වෙබ් ලිපිනය:

Sunday, March 11, 2018

සිංහලයින් සුළුතරය වන දිනය?


ලංකාවේ ජීවත්වන බහුතරය තමන් සිංහලයින් ලෙස හඳුන්වාගන්නෝය. ඊට අමතරව තමන් දෙමළ, මුස්ලිම්, මැලේ හෝ බර්ගර් වැනි වෙනත් ජනවර්ගයකට අයත් බව හඳුනා ගන්නෝද සැලකිය යුතු පිරිසක් සිටිති. අවසන් වරට සංගණනයක් පැවැත්වුණු 2012දී ගණන් ගැනුණු 20,359,400ක ශ්‍රී ලාංකික ජනගහණයෙන් (ආසන්නම 100ට) 15,250,100ක් තමන්ව හඳුන්වා ගත්තේ සිංහලයින් වශයෙනි (වගුව 2.4). මේ අනුව, 2012දී ප්‍රතිශතයක් ලෙස ලංකාවේ ජීවත් වූවන් අතරින් 74.9%ක් සිංහලයෝ වූහ.

සිංහලයින් ලංකාවේ පැහැදිලි බහුතරය වූවත් බොහෝ සිංහලයින්ට තිබෙන්නේ සුළුතර මානසිකත්වයකි. එයට සියවස් ගණනක් අතීතයට දිවෙන ඓතිහාසික හේතු තිබේ. තමන් ලංකාවේ බහුතරය බව බොහෝ සිංහලයින්ට ඇඟට නොදැනීමේ ප්‍රතිඵලය ලෙස ඔවුහු ඇතැම් විට තමන් රටේ බහුතරය බව ප්‍රදර්ශනය කරන්නට පෙළඹෙති. වෙනත් බොහෝ රටවල බහුතර ජනවර්ගය තුළින් මෙවැනි චර්යාවන් දකින්නට ලැබෙන්නේ මීට වඩා අඩුවෙනි.

සිංහලයෙන් අතර කලක සිට මුස්ලිම් භීතිකාවක් වර්ධනය වෙමින් පවතී. මෙයට සමාන්තරව බටහිර රටවල් ඇතුළු ලෝකයේ වෙනත් රටවලද කලක සිට මුස්ලිම් භීතිකාවක් වර්ධනය වෙයි.

ලංකාවේ මුස්ලිම් භීතිකාවේ විවිධ මාන තිබේ. එයින් එක් මානයක් වන්නේ නුදුරු දිනක මුස්ලිමුන් ලංකාවේ බහුතරය වී සිංහලයින් දෙවන තැනට පත් වේය යන අදහසයි. මෑත වසර වලදී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණයට වඩා කිහිප ගුණයක වේගයකින් වර්ධනය වෙමින් පැවතීම මේ අදහසේ මූලයයි. කිසියම් ගහණයක් තවත් ගහණයකට වඩා  සුළු වශයෙන් හෝ වැඩි වේගයකින් වර්ධනය වේනම් එම ගහණයේ වත්මන් ප්‍රමාණය කෙතරම් අඩු වුවත් කවර හෝ දිනක වැඩි වේගයකින් වර්ධනය වන ගහණය අනෙකුත් ගහණයන් සංඛ්‍යාත්මකව අභිබවන බව ගණිතමය යථාර්තයකි.

කෙසේවුවත්, ඉහත කරුණ එසේ සිදුවන්නේ අදාළ ගහණයන්හි වර්ධන වේගයන් ඉතා දිගු කාලයක් නොවෙනස්ව පැවතුණහොත් පමණි. විවිධ පාරිසරික සාධක නිසා සාමාන්‍යයෙන් එය එසේ සිදුවන්නේ නැත.

ලංකාවේ මුස්ලිම් ජනගහණය කිසියම් දිනක සිංහල ජනගහණය අභිබවනු ඇතිය යන අදහස වසර කිහිපයකට පෙර ප්‍රචලිත කළේ එක්තරා දේශපාලනඥයෙකි. කලකට පෙර අපවත් වූ හිමිනමක්ද ඊට පෙර මේ අදහස ව්‍යාප්ත කළේය. මේ වියුණුව ආරම්භ කළ වසරට ආසන්න පෙර වසරකදී චානුක වත්තේගම විසින් ඉහත අදහස අභියෝගයට ලක් කර තිබුණු අතර මහා කළු ලාංකිකයා නම් වූ අයෙක් විසින් චානුකගේ ලිපිය අභියෝගයට ලක් කර තිබුණේය. ඉහත ලිපි දෙක ගැන මා දැනගත්තේ 2016 සැප්තැම්බරයේදී රසිකොලොජියේ පළ වූ ලිපියකට ලක්ෂාන් විසින් දමා තිබුණු ප්‍රතිචාරයක් හරහාය. ඒ අවස්ථාවේදී මා කළ ඉල්ලීමක් අනුව, ලක්ෂාන් විසින් මෙන්ම තිසර විසින්ද ඉහත ලිපි වල සබැඳි පළ කර තිබුණේ  "ඉකොනොමැට්ටා මේ ගැන ඉදිරියේදි යම් අදහසක් පළකරාවිය" යන අපේක්ෂාවද ප්‍රතිචාරයට එකතු කරමිනි.

චානුකගේ හා මහා කළු ලාංකිකයාගේ ලිපි වල කතා කරන්නට තරම් දෙයක් තිබුණත් ඒ හා අදාළව ලිපියක් ලිවීම දිගින් දිගටම අතපසු වෙද්දී වෙනත් මිතුරන් කිහිප දෙනෙක්ගෙන්ම වරින් වර පෞද්ගලිකවද මීට සමාන ඉල්ලීම් ඉදිරිපත් විය. ඉතාම ආසන්නව මීට සමාන ඉල්ලීමක් කළේ ලංකාවේ පදිංචි විශේෂඥ වෛද්‍යවරයෙකු වන මිතුරෙකි. ඔහුට අනුව, මෙය මේ වෙද්දී බොහෝ දෙනෙකු සාකච්ඡා කරන මාතෘකාවකි. ඔහුගේම වචන වලින් ප්‍රශ්නය මෙසේය.

"මේක අද මගේ බැචියක් අහපු ප්‍රශ්ණයක්. මුස්ලිම් ජනගහනය අපේ ජනගහනයට වඩා වැඩි වෙන්ඩ අවුරුදු කීයක් යනවද කියලා. පල්ලෙහා තියෙන්නේ සමීකරණ දෙකක link එකක්.දෙකම ඩොකාලා කියන්නේ. එක්කෙනෙක් කියනවා අවුරුදු 124 යි කියලා. අනිත් එක්කනා කියන්නේ අවුරුදු 420යි. කෝකද හරි? දෙකම වැරදිද?"

ඉහත ප්‍රශ්නය විමසමින් මගේ මිතුරා වෙනත් දෙදෙනෙකුගේ ගණනය කිරීම් සඳහා යොදාගෙන තිබුණු සමීකරණ ඇතුළු අදාළ තොරතුරුද පිටපත් කර තිබුණේය. එක් සමීකරණයක් ඉදිරිපත් කර තිබුණේ විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම වත්පොතෙහි සක්‍රියව අදහස් දක්වන්නෙකුද වන රංග වීරක්කොඩි විසිනි. දෙවැන්න දුලාන් චිරන්තක නම් වූ අයෙකු විසිනි. වත්පොතේ දක්වා ඇති තොරතුරු අනුව ව්‍යවහාරික විද්‍යා උපාධිධාරියෙකු බව පෙනෙන දුලාන් චිරන්තකද වත්පොත හරහා සිදුවන සංවාද තුළ සක්‍රියව සිටින්නෙකු බව පෙනේ.

මා හිතන පරිදි මගේ මිතුරාගේ පණිවුඩයේ ඇති පහත කොටස රංග වීරක්කොඩි විසින් ලියූවක් විය යුතුය.

"ඝාතීය වර්ධනය ගැන සමීකරණයක් තියෙනව. ඒක දැම්මම අවුරුදු 79කින් මුස්ලිම් ජනගහනය 25% වෙන බවත් අවුරුදු 124කින් 50% වෙන බවත් පෙනෙයි. මේව තනිකර නොම්මර. නොම්මර ජාති, වර්ග අඳුනන්නේ නෑ. ඔප්පු කරලත් පෙන්වන්න ඕනද?  x(1+a)^n = y(1+b)^n කියන එක n වලට විසඳන්න තියෙන්ලේ. x = සිංහල ජනගහනය, a=සිංහල ජනගහනය වර්ධන අනුපාතය, y=මුස්ලිම් ජනගහණය, b=මුස්ලිම් ජනගහණ වර්ධන අනුපාතය."

ඒ සමඟම ඔහු ඉදිරිපත් කරන සමීකරණය ඔහු විසින්ම විසඳා තිබේ. පහත රූපයේ තිබෙන්නේ රංගගේ විසඳුමයි.


ගණිතමය ලෙස රංග විසින් ඉදිරිපත් කර තිබෙන සමීකරණයේ වරදක් නැත. ඔහුගේ විසඳුමේද වරදක් නැත. කිසියම් ගහණ දෙකක ආරම්භක ප්‍රමාණ හා වර්ධන වේගයන් දන්නේනම් අදාළ ගහණ දෙකේ ප්‍රමාණ සමාන වීමට ගත වන කාලය එමඟින් අපට සොයාගන්නට පුළුවන.

උදාහරණයක් ලෙස අපි පහත සංඛ්‍යා යොදාගනිමු.

ආරම්භක හාගහණය = 1000
ආරම්භක ඉබිගහණය = 9000
හාවන්ගේ වර්ධන වේගය = 3%
ඉබ්බන්ගේ වර්ධන වේගය = 1%

ගහණ සමාන වීමට ගතවන කාලය = (ලඝු (1000) - ලඝු (9000)) / (ලඝු (1.01) - ලඝු(1.03)) = වර්ෂ 112.055ක් යයි.

දුලාන් චිරන්තක විසින් බැලූ බැල්මටම වෙනස් ලෙස පෙනෙන තවත් සමීකරණයක් ඉදිරිපත් කර තිබේ. ඔහු මෙසේ ලියයි.

"Sir මම අහල තියන equation එක නම් මේක . මේකට දැම්මාම නම් අවුරුදු 420 ට වඩා යනව පහු කරන්න, හැබැයි එතකොට ආගම් ඇදහීමේ සංකල්පෙ තියෙයි ද, ලෝකෙ ඉතුරු වෙල තියෙයි ද නම් දන්නෙ නැහැ."

පහත රූපයේ තිබෙන්නේ පිළිතුර සොයාගැනීම සඳහා දුලාන් චිරන්තක විසින් යොදාගෙන තිබෙන සමීකරණයයි.


රංගගේ සමීකරණය මෙන්ම දුලාන් චිරන්තකගේ සමීකරණයද නිවැරදිය. එහෙත්, එමඟින් කළ හැක්කේ කිසියම් ගහණයක ආරම්භක ප්‍රමාණය හා වර්ධන වේගය දන්නේනම් කිසියම් නිශ්චිත කාලයකට පසු අදාළ ගහණයේ ප්‍රමාණය සොයා ගැනීමයි. ගහණ දෙකක් සමාන වීමට ගතවන කාලය සොයාගැනීමටනම් එක් එක් ගහණයට අදාළ සමීකරණය වෙන වෙනම යොදා පිළිතුරු සමාන වන්නේ වර්ෂ කීයකට පසුවදැයි සොයාගන්නට සිදුවේ. එසේ නැත්නම්, අදාළ සමීකරණ දෙක පහත පරිදි විසඳිය හැකිය.


ඉහත විසඳුම රංගගේ විසඳුමට හරියටම සමාන නොවූවත් ආසන්න වශයෙන් සමානය. ඒ, a යනු කුඩා දශම සංඛ්‍යාවක් වූ විට ලඝු(1+a) ≈ a (ආසන්න වශයෙන් සමාන) බැවිනි. ඒ නිසා, දුලාන් චිරන්තකගේ සමීකරණය යොදාගත්තද ආසන්න වශයෙන් රංගගේ සමීකරණයෙන් ලැබුණු පිළිතුරට සමාන පිළිතුරක් ලැබිය යුතුය.

ඉහත ඉබි හා හා ගහණ සමාන වන්නට දුලාන් චිරන්තකගේ සමීකරණය අනුව වර්ෂ 109.861ක් යයි. මෙය රංගගේ සමීකරණයෙන් ලැබුණු වර්ෂ 112.055ට ආසන්නව සමාන වුවත් මඳක් අඩු කාලයකි. එසේ වුණේ ඇයි?

රංගගේ හා දුලාන්ගේ සමීකරණ දෙකම මේ ගණනය කිරීම සඳහා යොදාගැනීමට හැකි වුවත් ඒ දෙකේ සුළු වෙනසක් තිබේ. රංගගේ සමීකරණය යොදාගන්නා විට කාලය අඛණ්ඩව ගලා යන දෙයක් ලෙස නොව කුඩා කාලාන්තර වල එකතුවක් ලෙස (discrete-time model) උපකල්පනය කෙරේ. එහෙත්, දුලාන්ගේ සමීකරණයේදී කාලය අඛණ්ඩව ගලාගෙන යන දෙයක් ලෙස (continuous-time model) සැලකේ. එය කාලය ලෙස අප දන්නා දෙයට වඩා කිට්ටු උපකල්පනයකි. ඉතා දිගු කාලයක් සැලකීමේදී මේ දෙකේ විශාල වෙනසක් නැති නිසා රංගගේ සමීකරණය තුළ පවතින උපකල්පනයෙහි ලොකු ප්‍රශ්නයක් නැත. සමීකරණය විසඳීම සඳහා ලඝු වලට පරිවර්තනය කිරීමේදීද රංග සිය මුල් උපකල්පනය නොසලකා හරිමින් කාලය අඛණ්ඩව ගලායන්නක් සේ සලකයි.  රංගගේ සමීකරණය ගණිතය වැඩිපුර හදාරා නැති කෙනෙකුට තේරුම් ගැනීම පහසුය.

රංගගේ සමීකරණය අනුව වසරක් අවසානයේ හාගහණය එකවර ක්ෂණිකව 3%කින් ඉහළ යයි. ඉන්පසුව එය ස්ථාවරව තිබී දෙවසරකට පසුව නැවතත් එකවර ක්ෂණිකව 3%කින් ඉහළ යයි. දුලාන්ගේ සමීකරණය අනුව හාගහණය වසර පුරා එකම වේගයෙන් ක්‍රමයෙන් වැඩිවී වසරකදී 3%ක වර්ධනයක් පෙන්වයි. මේ දෙක එකක් මෙන් පෙනුණත් ගණිතමය වශයෙන් මෙහි වෙනසක් තිබේ. සාමාන්‍යයෙන් ගහණයක් වසර පුරා අඛණ්ඩව වර්ධනය වන නිසා රංගගේ සමීකරණය යොදාගත් විට පෙනෙන්නේ නියම වර්ධනයට වඩා ඉතා සුළුවෙන් වුවත් අඩු වර්ධනයකි.

කෙසේවුවත්, රංගට හා දුලාන්ට වෙනස් පිළිතුරු ලැබී තිබෙන්නේ ඔවුන් යොදාගත් සමීකරණ වෙනස් නිසා නොව ඔවුන්ගේ උපකල්පන වල වෙනස්කම් හෝ ගණනය කිරීමේ අඩුපාඩු නිසා වියයුතුය. එසේ නැත්නම් කවර සමීකරණය යොදාගත්තද ලැබිය යුත්තේ ආසන්නව සමාන පිළිතුරකි.

ආරම්භයේදීම සඳහන් කළ පරිදි, ඉහත සමීකරණ දෙකෙහිම ඇති මූලික උපකල්පනයක් වන්නේ අදාළ ගහණයන් විශාල කාලයක් තිස්සේ නිශ්චිත වේගයන්ගෙන් වර්ධනය වන බවයි. එහෙත්, කිසියම් ගහණයක් හා අදාළව එය එසේම වන්නේයැයි උපකල්පනය කළ නොහැකිය. විවිධ සාධක මත ගහණයන්ගේ වර්ධන වේගයන් කලින් කලට වෙනස් වේ.

39 comments:

  1. ඔබ අවසන් කළ ඡේදය වඩා නිවැරදි කතාව පවසා ඇත. ඕනෑම සමීකරණයක් නිර්මාණය කිරීමේදී උපකල්පන එකක් හෝ කිහිපයක් අවශ්‍ය වේ. එසේ නැති සරල සමීකරණද වේ. මෙය කියවාගෙන යත්දී මට ආ අදහසද එයයි. නමුත් මේ ගහණයන් දෙකෙහි වර්ධන වේගය අඩු වැඩි වීමට විවිධ සාධක බලපායි. එවැනි වෙනස්වන තත්වයන් ගණනය සඳහා වඩාත් ගැලපෙන ක්‍රමය නියුරල් නෙට්වර්ක් බව මගේ විශ්වාසයයි. ඒවායේදී නිතරම වෙනස් වන විචල්‍ය සඳහා අමතර ඉන්පුට් එකක් පවත්වාගෙන යයි. ඒ අනුව දිගින් අමතර ඉන්පුට් එක මගින් නිවැරදි අගයට අඩු හෝ වැඩි ප්‍රමාණය සමතුලිත කරයි. එය ටික කාළයක ට්‍රේන් කළ පසු(මෙවැනි නියතයන් එකතු කරමින් යම් කාලයක් ගත කළ පසු), එම නියතයට අදාළ පැහැදිලි අගයක් ලැබුණු පසු එම සමීකරණය නිවැරදි පිළිතුරු ලබා දීම ආරම්භ කරයි.

    ReplyDelete
    Replies
    1. නරක අදහසක් නෙමෙයි. නමුත්, ට්‍රේන් කිරීම සඳහාත් වසර ගණනක නිවැරදි දත්ත අවශ්‍යයි. සංගණනයක් කරන්නේ වසර 10කට වරක් නිසා මේ හා අදාළව high frequency දත්ත නැති වීම ප්‍රශ්නයක්.

      Delete
  2. ලංකාවේ මුල් ම සංගණන දෙකේ දත්ත අනුව වර්ධන වේග හොයලා ඉදිරි අවුරුදු 112 ට ගණනය කළා ම, ඔය සමීකරණ මගින් නිවැරදි තත්වය පෙන්වන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මුල්ම සංගණන දත්ත මොකටද? අන්තිම දෙකේ තිබුණාම ඇති. 1900 තිබූ population dynamics අදට වලංගුයැයි ගැනීමම ගොන් කමක්.

      Delete
    2. //1900 තිබූ population dynamics අදට වලංගුයැයි ගැනීමම ගොන් කමක්.//
      මම හිතන්නේ රසික කියන්නේද මෙයම බවයි. එනම්, 2000 population dynamics තවත් වසර 112කට වලංගුයයි ගැනීමම "ගොන් කමක්" බවයි.

      Delete
    3. මෙය ගොන් කමක්ද නැත්ද යන්න තීරණය වෙන්නේ රසිකගේ දේශපාලනය උඩ. හදිසියේ මුස්ලිම් සහ සිංහල යන දෙකොටස මාරු වුණා නම් රසිකට ඕක අදාල වෙනවා. රසික කියන සතා අපි අඳුණන සතෙක්.

      Extrapolation කියන්නේ ගොං වැඩක් නෙවෙයි. පේන විදියට මුස්ලිම් ජනගහන වර්ධණ වේගය වැඩිවෙනවා මිස අඩු වෙන්නේත් නෑ. ලෝකය පුරාම තත්වයන් ගෙන් බැලූ විට මේ උපකල්පනය සාධාරණයි. ඒක රසිකගේ දේශපාලන න්‍යාය පත්‍රයට නොගැලපෙන නිසා ඒක "ගොං"

      Delete
    4. මෙවැනි ලිපි නිසා සැබෑ ජාතිවාදීන් හඳුණා ගැනීමට ලැබෙනවා. ස්තුතියි ඉකොනොමැට්ටා!

      Delete
    5. මිගාර,

      ඔබලා වැනි සුළු ජාතික ජාතිවාදී අන්තවාදීන්ට කඩේ යන පිරිස සිංහල ජාතිවාදය හැටියට දකින කාරනාව අපට නම්ගැටළු සහගතයි. ඒ ගැන තව පැහැදිලි කිරීම් අවශ්‍යයි, දෙමළ හා මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් වල ක්‍රියාවන් එක්ක සංසන්දනාත්මකව. උදාහරන වශයෙන්;

      01. උතුරට දෙමළ ජනයාට හැර වෙනත් ජනවර්ග වලට කිසිදු අයිතිවාසිකමක් කිව නොහැකියි කියන දෙමළ සන්ධානය ඇතුලු දමිල ජාතිවාදී බෙදුම්වාදී අන්තවාදීන්ගේ මතවාද

      02. නැගෙනහිර, මන්නාරම ඇතුළු මුස්ලිම් ජනයා බහුතරයක් සිටින ප්‍රදේශ අලලා විශේශ ඉස්ලාමීය නීතිය සහ පරිපාලන මූලධර්ම අනුව පාලනය වන මුස්ලිම් පරිපාලන ඒකකයක් ඔවුන්ට වෙනම ඉල්ලීම වගේ කාරනා සමග.

      මේව වසන්කරගෙන ජාතිවාදය ගැන කතා කරන්න බෑ. දෙමල මුස්ලිම් අන්තවාදයක් තියෙන බව මුලින්ම ඔබ පිළිගත යුතුයි, එහෙම එකක් නැත්තෙ නෑ. නමුත් ඒකට උත්තරය දකුනේ සිංහල අන්තවාදය ඇවිලීම නෙමේ කියලයි අපි කිය්න්නේ.

      රටේ පහුගිය දශක ගනන පුරා වැඩියෙන්ම මර්ධනයෙන් පීඩා වින්ද ජනතාවක් වන උතුරේ දෙමල ජනතාවගේ සාධාරණ අයිතිවාසිකම් ඉල්ලා සිටීම ගැන අපි සම්පූර්ණයෙන්ම එකඟයි. එහෙම වුණත් සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන්ට කැපවුණු වෙනම ඉස්ලාමීය පාලනයකින් යුත් මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්ක වලට රටේ අති මහත් බහුතර සිංහල දෙමල 80% පමන විරුද්ධයි. ඒක කවදාවත් ලැබෙන්න දිය යුතු නැහැ රටේ ජාතික සමගිය ඇති කරන්න නම්.

      දැන් ඔබ කියන්න බලන්න උතුරේ දෙමළ සන්ධානය සිංහලයන්ට උතුරේ අයිතියක් තියෙනව කියල පිළිගන්නවනම් උතුරේ සිංහලයන් ජීවත් වෙනවට විරුද්ධ ඇයි?

      එහෙම සිංහලයන්ට සමාන අයිතිවාසිකම් දෙන්න ඒ අය කැමතිනම් ඒ පලාත් වල පාලනය ගෙනියන්න පොලිස් බලතල ඉඩම් බලතල ඇතුළු බලය බෙදීමක් දෙමළ ජන වාර්ගික පදනම මත ඉල්ලන්නේ ඇයි? මොකක්ද ඒ අවශ්‍යතාවය? එහෙම බලය බෙදල විසඳන්න යන ප්‍රශ්නේ මොකක්ද?

      දැන් ලාංකීය දෙමළ ජනතාව 70-75% ක් ඉන්නේ කොළඹ ඇතුළු දකුණු ප්‍රදේශවල සිංහලයන් සමග. ඉතින් එතකොට උතුරට බලය බෙදුව කියල රටේ අනෙක් පලාත්වල ඉන්න දෙමළ ජනයාට යහපතක් වෙනවද?

      රටේ උතුර හා නැගෙනහිර නැතුව අනෙක් ප්‍රදේශ වල දෙමළ ජනයා ඉන්න විදිහට සිංහල මිනිස්සු එක්ක සමාදානයෙන් බලය බෙදීම් නැතිව උතුරේ දෙමළ ජනයාට ඉන්න තියෙන අමාරුව මොකක්ද? මොකක්ද්ද ඒ අයට තියෙන අමුතු ප්‍රශ්නේ?

      පසුගිය දශක ගනනාව පුරා දෙමළ ජනයා වැඩිපුර මර්ධනයට අසාධාරනයට ලක් උනා කියන්නේ මොන පදනමෙන්ද?

      වර්ෂ 1988/89 කාලයේ රාජ්‍ය බලය යොදල බටලන්ද වගේ වදකාගාර පවත්වාගෙන යමින් මර්ධනයකළේ උතුරේ දෙමළ ජනයාද?

      යුද්ධ කාලෙත් අපේ ආණ්ඩු උතුරට අත්‍යවශ්‍ය බඩු යැවුවා කොටි ත්‍රස්තන් අතට ඒව පත්වෙන බව දැන දැනත්, මතක නැද්ද? දශක ගනනාවක් තිස්සේ කොටි ත්‍රස්ත ප්‍රහාර නිසා උතුර නැගෙනහිර ආසන්න සිංහල ගම්මාන වල වැසියන් පීඩා වින්දේ නැද්ද? දශක ගනනාවක් තිස්සේ කොටි ත්‍රස්ත බෝම්බ ප්‍රහාර වලට රටේ අනෙක් පදේශ වල අහින්ශක වැසියන් ගොදුරු උනේ නැද්ද?

      ඔබ කියන සිංහල ජාතිවාදය හේතුවෙන් සුළු ජනවර්ග තුළ කෝපයක් මෙන්ම යම් බියක් ඇතිවීම සාධාරණ විය හැකි වුවත් සිංහල ජාතිවාදය නිසාම පමණක් සිංහල නොවන්නන් දැඩි ලෙස මර්ධනයට ලක් වෙන්නේ කොහොමද කියල අපට පැහැදිලි කරල කියන්නත් ඕනේ.

      දැනට උතුරෙ දෙමළ සහෝදරවරුන්ගෙ අක්කර දාස් ගානන්ක් හමුදාව අල්ලගෙන ඉන්නව. ගොඩක් නිදහස් කළත් ඉතිරි ඒවත් නිදහස් කරල දිය යුතුයි.

      දෙමළ ජාතික සංධානය ගැන කියනවා නම් අපි කල්පනා කල යුතුයි එයාලට මුදල් ලැබෙන්නේ කොහොමද කියලා. එයාලා ගම්මන්පිල වගේ රුපියල් 100 ගානේ එකතු කරන්නෙත් නැත්නම්, වතුපිටි ඉඩකඩම් විකුනලා දේශපාලනය කරන්නෙත් නැත්නම්, ජවිපෙ වගේ කැට හොල්ලන්නෙත් නැත්නම් මෙයාල කොහොමද චන්දෙ කරන්නේ?

      ඒ වාගේම 2005 චන්ද වර්ජනය ගැන පැහැදිල් කිරීම් කිහිපයක්ම දෙන්න පුලුවන්, මේ එයින් එකක්.ඊලාම් වාදීන්ට අවශ්‍යවුනේ අවසානයේ චෙල්වනායගම් වගේ පොෂ් දෙමළෙක්ගේ නායකත්වය යටතේ පාලනය වන ඊලමක් හදන්න. ඒසඳහා අවසාන අදියර ලෙස ප්‍රභාකරන් විශ්‍රාම ගැන්වීම හෝ නාමමත්‍රික ගරු නායක තනතුරක් ලබාදීම හෝ සමහරවිට ඔහු මරාදැමීම වුවත් කිරීමට ඉඩ තිබෙනවා. ප්‍රභාකරන්ට මෙය තේරිලා තමන්ට විලියම් ගොපල්ලා වගේ වෙන්න සිදුවෙන නිසා ඔවුන් 2005 මහින්ද දිනවීමට කටයුතුකලා විය හැකියි. මේ ගැනත් ඔබට යම් පැහැදිලි කිරීමක් කළ හැකියි.

      Delete
    6. ලංකාවේ මුල් ම සංගණන දෙකේ දත්ත අනුව වර්ධන වේග හොයලා ඉදිරි අවුරුදු 112 ට ගණනය කළා ම ජනගහන වර්ධන වේගය කොහොමද ?

      ඒ දත්ත 112 වෙනි වර්ශයට අසන්න වසරක සිදුකෙරුණු සංගණන දත්ත එක්ක කොපමණ වෙනසක් පෙන්වනවා ද?

      Delete
    7. ඔයවගේ බහුබූත ප්‍රශ්න අසන්නේ කුප්‍රකට සිඩ්නි අන්දරේ වැනි මන්දමානසික පිස්සන් මිස අන් කවුද?
      මුල්ම සංගණන සිදුවූ කාලයේ ලංකාවේ සියලු ජාතීන්ගේ පවුල්වල අති මහත් බහුතරය තුළ අඩු වයසෙන් විවාහ වී පිරිමින් අදායම් ඉපයීමත් කාන්තාවන් දරුවන් වදා හදාගැනීමත් කළහ. අ

      නූතන ලෝකයේ තත්වය වෙනස් වී ඇත. මුස්ලිම් ජනතාව අතර සැලකිය යුතු පිරිසක් හැර අන් ජනවර්ග ළමුන් සැදීම සීමා කර කාන්තාවන් උසස් අධ්‍යාපනය/ රැකියා සඳහා යොදවද්දී මුස්ලිම් පවුල්වල පැරණි තාලයේ ප්‍රජාවර්ධනය තහවුරු කෙරෙන ළමා විවාහ, මුසල්මානු පිරිමින් සඳහා බහු විවාහ, මුස්ලිම් කාන්තාවන් උසස් අධ්‍යාපනයෙන් වැළකී අඩු වයසෙන් විවාහ වී ගෘහණියන් ලෙස ගෙටම වී ළමුන් වදන මැශින් ලෙස කටයුතු කිරීම ආදිය නිසා වත්මන් තත්ත්වය දිගටම තිබ්බොත් මුස්ලිම් ජනතාව අන් ජනවර්ග පරදා ශීඝ්‍රයෙන් වර්ධනය වනු පෙනේ. සිංහල ජාතිවාදීන් මෙය වඩාත් උලුප්පා පෙන්වති. කෙසේ නමුත් ඉදිරි කාලය තුළ මුස්ලිම්වරුන් බහුතරය තුල යම් සංස්කෘතික විප්ලවයක් සිදුවුණොත් නම් මෙය වෙනස්විය හැකිය. සිංහල ජාතිවාදීන් පෙන්වා දෙන්නේ එවැන්නක් සිදු නොවී සිංහලයින් සුළුතරය වනු ඇති බවයි. කෙසේ නමුත් සැබෑ සත්‍යය කුමක් වේදැයි කාටවත් ස්ථිරව කිව නොහැක.

      Delete
  3. ලංකාවේ සිංහල, දමිල, මුස්ලිම් , බර්ගර් කියන ජාතියක් නැති වෙන දවස මැනගන්න සමීකරනයක් නැතිව ඇති නේද ඉකෝ

    ReplyDelete
  4. සිංහලයින් ලංකාවේ පැහැදිලි බහුතරය වූවත් බොහෝ සිංහලයින්ට තිබෙන්නේ සුළුතර මානසිකත්වයකි.

    https://en.wikipedia.org/wiki/Anti-Catholicism_in_the_United_States

    ReplyDelete
    Replies
    1. Jagath,

      Wikipedia ඇවිල්ල පිහියක් වගේ, පාන්, එළවළු, මස් කපන්න ගන්න වගේම මිනියක් මරන්න උනත් පාවිච්චි කරන්න පුළුවන්. FB ඇවිල්ලත් ඒ වගේ තමා. අවාසනාවට අපේ මිනිස්සු බහුතරය FB පාවිච්චි කලේ වැරදියට.

      Facebook භාවිතාවේ ඇති භයානක කම නිරීක්ෂණය කල නිසා Facebook භාවිතය තාවකාලිකව තහනම් කර ඇති අතර අද දින ඔරුවක් පෙරලීමෙන් 5ක් මිය යාම නිසා ඔරු භාවිතය තාවකාලිකව තහනම් කර ඇත. මිට අමතරව නිවාස ගිනි තැබීමට ගින්දර යොදා ගන්නා බැවින් ලිප ගිනි මෙලවිමද තාවකාලිකව අත් හිටවා ඇත. පිහි කැති ආදී යුධ මගින් සිදුවන අනතුරු වලක්වා ගැනීමට එම ආයුද භාවිතය ආරක්ෂක අංශ වලට පමණක් සීමා කරන බව සදහන් කල කැ. මාද්‍ය ප්‍රකාශක *ජිත, පසුගිය කාලයේ petrol පෝලිම් ඇති වූයේ රජය දූරදර්ශිව කටයුතු කර petrol බෝම්බ සැදීමට ගන්නා අමු ද්‍රව්‍ය සීමා කල නිසා බවද එමගින් ඇතිවිය හැකිව තිබු විනාශය සීමා කර ගත බවද වැඩි දුරටත් සඳහන් කළේය.

      Delete
  5. මම අදාල සමීකරණය යෙිදා ගත්තේ ජනගහණයගණනය කරන්⁣ේ අවුරුදු පතා වීමත් වර්ධන අනුපාත ගණනය කරන්නේ ඒ අනුව වීමත් නිසායි.

    ReplyDelete
  6. P' = Pe^rt යන සමීකරණය යොදා විසඳීමට ජනගහණය යනු රේඛීය විචල‍යයක් නොවේ. කාලය අනුව ගත් විට වර්ධන අනුපාතය වෙනස් වෙයි. එනම් මේ මොහොතේ සිට පළමු උපත හා දෙවන උපත අතර කාලය, දෙවන හා තෙවන උපත අතර කාලයට සම වීම අවශ්‍ය නැත. ඒ නිසා වර්ධන අනුපාතය ලෙස ලැබෙන්නේ වසරක් හෝ ඊට වැඩි වසර ගණනක් ඇතුළත වැඩි වූ ජනගහණය වසර දයය තුල, සෑම දිනකම, තත්පරයක, නැනො තත්පරයක, එක සේ වැඩි වූ සේ උපකල්පනය කිරීමයි. උස, බර මෙන් රේඛීය විචල්‍යයක් මෙන් නොව ජන සංඛ්‍යාව "ඩිස්ක්‍රීට්" ලෙස හඳුන්වන පාරාමිතියකි. ඒ නිසා ශුද්ධ ගණිතයේ දැක්වෙන සූත්‍ර, යොදන්නේ යම් යම් උපකල්පන ඇතිවය. P'= P.e^rt යන සමීකරණය ඇත්තෙන්ම ජනසංඛ්‍යා වර්ධනයට යොදා ගත නොහැක. නමුත් ජීව විද්‍යාවේදී වැටැයීම ප්‍රශ්ණයක් නොවන නිසා එය යොදාගත හැකිය.

    පසුගිය වසර සියය තුල ජීවත් වූ මිනිසුන් කොපමණද යන්න සෙවීම ගණිතමය ක්‍රමයකින් කළ නොහැක. නමුත් අදාල සමීකරණය integrate කිරීමෙන් (?අවකලනයෙන්) අදාල අගය ආසන්නව ලබා ගත හැක

    ReplyDelete
    Replies
    1. රේඛීය විචල‍යය = linear scale variable

      Delete
    2. //P' = Pe^rt යන සමීකරණය යොදා විසඳීමට ජනගහණය යනු රේඛීය විචල‍යයක් නොවේ.//
      ඔබ මෙහිදී රේඛීය නොවන බව කියන්නේ කවර විචල්‍ය දෙක අතර සම්බන්ධයද යන්න පැහැදිලි නැත. සමීකරණ දෙකේදීම දිගු කාලයක් තුළ ජනගහණ වර්ධන වේගය හා කාලය අතර සම්බන්ධය රේඛීය සේ සලකා ඇත. ජනගහණය හා කාලය අතර සම්බන්ධය රේඛීය සේ දෙකෙන් එකකදීවත් සලකා නැත.

      //එනම් මේ මොහොතේ සිට පළමු උපත හා දෙවන උපත අතර කාලය, දෙවන හා තෙවන උපත අතර කාලයට සම වීම අවශ්‍ය නැත.//
      P' = Pe^rt සමීකරණයෙහි එවැනි උපකල්පනයක් නැත. එම සමීකරණයට අනුව උපත් දෙකක් අතර කාලය ක්‍රමයෙන් අඩු වේ. ඇත්තටම සිදුවන්නේද එයයි.

      //ඒ නිසා වර්ධන අනුපාතය ලෙස ලැබෙන්නේ වසරක් හෝ ඊට වැඩි වසර ගණනක් ඇතුළත වැඩි වූ ජනගහණය වසර දයය තුල, සෑම දිනකම, තත්පරයක, නැනො තත්පරයක, එක සේ වැඩි වූ සේ උපකල්පනය කිරීමයි.//
      මිලියන 20ක ජනගහණයක් සිටින ලංකාවේ වසරකට දරු උපත් 300,000කට වැඩි ප්‍රමාණයක් සිදුවේ. එනම්, මිනිත්තු 2කට අඩු සාමාන්‍ය කාලයකදී දරු උපතක් සිදු වේ. ඒ නිසා, වසර සියයක පමණ කාලයක් සැලකූ විට මෙය අඛණ්ඩව සිදුවන දෙයක් ලෙස සැලකීමේ වරදක් නැත. ඒ නිසා, P' = Pe^rt යොදාගැනීමේ ප්‍රශ්නයක් නැත. එහෙත්, එහි තිබෙන්නේ කිසියම් මොහොතක වර්ධන වේගය නිසා (instantaneous growth rate) නිසා, ඒ වෙනුවට වාර්ෂික සමුච්ඡිත වර්ධන වේගය (annual cumulative growth rate) ආදේශ කළ විට ලැබෙන්නේ තරමක් වෙනස් පිළිතුරකි. එහෙත්, උපකල්පිත ජනගහණ වර්ධන වේගය යනු ඉතා විශාල මිනුම් වරදක් සහිත විචල්‍යයක් බැවින් ඉහත සමීකරණ දෙකෙන් ලැබෙන පිළිතුරු වල වෙනස ගිණිය යුතු එකක් නොවේ.

      Delete
  7. වර්ග හැතැප්ම 25 දාහක දැනටම මිලියන් 21.5 ක් විතර ඉන්නවා. මොකා බහුතරය වුනත් , ඔය යන වේගෙට හෝමෝ සැපියන්ස්ලා මෙහෙ වර්ධනය වුනොත් යංතං මූදෙ පාවෙවී ඉන්න පුලුවන් ලොකු මූදු ප්‍රදේශයක් අපිට තියන නිසා .

    ReplyDelete
    Replies
    1. දැන් ලංකාවේ ජනගහණ වර්ධන වේගය එවැනි ප්‍රශ්නකාරී මට්ටමක නැහැ.

      Delete
  8. ඉකොනෝ හිතන විදිහට මැදපෙරදිග පොසිල ඉන්ධන ඉවරවෙන්න තව කොච්චර කල් යයිද , මොනවා හරි දත්ත තියෙනවද ඒ ගැන . අදාල නේ වගේ පෙනුනට මේකට අදාල නිසයි අහන්නේ

    ReplyDelete
    Replies
    1. මෙය අදාළ දෙයක්නම් තමයි. පිළිතුර හරියටම නොදන්නා නමුත්, මේ "ප්‍රශ්නයට" බලපෑමක් කළ හැකි තරම් කෙටි කාලයක් තුළ මැදපෙරදිග පොසිල ඉන්ධන අවසන් වෙන්න ඉඩකඩ අඩුයි.

      Delete
    2. //"මේ "ප්‍රශ්නයට" බලපෑමක් කළ හැකි තරම් කෙටි කාලයක් තුළ මැදපෙරදිග පොසිල ඉන්ධන අවසන් වෙන්න ඉඩකඩ අඩුයි."// නමුත් පෘථුවියේ ආයු කාලය සමග සසඳන විට මෙය එතරම් දීර්ඝ කාලයක් නොවන බව පැහැදිලියි. ඒ වගේම බටහිර සහ තාක්ෂණික ලෝකය ඉදිරියේ විකල්ප බලශක්ති කෙරෙහි යොමුවීමත් වේගයෙන් සිදුවෙනවා. පොසිල ඉන්ධන අවසන් වීමක් නොවුනත් පොසිල ඉන්ධන වල සාපේක්ෂ වටිනාකම පහල යන කාලයක් ආරම්භ වී තිබෙනවා.
      මුස්ලිම් ලෝකය සහ ඉස්ලාමිය අන්තවාදය මැදපෙරදිග හා කෙලින්ම සම්බන්ධකම් පවතින බව ඕනෑම කෙනෙක් දන්නා කාරණයක් . ලෝකය මැදපෙරදිගට ආදරය කරන්නේ මේ පොසිල ඉන්ධන වල තිබෙන වටිනාකම නිසා පමණයි . ඒ හා සබැඳි මහා ධනස්කන්ධය සහ මැදපෙරදිග තෙල ආකර වල ඇති බටහිර ආයෝජන නිසා මැදපෙරදිග සමග බැඳුනු ආදරය ශක්තිමත් ,
      නමුත් විකල්ප බලශක්ති ප්‍රභව කෙරෙහි යොමුවීම වේගවත් වන තරමටම සහ පොසිල ඉන්ධන වල සුලභතාවය අඩුවීම මේ ඉස්ලාමිය අධිරාජ්‍යවාදය (පොසිල ඉන්ධන හරහා ) කෙරෙහි ඔහොසෙයින් අහිතකර ලෙස බලපාන්න පුළුවන් , ලෝකය මැදපෙරදිග පොසිල ඉන්ධන මත යැපීම අවසන් වන දවසෙන් පසුව මේවැනි දේවල් තවදුරටත් ප්‍රශ්න නොවන අතරම , මැදපෙරදිගත තවත් සොමලියාවක් බවට පත් නොවන බවට සහතික නම් දිය නොහැකිය .

      Delete
    3. All middle east is gonna be somalia . countries like UAE , qatar are investing in other sectors like hospitality , ports in order to sustain without oil wealth . Evan Saudi arabia is making stride towards political reforms .

      Delete
    4. සමාවන්න , මෙහිදී සොමාලියාවක් යන්නෙන් අදහස් කලේ ආර්ථික අතින් ඒ තැනට පත්වෙනවා කියන අර්ථය අනුව නම් නොවේ. මෙහිදී අදහස් කරන්නේ ඉස්ලාමිය බලපෑම ගැන පමණයි .

      Delete
  9. පිංතුරය අනර්ඝයි !

    ReplyDelete
  10. 1. `සුළුතර මානසිකත්වය` යනු කුමක්ද?
    2. බහුතර මානසිකත්වක් තිබේද? තිබේනම් ඒ විස්තර කරන්නේ කෙසේද?
    3. සිංහලයින්ට සුළුතර මානසිකත්වක් තිබීමට බලපාන සියවස් ගණනක් අතීතයට දිවෙන ඓතිහාසික හේතු කවරේද?

    ReplyDelete
    Replies
    1. කෙටි පිළිතුරක් ලිවීම වැරදි අවබෝධ වලට හේතු විය හැකි නිසාත්, දිගු පිළිතුරක් ලිවීම මෙතැන් සිට ලියන්නට අවශ්‍ය කරුණු අනුපිළිවෙළින් බැහැර වීමක් නිසාත් මේ අවස්ථාවේදී මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ නැත.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා !

      Delete
  11. ඉකොනොමැට්ටා මහතාණෙනි,

    //සිංහලයින් ලංකාවේ පැහැදිලි බහුතරය වූවත් බොහෝ සිංහලයින්ට තිබෙන්නේ "සුළුතර මානසිකත්වයකි." //

    මෙතන "සුළුතර මානසිකත්වය" යන්නෙහි ජාත්‍යන්තරව පිළිගත් නිර්වචනය කුමක්ද? මෙහි ඉංග්‍රීසි ඩෙෆිනිශන් එක එක්ස්ප්ලේන් කරන්න පුළුවන්ද?

    //එයට සියවස් ගණනක් අතීතයට දිවෙන ඓතිහාසික හේතු තිබේ. //

    මේ ඓතිහාසික හේතු මොනවාද? හැකිනම් අදාළ මූලාශ්‍ර සමග දැක්විය හැකිද?

    //තමන් ලංකාවේ බහුතරය බව බොහෝ සිංහලයින්ට ඇඟට නොදැනීමේ ප්‍රතිඵලය ලෙස ඔවුහු ඇතැම් විට තමන් රටේ බහුතරය බව ප්‍රදර්ශනය කරන්නට පෙළඹෙති. //

    ටික දෙනෙක් "සිංහලේ" වැනි ජාතිවාදී විගඩම් නැටුවත් "බොහෝ සිංහලඉන්" බහුතරය බව පෙන්වීමට කරන ක්‍රියාවන් උදාහරණ සහිතව දැක්විය හැකිද?

    //වෙනත් බොහෝ රටවල බහුතර ජනවර්ගය තුළින් මෙවැනි චර්යාවන් දකින්නට ලැබෙන්නේ මීට වඩා අඩුවෙනි.//

    ඔබ මෙසේ ලාංකික සිංහලයින් වෙනත් "බොහෝ රටවල බහුතර ජනවර්ගයන්"ට වඩා "සුළුතර මානසිකත්වයෙන්" සිටින බවට තහවුරු කරන ස්ටැටිස්ටිකල් ඩේටා සහ පදනම් කරගත් කරුණු මොනවාද? අදාළ මූලාශ්‍රද සඳහන් කරන්න.

    ඇමරික එක්සත් ජනපද රාජ්‍යයේ සුදු ජාතික අන්තවාදීන්, කු ක්ලුක්ස් ක්ලෑන්ලා වැනි සංවිධාන ලංකාවේ සිංහල අන්තවාදීන්ට වඩා වෙනස් බහුතර මානසිකත්වයෙන් යුත් අහිංසකයන් පිරිසක් වන්නේ කෙසේදැයි පහදා දෙන්න.

    එක්සත් ජනපදය 1817 - 1823 අතර කාලයේ මෙහෙයවූ ජේමිස් මොන්රෝ ජනපතිවරයා 1823 හඳුන්වා දුන් මොන්රෝ ඩොක්ට්‍රීන් එක ඉදිරිපත් කළේ ඇයි?
    1847 වැනි කලෙක ජේමිස් මොන් රෝ කාරයා විසින් සම්පාදිත මුදලින් වැඩිපුර සිටි ඇමරිකන් කලු ජාතිකයින් විශාල පිරිසක් ලයිබීරියාවට පිටුවහල් කළේ ඇයි?

    එමෙන්ම 2016 ඇමරිකන් ජනපතිවරණයේදී ඇමරිකන් මාධ්‍ය වාර්තාවල බහුලව දැක්වුණේ රිපබ්ලිකන් අපේක්ෂකයා යනු විවෘතවම බහුතර සුදු ජාතික ජාතිවාදී, පුරුෂමූලිකවාදී, සමලිංගික විරෝධී මිනිසෙකු වීමත් ඔහුට සහය දීම සඳහා කු ක්ලුක්ස් ක්ලෑන්(Ku Klux Klan) වැනි බිහිසුණු මූලධර්මවාදී සංවිධාන පෙනී සිටීමත්යන කරුණුය. මෙවැනි තත්වයක් යටතේ ඔහුගේ මැතිවරණ ජයග්‍රහණය කුමන වන්දියක් ගෙවා හෝ වැලැක්වීමට මහන්සි වනවා හැර කළ හැකි වෙනත් දෙයක් යුක්තිය සහ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටිනා මිනිසුන් හට නොවූ බව බොහෝ මාද්‍ය පැවසූහ. මේ ගැන ඇමරිකාවේ වෙසෙන ඔබේ මතය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. Continued..

      සැ.යු.

      ඉහත 2016 ඇමරිකන් ජනපතිවරණයේදී "බොහෝ ඇමරිකන් මාධ්‍ය" යන්න මා දුටු බොහෝ මාධ්‍ය වාර්තාවල දක්වා තිබෙනු මා දුටු පරිදි ගත් තීරණයකි. මා සියලු ඇමරිකන් මාධ්‍ය වාර්තා ගැන නොදනිමි.

      Delete
  12. මෙතනදි ගණනයට අනුව වසර 112කදි මුස්ලිම්වරු මෙරට බහුතරයවෙනවා.
    එයට විරුද්ධව ගෙනෙන තර්කය වන්නේ මුස්ලිම් වරුන්ගේ ජනගහන වර්ධන අනුපාතය අනාගතයේදී අඩුවිය හැකි බවයි.

    නමුත් වසර 112කදී මෙරට මුළු ජනගහනය කෝටි 4.5-5ක් පමණ වෙයි මට හිතෙන්නේ එය මේ රටට දැරිය හැකි ප්‍රමාණයක්.
    එහෙනම් මුස්ලිම් වර්ධන අනුපාතය අඩුවන්න විශේෂ හේතුවක් නෑ.

    ReplyDelete
    Replies
    1. //මෙතනදි ගණනයට අනුව වසර 112කදි මුස්ලිම්වරු මෙරට බහුතරයවෙනවා.//
      මෙහි තිබෙන්නේ උදාහරණයක් පමණි. එය මුස්ලිම්වරු මෙරට බහුතරය වීමට ගතවන කාලය නොවේ. සමීකරණයේ උපකල්පන යටතේ, සිංහල-මුස්ලිම් අනුපාතය වෙනස්වන ආකාරය දැන ගැනීමට නිවැරදි වර්ධන අනුපාතික හා නිවැරදි ගහණ ප්‍රමාණ සමීකරණයට යෙදිය යුතුය. මේ ලිපියෙන් පැහැදිලි කළේ සමීකරණ දෙකෙන් කවර එකක් යොදාගත්තද (සැලකිය යුතු) වෙනසක් නැති බව පමණි. අනෙකුත් කරුණු ගැන ඉදිරියේදී සලකා බලමු.

      Delete
  13. !

    https://tharurasi.blogspot.com.au/2018/03/blog-post_12.html

    "මෑතක තරුණ එකමුතුවක් තුළ වාර්ගික ගැටලු, ඒවාට බලපාන හේතු සහ එයින් සමාජයට සිදුවන හානිය පිළිබඳවත් ඒ තුළ මනුෂ්‍යත්වය රැකගැනීම වෙනුවෙන් අපගේ ක්‍රියාකාරිත්වය කෙබඳු විය යුතුද යන්න පිළිබඳවත් අපි කතාබහ කරමින් සිටියෙමු. ඒ කතා බහට එක් වූ යෞවනයකු කියා සිටියේ ඔහුගේ ටියුෂන් සර් පන්තියේ දී ‘‘දැන් සිංහල ජනගහණය සීඝ්‍රයෙන් අඩුවෙමින් යන බවත්, අවුරුදු අටට වඩා අඩු ළමයින්ගෙන් 60% වඩා මුස්ලිම් ළමයි බවත්‘‘ කියූ බවයි. මේ තත්ත්වය සිංහල සමාජයට තර්ජනයක් විය හැකි බැවින් ඒ සඳහා පියවර ගැනීම අවශ්‍ය බවයි යෞවනයාගේ අදහස. ඒ කතාව සත්‍යෙයන් තොර බව අප කියූ විට ඔහු කීවේ ‘‘තමන්ගේ සර් සාමාන්‍යෙයන් බොරු නොකියන“ බවයි. ඔහු අපද දන්නා ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකි. එසේම සාහිත්‍ය කලාව සම්බන්ධයෙන්ද යම් මැදිහත් වීමක් සිදුකරන අයෙකි. ඔහු දරන මතය දරුවන්ගේ මනසට එන්නත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? "

    ReplyDelete
  14. http://www.bbc.com/sinhala/sri-lanka-43370684

    "...ශ්‍රී ලංකා ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවලට අනුව:

    1981 වසරේ දී සමස්ත ජනගහනයෙන් 69.3% බෞද්ධ ප්‍රජාව නියෝජනය කර ඇති අතර 2012 වනවිට එම ප්‍රතිශතය 70.1% දක්වා ඉහළ ගොස් ඇත
    1981 වසරේ දී සමස්ත ජනගහනයෙන් 7.5% මුස්ලිම් ප්‍රජාව නියෝජනය කර ඇති අතර 2012 වනවිට එම ප්‍රතිශතය 9.7% දක්වා ඉහළ ගොස් ඇත
    සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනගහනය ඉහළ ගොස් ඇතත් පසුගිය කාලය දෙස බැලීමේදී මුස්ලිම් ප්‍රජාවේ සුවිශේෂී වර්ධනයක් දැකිය නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් පවසයි..."

    Unfortunately, this professor lacks the understanding of simple arithmetic.
    The Muslim population has increased by 29.3% while Sinhalese population increased by just 1%.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: