වෙබ් ලිපිනය:

Wednesday, July 8, 2020

මාස හතරට ට්‍රිලියනයකින් ණය වැඩි වෙලා!


මේ වසරේ පළමු මාස හතර තුළ පමණක් ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, 2019 වසර අවසානයේදී රුපියල් බිලියන 13,031.5ක් වූ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය 2020 අප්‍රේල් මාසය අවසන් වෙද්දී රුපියල් බිලියන 14,024.7ක් වෙලා.

රජයේ දේශීය ණය වගේම විදේශීය ණයත් මේ කාලය ඇතුළත ඉහළ ගොස් ඇති බව පෙනෙනවා. දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,217.7 දක්වා 8.9%කින්ද, විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,807.1 දක්වා 6.3%කින්ද ඉහළ ගොස් තිබෙනවා.

ලංකාවේ රාජ්‍ය ණය වසරින් වසර ඉහළ යාම සාමාන්‍ය දෙයක්. එහෙත්, මාස හතරක් ඇතුළත රුපියල් ට්‍රිලියනයකින් රාජ්‍ය ණය ඉහළ යාම වාර්තාගත වෙනසක්. පසුගිය 2019 වසර ආරම්භයේදී රුපියල් බිලියන 12,030.5ක් වූ ලංකාවේ රාජ්‍ය ණය රුපියල් බිලියන 13,031.5 දක්වා රුපියල් ට්‍රිලියනයකින් වැඩි වීමට වසරක් ගත වුනත් එම ණය ප්‍රමාණය තවත් රුපියල් ට්‍රිලියනයකින් ඉහළ යාමට ගත වී තිබෙන්නේ මාස හතරක් පමණයි.

ඉහත ණය මුදල රටේ ජනගහණයෙන් බෙදූ විට පෙනෙන පරිදි ලංකාවේ රජය විසින් එක් වැසියෙකු වෙනුවෙන් රුපියල් 655,000ක් මේ වන විට ණය වී තිබෙනවා.


20 comments:

  1. How about US, what is the per capita Debt? (Wijebahu)

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ රජය විසින් එක් වැසියෙකු වෙනුවෙන් රුපියල් 655,000ක් මේ වන විට ණය වී තිබෙනවා.//

      //$62,302.99 as on 7th July 2020//

      //The gross federal debt amounted to around 69,060 U.S. dollars per capita. The total debt accrued by the U.S. annually can be accessed here. The level of national debt held by the United States government has risen sharply in the years following the Great Recession.
      https://www.statista.com › statistics
      • U.S. national debt per capita | Statista


      ඒ කියන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ ආණ්ඩුව/ රජය විසින් එක් ඇමරිකන් පුරවැසියෙකු වෙනුවෙන් රුපියල් 11,525,886.78 ක සිට රුපියල් 12,775,913.54 ක ප්‍රමාණයක් දක්වා අතිවිශාල මුදලක් මේ වන විට ණය වී තිබෙනවා.

      ඒ කියන්නේ ඇමරිකන් පුරවැසියන් කියලා කියන්නේ ලංකාවේ ඉන්න හිඟන ඩයල් වලටත් වඩා අමුම අමු කාලකණ්ණි හිඟන්නෝ රැලක් කියලා කියන එක නේද? නොදකින්

      යකෝ ලංකාවේ ගොන් හැත්ත තමන්ටත් වඩා අමු හිඟන්නෙක් ජනාධිපති කරගෙන ඉන්නවා නේද දැන්?

      Delete
    2. AnonymousJuly 9, 2020 at 1:20 AM

      ඇයි ඇමරිකාවට කම්පෙයා කරන්න ඕනෙ? මැදමුලන ගෝටාභය ජනාධිපති වුණා කියලා අපි ඇමරිකාව වගේ කුජීත රටකින් ආදර්ශ ගන්න තැනකට තවම තල්ලු වෙලා නෑ මචන් ��

      ඔහෙට ඇමරිකන් කාරයො ලොකු පොරවල් වුණත් ඕක මේ සල්ලි සහ තාක්ෂණය තියෙන තවත් එක තුන්වෙනි ලෝකෙ රටක් මිස දියුණු රටක් නෙවෙයිනෙ. ලබ්බේ ගොන් පාට්...

      Delete
  2. අද (2020 ජුලි 8 වැනි දා බදාදා) "අරුණ" පුවත්පතේ පළ කර තිබෙන සාකච්ඡාවක්
    --- --- --- --- ---

    කොරෝනාවට වඩා යහපාලන උවදුර අපේ ආර්ථිකයට හානි කළා!

    ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න
    කළමනාකරණ පීඨය
    පේරාදෙණිය විශ්වවිද්‍යාලය

    ලොව පුරා පැතිරී තිබෙන කොරෝනා උවදුර විසින් දැවැන්ත ආර්ථික අර්බුදයක් ද නිර්මාණය කර තිබේ. මෙම වාතාවරණය තුළ අපගේ ආර්ථිකය කුමන මගක් ගනී ද, මෙම අර්බුදකාරි තත්ත්වයෙන් මිදීමට අප ගත යුතු මග කුමක්ද යන කරුණු පිළිබඳව දැන ගැනීමට අප මුණ ගැසුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා ය. ජපානයේ ඔසකා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඒ මහතා කලක් හොකයිඩෝ විශ්වවිද්‍යාලයේ ද සේවය කර ඇත. රාජරත්න මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ආරම්භක පීඨාධිපතිවරයා වශයෙන් ද කටයුතු කර තිබේ. “ශ්‍රී ලංකාව - ආසියාවේ අහිමි ආශ්චර්යය”, “නැගෙනහිර ආසියාවේ නැගීම”, “කළමනාකරණය අර්ථය සහ විකාශය”, “සෝනි ව්‍යවසායකත්වය සහ කළමනාකරණය”, “විදේශීය ආයෝජන හා ආර්ථික සංවර්ධනය” යන ග්‍රන්ථයන්ගේ කර්තෘවරයා වන්නේ ද මිල්ටන් රාජරත්න මහතා ය.

    කොරෝනා උවදුරේ ආර්ථික බලපෑම ඔබ දකින්නේ මොන විදිහට ද?

    ලංකාවේ ආර්ථිකයටත් ලෝක ආර්ථිකයටත් මේ කොරෝනා උවදුර ඉතාමත් අහිතකර විදිහට බලපාලා තියෙනවා. මේ ලෙඩේ පැතිරෙන එක වළක්වන්න හුඟක් රටවල් ලොක් ඩවුන් කළා. එහෙම කරද්දි හුඟක් රටවල්වල ආර්ථිකය ලොක් ඩවුන් වුනා. තවත් රටවල්වල ආර්ථිකය ෂට් ඩවුන් වුනා. අපේ සිද්ද වුනේ ෂට් ඩවුන්වීමක්. මුළු රටට ම එක දිගට මාස කීපයක් ඇඳිරි නීතිය දැම්මාම ඒක වෙනවා. ඉතින් ඒ හින්දා අපේ ආර්ථික කටයුතු ඇන හිටියා. ඒ වුනත් අපිට මේ වෙද්දි කොරෝනා උවදුර පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ හින්දා අපිට ලැබිලා තියෙන වාසි ගැනත් අපි හිතන්න ඕන. ඒ කොහොම වුනත් ලංකාවේ ආර්ථිකය ගැන අපි කතා කරද්දී ඔය කොරෝනා උවදුරට වැඩිය උවදුරකින් අපි පහුගිය කාලයේ පීඩා විඳලා තියෙනවා. අපි ඒ ගැනත් කතා කරන්න ඕන.

    ඒ මොකක්ද?

    ඒ තමයි ලංකාවේ ආර්ථිකයට පහුගිය අවුරුදු පහේ බලපාලා තිබිච්ච යහපාලන උවදුර. සියයට පහකට වැඩිය ඉහළ මට්ටමක තිබුණු ආර්ථික වර්ධන වේගය ඒ උවදුර හින්දා ක්‍රමානුකූලව කඩාගෙන වැටුණා. 2019 අවුරුද්ද අවසානය වෙද්දි අපේ ආර්ථික වර්ධන වේගය සියයට දෙකයි දශම තුනක් දක්වා ම පහළ වැටුණා. ඉතින් 2015 ඉඳලා 2020 වෙන කල් කොරෝනා උවදුරට වැඩිය උවදුරකින් අපේ ආර්ථිකය බැට කාපු බවක් තමයි මට පේන්නේ. කිසිම ස්වභාවික උවදුරක් නැතුවත් අපේ ආර්ථිකය මෙච්චර බිඳ වැටුණා නම් ඒක මේ කොරෝනාවලටත් වඩා දරුණු උවදුරක් නෙවෙයි ද? ඒ කාලයේ අපි අපේ ආර්ථිකය හොඳින් වර්ධනය කරගෙන තිබුණා නම් මේ වගේ අර්බුදයක් ආවා කියලා බයවෙන්න ඕනකමක් නෑ.

    කොරෝනා උවදුර හින්දා අපේ ආර්ථික කටයුතු මුළුමනින්ම වගේ අඩපණ වුනා නේ ද?

    ඔව්. කොරෝනා උවදුර හින්දා මාස කීපයක් ම - මාර්තු මාසයේ විතර ඉඳලා මාස තුනක් හතරක් ම; අපේ ආර්ථිකය වහලා තිබුණා. ඉතින් අපේ ආර්ථික වර්ධන වේගය සෘණ ගාණකට වුනත් අඩු වෙන්න පුළුවන්. මේකට අදාළ දත්ත තවම නෑ. තව මාසයක් දෙකක් ගියාම අපිට ඒ ගැන දැන ගන්න පුළුවන් වෙයි. සමස්තයක් හැටියට අපි දන්නවා අපේ ආර්ථිකය බිඳ වැටීමක් වෙලා තියෙන බව. හැබැයි ඒ බිඳ වැටීමටත් වඩා බරපතල බිඳ වැටීමක් තමයි පහුගිය අවුරුදු පහේ අපි දැක්කේ. කිසිම ලෙඩක්, උවදුරක්, කරදරයක් නැති කාලයේ ආර්ථිකය බිඳ වැටීම තමයි අපි මුහුණ දීපු ලොකු ම ප්‍රශ්නය විදිහට මම නම් දකින්නේ.

    ReplyDelete
    Replies
    1. මේ තත්ත්වය නිෂ්පාදකයන්ට බලපාන්නෙ මොන විදිහටද?

      නිෂ්පාදකයාට මේක බලපාන විදිහ අපි සළකා බලන්න ඕන ඉල්ලුම බිඳ වැටීමත් එක්ක. මිනිසුන්ට තමන්ගේ එදිනෙදා ජීවිතයේ ඉල්ලුම් වැඩපිළිවෙළක් තියෙනවා. ඒ විදිහට විවිධ භාණ්ඩ හා සේවාවලට තියෙන ඉල්ලුම අනුව තමයි දේශීය පරිභෝජනය තීරණය වෙන්නේ. ඒත් කොරෝනා උවදුර හින්දා මේ ඉල්ලුම වෙන දා විදිහට සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන්න බැරි වුනා. ඒ කියන්නේ වෙළඳපොළ බිඳ වැටුණා. භාණ්ඩ ඉල්ලන්නේ නැති නම් නිෂ්පාදකයාට භාණ්ඩ නිෂ්පාදනය කරලා වැඩක් වෙන්නේ නෑ. එතකොට නිෂ්පාදනය නොකර ඉන්න ඔහු පෙළැඹෙනවා. හැබැයි අපේ රටේ නිෂ්පාදනය නොකර ඉන්න බලපෑවේ ඉල්ලුම අඩුවීම ම නෙවෙයි. ඒකට බලපාපු තව හේතු තියෙනවා.

      ඒ මොනවා ද?

      ඇඳිරි නීතිය දිගින් දිගටම ක්‍රියාත්මක වෙච්ච හින්දා නිෂ්පාදනයට අවශ්‍ය අමු ද්‍රව්‍ය, ශ්‍රමය, යෙදවුම් ලබා ගන්න බැරි වුනා. ඉතින් ඒ හේතු හින්දාත් නිෂ්පාදනය බිඳ වැටුණා. හැබැයි මේක විශේෂයෙන් ම බලපෑවේ අපේ කාර්මික නිෂ්පාදන අංශයට. කෘෂිකාර්මික අංශයට මේ බලපෑම ආවේ නෑ. වී ගොවිතැන මිනිස්සු කරගෙන ගියා. ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබුණේ නෑ. එතකොට එළවළු වගාව, පළතුරු වගාව ඒවාත් කරගෙන ගියා. ඒත් ඇඟළුම් වගේ කර්මාන්ත නිෂ්පාදන අංශයේ අයට නිෂ්පාදන කටයුතු සංවිධානය කර ගන්න බැරිවුනා. ඒ වැඩ කරද්දි නිෂ්පාදන සාධකවලට ගෙවන්න වෙනවා. ඒ හා සම්බන්ධ වෙච්ච වැටුප්, පොලී, කුලී, අමුද්‍රව්‍ය පිරිවැය වගේ වියදම් ගොඩක් තියෙනවා. නිෂ්පාදනය නැවතුනාම මේවා සමාජයට යන්නේ නෑ. එතකොට සමාජයේ ආදායම ඇන හිටිනවා. එහෙම වුනාම ඉල්ලුම් කරන්න මුදල් නෑ. ඉතින් දැන් වෙළෙඳපොළට ගියාම කාර්මික භාණ්ඩවල හිඟයක් දකින්න පුළුවන්. ඒ හිඟය ඇති වුනේ නිෂ්පාදන කටයුතු නවත්තන්න සිද්ද වෙච්ච හින්දා. ඊට අමතරව ඉල්ලුම අඩුවීමත් ඒකට බලපාලා තියෙනවා.

      දැන් නිෂ්පාදකයන්ව දිරි ගන්වන්න පුළුවන් මොන විදිහටද?

      ඒ වෙනුවෙන් රජය යම් යම් පියවර අරගෙන තියෙනවා. ඒ බොහොමයක් මූල්‍යමය ක්‍රියාමාර්ග. අඩු පොලියට ණය දීම, ණය කල් දැමීම, ලීසිං ගෙවීම කාලයකට නවතා දැමීම වගේ වැඩපිළිවෙක් රජය හඳුන්වලා දීලා තියෙනවා. හැබැයි මේ විසඳුම් හැමෝට ම එක විදිහට බලපාන්නේ නෑ. සමහර අයට මේ හරහා සහනයක් ලැබෙනවා. ඒත් සමහර අයට තියෙන්නේ මුදල් හිඟයක් නෙවෙයි. පහුගිය කාලේ කරපු විදිහට ම නිෂ්පාදන විකුණගන්න පුළුවන් ද කියන ප්‍රශ්නය ඒ අයට තියෙනවා. වියදම් කිරීමේ ප්‍රශ්නයක් පාරිභෝගිකයන්ට තියෙනවා. එහෙම වුනාම කලින් විදිහට ම නිෂ්පාදනය කරන්න බෑ. ඉල්ලුම යථා තත්ත්වයට පත් කළොත් තමයි නිෂ්පාදන කටයුතු යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ගැන හිතලා හදපු වැඩපිළිවෙළකුත් අපිට ඕන.

      සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෝ වෙනුවෙන් මොකක්ද කරන්න ඕන?

      ප්‍රධාන වශයෙන් ම කාර්මික අංශයේ සහ සේවා අංශයේ ව්‍යවසායකයෝ මේකට අයිතියි. ලංකාවේ වැඩිපුර ම ඉන්නේ සේවා අංශයේ අය. අපේ ආර්ථිකයේ සියයට හැටකට විතර සේවා අංශය දායක වෙනවා. නිෂ්පාදන අංශය සියයට තිහක් විතර ඇති. මේක මේ කොරෝනා උවදුර එක්ක පැන නැගපු ගැටලුවක් නෙවෙයි. මේ වෙනුවෙන් අපේ රටේ විවිධ ආයතන පිහිටුවලා තියෙනවා. අපි අපේ නිෂ්පාදන ගැන හිතන්න ඕන. මේ නිෂ්පාදන ‍විසි එක් වැනි සියවසට, අපි ඉලක්ක කරන වෙළෙඳපොළට ගැලපෙනවා ද කියන එක ගැන හිතන්න ඕන. මේ ප්‍රශ්නවලට ලැබෙන උත්තරත් එක්ක තමයි අපිට මේ කර්මාන්තවලට දිරි දෙන්න පුළුවන් වෙන්නේ. කාලයට ගැලපෙන නිෂ්පාදන ගැන, අපේ නිෂ්පාදනවලට අගය එකතු කිරීම් ගැන අපි තවම හිතලා නෑ.

      Delete
    2. මේ නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට සම්බන්ධ කරන්න බැරි ද?

      පුළුවන්. ඒත් කර්මාන්ත ඉලක්ක කරන වැඩපිළිවෙළක් අපිට නෑ. ඒ ගැන අපි තාමත් හිතන්නේ නෑ. කෝටි දෙකකටත් වැඩි ජනගහනයක් ඉන්න අපේ රටට අවශ්‍ය පිහියා, හැඳි, විවිධ භාජන, කෝප්ප, වතුර පොම්ප, දොර අගුලු, ඉබ්බෝ වැඩි හරියක් ගේන්නේ පිටරටින්. ඉතාමත් සරල තාක්‍ෂණයකින් හදන්න පුළුවන් මේ දේවල් පිටරටින් ගේන්න ඕන ද? ඔය වගේ දේවල්වත් අපේ රටේ හදාගන්න බැරි ද? මේ දක්වා තිබුණු හැම රජයක් ම මේකට වගකියන්න ඕන. මේ කර්මාන්ත දියුණු කරන්න නම් ඉස්සල්ලා ම කරන්න ඕනේ එදිනෙදා ගෙවල්වලට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනයෙන් වැඩේ පටන් ගන්න එක. එහෙම කළාම අපිට පුළුවන් ඉදිරියේ දී දියුණු කාර්මික භාණ්ඩ නිෂ්පාදනයට යොමු වෙන්න. ඉතින් අපි මුලින් ම තීරණය කරන්න ඕන අපි මොනවා ද හදන්න ඕන කියලා.

      විශාල රාජ්‍ය අංශයත් අපේ ආර්ථිකයට ලොකු බරක් නේ ද?

      විසඳගන්න බැරි ප්‍රශ්නයක් තරමට ම මේක ඔඩු දුවලා තියෙන්නේ. අපේ රටේ තිබිච්ච හැම ආණ්ඩුවක් ම මේකට වග කියන්න ඕන. අපිට රජයක් තියෙන්නේ ජනතාවට රැකියා සපයන්න කියලා අදහසක් තියෙනවා. 2010 දී ලක්‍ෂ හතක් අටක් විතර වෙච්ච රාජ්‍ය අංශයේ රැකියා ප්‍රමාණය මේ වෙද්දි ලක්‍ෂ පහළොවක් විතර වෙන කල් වැඩි වෙලා. සාමාන්‍ය පෙළ සුදුසුකමෙන් ලක්‍ෂයක් බඳවා ගන්නවා කියලා උපාධිධාරීන් පනස්දාහක් බඳවා ගන්නවා කියලා මේ රජයත් කියනවා. ඉතින් මේ ප්‍රශ්නය විස‍ඳෙන පාටක් නෑ.

      මේක අපේ ආර්ථිකයට බලපාන්නේ මොන විදිහට ද?

      ආණ්ඩුවේ වියදම අපේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට විස්සක් විතර ඇති. ඒත් ආණ්ඩුවේ ආදායම සියයට 12ක් විතරයි. ඉතින් සියයට අටක විතර අයවැය හිඟයක් තියෙනවා. ආදායමට වැඩිය රජය වියදම් කරනවා. වර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් මේකට අයිතියි. වැටුප්, ගෙවිය යුතු විදුලි බිල්, දුරකථන බිල් වගේ දේවල් අයිති වර්තන වියදමට. මේක සියයට පහළොවක් විතර ඇති. අලුත් ගොඩනැගිලි වගේ දේවල් ප්‍රාග්ධන වියදමට අයිතියි. ඒක සියයට පහක් විතර ඇති. සේවක සංඛ්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න වර්තන වියදම තවත් වැඩි වෙනවා. ඒත් එක්කම ප්‍රාග්ධන වියදමත් වැඩි කරන්න වෙනවා. අලුතින් බඳවා ගන්න සේවකයන්ට අවශ්‍ය ඉඩ පාඩු සකස් කරලා දෙන්න, ඒ අයට පරිගණක සපයන්න, වායුසමීකරණ, මේස පුටු වගේ දේවල් ගන්නත් වෙනවා. ඉතින් මේක ඉවරයක් නැති දුෂ්ට චක්‍රයක් බවට පත්වෙලා.

      මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න ක්‍රමයක් නැති ද?

      මේ වෙනුවෙන් කරන්න පුළුවන් හොඳ ම වැඩේ තමයි දැන් ඉන්න සේවකයෝ මොකක් හරි ඵලදායි නිෂ්පාදන කාර්යයකට යොමු කරන එක. රාජ්‍ය අංශයේ ඵලදායිතාව අඩු බව අපි දන්නවා. ගොඩක් අකාර්යක්‍ෂමයි. ඉහළ මට්ටමේ පහළ මට්ටමේ කියලා වෙනසක් නෑ. සේවකයෝ සියයට 25 ක් අයින් කළත් දැන් කරන වැඩ ටික කරගන්න පුළුවන්. දියුණු ක්‍රමවේද හඳුන්වලා දීලා තවත් සියයට 25ක් අයින් කරන්න පුළුවන්. කලින් රජය මේ වගේ දෙයක් කරන්න උත්සාහ කළා. කැමැත්තෙන් විශ්‍රාම යෑම වගේ ක්‍රම හඳුන්වලා දුන්නා. ඒත් මේවාට අපේ මිනිස්සු කැමැති නෑ. දේශපාලනික වශයෙනුත් මේක කරන්න අමාරුයි. මෙහෙම කළොත් ඒක දේශපාලනික වශයෙන් සියදිවි හානිකර ගැනීමක්. ඒ හින්දා තමයි මම මේකට දුෂ්ට චක්‍රයක් කියලා කියන්නේ. මිනිස්සු තුළ ආකල්ප වෙනසක් කරන්නේ නැතුව මේකෙන් ගොඩ එන්න අමාරුයි.

      අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශවලින් රටට ආදායමක් උපයා ගන්න බැරි ද?

      අපේ වෛද්‍ය අධ්‍යාපනය හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනය පැත්තෙනුත් අපි හොඳ උගත්තු බිහි කරලා තියෙනවා. අපිට මේකෙන් වැඩක් ගන්න පුළුවන් වෙන්න ඕන. පෞද්ගලික අංශයේ රෝහල්, පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාල වගේ ආයතන ජාත්‍යන්තර මට්ටමින් පිහිටුවලා ඒවාට විදේශ ශිෂ්‍යයෝ ගෙන්න ගන්න අපි මහන්සි වෙන්න ඕන. එහෙම කළොත් අපිට විශාල විදේශ විනිමයක් උපයා ගන්න පුළුවන්. ඒත් පසුගාමි දේශපාලන මතවල එල්ලිලා ඉන්න අය මේ වැඩේ කරන්න දෙන්නේ නෑ. හැබැයි තොරතුරු තාක්‍ෂණ පාඨමාලා සඳහා එහෙම විරෝධයක් නෑ. රජය නිර්භීතව මේ සඳහා ඉදිරිපත් වෙන්න ඕන කියලා මම හිතනවා.

      අපිට විදේශ විනිමය උපයා ගන්න පුළුවන් තවත් ක්‍රම තියෙනවා ද?

      අපේ රටේ තියෙන පාරම්පරික දේශීය ප්‍රතිකාර ක්‍රම පුළුල් කරලාත් මේක කරන්න පුළුවන්. රජයත් පුද්ගලික අංශයත් මේ සඳහා ඉදිරිපත් වෙන්න ඕන. දේශීය ආරෝග්‍යශාලා හදලා අපිට සෑහෙන මුදලක් උපයා ගන්න පුළුවන්. බටහිර වෛද්‍ය ක්‍රමයෙන් සුව කළ නොහැකි විදේශ රෝගීන් අපේ රටට ගෙනැල්ලා ප්‍රතිකාර කරන්න පුළුවන්. මේක කරන්න නම් දැනට නො සළකා ඇරලා තියෙන පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ට වටිනාකමක් ලබා දෙන්න ඕන. බටහිර වෛද්‍ය ක්‍රමයේ උපකරණ, තාක්‍ෂණික අංගෝපාංග එකතු කරගන්න ඕන. දේශීය වෛද්‍ය විද්‍යාවේ පර්යේෂණ කටයුතු සහ ක්‍රමවේද දියුණු කරගන්න ඕන.

      සාකච්ඡා කළේ: චමින්ද ඒකනායක

      Delete
  3. දැන් මේ දවස් වල කෝවිඩ් 19 වෛරසය හින්දා ලෙසටම කෙලවගෙන පස්ස බිම ඇනී කුජීත ලෙස කිච වෙලා ඉන්න ඇමරිකාව, තව අවුරුදු කීපයක් ගියාට පස්සෙ කෝවිඩ් වසංගතය මර්ධනයට වැඩ කරපු ඇමරිකානු සුපිරි වීරයෝ ගැන සුපිරි චිත්‍රපටි කීයක් හදාවිද ඉකොනොමැට්ටෝ? ��

    ReplyDelete
  4. නටන තුරු
    දිය සැළියේ
    කකුළුවෝ
    දිය කෙළිති
    ජොලියේ

    ReplyDelete
  5. ණය බර කෙළිති දරුවන් උර මඬල නැග
    නුවරුනි නුඹට නැත මේ ගැන වගේ වග

    ReplyDelete
  6. ටික ටික ගස් කපා දැමුවද වනන්තරේ
    පොරවම ජය ලබයි මෙයවේ නිරන්තරේ
    මිට පෙන්නා කියනකල තම කතන්දරේ
    "අපේ එකෙක්" ගස් රැවටෙති නිරන්තරේ

    ReplyDelete
  7. මේ දවස්වල ලංකාවේ ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ තම පක්ෂයට අතිශය අශීලාචාර ලෙස මඩ ගසන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු අපේක්‍ෂක බිමල් රත්නායක සහෝදරයා සඳහන් කරයි.

    මෙය තනිකරම සිදුකරන්නේ පොහොට්ටුවේ මඩ බලකාය විසින් බවත් ඒ සම්බන්ධයෙන් අද දිනයේ ද රහස් පොලිසිය වෙත පැමිණිලි කළ බවත් ඔහු පැවසීය.

    මේ පිලිබදව කලින් කරන ලද පැමිණිලිවලටද මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැති බවත් පැවසූ ඔහු මේ ආකාරයේ අසත්‍ය මඩ ප්‍රචාර හේතුවෙන් ජාතික ජන බලවේගය මැතිවරණ ව්‍යාපාරයට දැඩි ලෙසින් හානි ගෙන දෙන බවද කියා සිටියේය.

    අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය. මේ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දුෂිත ක්‍රියා මාර්ග පාලනය කිරීමට ඇමරිකානු අත්දැකීම් ඇසුරින් ඔබ යෝජනා කරන්නේ කුමන වැඩ පිළිවෙළක්ද?

    ReplyDelete
  8. In my understanding there is no indicator as per capita debt. As quite correctly shown by economatta its just a number derived by division, which reflects the gravity. However, comparing two countries on per capita debt is useless for the simple reason the it depends on productivity of each labour unit.

    ReplyDelete
    Replies
    1. What really matters is the burden of interest payments on government budget. In 2019, total revenue of SL government was Rs. 1,890,899 million while the interest payments was Rs. 901,352 million. That was close to 50% of government revenue. In the US the corresponding figure was around 16%. While that too is a concern, not so as in the case of SL. When you have to allocate 50% of your total revenue for interest payments alone, you deal with a situation that cannot be fixed for generations even under optimum policy responses. No need to say that the policy responses are not optimum.

      Delete
    2. Gasgenba,

      I think you've grabbed it on tail & spearing baseless points. Then what's the use of that so called indicator named as " per capita income"? The same method used to find average income level based on the amount of citizens (population) to ascertain the total debt per head. I don't understand your question to be honest.

      Delete
  9. ඉකොනොමැට්ටා නාලන්දා විද්‍යාලයේ හිටපු ආචාර්ය බී. එච්. ප්‍රියංකර මැතිතුමා අභාවප්‍රාප්ත වූ බව සාතිශය සංවේගයෙන් දැනුම් දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතුමා ගැනත් ඔබේ අත්දැකීම් එක්ක පෝස්ට් එකක් පබ්ලිෂ් කරන්න...

    ReplyDelete
  10. මම හිතන්නේ හැම රටක්ම වගේ සෑහෙන්න නයයි මේ දවස් වල. බ්‍රිතාන්‍ය වුනත් වැඩි වෙනසක් නැහැ 1.6 බිලියන් පවුම් නැත්නම් 85% ක් GDP එකෙන්. ජර්මනිය ටිකක් හොඳයි 62%ක්.

    ReplyDelete
  11. මේ තත්ත්වය මත ආණ්ඩුව හිතන්නේ ලංකාවට Lock down කරනවා කියන්නේ මහා විනාශයක් කියලා. ජනාධිපති හිතනවා කියන්නේ ව්‍යාපාර ඉවරයි, පෞද්ගලික සේවකයන්ගේ ඉතුරුම් පහුගිය මාර්තු-මැයි lock down එකේදී ඉවරවුණා. එනිසා ජනතාව සහ ආර්ථිකය රැකගන්න අර්ධවශයෙන් lock down කරන එකයි හොඳම කියලා. රජයේ සහ පෞද්ගලික සියලුම නිෂ්පාදන ආයතන කාර්ය මණ්ඩලයන් සඳහා පමණක් පොදු ප්‍රවාහන සේවා විවෘතකර කර්මාන්තශාලා සහ ඒවාට සේවා සපයන ආයතන විවෘතකිරීමෙන් රටේ ආර්ථිකය නොවැටී පවත්වාගැනීම තමයි මේ මොහොතේ කලයුතු. දිස්ත්‍රික්ක අතර සීමා පැනවීම අතවශ්‍ය අවස්ථා වලදී පමණක් කල යුතුයි. රටේ ජනතාවගෙන් 90% කටම බයිසිකලයක් සහ 75% කට මොටර්සයිකලයක් හෝ තියනවා. ඒ අනුව පෞද්ගලික වාහන පාවිච්චිය මේ අමාරු අවස්ථාවේ දිරිමත්කර ඒකරාශිවීම වැළැක්විය යුතුයි. Internet එකේ data unlimited free කරලා මිනිස්සු ගෙවල්වල නවතින්න දිරිමත් කරන්න ඕන. නැතුව full lock down කියන්නේ රටත් අර්ථිකෙත් ඉවරෙටම ඉවරයි. මේ අදහස ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: