සතියකට පමණ පෙර අප විසින් මෙසේ සටහන් කළා: "අපගේ ඇස්තමේන්තු පරිදි, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, දැනටමත්, එනම් මෙම (2025 මැයි) මාසයේදී, අවධමන තත්ත්වය ඉවත් වී තිබිය හැකියි. එහෙත්, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති තීරණ සඳහා සලකා බලන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. එම දර්ශකය අනුව, විදුලි ගාස්තු වැඩි නොකළහොත්, අගෝස්තු මාසය තෙක්ම අවධමන තත්ත්වයක් පැවතිය හැකි වුවත්, විදුලි ගාස්තු සංශෝධනයක් ඊට පෙර සිදු වීමට ඉඩ තිබෙනවා. එය සිදු වුවත් නැතත්, අගෝස්තු මාසයේ සිට උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යාමට නියමිතයි."
මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙන කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 මැයි මාසයේ අවධමනය 0.7%කට සීමා වී තිබෙනවා. පසුගිය මාසයේදී මෙම අගය පැවතුණේ 2.0% මට්ටමේ. මැයි මාසයට අදාළ ජාතික පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත් කෙරෙන්නේ තවත් සති තුනකින්. අවධමනය දැනටමත් අවසන්ව ඇති බව ඒ අනුව බොහෝ විට පෙනෙන්නට පුළුවන්.
නිල දර්ශකය වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසය වන විට අනිවාර්යයෙන්ම අවධමනය තත්ත්වය ඉවත් වීමට නියමිතව ඇති අතර, ඊට පෙරම, ඇතැම් විට ඉදිරි මාසයේදී වුවද, අවධමන කාලය අවසන් විය හැකියි. එවැන්නක් සිදු වීම සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය වන්නේ නැහැ. විදුලි ගාස්තු සංශෝධනයක් සිදු වුවහොත් අනිවාර්යයෙන්ම අවධමනය අවසන් වෙනවා.
කෙසේ වුවත්, රාජ්‍යමූල්‍ය කළමනාකරණය යහපත් මට්ටමක පවතින හා "සල්ලි අච්චු ගැසීමක්" සිදු වීමේ ඉඩක් නොමැති පසුබිමක උද්ධමනය මැදිකාලීනව හෝ දිගුකාලීනව අපේක්ෂිත 5% මට්ටම ඉක්මවා යාමේ අවදානමක් පෙනෙන්නට නැහැ. උද්ධමනය වැඩි වනු ඇත්තේ අපේක්ෂිත ඉලක්ක මට්ටම දක්වා පමණයි. එමෙන්ම, දිගුකාලීනව 5% උද්ධමන ඉලක්කය තව දුරටත් අඩු කර ගැනීමට හැකි වීමේ විභවයක්ද මේ වෙද්දී පෙනෙන්නට තිබෙනවා.
ඉහත තත්ත්වය මූල්‍ය වෙළඳපොළ ආයෝජකයින් විසින්ද විශ්වාස කරන බව පෙනෙන්නට තිබෙනවා. එක් පැත්තකින් මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා අනුව රාජ්‍යමූල්‍ය කළමනාකරණය යහපත්ව පවත්වා ගත යුතු අතර එම එකඟතාවය බිඳ නොදමන ස්ථාවරයක මේ ආණ්ඩුව ඉන්නවා. පෙනෙන්නට ඇති ආකාරයට මේ ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යනු ඇත්තේ රටේ ආර්ථිකයේ ස්ථාවරත්වය අවදානම් කලාපයකට යාම වලක්වා ගනිමිනුයි. අනෙක් අතට සල්ලි අච්චු ගැසීම, ණය ගැනීම ආදිය කාලයක් තිස්සේම මේ ආණ්ඩුවේ විවේචනයට ලක් වූ දේවල්.
රාජ්‍යමූල්‍ය කළමනාකරණය තුළ දැකිය හැකි ස්ථායීතාවය මේ වන විට පොලී අනුපාතික තුළ පිළිබිඹු වෙමින් තිබෙනවා. කෙටිකාලීන පොලී අනුපාතික අඩු වී ස්ථාවර වීම මාස ගණනාවකට පෙර සිදු වූ දෙයක්. එය ආරම්භ වූයේ ආණ්ඩු මාරුවට පෙරයි. මැතිවරණ කාලයේදී යම් අස්ථාවරත්වයක් දැකිය හැකි වුවත්, පසුව එම තත්ත්වය නැවතත් හොඳ පැත්තට වෙනස් වුනා. දැන් මෙම යහපත් ප්‍රවණතාවය මැදිකාලීන පොලී අනුපාතික තුළද පිළිබිඹු වන්නට පටන් ගෙන තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 29) පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සැලකිය යුතු තරම් අඩු පොලියකට රුපියල් බිලියන 200ක බැඳුම්කර ප්‍රමාණයක් අලෙවි වුනා. 2028 ජූලි 1 දින කල් පිරෙන 9%ක කූපන් පොලියක් සහිත බැඳුම්කර ඒවායේ මුහුණත අගය ඉක්මවන අධි මිලකට අලෙවි වී ඇති අතර ඒ අනුව ඒවායේ ඵලදා අනුපාතිකය 8.85%කට සීමා වී තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ මූල්‍ය අරමුදල සමඟ දැනට පවතින එකඟතාව අවසන් වන තුරු රටේ ආර්ථිකය ඉතාම හොඳ මට්ටමක පවතිනු ඇති බවට වන වෙළඳපොළ අපේක්ෂාවයි.
දැනට ක්‍රියාත්මක වන සාර්ව ආර්ථික වැඩපිළිවෙළ අනුව, 2028 වන විට ශ්‍රී ලංකා රජයට නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් වානිජ ණය ලබා ගත හැකි තත්ත්වයක් ඇති වෙනවා. අනිවාර්යයෙන්ම ණය ලබා ගත යුතු බවක් එයින් අදහස් වන්නේ වන්නේ නැහැ. නමුත් කවුරුවත් ණය නොදෙන නිසා ණය නොගැනීම සහ ණය ගැනීමට අවශ්‍ය නැති නිසා ණය නොගෙන සිටීම කියන්නේ තනිකරම කරුණු දෙකක්.
මූල්‍ය අරමුදල සමඟ වූ වැඩ පිළිවෙළ අවසන් වීමෙන් පසුව, 2029 දෙසැම්බර් 15 කල් පිරෙන බැඳුම්කර සඳහා ගෙවිය යුතු ඵලදා අනුපාතිකය 9.47% දක්වා පහත වැටී ඇති අතර, 2034 කල් පිරෙන බැඳුම්කර සඳහා ගෙවිය යුතු පොලී අනුපාතිකද 10.46% දක්වා පහත වැටී තිබෙනවා. මෙම තත්ත්වය ඉතා හොඳ තත්ත්වයක් වුවත් තවත් හොඳ අතට හරවා ගැනීමේ විභවයක් පවතින තත්ත්වයක්.
රජයේ ප්‍රාථමික අයවැය අතිරික්තය ඉහළ යන තරමට සහ දිගු කාලයක් පවතින තරමට මූල්‍ය වෙළඳපොළට ශුද්ධ වශයෙන් පැමිණෙන අරමුදල් ප්‍රමාණය ඉහළ යනවා. මෙය සල්ලි අච්චු ගැසීමේ අවාසි හෝ අවදානම් කිසිවක් නොමැතිව එහි වාසි පමණක් ලැබෙනවා වැනි තත්ත්වයක්. මූල්‍ය වෙළඳපොළට ගලා එන අමතර අරමුදල් නිසා පොලී අනුපාතික ක්‍රමයෙන් පහත වැටෙන අතර එසේ පොලී අනුපාතික පහත වැටෙද්දී රජයේ පොලී වියදම් අඩු වී ණය ගැනීමේ අවශ්‍යතාවය තව තවත් අඩු වෙනවා. මෙය සගුණ චක්‍රයක් (Virtuous Circle). විෂම චක්රයක විලෝමය.
මූල්‍ය වෙළඳපොළට ගලා එන අමතර අරමුදල් නිසා පොලී අනුපාතික ක්‍රමයෙන් පහත වැටෙනවා කියන්නේ පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ යාමේ විභවය වැඩි වෙනවා කියන එක. මේ හේතුවෙන් ආර්ථික වර්ධනය කෙරෙහි යහපත් බලපෑමක් වෙන්න පුළුවන්. එහි උපරිම ප්‍රතිඵල ලබා ගන්නනම් ආයෝජන සඳහා තිබෙන මූල්‍යමය නොවන වෙනත් බාධාවන් හැකි තරම් ඉවත් විය යුතුයි. ඉතාම සරල උදාහරණයක් විදිහට කප්පම් ගැනීම් වැනි දේවල්. මූල්‍ය වෙළඳපොළ සංවර්ධනය දිරිමත් කිරීමත් ඉතාම වැදගත්. ආයෝජන කියා කියන්නේ මහා පරිමාණ ආයෝජන පමණක් නෙමෙයි. ගමේ හන්දියේ රොටී කඩයක් දැම්මත් ඒකත් ආයෝජනයක්.
උද්ධමනය සහ පොලී අනුපාතික වල ඉතා යහපත් හැරවුම් දකින්න ලැබෙද්දී විදේශ අංශයේ දැකිය හැක්කේද එවැනිම සාධනීය තත්ත්වයක්. 2025 අප්‍රේල් මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 178.5ක අතිරික්තයක් වාර්තා වී ඇති අතර මෙය 2024 අප්‍රේල් මාසයේදී පැවති අතිරික්තයට සාපේක්ෂව 135%ක වර්ධනයක්. 2024 අප්‍රේල් මාසයේදීද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වුනත් එම ප්‍රමාණය ඩොලර් මිලියන 75.9ක් පමණයි. මෙහි විශේෂත්වය වන්නේ පෙර වසරේදී වාහන ආනයනය සඳහා ඉඩක් නොතිබුණත් මෙම වසරේ අප්‍රේල් මාසයේදී මෙවැනි ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වන්නේ වාහන ආනයනය සඳහා බාධාවක් නොමැති තත්ත්වයක් යටතේ වීමයි. අප්‍රේල් මාසය තුළ ඩොලර් මිලියන 717.5ක වෙළඳ හිඟයක් වාර්තා වී ඇතත්, සංචාරක ක්ෂේත්රයෙන් සහ ශ්‍රමික ප්‍රේෂණ මගින් එම හිඟය ඉක්මවන ආදායමක් ලැබී තිබෙනවා.
ලංකාවට තවත් අවුරුදු හතර පහකින් සංවර්ධික රටක් වෙන්න බැහැ. එවැනි ආදායම් මට්ටමකට යන්න දශක ගණනාවක් යනවා. නමුත් ලංකාවට පුළුවන් තරම් ඉක්මණින් ගොඩයන්න අවශ්‍යනම් යා යුතු මාර්ගය දැන් යන මාර්ගයයි. රජය විසින් හැකි තරම් ප්‍රමාණවත් ප්‍රාථමික අතිරික්තයක් දිගටම පවත්වා ගන්නේනම්, එම අතිරික්තය ණය ආපසු ගෙවීම සඳහා යොදවද්දී බැංකු පද්ධතියට අරමුදල් දිගින් දිගටම එකතු වෙනවා. එවිට පොලී අනුපාතික පහත වැටෙනවා. පෞද්ගලික අංශයට වැඩි වැඩියෙන් ණය ගන්න ඉඩකඩ ලැබෙනවා. ආර්ථිකය ප්‍රසාරණය කරන්න සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වන්නේ නැහැ. ඉතිරි කිරීම් වලින්ම ඒ වැඩේ කෙරෙනවා.
පොලී අනුපාතික යම් සීමාවකින් පහළට වැටුනොත් ඉතිරි කිරීමේ යාන්ත්‍රණයේ තවත් විශාල වෙනසක් වෙනවා. එවිට ස්ථිර තැන්පතු ආදියේ මුදල් දමන්න තිබෙන උනන්දුව අඩු වී කොටස් වෙළඳපොළ ආයෝජන, පෞද්ගලික අංශයේ බැඳුම්කර ආදියට ඉල්ලුම වැඩි වෙනවා. ඒ වගේම තමන්ගේම සල්ලි යොදවා, අවදානමක් අරගෙන ආයෝජනයක් කරන්න තිබෙන පෙළඹුමත් වැඩි වෙනවා. සාමාන්‍ය ඉතිරි කිරීම් සඳහා ඉහළ පොලියක් ලැබෙද්දී බොහෝ දෙනෙක් වැඩි අවදානම් ගන්න පෙළඹෙන්නේ අඩුවෙන්.
අනෙක් පැත්තෙන් ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම. මෙය මූල්‍ය අරමුදල සමඟ වූ වැඩ පිළිවෙළේ කොන්දේසියක් නෙමෙයි. එම වැඩපිළිවෙළ සකස් කර තිබෙන්නේ වැඩපිළිවෙළ අවසන් වෙද්දී නැවත ස්වෛරිත්ව බැඳුම්කර ණය ගන්න පුළුවන් වෙන විදිහට. ණය වලින් තුලනය කරගන්න පුළුවන් නිසා ජංගම ගිණුමේ යම් හිඟයක් තිබීම ප්‍රශ්නයක් ලෙස සලකලා නැහැ.
මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළේ ක්‍රමයට ආර්ථිකය ස්ථාවරව පවත්වා ගන්න පුළුවන් වුනත්, එහිදී ආපසු යන්නේ අර්බුදයට කලින් හිටපු චක්‍රය ඇතුළටමයි. එයින් එළියට යන්නම් දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් තියා ගන්න උත්සාහ කරන්න වෙනවා. වාහන ආනයන සිදු වෙද්දී මේ අවුරුද්ද්දේ ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්න පුළුවන් වෙනවා කියන්නේ ඒ වැඩේ දිගටම කරන්න බැරිකමක් නැහැ.
දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්න පුළුවන්නම් රටේ විදේශ ණය ටිකෙන් ටික අඩු වෙනවා. ප්‍රාථමික අතිරික්තයක් දිගටම පවත්වා ගන්න නිසා රජයට විදේශ ණය ගන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. මෙහි ප්‍රතිඵලය රුපියලේ විදේශ අගය ටිකෙන් ටික ශක්තිමත් වීමයි. ඒ කියන්නේ රටේ ඒක පුද්ගල ආදායමේ ඩොලර් අගය වේගයෙන් ඉහළ යනවා කියන එක. ඒ වගේම රටේ දදේනියේ ඩොලර් අගයත් වේගයෙන් ඉහළ යනවා කියන එක.
රාජපක්ෂ දශකයේදීත් රුපියල ශක්තිමත් වීම නිසා දදේනියේ ඩොලර් අගය වගේම ඒක පුද්ගල ආදායමේ ඩොලර් අගය වේගයෙන් ඉහළ ගියා. එහි වාසිදායක ප්‍රතිඵල පෞද්ගලිකව දැනුනු හැටි ගොඩක්ම තරුණ අයට හැර අනෙක් අයට හොඳින් මතක ඇති. නමුත් ඒ වාසිදායක ප්‍රතිඵල ලබා ගත්තේ විදේශ ණය විශාල ලෙස ගොඩ ගැහෙද්දී. යහපාලන කාලයේදී ස්වෛරිත්ව බැඳුම්කර බවට පරිවර්තනය වුනේ ඒ ණය. වසර කිහිපයක වාසිදායක ප්‍රතිඵල වෙනුවෙන් ගෙවූ මිලනම් කාටවත් අමතක නැතිව ඇති.
දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් තියා ගන්න පුලුවන්නම් කලින් වටයේ මුහුණ දුන් අවදානම් නැතිව ඒ වටයේ යහපත් ප්‍රතිඵල ඒ විදිහටම ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ මහ බැංකුව විසින් දැනට ඉලක්ක කරන්නේ දිගටම ඒ පාරේ යන්න කියලයි.
ඉකොනොමැට්ටාගේ මේ සටහනේ සාවද්‍ය කරුණු බොහෝයි. මහින්ද රාජපක්ෂ ජනපති ලෙස සිටි දශකයේ ආර්ථික වර්ධනය සහ ණය පිළිබඳ විශ්ලේෂණය කළොත්
ReplyDelete2005-2010 දශකයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ කාලය ශ්‍රී ලංකා ආර්ථිකයේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කළ කාලයක් ලෙස සැලකෙන කතාව අප තරමක් දුරට පිළිගන්න කැමතියි. නමුත් ඒ රාජපක්ෂ කරපු මගුලක් නිසා නෙවෙයි එකල දේශීය ආර්ථිකය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර, ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම නිසා දේශීය ඩොලර් අගය සහ ඒක පුද්ගල ආදායමේ ඩොලර් අගය ද වේගයෙන් ඉහළ ගියා කියන එක ඇත්තක්. විශේෂයෙන්ම, යටිතල පහසුකම් සංවර්ධනය, සංචාරක කර්මාන්තයේ වර්ධනය සහ දේශීය නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රසාරණය මෙම ආර්ථික වර්ධනයට ප්‍රධාන හේතු වුණා ලෝකයේ හැමෝටම පාහේ ආර්ථිකය දියුණු වීමට මේ සාධක බලපානවා
නමුත් ඉහත කී කාලය තුල දේශපාලනය අමතක කර ආර්ථික විද්‍යාත්මක ඇසකින් බලන කල ඒ ආර්ථික වර්ධනයට හේතු වූ ප්‍රධාන සාධක:
01. යටිතල පහසුකම් infrastructure සංවර්ධනය: මහා පරිමාණ ව්‍යාපෘති හරහා මාර්ග, වරාය සහ ගුවන් තොටුපළ වැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආර්ථික වර්ධනයට විශාල දායකත්වයක් ලබා දුන්නා.
02 අතිසාර්ථක ලෙස සංචාරක කර්මාන්තයේ වර්ධනය: යුද්ධය අවසන් වීමත් සමඟ සංචාරක කර්මාන්තය අතිශය විශාල වේගයෙන් වර්ධනය වූ අතර, එය විශාල ලෙස විදේශ විනිමය ඉපැයීමට සහ රැකියා උත්පාදනයට හේතු විය.
03. මේ කාලය තුල මැදපෙරදිග ඩුබායි කටාර් සෞදි ආදී රාජ්‍ය අතිශය වේගවත් සංවර්ධනයකට ලක්වු අතර ලංකාවේ අතිවිශාල පිරිසකට මැදපෙරදිග රටවල සේවයට යාමට ලැබුණු අතර හිටපු අයගේත් වැටුප විශාල ලෙස ඉහළට ගියා, ඒ හරහා පෙර නොවූ විරූ ලෙස අතිවිශාල විදේශ විනිමය ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණා, මේකට රාජපක්ෂ හොර රැල කරපු මගුලක් නෑ
04. ඒ කාලය තුල දේශීය නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රසාරණය: කෘෂිකර්මාන්තය, ඇඟලුම් සහ අනෙකුත් නිෂ්පාදන ක්ෂේත්රවල වර්ධනය ද ආර්ථික වර්ධනයට දායක විය. රාජපක්ෂ රෙජීමය දේශීය නිෂ්පාදන උන්මාදය මෙහිදී ධනාත්මකව බලපෑවේය බවත් කිව යුතුයි නමුත් ඊට වඩා ආනයන වල මිල අධික වීමත් තීරු බදු ඉහළ වීම සහ ඒකපුද්ගල ආදායම සමග දේශීය පරිභෝජනය ඉහළට යාමත් බලපෑවා
කෙසේ වෙතත්, මෙම ආර්ථික වර්ධනය සඳහා විදේශ ණයත් යම් ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු විය. නමුත් රාජපක්ෂ රෙජීමය ඩොලර් බිලියන පහක පමණ ISB වලට අමතරව ගත්තේ දිගුකාලීන සහන ණය යටතේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් පමණයි මේවායේ මුලු වටිනාකම ඩොලර් බිලියන තුනකට ආසන්න ගණනක් පමණයි, එකල එම ණය යටිතල පහසුකම් සංවර්ධනය සහ අනෙකුත් ව්‍යාපෘති සඳහා යොදා ගන්නා ලදී.
මීළඟට අප යහපාලන කාලයේ ණය පිළිබඳ විශ්ලේෂණය කරමු:
2015-2019 යහපාලන රජය සමයේ, ස්වෛරිත්ව බැඳුම්කර හරහා ඩොලර් බිලියන 12.5 ක නොසිතූ විරූ අති විශාල විදේශ ණයක් සහ ඊට අමතරවත් වෙනත් Swap, Development bonds ඇතුලු අති විශාල විදේශ ණයක් ලබා ගන්නා ලදී. මෙම අධික පොලී විශාල ණය මුදල්වලින් සැලකිය යුතු කොටසක් ඡන්ද දිනා ගැනීම සඳහා කෘත්‍රිම ලෙස බඩු මිල අඩුකර, ගාස්තු ආදිය අඩුවෙන් තබාගෙන රජයේ සේවක වැටුප් සහ සමෘද්ධිය ඇතුලු විශාල ලෙස සහනාධාර ලබා දීමට භාවිතා කරන ලදී. මෙකල මහින්ද රාජපක්ෂ රජය විසින් ලබා ගත් ණය ගෙවීමට මෙම ණය ලබා ගත් බවට එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රකාශ කරන ලද මතය සාවද්‍යයකි.
සාවද්‍යතාවය පැහැදිලි කිරීම:
01. මහින්ද රාජපක්ෂ රජය ලබා ගත් ණය යටිතල පහසුකම් සංවර්ධනය වැනි දිගු කාලීන ආයෝජන සඳහා යොදා ගන්නා ලදී. යහපාලන රජය ලබා ගත් ණයවලින් සැලකිය යුතු කොටසක් කෙටි කාලීන ප්රතිලාභ සඳහා භාවිතා කරන ලදී.
02. යහපාලන රජය ලබා ගත් ණය ප්‍රමාණය මහින්ද රාජපක්ෂ රජය ලබා ගත් ණය ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි විය.
* රාජපක්ෂ රජය ගත් ණයවලින් ගෙවීමට තිබූ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් යහපාලන රජය ණය ගත්තා.
03. යහපාලන රජය ලබා ගත් ණයවලින් විශාල ප්‍රමාණයක් ආර්ථික වර්ධනයට හේතු වන ආයෝජනයක් සිදු නොකර කෙටි කාලීන සහනාධාර සහ අනෙකුත් වියදම් සඳහා භාවිතා කරන ලදී.
එබැවින්, එක්සත් ජාතික පක්ෂය විසින් රාජපක්ෂ ණය ගෙවීමට ණය ගත් බවට කරන ලද ප්‍රකාශය සාවද්‍ය බව නිගමනය කළ හැකිය. යහපාලන රජය ලබා ගත් ණයවලින් විශාල කොටසක් ආර්ථික වර්ධනයට දායක නොවන කෙටි කාලීන ප්රතිලාභ සඳහා භාවිතා කරන ලදී.
මේ පිළිබඳව ලංකාවේ ආර්ථික විද්‍යාව පිළිබඳව විශේෂඥ දැනුම ඇති බොහෝ දෙනා කර ඇති ස්වාධීන විශ්ලේෂණ ගණනාවකින් පැහැදිලි වන්නේ මහින්ද රාජපක්ෂ දශකයේ ආර්ථික වර්ධනයට ණය දායක වූ අතර, යහපාලන කාලයේ ණය භාවිතය ආර්ථික වර්ධනයට එතරම් දායක නොවූ බවයි.
කෙසේ වුවද ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ තීරණ ගැනීමට නොහැකිව සිටින වර්තමාන ජාතික ජන බලවේගය නියෝජනය කරන සමාජවාදී දර්ශනයේ මූලික දුර්වලතාවක් වන්නේ බලය අත්තනෝමතික ලෙස අල්ලා ගැනීමේ අවදානමයි. සමාජ විද්‍යාත්මකව බලන විට, සමාජවාදය මූලික වශයෙන් නිර්ධන පන්ති ආඥාදායකත්වය මත පදනම් වන අතර, එහිදී පක්ෂය එම පන්තියේ නියෝජිතයා ලෙස ක්‍රියාත්මක වේ. කාලයාගේ ඇවෑමෙන් මෙය පක්ෂය තුළ සිටින කුඩා කණ්ඩායමකට සහ අවසානයේ තනි පුද්ගලයෙකුගේ පාලනයකට සීමා වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. මෙවැනි තත්ත්වයක් තුළ, සාමාන්‍ය ජනතාවගේ හඬ යටපත් වී, පාලක පිරිසගේ අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩ සැලසේ.
Deleteලෝක ඉතිහාසය පුරාම මෙවැනි තත්ත්වයන් අපට දැකගත හැකිය. උතුරු කොරියාව වැනි රාජ්‍යයන් මෙහි පැහැදිලි නිදසුන් සපයයි. නිදහස් වෙළෙඳපොළ ක්‍රමය හෙවත් ධනවාදය තුළ ද ඒකාධිපති පාලනයන් බිහිවිය හැකි වුවද, සමාජවාදී ක්‍රමයට සාපේක්ෂව ඒවා ඉවත් කිරීමේ යාන්ත්‍රණ ධනවාදය තුළ වඩාත් ප්රබලව ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ පවා 2014 දී මහින්ද රාජපක්ෂගේ ඒකාධිපතිවාදී ප්රවණතාවට එරෙහිව ජනතාව නැගී සිටි අතර, 2022 ආර්ථික අර්බුදයේදී ගෝඨාභය රාජපක්ෂ ද බලයෙන් පහ කරනු ලැබීය.
කෙසේ වෙතත්, වර්තමානයේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති දෙස බැලීමේදී, ඔවුන්ගේ සමාජවාදී දැක්ම එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් බලලෝභී පුද්ගලයින් විසින් මෙහෙයවනු ලබන බව පැහැදිලිවම පෙනේ. සමාජවාදී ආර්ථික ක්‍රමයක් අනුගමනය කළ බොහෝ රටවල අසාර්ථකත්වයන් පෙන්නුම් කරන්නේ එම ක්රමයේම පවතින ව්‍යුහාත්මක ගැටලු නිසයි. එක් අවස්ථාවක අසාර්ථක වීම පුද්ගල අඩුපාඩු නිසා යැයි තර්ක කළ හැකි වුවද, බොහෝ අවස්ථාවලදී අසාර්ථක වීමෙන් පෙනී යන්නේ ක්රමයේම මූලික දෝෂයක් පවතින බවයි.
අසාධාරණය නමැති කළු අඳුර පරාද කිරීමට...
යුක්තියේ හිරු එළිය එනතුරු බලා සිටීමෙන් පලක් නැත...
බලහත්කාරයෙන් හෝ අවදි කරමු ඒ දීප්තිමත් හිරු...
හෙට දවස එළිය කරමු සාධාරණත්වයේ ආලෝකයෙන්....!
ඉන්ධන ගණන් නෑ වෙනසක් සිදු වූයේ
ReplyDeleteමෙහෙම ද සූත්තරයෙන් අප රැවටූ යේ
ලොකු සහනයක් බලමින් සිට කෙළවූයේ
හිතේ දුකට සීපදයකි පිට වූයේ
නැති කරනවා කිව්වට ඉන්ධන බද්ද
රජයෙන් තාම ඒ පිළිබඳ නෑ සද්ද
ඉස්සර කී ගණන් දැන් අමතක වීද
හොරු නැති ආණ්ඩුවෙ කිසි සහනය නැද්ද
පොරොන්දු ගොඩක් දුන්නා මීට කලින්නේ
සහන ලැබෙයි කියා හිතා උන්නෙ මෙහෙමයිනේ
අඩු කරයි කිව්ව ඉන්ධන මිල කොහෙද තියෙන්නේ
කබලෙන් ලිපට වැටුනා ජනතාව මේ පාර නම් නේ
බොරු වලට රැවටුනෙ මෝඩ අපි තමයි
විශ්වාසයට චන්ද දැම්මෙ නිකරුනේ හිත රවටා ගෙනයි
සූත්තරකාරයො අපිව හොඳටම රවටා ගියයි
දුක කියන්න කාටද මේ වේදනාව කාට දැනෙයි
ජාතික ජන බලවේගෙත් ඇති වෙනසක් නැතී
බොරු කියලා මිනිස්සුන් රැවටුවා ඇති
මිල අඩු කරනවා කිව්වට කළේ වෙන දෙයකි
ජනයා කබලෙන් ලිපට වැටුනා මිස සහනය කොහිද ඇතී
වැලපෙන්නට එපා මෙච්චර ඉක්මනට
Deleteපොඩි පොඩි වැරදි සිදු විය හැක වුව කාට
හෙමින් වැටෙන පාටයි හරි පීල්ලට
එකතුව පතමු, එය වේවා ඉක්මනට!
@ Ano 10.03 PM
Deleteඔවු ඒක නම් ඇත්ත, තාම කාංචන ගොයියාගේ සාක්කුවට තෙල් ලීටරයකින් යන රැපියල් 160 යනවා ද කොහෙද අනුර ජනාධිපති වුණානම් මේක නවත්තන්න තිබුණා
@ නිදිගෙ පංච තන්තරේ
තවත් සැරටම රෙදි ටික හෝදන්න වෙයි මාමේ ගඳ යවන්න සබං මදි වගේ
ඩෝබි මාමලාට හොඳටම දැනෙන්න ඩෝබි උපහාර පිණිස මේ පාර ඩෝබි කවියක් ලියන්නම් මමත්,
ඩෝබිවරුන්නේ රෙදි හෝදන නාදේ,
ටොක් ටොක් ගාලා වතුර පිරෙන සද්දේ!
අසූචි ගෑවුණු රෙදි සබන් පෙණේ පාවෙයි,
රෙදි පොට්ටනි ඩෝබි මාමා හෝදන්න මැරෙයි!
රෙදිත් නෑ රටත් නෑ ඔක්කොම හිස් තමයි,
ඩෝබි මාමලගෙ "තකතීරු" වැඩම තමයි!
IMF ඔඩොක්කුවේ ලැගලා සැතපෙයි,
අපේ රටේ අනාගතේ විනාශ වෙයි!
"වෘත්තීයයි" කිය කියා මූණ බලනවා,
රටේ සල්ලි ඔක්කොම එළියට ගෙනියනවා! "පරිපාලනේ" පට්ටම අවුල් සහගතයි,
ඩෝබි මාමේ ඔයා නම් සුපිරියි තමයි!
ජනතාව අසරණයි පාරටම වැටිලා,
ඩෝබි මාමලා ඉන්නේ සුර සැප විඳිලා!
"බොරු පොරොන්දු" දුන්නා මතකත් නැතුව ඇති,
දැන් ඉතින් යන්න වෙලාව ළඟම ඇති!
තව සැර වැඩි කරලා ලියන්නද? නැත්නම් මේ මට්ටම හොඳයිද? මේ ඔයාලා වගේ සුවහසක් ඩෝබි විරුවන් වෙනුවෙන් ලියූ ඩෝබි උපහාර ගීය ගැන ඔයාගේ අදහස කියන්න! 🔥
#පරම ඩෝබි විභූෂණය
#ඩෝබි උදාර විභූෂණය
#ඩෝබි වික්‍රම විභූෂණය
#ඩෝබිවීර පදක්කම
#ඩෝබිසූර පදක්කම
බුකියේ NPP ඩෝබි මාමලාට ඩෝබි විරුවන්ට පුදදෙන මේ සම්මාන සියල්ල සඳහා ඔබත් සුදුසු බව මෙයින් නිර්දේශ කරමි. මීට අමතරව උත්තම ඩෝබි සේවා පදක්කම ඔබේ නිකැලැල් සේවාවට ලබාදීමට කොම්රේඩ් ජෙනරාල් අනුර සේනාධිනායකයාට සිත් පහල වේවායි පතමි.
ස්තුතියි!
Deleteඉකොනොමැට්ටා,
ReplyDeleteලංකාවේ ඉහළ මූල්‍ය ක්ෂේත්රයේ සිදුවන ඇතැම් පත්වීම් දෙස බැලූ බැල්මට පෙනෙන්නේ එය "Saloon Door සෙරෙප්පු දොරක්" මෙන් ක්‍රියාත්මක වන බවයි. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු දැරූ නිලධාරීන් විශ්‍රාම යාමත් සමඟම ගෝලීය භූදේශපාලන ඇජෙන්ඩා යටතේ නැටවෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල (IMF, ADB වැනි) හෝ හුදෙක් අධික ලාභ තකා රජයේ නියාමන සහ තීන්දු වලට බලපෑම් කරන පෞද්ගලික සමාගම්වල ඉහළ තනතුරුවලට පත්වීම සුලබ දසුනක් වීම බොහෝ දෙනාගේ දැඩි අවධානයට හා විවේචනයට ලක්ව ඇති කරුණකි.
මෑත කාලීන උදාහරණ කිහිපයක්:
01. මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන්: 2022 ආර්ථික අර්බුදයට මුල් වූ අධික මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන්ට විශ්‍රාම යෑමට ආසන්නයේ IMF හි ඉහළ තනතුරක් පිරිනැමීමට පියවර ගත් අතර. ඔහුගේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ "නූතන මුදල් න්‍යාය" (Modern Monetary Theory - MMT) හේතුවෙන් ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පෑ බව බොහෝ ආර්ථික විචාරකයින්ගේ මතයයි.
02. මෙසේ වෙනත් රටවල ආර්ථිකයන් කාබාසිනියා කළ අපත නිලධාරීන් දැනට IMF පරිවාස භාරයේ සිටින ලංකාවේ ආර්ථිකය පාලනය කරන තීන්දු තීරණ ගැනීමට ලංකාවට පත්කර තිබෙන බව මේ අනුව පැහැදිලිවම පෙනේ මේ නිලධාරීන් දෙන අණ සහ නියෝග කොන්දේසි විරහිතව එලෙසම ක්‍රියාත්මක කිරීමට IMF ආයතනයේ අණසක යටතේ සිටින ලංකාවේ ආණ්ඩුවට සිදුවී තිබෙන බරපතල ආර්ථික අවුලකි
03. මහින්ද සිරිවර්ධන: හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විශ්‍රාම ගිය වහාම ක්ෂණිකවම ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විධායක අධ්යක්ෂ ධූරයට පත් විය. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් සිය තනතුර භාරගන්නා අවස්ථාවේදී පවා මහින්ද සිරිවර්ධනව මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙස පත් කරන ලෙස කොන්දේසි දමා තිබුණි.මෙයට හේතුව ලෙස ඔහු එදා දැක්වූයේ මහින්ද සිරිවර්ධන යනු දේශපාලනික නොවන තීරණ ගන්නා පුද්ගලයකු බවයි. කෙසේ වෙතත්, 2023 වර්ෂයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව ප්‍රකාශ කළේ ද මහින්ද සිරිවර්ධන විසිනි. බොහෝ දෙනා මෙය දේශපාලනික ප්‍රකාශයක් ලෙස සැලකූහ.
04. කෘෂි රසායනික හා ප්‍රමිති ආයතන: මීට අමතරව, කෘෂි රසායනික පාලන නිලධාරියෙකු විශ්‍රාම යාමෙන් පසු පෞද්ගලික ඇග්රොකෙමිකල් සමාගමක අධ්‍යක්ෂකවරයෙකු බවට පත් විය. එසේම, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ හිටපු සභාපතිනිය (වස චුට්ටක් කන්න යැයි ප්‍රකාශ කිරීමෙන් ප්‍රසිද්ධ වූ) ඉන් ඉවත් වූ වහාම ක්ෂණිකවම පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂක ධූරයක් ලබා ගත්තාය.
ජාත්‍යන්තරයේ ද මෙවැනි තත්ත්වයන්:
එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) වැනි ආයතනවල ද මෙවැනි තත්ත්වයන් දැකිය හැකිය. එහි හිටපු නිලධාරීන් විශ්‍රාම යාමෙන් පසු ඖෂධ සමාගම්වල ඉහළ තනතුරුවලට පත්වී තිබේ. ලොව පුරා දැඩි විවේචනයට ලක්ව තිබෙන අතිශය හානිකර ෆයිසර් නමැති කොවිඩ් එන්නත අනුමත කිරීමෙන් පසු එහි ප්‍රධාන නිලධාරියෙකු එම සමාගමටම සම්බන්ධ වූ බව වාර්තා වේ.
මේ පිළිබඳව ජාතික ජන බලවේගයේ දැක්ම:
ජාතික ජන බලවේගය දිගින් දිගටම අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව දැනට හිරවී සිටින IMF ණය උගුලෙහි දැඩි බලපෑම යටතේ පවතින බවත්, එම "පරිවාස භාරයෙන්" නිදහස් වීම අත්‍යවශ්‍ය බවත්ය. ඔවුන් පෙන්වා දෙන්නේ වත්මන් රජය IMF හි කොන්දේසිවලට යටත්ව කටයුතු කරන බැවින් රටට ස්වාධීනව තීරණ ගැනීමට නොහැකි වී ඇති බවයි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඊයේත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව IMF පරිවාසයෙන් හැකි ඉක්මනින්ම නිදහස් විය යුතු බවත් ලංකාව IMF program එකකට යන අවසන් අවස්ථාව මෙය පමණක්ම විය යුතු බවයි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ජාතික ආර්ථිකයක් ගොඩනඟා, විදේශීය බලපෑම්වලින් තොරව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමයි. මේ සඳහා විකල්ප ආර්ථික ප්‍රතිපත්ති සහ ජාතික වැඩපිළිවෙළක් ඔවුන් විසින් ඉදිරිපත් කර ඇත.
අපේ ප්රශ්නය:
මේ ආකාරයේ "සෙරෙප්පු දොර" saloon door ක්‍රමය අපේ රටේ අනාගතයට යහපත් ද? රාජ්‍ය නිලධාරීන්ට විශ්‍රාම යාමෙන් පසු යම් කාලයක් සඳහා ඔවුන් සේවය කළ ක්ෂේත්රවල පෞද්ගලික ආයතනවල තනතුරු දැරීම සීමා කළ යුතු ද? ශ්‍රී ලංකාව IMF හි බලපෑමෙන් නිදහස් විය යුත්තේ කෙසේද? මෙය කළ හැකි ආකාරය ගැන ඔබේ අදහස් සහ යෝජනා මොනවාද?
#IMF #ජාතිකජනබලවේගය #ශ්‍රීලංකා #ආර්ථිකඅර්බුදය #අනුරකුමාරදිසානායක #ජාතිකආර්ථිකය
//ශ්‍රී ලංකාව IMF හි බලපෑමෙන් නිදහස් විය යුත්තේ කෙසේද?//
DeleteIMF එක විසින් යෝජනා කරනවාට වඩා හොඳින් හෝ අඩු වශයෙන් ඒ මට්ටමෙන් ආර්ථිකය කළමනාකරණය කරගෙන දිගටම ඒ තත්ත්වය පවත්වා ගත හැකිනම්. දිගුකාලීනව IMF උදවු අවශ්‍ය වන්නේ නැහැ. රාජ්‍ය ආදායම් වලට සාපේක්ෂව රාජ්‍ය වියදම් සීමා කරගෙන, ආනයන පාලන ආදිය නොමැතිව විදේශ විණිමයද තුලනය කරගෙන ක්‍රමයෙන් විදේශ සංචිත ගොඩනගා ගතහොත්, අලුතෙන් තවත් විදේශ ණය එකතු කර නොගත්තොත්, යම් කාලයක් යද්දී රටේ ආර්ථිකය ස්ථාවර වෙනවා. ඉන් පසු නැවත IMF යන්න අවශ්‍ය නැහැ. නමුත් කොයි තරම් හොඳ තත්ත්වයක් යටතේ වුනත්, තවත් එක් වරක් IMF යන්න අවශ්‍ය වෙන්න ඉඩ තිබෙනවා. එය තීරණය වෙන්නේ කොයි තරම් ඉක්මනින් විදේශ සංචිත එකතු වෙනවාද කියන එක මත.
ලිපියේ අවසාන භාගයේ කියා ඇති පරිදි 'රුපියලේ විදේශ අගය ටිකෙන් ටික ශක්තිමත් වීම' සිදු වුනොත්, ඒක අපනයන
ReplyDeleteහා සංචාරක කර්මාන්ත වලට අහිතකර ලෙස බලපානවා නේද? එය වලක්වා ගත හැක්කේ කෙසේද?
@ Ano 2.52 AM
Deleteමෙහෙමයි සෛද්ධාන්තිකව ගත්තම ඔයා ඔය කියන කතාවේ පදනමක් තියෙනවා ඒත් ප්‍රායෝගික තත්ත්වය ඔයිට වැඩිය ගොඩක් වෙනස්, රුපියල ශක්තිමත් වීම ලංකාවට වාසිදායක බව 2008 - 2014 කාලයේදී ලංකාවේ ආර්ථිකය ඉතාමත්ම වේගයෙන් වර්ධනය වීම සහ 2016 - 2022 අතර කාලයේදී රුපියල අවප්‍රමාණ වූ විට ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණ එකෙන් සරලව තේරුම්ගත හැකියි, පොතේ හැටියට නම් සාමාන්‍යයෙන් රුපියල ශක්තිමත් වුණාම අපනයනකරුවන්ට අවාසි සහ සංචාරකයින්ට වියදම වැඩි වෙනවා කියන මතය ඔබත් අහලා ඇති. ඒත් ලංකාවේ සැබෑ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්
ලංකාවේ අපනයනවලින් විශේෂයෙන්ම ඇඟලුම් ඇතුලු නිෂ්පාදන අපනයන වලින් 75%-80%ක් විතරම චීනයෙන් ගේන අමුද්‍රව්‍ය, කොටස් වගේ දේවල් මත තමයි නිෂ්පාදනය කරන්නේ. රුපියල ශක්තිමත් වෙනකොට ඒ ආනයනවල මිල අඩු වෙනවා. ඒ නිසා අපනයනකරුවන්ට නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන්!
අනෙක රුපියල ශක්තිමත් වෙනකොට ඒක නිසා ලංකාවේ ජීවන වියදම අඩු වෙන නිසා සාපේක්ෂව අඩු වැටුපට අලුත් සේවකයින්, තාවකාලික පදනම මත වැඩකරන අය එහෙම හොයාගන්න පුළුවන් ලේසියෙන්ම, අනෙක ගාස්තු එහෙමත් අඩු වෙනවා
ඒ වගේම සංචාරක කර්මාන්තය ගත්තත්, ලංකාවේ මිල ගණන් තාමත් ලෝකෙත් එක්ක බලද්දි සාපේක්ෂව තරමක් අඩුයි. රුපියල ශක්තිමත් වුණත්, අවශ්‍ය නම් ගාස්තු තව ටිකක් අඩු කරලා අපේ සංචාරක ආකර්ෂණය පවත්වා ගන්න පුළුවන්. අනෙක වියදමත් අඩු වෙනවා ඉහත කිව්වා වගේම
ඒ නිසා, රුපියල ටිකෙන් ටික ශක්තිමත් වෙන එක ඇත්තටම ලංකාවේ අපනයන ආදායමත්, සංචාරක ඉපැයීම් ටිකෙන් ටික වැඩි කරන්න උදව් වෙන එකයි ඇත්තටම වෙන්නේ.
AnonymousJune 3, 2025 at 2:52 AM.
Deleteඉතා හොඳ ප්‍රශ්නයක්. රුපියල ශක්තිමත් වීම ඕනෑම තත්ත්වයක් යටතේ වාසිදායක දෙයක් නෙමෙයි. විදේශ ණය අරගෙන වගේම විදේශ සංචිත විකුණලත් රුපියල ශක්තිමත් කරන්න පුළුවන්. ඉතිහාසයේදී බොහෝ විට රුපියල ශක්තිමත් කරන්න උත්සාහ කරලා තියෙන්නේ ඔය ක්‍රම වලට. සංචිත විකිණීම සංචිත අවසන් වෙද්දී කරගන්න බැරි වෙනවා. එවිට නැවත රුපියල කඩා වැටෙනවා. විදේශ ණය ගැනීම කාලයක් කරගෙන යන්න පුළුවන්. එහිදී වෙන්නේ දිගින් දිගටම අලුත් ණය ගනිමින් පරණ ණය හා පොලිය ගෙවන අතර රුපියල ශක්තිමත් කිරීම සඳහා තවත් අමතර විදේශ ණය ගැනීම. නමුත් මෙහිදී වෙන්නේ පිරමිඩයක් හැදෙන එක. එය කොයි වෙලාවක හෝ කඩා වැටෙනවා. ආර්ථික අර්බුදයේදී සිදු වුනේ ඒක. මෙවැන්නක් සිදු වීම වලක්වා ගන්නා අතරම රුපියල ශක්තිමත් කරගන්නේ කෙසේද? එය කළ හැක්කේ ජංගම ගිණුමේ අතිරික්තයක් දිගටම පවත්වා ගැනීම හරහා. ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්නවා කියන්නේ හැම විටම විදේශ විණිමය ලෙස වැය කරන්නේ අපනයන ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක ආදායම් ආදියෙන් රටට ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් කියන එක. අතිරික්තය එන්නේ ඒ වෙනසින්. ඒ නිසා, අපනයන ආදායම්, සංචාරක ආදායම් ආදිය අඩු වෙනවා කියන ප්රශ්නය මතු වෙන්නේ නැහැ. ඒ ආදායම් අඩු වෙනවානම්, ඊට අනුරූපව විදේශ විණිමය වියදම්ද අඩු වෙනවා. නැත්නම් අතිරික්තයක් හැදෙන්නේ නැහැ. රුපියල ශක්තිමත් කරනවා කියන්නේ ඩොලරයක මිල පුළුවන් තරම් පහළට ගන්නවා කියන එක නෙමෙයි. ඔය තුලනය පවත්වා ගන්නවා කියන එක. රුපියල කඩා වැටීමේ අවදානම පුළුවන් තරම් අඩු කරනවා කියන එක. ඔය වැඩේ කාලයක් කරද්දී රුපියලට රටෙන් බාහිරව යම් විශ්වාසයක් ගොඩ නැගෙනවා. කුඩා රටක් වන සිංගප්පූරුවේ මුදල් ඒකකයට ලංකාවේ රුපියලට නැති පිළිගැනීමක් තියෙන්නේ ඔය වැඩේ සිදු වුනු නිසා. ඒ පිළිගැනීමත් එක්ක, අවසාන වශයෙන් දිගුකාලීනව ඩොලරයක මිල අඩු වීම කෙසේ වුවත් මිල ඉහළ යාම සීමාවීමක් වෙනවා. නමුත් කෙටිකාලීන ප්‍රතිපත්ති ඉලක්කය විය යුත්තේ ඒක නෙමෙයි. ජංගම ගිණුමේ අතිරික්තය හෝ අඩු වශයෙන් තුලනය. මේ වෙද්දී එක දිගට වසර දෙකක් ජංගම ගිණුමේ අතිරික්තයක් තියාගෙන ගිහින් තිබෙනවා. මේ අවුරුද්දෙත් තියෙයි. එහෙම වුනොත් එක දිගටම අවුරුදු තුනක්. මතක හැටියට නිදහසින් පස්සේ කවදාවත් එහෙම තිබිල නැහැ. ඒ කියන්නේ මේ වැඩේ කරන්න පුළුවන් කියන එක. පසුගිය අවුරුද්ද දක්වාම ආනයන සීමා තිබුණා. දැන් ඒවාත් නැතිව ජංගම ගිණුම තුලනය වෙනවා කියන්නේ ඉතාම හොඳ තත්ත්වයක්. මෙහිදී සිදු වුනු වෙනස රජය අයවැය තුලනය කර ගැනීම සහ ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගැනීම. ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රශ්න වල රෝග නිධානය තිබුණේ එතැන. ප්රශ්නය විසඳුවාට පස්සේ අනෙක් ප්‍රශ්න එකින් එක විසඳෙනවා. කලින් තිබුණු විෂම චක්‍රය ආපස්සට කැරකෙනවා.
@ Economatta
Deleteරුපියල ශක්තිමත් වීම හා අපනයන තරඟකාරීත්වය ගැන ඔබ ඉතාම පටු මතයක් දරන බව පේනවා, නමුත් සැබෑ තත්ත්වය ඊට වඩා සංකීර්ණයි
ඔබේ ප්‍රධාන තර්කයක් වන්නේ රුපියල ශක්තිමත් වීම සැමවිටම වාසිදායක නොවන බවත්, එය අපනයනවලට අහිතකර ලෙස බලපාන බවත්ය. මෙය පොදුවේ සරල තියරියක් ලෙස සත්‍යයක් වුවත්, මෙම අන්තර් සම්බන්ධතාවය තව දුරටත් සංකීර්ණ බව පෙන්වා දිය හැකියි.
උදාහරණ ලෙස අපනයනවල ස්වභාවය මත: ලංකාවේ අපනයනවල ස්වභාවය ද මෙහිදී වැදගත්. අපනයන කරුවන් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අධික ලෙස ආනයනික අමුද්‍රව්‍ය භාවිතා කරන්නේ නම්, රුපියල ශක්තිමත් වීමෙන් ඔවුන්ගේ ආනයන වියදම් අඩු වන අතර, එමගින් ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු වී, ඔවුන්ට වඩාත් තරඟකාරී වීමට හැකි වේ. උදාහරණයක් ලෙස, ඇඟලුම් කර්මාන්තය රෙදිපිළි සහ අනෙකුත් අමුද්‍රව්‍ය ආනයනය කරන බැවින්, රුපියල ශක්තිමත් වීම ඔවුන්ට වාසිදායක විය හැකියි. ඔබ මෙම වාසිදායක පැත්ත සම්පුර්ණයෙන්ම සලකා බලන්නේ නැහැ.
ඊළඟට උද්ධමනය පාලනය: ශක්තිමත් රුපියලක් ආනයන භාණ්ඩවල මිල අඩු කරන බැවින්, රටේ උද්ධමනය පාලනය කිරීමට උපකාරී වෙනවා. උද්ධමනය පාලනය වීමෙන්, මෙහෙයුම් වියදම් ස්ථාවර වන අතර, එය දීර්ඝකාලීනව අපනයන කරුවන්ට ද වාසිදායකයි. අධික උද්ධමනයකදී, නිෂ්පාදන වියදම් ඉහළ ගොස්, අපනයනවල තරඟකාරීත්වය අඩු විය හැකියි.
ජංගම ගිණුමේ අතිරික්තයේ තිරසාරභාවය (Sustainability) ඔබ කියන පරිදි, ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම ඉතා හොඳ තත්ත්වයක් බව සත්‍යයක්. කෙසේ වෙතත්, මෙම අතිරික්තය සාක්ෂාත් කරගත් ආකාරය සහ එහි තිරසාරභාවය පිළිබඳව ඔබ ප්‍රමාණවත් අවධානයක් යොමු කරලා නෑ.
එමෙන්ම සංචිතවල පහළ මට්ටම: ආනයන සීමා පැනවීමට සිදු වූයේ රටේ විදේශ සංචිත ඉතාමත් පහළ මට්ටමකට පැමිණ තිබූ නිසයි. ආනයන සීමා නොතිබුණා නම්, පසුගිය වසර කීපයේදීම ජංගම ගිණුමේ ශේෂය කිසිසේත් අතිරික්තයක් පෙන්වන්නේ නැහැ. එනම්, මෙම "අතිරික්තය" ඇති වූයේ ආර්ථිකයේ ස්වභාවික වර්ධනයක් නිසා නොව, අත්‍යවශ්‍ය ආනයන පවා කපා හැරීමෙන් බව පැහැදිලියි. මෙය සැබෑ ආර්ථික ශක්තියක දර්ශකයක් ලෙස පමණක් දැකිය නොහැකියි.
ඒ වගේම සැඟවුණු වියදම්: ආනයන සීමා කිරීමෙන් සිදුවන්නේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ හිඟ වීමයි. මෙය දීර්ඝකාලීනව රටේ නිෂ්පාදන ධාරිතාවට අහිතකර ලෙස බලපාන අතර, අපනයන ආදායම් උපයා ගැනීමේ හැකියාවට ද බාධා පමුණුවනවා. ඔබ මේ හිඩ්න් "සැඟවුණු වියදම" පිළිබඳව කතා කරන්නේම නැහැ.
"දැන් ඒවාත් නැතිව ජංගම ගිණුම තුලනය වෙනවා" කීම ඇත්තක් ද: ආනයන සීමා ක්‍රමයෙන් ලිහිල් කරත්, මේ 2025 වසරේදී පවා සමහර සීමා සම්පූර්ණයෙන් ඉවත් කර නැහැ. එසේම, විදේශ විනිමය වෙළඳපොළේ ඉල්ලුම සහ සැපයුම තවමත් සම්පූර්ණයෙන් ස්වාභාවික තත්ත්වයට පත්වී නැති බව ඇතැම් ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙනවා. සම්පූර්ණ ලිහිල් කිරීමකින් පසුත් අතිරික්තයක් පවත්වා ගැනීමට නම්, අපනයන ආදායම්, සංචාරක ආදායම්, සහ ප්‍රේෂණ ස්ථාවරව සැලකිය යුතු මට්ටමකින් වර්ධනය විය යුතුයි.
ඊළඟට macro ලෙවෙල් එකේ සාර්ව ආර්ථික ගැටලුවල රෝග නිධානය බහුවිධ හා ගැඹුරු හේතු ගැන බලමු
ඉකොනොමැට්ටා කියන්නේ "ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රශ්න වල රෝග නිධානය තිබුණේ එතැන (අයවැය තුලනය නොවීම)" තුල පමණක්ම බවයි. මෙය ඉතා සරල පටු නිගමනයක් වන අතර,ලංකාවේ ආර්ථික අර්බුදයට බලපෑ වඩාත් ගැඹුරු සහ බහුවිධ හේතු එයින් මගහැරී ඇත. උදා
A. ව්‍යුහාත්මක ගැටලු:
B. දුර්වල රාජ්‍ය ව්‍යවසාය: බොහෝ රාජ්‍ය ව්‍යවසාය (SriLankan Airlines, CEB, CPC වැනි) දීර්ඝකාලීනව පාඩු ලබන අතර, ඒවා නඩත්තු කිරීමට රජයට විශාල මුදලක් වැය කිරීමට සිදු වේ. මෙය අයවැය හිඟයට ප්‍රධාන හේතුවක් වන අතර, ප්‍රකාශය මෙන් හුදෙක් "අයවැය තුලනය" යන්නෙන් පමණක් මෙය විසඳිය නොහැක.
C. නිෂ්පාදන පදනමේ දුර්වලතාවය: ලංකාවෙ අපනයන පදනම ඉතා පටු වන අතර, වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ අපනයනය කිරීමේ හැකියාව සීමිතයි. මෙය දිගුකාලීන විදේශ විනිමය හිඟයට දායක වේ.
D. අධික රාජ්‍ය සේවය සහ අඩු ඵලදායීතාවය: විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට විශාල වියදමක් දැරීමට සිදු වන අතර, එහි ඵලදායීතාවය අඩු බවට විවේචන පවතිනවා.
E. දූෂණය සහ අකාර්යක්ෂමතාව: දූෂණය, අකාර්යක්ෂමතාව සහ නිසි පාලනයක් නොමැතිකම රාජ්‍ය ආදායම් අඩුවීමටත්, වියදම් වැඩි වීමටත් හේතු වී ඇත. මෙය හුදෙක් අයවැය හිඟයට වඩා පුළුල් ගැටලුවක්.
F.ප්‍රතිපත්තිමය වැරදි: මේවාත් ගොඩක් තියෙනවා
G.මුදල් මුද්‍රණය: මහ බැංකුව විසින් අඛණ්ඩව මුදල් මුද්‍රණය කිරීම උද්ධමනය ඉහළ යාමටත්, රුපියල අවප්‍රමාණය වීමටත් සෘජුවම බලපෑවා. මෙය අයවැය හිඟය පියවීමට ගත් වැරදි ක්‍රියාමාර්ගයක්. ලංකාව විතරක් නෙවෙයි ගොඩක් රටවල් මේක කළා covid වසංගත සමයේ
H.අකාර්යක්ෂම ණය කළමනාකරණය: රටේ ණය කළමනාකරණය නිසි ලෙස සිදු නොවීම සහ 2015-19 කාලේ ඩොලර් බිලියන 12කට වඩා කෙටිකාලීන අධික පොලී සහිත වාණිජ ණය මත වැඩි වශයෙන් රඳා පැවතීම ද අර්බුදයට හේතුවක් වුණා.
ඊළඟට සිංගප්පූරුව සමඟ සංසන්දනයේදී ඉකොනොමැට්ටා සිංගප්පූරුවේ මුදල් ඒකකයේ ස්ථාවරත්වය ලංකා රුපියල සමඟ සංසන්දනය කර ඇත. නමුත් ඊට පෙර මෙම රටවල් දෙකෙහි ආර්ථික ව්‍යුහයන් සහ සංවර්ධන මට්ටම්වල ඇති දැවැන්ත වෙනස සැලකිල්ලට ගැනීම ඉතාම වැදගත්.
Deleteආර්ථික විවිධාංගීකරණය: සිංගප්පූරුව අධි තාක්ෂණික කර්මාන්ත, මූල්‍ය සේවා, සහ නවෝත්පාදන මත පදනම් වූ highly diversified ආර්ථිකයක් හිමි රටකි. ලංකාවේ ආර්ථිකය තවමත් සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය, ඇඟලුම් සහ සංචාරක ක්ෂේත්‍ර මත වැඩි වශයෙන් රඳා පවතී.
ආයෝජන සහ මූල්‍ය කේන්ද්‍රය: සිංගප්පූරුව ගෝලීය මූල්‍ය කේන්ද්‍රයක් වන අතර, විශාල විදේශ ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරයි. ලංකාවට එවැනි ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා තව බොහෝ දුර යා යුතුව ඇත.
පාලනය සහ විනිවිදභාවය: සිංගප්පූරුව ඉතා ඉහළ මට්ටමේ පාලනයක් සහ විනිවිදභාවයක් සහිත රටක් ලෙස ප්රකටය. දූෂණය අවම මට්ටමක පවතී.ලංකාවේ මෙම ක්ෂේත්රවල සැලකිය යුතු දියුණුවක් අවශ්‍ය වේ.
සිංගප්පූරුව ආදර්ශයක් ලෙස ගැනීම හොඳ වුවත්, ලංකාව එම තත්ත්වයට ළඟා වීමට නම්, හුදෙක් අයවැය තුලනයට වඩා වඩාත් ගැඹුරු ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් රාශියක් අවශ්‍ය බව මගහැරී ඇත.
ඉකොනොමැට්ටා මෙහිදී ලංකාවේ ආර්ථිකය පිළිබඳව පොදුවේ වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කරන නමුත්, පටුලෙස සිතා සියලු සාධක හෝ ඒවායේ සංකීර්ණ ස්වභාවය අමතක කරයි.
"රෝග නිධානය" තනි කරුණක් බවට සරල කිරීම, ආනයන සීමාවල සම්පූර්ණ බලපෑම නොසලකා හැරීම, සහ පුළුල් ආර්ථික ව්‍යුහාත්මක ගැටලු පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් නොයොමු කිරීම එහි ඇති ප්‍රධාන සීමාවන් ලෙස දැක්විය හැකියි. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා, අයවැය විනයට අමතරව, අපනයන පදනම ශක්තිමත් කිරීම, රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය, දූෂණය පිටුදැකීම, සහ ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වැනි පුළුල් පරාසයක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව මගහැරී ඇත.
ලංකාවේ අයවැය තුලනය කිරීමෙන් පසු "විෂම චක්‍රය ආපස්සට කැරකෙනවා" කියන්නේ යම් ධනාත්මක ප්‍රවණතාවක් ආරම්භ වන බවයි. එය සත්‍යයක් වුවද, මෙම "චක්‍රය" කිසිදු බාධාවකින් තොරව දිගටම පවතිනු ඇතැයි උපකල්පනය කිරීම යථාර්ථවාදී නොවේ.
උදාහරණ
බාහිර කම්පන: ගෝලීය ආර්ථික අවපාත, ජාත්‍යන්තර වෙළඳ යුද්ධ, ස්වභාවික විපත්, භූ-දේශපාලනික ගැටුම් වැනි බාහිර කම්පන මගින් ආර්ථිකයේ ස්ථාවරත්වයට නැවත බලපෑම් එල්ල විය හැකියි. මෙම සාධක අයවැය තුලනයට කෙලින්ම සම්බන්ධ නැතත්, ඒවා ආර්ථිකයේ ප්‍රගතියට දැඩි ලෙස බාධා කළ හැකියි. උදාහරණ 2020/21 ගෝලීය වසංගතය
දේශපාලන අවිනිශ්චිතතාව: රටේ දේශපාලන තත්ත්වය අස්ථායී වුවහොත්, ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අඩාල විය හැකි අතර, ආයෝජක විශ්වාසය නැවත බිඳ වැටිය හැකියි.
අනෙක රාජ්‍ය අයවැය හිඟය සහ ප්‍රාථමික හිඟය ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික අර්බුදයට එක හේතුවක් බවට කිසිදු සැකයක් නැහැ. එම ගැටලු විසඳීම ආර්ථිකය ස්ථාවර කිරීමේ අත්‍යවශ්‍ය තවත් එක් පියවරක් පමණයි. කෙසේ වෙතත්, "රෝග නිධානය තිබුණේ එතැන" යැයි තනි කරුණකට සීමා කිරීම සහ "ප්රශ්නය විසඳුවාට පස්සේ අනෙක් ප්‍රශ්න එකින් එක විසඳෙනවා" යැයි කීම, ආර්ථික විද්‍යාත්මකව අසම්පූර්ණ සහ අතිශයෝක්තියට නැඹුරු වූ විසුළු ප්‍රකාශයක්.
ලංකාවේ ආර්ථික අර්බුදය යනු බහුවිධ ව්‍යුහාත්මක දුර්වලතා, දුර්වල ප්‍රතිපත්ති තීරණ, සහ පාලන දුර්වලතා රැසක සංකලනයක ප්‍රතිඵලයක්. අයවැය තුලනය කිරීමෙන් පසු, රටට අවශ්‍ය වන්නේ එම සියලු ක්ෂේත්‍ර ආවරණය වන පුළුල්, අඛණ්ඩ සහ කැපවීමෙන් යුත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක්.
එසේ නොමැතිව, මෝඩ ලෙස අයවැය තුලනය කරාම ඉබේටම ආර්ථිකය සම්පූර්ණයෙන්ම විෂම චක්‍රයෙන් මිදී ස්ථාවර වර්ධනයක් කරා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවේ.
සරලවම කිව්වොත් ලංකාවේ ආර්ථික අර්බුදයට බලපෑ සමස්ත සාධක පරාසය පිළිබඳව මෙහිදී ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බවත්, "අයවැය තුලනය කිරීම" පමණක් සියලු ගැටලු විසඳන මැජික් යෂ්ටියක් නොවන බවත් අවධාරණය කළයුතුයි.