ඇමරිකාවේ ආහාර හා ඖෂධ නියාමන අධිකාරිය හා රෝග පාලන හා නිවාරන මධ්‍යස්ථානය විසින් ජොන්සන් හා ජොන්සන් සමාගමේ ජැන්සීන් එන්නත ඇමරිකානුවන්ට ලබා දීම අද (අප්‍රේල් 13) සිට තාවකාලිකව අත් හිටවා තිබෙනවා. මේ වන විට මෙම එන්නත ලබාගෙන තිබෙන මිලියන 6.8කට වැඩි ඇමරිකානුවන් අතරින් 6 දෙනෙකුට එන්නත ලබාගැනීමෙන් පසුව ලේ කැටි ගැසීමේ තත්ත්වයක් ඇති වීම මේ තීරණයට හේතුවයි.
ඇමරිකාව තුළ කිසිදු කෝවිඩ් එන්නතකට පූර්ණ අනුමැතිය හිමි වී නැතත් පයිසර්-බයෝඑන්ටෙක්, මොඩර්නා හා ජැන්සීන් එන්නත් පවතින වසංගත තත්ත්වය යටතේ හදිසි භාවිතය සඳහා අනුමත කර තිබෙනවා. ප්‍රතිශක්තිකරණය ලබා ගැනීම සඳහා පයිසර්-බයෝඑන්ටෙක් හෝ මොඩර්නා එන්නතක මාත්‍රා දෙකක් ලබා ගැනීම අවශ්‍ය වුවත් ජැන්සීන් එන්නතෙහි එක් මාත්‍රාවක් ලබා ගැනීම ප්‍රමාණවත්.
මේ වන විට (අප්‍රේල් 12 පස්වරු 8ට) කෝවිඩ් එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබෙන ඇමරිකානුවන් 120,848,490ක් (වැඩිහිටි ජනගහනයෙන් 46.5%ක්) අතරින් 6,820,188 දෙනෙකු විසින් ලබා ගෙන තිබෙන්නේ ජැන්සීන් එන්නතයි. ඔවුන් අතරින් ලේ කැටි ගැසීමේ තත්ත්වයට මුහුණ දුන් හය දෙනාම වයස අවුරුදු 18-48 අතර කාන්තාවන් වන අතර එන්නත ලබාගෙන දින 6-13 අතර කාලයකදී මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.
ලේ කැටි ගැසීම සමඟ රුධිර පට්ටිකා ප්‍රමාණයේ පහත වැටීමක්ද සිදු වී තිබෙන අතර මෙය සාමාන්‍ය රුධිර කැටි ගැසීමකින් වෙනස්, වෙනම ආකාරයකින් ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් නිසා සාමාන්‍යයෙන් රුධිර කැටි ගැසීමකදී ලබා දෙන ඖෂධ වලින් තත්ත්වය තවත් නරක අතට හරවනවා. එන්නත ලබා දීම තාවකාලිකව අත්හිටවීමෙන් පසුව ඇමරිකාවේ නියාමකයන් හෙට (අප්‍රේල් 14) දින රැස් වී තත්ත්වය සමාලෝචනය කිරීමට නියමිතයි.
පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් mRNA එන්නත් වන අතර ජැන්සීන් එන්නත හා තවමත් ඇමරිකාව තුළ අනුමැතිය ලබා නැති ඇස්ට්‍රසෙනිකා එන්නත නිපදවා තිබෙන්නේ ඇඩීනෝවයිරසයක් ඇසුරෙන්. මේ වන විට ජැන්සීන් එන්නත ලබාගත් අයට එන්නත ලබා ගැනීමෙන් සති තුනක කාලයක් ඇතුළත දරුණු හිසරදය, බඩ රුදාව, කකුල් කැක්කුම හෝ හුස්ම ගැනීමේ අපහසුව ඇති වුවහොත් තමන්ගේ වෛද්‍යවරයා හමු විය යුතු බව ඖෂධ නියාමන අධිකාරිය හා රෝග පාලන හා නිවාරන මධ්‍යස්ථානය විසින් දැනුම් දී තිබෙනවා.
ඇමරිකාවේ පොලිසියෙන් කළු/දුඹුරු සම ඇති අයව මරන්නේ ඇයි ඉකොනෝ? ඉකොනෝට බය නැද්ද පොලිස් දකිනකොට මරයි කියලා? ලංකාවේ දෙමලුත් ඔයිට වඩා හොදට ඉන්නවා ඇති.
ReplyDeleteඇමරිකාවේ පොලිසියෙන් කළු/දුඹුරු සම ඇති අයව තෝර තෝරා මරන්නේ නැහැ. ලංකාවේ වගේම ඇමරිකාවෙත් අපරාධ මර්දනයේදී මිනිස්සු මැරෙනවා. කළු/දුඹුරු සමක් තිබෙන අයට වෙඩි වැදීමකදී සුදු අයට නැති අමුතු ආරක්ෂාවක් ස්වභාවයෙන් ලැබී නැහැ. හමේ පැහැයේ භේදයක් නැතිව කවුරු වුනත් වෙඩි වැදීමකින් මැරෙන්න පුළුවන්. මේ ගැන විස්තරාත්මක ලිපි කිහිපයක්ම ලියා තිබෙන නිසා නැවත කාලය නාස්ති කරන්න යන්නේ නැහැ.
Deleteවැඩි විස්තර අවශ්‍යනම් කරුණාකර පහත ලිපි කියවන්න.
ජෝජ් ෆ්ලොයිඩ් හා ගොනා කෝවිලේ රාජා
http://economatta.blogspot.com/2020/06/blog-post_98.html
කළු, සුදු හා අළු
http://economatta.blogspot.com/2020/06/blog-post_6.html
මානසික රෝගීන්ට පහර දී දියේ ගිල්වා මරන ලංකාවේ පොලීසිය දකින විට ඔබට මරණ බය ඇති වීම හා ඔබ නිරන්තර ආතතියකින් සිටීම මට තේරුම් ගන්න පුළුවන්. නමුත් ලංකාවේ පොලීසිය දකින දකින හැම මානසික රෝගියාවම දියේ ගිල්වා මරන්නේ නැති නිසා එවැනි අයෙක් වුවත් පොලීසියට බියේ ජීවත් විය යුතුයි කියා මම හිතන්නේ නැහැ.
//ලංකාවේ දෙමලුත් ඔයිට වඩා හොදට ඉන්නවා ඇති.//
ඔබ කියන්නේ ලංකාවේ දෙමළුන් නිරන්තර මරණ බයකින් ජීවත් වන බවද? මම පෞද්ගලිකව දන්නා ලංකාවේ දෙමළ ජාතිකයින් බොහෝ දෙනෙක්නම් එවැනි මරණ බයක් නැතුව සාමාන්‍ය පරිදි ජීවත් වෙනවා. එහෙත් මානසික ආතතියකින් පෙළෙන අය දෙමළුන් අතරද නැති වෙන්න හේතුවක් නැහැ.
ඉකොනෝ මහත්තයා දෙමලෙක් ද ලංකාවේ?
Deleteඇමරිකාවෙ ජිවත් වෙන කළු / දුබුරු හම තියෙන මිනිස්සු උද්ඝෝෂණය කරමින් පොලිස් නිලධාරීන් දැක්කම තමුන්ගේත් හුස්ම හිර කරලා මරයි කියලා බය හිතෙනවා, වෙඩි තියයි කියලා බය හිතෙනවා කියන්නේ එහෙනම්.
Deleteඅනික එහෙම කියන්නේ ඇමරිකවේම ඉපදුනු අය. ඒ අයත් එහෙම පොලිස් දැක්කම බයයි කියනවා නම් ඉකොනෝ වගේ පහු කාලීනව සංක්‍රමණය උනා කෙනෙක්ට බය නැද්ද කියලා ඇහුවේ.
ඇමරිකාවේ 20 හැවිරිදි කළු ජාතික තරුණයෙකු පොලිස් නිලධාරිනියක විසින් ඝාතනයට ලක් වීමෙන් පසු ඊයේ දිනයේ එම පොලිස් නිලධාරිනිය ඉල්ලා අස් වී තිබේ.
Deleteනමුත් මිනසෝටා හි ඇති වූ කැළඹිල්ල සහ නොසන්සුන්තාවය අඩු කිරීමට මෙම ක්‍රියාව සමත් වී නැති අතර, උද්ඝෝෂණ තවදුරටත් පැවැත්වේ.
මෙම වෙඩි තැබීම සිදුකළ මිනාපොලිස් හි පොලිස් නිලධාරිනිය වෙනුවෙන් ඊයේ, එනම් ඝාතනයෙන් දෙවැනි දිනයේ පොලිස් ප්‍රධානියෙකු මාධ්‍ය වෙත කියා තිබුණේ ඇය ටේසරය වෙනුවට ‘අත්වැරදීමකින්‘ පිස්තෝලය ඇද එයින් වෙඩි තබා ඇති බවක් පෙනෙන බව‘ යි.
මිනසොටා හි බෘෘක්ලින් සෙන්ටර් නගරාධිපතිවරයා පසුව පැවසුවේ, මෙම පොලිස් නිලධාරිනිය මෙන්ම එම ප්‍රකාශය සිදුකළ පොලිස් නිලධාරියා යන දෙදෙනාම එක් දිනක් ඇතුළත ඉල්ලා අස්වූ බවයි.
ඒ සමගම මිනසොටා ජනපදයේ උද්ඝෝෂණ පෙරටත් වඩා වැඩි ජවයකින් ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැකිය.
මේ අතර වෙඩි තැබීම සිදුකළ පොලිස් නිලධාරිනිය 26 හැවිරිදි ය.
පසුගිය මැයි මාසයේ ගෙළ පාගා අතිශය අමානුෂික අන්දමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ව ඝාතනය කරනු ලැබුවේ ද මිනාපොලිස් පොලිසියේම ඩෙරෙක් චව්හාන් පොලිස් නිලධාරියා විසින් ය. එය ද උද්ඝෝෂණ ඇවිළී යාමට හේතුවක් වී තිබේ.
තවද මේ දිනවල ජෝර්ජ් ෆ්ලොයිඩ් නඩු විභාගය ද පැවැත්වෙමින් තිබේ.
//අනික එහෙම කියන්නේ ඇමරිකවේම ඉපදුනු අය. ඒ අයත් එහෙම පොලිස් දැක්කම බයයි කියනවා නම් ඉකොනෝ වගේ පහු කාලීනව සංක්‍රමණය උනා කෙනෙක්ට බය නැද්ද කියලා ඇහුවේ.//
Deleteමට මෙතෙක් කවදාවත් ඇමරිකාවේ පොලිස් නිලධාරියෙකු දුටු විට ඔබ කියන ආකාරයේ බයක් දැනී නැහැ. එවැනි බයකින් ජීවත් වන කිසිවෙකු ඇමරිකාවේදී මට කවදාවත්ම හමු වෙලත් නැහැ. එහෙත් මට හමු නොවී එවැනි අය ඉන්න පුළුවන්. සමහර විට ඔබ කියන්නේ ඔබට හමු වී තිබෙන එවැනි කෙනෙක් ගැන විය හැකියි. මගේ ජීවිත හෝ දේපොළ ආරක්ෂාව පිළිබඳ කිසියම් බියක් ඇති වුවහොත් ආරක්ෂාව පිණිස මා විසින් පොලීසිය අමතනු ඇති වුවත් ඇමරිකාවේ සාමාන්‍ය ජීවිතය ඉතාම සාමකාමී නිසා මට මෙතෙක් කවදාවත් එසේ කරන්න අවශ්‍ය වී නැහැ. මෙතෙක් කලකට මට පොලීසිය අමතන්න සිදු වී තිබෙන්නේ අවස්ථා දෙකකදී පමණයි. ඒ රිය අනතුරු සිදුවුනු අවස්ථා දෙකකදී. ඊට අමතරව රථවාහන වැරදි සම්බන්ධව පොලීසිය විසින් කිහිප වරක් මාව නවත්වා තිබෙනවා. ඒ කිසිදු අවස්ථාවක මට ජීවිත ආරක්ෂාව පිළිබඳ බියක් දැනී නැහැ. ඒ වගේම, මේ පොලිස් නිලධාරීන් ඉතාම විනීත ලෙස කටයුතු කර තිබෙනවා. එක් අවස්ථාවක මට දුන් දඩ කොළයට අභියෝග කරමින් මා උසාවි ගිය නමුත් ඒ අවස්ථාවේද අදාළ පොලිස් නිලධාරියා සමඟ සිදුවූ ගනුදෙනුව ඉතාම සාමකාමී එකක්. ඒ වගේම ඇමරිකාවේ පොලීසිය වාර්ගික පොලීසියක් නෙමෙයි. එහි සුදු ජාතිකයින් වගේම කළු ජාතිකයින්ද සැලකිය යුතු ප්‍රතිශතයක් ඉන්නවා. ඔබේ ප්‍රශ්නයට මේ පිළිතුර ප්‍රමාණවත්යැයි සිතනවා.
මට පොලීසිය සමග ගනුදෙනු කිරීමට සිදු වූ අවස්ථා ගැන වැඩි තොරතුරු අවශ්‍යනම් පහත ලිපි කියවන්න.
Deleteවාහනයක් පාරෙන් එළියට පැන්නොත්...
https://economatta.blogspot.com/2020/06/blog-post_4.html
දඩ කොළය සමඟ උසාවියට...
http://economatta.blogspot.com/2018/01/blog-post_19.html
ඇමරිකාවේ පොලීසි ගැන දැන ගන්න අවශ්‍යනම් මේ ලිපියත් කියවන්න.
Deleteපොලීසිය කා වෙනුවෙන්ද?
http://economatta.blogspot.com/2020/06/blog-post_5.html
ලංකාවේ භාවිතා කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් වලත් ඉතාම සුළු වශයෙන් ඔය වගේ කේස් එකක් ඇවිත් තියෙනවා නේද මහා බ්‍රිතාන්‍යයේ දී?
ReplyDeleteඒ වගේම ලංකාවේ දැන් භාවිතා කරන්න උත්සාහ කරන රුසියන් ස්පුට්නික් සහ චීන සයිනොෆාර්ම් එන්නත් ගැන ඔබේ අදහස් මොනවා ද?
ඒ වගේම මේ ප්‍රවෘත්තියේ කියන විදිහට පෝට් සිටි එකේ ඉඩම් කොටස් විස්සක් ඩොලර් බිලියන පහකට විකුණන එක පුළුවන් වේවි ද? ලංකාවෙ විදේශ සංචිත තියෙන්නේත් ඩොලර් බිලියන හතරක් විතර නිසා මේකෙන් ලංකාවේ රජයට වාසියක් වෙන දෙයක් වේවි ද?
https://mawurata.lk/archives/9570
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් වල මේ තත්ත්වය මීටත් වඩා වැඩි බවක් පෙනෙනවා. කොහොමටත් එන්නත්කරණයේ වාසි හා අවාසි දෙපැත්තක් තිබෙනවා. හොඳ නරක තීරණය කරන්න වෙන්නේ මේ වාසි අවාසි ගලපලා. එය රටින් රටට වගේම අවස්ථාව අනුවත් වෙනස් වන දෙයක්. රුසියන් ස්පුට්නික් සහ චීන සයිනොෆාර්ම් එන්නත් ගැන වැඩි දෙයක් කියන්න තරම් තොරතුරු මා සතුව නැහැ. ඒ වගේම කිසියම් එන්නතක හොඳ නරක ගැලපිය හැක්කේ ලංකාවේ පවතින තත්ත්වයන්ට සාපේක්ෂවයි. එය කළ හැකි අය ලංකාවේ ඉන්නවා කියා මම හිතනවා.
Deleteඩොලර් බිලියන 5 සිතිය නොහැකි ඉලක්කයක් නෙමෙයි. විශේෂයෙන්ම ඉඩම් දෙන්නේ අවුරුදු 99ක වගේ කාලයකටනම්. නමුත් ඉලක්කයට යන්න ගොඩක් මහන්සි වෙන්න වෙයි. මේ වෙද්දී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන හතරකට බැහැලා වුනත් විණිමය හුවමාරුව යටතේ ලබාගත් යුවාන් බිලියන 10 හා අළුතෙන් ගත් චීන ණය එකතු කළොත් බිලියන 6ක් වෙනවා. මම හිතන්නේ ආණ්ඩුව උත්සාහ කරන්නේ පෝට් සිටිය හැදෙන තුරු ඇදගෙන ගිහින් ඒ හරහා ගෙවුම් ශේෂ අර්බුදය ගොඩ දාගන්න. එය නරක උපාය මාර්ගයක් නෙමෙයි. එහෙත් එතෙක් තත්ත්වය කළමනාකරණය කර ගැනීම වුවත් අසීරු දෙයක්.
ඉකොනොමැට්ටා මොකද හිතන්නේ මේ වැඩේ ගැන;
ReplyDeletehttps://www.facebook.com/1635233857/posts/10221840214587948/?app=fbl
මේ ව්‍යාපෘතිය කළු සල්ලි සුදු කරන්න නැත්නම් මුදල් විශුද්ධිකරණය සඳහා පටන් ගත්ත එකක් කියලා කියන කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන් ද?
මේක බලන එකේ අවුලක් තිබෙනවා. කිහිප වරක් උත්සාහ කළත් වීඩියෝ එකට යන්න දිගින් දිගටම සෑහෙන වෙලාවක් ඇඩ් බලන්න වෙනවා. මට ඒ තරම් කාලය වැය කරන්න අමාරුයි. පහල ප්‍රතිචාර අනුව මම හිතන්නේ මේ වීඩියෝව පෝට් සිටි එක ගැන. කෙටි පිළිතුරක් දෙනවානම් සමස්තයක් විදිහට පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳව මට තිබෙන්නේ සුබවාදී අදහසක්. මේ හරහා ලංකාවට ගොඩ යන්න පාරක් වැටී ඇතැයි මම හිතනවා. පෝට් සිටි ව්‍යාපෘතිය සාර්ථක වුනොත් ලංකාවත් ලෝකයේ කොටසක් වෙයි. සමහර විට චීනයේ කොටසක් විදිහට වෙන්න පුළුවන්. එහෙම වුනත් හුදෙකලා දූපතක් විදිහට මූදේ ගිලෙනවට වැඩිය හොඳයි. දැන් මේ පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධව කෙරෙන විවේචන ගොඩක් ඇත්ත කියලා මම හිතනවා. මා මෙහි සාධනීය පැත්ත විදිහට දකින්නේ එම විවේචන වලින් පෙන්වා දෙන දේවල්මයි. පෝට් සිටි ව්‍යාපෘතිය එක්ක මට හැමවිටම මැවී පෙනෙන්නේ වසර පන්සීයකට පෙර පරංගියා ගෙරිහම එළාගෙන කොටු කරගත් කොටස. පෝට් සිටි ව්‍යාපෘතිය නිසා සිදු වෙන්න නියමිත වෙනසත් ටිකක් ඒ වගේ එකක්. ව්‍යාපෘතිය සාර්ථක වුනොත් පෝට් සිටියට ගැලපෙන විදිහට ලංකාව වෙනස් වෙයි. මුලින්ම වෙන්නේ මහ බැංකුව අවලංගු කාසියක් වීම. මොන විදිහෙන් හරි සිදුවෙන වෙනස්කම් වලින් සමස්තයක් ලෙස ලංකාවට පාඩුවක් වෙන එකක් නැහැ.
Delete//මේ ව්‍යාපෘතිය කළු සල්ලි සුදු කරන්න නැත්නම් මුදල් විශුද්ධිකරණය සඳහා පටන් ගත්ත එකක් කියලා කියන කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන් ද?//
ඔබ ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙක්නම් මහන්සි වෙලා ඔය ප්‍රශ්නයට පිළිතුරක් හොයා ගත්තා කියලා ඔබට ලැබෙන වාසිය මොකක්ද? යම් හෙයකින් පෝට් සිටියේ ජයටම මුදල් විශුද්ධිකරණය සිදු වුනොත් ඔබට එයින් වන පාඩුව කුමක්ද?
//පෝට් සිටි ව්‍යාපෘතිය නිසා සිදු වෙන්න නියමිත වෙනසත් ටිකක් ඒ වගේ එකක්. ව්‍යාපෘතිය සාර්ථක වුනොත් පෝට් සිටියට ගැලපෙන විදිහට ලංකාව වෙනස් වෙයි. මුලින්ම වෙන්නේ මහ බැංකුව අවලංගු කාසියක් වීම//
Deleteලංකාවෙ මහ බැංකුව ගැන ඔබට එතරම් පැහැදීමක් නැති බව පේනව. සමස්ථයක් විදියට ලෝකෙ තියෙන සංචිත/මහ බැංකු ගැන අදහසත් එහෙමද, නැත්නම් ලංකාවෙ බැංකුව ගැන විතරද?
//ලංකාවෙ මහ බැංකුව ගැන ඔබට එතරම් පැහැදීමක් නැති බව පේනව.//
Deleteඔබ එවැනි නිගමනයකට පැමිණියේ කොහොමද? මේ කාරණයේදී මහ බැංකුව අවලංගු කාසියක් වීමට ඉඩ තිබෙන්නේ මහ බැංකුවේ වරදක් නිසා නෙමෙයි. මුදල් ප්‍රතිපත්ති තීරණය කිරීම සම්බන්ධව මහ බැංකුවට දැන් තිබෙන හැකියාව පෝට් සිටි ආර්ථිකය හමුවේ ටිකෙන් ටික නොවැදගත් වී ගිලිහී යාම නිසා.
සමස්තයක් ලෙස ලෝකයේ මහ බැංකු විසින් අසීමිතව සල්ලි අච්චු ගැසීම ලෝක පරිමාණ ව්‍යසනයකින් කෙළවර වීමේ අවදානමක් ඇතැයි මම හිතනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව. මෙවැන්නක් ධනවාදයේ ප්‍රශ්නයක් නොවුනත් මුදල් අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස බටහිර රටවල සිදු විය හැකි කඩා වැටීමකින් පසුව බොහෝ දෙනෙකු විසින් මෙය නිර්වචනය කරනු ඇත්තේ ධනවාදයේ කඩාවැටීමක් ලෙසයි. ඒ නිසා, ඒ හරහා ධනවාදයට වඩා අකාර්යක්ෂම හා අසාර්ථක විකල්පයක් ලෝක පරිමාණයෙන් මතු වීමේ අවදානමක් තිබෙනවා.
ඉකෝන් ඔබේ මුදල් විශුද්ධිකරණය ගැන අදහස් ඉතාමත් හාස්‍ය ජනක ඒවා බව පැහැදිලියි. නමුත් මේ ගැන ඔබේ රටේ ලංකාවේ තානාපති කාර්යාලය පවසන දේ ගැන ඔබ නොදත් තතු පවසනවා නම්, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මුදල් විශුද්ධිකරණයට ආරක්ෂිත ස්ථානයක් වනු ඇතැයි කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය මාධ්‍ය අමතා ප්‍රකාශ කළ බව ඔබට දැනුම් දෙන්නම්.
Deleteවිදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකාවෙ ඇමරිකානු තානාපති ඇල්ලෙයිනා බී. ටෙම්ප්ලේට්ස් සඳහන් කර ඇත්තේ මෙම වරාය නගර ප්‍රදේශය තුළ බදු බදු ලිහිල් කිරීම හේතුවෙන් චීනයේ සහාය මත මුදල් විශුද්ධිකරණයේ තෝතැන්නක් වනු ඇති බවයි.
මෙම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතිලාභ ලැබිය යුතු නමුත් ඉන් රටට එල්ල වන බලපෑම ගැන ද සැලකිලිමත් විය යුතු යැයි ඇය සඳහන් කරයි.
මුලාශ‍්‍ර මෙතනින්;
https://www.hindustantimes.com/world-news/chinabacked-colombo-port-project-may-create-money-laundering-haven-report-101618138642037.html
//ඔබ එවැනි නිගමනයකට පැමිණියේ කොහොමද?//
Deleteඔබේ මෙන්න මේ සඳහන නිසා.
//කෙටි පිළිතුරක් දෙනවානම් සමස්තයක් විදිහට පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳව මට තිබෙන්නේ සුබවාදී අදහසක්. මේ හරහා ලංකාවට ගොඩ යන්න පාරක් වැටී ඇතැයි මම හිතනවා. පෝට් සිටි ව්‍යාපෘතිය සාර්ථක වුනොත් ලංකාවත් ලෝකයේ කොටසක් වෙයි. සමහර විට චීනයේ කොටසක් විදිහට වෙන්න පුළුවන්. එහෙම වුනත් හුදෙකලා දූපතක් විදිහට මූදේ ගිලෙනවට වැඩිය හොඳයි. දැන් මේ පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධව කෙරෙන විවේචන ගොඩක් ඇත්ත කියලා මම හිතනවා. මා මෙහි සාධනීය පැත්ත විදිහට දකින්නේ එම විවේචන වලින් පෙන්වා දෙන දේවල්මයි. පෝට් සිටි ව්‍යාපෘතිය එක්ක මට හැමවිටම මැවී පෙනෙන්නේ වසර පන්සීයකට පෙර පරංගියා ගෙරිහම එළාගෙන කොටු කරගත් කොටස. පෝට් සිටි ව්‍යාපෘතිය නිසා සිදු වෙන්න නියමිත වෙනසත් ටිකක් ඒ වගේ එකක්. ව්‍යාපෘතිය සාර්ථක වුනොත් පෝට් සිටියට ගැලපෙන විදිහට ලංකාව වෙනස් වෙයි. මුලින්ම වෙන්නේ මහ බැංකුව අවලංගු කාසියක් වීම. මොන විදිහෙන් හරි සිදුවෙන වෙනස්කම් වලින් සමස්තයක් ලෙස ලංකාවට පාඩුවක් වෙන එකක් නැහැ.//
මම ඔබෙන් කාලයක් තිස්සෙ අහන්න හිටපු ප්‍රශ්නයක් තියෙනව. මේකට අදාළ නූනත් පිළිතුරක් ලැබෙයි කියල බලාපොරොත්තු වෙනව. ලංකාවෙ දේශපාලන බලාධිකාරයට මුදල් ප්‍රතිපත්තියේ සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ වෙනස ගැන තියෙන අවබෝධය ගැන ඔබට මොකද හිතෙන්නෙ?
මම මෙහි මහ බැංකුව ගැන ලිවුවේ "මුලින්ම වෙන්නේ මහ බැංකුව අවලංගු කාසියක් වීම" කියන වාක්‍යයනේ. ඒ ගැන මම පහළ ප්‍රතිචාරයක පැහැදිලි කළා. පෝට් සිටි එක ආශ්‍රිතව රුපියල් නොවන විශාල ආර්ථිකයක් හැදෙනවා කියන්නේ රුපියලේ වැදගත්කම ටික ටික අඩු වී යනවා කියන එක. එයට සමාන්තරව මුදල් ප්‍රතිපත්ති වල ඵලදායීත්වය අඩු වෙලා යනවා. මොකද දැන් ලංකාව ඇතුළේ මුදල් ඒකකයක් විදිහට රුපියලට තිබෙන ඒකාධිකාරය නැති වෙනවා. ඒ කියන්නේ මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් කාසි වගේම මහ බැංකුවත් අවලංගු කාසියක් වෙනවා කියන එක. මෙය මහ බැංකුව පිළිබඳව මගේ පැහැදීමක් නැති වීම වැනි සරල කරුණක් මත කියපු දෙයක් නෙමෙයි.
Delete//ලංකාවෙ දේශපාලන බලාධිකාරයට මුදල් ප්‍රතිපත්තියේ සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ වෙනස ගැන තියෙන අවබෝධය ගැන ඔබට මොකද හිතෙන්නෙ?//
වෙනස ගැන අවබෝධ වෙන්න කලින් අඩු වශයෙන් මුදල් ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ගැන මූලික අවබෝධයක් තිබිය යුතුයිනේ. එවැනි අවබෝධයක් තිබෙන සීමිත පිරිසක් පමණයි සක්‍රිය දේශපාලනයේ ඉන්නේ.
ඉකෝන් ඔබ මෙහි මේ වන විට ලංකාවෙ බලය කුමන්ත්‍රණයක් මගින් බලෙන් අල්ලාගෙන සිටින නන්දසේන මිලිටරි ජුන්ටාවේ පෝට් සිටි වරාය නගරය ගැන වැරදි වැටහීමක් ඇති කරගෙන තියෙන බව පැහැදිලියි නමුත් ඇත්තටම කොළඹ වරාය නගරයේ සේවය කරන අයගේ වැටුප් ගෙවිය යුතු වන්නේ නම් කරන ලද විදේශ මුදල් ඒකකයකින් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අවධාරණය කළා. එය බොහෝ දුරට චීන දීන ‘යුවාන්’ විය හැකියි ඔහු පැවසුවේ.
ReplyDelete‘කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභාව’ නමින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔහු තම සමාජ ජාල වීමේ තබා ඇති සටහන මෙසේය.
"පසුගියදා වර්තමාන දූෂිත ෆැසිස්ට්වාදී නන්දසේන ආණ්ඩුව තමන්ගේ 2/3 බලය අශිෂ්ඨ ලෙස උපයෝගී කරගෙන කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභාව නමින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා. මේ කොළඹ නගරය ආසන්නයේ ඉදිකරන ලද වරාය නගරයේ අක්කර 1,115 ක භූමියෙන් 80%ක් චයිනා හාබර් සමාගමට අයිතියි. මෙම දූෂිත කොල්ලකාරී සමාගම පසුගිය කාලයේ රාජපක්ෂ කල්ලියට මැතිවරණ වෙනුවෙන් හා අරමුදල් වෙනුවෙන් අති විශාල ලෙස මුදල් පොම්ප කළ බවට තොරතුරු ඉදිරිපත් වුණා. රටේ පොදු නීතියට යටත් නොවන කලාපයක් ලෙස නම් කරන ලෙසට මෙම සමාගමෙන් ආණ්ඩුවට දිගින් දිගට බලපෑම් එල්ල වී තිබුණා. සැබැවින්ම මේ පනත් කෙටුම්පත ඉදිරිපත් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.
ආයෝජන මණ්ඩල පනත සහ ක්‍රමෝපාය සංවර්ධන පනත ලෙස අපේ රටේ සම්මත වූ පනත් දෙකක් තිබෙනවා. ඒ පනත්වලින් විශාල ලෙස බදු සහන ලබා දිය හැකියි. මේ හරහා ලංකාවේ ජනතාවට හිමි බදු මුදල් ට්‍රිලියන ගනනක් විදෙස් සමාගම් මගින් මංකොල්ල කෑමට නියමිතයි.
එකම කාසියේ දෙපැත්ත වන රාජපක්ෂලා ශ්‍රැංග්‍රිලා හෝටලයට හමුදා මූලස්ථානය පැවති වටිනා රජයේ ඉඩම් වසර 25කට බදු සහන ලබා දුන්නේත් රනිල්ලා හම්බන්තොට වරාය අවුරුදු 198 කට විකිණිමේදී චීන සමාගමට දැවැන්ත බදු සහන ලබා දුන්නේත් ඒ යටතේයි. එසේ තිබියෙදී එම පණත් ක්‍රියාත්මක නොකර වරාය නගරයට අදාළ කොමිසන් සභාවක් යටතේ වෙනම ප්‍රාන්තයකට අදාළ තරම් අති විශාල වරප්‍රසාද ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.
එම වරාය නගරය ලංකාවේ කිසිදු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයකට අයත් නොවන විශේෂ කලාපයක් වනවා.
පළාත් පාලන ආයතන ප්‍රදේශ පාලනය වන්නේ එහි ජීවත්වන ජනතාවගේ ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයින් මගිනුයි. එහෙත් වරාය නගරය පාලනය වන්නේ ලංකාවේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිසන් සභාවක් මගිනුයි.
එම කොමිසන් සභාවේ නියෝජිතයන්ට කිසිවක් කිරීමක් වෙනුවෙන් හෝ නොකර හැරීමක් වෙනුවෙන් ලංකාවේ අධිකරණයේ නඩු පැවරිය නොහැකි මුක්තියක් ලැබෙනවා. එය ජනාධිපතිවරයාට සමාන ආකාරයේ නොවූවත් එවැනි මුක්තියක්.
මෙම කොමිෂන් සභාවට විශේෂ මූල්‍ය බලතල ලැබෙනවා. කොමිසමට වෙනම අරමුදලක් පවතිනවා.
ලංකාවේ රාජ්‍ය ආදායම් සියල්ලම එකතු විය යුතු වන්නේ ඒකාබද්ධ අරමුදලටයි. එයින් මුදල් ලබාගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. එහෙත් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට එයින් පරිභාහිරව පාර්ලිමෙන්තු අනුමැතිය අවශ්‍ය නොවන වෙනම අරමුදලක් පවත්වා ගෙන යා හැකියි.
Deleteවරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට විවිධ බදු සහන ලබාදීමේ බලය හිමියි. සාමාන්‍යයෙන් බදු සහන ලබා දිය හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි. නමුත් මෙම ‘ප්‍රාන්තය’ට විශේෂ බදු සහන බලය හිමියි.
රාජ්‍යයට ලැබෙන මුදල් විගණකාධිපතිගේ අධීක්ෂණයට යටත් වෙනවා. එහෙත් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ මුදල් විගණනය කරනු ලබන්නේ පෞද්ගලික ආයතනයක් විසිනුයි. එය රාජ්‍ය විගණනයෙන් ඉවත් කරනු ලැබ තිබෙනවා.
රාජ්‍ය ආයතන පාර්ලිමේන්තුවේ කෝපා සහ කෝප් හමුවට කැඳවනු ලැබිය හැකියි. එහෙත් මේ ‘චීන ප්‍රාන්ත’ පාලනය පාර්ලිමේන්තුව හමුවට කැඳවිය නොහැකියි.
මෙම වරාය නගරය තුළ ආයෝජනය කළ හැක්කේ විදේශිකයන්ටයි. එය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට ආයෝජනය කිරීම වක්‍ර ලෙස වළක්වා තිබෙනවා. ඒ අරමුදල් විදේශයන්ගෙන් සම්පාදනය කරගන්නා අයෙකුට පමණක් මෙහි ආයෝජනය කළ හැකි බව දන්වා සිටීමෙනුයි. එහි කෙටි තේරුම මෙම වෙනම ප්‍රාන්තයක් වීමයි.
මෙම වරාය නගර කලාපය තුළ සේවය කරන අයට වැටුප් ගෙවිය යුතු වන්නේ නම් කරන ලද විදේශීය මුදලකින් බව ප්‍රකාශ කරනවා. එය චීන ‘යුවාන්’ විය හැකියි.
මෙහි සේවය කරන්නවුන්ගේ ආදායම්, ආදායම් බදුවලින් නිදහස් කරනු ලැබ තිබෙනවා. එම මුදල් මෙරට විදෙස් ව්‍යවහාර ගිණුමක තැන්පත් කළ හැකි බව ප්‍රකාශ කරනු ලබනවා.
ශ්‍රී ලංකා පුරවැසියන් කොළඹ වරාය නගරයේ සේවා මුදල් ගෙවා ලබා ගත හැකි වුවත් එයින් පිටව යද්දී මිලදී ගත් භාණ්ඩවලට බදු ගෙවිය යුතු වෙනවා. මෙයින් මෙම කලාපය වෙනම රටක් බවට ඒත්තු ගන්වනවා.
වරාය නගරය ආර්ථික කොමිෂන් සභා බල ප්‍රදේශය තුළ ආරවුල් විසඳා ගත යුත්තේ ජාත්‍යන්තර බේරුම්කරණයෙනුයි. නිදසුනක් ලෙස තෙල් සංස්ථාව හා ජාත්‍යන්තර සිටි බැංකුව සමග ඇතිකර ගත් හෙජිං ගිවිසුම පිළිබඳ ආරවුල සිංගප්පූරු බේරුම්කරණ මණ්ඩලයකට යොමු වුණා. ඒ රාජ්‍යයන් අතර ආරවුල් විසඳා ගන්නා ක්‍රමයයි. ඒ අනුව කොමිෂන් සභාව හා ආයතන අතරත් ආයතන සහ සේවකයන් අතර ඇතිවන ආරවුල් එහි පිහිටුවනු ලබන ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයකට පැවරෙනවා.
ඒ විතරක් නෙවෙයි දැනට පාර්ලිමේන්තුවේ සම්මත කොට තිබෙන ඉතාමත් වැදගත් පනත් ගණනාවක් මෙම ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉදිකිරීම් පිළිබඳ අනුමැතිය ලබාදෙන ජාතික රාජ්‍ය සභාවේ අංක 78 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත, මහ නගර සභා ආඥා පනත, ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථාන පනත, නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත, විවිධ ව්‍යාපෘති සඳහා බදු සහන ලබාදෙන ක්‍රමෝපායික සංවර්ධන පනත, පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත, ආයෝජන මණ්ඩල පනත, සුරැකුම් හා විනිමය කොමිසන් සභා පනත වැනි වැදගත් පනත් මේ ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සුරැකුම් හා විනිමය කොමිසන් සභා පනත මගින් තමයි විදෙස් විනිමය ආරක්ෂා කරගෙන තිබෙන්නේ. එම රටේ විදෙස් මුදල් පිළිබඳ සියලු බලතල හා රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ මෙම පනත හරහා. එමෙන්ම ආදායම් බදු පිළිබඳ නීති රෙගුලාසි ඇතුළත් දේශීය ආදායම් පනත, එකතු කළ අගය මත බදු පනත, 2002 අංක 11 දරණ මුදල් පනත, 2005 අංක 05 දරණ මුදල් පනත, භාණ්ඩ ආනයන අපනයන පිළිබඳ බලය තිබෙන රේගු ආඥා පනත, වරාය හා ගුවන්තොටුපල බදුවලට අදාල වරාය හා ගුවන්තොටුපල සංවර්ධන පනත, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත, ඔට්ටු ඇල්ලීම හා සූදු පනත, හිතු පරිදි සමාගම්වල කැමැත්ත පරිදි සේවකයින් සේවයෙන් පහ කිරීමට නොහැකි සහ සේවකයින්ට අදාල අයිතිවාසිකම් ආරක්ෂා වෙන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත, විනෝද බදු පනත, විදෙස් විනිමය පනත, කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යන පනත් සියල්ල මුළුමනින්ම නිදහස් කිරීමට හෝ යම් යම් වගන්ති සංශෝධනය කර දීමට ආණ්ඩුව කටයුතු කරනවා. එනිසා සැලසුම් සකස් කරමින් තිබෙන්නේ මෙම වරාය නගරය චීන ප්‍රාන්තයක් කිරීමටයි. චීනයට හොංකොං පිලිබඳ සැලැස්මට සමාන සැලැස්මක් තමයි වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තියෙන්නේ.
Deleteඒ වගේම ජනාධිපතිවරයා විසින් පත්කරන කොමිසන් සභාවේ සාමාජිකයින් ශ්‍රී ලංකා පුරවැසියන් පමණක් විය යුතු බව කොතනක හෝ සඳහන් වෙන්නේ නැහැ. එනිසා කොමිසන් සභාවේ සාමාජිකයින් චීන ජාතිකයින්ද යන්න සැකයක් තිබෙනවා. මේ ආණ්ඩුවේ ආවේ දේශප්‍රේමී, ජාතික සම්පත් ආරක්ෂා කරන ආණ්ඩුවක් විදියට. ලිබර් ආර්ථිකය පිළිබඳ විශාල විවේචනයක් ගොඩනගන ලද පාලනයක්. ආර්ථික ලිබරල්කරණයේ ප්‍රධාන අංගයක් තමයි ආයෝජන මණ්ඩල සහ ක්‍රමෝපායික සංවර්ධන පනත. ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන ලද ලිබරල් ආර්ථිකයට එරෙහි මතය ජාතික ආර්ථිකය පිළිබඳ වහසිබස් බවට පත්කරමින් රටේ අන පනත් අහෝසි කරමින් ආර්ථිකය නිදහස් කිරීමට නියමිතයි.
චීනය මිතුරු රටක් ලෙස සැලකිය හැකි වුවත් අපේ රටේ ඉතිරි වී තිබෙන ආර්ථිකයේ කොඳු නාරටිය කඩා සමස්ත ආර්ථිකය බලවත් රාජ්‍යන්ට පිළිගැන්වීමේ ප්‍රයත්නයක් තමයි මේ දියත් වෙමින් තිබෙන්නේ. එනිසා මෙම ක්‍රියාදමය පරජයට පත්කළ යුතුයි වාගේම මේ රටේ පුරවැසියන් මීට එරෙහිව හඬක් නැගිය යුතුයි. ඒ වගේම අපේ ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ කණ්ඩායම් මගින් අපි සොයා බලනවා මීට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත හැකිද කියලා. නමුත් ආණ්ඩුව මේ රටේ අධිකරණයත් තමන්ට අනුව හසුරුවාගත හැකි මධයස්ථානයක් බවට පත්කරගෙන ඉවරයි. ඒ ඇයි කියලා දැන් හොඳටම පැහැදිලියි. 20 සංශෝධනය මගින් ජනාධිපතිවරයාට අතිශය දූෂිත ලෙස බලය එක්රැස් කරගත්තේ මේ නිසයි. ලංකාවට අදාල සියලු නීති උල්ලංඝනය කරමින් චීන රජයට හා චීන හාබර් සමාගමට අවශ්‍ය පරිදි ප්‍රාන්තයක් ගොඩ නැගීම සඳහා තමයි මේ නීතී සකස් කරමින් තිබෙන්නේ. මීට විරුද්ධව දැවැන්ත විරෝධතා උද්ඝෝෂණ මාලාවක් ඉක්මනින් ආරම්භ කළ යුතුයි කියලා අනුර කුමාර දිසානායක සහෝදරයා කියන්නේ.
කිසිම වැරදි වැටහීමක් නැහැ. ඔය විස්තරය අනුව පෝට් සිටියේ චීන ප්‍රාන්තයක් වගේ එකක් හැදෙන බවනේ කියන්නේ. එය ඒ තරම් දුරට යයිද නොයයිද කියා මම දන්නේ නැහැ. හැබැයි බාගෙට නැතුව හරියටම එහෙම වෙනවනම් තමයි ඕකෙන් වැඩක් වෙන්නේ. මොකද ලංකාවේ කාටවත් බැරි වුනත් චීනය ඔය කෑල්ල දියුණු කරයි. ලංකාවේ ගොඩක් අයට බටහිර රටවල් වගේම ඉන්දියාවත් ඇලජික්. හැබැයි ලංකාවට තනියම පවතින්නත් බැහැ. ස්වයංපෝෂිත ආර්ථිකයක් වැඩි කලක් යන්න පෙර රටම මුහුදේ ගිල්වනවා. රටේ පැත්තක චීනේ කෑල්ලක් හැදුනොත් එහෙම වෙන එකක් නැහැ. යුවාන් වලින් වැටුප් ගෙවනවානම් ඒක තමයි හොඳම දෙය. ලංකාවේ මහ බැංකුවට රුපියල ආරක්ෂා කර ගන්න බැරි වුනත් චීනය යුවාන් එක ආරක්ෂා කර ගන්නවා. ඒ නිසා රටේ ශ්‍රමිකයන්ට මෙය හොඳයි. මහ බැංකුව අවලංගු කාසියක් වෙනවා කියා කිවුවෙත් මේ පදනමින්. පෝට් සිටියේ යුවාන් ආර්ථිකයක් නිල වශයෙන් හැදුනොත් පෝට් සිටියෙන් පිට ලංකාවේත් නොනිල වශයෙන් හෝ යුවාන් ආර්ථිකයක් හැදෙනවා. ඒකත් එක්ක රුපියලට පවතින්න අමාරු වෙනවා.
Deleteඉකොනොමැට්ටා, ඔබ කෙසේ චීන ආක්‍රමණය සාධාරණීකරණය කරන්න උත්සාහ කළත් මේ චීන උගුලේ ඉතිහාසය ගැන ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ පාඨලී චම්පික රණවක වැනි සමගි ජන බලවේගයේ නායකයින් මාධ්‍ය මගින් හොඳින් පැහැදිලි කරලා තියෙනවා. ඒ අනුව මේ චීන මරාලය ලංකාවට කැන්දාගෙන ඒමට මුල පිරුවේ ජනතා විමුක්ති පෙරමුණයි. එයින් ගොඩ ගියේ අන්ත අශික්ෂිත නීල කාස කම්බා හොර රැලක් වන රාජපක්ෂලාය. 1994න් පසුව ජවිපෙ සැමදා කලේ එවැනි මෝඩ වැඩය. උද්ගෝෂණ සමයට පෙසපෙත් මැතිවරණ සමයට ජවිපෙත් ඒ දෙකම නැති කාලයට සංස්කෘතික දේශපාලනයේත් නිරත වන කොළඹ කේන්ද්‍රීය සංස්කෘතික වම්මුන්ට ජවිපෙ ඒ අතීතය අමතකය.
ReplyDeleteසමගි ජන බලවේගයේ බුද්ධිමතුන් පෙන්වා දෙන පරිදි මේ වන විට චීනයේ කිසිඳු ගංගාවක, විලක, වැවක පිරිසිදු ජලය නොමැත. පොසිල ඉන්ධන සහ කර්මාන්තශාලා දුමෙන් චීනය වැසී ගොස්ය. චීන කොම්යුනිස්ට් නියමුවන්ට ඒ පිළිබඳව ප්‍රශ්නයක් නොමැත්තේ ඒ සියලු ප්‍රශ්න නූතන විද්‍යාව විසින් විසඳනවා ඇත යන්න සහ ඒ කෙසේ වෙතත් ඔවුන් ඉදිරියේදී පෘතුවිය අත්හැර වෙනත් ග්‍රහලෝක කරා සංක්‍රමණය වෙන්නේය යන බලාපොරොත්තුව මතය.
චීනයේ "One Belt, One Road, One Currency" ව්‍යාපෘතිය යනු චීනයේ පවතින එම භයානක තත්ත්වය ලෝකය පුරා අනෙක් රටවල් වෙතට ව්‍යාප්ත කරවමින් ඔවුන්ගේ ආධිපත්‍ය තහවුරු කරගැනීම සඳහා ක්‍රියාත්මක වන්නකි. ලංකාවේ ගම්, නගර, කැලෑ, ගංගා, ජලාශ, අහස කුස සිසාරා ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ එයයි.
මේ මහා විනාශයට මුල පිරූ ජවිපෙ ඒ තුලින් ඔවුන්ගේ විනාශයද ලඟා කොට ගත්තේය. එහි ඉතුරු කාර්ය සම්පූර්ණ වන්නේ ජවිපෙ නිර්මාණයක් වූ එවැනිම බලවේගයක් වන "දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය" රාජපක්ෂලාට එකතු වූවක් මෙන් "ජාතික ජන බලවේගය" දූෂිත නන්දසේන ඒකාධිපති පවුල් වාදී ආඥාදායකත්වය සමග එකතු වීමෙනි.
නමුත් එම කාර්ය සම්පූර්ණ කිරීම නවතා නැවත ලංකාව බේරාගැනීමට නම් සුදුසුම වන්නේ සමගි ජන බලවේගයේ නායකත්වය සමග එජාපයේ ද සාමාජිකයන් සමග මංගල සමරවීර ඇතුළු පිරිස හා එකතුව ඔවුන්ට එම කාර්ය සම්පූර්ණයෙන්ම අනෙක්ක පැත්තට හැරවීමට ද හැකිය.
//චීන කොම්යුනිස්ට් නියමුවන්ට ඒ පිළිබඳව ප්‍රශ්නයක් නොමැත්තේ ඒ සියලු ප්‍රශ්න නූතන විද්‍යාව විසින් විසඳනවා ඇත යන්න සහ ඒ කෙසේ වෙතත් ඔවුන් ඉදිරියේදී පෘතුවිය අත්හැර වෙනත් ග්‍රහලෝක කරා සංක්‍රමණය වෙන්නේය යන බලාපොරොත්තුව මතය.//
Deleteචීන කොම්යුනිස්ට් පක්ෂය එසේ හිතන්නේනම් ඔය කරුණු දෙකම වඩා ඉක්මණින් සිදු වනු ඇත. ඔවුන් එසේ නොසිතුවද ඔය දේවල් සිදුවනු ඇත. අප වසර 40කට පමණ පෙර ඉගෙන ගත් පරිදි හා වසර 30කට පෙර මාද විශ්වාස කළ පරිදි මේ වන විට පෘථිවිය මත පොසිල ඉන්ධන අවසන්ව, සංවර්ධනය හා මානව ප්‍රගතිය නැවතී දිස්තෝපියානු ලෝකයක් හැදී තිබිය යුතු වුවත් එසේ වී නැත.
//නමුත් එම කාර්ය සම්පූර්ණ කිරීම නවතා නැවත ලංකාව බේරාගැනීමට නම් සුදුසුම වන්නේ සමගි ජන බලවේගයේ නායකත්වය සමග එජාපයේ ද සාමාජිකයන් සමග මංගල සමරවීර ඇතුළු පිරිස හා එකතුව ඔවුන්ට එම කාර්ය සම්පූර්ණයෙන්ම අනෙක්ක පැත්තට හැරවීමට ද හැකිය.//
ඔවුන් සියලු දෙනා "ගම්, නගර, කැලෑ, ගංගා, ජලාශ, අහස කුස" වෙනුවෙන් පෙනී සිටින්නේනම් මිනිසුන් වෙනුවෙන්ද කවුරු හෝ පෙනී සිටිය යුතුය. මා පරිසරයේ වැදගත්කම අවතක්සේරු කරන්නේ නැතත් අධිතක්සේරු කරන්නේද නැත.
ඉකොනො, සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වය රටතේ සමගි ජන බලවේගය පක්ෂය ශ්‍රී ලංකාවේ පළමුවන හරිත පක්ෂය බවට නම් කර තියෙනවා. මේ ගැන සජිත් ප්‍රේමදාස මහතා ගේ ෆේස් බුක් පිටුවේ වැඩි විස්තර සඳහන් කර තියෙනවා.
Deleteඑමෙන්ම ලංකාවේ ඉතා ජනප්‍රිය ප්‍රබල පරිසරවේදී ක්‍රියාකාරීන් රැසක් මේ වන විට සමගි ජන බලවේගයේ දේශපාලන කටයුතු සඳහා එක්ව සංවිධානය වී සිටිනවා. ළඟදි ලංකාවේ ඉතාමත් ජනප්‍රිය පරිසරවේදී නයනක රන්වැල්ල ස.ජ.බ. කළුතර දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු භාර ගත්තා. සජිත් ප්‍රේමදාස මහතාත් නිතර විල්පත්තු යාල ජාතික වනෝද්‍යාන තුළ සංචාරය කරන ඉතා ප්‍රබල පරිසර හිතකාමී අදහස් දරන දේශපාලන නායකයෙක්.
මීට අමතරව ඔබ ඔය කියන කොළඹ වරාය නගරය සදහා ගැසට් කර ඇති පනත මගින් එදා ප්‍රභාකරන් වෙනම ඊළම් රාජ්‍යයක් ඉල්ලා සටන් කළ පරිදිම තවත් වෙනම ස්වාධීන ප්‍රාන්තයක් නැතහොත් තවත් රටක් බිහි වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය ආයතන අමතා සඳහන් කළා.
එය ඉතාමත් සරලව කොළඹට නුදුරින් තවත් ඊළමක් නිර්මාණය කිරීමේ තත්ත්වයක් බවද එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මාධ්‍ය වලට පැවසූවේ.
මෙම වරාය නගර පනත් කෙටුම්පත පැහැදිලිවම වෙනම රටක් බිහිකිරීම සඳහා වන බරපතල කුමන්ත්‍රණයක් යයිද පවසන ඔහු එම පනත අනුව මෙම වරාය නගරය පාලනය කරන්නේ වෙනම විජාතික බලවේග වලින් නටවන කොමිසමකින් යයිද පැවසීය.
වරාය නගරය සඳහා මුහුද ගොඩ කිරීමේ කිසිම උවමනාවක් නොතිබූ බවද පැවසූ ඔහු සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කිරීම සඳහා පවතින ඉඩම් යොදාගැනීමේ හැකියාවක් තිබූ බවද සඳහන් කළා.
මේ නිසා එය ඔය කියන තරම් සාර්ථක බවක් මට නම් පේන්නේ නැහැ.
//මෙම වරාය නගර පනත් කෙටුම්පත පැහැදිලිවම වෙනම රටක් බිහිකිරීම සඳහා වන බරපතල කුමන්ත්‍රණයක් යයිද පවසන ඔහු එම පනත අනුව මෙම වරාය නගරය පාලනය කරන්නේ වෙනම විජාතික බලවේග වලින් නටවන කොමිසමකින් යයිද පැවසීය.//
Deleteපෙසපෙත් දැන් ජාතිකවාදී වෙලාද?
ඉකොනො ලංකාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වන ස.ජ.බ. පා.ම ලක්ෂ්මන් කිරිඇල්ල මෙසේ අදහස් පල කළා;
ReplyDelete"ගරු කතානායකතුමනි, ජාතික සෞඛ්‍යය නියාමන කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන් වන මහාචාර්ය අසිත ද සිල්වා, වෛද්‍ය පාලිත අබේකෝන්, ලක්කුමාර ප්‍රනාන්දු, කේ.එම්.ජී හේරත්, වෛද්‍ය කපිල රණසිංහ යන මේ අය ඔබතුමිය අස්කෙරවා. මේ අය හොද අග්‍රගණයේ වෛද්‍යවරු, මේ අයට විශාල අපහාසයක් කරලා තියෙන්නේ. මම අහන්න කැමතියි මොන හේතුවක් මතද අස් කෙරෙව්වේ මේ සම්බන්ධයෙන් වෛද්‍යවර විශාල කැලඹීමක ඉන්නේ.
අපිට ලැබෙන ආරංචි අනුව මේ අය කොවිඩ් චීන එන්නත ලංකාවට ගෙන ඒමට විරද්ධ උනා කියලයි පුවත්පත්වල සහ වෙබ් අඩවිවල තියෙන්නේ. මේ අය අස් කරනකොට ආණ්ඩුව හේතුවක් දැක්වූයේ නැහැ. හේතු කිව්වානම් අපි ඒක පිළිගන්න සූදානම්. චීන එන්නත ලෝක සෞඛ්‍යය සංවිධානයවත් පිගෙන නෑ.
මේ චීන එන්නත විෂ එන්නතක්... මේ එන්නතද ලංකාවේ ජනතාවට දෙන්න හදන්නේ. මම සෞඛ්‍ය සේවා ඇමතිතුමීට මතක් කරන්න කැමතියි 60 ගණන්වල උප්පත්ති පාලනය කියලා ජමනියේ Drug එකක් හැදුවා. ඒක කිසිම පරික්ෂණයක් නැතිව ලෝකයේ හැම තැනම බෙදලා අද වන විට ලක්ෂ 5 ක් පමණ ඉන්නවා අංගවිකල ළමයි.
චීන එන්නත ගේන්න ඕන නිසා තමයි මේ පිළිගත් වෛද්‍යවරු ඉවත් කරලා ආණ්ඩුවට කඩේ යන දූෂිත හොර වෛද්‍යවරු පත් කර ගත්තේ. එහෙම කලේ අපේ ජනතාවට විෂ පොවන්නද මේක විෂ එන්නතක් බව ඉතාමත් කණගාටුවෙන් වුවද පැහැදිලිව කීමට කැමතියි. ආණ්ඩුව වහාම මේ ගැන දීර්ඝ ලෙස විවාද කිරීමට පැහැදිලි කිරීමක් කරන ලෙස ඔහු යෝජනා කළා.
ඇත්තටම මේ චීන එන්නත ශරීරගත වීම එදා හිට්ලර් යුදෙව් දරුවන්ට විෂ එන්නත් කළා වගේ ලංකාවේ ජනයා මර්දනය කිරීමට යොදන විෂ එන්නතක් ද,? විශේෂයෙන්ම ලංකාවේ මුස්ලිම්වරු මේ එන්නත් ගැන දැඩි ලෙස සැක පල කරනවා. ඔබ මේ ගැන හිතන්නේ කොහොම ද?
ආණ්ඩුව කිසිවෙකුට බලහත්කාරයෙන් එන්නත ලබා දෙනවානම් එය සිදු නොවිය යුත්තක්. කවුරු හෝ කැමැත්තෙන් එන්නත ලබා ගන්නවානම් ආණ්ඩුවට වැරැද්ද නොපටවා එහි අවදානමද ඒ අය විසින්ම දරා ගත යුතුයි. කැමති කෙනෙකුට ලබා ගන්න විකල්පයක් ඉදිරිපත් කිරීමේ වරදක් නැහැ. එහි අවදානම් ගැන දන්නා අය සිටීනම් කළ යුත්තේ අනෙක් අයව දැනුවත් කිරීමයි.
Deleteමුදල් විශුද්ධිකරණ්‍ය කියන්නේ මොකක්ද ඉකෝ, එය හොද නැති වෙන්නේ කොහොමද කියන්න පුලුවන් ද? මීට ඉස්සර ඒ පිලිබදව සටහනක් දල නෑ නේද වියනුවේ.
ReplyDeleteපෝට් සිටි එකේ මුදල් විශුද්ධිකරණ්‍ය වෙන්න පුලුවන් ඉඩ කඩ තියෙන්වා ලූ.
සරලව කියනවානම් කළු සල්ලි සිදු කරන එක. තවත් පැහැදිලි කළොත් නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාම, නීති විරෝධී අවි ජාවාරම, නීති විරෝධී මිනිස් ජාවාරම වැනි දෙයකින් ආදායම උපයන කෙනෙක්ට තමන් එම ආදායම ඉපැයූ ආකාරය ප්‍රසිද්ධියේ කියන්න බැරි නිසා සල්ලි වියදම් කිරීමේදී ප්‍රශ්නයක් එනවා. දේශපාලනඥයෙක් හෝ රාජ්‍ය නිලධාරියෙක් විසින් විශාල අල්ලසක් හෝ කොමිස් මුදලක් ලබා ගත් විටත් මේ ප්‍රශ්නය ඇති වෙනවා. එවැනි ක්‍රම වලින් ආදායම් උපයන සමහර අය ඇත්තටම තමන් ආදායම් උපයන ආකාරය ආවරණය කර ගන්න නමට වෙනත් ව්‍යාපාරයක් කරන අවස්ථා තිබෙනවා. (මේ දවස් වල ස්වර්ණවාහිනියේ ප්‍රචාරය වන අග්නි පියාපත් ටෙලි නාට්‍යයේ තිබෙන්නේ එවැනි කතාවක්). විවිධ නියාමන කොන්දේසි හා සීමාවන් නිසා මේ සල්ලි විධිමත් ආර්ථිකය ඇතුළට ගේන්න (සුදු කරන්න) අමාරුයි. ඒ නිසා එවැනි කළු සල්ලි තිබෙන අය නිරන්තරයෙන්ම නියාමනය අඩු තැන් හොයනවා. සමහර රටවල් නියාමන කොන්දේසි ලිහිල් කරලා මෙවැනි මුදල් ආකර්ශනය කර ගන්නවා. ස්විස් බැංකු වල සාර්ථකත්වය පිටුපස තිබෙන්නේත් මෙවැනි කතාවක්. ලංකාව පහසුවෙන් ප්‍රාග්ධනය ආකර්ශනය කර ගන්නා රටක් නොවන බව අපි දන්නවා. කාලයක් තිස්සෙම විවිධ ආණ්ඩු සෘජු විදේශ ආයෝජන ගැන ලොකුවට කතා කළත් කයිවාරු වල හැටියට වැඩ සිදු වී නැති බව කවුරුත් දන්නවනේ. මෙය අදාළ පුද්ගලයන්ගේ නොහැකියාව නෙමෙයි. පවතින තත්ත්වය යටතේ අපේක්ෂා කළ හැකි සාමාන්‍ය දෙයක්. පෝට් සිටිය යටතේ සිදු කරන ආයෝජන හා අදාළව නියාමන කොන්දේසි ලිහිල් කළොත් (සල්ලි එන්නේ කොහෙන්ද, ඒ සල්ලි හොයා ගත්තේ කොහොමද, සල්ලි යන්නේ කොහාටද කියන එක හොයා නොබලන බව සහතික කළොත්) ගෝලීය ප්‍රාග්ධනය එහි ආකර්ශනය වෙන්න පුළුවන්. සල්ලි එන්නේ කොහෙන්ද කියන එක පමණක් පරීක්ෂා නොකර සල්ලි යන්නේ කොහාටද කියන එක පරීක්ෂා කරන්න ගියොත් මේ වැඩේ වෙන්නේ නැහැ. නිදහසේ, රහසිගතව සල්ලි වෙන තැනකට ගෙනියන්න බැරිනම් එන හැටි හොයා නොබැලූ පමණින් ප්‍රාග්ධනය විශාල ලෙස ගලා එන එකක් නැහැ. මෙහි අවාසිය වන්නේ එන සල්ලි නැවත නීති විරෝධී කටයුතු වෙනුවෙන් යෙදවිය හැකි වීමයි. උදාහරණයක් විදිහට මේ වගේ තැනක් ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් සපයන අතරමැදි තැනක් වෙන්න පුළුවන්. එය ජාත්‍යන්තර ප්‍රශ්න ඇති කළ හැකියි. මේ දේවල් වෙන්නේ මුදල් විසුද්ධිකරණයට සෘජුව හෝ වක්‍රව පහසුකම් සැලසුවොත්. පෝට් සිටියේ එවැනි පහසුකමක් සපයා ප්‍රාග්ධනය ආකර්ශනය කර ගැනීමේ ඉලක්කයක් තිබෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. බදු සහන දෙනවා කියා කියන්නේ මුදල් විසුද්ධිකරණයට පහසුකම් සපයන එකම නෙමෙයි. බදු සහන වලට සුදු සල්ලිත් ආකර්ශනය වෙනවා. නමුත් කළු සල්ලි වලට සාපේක්ෂව සුදු සල්ලි ආයෝජනය කළ හැකි බොහෝ තැන් තිබෙනවා. ඒ වගේම සල්ලි කළුද සුදුද කියන එක තීරණය වෙන්නේ යම් රටක නීතිය අනුව. සල්ලි කොහොමටත් සල්ලි. එක රටක නීතිය අනුව කළු සල්ලි වෙනත් රටක නීතිය අනුව සුදු සල්ලි විය හැකියි. හැම දේකම වගේ මෙහිත් දෙපැත්තක් තිබෙනවා. අන්තවාදී නොවී දෙපැත්තම බැලන්ස් කර ගන්න එකයි කළ යුත්තේ. මුදල් විසුද්ධිකරණය ගැන ඕනෑවට වඩා බර දැම්මොත් වෙන්නේ ලෙඩා මැරුණත් බඩ සුද්දයි තත්ත්වයක්. හරියට පරිසර අන්තවාදය වගේ. නමුත් මේ ගැන මුළුමනින්ම නොසලකා කටයුතු කළොත් එහි අහිතකර ප්‍රතිඵල වලටත් මුහුණ දෙන්න වෙනවා.
Delete// දැන් ලංකාව ඇතුළේ මුදල් ඒකකයක් විදිහට රුපියලට තිබෙන ඒකාධිකාරය නැති වෙනවා. ///
ReplyDeleteඑතකොට රුපියල තවත් පිරිහිලා ණය බර තව වැඩි වෙන්නේ නැද්ද??
රුපියල පිරිහුණා කියලා ණය "බර" වැඩි වෙන්නේ නැහැ. රුපියල් වලින් ගත්ත ණය කොහොමටත් ගෙවන්න වෙන්නේ රුපියල් වලින් නිසා වෙනසක් නැහැ. ඩොලර් වලින් (හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින්) ගත් ණය ගෙවන්න වෙන්නේ ඩොලර් වලින් නිසා එම ණයේ රුපියල් අගය අඩු වෙනවාද වැඩි වෙනවාද කියන එක ඒ තරම්ම වැදගත් කරුණක් නෙමෙයි. විනිමය අනුපාතිකය පාලනය කර ණය අඩුවෙන් පෙන්වීම තමන්වම රවට්ටා ගන්නා ඉලක්කම් විජ්ජාවක් පමණයි. අනිත් එක රුපියලට තිබෙන ඒකාධිකාරය අඩු වෙනවා කියා කියන්නේ රුපියල පිරිහෙනවා කියන එකම නෙමෙයි. තරඟයක් තිබෙන නිසා සහ විදේශ මුදල් ගලා ඒමක් එන නිසා රුපියල පිරිහෙන එක නැවතී රුපියල ශක්තිමත් වෙන්න වුනත් පුළුවන්. අවසාන වශයෙන් වාසි අවාසි තීරණය වන්නේ පෝට් සිටිය නිසා ශ්‍රී ලාංකිකයන්ට කොපමණ රැකියා ලැබෙනවද කියන එකෙන්. අනෙක් දේවල් එතරම් වැදගත් දේවල් නෙමෙයි. ආයෝජන වලට අනුමැතිය හා බදු සහන ආදිය දීමේදී ප්‍රමුඛතාවය දිය යුත්තේ මේ කරුණටයි. රැකියා ජනනය නොවී ලැබෙන ප්‍රාග්ධනය තාවකාලික වාසියක් වුවත් දිගුකාලීනව එයින් වෙන්නේ අවාසියක්. දිගුකාලීන වාසි ලැබෙන්නේ ලැබෙන අලුත් රැකියා ප්‍රමාණය මතයි.
Deleteඔය පෝට් සිටි එක හැදුවාම ඒ කලාපයේ වෙනම රුපියල් නොවන මුදල් එකකයක් නේ භාවිතා වෙනවා කියන්නේ, එතකොට පිට රටකට යනවාට වැඩිය ලෙසියෙන් වෙනම දියුණු කලාපයකට යන්න මිනිස්සූන්ගේ තියෙන උනන්දුවත් එක්ක ලංකාවේ ඉඉතිරි විදේශ විනමය ඉක්මනට පිටට ඇදිලා යනවා කියල හිතෙන්නේ නැද්ද ?
ReplyDeleteවිනිමය අනුපාතිකය නිවැරදිව කළමනාකරණය නොකළොත් එහෙම වෙන්න පුළුවන්. විනිමය අනුපාතිකය හරියට කළමනාකරණය කළොත් එහෙම වෙන්නේ නැහැ. පළමුව ලංකාවේ ඉතිරි විදේශ විණිමය කියා දෙයක් නැහැ. සංචිත යම් ප්‍රමාණයක් තිබුණත් එමෙන් දහ ගුණයකටත් වඩා ණය තිබෙනවා. ඒ නිසා එළියට ඇදී යන්න කියලා දෙයක් රට ඇතුළේ ඇත්තටම නැහැ. එළියට යන්නනම් විදේශ මුදල් රට ඇතුළට කොහෙන් හෝ එන්න ඕනෑ. පෝට් සිටියේ වැඩ කරලා විදේශ මුදලකින් ආදායම් හොයන්න අවස්ථාවක් ලැබෙනවනම් ශ්‍රී ලාංකිකයන්ට මැද පෙරදිග නොගොස් (ඒ ආශ්‍රිත සමාජ ප්‍රශ්න වලට මුහුණ නොදෙමින්) ලංකාවේ ඉඳලම විදේශ විණිමය උපයන්න පුළුවන්. ඒ වගේම දැන් විදේශ සංචාර වල යෙදිලා ශ්‍රී ලාංකිකයන් විසින් එළියේ වියදම් කරන මුදල් ඔය කොටසේ ඉතිරි වෙන්නත් පුළුවන්. තෙවනුව ඔය කොටසට එන විදේශිකයෙක් ලංකාවේ ඉතිරි කොටසටත් ඇවිත් මුදල් වියදම් කරනවා. ඔය හැම ආකාරයකින්ම රට ඇතුළට විදේශ මුදල් ගලාගෙන එනවා. ආණ්ඩුව හා මහ බැංකුව විසින් එසේ රට ඇතුළට ගලා ගෙන එන විදේශ මුදල් එකතු කරගෙන දැනට තිබෙන විදේශ ණය ගෙවා දැමිය යුතුයි. සංචිත වලට වඩා ණය තිබෙන තුරු රුපියල යම් ප්‍රමාණයකට අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරිය යුතුයි. රුපියල ශක්තිමත් වෙන්න ඉඩ ඇරිය යුත්තේ විදේශ ණය වලට වඩා විදේශ සංචිත තිබේනම් පමණයි. රජය සතුව ණය තිබෙන එක වලක්වන්න අමාරුයි. නමුත් ඒ සල්ලි මහ බැංකුවේ හෝ රට ඇතුළේ කොහේ හරි තිබිය යුතුයි. දැන් ප්‍රශ්නය රට ඇතුළේ කොහේවත්ම විදේශ සංචිත නැති වීමයි. රුපියල ඕනෑවට වඩා ශක්තිමත්ව තියා ගන්න හැදුවොත් ඔබ කියනවා වගේ රටේ මිනිස්සු පෝට් සිටි ගිහින් රටට එන විදේශ මුදල් ටික වියදම් කරලා දමයි. නමුත් ඩොලරය ඉහළ යන්න ඇරීමෙන් එය පාලනය කළ හැකියි. අනෙක් වැදගත්ම වාසිය ඩොලරය ඉහළ යන විට පෝට් සිටියෙන් එළියේ රටේ මිනිස්සු විදේශ මුදල් තමන් අතේ තියාගන්න පෙළඹවීමක් ඇති වෙනවා. එවිට ඒ සල්ලි එළියට නොගොස් රට ඇතුළේ ඉතිරි වෙනවා. අවසාන වශයෙන් පෝට් සිටිය කියන්නේ යම් කරුණු අතින් රටේ ඉතිරි කොටසින් වෙනස් වුවත් රටේම කොටසක්. ඒ කොටසට ගිහින් වියදම් කළත් ඒ සල්ලි වියදම් කෙරෙන්නේ ලංකාව ඇතුළේ. එය වෙන රටකට ගිහින් වියදම් කිරීමක් වගේ දෙයක්ම නෙමෙයි.
Deleteඉකොනෝමැට්ටා,
ReplyDeleteඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දින දෙක තුනක් ඇතුලත සැලකිය යුතු අන්දමට උච්චාවචනය උනා. අප්‍රේල් 15 වෙනිදා රු 203, 16 වෙනිදා 193, 17 වෙනිදා 199 යි. මෙහෙම වෙන්නේ කොහොමද? චීනයෙන් පහුගියදා ලැබුණු ඩොලර් මිලියන 500 නය නිසාද? ඒ මුදල් මෙතරම් ඉක්මනට ලැබුනද?
ඔබ කිසියම් එක් වාණිජ බැංකුවක විණිමය අනුපාතික දෙස බලනවා විය හැකියි. ඒ වගේම ගැනුම් මිල හා විකිණුම් මිල පටලවා හෝ පටලවාගෙන ඇති බවත් පේනවා. මහ බැංකු වෙබ් අඩවියෙන් USD/LKR SPOT Indicative Rate එක දෙස බැලුවොත් මේ තරම් විචලනයක් නැති බව පෙනෙයි.
Delete4/12 199.91
4/15 200.00
4/16 199.93
කොළඹ කොටුවේ විදෙස් මුදල් හුවමාරු කරන්නන් මෙම අගය ගෙව්වේ. මහා බැංකු වෙබ් අඩවියේ යන අගයන් විශ්වාශ කරන්නේ නැහැ එහෙ වැඩ කර අයවත්..
Deleteඇත්තටම ඉකොනෝ හිතන විදියට මිනිස්සු අතර ගැවසෙන කොළඹ කොටුවේ මුදල් හුවමාරු කරන්නන් මේ වගේ මුදලේ අගය උච්චාවචනය කරේ ඇයි?
මම මිල පටලවා ගෙනත් නැහැ. සැබෑවටටම අත්වින්ද දේ කිව්වේ.
ඉකොනොමැට්ටා මොකද හිතන්නේ ලංකාවේ විනිමය හුවමාරු ගැන? උදාහරණයක් විදියට කොළඹ කොටුවේ විදෙස් මුදල් හුවමාරුකරුවන්ගේ මිල ගණන් මෙහෙයවන්නේ බොහෝ දුරට නිල නොවන ලෙස උණ්ඩියල් ආදී ක්‍රම වලින්, ධීවරයින්, නාවුකයින් සහ පිටරටවල සිට පුද්ගලිකව හෝ හොරෙන් ගෙන එන විදේශ මුදල් රුපියල් වලට හුවමාරු කරගැනීමේ අවශ්‍යතාවය මත ලබා ගන්නා විදේශ මුදල් ඉල්ලුම සහ සැපයුම මතයි.
Deleteඒ අනුව රටේ නීත්‍යානුකූල රුපියල් ඩොලර් අනුපාතය රුපියල් 200 වන විට පිටකොටුවේ ඩොලර් සැපයුම ඉතා වැඩි නම් එහි අනුපාතය ඩොලර් එකක් රුපියල් 180 ක් පමණ වෙන්න පුළුවන්. එවැනි දිනවල නීත්‍යානුකූල බැංකුවක් මගින් වඩා ඉහළ මිලකට (දළ වශයෙන් රු. 196 - 198 පමණ ගැනුම් මිලකට අලෙවි කරගන්න පුළුවන්.)
නමුත් පිටකොටුවේ ආනයන කටයුතු කරන වෙළඳුන්ට ඩොලර් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය දවසක් නම් ඩොලර් එකක් රුපියල් 220 දක්වා යා හැකියි. එය ඉතා විචල්‍ය වෙළඳ පොලක්.
මේ වගේම කොළඹ WTC වෙළඳ මධ්‍යස්ථානයේ මනි මාකට් එකේ ද මේ වගේ ඇතැම් විට ඩොලර් වල වැඩි අවශ්‍යතාවක් ඇති අය පැමිණ ඩොලර් එකක් රුපියල් 220 - 240 ට පවා ඉල්ලන අවස්ථා තියෙනවා. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?
ඒ වගේම ලංකාවේ විශාලතම ආනයන වෙළඳ පොළ තියෙන්නේ කාත්තන්කුඩ්ඩි ප්‍රදේශයේ. ඉන්දියාවේ සිට තීරු බදු රහිතව හොරෙන් ගෙන එන විදේශ භාණ්ඩ ඕනෑ තරම් තියෙනවා. විශේෂයෙන් රෙදි පිළි ආදිය මහාපරිමාණයෙන් ගන්නා විටක ඉතාමත් අඩු මිලට ගන්න පුළුවන් නිසා රට පුරා රෙදි වෙළඳුන් (අති බහුතරය ලංකාවේ මුස්ලිම්වරුන්ගේ වෙළඳ ප්‍රජාව) මෙම භාණ්ඩ මිලට ගැනීමට පැමිණෙනවා. මේ කාත්තන්කුඩ්ඩි දැවැන්තම වෙළඳ පොළ සිංගප්පූරුවේ මුස්තාපා මාකට් එක වගේ සංවර්ධනය කළ හැකි වෙයි ද? මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා?
AnonymousApril 17, 2021 at 10:20 AM
Deleteඔබ කතා කරන්නේ කොළඹ කොටුවේ මුදල් හුවමාරු කරන්නන් ගෙවන මිල ගැනනම් එය මෙවැන්නක් විය හැකියි. එම වෙළඳපොළේ මිල තීරණය වන්නේ AnonymousApril 17, 2021 at 10:28 PM ප්‍රතිචාරයේ ඇති ආකාරයේ වෙනත් සාධක මත. සාමාන්‍යයෙන් වාණිජ බැංකු රුපියල් 5ක් පමණ තියාගෙන ඩොලර් විකුණද්දී කොටුවේ සත පණහ තියාගෙනත් විකුණනවා. මේ මිලට චීන ණයේ බලපෑමක් ආවා කියලා මම හිතන්නේ නැහැ. 10:28 PM කමෙන්ටුවේ කරුණු නිවැරදිනම් මෙය විශාල විචලනය වීමක්. ඒ ගැන පැහැදිලි කරන්න තරම් මේ වෙළඳපොළේ වත්මන් තත්ත්වය ගැන දැනුමක් මට නැහැ. කාත්තන්කුඩ්ඩි ගැනත් මෑතකදී අහපු දේවල් වලට වඩා දෙයක් මම දන්නේ නැහැ.
ස්තූති ඉකොනොමැට්ටා, පැහැදිලි කිරීමට, එහි අක්වේරළ බැංකු කටයුතු සිදු වෙනවා කිය්නවා, මෙහි අක්වෙරළ බැංකු කටයුතු කියන්නේ මොකක්ද පැහැදිලි කරන්න පුලුවන් ද
ReplyDeleteඉකොනො මැට්ටා, ඇත්තටම ඔන්ෂෝ සහ ඕෆ් ෂෝ කියලා කියන්නේ මොනවගේ සමාගම් ද කියලා දීර්ඝ වශයෙන් විස්තර කරලා ලියන්න පුළුවන් නම් හොඳයි. ලංකාවේ ගොඩක් අය මේ ගැන හිතන්නේ යම් කිසි රටකින් උදාහරණයක් විදියට ලංකාවෙන් පිටත ව්‍යාපාර කටයුතු කරගෙන යාම සදහා පමණක් ලංකාවේ ලියාපදිංචි කරනු ලබන සමාගම් අක්වෙරළ (ඕෆ් ෂෝර්) සමාගම් කියලා. ඒ වගේම අක්වෙරළ සමාගම් වලට ලංකාව තුල දේශීය භාණ්ඩ හා සේවා සඳහා ව්‍යාපාර කටයුතු කිරීම තහනම් බවත් ලංකාවෙන් පිටත පමණක් ව්‍යාපාර කටයුතු කිරීමට අවසර ඇති බවටයි ඔවුන් හිතන්නේ.
ReplyDeleteඒ වගේම ඕෆ් ෂෝර් සමාගම් ගිණුමක් / ජාත්‍යන්තර සමාගම් ගිණුමක් විවෘත කිරීමෙන් ලාංකිකයකුට පුළුල් පරාසයක ප්‍රතිලාභ සහ අවස්ථාවන් ලැබෙන බව සහ තම මූල්‍ය අරමුදල් ලොව පුරා මාරු කළ හැකි හෝ තත්පර කිහිපයකින් ගෙවීම් ලැබිය හැකි ජාත්‍යන්තර ගෙවීම් ගිණුමක් සේවාදායකයින්ට හිමිවන බවත් අක්වෙරළ සමාගම් ගිණුමකට දිනකට ඩොලර් 50,000 ක් දක්වා මාරු කිරීමේ සීමාවක් ඇති බවත් කොටින්ම කිවහොත්, අක්වෙරළ සමාගම් ගිණුමක් තිබීමේ ප්‍රධාන වාසි හයක් පමණ ඇති බවයි ලංකාවේ කට්ටිය හිතන්නේ.
ඒ දේශසීමා රහිත ගිණුම් ආරම්භ කිරීම මගින්
ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට ව්‍යාපාරික ගනුදෙනු සඳහා යුරෝපා සංගමය වැනි සංවර්ධිත රටවල විදේශීය ගිණුම් විවෘත කළ හැකි බව, තම ආයෝජන මුදල් (capital) ප්‍රවාහය (flow) සහ ආයතනික රහස්‍යභාවය කළමනාකරණය කිරීම සඳහා නම්‍යශීලී භාවය, දේශපාලන අවදානමකින් ආරක්ෂා වෙතැයි කියන විශ්වාසය (අපේ ආයෝජක මුදල් දේශපාලනික වශයෙන් අස්ථාවර රටක/ ප්‍රදේශවල බැංකුවක තැබීමට සාපේක්ෂව ජාත්‍යන්තර ව්‍යාපාර ගිණුමක ගබඩා කිරීම වඩා සුරක්ෂිත බව), අපේ ප්‍රේෂණ remittance, තැන්පතු deposits සහ ආයෝජන investment ගනුදෙනු අනුව සඵලදායී effective බදු අනුපාත සමඟ සංසන්දනාත්මක විදේශ විනිමය අනුපාත හිමිකම්, අඩු හුවමාරු පිරිවැය නිසා ඉතා සාධාරණ පිරිවැයක් සහිතව ක්ෂණිකව අරමුදල් යැවිය හැකි බව, කාර්යක්ෂමතාව ඉහළ සහ නවීන තාක්ෂණයෙන් යුත් ජාත්‍යන්තර සමාගම් වල ගුණාත්මක සේවය යටතේ ඉහළම සේවාවක් භුක්ති විඳින්න හැකි වීමේදී අරමුදල් සඳහා පහසු සහ දැරිය හැකි ප්‍රවේශයක් සක්‍රීය කරගෙන අනාගතයේදී විදේශීය ආයෝජන අවස්ථා සඳහා සේවාදායකයින් සොයා ගැනීමට පුළුවන් වීම නිසා බව ලංකාවේ ජනයාගේ අදහසයි. මේවා ඇත්තටම වෙන්න පුළුවන් දෙයක් නොවෙයි නේද?
එකොනොමැට්ටා මේ දවස්වල චීනය සහ ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ලංකාවේ ජනපති ගේ ඉල්ලීම පරිදි චීනය සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා කියලා ඔබ මාධ්‍ය හරහා දකින්න ඇතිනේ.
ReplyDeleteමෙම යෝජනාව මුලින්ම සාකච්ඡාවට ගත්තේ 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ අවසන් භාගයේ දී නමුත් ඉන් අනතුරුව යහපාලන රජය කාලයේ එම සාකච්ඡා ඉදිරියට පැවැත්වුණේ නැති අතර ඒ වෙනුවට එජාපය විසින් යෝජනා කළ එට්කා ගිවිසුම සහ සිංගප්පූරු වෙළඳ ගිවිසුම ද සාර්ථක කරගැනීමට නොහැකි වුණේ විවිධ කණ්ඩායම් සහ විපක්ෂයේ ආණ්ඩු විරෝධී අරගලවල බලපෑම නිසා.
කෙසේ වෙතත්ම දැන් අලුත් වටයකින් චීන ලංකා සාකච්ඡා මේ වනවිට නැවත ආරම්භ කර ඇති අතර එහි ප්‍රධාන අරමුණ දැඩි ලෙස වෙළඳ ශේෂ අර්බුදයකින් පීඩා විඳින අන්ත අසරණ රටක් වූ ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ වැඩිපුර චීන වෙළෙඳපොළට යැවීම බවයි මේ සාකච්ඡා කණ්ඩායමේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට නියමිත ලංකාවේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.
දැනට ලංකා - චීන රටවල් දෙක අතර වාර්ෂික වෙළඳාමේ පරතරය මෙරිකානු ඩොලර් බිලියන තුනක් පමණ වෙනවා.
ඒ අනුව ලංකාව වසරකට ඩොලර් මිලියන 3,700 ක විවිධ නිෂ්පාදන චීනයෙන් ගෙන්වන නමුත් ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව චීනයට අපනයනය කරන්නේ ඩොලර් මිලියන 700 ක පමණ නිෂ්පාදන ටිකක් විතරයි කියලා තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියුවේ. මීට අමතරව මටත් ආරංචි වුණ විදියට දැනට මියන්මාර්, කාම්බෝජය සහ ඉන්දියාව යන රාජ්‍යයන්ගෙන් චීනයට ආනයනය කරන අධික ඉල්ලුමක් ඇති භාණ්ඩ හා සේවා වලින් හැකි පමණ ප්‍රමාණයක් ලංකාවෙන්ද මිලදී ගැනීමට චීන රජය තීරණය කරමින් සිටින බවත් ඒ ආශ්‍රිත අලුත් කර්මාන්ත සඳහා ලංකාවේ තාක්ෂණික දැනුම, යන්ත්‍රෝපකරණ සහ පුහුණු ශ්‍රමිකයින් සඳහා චීන ආයෝජකයන්ට ලංකාවේ දේශීය ආයතන සහ සමාගම් සමග අපනයනය සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහයෙන් යම් වැඩ සටහන් ආරම්භ කරමින් තියෙනවා. මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න පුළුවන් නේද? මේකෙන් ලංකාවේ සම්පත් චීනය විසින් සූරාකෑමට, මංකොල්ලකෑම් සඳහා ඉඩකඩ ඇති බවට පැවසෙන කතා ගැන විස්තර කිරීමට පුළුවන් වේවි ද? මේකෙන් ශුද්ධ වශයෙන් ලංකාවට වෙන්නේ පාඩුවක් නේද?
ඒ වගේම චීනයට අපනයනය කිරීමට නෙළුම් දඬු සේද රෙදි ආශ්‍රිත නිශ්පාදන (lotus silks) සකස් කිරීමේ කර්මාන්ත ශාලා ලංකාවේ ආරම්භ කිරීමට මමත් මිතුරන් කිහිප දෙනෙක් සමග මේ දවස් වල සැලසුම් කරගෙන යනවා. මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වේවි ද? මේ ගැන ඔබේ අදහස් මොනවා ද?