ලෝක බැංකුව විසින් කෝවිඩ්-19 හදිසි ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති පෙරසූදානම් ව්‍යාපෘතිය යටතේ ලංකාවට තවත් ඇමරිකන් ඩොලර් මිලියන 87.24ක හෙවත් ආසන්න වශයෙන් රුපියල් කෝටි 1626.6ක ණය මුදලක් අනුමත කර තිබෙනවා. මේ ණය මුදල ලැබෙන්නේ මීට පෙර අප්‍රේල් 2 වනදා ශ්‍රී ලංකාව විසින් ලෝක බැංකුවෙන් ලබාගත් ඇමරිකන් ඩොලර් මිලියන 128.60ක ණය මුදලට අමතරවයි.
ශ්‍රී ලංකා රජය විසින් මේ අලුත් ණය ලබා ගෙන තිබෙන්නේ කෝවිඩ්-19 වැළඳීමේ වැඩි අවදානමක් ඇති පිරිස් වලට මුදල් සහනාධාර ලබා දීමට හා රටේ සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහායි. කාන්තා හා ළමා කටයුතු හා සමාජ සංරක්ෂණ අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතියේ එක් කොටසක් ක්‍රියාත්මක කරනු ඇති අතර සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් අනෙක් කොටස ක්‍රියාත්මක කරනවා.
ලෝක බැංකුවට ඉදිරිපත් කර තිබෙන ව්‍යාපෘති විස්තරය අනුව කාන්තා හා ළමා කටයුතු හා සමාජ සංරක්ෂණ අමාත්‍යාංශය විසින් මුදල් වැය කරන්නේ පහත කටයුතු සඳහායි.
- කෝවිඩ්-19 අර්බුදය හමුවේ මෙතෙක් ආධාර මුදල් නොලැබී පොරොත්තු ලේඛනයේ සිටින ආධාර හිමි විය යුතු අඩු ආදායම්ලාභී නිවාස ඒකක වල ජීවත්වන අයදුම්කරුවන්ට හා අලුතින් අයදුම් කරන වයස්ගත පුද්ගලයින්, ආබාධිත පුද්ගලයින්, නිදන්ගත වකුගඩු රෝගය ඇතුළු නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ට සහනාධාර මුදල් ලබා දීම.
- ජ්‍යෙෂ්ඨ පුරවැසි සහනාධාර වැඩ සටහන යටතේ දැනටමත් ආධාර ලබන අයගේ ආධාර මුදල් තාවකාලිකව වැඩි කිරීම.
සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් මුදල් වැය කිරීමට බලාපොරොත්තු වන දේ අතර පහත අයිතමයන් ඇතුළු තවත් දේවල් තිබෙනවා.
- කෝවිඩ්-19 සම්බන්ධීකරණ කටයුතු සඳහා ජාතික මට්ටමේ හදිසි මෙහෙයුම් මධස්ථානයක් ස්ථාපිත කිරීම.
- කෝවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම, රෝග නිවාරණ උපදෙස් ලබා දීම හා සබඳතා හඹා යාම පිළිබඳව වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය සේවකයින් හා වින්නඹු මාතාවන් පුහුණු කිරීම.
- සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම හා සනීපාරක්ෂක කටයුතු ක්‍රියාත්මක කිරීම.
- ස්වයං-නිරෝධායනය වී සිටින පිරිස් ඇතුළු අනෙකුත් අයට සනීපාරක්ෂනය සඳහා අවශ්‍ය දේ සැපයීම
- නිරෝධායන පහසුකම් වැඩි කිරීම
මේ ණය මුදල ආපසු ගෙවිය යුත්තේ වසර 30ක කාලයකින් වන අතර පළමු වාරිකය ගෙවිය යුත්තේ වසර 5කට පසුවයි. ඒ නිසා, ණය ආපසු ගෙවීම අනාගත ආණ්ඩු වලට භාර කටයුත්තක්.
(Image: https://yukthiyanews.com/archives/830)
ECON....PL LOOK IN TO THIS..tHIS REFERS TO YOU PREVIOUS POST ON STIMULUS PACKAGE PROPOSED BY PRESIDENT
ReplyDeletehttps://www.youtube.com/watch?v=x_kZeV3WRtc&feature=emb_logo
මේ සාකච්චාවේදී මහබැංකු නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරන විදිහට කෝවිඩ් වලට කලින් මහබැංකුව රුපියල් බිලියන 300 ක් නිකුත් කරලා තියෙනවා...ඔහු ප්‍රකාශ කරන විදිහට බැංකු වල රුපියල් බිලියන් 200ක ද්‍රවශීලතාවයක් තියෙනවා.
Deleteකෝවිඩ් නිසා අතිරේක බිලියන 30 ක් ගහන්න ලැස්ති වෙලා ඉදලා තියෙන්නෙ....නමුත් ජනපතිගේ මීටීන් එකෙන් පස්සෙ බිලියන 30 වෙනුවට බිලියන 150 ක් ගහන්න මහ බැංකුව ක්‍රියා කරනවා...
නමුත් බැංකුවල ණය දෙන යාන්ත්‍රණය ඉතා තදයි...ඒ නිසා මේ බිලියන 150ත් , මුලින් ඉතිරි වී තිබු 200ක ද්‍රවශීලතාවයත්, මධ්‍යම හා කුඩා පරිමාණ ව්‍යාපාර වලට ණය දිමේ ගැටළුවක් එනවා....එය එක්තරා විදිහකට හොදයි.....මොකද මේ අතිරේක බිලියන 350 , ලංකාවේ මාර්කට් එකට වැටුනු ගමන් ලොකු උද්ධමණයක් ඇතිවේවී...
ස්තුතියි. මමත් ආධාර ඉල්ලන්නයි හදන්නේ..........
ReplyDeleteමෙම ණය ගැනීම වැරදි නම් කල යුත්තේ වසර 30කට පසු රාජපක්ෂ කෙනෙක් බලයට පත්කර.
ReplyDeleteඌ මඤ්ඤංවනඅයුරු බලා සතුටු වීමයි.
මෙම ණය ගැණීම නිසා සිංහල ජාතියට (ශ්‍රී ලාංකික නොවේ) වන බලපෑම කුමක්ද?
අන්තෝනියෝ,
Deleteඔබේ අදහස් සමග එකඟයි. නමුත් ඒ වගේම තවත් දෙයක් කියන්න තියනවා. ඒ ලංකාවට ගොඩ ඒමට හැක්කේ කර්මාන්ත හෝ සේවා අපනයන ක්ෂේත්‍ර වල අතිවිශාල සැලකිය යුතු ප්‍රමාණයක දියුණුවකින් පමණක් බව.
ඔය ලංකාව කෘෂිකර්මාන්තය මත ගොඩ නැගුනු රටක් කියල කියන කතාව සුද්දා 1830 පමණ සිට ජනගත කල ආත්මලාභී අලවි උපායක්. ඒ දවස් වල උන්ට අනුව කර්මාන්ත කල හැක්කේ එංගලන්තයේ පමණි - යටත් විජිත ඒ ව්‍යපාර වලට අමු ද්‍රව්‍ය සපයන පදාසයන් ය. ඒවායේ මෝලක් පටං ගන්න අවසර දුන්නා නම් ඒ කෘෂි නිශ්පාදන නැව් ගත කිරීමට පහසු වන සේ සැකැසීමට හෝ මෙරට මිනිසුන්ට අවශ්‍ය කෑම බීම සැකැසීමට පමණකි. දැන් ලෝක තත්ත්වය හඳුනා ගෙන ඒ අනුව උපායමාර්ගික සැලසුම් වැඩිදියුණු කර ගන්න උත්සාහ කරන්න ඕන.
ණයවෙලා හරි
ReplyDeleteචන්දෙ කරමු
ලෝක බැංකු
සල්ලි අරන්
ඒ ණය අපි
ගෙවාදාමු
පොරොන්දුටික
පස්සෙ බලමු
දැනට ලෝකයේ තියෙන බරපතල ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ රජයට සිද්ධ වෙනවා යම් ප්‍රමාණයකට වාණිනජ ණය ගන්න, ඒ වගේම ඔය උඩ ඉකොනොමැට්ට කියල තියෙන සාපේක්ෂ වශයෙන් කුඩා ගණන් වල ණය සහනධායී ණය මුලාශ්‍රවන ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වගේ එවගෙන අරගන්න කොහොමත් මේ දවස්වල ඉඳලා ලබන අවුරුද්ද දක්වා අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් වගේ සංවර්ධන ව්‍යපෘතිවලට එනවා. ඒ වගේම ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වගේ දෙවල්වලිනුත් රජයට මුදල් ලබාගන්න පුළුවන්. ඒ වගේම සමුරායි බොන්ඩ් ස්වරීත්ව බැඳුම්කර, සහන ණය වගේ විකල්ප කිහිපයක් තියෙනවා. මුදල් අමාත්‍යාංශය අවුරුද්දේ මුදල් අවශ්‍යතාව මත තීරණය කරයි මොනවද ගන්නේ කියලා.
ReplyDeleteමේ කියල තියෙන ණය ආපසු ගෙවීමට නැවත ණය ගැනීමට සූදානම්වන පසුබිමක ආණ්ඩුව පසුගිය දිනවල බදු සහන රැසක් ප්‍රකාශයට පත් කරල තියෙන්නේ.
ඒ නිසා ඒ බදු සහන ක්‍රියාත්මක කිරීම එක්ක මේ වසරේ රජය අපේක්ෂා කළ අදායම නොලැබෙන බව ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනවල මතයක් තියෙනවා. හැබැයි ඒක වැරදි මතයක් වෙන්නත් පුළුවන්.
ඒ අස්ථාවර මතය නිසා ණය ආපසු ගෙවීමේ අවදානමකට ඉදිරි වසර තුළ ශ්‍රී ලංකාව පත්වනු ඇතැයි එම ආයතනවල අදහස විදිහට ප්‍රසිද්ධ කලේ. ඔය අතරේ ලංකාවේ වර්තමාන රජය රටේ නුපුහුණු තරූණ තරුණියන්ට රජයේ රැකියා ලක්ෂයක් ලබාදීම, සපිරි ගමක් වගේ සමාජ සුබ සාධන ව්‍යාපෘති ද මේ වනවිට ක්‍රියාත්මක කරගෙන යන හින්දා ඒවායින් රාජ්‍ය වියදම තවත් වැඩි වන බවත් ඇතැම් ආර්ථික විශේෂඥයින් කියනවා.
මේ ගැන එක්සත් ජාතික පක්ෂයේ පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා කියන්නේ
"දැන් රජයේ ආදායම එක පැත්තකින් පලේහට බහිනකොට වියදම අනිත් පැත්තනේ ඉහළට යනකොට මේක ඕනෑම කෙනෙකුට පේනවා ගැටලු සහගත තත්ත්වයක්. මතුවෙන බව උදාහරණයක් හැටියට රුපියල් බිලියන 500 ක විතර ප්‍රමාණයක් අඩු වුනොත් ඒකියන්නේ බලාපොරොත්තු වෙච්ච රුපියල් බිලියන 2000 න් 500 ක් කිව්වාම සියයට 25 ක රජයේ අදායම අඩුවීමක්. එක පැත්තකින් රජයේ ආදායම අඩුවනවා නම් අනිත් පැත්තතෙන් තව දුරටත් රාජ්‍ය සේවකයෝ බඳවා ගන්නවා නම් බදු කපා හරිනවා නම් මේ සියලු දේත් එක්ක ඉතා විශාල අභියෝගයට රජයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා" කියලා.
ඉකොනොමැට්ටා මේ දවස් වල ලංකාවේ දේශපාලනය තුල සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අශික්ෂිත අශීලාචාර සිද්ධියක් ගැන මොකද හිතන්නේ?
ReplyDeleteඒ තමයි එක්තරා දේශපාලන පක්ෂයකට (පොදුජන පෙරමුණට) ඡන්දය නොදෙන ලෙද අගවමින් ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් විසින් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශය නිසා රැස්වූ ආණ්ඩුකම ව්‍යවස්ථා සභාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වීම.
මහාචාර්ය හූල් ගේ ඒ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පසුගිය කාලයේ TV channel කීපයම ප්‍රකාශ වූ අතර Daily Mirror පත්‍රයේද එය පලවිය. ඔහු පැහැදිලි වම SLPP යනුවෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නම් කර තිබුන අතර ඔහු කිසිම අවස්ථාවක එසේ නොකීවා කියා ප්‍රකාශයක් නිකුත් නොකළේය. මෙය ඉතාමත් ම නරක පුර්වාදර්ශයක් වන අතර ව්‍යවස්ථාදායක සභාව මගින් පත් කල කොමිසමක සාමාජිකයෙක් යම් කිසි දේශපාලන පක්ෂකට පක්ෂව හෝ විරුද්ධව ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම අනුමත කල නොහැකි වේ. ඔහු එළිපිටම උතුරු නැගෙනහිර ප්‍රදේශවලට federal අවශ්‍යයි කියලා කතාවක් ද පසුගියදා ප්‍රසිද්ධියේ කී බවට වාර්තා වී ඇත. මෙයද ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වෙයි.
අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාවට ලැබී තිබූ ලිපියක් මෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණ ද ව්‍යවස්ථා සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය සභාවට ඉදිරිපත් කර තිබූ අතර අදාළ ලිපිය සහ කොමිසමේ නිරීක්ෂණ සම්බන්ධයෙන් සභාවේ සාමාජිකයන් එහිදී වෙන වෙනම අදහස් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ. මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විසින් අදාල ප‍්‍රකාශය යාපනයේ දී දමිළ බසින් සිදු කරන ලද්දකි. මේ ගැන මොකද හිතන්නේ?
ණයට සල්ලිගත් ජාතිය ජයෙන් උදාරයි්
ReplyDeleteයශෝ කැලුම් වර දූතිය පිනෙන් උදාරයි
විචාරක දියණිය
ඇමරිකන් එක්සත් ජනපදය මූලික කරගත් යුරෝපීය රටවල් සහ එම කඳවුරේ ජඩ මාධ්‍ය සෙට් එක ඕනෑම ජඩයෙක්, මිනිමරුවෙක් දූෂකයෙක් තමන්ගේ වැඩවලට පක්ෂ නම් ඔහු දේශප්‍රේමියෙකු, ප්‍රජාතන්ත්‍රවාදී විශිෂ්ටයකු කරවන්නත් ඕනෑම අවංක, ඍජු, යහපත් පුද්ගලයෙක් තමන්ගේ වැඩ වලට විරුද්ධ නම් ඔහු දේශද්‍රෝහියෙකු, දූෂිත අමනයකු කරවන්නත් ක්‍රියාත්මකයි. ඒ නිසා මොවුන්ගේ මාධ්‍ය හොරණෑවට ඊට අවශ්‍ය වන්නේ ඉතා කෙටි කාලයක්. මේ හොරණෑ හඬ හිස් මුදුනින් පිළිගැනීමට සෑදී පැහැදී සිටින බහුතර ජනතාවක් බිහි කිරීමටද ඔවුන් සමත්ව තිබේ.
ReplyDeleteදැනට මේ න්‍යාය හොඳටම ක්‍රියාත්මක කරන තව රටක් තමයි ඇමරිකා එක්සත් ජනපදය. හැබැයි පොඩ්ඩක් වෙනස් විදිහට. එදා ඉඩි අමින්, ස්ටැලින්, ශී ජින්පින්, ලංකාවේත් සිරිමාවෝ ෆීලික්ස් ඩයස් ගේ සිට චන්ද්‍රිකා, මහින්ද රාජපක්ෂ, මංගල සමරවීර වගේ කුජීත දේශපාලුවන් පාලනය කළ රාජ්‍ය සමයන්වල මිනිස්සු දැනගෙන හිටිය සහ දන්නවා ඒ රාජ්‍යයන් විසින් ඒ අයගේ නිදහස නැති කරලා කියල. හැබැයි ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන ප්‍රශ්නේ තමයි ඒ අය හිතන්නේ ඒ අය නිදහස් කියල. මේකෙන් නරකම වර්ෂන් එක තමයි ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන්නේ. මම හරි නේද?
@
DeleteAnonymousJune 27, 2020 at 8:49 AM
Oh yes, here in USA, people think that they have the ultimate level of freedom. Yesterday I was having a discussion with my US lab mate and she is in agreement with Trump in the most cases.
And she was stating that the Americans are free and dont like to do what government asked them to do.
But IMO, I think that indirectly average Americans blindly following their government but they think that they are free.