ටොමී හිල්ෆිගර් කොට කලිසමට නැවත එමු. ඇමරිකාවේ ඔය වගේ සාමාන්‍ය කොට කලිසමක මිල ඩොලර් 55ක් වීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. එහෙත් එයින් අදහස් වන්නේ ඇමරිකාවේ කොට කලිසමක් ඩොලර් 55ක් කියන එකම නෙමෙයි. ඔය මිල ඇමරිකාවේ වුනත් ඔය වගේ සාමාන්‍ය කොට කලිසමකට ටිකක් ඉහළ මිලක්.
මම පෞද්ගලිකව කවදාවත් කොට කලිසමකට ඩොලර් 20කට වඩා වියදම් කරලා නැතුව ඇති. ඒ වගේම, මම ඇඳුමක් ගනිද්දී සන්නාම බලන්නේ නැහැ. මගේ පවුලේ අනෙක් අයත් ඇඳුම් මිල දී ගනිද්දී සන්නාම පස්සේ යන්නේ නැහැ. මේ කාරණයේදී මම අවුට්ලයර් කෙනෙක් කියලයි මම හිතන්නේ.
මගේ ඇමරිකාවේ ජීවිතයට මම කැමති හේතු අතරින් එක හේතුවක් ඇඳුම් වෙනුවෙන් ඕනෑවට වඩා කාලයක් යොදවන්න අවශ්‍ය නොවීම. ඔය තියෙන එකක් ඇඳගත්තා. යන්න ඕනෑ තැනට ගියා. ටී ෂර්ට් එක කණපිට ඇඳගෙන යන එක සාමාන්‍යයෙන් මාසයකට පාරක්වත් වෙන දෙයක්. ඕවා කවුරුවත් ගණන් ගන්නවද නැද්ද කියලවත් මම දන්නේ නැහැ.
කොහොමටත් මට මිනිස්සුන්ගේ ඇඳුම් පැළඳුම් අවධානයට ලක් වෙන්නේ ඉතාම අඩුවෙන්. සමහර වෙලාවට කවුරු හරි අමුත්තෙක් සම්බන්ධව විස්තර කරද්දී අහන දෙයක් තමයි මොන පාට ඇඳුමක්ද ඇඳගෙන හිටියේ කියන එක. ඔය ප්‍රශ්නෙට මට ජීවිතේට උත්තර දෙන්න බැහැ.
පාට මතක නැත්නම් ඇඳලා හිටියේ ගවුමක්ද සාරියක්ද කියලා මතකද? ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න සිදු වී ඇති වාර ගණනත් ඉතාම විශාලයි. මොන පිස්සුද? කාටද ඕවා මතක හිටින්නේ? හොඳ වෙලාවට පොලීසියක උසාවියක සාක්කි දෙන්න වෙලා නැහැ. හැබැයි අනෙක් පැත්තට සමහර වෙලාවට දකින වාහනයක නොම්මරේ, කණට ඇහෙන දුරකථන අංකයක්, උපන් දින වගේ ඒවානම් මතක හිටිනවා.
ඇඳුම් ගනිද්දී සන්නාමය බැලුවේ නැති වුනත් වාහනයක් හෝ පරිගණයක් ගනිද්දී මම සන්නාමය බලනවා. ඔය වගේ සන්නාමය බලන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ටොමී හිල්ෆිගර් සන්නාමය ගැනනම් මම හොයා ගත්තේ අන්තර්ජාලය පීරලා. බලාගෙන ගියාම මගේ සමහර මිතුරි මිතුරියනුත් මේ සන්නාමයේ ෆෑන්ස්ලා.
ටොමී හිල්ෆිගර් වෙබ්සයිට් එකට ගිහින් කොට කලිසම් සර්ච් කළාම ආපු කලිසම තමයි උඩ තියෙන්නේ. එහි සාමාන්‍ය මිල ඩොලර් 55ක්. රුපියල් 200 ගානේ බැලුවොත් එකොළොස්දාහ හරි. හැබැයි විකුණන්නේ 51%ක් අඩු කරලා ඩොලර් 26.99කට. මේ මිලට දින දෙකක් ඇතුළත තැපැල් කර එවීමේ ගාස්තුවත්, කලිසම එපානම් ආපසු එවීමේ ගාස්තුවත් ඇතුළත්. ඒ අනුව බැලුවොත් කලිසම වෙන්නේ ඩොලර් විස්සක් වගේ.
ඔය ටොමී හිල්ෆිගර් වෙබ්සයිට් එකේ මිල. ඔය වගේ කලිසම් වෙන තැන් වලිනුත් මිල දී ගන්න පුළුවන්. අන්තර්ජාලයේ හෙවුවහම ඩොලර් 13ටත් තියෙනවා. මේක ඇමරිකාවේ සාමාන්‍ය තත්ත්වය. ඇඳුමක් ඩොලර් පනහක් හැටක් වුනත් ටිකක් හෙවුවොත් ඔය කියන ගානට වඩා ගොඩක් අඩුවෙන් මිල දී ගන්න පුළුවන්. ඔය සන්නාම සහිත ඇඳුම් විකුණන සාප්පුවකට ගියාම ඕනෑම දවසක විශාල වට්ටමකට විකුණන ඇඳුම් යම් ප්‍රමාණයක් තිබෙනවා. ගොඩක් අය මිල දී ගන්නේ ඔය ගොඩේ ඇඳුම්. හැබැයි තමන්ට ඕනෑ ඇඳුමම ගන්නනම් එහි මිල ගෙවන්න වෙනවා.
ඩොලර් පණහකට මිල කරලා තිබෙන ඇඳුමක් ඩොලර් විසිපහකට විකුණන එක සාමාන්‍ය තත්ත්වයක් කියා කියන්නේ ඇඳුම විකුණන්නේ එකට එකක් ලාබ තියාගෙන කියන එකනේ. ඇත්ත. එවැනි ලාබයක් ඔවුන් තියා ගන්නවා. මේක මේ කර්මාන්තයේ ස්වභාවය.
මම ඔහේ අහුවෙන ඇඳුමක් ඇඟේ දාගෙන ගියාට ගොඩක් අය ඇඳුම් ගැන සැලකිලිමත්නේ. ඒ වගේ අය තමන්ගේ ඇඟට ගැලපෙන, හොඳ, ඇඳුමක් හොයන්නේ තමන් ඇසුරු කරන අය අතර කැපී පෙනෙන්න.
මේක මම නිශේධනීය අර්ථයකින් කියන දෙයක් නෙමෙයි. අපි හැමෝම විවිධ ආකාර වලින් අනෙක් අය අතර කැපී පෙනෙන්න උත්සාහ කරනවා. වෙනත් විදිහකින් කිවුවොත් විවිධ ආකාර වලින් "මම" කියන අනන්‍යතාවය නඩත්තු කරනවා. මේ එක ක්‍රමයක් හොඳ වෙන්නත් තව ක්‍රමයක් නරක වෙන්නත් හේතුවක් නැහැ.
හැමෝම අඳින විදිහේ ඇඳුමක් ඇඳලා කැපී පෙනෙන්න බැහැ. ඒකට ටිකක් වෙනස් ඇඳුමක් අඳින්න ඕනෑ. ඒ වෙනස් ඇඳුම හැමෝම මිල දී ගත්තොත් එය තව දුරටත් වෙනස් ඇඳුමක් වෙන්නේ නැහැ. ඒ නිසා හැමදාම අලුත් මෝස්තර වලට ඉල්ලුමක් තිබෙනවා. මේ ඉල්ලුම සපයන මෝස්තර කර්මාන්තයක් තිබෙනවා. ටොමී හිල්ෆිගර් සන්නාමයේ නිර්මාතෘ ටොමී හිල්ෆිගර් කියන්නෙත් මෝස්‌තර සැලසුම් ශිල්පියෙක්.
අලුත් ඇඳුම් මෝස්තරයක් වෙළඳපොළට දමන එකේ ස්ථිර පිරිවැයක් තිබෙනවා. සාමාන්‍යයෙන් නිෂ්පාදන ක්‍රියාවලියක ස්ථිර පිරිවැය හදන ඒකක ප්‍රමාණය අතර බෙදී යනවා. එහෙත් මෝස්තර නිර්මාණය වගේ කටයුත්තකදී පිරිවැය බෙදා හැරිය හැක්කේ අදාළ මෝස්තරයේ ඇඳුම් සීමිත ප්‍රමාණයක් අතර පමණයි. එකම මෝස්තරයෙන් වැඩි ඇඳුම් ප්‍රමාණයක් හැදුවොත් මෝස්තරයේ වටිනාකම අඩු වෙනවා.
කොට කලිසමක් ඩොලර් පණහකට මිල කරන්නේ එහි මෝස්තරය වෙනුවෙන් වටිනාකමක් දෙන, මෝස්තරය වෙනුවෙන් මිලක් ගෙවන්න කැමති පාරිභෝගිකයන් ඉලක්ක කරලා. ටික දවසක් යද්දී ඒ ඉල්ලුම ඉවර වෙනවා. සමහර විට මෝස්තරය හිට් වෙන්නෙම නැහැ. අපි වගේ ඔය කොට කලිසම කොට කලිසමක් සේ පමණක් වටිනා සේ සලකා එයට අඩු වටිනාකමක් දෙන පාරිභෝගිකයන්ට ඩොලර් විස්සක් විසිපහක් ගෙවා කලිසම මිල දී ගන්න ලැබෙන්නේ ඊට පස්සේ.
කලිසම එකම වුනත් එයට එක් එක් පාරිභෝගිකයා විසින් දෙන්නේ වෙනස් වටිනාකම්. ඇමරිකාවේ සමහර සාප්පු වල ප්‍රසිද්ධ සන්නාම සහිත ඇඳුම් සාමාන්‍ය මිලට වඩා ගොඩක් අඩුවෙන් විකුණනවා. ඇඳුමේ සන්නාමය තිබුණත් ඒ වගේ සාප්පුවක ලොකු තේරීමක් නැහැ. එහෙම තැන් වලට යන්නේ ලාබෙට ඇඳුම් හොයන අය. පාරිභෝගිකයෝ ගොඩයි. ඇඳුම් ටිකයි. ලාබ ආන්තිකය ටිකයි. ලාබය එන්නේ විකිණෙන ප්‍රමාණයෙන්.
ඕකේ අනෙක් අන්තයත් තිබෙනවා. සමහර සාප්පු ඉලක්ක කරන්නේම ඇඳුමකට ඉහළ වටිනාකමක් ගෙවන්න සූදානම් පාරිභෝගිකයින්. ඒ වගේ තැනක පාරිභෝගිකයෙකුට තමන් කැමති ඇඳුමක් තෝරා ගන්න මෝස්තර විශාල ප්‍රමාණයක් තිබෙනවා. සාප්පුවේ ඇඳුම් ප්‍රමාණයට පාරිභෝගිකයෝ අඩුයි. විකිණෙන්නේ ඇඳුම් ටිකයි. නමුත් ලාබ ආන්තිකය ඉහළයි. සාප්පුවේ ලාබය එන්නේ ලාබ ආන්තිකයෙන්.
ඩොලර් විස්සේ හෝ විසිපහේ කොට කලිසමක වටිනාකම ඩොලර් පනහක් හෝ පනස් පහක් වෙන්නේ ඔය වගේ සාප්පුවකදී. ලංකාවේ ඇඟලුම් කම්හලෙන් එළියට එද්දී ඔය කොට කලිසමේ වටිනාකම ඩොලර් පනස් පහක් වෙලා නැහැ. ඩොලර් පනස් පහේ ටැග් එක ගහන්නේනම් ලංකාවේදී වෙන්න පුළුවන්.
කලිසමට අන්තිම ඩොලර් තිහේ අගය එකතු වෙන්නේ එය විකුණන සාප්පුවේදී. කලිසමේ වටිනාකමට ඒ ඩොලර් තිහ එකතු වෙන්න සාප්පුවේ වෙනත් මෝස්තර වල කලිසම් විශාල ප්‍රමාණයක් තියෙන්න ඕනෑ. සැලකිය යුතු සේවක පිරිසක් ඉන්න ඕනෑ. සාප්පුව එය තිබෙන තැනම පවත්වාගෙන යන්න ඕනෑ. තව ගොඩක් දේවල් කරන්න ඕනෑ. කලිසමේ වටිනාකම ඩොලර් තිහකින් ඉහළ යද්දී ඔය අනෙකුත් වියදම්ද ඒ ප්‍රමාණයටම ඉහළ යනවා.
ඉහළ ගිය ඩොලර් තිහේ වටිනාකම එහි වටිනාකම ඉහළ දැමීමට දායක වූ අයගේ ශ්‍රමයේ හෝ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය අනුව බෙදී යනවා. මේ විදිහට වටිනාකම අමතර ඩොලර් තිහකින් ඉහළ යාම තනිකරම ඇමරිකාවේදී සිදු වන දෙයක්. එයට ලංකාවේ ඇඟලුම් සේවිකාවන්ගේ දායකත්වයක් නැහැ. ලංකාවේදී තමන්ගේ කොටස මහලා පඩිය ගත්තට පස්සේ ඔවුන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ලැබිලා ඉවරයි.
ලංකාවෙන් එළියට එද්දී ඔය කොට කලිසමක් ඩොලර් විස්සක් වෙලත් නැහැ. වටිනාකම ඩොලර් විස්සක් වෙන්නෙත් අදියර ගණනාවකින්. ඒ හැම අදියරකදීම කලිසමේ වටිනාකමට එකතු වන අතිරික්ත වටිනාකම එම අතිරික්ත වටිනාකම සපයන අය අතර ඔවුන්ගේ ශ්‍රමයේ හෝ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවයට සමානුපාතිකව බෙදී යනවා.
'මම' පුම්බන්න; පිම්බෙන්නට නිති කැමැති
ReplyDeleteදනෝ කොයි කලෙත් මේ මිහිපිට සිටිතී
පිට ඔපයෙන්ම බැබළෙන එක පහසු වෙතී
කාසි ඇතොත් ඒවා පඤ්ඤං නොවෙතී
එවැනි දනෝ සිටිනා තුරු ධනවාදේ
ලියලයි තවත් පතුරාගෙන ජය නාදේ
වැටහී ඇත්ත ලොව පවතින මතවාදේ
මිනිසුන් පිළිගනිත්වා 'මානව වාදේ'
සීනි සීරීස් එක යන්තං ඉවර උනා
Deleteකොට කලිසම එතැනට ආදේශ උනා
බුදු ඉකනෝ, කොබ්-ඩග්ලස් නං වානා
බිට් කොයිනය, කොහෙ යාවිද කියනු මැනා
මුලින්ම කලිසම් පොස්ට් එක මෙතන දැම්මේ මම, ඒ වෙනකොට ඔබ කතාකරමින් සිටි ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය අදාල වෙයි කියලා හිතුනු නිසා දැම්මේ. දීර්ඝ පැහැදිලි කිරීමට ස්තුතියි.
ReplyDeleteමේක කියවද්දී ඔබ මුල්කාලේ ලියපු කෙසෙල් කැනක මිල පිළිබඳ ලිපිය මතක් වුනා.
ලාභය වරදක්ද?
Delete+
ReplyDeleteතමුසේ මහා අමු කුනෙක්නේ බං ඉකොනෝ. ගූත් පුච්චන් කයි. මේ වගේ එකෙක්ගේ ගෑනි, ළමයි පව්. උන්ගෙන් ඇහුවා නං කියයි මේ යකා එක්ක ජීවත් වෙන්න තියෙන අමරුව. වැඩේ කියන්නේ මුන් වගේ කාලකන්නි හිතන්නේ එහෙම ජීවත් වෙන එක හරි ක්‍රමය කියලා. ඒක සාදාරනිකරණයත් කරයි.
ReplyDeleteඔය වගේ ප්‍රතිචාරයක් වැටෙයි කියා මම බලාපොරොත්තුවෙන් හිටියා, ඇනෝ. ගූත් පුච්චන් කන්නේනම් නැහැ. මට අවශ්‍ය දේවල් වෙනුවෙන් මම ඇති තරම් මුදල් වියදම් කරනවා. සාමාන්‍යයෙන් කෑම බීම කියා කියන්නේ මම සතුටු වන දෙයක්. ඒ වෙනුවෙන් මම මුදල් වැය කරනවා. එහෙත් වෙනත් අයට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න මුදල් වැය කරන්නේ ඉතා අඩුවෙන්. ජීවත් වෙන හරි ක්‍රමය කියා හැමෝටම පොදු එක ක්‍රමයක් නැහැ. ඔබේ ප්‍රශ්නය ඔබ එසේ සිතීමයි.
Deleteවැඩේ කියන්නේ මුන් වගේ කාලකන්නි හිතන්නේ එහෙම ජීවත් වෙන එක හරි ක්‍රමය කියලා. ඒක සාදාරනිකරණයත් කරයි.
Deleteමට ඉකොනෝ එක්ක පුද්ගලික තරහවක් නැහැ. ඒත් ඉකොනෝ වගේ මිනිස්සු කසාඳ බැදලා ඉන්න කාන්තාවෝ කිහිප දෙනෙක් සමග මම සම්බදතා පවත්වලා තියෙනවා.ඒ කාන්තාවෝ පව්. ඒ අයගේ ස්වාමි පුරුෂයන් හිතං ඉන්නේ එයාලා ඇති වෙනකං මුදල් වියදම් කරනවා, සතුටෙන් ඉන්නවා කියලා.
Deleteඒ උනාට බ්රින්ද, දරුවන් ඉන්න අසහනය තේරුම් ගන්නේ නැහැ. ඕක මම මෙතන කොච්චර කීවත් වැඩක් නැහැ කියලත් දන්නවා. මොකද ඉහත කී ලෝභ පිරිමි තමුන්ගේ අඩු පාඩුව පිළිගන්නේ නැහැ. හැම දේම තියරකලි බලන්නේ.
කොහොම උනත් රොමැන්ටික් පොඩි කොල්ලන්න්ට එකෙන් චාන්ස් එක.
ඉකොනෝ හිතනවා නං ඉකොනෝ හරි කියලා එහෙම හිතං ඉන්න. අහල පහල කොල්ලෙක් හරි චාන්ස් එකක් ගන්නේ නැතා.
ඉතින්..ඉතින් ඇනෝ April 06 11.07 am, උඹ ඉතින් ඒ හැම ගෑණිටම ටොමී හිල්ෆිගර් කොට කලිසම ගානේ අරගෙනද ගියේ...බැහැදැක්මට ?
ReplyDeleteඅනේ පලඩෝ යන්න!
CP-C