වෙබ් ලිපිනය:

Wednesday, August 23, 2023

රට ගිය ඇත්තෝ...


ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ගුවන් තොටුපොළ සමීක්ෂණ දත්ත අනුව පසුගිය වසර 20 ඇතුළත ශ්‍රමිකයින් විදේශ ගත වී ඇත්තේ පහත පරිදියි.

2003 - 209,846

2004 - 214,709

2005 - 231,290

2006 - 201,948

2007 - 214,709

2008 - 250,499

2009 - 247,126

2010 - 267,560

2011 - 262,961

2012 - 282,447

2013 - 293,218

2014 - 300,703

2015 - 263,443

2016 - 242,816

2017 - 211,982

2018 - 211,211

2019 - 203,087

2020 -   53,711

2021 - 122,887

2022 - 311,056

මෙසේ රටින් පිටව ගිය ශ්‍රමිකයින් අතරින් වෘත්තිකයින් ප්‍රමාණය පහත තිබෙනවා.

2003 -   1,541

2004 -   1,827

2005 -   1,421

2006 -   1,713

2007 -   1,653

2008 -   2,835

2009 -   2,832

2010 -   3,057

2011 -   3,844

2012 -   4,448

2013 -   5,151

2014 -   5,372

2015 -   6,251

2016 -   6,578

2017 -   6,379

2018 -   9,005

2019 -   9,861

2020 -   2,957

2021 -   8,575

2022 - 14,307

මා මෙම දත්ත ඉදිරිපත් කරනු හැර දත්ත විග්‍රහ කරන්නට යන්නේ නැහැ.


14 comments:

  1. වෘත්තිකයන් සහ ශ්‍රමිකයන් අතර වෙනස මොකක්ද

    ReplyDelete
    Replies
    1. ලංකාවේ සිට රැකියා පිණිස විදේශගත වන ශ්‍රමිකයින් විශේෂ කුසලතා නැති (unskilled), කුසලතා අඩු (low-skilled), ගෘහසේවය, ලිපිකරු මට්ටමේ (clerical), මධ්‍යම මට්ටමේ කුසලතා ඇති හා වෘත්තීය (professional) ලෙස (මතක හැටියට) වර්ගීකරණය කරනවා. වෘත්තීය ලෙස හැඳින්වෙන්නේ ඉහළම මට්ටමේ කුසලතා අවශ්‍ය රැකියා සඳහා සුදුසුකම් ඇති ඉංජිනේරුවන්, ගණකාධිකාරීන් වැනි අය. සාමාන්‍යයෙන් වෘත්තීය ලෙස හැඳින්වෙන්නේ අදාළ රැකියාව කිරීම සඳහා අවම සුදුසුකම් සපුරා බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය රැකියා. ශ්‍රමිකයන් කියා කියද්දී රැකියා සඳහා යන සියලුම අය ගණන් ගැනෙනවා.

      Delete
    2. එක්සත් රාජධානියේ වීසා දත්ත වලට අනුව 2002 වසරේදී ශ්‍රී ලාංකිකයන් 11,202 කට ශිෂ්‍ය වීස නිකුත් කරලා තියෙනවා. 2023 Q1 සහ Q2 කාලය තුල 5,727 ශිෂ්‍ය වීස නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නෑඉ පහුගිය වසර එක හමාර තුල 16,929 ශිෂ්‍යන් විධියට ඇවිත් තියෙනවා. මෙතන දකින අනික් කාරනය තමයි ලංකාවෙන් එලෛයට යන විදේශ විනිමය. මෙම සංඛ්යාවෙන් 75% මුදල් ගෙවා ඉගෙන ගන්න අය විධියට සැලකුවොත් එක් අයෙක් අඩුම තරමෙන් පවුම් 12000 ක් විතර අවුරුද්දකට විශ්ව විද්‍යාලයට ගෙවනවා. (12,000X£12000) ගාන හිතාගන්න පුළුවන්නෙ?

      ඒ වගේම රැකියා සඳහා 12421 කට වීසා නිකුත් කරලා තියෙනවා.

      Delete
    3. එක්සත් රාජධානියේ වීසා දත්ත වලට අනුව 2002 වසරේදී ශ්‍රී ලාංකිකයන් 11,202 කට ශිෂ්‍ය වීස නිකුත් කරලා තියෙනවා. 2023 Q1 සහ Q2 කාලය තුල 5,727 ශිෂ්‍ය වීස නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නෑඉ පහුගිය වසර එක හමාර තුල 16,929 ශිෂ්‍යන් විධියට ඇවිත් තියෙනවා. මෙතන දකින අනික් කාරනය තමයි ලංකාවෙන් එලෛයට යන විදේශ විනිමය. මෙම සංඛ්යාවෙන් 75% මුදල් ගෙවා ඉගෙන ගන්න අය විධියට සැලකුවොත් එක් අයෙක් අඩුම තරමෙන් පවුම් 12000 ක් විතර අවුරුද්දකට විශ්ව විද්‍යාලයට ගෙවනවා. (12,000X£12000) ගාන හිතාගන්න පුළුවන්නෙ?

      ඒ වගේම රැකියා සඳහා 12421 කට වීසා නිකුත් කරලා තියෙනවා.

      Delete
    4. 2002 නොවේ. එය 2022 ලෙස නිවැරදි විය යුතුයි

      Delete
  2. Uba wage gonek yako moda musalayek

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි විශිෂ්ඨ බුද්ධිමතුන් මෙහි පැමිණ ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ප්‍රණාමය!

      Delete
  3. ලන්කාවෙ වෘත්තිකයින් කීයක් ඉන්නවද

    ReplyDelete
    Replies
    1. දන්නේ නැහැ. එහෙම ඇස්තමේන්තුවක් තියෙනවද කියා සැකයි. එක් එක් වෘත්තීන් හා අදාළව වෙනවෙනම සංඛ්‍යාලේඛණ ඇති.

      Delete
  4. ඔබ කියන්නේ මිනිසුන් රට හැර යෑම හා විදෙස් සේවයට යාම විශාල වෙනසක් නෑ කියලද, මේ වසර කිහිපයක දත්ත අනුව?

    ReplyDelete
    Replies
    1. මම දන්නා තරමින් මෙහි තිබෙන්නේ විදේශගත වීමේ අරමුණ රැකියාවක් කිරීම ලෙස සඳහන් කළ ප්‍රමාණය. මෙම සංඛ්‍යාලේඛණ අනුව මට පෙනෙන්නේ මෙවැනි දෙයක්.

      1. 2019ට පෙර වසර විස්සකට වැඩි කාලයේම වසරකට ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිසක් රැකියා සඳහා විදේශගත වී තිබෙනවා. මෙය කාලයක සිට ස්ථාවර තත්ත්වයක්. වසංගත තත්ත්වය පැවති 2020 හා 2021 වසර වල එම ප්‍රමාණය අඩු වී තිබෙනවා. එම කාලයේ යන්න හිටපු අය පහුවෙලා යාම සැලකූ විට 2022දීත් එම අඩුව පිරවී නැහැ. 2023 තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්.

      2. රැකියා සඳහා විදේශගත වන අය අතරින් වෘත්තිකයින් ප්‍රමාණය කාලයක සිට වේගයෙන් වර්ධනය වෙමින් පැවති දෙයක්. 2019 වන විට දහදාහකට ආසන්න වෙනවා. එම ප්‍රවණතාව අනුව 2020 හා 2021දී විසිදාහක් පමණ වෘත්තිකයෝ රටින් හා හැකිව තිබුණත් වසංගත තත්ත්වය නිසා ගිහින් තියෙන්නේ එකොළොස්දාස් පන්සීයක් පමණ. 2022දී එම ප්‍රමාණය එකතු වුනොත් දහඅටදාහක් පමණ විය යුතුයි. ඒ කියන්නේ එම වසර දෙකේ හිර වූ ප්‍රමාණය 2022දීත් ගිහින් නැහැ. ඒ වගේම වෘත්තිකයින් රටයන ප්‍රමාණය කාලයක සිට වැඩි වෙමින් තිබුණු දෙයක්. සංඛ්‍යාලේඛන අනුව එම ප්‍රවණතාවයම මිසක් අසාමාන්‍ය වෙනසක් පේන්නේ නැහැ. 2023 තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්.

      නමුත් මෙම සංඛ්‍යාලේඛණ වලින් විදේශගත වීම් වැඩි වී නැති බව කියන්න බැහැ. විශාල පිරිසක් අධ්‍යාපනය සඳහා රටින් පිටවෙනවා. අවසන් අරමුණ එම රටේ නැවතෙන එක. නමුත් කෙළින්ම යන්න බැරි නිසා අධ්‍යාපනය සඳහා මුලින් යනවා. ඒ වගේම PR අරගෙන යන අය යන්නේ රැකියාවක් හොයාගෙන නෙමෙයි. රැකියාවක් හොයාගන්නේ ගියාට පස්සේ. ඒ අය අදාළ පත්‍රිකාව පුරවද්දී යන්න හේතුව සංචාරය කියා සටහන් කරන්න ඉඩ තිබෙනවා. මගේ පෞද්ගලික නිරීක්ෂණ අනුව විදේශගත වීම් බොහෝ සේ වැඩි වී ඇති බවක් පෙනෙන්න තිබෙනවා. නමුත් දැනට හොයාගන්න තිබෙන සංඛ්‍යාලේඛණ වලින් පෙන්වන තත්ත්වය තමයි මේක.

      Delete
  5. Source please?. මේ SLBFE දත්තනන් ඊට වඩා මහ පොලවෙ යතාර්තය ගොඩක් වෙනස්. මා දන්න බහුතරය විදේහගත උනෙ student විසා අරගනෙ. ලංකාවෙ professional උනත් එම දත්ත කොහෙවත් නෑ මම දන්න තරමින්

    ReplyDelete
    Replies
    1. විශාල පිරිසක් අධ්‍යාපනය සඳහා රටින් පිටවෙනවා. අවසන් අරමුණ එම රටේ නැවතෙන එක. නමුත් කෙළින්ම යන්න බැරි නිසා අධ්‍යාපනය සඳහා මුලින් යනවා. ඒ වගේම PR අරගෙන යන අය යන්නේ රැකියාවක් හොයාගෙන නෙමෙයි. රැකියාවක් හොයාගන්නේ ගියාට පස්සේ. එවැනි අයව මෙම සංඛ්‍යාලේඛණ වලට අහුවෙන්නේ නැහැ. ඔබ කියනවාක් මෙන් එම දත්ත කොහේවත් නැතිව ඇති. මෙහි ඇති දත්ත SLFEB වෙබ් අඩවියේ තිබෙනවා.

      Delete
  6. මොන ලේඛනය තිබ්බත් එන පොට නරකයි
    දැන් නං තරුණ පෙළ රට යන තරගයකයි
    ඒකට වැරද්දක් කීමට දිව නොනැමෙයි
    සිරිලක මහලු මඩමක් වෙන්නට නියමයි

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: