කෝවිඩ් වෛරසය තවමත් ජයටම පැතිරෙනවා. ඊයේ දිනයේ ලෝකය පුරා කෝවිඩ් ආසාදිතයින් ලක්ෂ දෙකකට වඩා හමු වුනා. එය අලුත් වාර්තාවක්. අනෙක් බටහිර රටවල් බොහොමයක රෝගය පැතිරීම මේ වන විට පාලනය වී ඇතත් ඇමරිකාවෙන් දිනකට හමු වන රෝගීන් ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යනවා. ඊයේ දිනය තුළ පමණක් අලුත් රෝගීන් 57,236 දෙනෙකු හඳුනා ගැනුණා. ඇමරිකා එක්සත් ජනපදය හැරුණු විට දකුණු ඇමරිකානු කලාපයේ බ්‍රසීලය, පේරු, චිලී හා මෙක්සිකෝව යන රට වලත්, දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, පකිස්ථානය හා බංග්ලා දේශය යන රටවලත්, දකුණු අප්‍රිකාවේත්, සවුදි අරාබියේත් මේ වන විට ඉතා වේගවත් රෝග ව්‍යාප්තියක් දැකිය හැකියි.
ඇමරිකා එක්සත් ජනපදයෙන් විශාල ලෙස රෝගීන් හමු වීමට පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව වැඩි පරීක්ෂාවන් ප්‍රමාණයක් සිදු වීමද හේතු වී ඇතත් එය එකම හේතුව නොවන බව පැහැදිලියි. රට විවෘත කිරීමෙන් පසුව රෝග ව්‍යාප්තිය නැවත ඉහළ ගොස් තිබෙනවා. මුල් අදියරේදී සෑහෙන තරමින් ජනප්‍රිය වූ රට වසා තැබීමේ අදහස මේ වන විට දේශපාලනිකව පරාජය වී ඇති බැවින් ඉදිරි සති වලදී ඇමරිකාවෙන් දිනකට හමුවන රෝගීන් ගණන ටිකෙන් ටික ඉහළ යයි. ඇමරිකාවෙන් දිනකට කෝවිඩ් රෝගීන් ලක්ෂයක් හමු වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ.
කෝවිඩ් හමුවේ ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය වුනේ සෞඛ්‍ය අර්බුදය හා ඒ මත පාදක වූ ආර්ථික අර්බුදය එක් තනි අර්බුදයක් ලෙස සලකමින් කළමණාකරණය කිරීමයි. මෙහිදී බලයේ සිටින රිපබ්ලිකන් පක්ෂය ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම කෙරෙහි සැලකිය යුතු බරක් දැම්මා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා මුදල් ප්‍රතිපත්ති හරහා මෙවර සිදු කළ ආර්ථික ප්‍රසාරණය පෙර නොවූ විරූ තරමේ එකක්. අප්‍රේල් මාසයේදී 14.7% මට්ටම දක්වා ඉහළ ගිය ඇමරිකාවේ විරැකියා අනුපාතය, මැයි මාසයේ 13.3% දක්වාත්, ජූනි මාසයේ 11.1% දක්වාත් අඩු වීමෙන් පෙනෙන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වලින් ක්ෂණික ප්‍රතිඵල ලැබී ඇති බවයි.
පසුගිය ආර්ථික අවපාතයේදී ඇමරිකාවේ විරැකියා අනුපාතය 10.0% දක්වා ඉහළ ගියා. ඒ 2009 සැප්තැම්බරයේදී. එහෙත්, ඉන්පසුව ඇමරිකන් ආර්ථිකය ක්‍රමයෙන් හිස ඔසොවද්දී විරැකියා අනුපාතයද දිගින් දිගටම ක්‍රමයෙන් පහළ ගියා. කෝවිඩ් අර්බුදය පැමිණෙන්නට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකාවේ විරැකියා අනුපාතය තිබුණේ 3.5% තරම් පහළ මට්ටමකයි. එය වසර පණහක කාලයක් තුළ දැකිය හැකි වූ හොඳම තත්ත්වයක්. කෝවිඩ් ආක්‍රමණයත් සමඟ දෙමසක් ඇතුළත ඇමරිකාවේ වසර පණහක අවම විරැකියා අනුපාතය වසර පණහක උපරිම විරැකියා අනුපාතය බවට පත් වුනා.
කෝවිඩ් කම්පනයෙන් පසුව ආර්ථිකය නැවත සකස් වීමේදී කිසියම් ආකෘතිමය වෙනස්කමක්ද සිදු වෙමින් තිබෙන බව පෙනෙනවා. උදාහරණයක් විදිහට රැකියා අහිමි වූ සුදු ඇමරිකානුවන්ට නැවත රැකියා ලැබෙන තරම්ම ඉක්මණින් රැකියා අහිමි වූ ආසියානු ඇමරිකානුවන්ට රැකියා ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ජීවත්වන ආසියානු ඇමරිකානුවන්ගේ විරැකියා අනුපාතය සුදු ඇමරිකානුවන්ද ඇතුළු අනෙකුත් සියලුම වාර්ගිකයින්ගේ විරැකියා අනුපාතයට වඩා අඩුයි. මෙය වසර 15ක පමණ සිට දැකිය හැකි වූ තත්ත්වයක්. පසුගිය පෙබරවාරි වන විට පැවතුණේ මෙවැනි තත්ත්වයක්.
සුදු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 3.1%
කළු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 5.8%
ආසියානු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 2.5%
හිස්පැනික්/ ලතීනෝ විරැකියා අනුපාතය - 4.4%
අප්‍රේල් මාසය වෙද්දී තත්ත්වය මෙහෙමයි. (වරහන් ඇතුළේ තිබෙන්නේ වෙනස් වීම)
සුදු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 14.2% (11.1%)
කළු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 16.7% (10.9%)
ආසියානු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 14.5% (12.0%)
හිස්පැනික්/ ලතීනෝ විරැකියා අනුපාතය - 18.9% (14.5%)
දැන් ජූනි වෙද්දී තත්ත්වය මෙහෙමයි.
සුදු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 10.1% (7.0%)
කළු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 15.4% (9.6%)
ආසියානු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 13.8% (11.3%)
හිස්පැනික්/ ලතීනෝ විරැකියා අනුපාතය - 14.5% (11.1%)
ප්‍රතිශතයක් ලෙස ගත්තොත් පෙබරවාරි-ජූනි කාලය ඇතුළත රැකියා වැඩිපුරම අහිමි වී තිබෙන්නේ ආසියානු ඇමරිකානුවන්ගේ. එයට හේතුව ඔවුන් ආසියානු ඇමරිකානුවන් වීමම නොවෙන්න පුළුවන්. ආසියානු ඇමරිකානුවන් සුදු ඇමරිකානුවන්ට වඩා කෝවිඩ් ගැන සැලකිලිමත් වීමත් මෙයට හේතුවක්ද?
මේ ආකාරයෙන්ම පිරිමින්ගේ හා කාන්තාවන්ගේ රැකියා අහිමිවීම් හා නැවත ලැබීම් වලද වෙනසක් දැකිය හැකියි. පෙබරවාරි මාසයේදී අවුරුදු 20ට වැඩි ඇමරිකානු පිරිමින්ගේ විරැකියා අනුපාතය 3.3%ක් වෙද්දී අවුරුදු 20ට වැඩි ඇමරිකානු ගැහැණුන්ගේ විරැකියා අනුපාතය තිබුණේ 3.1% මට්ටමේ. එහෙත් ජූනි මාසය වෙද්දී ඇමරිකානු පිරිමින්ගේ විරැකියා අනුපාතය 10.2%ක් වන විට ඇමරිකානු ගැහැණුන්ගේ විරැකියා අනුපාතය 11.2%ක් වෙලා. පසුගිය ආර්ථික අවපාතයෙන් පසුව දැකිය හැකි වුනේ මෙහි අනෙක් පැත්තයි.
පශ්චාත් කෝවිඩ් ඇමරිකානු ශ්‍රම වෙළඳපොළ නැවත සකස් වෙන්නේ සුදු පිරිමින්ගේ වාසියටද? එහෙම නැත්නම් කෝවිඩ් පැතිරෙද්දී බය නැතිව රැකියා සොයාගෙන යන්නේ සුදු පිරිමින්ද?
(Image: https://www.france24.com/en/20200416-usa-donald-trump-coronavirus-covid-19-lockdown-reopen-economy-social-distancing)
ඉහත වක්‍ර/ප්‍රස්තාර හදුන්වනේ මොන නමින්ද ඉකොනො?
ReplyDeleteඔබ අහන ප්‍රශ්නය මම හරියටම තේරුම් ගත්තද දන්නේ නැහැ. මෙහි තිබෙන්නේ කාලයත් සමඟ විරැකියා අනුපාතය වෙනස් වූ ආකාරය පෙන්වන රේඛා ප්‍රස්ථාර. විරැකියා අනුපාතය පිළිබඳ (time series) කාල ශ්‍රේණි ප්‍රස්ථාරයක් කියා කියන්නත් පුළුවන්.
Deleteකෝවිඩ් වලට නෙමෙයි, ළමයි බඩගින්නේ අඩනවට බයයි....
ReplyDeleteමග හිටියොත් තෝ නසී -ගෙදර ගියොත් අඹු නසී
ReplyDeleteලංකාවේ මේ කොවිඩ් අර්බුදය ඇති වූ විට පළමුවෙන්ම මේ තත්ත්වය ඇතිවුණු විගසම සජිත් පේ‍්‍රමදාස ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළා. ඊට පස්සේ මාස 02කට පසුවයි අසමත් රාජපක්ෂ ආණ්ඩුව රට ලොක් ඩවුන් කළේ. මේ සෞඛ්‍ය ප‍්‍රශ්නයට නිසි විදිහට නිසි කාලයට පියවර නොගත්තු නිසා තමයි මේක ඊට පසුව ආර්ථික ප‍්‍රශ්නයක් බවට පත් වුණේ. මේ ප‍්‍රශ්නය මුළු ලෝකයට ම බලපෑවා. අපේ රටට විතරක් නොවෙයි. මේ ගැන විවිධ වශයෙන් පිටරටවල් එක්කත් කතාකළ යුතුයි. මේකට අපි වසපු ආර්ථිකයක් කි‍්‍රයාත්මක කරලා කරන්න බෑ.
ReplyDeleteලංකාවේ අපි ආසියාවේ ඉහළම වර්ධනයක් තිබෙන රටක් ඒක පුද්ගල ආදායම දකුණු ආසියාවේ ඉහළම රටක්. මැදි ආදායම් රටක්. අපේ ජීවන ත්ත්ත්වය ඉහළ දමන්න නම් ජාත්‍යන්තරය එක්ක එක්වෙලාම වැඩ කරන්න වෙනවා. අපේ නිෂ්පාදනය වැඩිකරලා ජත්‍යන්තර වෙළෙඳපොළට යැවිය යුතුමයි. ඒ සඳහා විවිධ කි‍්‍රයා මාර්ග ගන්න ඕනා.
ලංකාවේ ආර්ථික සංවර්ධනයට අපි ද්‍රවශීලිතාවය වැඩි කර ගත යුතුමයි. කෙටි කාලීන වශයෙන්. අපේ මිත‍්‍ර රටවල් සමඟ අපි තව දුරටත් එකට යා යුතුයි. අපි ජාත්‍යන්තරය සමඟ සමගියෙන් වැඩ කළ යුතුයි. ජපානය මේ වනවිට අපිට ණය ආධාර ලබා දීම නවත්වලා තිබෙනවා. මේව හරියට අපි කළමනාකරණය කර ගත යුතුයි. නැත්නම් 2020දී නොවෙයි 2021 දී අපිට දැඩි විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වේවි.
ශ‍්‍රී ලංකා මහ බැංකුව ලංකාවට නම් වහාම කළ යුතු කාර්ය ඉටු කර තිබෙනවා. ඒ තමයි හැකිතාක් දුරට ආර්ථිකය සියලූ අංශ වලට ගලාගෙන යන ආකාරයට ආර්ථිකය තුළ දැඩි ද්‍රවශීලතා මට්ටමක් ගොඩ නැගුවා. මහබැංකුව අනුගමනය කරන එවැනි මුදල් ප‍්‍රතිපත්ති අපි සලකන්නේ සම්ප‍්‍රදායට පටහැනි මුදල් ප‍්‍රතිපත්ති විදියටයි. නමුත් මෙවැනි අවස්ථාවක එවැනි සම්ප‍්‍රදායට පටහැනි මුදල් ප‍්‍රතිපත්ති අනුගමනය කරමින් මහබැංකුව ක්ෂණිකව මුදල් පුද්ගලයන් අතර ගලා යාම සදහා අවශ්‍ය අධි ද්‍රවශීලතාවයක් ආර්ථිකය තුළ ඇති කළා. ඒ වගේම බැංකු වසා තැබීම නිසා ඇති වන පීඩනයෙන් ගලවා ගැනීම සදහා සියලූම බැංකු වලට සංචාරක බැංකු රථ ප‍්‍රදේශ වලට යවලා අවශ්‍ය මුදල් බැංකු වලින් ලබා ගැනීම සදහා ප‍්‍රතිකර්ම යෙදීමට මහබැංකුව උපදෙස් ලබා දුන්නා. අනෙක් අතින් සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරමින් සියලූ බැංකු ශාඛා විවෘත කිරීමට කටයුතු කළා. ඒ නිසා අද ඇත්ත වශයෙන්ම පුද්ගලයන්ට අරමුදල් හිගයක් නෑ. ඊට අමතරව රජය සෑම අඩු ආදායම් ලබන පුද්ගලයෙක්ටම රු.5000ක දීමනාවක් ලබා දීම සදහා අවශ්‍ය විධිවිධාන ඇති කළා. ඒ කටයුතු දෙක හරහාත් ඇති වී ඇති දැඩි පීඩනය ශ‍්‍රී ලංකාවේ ජනතාවට ලැබුණේ ඉතාම කෙටි කාල පරිච්ඡ්දයකට පමණයි. සති දෙකක් තුනක් පමණ ගතවන විට ඒ පීඩනයෙන් එළියට ඒමට සියලූම ජන කොට්ඨාස වලට වගේ හැකියාවක් ලැබී තියෙන බව කියන්න පුළුවන්.
ReplyDeleteහොඳ ලිපියක්. අනික අවංකවම තත්වය ගැන කියල තියනවා. එංගලන්තයේ දැන් තත්වය ඕක. හැබැයි අපේ කම්පැනි එකේ දැනට රස්සා අහිමි වෙලා තියෙන්නේ සුදු ජාතිකයන් කිහිප දෙනෙකුට. බ්‍රිතාන්‍යය කෝවිඩ් එකට බය නැති බව දැන් තේරෙනවා. මැරෙන එක වුනත් මෙහෙ මිනිස්සු සත පහකට ගණන් ගන්නේ නැහැ. බීබීසී එකේ වාර්තාවක් ගියා (මම මේක ෆේස් බුක් එකෙත් දැම්ම) අර ලිංගික ක්‍රියා එළිපිට කරන ඩොගින් සයිට් වලත් මිනිස්සු වැඩි වෙලා කියල. පළගැටියෝ වගේ මැරෙන්න යනව. කිසි ගණනක් නැහැ. ඉන්න ටිකේ හොඳට ජිවත් වෙලා මැරෙනවා කියන අදහස වෙන්න ඕනේ.
ReplyDeleteමේ කාරණය හා අදාළව ඇමරිකාවේ පැහැදිලි දේශපාලනික බෙදීමක් තිබෙනවා. මේ මොහොත වෙද්දී "බය නැති" අය ඉදිරියට ඇවිත් තියෙන්නේ.
Delete