඉතිරි වෙනවා. එසේ නොවුනොත් වෙන්නේ එක්රැස් වෙන මානව ප්‍රාග්ධනය, භෞතික ප්‍රාග්ධනය වගේම ව්‍යවසායකත්ව විභවයන්ද රටෙන් එළියට කාන්දු වෙන එකයි. පෝට්සිටියට මේ ක්‍රියාවලියට යම් තරමකින් තිරිංග යෙදිය හැකියි.
එකොනො, මම ඔබේ පිළිතුර අධ්‍යයනය කරමින් ඉන්නේ. Linear algebra සමීකරණ ප්‍රමාණයක් මෙහි විසඳීමට ඇති නිසා මේ පිළිතුර තේරුම්,ගැනීමට යම් වේලාවක් වැඩිපුර අවශ්‍යයයි.
ReplyDeleteCP-C
කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට අවශ්‍ය තරම් කාලය ගන්න. ප්‍රශ්න මතු වන විට ඉදිරිපත් කරන්න. කෙසේ වුවත් ඔබේ හිතට වදදෙන ප්‍රශ්නය ගැන මට යම් අදහසක් තිබෙනවා. මේ ගැන සරලව විස්තර කර ලියන්න කාලය සොයා ගත යුතුයි. මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි.
Deleteඑකොනො,
ReplyDeleteක්ෂුද්‍ර සහ මහේක්ෂ ආර්ථික විද්‍යා මූලික පාඨමාලාවක්, සහ උසස් ගණිතය යම් දුරකට හදාරා ඇති අයකුට මේ ඔබ ලියන දෑ සමඟ ස්වයං හැදෑරීමකට සුදුසු econmetrics යමි පාඨ ග්‍රන්ථ කිහිපයක නම් සහ ප්‍රකාශකයන් ගෙන හැර දැක්විය හැකිද? එම පාඨ ග්‍රන්ථවල ඇති ගැටලු විසඳීම තුලින් ලබන දැනුමෙන් ඇතැම් විට ඔබ සමඟ සාමාන්තරව සිට මේ න්‍යායයික ප්‍රශ්න සාකච්ඡා කිරීමට දැනුම සපයා ගත හැකියි අප සිතනවා. මෙය ඔබට සහ අපට යන දෙපිරිසටම W-W තත්ත්වයක්.
CP-C
CP-C,
Deleteමේ කිසිවක් ආර්තිකමිතිය (econmetrics) නෙමෙයි. එය සංඛ්‍යානය මත පදනම් වූ වෙනම විෂයයක්. මෙහි බොහෝ දුරට තිබෙන්නේ මහේක්ෂ ආර්ථික විද්‍යාව හා සංවර්ධන ආර්ථික විද්‍යාව. ඒ වගේම පදනම ගණිතය මිස සංඛ්‍යානය නෙමෙයි. පෙර ලිපියක අජිත් ධර්මා විසින් අධ්‍යයනය සඳහා උදවු විය හැකි ඔබ සඳහන් කරන ආකාරයේ ගැටළු ඉදිරිපත් කර තිබුණු තැනකට ලින්ක් එකක් දමා තිබුණා. මම හොයලා බලන්නම්.
https://www.ssc.wisc.edu/~mweretka/301_17f/PS/PS9Sol.pdf
Deleteමගේ දෙවැනි ප්‍රශ්නය පාදක වනුයේ 2021 අප්‍රේල් 10 දා ලිපියේ අවසාන වාක්‍ය මත පදනම්වයි. එහිදී ඔබ මෙසේ කියයි: //...විවිධ වෘත්තීය සමිති ආදිය විසින්ද ඔවුන්ගේ වැටුපෙන් තවත් කොටසක් සූරාකනවා...//
ReplyDeleteමෙතැන පැහැදිලිවම ඔබ වෘත්තීය සමිති සංකල්පයට මූලික වසයෙන් විරුද්ධ වෙනවා. ඊට කිසිම අවස්ථාවක් ලබා දීමට ඔබ සූදානම්,නැහැ. එයට හේතුව C-D ආකෘතිය තුල trade union අර්ථ දක්වා නොමැති වීමයි. ඔබ විසින් නිර්මාණය කරන්නට යන ප්‍රවාදය ideal තත්ත්වයක්. එනම් , නිදහස් වෙළඳ පොලේ පරිපූර්ණ තත්ත්වයක්. එහෙත් පරිපූර්ණ වායු, ද්‍රාවණ/ideal gas, solutions නැහැ වාගේ පරිපූර්ණ වෙළඳ පොලකුත් නැහැ. එය අප එය තේරුම් ගන්නේ එසේයි. එහි වරදක් තිබේද?
මා ඔබට ඉදිරිපත් කල මගේ පලමු ප්‍රශ්නය තුල මා ව්‍යාතිරේකයන්/exceptional තත්ත්වය කුමක්දැයි පහදා ගැනීමට පහත real/ එනම්, සංශෝධිත නොවන සැබෑවකින් උදාහරණයක් දෙන්නම්.
කෝවිඩ් 19 අර්බුදය හටගත් දා පටන් ඇමසන් කොම්පැණියේ අයිතිකාර ජෙෆ් බෙසෝස්(JB) ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 24 න් ඉහල ගියා. Amazon කොටස් මිල 40% ඉහල ගියා.
ගණනය කිරීමෙන් අනතුරුව පෙනී ගිය කරුණක් තමයි: JB ගේ ආදායම ඩොලර් 4.5 මිලියන / පැයකට ( 4.5 M$ /h) ඔහුගේ කොම්පැණියේ වැඩ කරන සාමාන්‍ය සේවකයකු පැයකට ලබන්නේ 15 $. ( 15$/h) එනම්, එහි සියලු සේවකයන් මෙම වැටුපට අවුරුද්දක් වැඩ කර සොයන මුදල, JB එක මිනිත්තුවකට හොයනවා.
Amazon යනු උතුරු ඇමරිකාවේ දෙවැනි විශාලතම පුද්ගලික රැකියා සැපයුම්කරු. ඔහු යටතේ මිලියන 1.3 සේවකයන් සිටිනවා. Walmart පලමු වැන්නා වුනාට (2.2 M) දැන් ක්‍රමයෙන් මේ සේවක ප්‍රමාණයේ අන්තරය අඩු වෙමින් යන්නේ.
තව දුරටත් මෙය පහදනවා නම් : 2020 මාර්තුවේ දී Amazon දත්තවලට අනුව එහි සේවකයකුගේ median compensation එක වාර්ෂිකව $ 28, 848/= වන විට Business Insider ට අනුව JB ගේ සමස්ත ඉපැයීම $ 75 E 9. එනම් ඩොලර් බිලියන 75ක්.
එනම්, $ 75, 000,000,000/=.!
දැන් අපි මේ දත්තයන් සමඟින් C- D ආකෘතිය ගලපා ගතහොත් rK සහ wL අගයයන් කුමක් වේද? α සහ (1-α) අගයන් කුමක් වෙිවිද? (මට එය නිවැරදිව ගණනය කිරීමට දැනුම මදි. මම හිතන්නේ මේ සදහා තවත් සාධක අවශ්‍යයයි. ) නමුත් මේ සමස්ත ඉපැයීම් මෙම සමාජ ක්‍රමය තුල ඉතා විශාල ආදායමි වෙනස්කම් ඇති කරන බව මම කියනවා. එය ධනවාදය විසින් ඇති කරන, සමාජවාදය විසින් විසඳීමට තැත් කරන ගැටළුවක්...
CP-C
//මෙතැන පැහැදිලිවම ඔබ වෘත්තීය සමිති සංකල්පයට මූලික වසයෙන් විරුද්ධ වෙනවා. ඊට කිසිම අවස්ථාවක් ලබා දීමට ඔබ සූදානම්,නැහැ. //
Deleteපසුගාමී සමාජවාදී සමාජයක වෘත්තීය සමිති වලින් අපේක්ෂා කෙරෙන යම් කාර්ය භාරයක් තිබෙන්න පුළුවන්. එහෙත් ආසන්නව හෝ ධනවාදී රටක වෘත්තීය සමිතියකින් බොහෝ විට කෙරෙන්නේ නිශේෂනීය කාර්යයක්. ධනවාදී රටක පුද්ගලයෙකුට වැටුප් සේ හිමි වන්නේ ඔහුගේ හෝ ඇයගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය (marginal rate of productivity - MRP). මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.
w1 = mrp1
w2 = mrp2
....
w100 = mrp100
තමන්ගේ mrp එක නොලැබෙන පුද්ගලයා එය හොයාගෙන වෙන තැනකට යනවා. ඒ නිසා හැම විටම වගේ ශ්‍රමිකයෙකුට තමන්ගේ mrp එක ලැබෙනවා. යම් frictions තිබෙන නිසා මෙය 100%ක්ම වෙන්නේ නැතත් ඉතා ආසන්නව සිදු වෙනවා. frictions වල බලපෑමද සමස්තයක් ලෙස උදාසීනයි (neutral). එක පුද්ගලයෙකුට තමන්ගේ mrp එකට වඩා පොඩ්ඩක් අඩුවෙන් ලැබෙන කොට තවත් අයෙකුට පොඩ්ඩක් වැඩියෙන් ලැබෙනවා. මොකද ශ්‍රමිකයාගේ පැත්තෙන් සිදු වන දෙයම අනෙක් පැත්තෙනුත් සිදු වෙනවා. ශ්‍රමිකයෙක්ට ඔහුගේ හෝ ඇයගේ mrp එකට වඩා පොඩ්ඩක් වැඩියෙන් ගෙවන්න සිදු වුනත් අඩුවෙන් වැඩ කරන්න වෙනත් කෙනෙක් හොයා ගන්න තුරු ශ්‍රමිකයාව ඉවත් කරන්න බැහැ. ඒ නිසා frictions නිසා යම් මොහොතක තනි පුද්ගලයෙකුට අවාසියක් සිදු විය හැකි වුවත් සමස්තයක් ලෙස සියලු ශ්‍රමිකයන්ට අවාසියක් වෙන්නේ නැහැ. සූරාකෑමක් කියා දෙයකට ඉඩක් ඉතිරි වෙන්නේ නැහැ.
ශ්‍රමිකයන් එකතු වෙලා වෘත්තීය සමිතියක් හදාගත් විට වෙන්නේ කුමක්ද? ඔබ ගොඩක් කැමති ශක්ති සංස්ථිතිය වැනි දෙයක්. සම්පත් බෙදෙන ආකාරය මිසක් සමස්ත සම්පත් ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා, සියලු දෙනාටම වැටුප් සේ ලැබෙන්නේ එම සියලු දෙනාගේම ආන්තික ඵලදායීතාවන්හි ඓක්‍යය.
w1 + w2 + .... + w100 = mrp1 + mrp2 + ... + mrp100
දැන් වෘත්තීය සමිතිය නිසා සිදුවන්නේ සියලු දෙනාටම සමාන වැටුපක් ලැබෙන එකයි. එය u කියා කියමු.
100u = mrp1 + mrp2 + ... + mrp100
u = (mrp1 + mrp2 + ... + mrp100)/100
අවසාන ප්‍රතිඵලය වන්නේ ශ්‍රමිකයන් අතර සිටින අකාර්යක්ෂම අයට වාසියක් වෙන එක සහ කාර්යක්ෂම අයට අවාසියක් සිදු වෙන එක. මොකද සියලු දෙනාටම ලැබෙන්නේ සියලු දෙනාම එකතු ලබාදෙන පොදු දායකත්වයට සමාන දෙයක්. එය සමානව බෙදෙනවා. අඩුවෙන් දායක වූ අයට වාසියක් වෙනවා. වැඩියෙන් දායක වූ අයට අවාසියක් වෙනවා.
ඔය වගේ දෙයක් සිදු වූ වහාම ආසන්න හෝ ධනවාදී රටකනම් වඩා කාර්යක්ෂම පිරිස් ඉවත් වී යනවා. මොකද ඔවුන්ට දැන් ලැබෙන්නේ තමන්ගේ mrp එකට වඩා අඩුවෙන්. unionized නැති තැනකට ගිහින් තමන්ගේ mrp එක ලබා ගන්න පුළුවන්. මේ විදිහට mrp එක සාමාන්‍ය අගයට වඩා වැඩි අය ඉවත් වූ පසු ඉතිරි වී සිටින අයගේ mrp වල සාමාන්‍ය අගය පහළ බහිනවා. එවිට වැටුප්ද පහළ බහිනවා.
ලංකාව වගේ සමාජවාදී රටක රාජ්‍ය සේවකයින් වගේ ගත්තොත් මේ වෘත්තීය සමිති ක්‍රමය පවතින්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ රාජ්‍ය සේවයේ එකම තනතුරේ ඉන්න සියලු දෙනාටම ලැබෙන්නේ එකම වැටුප. ඔබට ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳ අත්දැකීම් තිබේනම් දන්නවා ඇති ඕනෑම තැනක වැඩ කරන කිසියම් නිශ්චිත පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා නැත්නම් එතැන වැඩ කෙරෙන්නේ නැහැ. ඉතිරි බහුතරය ආවරණය වෙන්නේ ඒ පුද්ගලයාගෙන්. ප්‍රමාණවත් තරඟයක් නැතිකම නිසා ලංකාවේ ඇතැම් පෞද්ගලික ආයතන වලත් යම් තරමකින් මේ තත්ත්වය දැකිය හැකියි. වෘත්තීය සමිති වල වැඩ කරන අය බොහෝ විට වෙනත් ඵලදායී කාර්යයක් කරන්නේම නැහැ. පූර්ණකාලීනව කරන්නේ දේශපාලනය හෝ වෘත්තීය සමිතියේ වැඩ. ඒ කියන්නේ mrp = 0. තනිකරම යැපෙන්නේ අනෙක් සහෝදර ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සූරාකෑමෙන්. මොකද වෘත්තීය සමිතියක් තිබුණා කියලා ප්‍රාග්ධනයේ කොටස ගන්න අමාරුයි. බොහෝ විට ගන්න වෙන්නේ කොහොමටත් ලැබෙන ශ්‍රමයේ කොටසයි. වෙනස් වෙන්නේ එය ශ්‍රමිකයන් අතර බෙදෙන්නේ කොහොමද කියන එක පමණයි.
ලංකාවේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ක්‍රමය පවතින්න තවත් හේතුවක් තිබෙනවා.
100u = mrp1 + mrp2 + ... + mrp100 විය යුත්තේ ලාබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ආයතනයක. රාජ්‍ය ආයතනයකට පාඩුවට වැඩ කරන්න පුළුවන්. පාඩු වුනා කියලා රජයේ ආයතනයක් වහන්න වෙන්නේ නැහැ. එවිට වෙන්නේ කුමක්ද?
100u = mrp1 + mrp2 + ... + mrp100 + S
මෙහි S කියන්නේ ආයතනයට පිටින් සිටින අයගේ වියදමින් ආයතනයේ සේවකයින්ව සුබසාධනය කෙරෙන ප්‍රමාණය. වෙනත් විදිහකට කිවුවොත් සාමාන්‍ය බදු ලෙස හෝ "උද්ධමන බදු" ලෙස රජයෙන් බාහිර ශ්‍රමිකයන්ගෙන් සූරාකන කොටස. වෘත්තීය සමිති විසින් සාර්ථක අරගල කරලා u වැඩි කර ගැනීමේදී වෙන්නේ mrp එලෙසම තිබියදී S වැඩි වෙන එක. රාජ්‍ය බලහත්කාරය උපයෝගී කර ගනිමින් වක්‍ර ලෙස රජයෙන් පිටත ඉන්න ශ්‍රමිකයන්ව සූරාකන එක.
ඉතිරි කොටස් ගැන පසුව ප්‍රතිචාර දක්වන්නම්.
//නමුත් මේ සමස්ත ඉපැයීම් මෙම සමාජ ක්‍රමය තුල ඉතා විශාල ආදායමි වෙනස්කම් ඇති කරන බව මම කියනවා. එය ධනවාදය විසින් ඇති කරන, සමාජවාදය විසින් විසඳීමට තැත් කරන ගැටළුවක්...//
Deleteඔබ ඉහත විස්තර කර තිබෙන මුළු කතාවම කියන්නේ මේ තර්කය ගොඩ නගන්න කියා මම හිතනවා. ඒ නිසා, ඉහත ඔබගේ විස්තරයේ නිවැරදි කළ යුතු අඩුපාඩු ඇතත්, මම මුඛ්‍ය කරුණෙන් පිට පනින්නේ නැහැ. ඉතා පැහැදිලිවම සමාජවාදයේ ඉලක්කය ආදායම් විෂමතා නැති කිරීමනේ. ධනවාදය විසින් විශාල ආදායම් වෙනස්කම් ඇති කරනවා. ඔබේ ඉහත උදාහරණයේ වැරදි ගණනාවක් ඇතත් මේ කාරණය පැහැදිලි ඇත්තක්. සෛද්ධාන්තිකව ඔය ආදායම් විෂමතා ඔයිටත් වඩා වැඩි විය හැකියි.
දැන් මම ඔබට මේ යෝජනාව කරනවා. ඔබ කාලයක් අසා තිබෙන "ධනවාදය විසින් ආදායම් විශාල විෂමතා ඇති කරනවා" කියන (කිසිසේත්ම බොරුවක් නොවන) ප්‍රකාශයෙන් අඩියක් පස්සට අරගෙන මේ ගැන තනිව සිතා බලන්න.
"ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් වන්නේ ඇයි?"
විසඳිය යුතු ප්‍රශ්නය වන්නේ ආදායම් විෂමතා නැති කිරීමනම් විසඳුම ඉතාම පහසුයි. හැමෝගෙම ආදායම් අඩු වී කිසිවෙකුට කන්න බොන්නවත් ආදායමක් නැති වුනොත් ආදායම් විෂමතාවන්ද නැති වෙනවා. ආදායම් විෂමතා තිබීම ඒ හේතුව මතම ප්‍රශ්නයක් වෙනවා කියා මම හිතන්නේ නැහැ. මම ප්‍රශ්න ලෙස හඳුනා ගන්නේ ආදායම් විෂමතා වල ප්‍රතිඵලයක් ලෙස ඇති විය හැකි වෙනත් ද්වීතියික ප්‍රශ්න. ඔබට එසේ හිතන්න හෝ නොහිතන්න අයිතිය තිබෙනවා. මේ සම්බන්ධව ඔබේ අදහස ඉදිරිපත් කෙරෙන තුරු දැනට නවතිනවා.
//දැන් අපි මේ දත්තයන් සමඟින් C- D ආකෘතිය ගලපා ගතහොත් rK සහ wL අගයයන් කුමක් වේද? α සහ (1-α) අගයන් කුමක් වෙිවිද? (මට එය නිවැරදිව ගණනය කිරීමට දැනුම මදි. මම හිතන්නේ මේ සදහා තවත් සාධක අවශ්‍යයයි. )//
මේ ගැන විස්තරාත්මක ලිපියක් ලියන්න සිතාගෙන හිටියත් අවස්ථාවක් ලැබුණේ නැහැ. පෙර ලිපියක මේ හා සම්බන්ධ රටවල සංඛ්‍යාලේඛණ තිබෙනවා. ඉතා පැහැදිලිවම ශ්‍රමය වෙනුවෙන් වැඩිම පංගුවක් වෙන් කෙරෙන්නේ බටහිර ධනවාදී රටවලයි. බටහිර රටවලට සාපේක්ෂව හැම සමාජවාදී රටකම සිදු වෙන්නේ ශ්‍රමය සූරාකෑමක්. ඇමරිකාවේ හා එක්සත් රාජධානියේ wL = 59% පමණ. චීනයේත් ඇත්තටම මීට ආසන්නයි. නමුත් වැඩි නැහැ. 57% පමණ. ලංකාවේ 39%යි. ලංකාවේ ඒක පුද්ගල ආදායම හා නිවාස ඒකක වල මධ්‍යස්ථ ආදායම් අතර විශාල පරතරයක් තිබෙන්නේ ඒ නිසා. මේක තමයි ලංකාවේ සමාජවාදී ප්‍රතිපත්ති නිසා සිදු වී තිබෙන හානිය. මානව ප්‍රාග්ධනය වැඩි වන තරමට මානව ප්‍රාග්ධනය අතර තරඟය වැඩි වී එහි ආන්තික ඵලදායීතාවය පහළ යනවා. සරල විදිහට කිවුවොත් මතුපිටින් පෙනෙන්නේ උසස්පෙළ සමත් අයෙක් උපාධියක් ලබාගත් විට ආදායම ඉහළ යන බවයි. තනි පුද්ගලයෙක් ලෙස ගත්තොත් එය ඇත්ත. නමුත් සමස්තයක් ලෙස ගත් විට වෙන්නේ කලින් උසස්පෙළ සමත් අයෙක් පවත්වාගත් ජීවන තත්ත්වය පවත්වා ගන්න දැන් උපාධියක් අවශ්‍ය වීම පමණයි. මේක ටිකක් සංකීර්ණ කරුණක්.
පහත ලිපිය අවසානයේ තිබෙන වගුව බලන්න. මේ ගණනය කිරීම කරන එක ඉතාම සංකීර්ණ වැඩක්. එවැන්නක් මට තනිව කළ නොහැකියි. මේවා මේ හා අදාළ දැනට ලෝකය පිළිගන්නා ලෝකයේ පිළිගත් ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින් විසින් සකස් කළ සංඛ්‍යාලේඛන.
අරගල වලින් ලැබී තිබෙන ශ්‍රමයේ පංගුව
http://economatta.blogspot.com/2021/02/blog-post_19.html
හොට දැමීමට අවසර.
Delete"මානව ප්‍රාග්ධනය වැඩි වන තරමට මානව ප්‍රාග්ධනය අතර තරඟය වැඩි වී එහි ආන්තික ඵලදායීතාවය පහළ යනවා. සරල විදිහට කිවුවොත් මතුපිටින් පෙනෙන්නේ උසස්පෙළ සමත් අයෙක් උපාධියක් ලබාගත් විට ආදායම ඉහළ යන බවයි. තනි පුද්ගලයෙක් ලෙස ගත්තොත් එය ඇත්ත. නමුත් සමස්තයක් ලෙස ගත් විට වෙන්නේ කලින් උසස්පෙළ සමත් අයෙක් පවත්වාගත් ජීවන තත්ත්වය පවත්වා ගන්න දැන් උපාධියක් අවශ්‍ය වීම පමණයි. මේක ටිකක් සංකීර්ණ කරුණක්."
ගැහැණුන් රැකියා කිරීම "සාමාන්‍යය" වීම ගැන මා හට පාසැල් කාලයේ සිටම තිබුණේ විරෝධයක්. දරුවන්ට ආදරය නිසා ඉගැන්වීමට යාම, ගිලණුන්ට උවැටන් කිරීමට ආසා නිසා හෙදියක වීම වැනි අවස්ථා හැර මුදල් සෙවීම අරභයා ගැහැණුන් රැකියාවකටම යොමු වීම ගැන මා දැක්වූයේ නිෂේදනාත්මක ආකල්පයක්. මෙය අන්‍යයන්ට පැහැදිළි කර දීමට මා තෝරා ගත්තේ ඔය වචනයෙන්ම නොවුණත් ඔය පැහැදිළි කිරීමමයි.
ගැහැණු රැකියාවට නොයවන (එසේ නැතිනම් රැකියා නොකරණ ගැහැණුන් බැඳ ගත්) කෙනෙකුට සම වැටුප් තලවල සිටින මිත්‍රයන්ගේ ධනවත් කම් වලින් බාගයකින් සෑහීමට පත් වී සිටීමට සිදු වී තිබෙන්නේ ඒ නිසයි. මතුපිටින් බලන්නෙකුට මෙය පෞද්ගලික තේරීමක් කියා ගැලවී යා හැකියි. ඔව්, එය පෞද්ගලික තේරීමක්. නමුත් එය එසේ වන්නේ (පෞද්ගලික තේරීමක් වන්නේ) රටේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආදායමට වඩා වැඩි ආදායමක් උපදවන, එහෙයින්ම ද්විතීයික ආදායමක් නොමැතිව ආර්ථිකය හසුරුවා ගත හැකි සීමිත පිරිසකට පමණයි. රටේ බහුතරයකට දැන් පවතින තත්වය අනුව පවුලේ දෙදෙනෙකු ආදායම් උපදවන්නේ නැතිව දිවි ගැට ගසා ගැනීමත් අමාරුයි. මෙහි මා දකින උත්ප්‍රාසය දෙදෙනෙකු ආදායම් උපදවන්නේ නැතිව දිවි ගැටගසා ගැනීමට නොහැකි වීමට (එකම හේතුව නොවුණත්), ප්‍රබල හේතුවක් වන්නේ දෙදෙනාම රැකියා සොයා යාම වීමයි.
"මානව ප්‍රාග්ධනය වැඩි වන තරමට මානව ප්‍රාග්ධනය අතර තරඟය වැඩි වී එහි ආන්තික ඵලදායීතාවය පහළ යනවා. සරල විදිහට කිවුවොත් මතුපිටින් පෙනෙන්නේ රැකියාවක් කරන අයෙක් තවත් රැකියාවක් කරන කෙනෙක් කරකාර බැඳ ගත් විට ආදායම ඉහළ යන බවයි. තනි පුද්ගලයෙක් ලෙස ගත්තොත් එය ඇත්ත. නමුත් සමස්තයක් ලෙස ගත් විට වෙන්නේ කලින් රැකියාවක් කරන අයෙක් පවත්වාගත් ජීවන තත්ත්වය පවත්වා ගන්න දැන් රැකියා දෙකක් අවශ්‍ය වීම පමණයි."
ලංකාවේ සන්දර්භයේදී ඔබ කියන කතාවේ ඇත්තක් තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තහම සමස්තයක් ලෙස කාන්තාවන් රැකියා කිරීම සාධනීය දෙයක්. එය ඉතාම පැහැදිලි කරුණක්. ඒ වගේම, කාන්තාවන් රැකියා කිරීමේදී ලැබෙන මුදල් වාසිය ශුද්ධ වාසියක් නොවන බවත්, එහි ආවස්ථික පිරිවැයක් තිබෙන බවත්, ඇතැම් විට ආවස්ථික පිරිවැය ලැබෙන මුදල් වාසියට වඩා වැඩි බවත් පැහැදිලි කරුණු. මේ ටික ඇමරිකාවට හෝ වෙනත් රටකට වුවත් පොදුයි. ඊට අමතරව ඔබ කියන ආකාරයේ පැත්තකුත් තිබෙනවා. ඇත්තටම මේ නිශ්චිත කාරණය ගැන මම කලින් හිතා තිබුණේ නැහැ. කාන්තාවන් ශ්‍රම වෙළඳපොළේ තරඟයට එකතු වෙද්දී ඉහළ යන ශ්‍රම සැපයුමට සාපේක්ෂව රැකියා සැපයුමක් රටේ නැත්නම් තරඟය වැඩි වීම නිසා පවුලේ දෙදෙනාගේම වැටුප් පහළ යන්න පුළුවන්. ඔබ නිවැරදිව සංසන්දනය කරන පරිදි හැමෝම ඉහළට ඉගෙන ගත් විට වන දෙයම තමයි. මේ හරහා මම අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම වැළැක්විය යුතුයි කියා හෝ කාන්තාවන් රැකියා නොකර ගෙදරට වී සිටිය යුතුයි කියා කියන්නේ නැහැ. නමුත් ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර සමතුලිතතාවය ප්‍රශස්ත ලෙස නොපවතීනම් ශ්‍රම සැපයුම වැඩි කළ පමණින් ඊට සමානුපාතිකව නිවාස ඒකක වල ආදායම් මට්ටම් ඉහළ යන්නේ නැහැ.
Deleteකතාව එතැනින් ඉවර නැහැ. වෘත්තීය සමිති මතු වන්නේ මෙවන් තැනකදී. හැබැයි ඒ ලෙනින් කී ලෙසට කම්කරු පන්ති විඤ්ඤානය පිටතින් ගෙන එන සමාජවාදී වෘත්තීය සමිති නොවෙයි; Irishmen විත්‍රපටියේ කියැවෙන අති දූෂිත නොවුනත් යම් තරමකට දූෂිත, දේශපාලනය ගැන මෙලෝ මලදානයක් නොදන්නා වෘත්තීය සමිති තමයි JB එක්ක හැප්පෙන්න ඇවිත් තියෙන්නේ. කෙසේ නමුත්, ඔවුන් තමන්ගේ වැඩේට අත ගැහුවා. නමුත් ඔවුන් JB ට පැරදුනා.
ReplyDeleteAlabama හි Amazon warehouse එකේ වෘත්තීය සමිතියක් හදන්න 2021 මාර්තුවේ දී ආපු set එකට විරුද්ධව සේවකයන් 1798 වැඩි ඡන්දයකින් ඒ උත්සාහය පරාජය කොට JB ට දිනුම අත් කර දී තිබෙනවා.
Trade Union කාරයෝත් නිකං ඉඳලා නැහැ. උසාවියේ නඩුවක් දාලා JB මෙම ඡන්දය manipulate කලා කියලා. ඇත්තටම එහෙම සිද්ධ වුනා. do it without dues.com කියලා web site එකක් මඟින් වෘත්තීය සමිතිවල උත්සාහය ව්‍යාර්ථ කරන්න JB උපදෙස් දීලා තියෙනවා.
ආයෙත් C-D ආකෘතියට ආවොත් JB කරලා තියෙන්නේ මේ ආකෘතියට පටහැනි වැඩක්. එනම්, සේවක උද්ඝෝෂණයන්ගෙන් wL කොටස වැඩි කර ගත හැකි නම් ඒ කියන්නේ JB යනු එකොනෝ කියනවා වාගේ ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය වැටුප් ලෙස නොදී (එකෝනෝට අනුව JB එය දිය යුතුයි! ) එය මංකොල්ල කන පල් හොරෙක්! නැත්නම් ඇයි JB ඒ වෘත්තීය සමිති වැඩේ අල කරන්න වැඩ කලේ? ඒ නිසා Tommy Hilfigure වුනත් එසේ නොවන්නට බැහැ. ඒ කියන්නේ Tommy Hilfigure වුනත් JB තරම්ම නින්දිත සූරා කන්නෙක් නොවුනත්, සූරා කන්නෙක්.
CP-C
මේ ඡන්දයේදී ඉතා පැහැදිලිවම වෘත්තීය සමිතියක් ඉල්ලූ පිරිස පැරදී තිබෙනවා. ඔවුන් වැඩි ඡන්ද 1,798ක් ලබා ගෙන නැතත් ඡන්ද එපමණ ලබා ගෙන තිබෙනවා. වෘත්තීය සමිතිය පිහිටුවීම වෙනුවෙන් ලැබී තිබෙන්නේ ඡන්ද 738ක් පමණයි. ඒ කියන්නේ වැඩි ඡන්ද ප්‍රමාණය ඇත්තටම 1,060ක් පමණයි. ඡන්දයක් පැරදුනු පසු පැරදුනු පාර්ශ්වය විසින් මෙවැනි චෝදනා ඉදිරිපත් කිරීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒ චෝදනා ගැන මේ වන විට විභාග කෙරෙමින් තිබෙන නිසා එය අපි දැනට ඒ අයට බාර දෙමු. යම් හෙයකින් මේ චෝදනා ඇත්ත වුවත්, චෝදනා වල ස්වභාවය අනුව, වැඩිම වුනොත් කවර හෝ බලපෑමක් සිදු වී තිබෙන්නේ ඡන්ද සීමිත ප්‍රමාණයකට පමණයි. එම ඡන්ද සීමිත ප්‍රමාණය නිසා ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ.
Deleteඇමරිකාවේ ප්‍රාග්ධන හිමියන් විසින් ඒකාධිකාර හදන එක නීති විරෝධී වුවත්, ශ්‍රමය ලබා දෙන අය ඒකාධිකාර හදන එක නීති විරෝධී නැහැ වගේම ඔවුන්ට නීතියෙන් ආරක්ෂාවක්ද හිමිවෙනවා. මෙවැනි සමාජවාදී භාවිතාවන් ඇමරිකාවේත් තිබෙනවා. දැන් මේ වෘත්තීය සමිතියක් ඉල්ලන 738 දෙනා කවුද? ඔවුන්ට අනිවාර්යයෙන්ම ඇමසන් ආයතනයෙන් ඔවුන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය හෝ ඊට වඩා වැඩි දෙයක් ලැබෙනවා. එසේ නැත්නම් ඔවුන්ට අස්වෙලා යන්න කිසිම බාධාවක් නැහැ. ඇමරිකාවේ වෙනත් රැකියා ඕනෑ තරම් තිබෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ වෘත්තීය සමිතියක් හදාගෙන එහි උදවුවෙන් තමන්ගේ ආන්තික ඵලාදායීතාවයට වඩා වැඩි දෙයක් ලබා ගන්නයි. එය ලබාගන්න වෙන්නේ ප්‍රාග්ධනයේ කොටසෙන් හා වෘත්තීය සමිතියක් නොඉල්ලන අනෙකුත් සේවකයන්ගේ කොටසෙන්. මෙවැනි උත්සාහයකට බහුතර සේවකයින් වගේම JB වැනි ප්‍රධාන කොටස් හිමියන් විරුද්ධ වීම ඉතා පැහැදිලි කාරණයක්. තමන්ගේ කොටස අඩු කරගන්න කිසිවෙකු කැමති වෙන්නේ නැහැ.
යම් හෙයකින් ඇමසන් ආයතනයේ වෘත්තීය සමිතියක් පිහිටෙවුවොත් වෙන්නේ කුමක්ද? වෘත්තීය සමිතියට හෙට්ටු කරලා යම් වරප්‍රසාද ලබා ගන්න පුළුවන්. එම වරප්‍රසාද බොහෝ දුරට සේවකයින් අතර සමව බෙදෙනවා. නමුත් එයින් හැම සේවකයාටම වාසියක් වෙන්නේ නැහැ. වාසි වෙන්නේ MRP එක අඩු අයටයි. MRP වැඩි අයට කොහොමටත් අනෙක් අයට වඩා වැඩි ප්‍රතිලාභ ලැබෙනවා. ඒ ඔවුන්ගේ MRP වැඩි නිසා. දැන් සමස්තයක් ලෙස wL ඉහළ යනවා. එවිට ප්‍රාග්ධන හිමියන්ගෙන් wL අඩු කරන්න පීඩනයක් එනවා. වෘත්තීය සමිතිය නිසා MRP අඩු අයගේ ප්‍රතිලාභ පමණක් අඩු කරන්න බැහැ. සමස්තයක් ලෙස හැමෝගෙම ප්‍රතිලාභ යම් පමණකින් අඩු වෙනවා. එවිට MRP වැඩිම සේවකයින් අස් වෙලා යනවා. ඒ අයට වෙන තැනකට ගිහින් තමන්ගේ MRP එක ලබා ගන්න පුළුවන්. ඇමසන් සේවකයන්ගේ MRP සාමාන්‍ය අගය තවත් අඩු වෙනවා. ඇමසන් එකට MRP වැඩි සේවකයන් අලුතෙන් බැඳෙන්නේ නැහැ. අලුතෙන් බඳවාගන්න පුළුවන් වෙන්නේ වෘත්තීය සමිතියේ ආවරණයෙන් යැපෙන්න කැමති අකාර්යක්ෂම සේවකයෝ.
මේ ටික වෙද්දී ප්‍රාග්ධනය පැත්තෙන් වෙන්නේ කුමක්ද? වෘත්තීය සමිති ප්‍රයත්නය සාර්ථක වෙන බව පෙනුනොත් මම වුනත් වහාම මගේ ඇමසන් කොටස් විකුණා දමනවා. ගොඩක් අය ඔය වැඩේ කරනවා. නමුත් JB වගේ ආරම්භක සාමාජිකයින්ට ආයතනය සමඟ යම් ආත්මීය බැඳීමක් තිබෙනවා. ඔවුන් තමන් කොටස් විකුණලා වෙන තැනක ආයෝජනය කරන්නේ නැහැ. ප්‍රාග්ධනය පිටතට ගලා යද්දී ඇමසන් කොටස් මිල පහත වැටෙනවා. JBගේ වත්කම් විශාල ලෙස අඩු වෙනවා. අපි හිතමු wL ඉහළ යාම නිසා ඇමසන් කොටස් වෙනුවෙන් ලැබෙන rK 20%කින් අඩු වුනා කියලා. කොටස් මිලද 20%කින් වැටුනට පස්සේ ප්‍රාග්ධන හිමියන්ගේ ලාබ ආන්තික නැවතත් පරණ මට්ටමටමට ඉහළ යනවා. එතැනින් එහාට කොටස් මිල වැටෙන්නේ නැහැ. අලුත් කොටස් හිමියෙකුට ප්‍රශ්නයක් නොවුනත් දැන් ඉන්න කොටස් හිමියන්ට පාඩුවක් වෙනවා. ඒ වගේම දැන් ඇමසන් ආයතනයේ සේවය කරන වෘත්තීය සමිතියක් අවශ්‍ය නොවූ සේවකයින්ටත් පාඩුවක් වෙනවා. ඒ කණ්ඩායම් දෙක වෘත්තීය සමිතියක් පිහිටුවීමේ උත්සාහයට විරුද්ධ වන්නේ ඒ නිසයි. වෘත්තීය සමිතියක් පිහිටුවීමෙන් පසුව අන්තිමේදී rK හා wL අතර අනුපාතය මුල් සමතුලිතතාවය කිට්ටුවටම එනවා. නමුත් Y අඩුවෙලා. කොටස් විකිණීම නිසා K අඩුවීම හා සේවකයින් ඉවත්ව යාම නිසා L අඩු වීම එයට හේතුවයි.
ඉකොනොමැට්ටා ලංකාවේ ආර්ථිකයේ ඇති අර්බුදය වගේම සෞඛ්‍ය අර්බුදය ගැනත් කෙටියෙන් යමක් පවසනවා නම් ඔබ දන්නවා ලංකාවේ වගේම ඉන්දියාවේත් කොරෝනා වෛරස් විරෝධී එන්නත්කරණයට භාවිතා කළේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත... මේක නිෂ්පාදනය කරලා බෙදාහැරීම ඉන්දීය බෙහෙත් කම්හල් වලින් සිදුවුනේ.
ReplyDeleteමේ වන විට ඉන්දියාවේ කොරෝනා වෛරස් පැතිර ගිය තත්වය ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැනේ.
ඔය අතරේ චීනය කොරෝනා මර්ධනයට භාවිතා කළේ චීනයේ නිෂ්පාදිත සිනෙෆාර්ම් එන්නත. චීනය අද කොරෝනාවෙන් සෑහෙන දුරකට නිදහස්. මේක වුණේ කොහොමද?
ඒ වගේම ඇස්ට්‍රාසෙනෙකා ලේ ගැටි ගැහෙන, වයස වුරුදු 30ට අඩු පුද්ගලයන්ට තහනම් කරපු, කොරෝනාවටත් වඩා භයානක එන්නතක් කියලා සමහර වාර්තා වල සඳහන් වෙනවා. මේක ඇත්ත ද?
ඔය අතරේ ලංකාවට සිනෙෆාර්ම් එන්නත් චීනෙන් ලැබුණා. හැබැයි ශ්‍රී ලංකාවේ සිනෙෆාර්ම් එන්නත ගෙනල්ලා එන්නත්කරණයට විරුද්ධව ජනතාව කුලප්පු කරන සංවිධානාත්මක දේශපාලන පක්ෂ හා සම්බන්ධ කණ්ඩායමක් ඉන්නවා.
ලංකාවේ හිටපු රාජිත සේනාරත්නගේ සමීපතමයකු වෙච්ච රසානායගාර සංගමයේ සභාපතියි කියන රවි කුමුදේශ් කියන සුලු සේවකයෙකු ඇතුලු පිරිස තමයි බොහෝ දුරට මේක මෙහෙයවන්නෙ.
සිනෙෆාර්ම් එන්නත ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට ඉඩ නොදීම පස්සේ ඉන්නේ ඉන්දීය තානාපති කාර්යාලය බවට ඇතැමුන් සඳහන් කරනවා. ඒ අය කියන විදියට ඔවුන් තමයි කුමුදේශ්ලගේ කැම්පේන් එකට ෆන්ඩ් කරන්නෙ.
ඇත්තටම මේ කියන කතාවක් සත්‍ය නම් රටේ ජීවිතත් එක්ක බාල දේශපාලනයක් කරන මේ වගේ නරුමයො මාධ්‍ය වීරයො වෙච්ච රටක නේද අපිට කොරෝනා වෛරස් මර්දනය ගැන කතා කරන්න වෙලා තියෙන්නේ?
ඇත්තටම කොරෝනාවෛරස් මර්දනය කරන්න අවශ්‍ය නම්, ඒකට අවශ්‍ය පියවර ගන්න අවශ්‍ය නම් මේ වගේ චරිත වල දැඩි සමාජ බලපෑම් පාලනය කිරීමට ප්‍රමුඛතාව දිය යුතුයි නේද? ආණ්ඩුවට බැරිද මේ එක එක විකාරකාරයින් අටවා ගත්ත වෘත්තීය සමිති කියන මගුල් රටට සෞඛ්‍ය උපදෙස් දීම නවත්තන්න? ඔවුන් තමන්ගේ වෘත්තීය අයිතීන් ඇරුනම අනිත් හැමදේම කතා කරනවා. මොන විකාරයක්ද?
මේවා වගකීමක් ඇතුව කතා කරන්න ඕනේ දේවල්. ලංකාවේ ඇතැම් ජනමාධ්‍යත් ගිහින් උන්ට මයික් අල්ලනවා. උදාහරණයක් විදියට ලංකාවේ වසංගත රෝග අධ්‍යක්ෂ කරන මාධ්‍ය නිවේදනයට පස්සේ අර PHI වෘත්තීය සංගමයේ ලොක්කා කියන ගස් බූරුවා බහුබූත කියවනවා. රට වහන්න. අපිට බෑ. අර එන්නත හොඳ නෑ. මේක හොඳ නෑ. පොල්තෙල් අපිත් බලනවා. මොකක්ද මේ වෙන්නේ? ඕනම දේක වගකීමක් තියෙන්න ඕන නේද? ජනතාවට මේ වගේ බලපාන වැදගත් දෙයක් කියද්දී වගකීමක් තියෙන්න ඕන.
වෘත්තීය සමිති ලියාපදිංචි කරන්න ඕන. සැලකිය යුතු පිරිසක් නැත්නම් අවලංගු වෙන විදිහට සහ අවලංගු වෙන අයගේ ප්‍රකාශ මාධ්‍ය වගකීම් විරහිතව මිනිස්සුන්ට කියන එක නවත්තන්න. නැත්නම් හැම එකාම තමන් වැඩෙන්න තාවකාලික ජනප්‍රියත්වයක් ලබාගන්න ඕනෑම බලු වැඩක් කරනවා. මේ වෘත්තීය සමිති සියල්ලේම ඉන්න ආත්මාර්ථකාමීන් ඔක්කොම වගේ එකයි කියලා තමයි මට හිතෙන්නේ. මේ ගැන ඔබේ අදහස මොකක්ද?
ඉකොනොමැට්ටා,
ReplyDeleteමේ මාතෘකාවට අදාල නැති නමුත් තවත් වැදගත් කරුණක් තමයි ඉන්දියාවේ මේ වන විට සීග්‍රයෙන් පැතිර යන කොරෝනා රැල්ල හේතුවෙන් ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට බලපෑම් එල්ල වෙමින් තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණු කාරණාව.
ඇත්තටම ලංකාවේ පිටකොටුවේ විදේශ ආනයන වලින් 95% කට වඩා කරන විශාලතම ආනයන සංගමය වූ දමිළ සහ මහමදික ආනනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ ලංකාවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් (97% කට වඩා) ආනයනය කරන්නේ ඉන්දියාවෙන් බවයි. පරිප්පු, කඩල, කොත්තමල්ලි ආදී ලංකාවෙ නොවැවෙන දේ රාශියක් මේ අතර තිබෙන නමුත් වර්තමාන උග්‍ර සිංහල ජාතිවාදීන් විසින් මෙහෙයවනු ලබන දූෂිත නන්දසේන රාජපක්ෂ ආණ්ඩුව ලංකාවෙ වැවිය හැකි බව පැවසෙන ආහාර ද්‍රව්‍ය 3,600 කට වඩා ආනයනය තහනම් කිරීම නිසා මේ ආනයන කරුවන් වසර එක හමාරක් පමණ තිස්සේ බෙහෙවින් අසරණ වෙලා තියෙන්නේ.
ඉන්දියාවේ මේ වන විට පවතින උග්‍ර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එම භාණ්ඩ පැටවීම ගොඩ බෑම සඳහා ශ‍්‍රමිකයන් සොයා ගැනීම, වගා කරුවන්ට ශ්‍රමිකයන් හොයා ගන්න බැරි වීම, ප්‍රවාහන සේවා බිඳ වැටීම ඇතුළු අභියෝග ගණනාවක් එල්ල වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි පැවසෙන්නේ.
අනික් පැත්තෙන් ලංකාවට පහුගිය දශකය තුල සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෛනිකව බහාලුම් එක්දහස් අටසිය ගණනක් පමණ ආනයනය කිරීම සිදුවුණ නමුත් කොරෝනා දඩමීමා කරගනිමින් ආනයන තහනම් කර සීමා කර තිබීම නිසා එම ආනයන බහාලුම් ගණන දිනකට හාරසියයක් පමණ දක්වා අඩුවෙන් ලංකාවට ගෙන්වනු ලබන නමුත් දැන් මෙයටත් දැඩි ලෙස බලපෑමක් ඇතිවී තිබෙනවා.
මේ තත්ත්වය මත ලංකාවේ ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමේ ප‍්‍රවණතාවක්ද මතුවී තිබේ. මේ අතර ආණ්ඩුවේ හෙංචයියන් කියන්නේ නන්දසේන ජනපතිවරයා කහ, මුංඇට, කව්පී, සහල්, උඳු, තල ඇතුළු ආනයන ද්‍රව්‍ය තහනම් කර සීමා කර ලංකාවේ වැවීමටත් අණ කර තිබීම නිසා දේශීය ආහාර නිෂ්පාදනයේ වර්ධනය හේතුවෙන් මේ ප්‍රශ්නයේ බලපෑම් බොහෝ දුරට අවම කර ගැනීමට හැකි වූ බවයි. මේකේ ඇත්ත තත්ත්වය කොහොමද? මම හිතන්නේ මේ වගේ යල් පැනගිය ආර්ථික ප්‍රතිපත්ති සාර්ථක නොවන බවයි. මේ නිසා ලංකාවෙ උද්ධමනය ඉහළ ගොස් ජනතාවට මහත් දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු වන බව ඉතාමත් කණගාටුවෙන් වුවත් සිදුවන බවත් පැහැදිලියි. මේ ගැන ආර්ථික විද්‍යාව අනුව යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද?
ඉකොනොමැට්ටා,
ReplyDeleteමේ පෝස්ට් එකේ මාතෘකාවට අදාල නැති නමුත් ඔබ ඇමරිකාවේ සිටින වෘත්තීය උපදේශකයෙක් ලෙස ඔබෙන් මෙය දැන ගැනීමට කැමැත්තෙමි.
සාමාන්‍යයෙන් වාහන වල සිසිලන පද්ධතිය සඳහා භාවිතා කරන කූලන්ට්/ ඇන්ට්ෆ්‍රීස් විවිධ වර්ණයන්ගෙන් යුක්ත ඇයි?
ලංකාවේ බොහෝ දෙනෙක් කූලන්ට් එක එක පාටින් තියෙන්නේ ඇයි කියලා දන්නේ නැහැ. ඒවා එකින් එකට මිශ්‍ර කලාම ප්‍රශ්ණයක් නැද්ද? පරණ වාහනවලට වතුර වෙනුවට කූලන්ට් දාන්න හොඳයිද?
මේ ගැන අන්තර්ජාලයෙන් දීර්ඝ වශයෙන් සොයා බැලූ විට දැනගැනීමට තියෙන දේ තමයි යම් යම් රසායනික හේතූන් නිසා සහ කූලන්ට් නිෂ්පාදනයේ දී ඒ සඳහා භාවිතා කරලා තියෙන දේ අනුව කූලන්ට්/ඇන්ටිෆ්‍රීස් විවිධ වර්ණයන්ගෙන් යුක්ත වන බව. ඒ වගේම විවිධ වෙළඳ නාමයන්ගෙන් ඇති කූලන්ට් සඳහා විවිධ වර්ණයන් භාවිතා කරනවා. ඒ අනුව රෝස, තැඹිලි, නිල් සහ කොළ පැහැති වර්ණයෙන් යුත් කූලන්ට් එකිනෙකට වෙනස් වන්නේ කොහොමද?
තව රථයක නිවැරදි කූලන්ට් ද්‍රාවණයක් තිබීමට වගබලා ගැනීම වැදගත් වන නිසා විවිධ වර්ණයන්ගෙන් ඇති කූලන්ට් වල විවිධ වෙනස්කම් පිළිබඳව යම් අවබෝධයක් තිබීම වැදගත් වෙනවා නේද?
වාහනවල එන්ජිමේ කොටස් සහ සිසිලන පද්ධතියේ ලෝහමය කොටස් විඛාදනය වැළැක්වීම සඳහා කූලන්ට් සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය සහ වර්ණය අනුව භාවිතා කරන කූලන්ට් වර්ගය ගැන බොහෝ දේ පැවසිය හැකි නමුත් කූලන්ට් ප්‍රධාන වර්ග 3 කට බෙදා දක්වන්න පුලුවන්.
• අකාබනික අතිරේක තාක්ෂණය(Inorganic Additive Technology-IAT)
පැරණි මෝටර් රථ සඳහා භාවිතා කරන IAT කූලන්ට් සාමාන්‍යයෙන් ලා නිල් හෝ ලා කොළ පැහැති වර්ණයෙන් යුක්ත වන අතර රේඩියේටර් සහ එන්ජින් විඛාදනය වලකන සිලිකේට් සහ පොස්පේට් අඩංගු රසායනික සංයෝග භාවිතා කරලා නිපදවනවා. සාමාන්‍යයෙන් මේ වර්ගයේ කූලන්ට් සෑම වසර දෙකකට වරක් හෝ සෑම කි.මී 50,000 කටවරක් මාරැ කිරීමට නිර්දේශ කරන අතර 1990 මැද භාගයක කලින් භාවිතා වූණු පැරණි මෝටර් රථ සඳහා මේ වර්ගයේ කූලන්ට් භාවිතා භාවිතා කිරීම දකින්න පුලුවන්. උදාහරණ ලෙස 1920-1990 අතර කාලයේ GM, Ford, Chrysler වැනි පරණි මෝටර් රථ දක්වන්න පුලුවන්.
• කාබනික ඇසිඩ් තාක්ෂණය(Organic Acid Technology-OAT)
අද පවතින බොහෝ මෝටර් රථ සඳහා OAT කූලන්ට් භාවිතා කිරීම දකින් පුලුවන් අතර ඒ සඳහා සිලිකේට් හෝ පොස්පේට් අන්තර්ගත කරලා නැහැ.නමුත් විඛාදන වලකන ද්‍රව්‍ය සහ මලකඩ නොකන ද්‍රව්‍ය අඩංගු කර නිපදවන අතර ඒ මගින් සිසිලන පද්ධති සඳහා වඩා හොඳ ආරක්ෂාවක් සහ කූලන්ට් වල ආයු කාලය දීර්ඝ කිරීමේ හැකියාව ද තියෙනවා.මේ වර්ගයේ කූලන්ට් සෑම වසර 5 කට වරක හෝ කි.මී 150,000 කින් මාරැ කිරීමට නිර්දේශ කරන අතර සාමාන්‍යයෙන් තැඹිලි,තද කොළ හෝ රෝස පැහැති වර්ණයෙන් යුක්ත වන සාමාන්‍යයෙන් මේ වර්ගයේ කූලන්ට් GM,VW/AudI,Honda,Nissan සහ Toyota වැනි තවත් බොහෝ මෝටර් රථ සඳහා භාවිතා කරනවා.
• අනෙක් වර්ගය තමයි හයිබ්‍රිඩ් කාබනික ඇසිඩ් තාක්ෂණය (Hybrid Organic Acid Technology-HOAT)
HOAT කූලන්ට් අතිරේක දිගුකාලීන කූලන්ට් (Extended Life Coolants-ELC) වර්ගයක් වන අතර සාමාන්‍යයෙන් තද තැඹිලි හෝ කහ පැහැති වර්ණයෙන් යුක්ත වෙනවා. මේ වර්ගයේ කූලන්ට් වල ඇලුමිනියම් ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා සිලිකේට් ද, විඛාදනය සහ මලකඩ ඇතිවීම වලක්වන අතිරේක ද අන්තර්ගත කරලා තියෙන අතර නිර්දේශිත කූලන්ට් මාරැ කිරීම් කාලය වසර පහක් හෝ කි.මී 150,000 කි. මේ HOAT කූලන්ට් IAT සහ OAT කූලන්ට් රසායනික ද්‍රව්‍ය වල සංකලනයක් විය හැකි එබැවින් ඒවා හයිබ්‍රිඩ් කූලන්ට් යනුවෙන් ද හඳුන්වනවා. ඒ වගේම OAT රසායනික සංයුතිය මත පමණක් පදනම් වූ නවීන කූලන්ට් වසර 7-10 හෝ කි.මී 250,000 ක් දක්වා සුපිරි විඛාදන ආරක්ෂාවක් ලබාදීමේ හැකියාවකින් ද යුක්තයි.
මේ නිසා යම් කූලන්ට් නිෂ්පාදකයෙකු කූලන්ට් සඳහා යම් වර්ණයක් භාවිතා කිරීමට සැබෑ හේතුවක් නැති අතර එය නිල්, කොළ, කහ, තැඹිලි හෝ රෝස යන වර්ණයන් අනුව එහි අඩංගු රසායනික ද්‍රව්‍ය දැන ගැනීම පහසු නැති නිසා එය ටිකක් අවුල් සහගත තත්වයක් වෙනවා. ඒ නිසා නව මෝටර් රථයක බොනට්ටුව විවෘත කර කූලන්ට් වර්ණය දෙස බලා ඒ ගැන අදහසක් ලබාගන්න බැහැ. ඒ හා සමානවම පාවිච්චි කරන ලද මෝටර් රථයක් මිලට ගන්න යනවා නම් එහි ඇති කූලන්ට් වල වර්ණය දෙස බලා එය මාරැ කිරීමට අවශ්‍ය වන්නේ මොන අවස්ථාවේද යන්න පිලබඳව ද අපට අදහසක් ලබා ගන්න බැහැ.
උදාරණයක් ලෙස අප පාවිච්චි කරන ලද මෝටර් රථයක් මිල දී ගත්තේ නම් සහ එහි රෝස පැහැති වර්ණයෙන් යුතු කූලන්ට් දක්නට ලැබේ නම් සහ පසුගිය වසර දෙක ඇතුළත එය කූලන්ට් සේවාවක් ඇති බව සේවා වාර්තාවෙන් ඔබට දැක ගත හැකි නම් සහ එය ආෆ්ටර් මාර්කට් හෝ OEM විශේෂිතද කූලන්ට් වර්ගයක්ද? එය තවත් අවුරුදු දෙකක් හෝ ඊට වැඩි කාලයක් පවතින්නේද? යන්න ගැටලු සහගත නම් සහ එම මෝටර් රථයේ ඇති කූලන්ට් පිලිබඳ අවබෝධයක් නොමැති නම් හොඳම දේ වෙන්නේ නැවත කූලන්ට් සර්විස්/ෆ්ලෂ් එකක් කර එය සඳහා නිර්දේශිත නිවැරදි කූලන්ට් වර්ගයක් භාවිතා කිරීම නේද?
ඔය කරුණු නිසා වාහනේ සඳහා නිශ්චිත කූලන්ට් වර්ණයකින් යුක්ත නම්/නිර්දේශ කරලා තියෙනවා නම් එය වෙනස් නොකළ යුතු බව මට හිතෙනවා. OAT කූලනට් ඒ සඳහා නිර්මාණය කර ඇති සිසිලන පද්ධතිවල එය විශිෂ්ඨ ලෙස ක්‍රියා කරන නමුත් OAT කූලන්ට් පැරණි ආකාරයේ ඊයම් පෑස්සුම් සහිත පැරණි රේඩියේටර් දුර්වල කරන අතර එය ක්‍රමක්‍රමයෙන් රේඩියේටරයේ අභ්‍යන්තරයේ සිට පිටතට ආක්‍රමණයකර විනාශ කරන දමන බව ලංකාවේ වාහන කාර්මිකයින් කියන්නේ. ඒ වගේම විඛාදනයෙන් ආරක්ෂා කිරීම සඳහා ඉතා සෙමින් ක්‍රියාකරයි. කෙසේ වෙතත් මෙය එක රැයකින් සිදු නොවන අතර ඒ සඳහා රේඩියේටරයට හානි වන තුරු යම් කාලයක් ගත විය හැකි නිසා අප මතක තබා ගැනීමට වැදගත් වන්නේ සාම්ප්‍රදායික කූලන්ට් හා OAT කූලන්ට් වර්ගයන් එකින් එකට මිශ්‍ර නොකල යුතු බව නේද?
Deleteඅපේ වාහනේ අනෙකුත් වර්ගයේ කූලන්ට් සමඟ මිශ්‍ර වීමට විශේෂයෙන් නිර්මාණය කර නොමැති නම්, ඒවා එකින් එකට මිශ්‍ර නොකරන එක තමයි හොඳම දේ. එය දිගුකාලීනව වාහනේ සිසිලන පද්ධතිය විනාශ කිරීමට හැකි නිසා සහ සුලු වරදක් නිසා ඉතා මිල අධික අලුත්වැඩියාවක් විය හැකියි නේද?
ඕව්නර්ස් මැනුඅල් අත්පොතේහි සඳහන් කර ඇති පරිදි සිසිලන පද්ධතියේ ධාරිතාව කෙරෙහි අවධානය යොමු කර නිසි කූලන්ට් මට්ටමික් පවත්වාගෙන යාම වැදගත් වන නිසා සැලසුම් කර ඇති ධාරිතාවයට වඩා කූලන්ට් අඩු වීම සිසලන කාර්‍යයක්ෂමතාව අඩු වීමට හා එන්ජින් ඕවර්හීට් වීමට හේතු විය හැකි බව පේනවා.
එකිනෙකට වෙනස් කූලන්ට් මිශ්‍ර කිරීමෙන් ඒවායේ ප්‍රතිලාභ වැඩි දියුණු නොවන අතර උදාහරණයක් ලෙස OAT / HOAT කූලන්ට් IAT කූලන්ට් සඳහා එකතු කිරීම මගින් IAT කූලන්ට් වලට දිගු ආයු කාලයක් ලබා දෙන්නේ නැහැ. ඒ මගින් OAT / HOAT ඇති ප්‍රතිලාභ නැතිවී යන අතර මිශ්‍ර කළ මිශ්‍රණය සමහර අවස්ථාවල දී උපරිම වශයෙන් වසර 2 ක් හෝ ඊට අඩු කාලයක් දක්වා හොඳ විය හැකි අතර එකින් එකට වෙනස් කූලන්ට් මිශ්‍ර කිරීමෙන් රේඩියේටරය තුල කූලන්ට් ජෙලි බවට පත්වීම වැනි අවාසනාවන්ත තත්වන් ඇති විය හැකි බව කාර්මිකයින් පවසන්නේ.
වාහනේ කූලන්ට් භාවිතා කිරීමට සූදානම් කරන්නේ කොහොමද?
මම දන්න තරමින් කූලන්ට් සඳහා සාන්ද්‍රණ ගත සූත්‍රයක් ඇති අතර, එය නියමිත ලෙස ක්‍රියා කිරීම සඳහා 50:50 අනුපාතයට ජලය සමඟ මිශ්‍රකළ නොහැකි නම් කලින් මිශ්‍රකරන (Pre mixed)ලද කූලන්ට් වර්ගද මිළ දී ගැනීමට ඇති අතර ඒවා කෙලින්ම යෙදිය හැකියි. සමහර කූලන්ට් නළ ජලයේ ඇති ක්ලෝරයිඩ් හා ඝනත්වය සමඟ ක්‍රියා කිරීමට හැකි වුවද, මළකඩ ආදියෙන් දූෂිත වී ඇති විට ජල මට්ටම අඩු කිරීම සඳහා ආස්‍රෘත ජලය භාවිතා කිරීම සඳහා පරිශීලකයින්ට උපදෙස් දෙනු ලබන අතර ක්ලෝරීන් අඩංගු නළ ජලය නිසා රේඩියේටර්යේ සිසිලන කාර්‍ය්‍යක්ෂමතාව අඩු කීරීමට සහ එහි පරිමාව අඩු කිරීමට හේතුවන තැන්පතු ඇති කරන මැග්නීසියම්, කැල්සියම් හා තද අයන් අඩංගු විය හැකි බව සමහරු කියනවා. එසේම විඛාදනය විය හැකි ක්ලෝරයිඩ ද අඩංගු විය හැකි බවයි කියන්නේ.
ඒ වගේම කූලන්ට් සහ ආස්‍රෘත ජලය එකට මිශ්‍ර කරන විට විශේෂතා මත පදනම්ව කූලන්ට් බෝතලය/කෑන් මත සඳහන් කර ඇති ප්‍රතිශතය ප්‍රවේශමෙන් අනුගමනය කරන්න අවශ්‍යයි නේද?(නිදසුනක් වශයෙන් ඇමරිකාවේ වගේ ශීත ඍතුවල නම්, බොහෝ විට 40% ආස්‍රෘත ජලය සමග 60% කූලන්ට් නිර්දේශ මිශ්‍ර කිරීම නිර්දේශ කරන්න කියලා උපදෙස් දෙනවා)
වාහනේ කූලන්ට් ද්‍රාවණය නැවත පිරවීම් කිරීමට හෝ මාරැ කිරීමට තීරණය කරන විට එම වර්ණයම සහිත කූලන්ට් හෝ වාහන වර්ගයේ වෙනත් වර්ණවල කූලන්ට් සමග අනුකූල වන බවට වග බලා ගන්න ඕන නේද? (ඕව්නර්ස් මැනූඅල් බලන්න ඕන).
වාහනේ කූලන්ට් මාරු කරන විට සම්පූර්ණයෙන්ම කූලන්ට් සියල්ලම ඉවත් කර ජලය/ආස්‍රෘත ජලය හෝ කූලින් සිස්ම් ක්ලීනින්/ෆ්ලෂ් සමග නැවත පුරවා එන්ජිම ක්‍රියාත්මක කර එය සම්පුර්ණයෙන් සංසරණය වූ පසු නැවත ඉවත් කරන්න ඕන. හොඳම ප්‍රතිඵල සඳහා මෙය 2-3 වතාවක් කළ යුතුය. මේ මගින් සිසිලන පද්ධතියේ ගැඹුරුම කොටස්, අහුමුලු හා සිදුරැවල පවා ඇති ඇති පැරණි තැන්පතු ඉවත් කර ගැනීමට උපකාරී වන බවයි පැවසෙන්නේ මේක ඇත්ත ද?
ඉහතින් ඇති ඉඟි භාවිතා කරමින් නව කූලන්ට් එකතු කරන එක ගැන හිතන්නේ මොකද?
මීට අමතරව ජලය/ආස්‍රෘත ජලය සහ කූලන්ට් මිශ්‍ර කිරීම සඳහා අවම වශයෙන් 50:50 අනුපාතයවත් අනුගමනය කරන එක ලංකාවට ගැලපෙනවාද?
විශිෂ්ඨතම මිශ්‍රණයක් සකස් කිරීම සඳහා කූලන්ට් පිළිබඳ මෙවැනි උපදෙස් අනුගමනය කළත් ජලයට වඩා වැඩි පුර කූලන්ට් එකතු කිරීම යථාර්ථයේ දී කූලන්ට් වල කාර්‍ය්‍යක්ෂමතාව අඩු කරන බව කියන්නේ ඇත්ත ද?
මේ වගේම නිතර භාවිතා නොකරන මෝටර් රථයක් නම් තැන්පතු අවදානම අඩු කිරීම හා ආරක්ෂණ මට්ටම් ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා සෑම දින 30 කට වරක් වත් කූලන්ට් හොඳින් රත්වී සංසරණය වීම සඳහා එන්ජිම ක්‍රියාත්මක කරවන්න ඕන ද?
මෙය සියලුම කූලන්ට් වර්ග සඳහා අදාළද?
මේ ක්ෂුද්‍ර මූල්‍ය (Micro finance) ණය ගැටලුව ලංකාවේ ග්‍රාමීය මට්ටමින් සෑහෙන ප්‍රශ්නයක් වී තියෙන කාරණාවක්... මේ ප්‍රශ්නය විසඳා ගැනීමට මොන වගේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට පුළුවන් වේවි ද?
ReplyDeletehttps://www.facebook.com/101097068638069/posts/145279997553109/?app=fbl
මේ වගේම තවත් ප්‍රශ්නයක් තමයි ලංකාවේ බොහෝ වෘත්තිකයන්, ධනවත් ව්‍යාපාරිකයන්ගේ දරුවන්, ධනවත් ක්‍රිකට් ක්‍රීඩකයන් වගේ බොහෝ පිරිසක් ලංකාව හැර දමා ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, යුරෝපීය රටවල් වැනි රටවලට සංක්‍රමණය වීම නිසා ලංකාවේ ධනය විශාල ප්‍රමාණයක් රටින් පිටතට ගලා යාම. ඒ වගේම මේ අය සඳහා රජය විසින් වියදම් කරන ලද අති විශාල Human Capital මානව ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ සියල්ල කිසිම වියදමක් නැතුව වෙනත් රටවල් ලබාගනිද්දී ලංකාවට එය utter waste එකක් බවට පත්ව තියෙනවා. මෙසේ යන බොහෝ දෙනා (අති බහුතරය) ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය දැනුම සහ හැකියාවන් රහිත මුදල් පමණක් ඇති අය වුණත් දැනුම හැකියා සහිත තැනැත්තන් විශාල සංඛ්‍යාවක් ද විගමනය කිරීම human capital flight එකක් ලෙස ලංකාවට පාඩුයි නේද?
මේ වගේම වඩාත් ඉහළ ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සහතික වන්නේනම් ලංකාවේ අධ්‍යාපනය ලබාගැනීම සඳහා විදෙස් සිසුන්ද ආකර්ෂණය කරගත හැකි බවද ලංකාවේ ජනපතිවරයා පවසන අතර නිදහස් අධ්‍යාපනය සුරක්‍ෂිත කරනවා මෙන්ම දරුවන්ට මුදල්ගෙවා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමේ පහසුකම් පුළුල් කිරීමෙන් විදේශ විනිමය උපයාගත හැකි බවද ජනාධිපතිවරයා හිතනවා. මීට පෙර ජනපති මෛත්‍රිපාල 2015 දී පත්වෙලා පිටරටවල වැඩ කරන බුද්ධිමතුන්ට ලංකාවට එන්න කියල ආරාධනා කළා. එත් ඔහුට කිසිම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ආවනම් මිනිස්සු අනාථ වෙනවා. වර්තමානයේ ජනපතිවරයාට යම් වැඩපිළිවෙලක් තියෙනවා කියලා පේනවා. එත් මිනිස්සුන්ගේ ඇගට දැනෙන වෙනසක් වෙනකම් වෙනකම් ලංකාවට එහෙම එන්නේ නැහැ. ලංකාවේ නම් සාමාන්‍ය පෙළ ඉවර උන ගමන් හරි උසස් පෙළ කරගෙන යන ගමන් බොහොමයක් සිසුන් විදේශ ගත වෙනවා. මේකට හේතුව උසස් අධ්‍යාපනය ගැන ඔවුන්ට හෝ දෙමවුපියන්ට කිසිම විශ්වාසයක් නැතිකම. අනික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල ඇතුළුව කරගෙන යන පාඨමාලා අද කාලේ අවශ්‍යතා අනුව යාවත්කාලීන වීමක් වුණේ හිමින්. පරණ සිලබස් කළා ප්‍රැක්ටිකල් හෝ කාලීන අවශ්‍යතා ගැන අවධානයක් නැතුව. මේ හැම දෙයක්ම වෙනස් වෙමින් පවතින බව පේනවා නමුත් තවත් වේගවත් වෙන්න ඕන නේද?
//මේ ක්ෂුද්‍ර මූල්‍ය (Micro finance) ණය ගැටලුව ලංකාවේ ග්‍රාමීය මට්ටමින් සෑහෙන ප්‍රශ්නයක් වී තියෙන කාරණාවක්... මේ ප්‍රශ්නය විසඳා ගැනීමට මොන වගේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට පුළුවන් වේවි ද?//
Deleteමැතිවරණ කාලයේ දේශපාලනඥයින් විසින් දෙන ඡන්ද පොරොන්දු වලට මිනිස්සු රැවටෙනවානම් ඒකට දිගුකාලීන විසඳුම තව තව රැවටිලා ඇණගෙන කවදා හරි ඇත්ත තේරුම් ගන්න ඉඩ අරින එකයි. තේරුම් ගන්න තිබෙන ඇත්ත කුමක්ද? තමන්ගේ හිසට සෙවනැල්ල තමන්ගේම අත බව හා රජය කියන්නේ සූරාකන උපකරණයක් පමණක් බව.
ග්‍රාමීය ණය ප්‍රශ්නයට ආවොත්, ණය ගත්තොත් ගෙවන්න වෙන බව මිනිස්සු දැනගත යුතුයි. ණය කපා හරින එකෙන් වෙන්නේ ඔය වැඩේ දිගින් දිගටම කරන්න පෙළඹවීමක් කරන එක. ශීතකරණ වගේ පාරිභෝගික භාණ්ඩ ණයට අරගෙන ඒ ණය ගෙවන්න ආදායමක් එන්නේ නැහැනේ. ඉතා කලාතුරකින් ශීතකරණය යොදාගෙන ස්වයං රැකියාවක් කරනවානම් හැර. ණය ගිවිසුම අනුව ණය නොගෙවුවොත් ශීතකරණය ගෙනියන්න පුලුවන්නම් ඒක එච්චරයි. ආයේ රජය මැදිහත් විය යුතු ප්‍රශ්නයක් ඔතැන නැහැ. අනිත් එක ණයට ශීතකරණයක් ගත් පවුලකට ශීතකරණය නැති වෙනවා කියන්නේ මහා ලොකු සමාජ ප්‍රශ්නයක් නෙමෙයිනේ.
අනෙක් අතට ශීතකරණය ගෙනියන එක ගිවිසුමේ නැති බලහත්කාරයක්නම් රජය එය වැළැක්විය යුතුයි. ණය දෙන කෙනෙක් එය කළ යුත්තේ ණය ආපසු නොලැබීමේ අවදානම අරගෙන. ඒ නිසා ණය ආපසු නොලැබුණා කියා රජය ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතු නැහැ. ණය හෝ ශීතකරණයක් වැනි වෙනත් collateral එකක් ලබාගත නොහැකිනම් පාඩුව අදාළ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමට විඳ දරා ගන්න ඉඩ ඇරිය යුතුයි.
ණය ගෙවන්න බැරි වුනේ කෝවිඩ් නිසා ඇති වූ විශේෂ තත්ත්වයක් නිසානම් රජය මැදිහත් වීමක් කළාට කමක් නැහැ. දිගින් දිගටම නොකරන මේ වෙලාවේ පමණක් ලබා දෙන කෝවිඩ් සහනයක් විදිහට කොහොමටත් අච්චු ගහන සල්ලි වලින් ණය හෝ ණය වලින් කොටසක් පියවලා දමන්නයි තියෙන්නේ.
එහෙම නෙවෙයි ඉකොනොමැට්ටා, ලංකාවේ 2015 - 16 ගම්පෙරළිය vision 2025 දස අවුරුදු ආර්ථික සංවර්ධන සැලැස්ම අනුව ලංකාවෙ ග්‍රාමීය ආර්ථික නඟා සිටුවීමේදී සිය ව්‍යාපාර කටයුතු ස්ථාවර කර ගැනීම සඳහා යම් ක්ෂුද්‍ර මූල්‍ය ආධාරයක සැබෑ අවශ්‍යතාවක් ඇති අයට සහ ඉතා අසීරුවට පත්වසිටින ව්‍යවසායකයින්ට උපකාර කිරීමේ ඉතාමත් යහපත් අරමුණින් තමයි මයික්‍රෝ ෆිනෑන්ස් (Micro Finance) හෙවත් ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමය මුලින් හඳුන්වා දෙනු ලැබුවේ 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පණත් (ක්ෂුද්‍රමූල්‍ය පණත) පාර්ලිමේන්තුව මගින් අනුමැතිය ලබා දී 2016 ජූලි මස 15 දින සිට එය බලාත්මක කළා.
Deleteනමුත් අද වන විට එය කොතරම් ඵලදායී වුණා ද කියලා නැවත සමාලෝචනය කිරීමට අවශ්‍යයි.
ලංකාවේ සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේ මෙම ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් අද වන විට අති මහත් ලාභ ඉපයීම සඳහාම පමණක් පවත්වාගෙන යන ගිනි පොලී ව්‍යාපාර බවට පත්වූ නිසා.
ඒ සාමාන්‍ය ජනයාට දැරිය නොහැකි පොලී අනුපාත, වෘත්තීයමය නොවන ණය දීමේ ක්‍රියාවලීන්, ණය එකතු කරන්නන්ගේ අමානුෂික හා අසංවේදී හැසිරීම්, ණය භාවිතය පිළිබඳ පසු විපරම් නොකිරීම, රජයේ නිසි අධීක්ෂණයක් හෝ නියාමනයක් නොවීම වගේ දේවල් ගොඩක් ලංකාවේ 'ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට' අදාළ ගැටලු තියෙනවා.
නිසි නියාමනයකට ලක් නොවූ මෙවැනි ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල අනිසි ක්‍රියාකාරකම් ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් ලාභීන් මත අහිතකර බලපෑමක් ඇතිකර අඩු ආදායම්ලාභීන් සහ දිළිඳු පුද්ගලයින් දරිද්‍රතා චක්‍රය තුළම රැඳී සිටීමට මගපාදමින් රටේ ආර්ථික දියුණුවට අහිතකර ලෙස බලපාන බව ශ්‍රී ලංකා මහ බැංකුවද මාධ්‍ය නිවේදන නිකුත් කර තිබෙනවා.
මේ වගේ ජල්තර නිසා ක්ෂුද්‍ර ණය ගනුදෙනුකරුවන් තුළ නියාමනයකට ලක් වූ අංශ ද ඇතුළත්ව සම්පූර්ණ මූල්‍ය අංශය පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටෙන බවත් පාරිභෝගික විශ්වාසය බිඳවැටීම තුළින් මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වාගැනීම කෙරේ අහිතකරව බලපාන බවත් එයින් ලංකාව තුළ ඉහත කී නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත වන ආයතන නියාමනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව මහා බැංකුවේ අදහසයි.
කොටින්ම ණය ගෙවන්න බැරිනම් ඇයි ගන්නේ කියන්න පුළුවන් එත් අපි කියන්නේ ණය දෙනකොට ඒ ණය ගෙවන්න පුලුවන්ද කියන ඇගයීමක් කරලා තමයි ණය දෙන්න ඕන. ණය දීමම තමයි පළමුවන වැරැද්ද නැතිව මේ "ණය ගත්තේ ඇයි?" නෙමෙයි.
මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නම් බංග්ලාදේශයේ සුප්‍රකට මුහම්මද් යූනුස් (Muhammad Yunus) ගේ ක්ෂුද්‍ර මූල්‍ය ලබාදෙනු ලබන ක‍්‍රමවේද ගණනාවක් අතුරින් ග‍්‍රාමීන් (Grameen) යන ක‍්‍රමවේදය ගැන හිතන්නේ මොකද? ඒ සඳහා ඔහුට 2006 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය ලැබීමත් 1947 දී වොෂින්ටන් හිදී ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධව පැවති ජාත්‍යන්තර සමුළුවේදී මුහම්මද් යූනුස් විසින් ඔහුගේ ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පයේ (ග‍්‍රාමීන්) අරමුණ පැහැදිලි කළේ මෙම සංකල්පයේ අරමුණ ”දුප්පත්කම කෞතුකාගාරයට යැවීම” බවයි. මේ සංකල්පය යොදා ගෙන ලංකාවේ ආණ්ඩු 2016 පමණ පෞද්ගලික මූල්‍ය සේවා ව්‍යාපාර හරහා යම් කිසි වැඩ සටහන් ආරම්භ කළා.
ඒත් අද වන විට ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය ගතහොත් ඒ අරමුණ ඉෂ්ට වී ඇති බවක් ප‍්‍රකාශ කිරීමට හැකියාවක් නැහැ.
එසේම ඉහත සමුළුවේදී ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධව ප‍්‍රධාන මාතෘකා හතරක් යටතේ කතාබහට ලක්විය. එම මාතෘකා හතර මෙසේය.
1. දුප්පතුන්ගෙන් දුප්පතුන්ට ළඟාවීම
2. කාන්තාවන් බලගැන්වීම
3. ස්වයංපෝෂිත ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් පිහිටුවීම
4. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගන්නා පවුල්වල සාමාජිකයින්ට ධනාත්මක බලපෑමක් එල්ල කිරීම.
නමුත් මේ අරමුණු හතර අතුරින් ලංකාවේ ඉතා හොඳින් ඉටු වී ඇත්තේ තුන්වැනි කාරණය වන ස්වයංපෝෂිත මූල්‍ය සමාගම් පිහිටුවීම පමණයි.
මෑතකදී ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශ් වල වික‍්‍රම් අකුලා නමැත්තා විසින් ආරම්භ කරපු SKS නමැති සමාගම හරහා ඉතා විශාල වශයෙන් ලබා දුන් ක්ෂුද්‍ර මූල්‍ය ණය හරහා දැනට ලංකාවේ පවතින අර්බුදය වැනි ඉතා බරපතල අර්බුදයක් මතු වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස මිනිස්සු ඉතා විශාල ප‍්‍රමාණයක් සියදිවි නසා ගත්තා. ආන්ද්‍රා ප‍්‍රදේශයේ මෙම සිදුවීම වාර්තා වූ වහාම ඉතා ඉක්මනින් ඉන්දියානු රජය විසින් මෙම SKS සමාගම රජය වෙත පවරා ගෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා උපරිම පොලී අනුපාතයක් හඳුන්වා දෙමින් එක් පවුලකට ලබාගත හැකි උපරිම ණය ප‍්‍රමාණයක් ද නියම කළා.
බංග්ලාදේශයේ ආචාර්ය මුහම්මද් යූනුස් විසින් 1983දී ග‍්‍රාමීන් සංකල්පය හඳුන්වා දීමට සෑහෙන කාලෙකට පෙර ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක‍්‍රමය ක‍්‍රියාත්මක වුණා.
Deleteඒ 1911 දී සමූපකාර ණයදෙන සමිති හරහා ක්ෂුද්‍ර මූල්‍ය සේවාව ලංකාවට හඳුන්වා දීමෙන්පසු 1942 වනවිට විට සමුපාකාර ණය සමිති යොදාගනු ලබන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ උග්‍ර ආහාර අර්බුදය සමග ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට. එහිදී කෘෂිකර්මාන්තය නගා සිටුවීමට 1942 දී මෙම ණය සමිති යොදා ගත්තා. 1964 දී සමුපකාර ග‍්‍රාමීය බැංකු පිහිටුවීමත් 1986 දී ප‍්‍රාදේශීය සංවර්ධන බැංකු පිහිටුවීමත් එක්ක මේවායින් ඉලක්ක කළේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක‍්‍රමයයි.
ඒ ලංකාවේ 1986 දී පළවෙනි රාජ්‍ය නොවන සංවිධානය ක්ෂුද්‍ර මූල්‍ය සේවාවන් ලබාදීම ආරම්භ කළේ සර්වෝදය ආයතනයෙන්. 1991 දී ජනසවිය ට‍්‍රස්ට් සුළු ගොවීන්ට ණය ලබා දීමේ ක‍්‍රමය හඳුන්වා දෙමින් ජනසවිය ට‍්‍රස්ට් නැවත National Development Trust යනුවෙන් නම් කරතත් ඉතා වැදගත් සිදුවීමක් වන්නේ 1992 දී ලංකා මහ බැංකුව තමන්ට පැවැති ප‍්‍රධාන කාර්යභාරයන් දෙකක් වූ සංවර්ධන කාර්භාරය සහ අධීක්ෂණ කාර්යභාරය අතුරින් සංවර්ධන කාර්යභාරයෙන් ඉවත් වී, ඊටත් පසුව 1997 දී සමෘද්ධි අධිකාරිය පිහිටුවීමත් ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයේ සන්ධිස්ථාන වේ.
මෑතකදී 2016 මුලදී ලබාදී තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 18,214 පමණක් වුවත් මේක වසර 2018 වන විට එම අගය බිලියන අනූ හතරදහස් හාරසිය පහළොව (94,415) දක්වා ඉතාමත් සීඝ්‍ර ලෙස 400% කින් වර්ධනය වෙලා. ඒත් ලංකාවේ මහ බැංකුවේ මෙම ණය ලබාදීම් සඳහා කිසිදු නියාමනයක් සිදුකර නැහැ. සාමාන්‍යයෙන් වාණිජ බැංකුවකින් ණය ලබාදීමක් සිදු වන විට ඒ සඳහා කිසියම් තක්සේරු කරන ක‍්‍රමවේදයක් හරහා ණය ලබාගන්නා ලබා ගන්නා පුද්ගලයා පිළිබඳව කිසියම් ඇගයීමක් සිදු වන මුත් ක්ෂුද්‍ර මූල්‍ය ණය ක‍්‍රමයේදී එවැනි කිසිදු පාලනයක් නැති නිසා මෙම ණය ලබාදීම අසීමිතව සිදු වීම ඉතා භයානක තත්ත්වයක්.
2016 ක්ෂුද්‍ර මූල්‍ය පණත යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලියාපදිංචි කිරීම, ඔවුන්ට බලපත‍්‍ර ලබාදීම සහ ඔවුන්ට අවශ්‍ය ප‍්‍රමිති පිහිටුවීම සඳහා නීති ඇති නමුත් පාරිභෝගික පාර්ශ්වයට කිසිදු ප‍්‍රතිලාභයක් මෙම ක්ෂුද්‍ර මූල්‍ය පණත හරහා නැහැ.
ඒ වගේම 2016 ක්ෂුද්‍ර මූල්‍ය පණත, ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය ලියාපදිංචි කිරීම සඳහා හඳුන්වා දෙනු ලැබූවත් මහ බැංකු වෙබ් අඩවියට අනුව 2019 මැයි මස 9 වන දින දක්වා ලියාපදිංචි වී ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන දෙකක් පමණයි.
(මේ ලින්ක් එක බලන්න – http://www.cbsl.gov.lk/en/authorized-financial-institutions/licensed-microfinance-companies)
එනමුත් ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ වෙබ් අඩවියට අනුව එහි ආයතන හැටකට අධික ප‍්‍රමාණයක් පවතී.
(මේ ලින්ක් බලන්න – http://www.microfinance.lk/microfinance_in_sri_lanka_members.ph)
එසේම 2020 වසරේ ලංකාවේ ආණ්ඩුව විසින් 35% ක උපරිම පොලී අනුපාතයක් හඳුන්වා දුන්නත් එය බල පැවැත්වෙන්නේ විශේෂිත කල්බදු සමාගම් සඳහා පමණයි, අවිධිමත් වෙළෙඳපොළ තවත් වර්ධනය වීමේ අවදානමක් පවතින අතර ඔවුන්ට මේ හරහා ඉහළ පොලී අනුපාත අයකිරීමේ හැකියාව නවතා නෑ.
ලංකාවේ අතීතයේ සිදු වූ සියලූම ක්ෂුද්‍ර මූල්‍ය සේවාවන් රජයේ මැදිහත්වීම, නියාමනය සහිතව සිදු වූ වැඩසටහන් ලෙස ඒවාට හොඳින් නියාමනයක් සහ පාලනයක් ලැබුණත් වර්තමානයේ එම රාජ්‍ය මැදිහත්වීම ගිලිහීමත් සමගම ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය දැඩි ලෙස වාණිජකරණයට සහ වංචාකාරීත්වයට ලඝු වීම, අතීතයේදී ක්ෂුද්‍ර මූල්‍ය සේවාවන් ණය ලබාදීමට වඩා ඉතුරුම් පිළිබඳව සැලකිල්ලක් දැක්වුවද එකල පැවතියේ ඉතුරුම් මත ණය ලබාදීමේ ක‍්‍රියාවලියක් වුණත් අද වන විට ඉතුරුම් පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වමින් ඔහේ ලාබ අරමුණු කරගෙන ණය ලබා දීමට පමණක් අවධානය යොමු කිරීම කොතරම් සූක්ෂ්ම ලෙස ක‍්‍රියාත්මක වනවාදැයි යත් එක් ණයක් ගෙවා ගෙන යන අතරතුර තවත් ණයක් ලබාදීම කරනවා.
ලංකාවේ අතීතයේ තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය ඉතාම පහළ මට්ටමක පොලී අනුපාතයක් සහිත වුණත් අද වන විට එම පොලී අනුපාත 220% දක්වා තරමේ ඉහළ වන බව පවා දකින්නට පුළුවන්. එසේම ලංකාවේ අතීතයේ පැවති ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන්නේ ස්වයං කර්මාන්ත ආරම්භ කිරීම උදෙසා වූ අතර එහිදී කිසියම් ආයෝජන අරමුණක් පැවති නමුත් වර්තමානයේ ණය ලබාදීම දෙස බලන විට ඒවා බොහෝ විට සිදුවන්නේ පරිභෝජන අරමුණු උදෙසා සහ ආයෝජන අරමුණක් උදෙසා ණය ලබා ගතහොත් එයින් ආදායමක් නැවත ඉපදවිය හැකි නමුත් පරිභෝජන අරමුණකට ණය ලබා ගැනීමේදී පරිභෝජනය කිරීම අවසන් වූවාට පසුව නැවත ආදායමක් ඉපදවීමට හැකියාවක් නැති වීම නිසා ණය ගෙවා ගැනීමට නොහැකිව විශාල අර්බුදයක් හැදුනා. මේ අර්බුදයට පිළියම් ලෙස ඔබ යෝජනා කරන්නේ කුමන වැඩ පිළිවෙළක් ද?
මේ ගැන අධ්‍යයනය කළ විට මේ ප්‍රශ්නයට ප‍්‍රධානම හේතුව ලෙස ආචාර්ය කොස්තා ලපවිත්ස්තාගේ Teorizing Financialization (මූල්‍යකරණය) වල සඳහන් කාරණා සත්‍ය බව ඔප්පු වනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ 2007-09 සිට ඇති වූ බරපතළ ලෙස උග්‍ර භයානක මූල්‍ය අර්බුදයේ දී ආර්ථික විශේෂඥයන් ප‍්‍රකාශ කළේ එය Financialization (මූල්‍යකරණය) නිසා සිදුවූ බව. මූල්‍යකරණය යනු රටක ආර්ථිකයේ මූර්ත අංශය සහ මූල්‍ය අංශයේ පවතින අසමබර වීම, එනම් ආර්ථිකයේ මූර්ත අංශය සහ මූල්‍ය අංශය යනුවෙන් කොටස් දෙකක් පවතින අතර භාණ්ඩ නිෂ්පාදනය කලන මූර්ත අංශයට ප්‍රාග්ධන පහසුකම් සැපයීම කරන්නේ මූල්‍ය අංශයෙන්.
Deleteනමුත් රටක ආර්ථිකයේ ස්ථාවරත්වය පවත්වා ගත යුතු බවත් ඊට මෙම අංශදෙක අතර සෑම විටම සමබර බවක් පැවතීම අතිශය වැදගත්. නමුත් නිසි පැහැදිලි කේන්ද්‍රීය සැලසුම් නැති ධනය සහ දේශපාලන බලය ඇති එක එකාට ඕන විදියට මෙහෙයවන ඇමරිකානු එක්සත් ජනපදයේ වැනි රටවල බරපතළ අන්දමින් මේ වන විට සිදුව ඇත්තේ මූල්‍යමය අංශය විසින් මූර්තමය අංශය ගිල ගැනීමයි.
මේ මූල්‍යකරණ සංකල්පනාව පිළිබඳ ප‍්‍රධාන වශයෙන් කරුණු තුනක් කොස්තා ලපාවිත්ස්තා (Costas Lapavitstas) නමැති ආර්ථික විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද අතර පළමුවැනි කරුණ නම් රටේ ප්‍රබල දේශපාලන බලපෑම් කල හැකි බලගතු විශාල සමාගම් බැංකු ක‍්‍රමය මත ඇති වැදගත්කම ක‍්‍රමයෙන් අඩුකරවීමයි.
ඊළඟට දෙවන කාරණය වන්නේ එය තුලින් රටේ විධිමත් බැංකු ක‍්‍රමය කුටුම්භගත එනම් සාමාන්‍ය ජනතාව සමග සමග ගනුදෙනු කිරීමට විවෘත මූල්‍ය වෙළෙඳපොළෙන් ඈත්වීමට සැලසීමයි. ඇමරිකන් එක්සත් ජනපදයේ වගේ රටවල බැංකු කියලා කියන්නේ ඉතාමත් දුර්වල පෙට්ටි කඩ විට කඩ වගේ නොවැදගත් දෙයක් වෙලා තියෙන්නේ ඒකයි.
මේකේ තුන්වන කාරණය තමයි සාමාන්‍ය ජනතාව රජයේ නියාමනයෙන් තොර උපක්‍රමශීලීව කෙටි කාලීනව අධික ලාභ සොයන කූට මූල් සමාගම්ය වල ක‍්‍රමවේද මත වැඩි වශයෙන් යැපීමට පටන් ගැනීමයි.
ඉතින් මෙම ඉහත විස්තර කළ කරුණු තුන සමග ලංකාවේ ඇතිවූ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය විමසා බැලූවහොත් ඉතා පහසුවෙන් මෙය හා ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය අතර සම්බන්ධයක් ඇති බව පේනවා නේද? මේ නිසා රජය සහ මහ බැංකුවේ මැදිහත්වීමක් මත මේ ප්‍රශ්නය විසඳා ගැනීමට පුළුවන් වෙයි නේද?
https://journals.sagepub.com/doi/10.1177/0950017011419708
ඉකෝන්,
ReplyDeleteඉන්දියාවේ කොවිඩ් අර්බුදය නිසා මහාමාර්ග වල පවා රෝගී මිනිස්සු ස්වසන අපහසුතා නිසා ඔක්සිජන් ටැංකි ගහගෙන අමාරුවෙන් කට්ට කාගෙන යාන්තම් පණ ගැටගහගෙන ඉන්නේ. නමුත් ලංකාවේ සමාජ ජාල වල දාල ගස් කපපු නිසා ඔක්සිජන් සැපයුම අඩු වෙලා ලංකාවේත් මෙහෙම දෙයක් වෙනවා ළඟදීම කියලා කියන්නේ ඇත්ත නේද මේ දවස් වල?
ඒ වුණාට මේකට විරුද්ධව අදහස් දක්වමින් අසල්වැසි ඉන්දියාව වැනි රටවල් වලින් ලංකාවට මේ භයානක වේරියන්ට් එක ඇවිත් වේගයෙන් පැතිරීමේ අවදානම වැඩි බවත් ඒ අනුව රෝගීන්ගෙන් ඕන වෙන අයට ඔක්සිජන් දෙන්න ලංකාවේ සෞඛ්‍ය සේවාව ලෑස්තිද කියන එක සහ දැඩි සත්කාර පහසුකම් වැඩි කරගෙනද කියන එක මිසක් මේ වගේ විහිලු කථා කිය කිය ඉන්න එක නෙවේ කියලා සමහර සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.
මේකට හේතුව ඉන්දියාව ලොකුවට හිතාගන හිටිය නිසා ඔහොම උනේ. චීනෙන් ගන්න සියලුම supply නැවැත්තුවා. දැන් ඉන්දියාවෙ නිෂ්පාදන මිල ඉතාමත් වැඩියි. එන්නත හදන්න අවශ්‍ය ද්‍රව්‍ය සැපයුම අත්හිටලා. අන්තිමට චීනෙම oxygen concentrators 800 ක් ගුවනින් එවල. ඒකෙන් ඔය ප්‍රශ්නෙ හරියයි. ලංකාවට ඔහොම උනොත් දෙව්යන්ගෙ පිහිටයි. උතුර නැගෙනහිරට නම් under capacity දුවන oxygen concentrators තියෙනව. දකුණේ පළාත් වලට ceylon oxygen කොම්පැනියට දෙන්න පුලුවන් ප්‍රමාණය සීමා සහිතයි නේද?
ගස් කපන එක නිසා ඉන්දියන් ඔක්සිජන් කේස් එක ආවා කිව්ව එක වගේ ඒවා කියන එකෙන් වෙන්නේ ඇත්තටම අවධානය යොමුවිය යුතුදේ මඟ හරින එක.
මොකද මම නං හිතනවා පාරේ හරි දෙන්න ලංකාවට ඇති වෙන්න සිලින්ඩර් වත් නෑ කියලා.
ඉන්දියාවේ මම දැක්කා මනුස්සයෙක් සිලින්ඩරේ අරගෙන යනවා ලෙඩාව වෙන අය අරගෙන යද්දි ඔක්සිජන් දෙන ගමන්.
අන්න එතනට අපි ආවදාට මේ විහිලු කථා වැඩක් නෑ.
දැන් වත් හොඳින් සූදානම් සහිතව ලෑස්ති වෙන එක සහ පරිස්සම් වෙන එක හැර ලංකාවේ අයට නං මේවා කියලවත් වැඩක් නෑ නේද?