වෙබ් ලිපිනය:

Thursday, December 31, 2020

Do you love me? සුබ නව වසරක්!



ගෙවුණු වසර මුලදී සුබ නව වසරක් කියා අපි බොහෝ දෙනෙක් විසින් කරපු ප්‍රාර්ථනා ඒ විදිහටම ඉටු වුනා කියා කියන්න අමාරුයි. මම හිතන්නේ ගෙවුණු අවුරුද්ද අපි බොහෝ දෙනෙක්ගේ ජීවිත වල අත්දැකපු නරකම අවුරුද්දක්. ඒ නිසාම, එළැඹෙන අවුරුද්ද ගෙවෙනු වසරට වඩා යහපත් වසරක්විය යුතුමයි. හැම දෙයක්ම හොඳම විදිහට සිදු නොවුනත්, අඩු වශයෙන් එළැඹෙන වසර වඩා යහපත් වසරක් කර ගන්න අපට හැකි පමණින් අපි උත්සාහ කරමු.


වසරක් ගණනක් සිදු තිස්සේ සිදු වූ බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ සමාප්තිය සටහන් කරමින් යුරෝපීය සංගමය හා බ්‍රිතාන්‍යය අතර සංචරණය සඳහා වූ පූර්ණ නිදහස අදින් අවසන් වෙනවා. ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ 521-73 ලෙස විශාල බහුතරයකින් සම්මත වූ වෙළඳ ගිවිසුම අනුව බ්‍රිතාන්‍ය-යුරෝපීය සංගම් දේශ සීමාව හරහා තීරු බදු හෝ කෝටා කිසිවක් රහිතව තව දුරටත් භාණ්ඩ හුවමාරු වනු ඇතත්, භාණ්ඩ හුවමාරුව සඳහා තිබෙන ඒ නිදහස සේවා හුවමාරුවට තවදුරටත් හිමි වන්නේ නැහැ. මේ අනුව, බ්‍රිතාන්‍ය හා යුරෝපීය සරසවි අතර පැවති සිසු හුවමාරු වැඩසටහන් ඇතුළු බොහෝ ගිවිසුම් අවසන් වෙනවා.

පසුගිය සියවස පුරා ලෝකයේ රටවල් අතර භාණ්ඩ වෙළඳාම සඳහා වූ බාධාවන් විශාල සේ අඩු වුනත්, සේවා හුවමාරු හා සංක්‍රමණය හා අදාළව එවැනි තත්ත්වයක් ඇති වුනේ නැහැ. හැම විටම කාර්යක්ෂමතාවය හොයා යන ධනවාදය තුළ වඩා කාර්යක්ෂම ලෙස නිපදවෙන භාණ්ඩ හා සේවා වලට වගේම වඩා කාර්යක්ෂම ලෙස භාණ්ඩ හා සේවා නිපදවන ශ්‍රමිකයන්ටද වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව හිමිවන නමුත් එය අකාර්යක්ෂම ශ්‍රමිකයින්ගේ රැකියා අහිමි කිරීමද සිදු කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස එක පැත්තකින් සුබසාධනවාදය වෙතටත්, අනෙක් පැත්තෙන් ජාතිකවාදය වෙතටත් රටවල් තල්ලු වෙනවා. එහෙත්, ප්‍රශ්නයේ මුල කාර්යක්ෂමතාවය නිසා ජාතිකවාදී විසඳුම් වලින් කළ හැක්කේ ප්‍රශ්නය තාවකාලිකව යටපත් කිරීම පමණයි. 

හැම විටම කාර්යක්ෂමතාවය හොයා යන ධනවාදය තුළ වඩා කාර්යක්ෂම සංක්‍රමණිකයෙකු අකාර්යක්ෂම ස්වදේශිකයෙකු වෙනුවෙන් ආදේශ කළ නොහැකි වූ විට, තාවකාලිකව ස්වදේශිකයෙකුගේ රැකියා අවස්ථා ඉහළ යන නමුත් දිගුකාලීනව සිදු වන්නේ අකාර්යක්ෂම මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය හා ස්වයංකරණය ආදේශ වීමයි. ඔබේ සේවා ආයතනයේ ඔබ සමඟ සේවය කරන සහායකයා මිනිස් මිනිස් ශ්‍රමිකයෙකු නොවී යාන්ත්‍රික ශ්‍රමිකයෙකු වීමට වැඩි කළක් යන එකක් නැහැ. ඒ එක්කම, වේගවත් ලෙස ස්වයංකරණය හඹා යන හා එසේ නොකරන රටවල් අතර පරතරය එන්න එන්නම පුළුල් වෙන එකත් නොවැලැක්විය හැකි දෙයක්.



***
You broke my heart
'Cause I couldn't dance
You didn't even want me around
And now I'm back
To let you know
I can really shake 'em down
Do you love me?
(I can really move)
Do you love me?
(I'm in the groove)
Now do you love me?
(Do you love me)
Now that I can dance
(Dance)
Watch me now, hey
(Work, work)
Ah, work it all baby
(Work, work)
Well, you're drivin' me crazy
(Work, work)
With a little bit of soul now
(Work)
I can mash-potato
(I can mash-potato)
And I can do the twist
(I can do the twist)
Now tell me baby
(Tell me baby)
Do you like it like this
(Do you like it like this)
Tell me
(Tell me)
Tell me
Do you love me?
(Do you love me)
Now, do you love me?
(Do you love me)
Now, do you love me?
(Do you love me)
Now that I can dance
(Dance)
Dance
Watch me now, hey
(Work, work)
Ah, shake


සුබ නව වසරක්!!! Happy New Year!!!


26 comments:

  1. ගෙවුණු වසර නරකම නැත බලනකොට
    දුන්නා ඉඩක් අප සැමටම හිතන්නට;
    හිතලා වෙනස් විය යුතු නම්, එය කරන්නට
    එහෙම කළොත් ලොව ලස්සන වෙයි අපට!

    ReplyDelete
  2. ඔබටත් ඔබ පවුලේ සැමටත් නිදුක් නීරෝගීමත් යස ඉසුරු වැඩිවන නව වසරක් වේවා

    ReplyDelete
  3. ඉකොනොමැට්ටාටත් පවුලේ සැමටත් උදාවන 2021 වසර සුබ නව වසරක් වේවා. ඇමරිකානු එක්සත් ජනපදයට කොවිඩ් ප්‍රශ්නය සහ ආර්ථික අර්බුද විසඳාගෙන ඉදිරියට යාමටත් මේ දිනවල බොහෝ සෙයින් කතා කරන මාතෘකාවක් වන චීනය 2025 දී හෝ ඊට ප්‍රථමයෙන් ලෝකයේ අංක එකේ ආර්ථික බලවතා ලෙස පත්වන බවට බොහෝ දෙනා පවසන අනාවැකි බොරු කරමින් තවත් කලක් ලොව ප්‍රථම ආර්ථික බලවතා ලෙස පවතින්නට සුබ පැතුම් එක් කරමි.

    ඒ වගේම ඉකොනොමැට්ටාට මතක ඇති ලංකාවේ උතුරේ දමිළ ජනයාගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කළ යුතු බව ලංකාවේ පහුගිය යහපාලන රජය විසින් පත්කළ ජාතික මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකා අම්බිකා සකුනාදන් මහත්මිය විශේෂයෙන් ප‍්‍රකාශ කර ඇති බව.

    කෙසේ වෙතත් එතුමිය ජාත්‍යන්තර ආයතන වෙත අවධාරණය කරමින් සිදු කළ මෙම අතිශයින්ම බරපතළ ප‍්‍රකාශය ගැන වත්මන් රජය විසින් විමර්ශනයක් දියත් කර තිබේ.

    එසේම ලංකාවේ වර්තමාන රජය මගින් පත් කළ නව මානව හිමිකම් කොමිසම ස්වාධීන නැතැයිද ඒ නිසාම ලංකාවේ උතුරේ දමිළ ජනයා සහ වාර්ගික මුස්ලිම් ජනයා ඉන් බරපතල ලෙස අසාධාරණයට ලක්වන බව ද අම්බිතා මැතිනිය ලිඛිතව දැනුම් දුන් චෝදනාපත් වාර්තා වල සඳහන් කර තිබේ.

    ඒ වගේම අම්බිතා මැතිනිය ඇතුළත්වූ ලංකාවේ පහුගිය ජාතික මානව හිමිකම් කවුන්සිලය එවකට හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට හොරෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය වාර්තා 3,400 කට අධික ප්‍රමාණයක් යවා තිබුණ අතර පසුව ලංකාවේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ පිළිබඳ සිය දැඩි කණස්සල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. එම මැතිනියගේ වාර්තාවලින් යුද හමුදාවට එරෙහිව ඉතා බරපතළ මට්ටමේ යුධ අපරාධ චෝදනා නගා තිබුණා යයි එකල සිට රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීම
    කළ අතර දැන් ලංකාවේ හිටපු ජාතික මානව හිමිකම් කොමිසම ජිනීවා වෙත යවා තිබූ එම සාවද්‍ය වාර්තා ගැනද පරීක්‍ෂණ කරන බව ලංකාවේ රජයේ වත්මන් ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ ගැන ඔබ දරන අදහස කුමක්ද? ලංකාවේ රජයට මේ සම්බන්ධයෙන් දඬුවම් ලැබිය හැකි අවස්ථා තිබේද?

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක්, ඇනෝ! මානව හිමිකම් චෝදනා හා අදාළව වෙනත් බොහෝ දෙනෙක් දන්න දේවල් වලට වඩා වැඩි තොරතුරු කිසිවක් මම දන්නේ නැහැ.

      Delete
  4. ඉකොනෝ..

    ⁣කෝවිඩ් වසංගතය වීනයේ වූහාන් වලින් පටන් ගත්තා වාගේ  කෝවිඩ් එන්නත් විරෝධය ඇමරිකාවේ විස්කොන්සින් වලින් පටන් ගන්නද මේ සූදානම?

    ඒ ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයෙක්ම MODERNA  එන්නත් 500 කුණු ගොඩට හිතා මතාම දාලා නේද?

    https://globalnews.ca/news/7548665/coronavirus-vaccine-wisconsin-spoiled/amp/

    ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය මෙයට ඉඩ දෙනවාද?

    CP-C

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ එන්නත් විරෝධය අලුත් දෙයක් නෙමෙයි. ඇත්තටම කෝවිඩ් නිසා එය යම් තරමකින් අඩුවෙලා කියන්න පුළුවන්. ඒ වගේම, එන්නත් විරෝධීන්ටත් සාධාරණ තර්ක තිබෙනවා. ඒ නිසා, ඒ අයගේ හඬටත් ඉඩ දිය යුතුයි. මේ සිද්ධිය එන්නත් කුණු කූඩයට දැමීමක් නෙමෙයි. ඊට වඩා ප්‍රශ්නකාරී දෙයක්. කුණු කූඩයට දැම්මනම් වෙන්නේ එන්නත් විනාශ වීමේ හානිය පමණයි. නමුත් මේ වැඩෙන් එන්නත් සම්බන්ධ විශ්වාසය බිඳ වැටිය හැකිව තිබුණා. එහි හානිය වඩා විශාල එකක්. අදාළ පුද්ගලයාව මේ වන විට අත් අඩංගුවට ගෙන සිරගත කර තිබෙනවා.

      පහත ලිපි ලියන කාලයේ ඔබ මේ බ්ලොග් එක කියෙවුවද?

      https://economatta.blogspot.com/2017/02/blog-post_26.html

      Delete
  5. සුභ නව වසරක් වේවා ඉකොනොමැට්ට !!

    ReplyDelete
  6. සුභ නව වසරක් ඉකොනො !!

    ඔබේ බ්ලොගය හරහා බොහෝ දේවල් ඉගෙන ගත්තා, ලියන දේට අමතරව අහන වෙන ප්‍රශ්න වලටත් ඔබ පිලිතුරු දුන්නා,ඒ සියලු දේට බොහොම ස්තූති සහ මෙම බ්ලොගය දිගටම ලියන්න ඉකොනො (ලියුම්කරු).

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, ඇනෝ! සුබ නව වසරක්!

      Delete
  7. ආයුබෝවන් ඉකොනො,
    ඔබගේ ලිපි මුලින්ම දැක්කේ පසුගිය වසරේදි වෙනත් වෙබ් අඩවියක් උපුටාගෙන පලකිරීමේදී.පසුව කෙලින්ම බ්ලොග් ඵක කියවන්න ගත්තා.බොහෝ දුරට අපගේ අදහස් සමාන වූ නිසා ඉතා කැමැත්තෙන් පරන ලිපි පවා කියවන්න ගත්තා. දැන් නම් ඇඩික්ට් වෙලා වගේ. ලිපියක් ලියනකන් බලන්ඉන්නේ.ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබගේ පුලුල් දැනුමෙන්. මමත් ගොඩක් දේවල් දන්නවා කියල හිතාගෙන හිටපු ඵකත් චැලේන්ජ් වුනා ඔබගේ ලිපි කියවන්න පටන් ගත්තහම.ඔබගේ කාලයට වැඩිවටිනාකමක් දීමට සහ ඔබව තවත් ධෛර්යමත් කරන්නයි මේටික ලියුවේ (ලිපි කියවල පාඩුවේ නොඉඳ). ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, ඇනෝ! සුබ නව වසරක්! ඔබේ ප්‍රතිචාරය හා දිරිගැන්වීම අගය කරනවා.

      Delete
  8. ඉකොන් ඔබට සුභ අන්ව වසරක්. බ්‍රෙක්සිට් එක ගැන කියනව නම් මම එයට විරුද්ධයි. ඉකොන් කියන්න වගේ මේ ජාතිකවාදයට යන්න පුළුවන් දුර හරි අඩුයි. යුරෝපා සංගමය නිසා අපට ලැබුණු අයිතිවාසිකම් කිසි දෙයක් මුන් ගනනකට ගත්තේ නැහැ. කියපු බොරු විශ්වාස කළා. අන්තිමට මූලික සංග්‍රාම පාඨය වුනේ බ්‍රිතාන්‍ය මුහුදේ මාළු බ්‍රිතාන්‍යයට කියන එක. ඒකත් ලැබුනේ නැහැ. නමුත් රට වැටෙන්න නැත්නම් හොඳයි. මොකද පිත් ජිවත් වෙන නිසා. කොහොමත් ජර්මනියට යන්න විසා අවශ්‍ය වෙන එක මිසක් අපට ලොකු බලපෑමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. රට වැටෙන එකක් නැහැ. හැබැයි ලොකු වාසියක් ලැබෙන එකකුත් නැහැ. මුලදී රැකියා ටිකක් ඉතිරි වෙයි. නමුත්, ඒ වාසිය තාවකාලිකයි.

      Delete
    2. ඔව් බොරිස් සහ ෆරාජ් ලා හිතන ලොකු වෙනස එන්නේ නැහැ. ඉදිරියට වෙනස් වෙන්න ඉඩ තිබෙනවා.
      Mark steel reports that at last freedom of movement has stopped and he is so glad. He was sick of being allowed to go to other places. Also people are dancing in the woods with joy because less of our herring will go to France. He says have you ever known how content, united and at one with itself this country is. It is our finest hour.
      Also businesses now need 7 million a year to pay for customs duties, because we now have free trade. Before, if they wanted to waste 7million they had to go through no end of red tape (a comedian)

      Delete
  9. තවත් ලිවිය යුතු දෙයක් තිබෙනවා. බොහෝ ලාංකිකයන් , ඉනියානුවන්, පකිස්තනුන, කළු ජාතිකයන් බ්‍රෙක්සිට් එකට පක්ෂව චන්දය දුන්න. මගේ ඉමහත් පුදුමයට මෙහි සිටින ප්‍රධාන වාමාංශික දේශපාලන පක්ෂ දෙකක් සමජියන්ද චන්දෙ දුන්න පක්ෂව ඔවුන්ගේ හේතු යුරෝපයෙන් අපට ලැබුණු කම්කරු අයිතිවාසිකම් වලට වඩා , බ්රෙක්සිට් එක නිසා යුරෝපියයන් රටින් ගියහම මෙහේ රැකියා (unskilled labour ) වැඩි වෙන එක. ලංකාවෙන් ඉගෙන ගන්න එන අයට නැවතත් අවුරුදු දෙකක් රැකියාව කරගෙන ඉන්න ලැබීම, සමාජවාදී පුටින් (කට්ටියක් තවම හිතනවා පුටින් සමාජවාදී කියල) යුරෝපා සංගමයට විරුද්ධ වීම වැනි සුළු කාරනා. ඔය ඉකොන් කියන්න වගේ වැඩ ස්වයංකරණය වෙනකොට ඒ හීනත් බිඳෙයි. ඔබට සුභ නව වසරක්. (කලින් ලිපියේ හරියට ලියවුනේ නැහැ. :))

    ReplyDelete
    Replies
    1. යුරෝපීය සංගමයට නැගෙනහිර යුරෝපීය රටවල් එකතු වන තුරු ලංකාව වැනි දකුණු ආසියානු රටවලින් එංගලන්තයට ගිය අයට ඉතා පහසුවෙන් පහළ මට්ටමේ රැකියා හොයා ගන්න පුළුවන්කම තිබුණා. ශිෂ්‍ය වීසා වලින් ආපු අයට වගේම හොරෙන් හිටපු අයට පවා. නැගෙනහිර යුරෝපීය රටවල් වලින් රැකියා සොයාගෙන කට්ටිය එන්න පටන් ගත්තහම තත්ත්වය අනික් පැත්තට කැරකුනා. "වීසා කොලේජ්" වැහිලා ගියා. ඔය කාලයේ මමත් එංගලන්තයේ ජීවත් වූ නිසාත්, මගේ බිරිඳ මටත් පෙර සිටම එහි සිටි නිසාත් අපට එකවරම සිදු වූ මේ වෙනස පිළිබඳ සමීප අත්දැකීම් තිබෙනවා. දැන් නැවතත් තාවකාලිකව එවැනි පෙර තිබූ ආකාරයේ වාසියක් ලැබෙයි. යුරෝපීය ශ්‍රමිකයින් නිසා බ්‍රිතාන්‍ය ශ්‍රමිකයන්ට රැකියා අහිමි වුනේ බ්‍රිතාන්‍ය ශ්‍රමිකයන් සාපේක්ෂව අකාර්යක්ෂම වූ නිසා. දැන් නැවතත් යුරෝපීය ශ්‍රමිකයින් වෙනුවට බ්‍රිතාන්‍ය ශ්‍රමිකයන් යොදවා ගන්නවා කියන්නේ බ්‍රිතාන්‍ය නිෂ්පාදන වල පිරිවැය යුරෝපීය නිෂ්පාදන වල පිරිවැය ඉක්මවා ඉහළ යනවා කියන එකයි. වෙළඳ ගිවිසුම අනුව භාණ්ඩ වෙළඳාම තවමත් සම්පූර්ණයෙන් විවෘත නිසා මෙහි දිගුකාලීන ප්‍රතිඵලය වන්නේ බ්‍රිතාන්‍යයේ අපනයන තරඟකාරීත්වය අඩු වෙන එකයි. එවිට තරඟයට මුහුණ දෙන්න බ්‍රිතාන්‍ය නිෂ්පාදකයින්ට ශ්‍රමිකයින්ගේ ප්‍රතිලාභ කප්පාදු කිරීම, ස්වයංකරණය වැනි ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ඒ නිසා, තාවකාලිකව රැකියා වැඩි වීමේ වාසිය දිගුකාලීනව නැති වී යනවා. චීනය සම්බන්ධ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමරිකාවේ රැකියා ජනනය වීමක් වුනා. නමුත්, එයත් මේ වගේම තාවකාලික දෙයක්.

      ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක්!

      Delete
    2. ඔව් ඒක ඇත්ත. මමත් එංගලන්තයේ ඒ කාලයේ සිටම ඉන්නවා. හමුවෙලා තියනවද දන්නේ නැහැ. සෝවියට් සිටපමිනේනන් විට අපට සමර් රැකියා කරන්න පුළුවන් වුනේ ඒ නිසයි. අනික ඔයා දන්නවා ඇති බිල්ඩින් වැඩ වලදී ඉංග්‍රීසින් අකාර්යක්ෂමයි, ලංකාවේ ඉන්දියාවේ අය ගත්තත් ඔවුන්ට මේ රටවල් නීති ගැන දැනුමක් නැහැ. පෝලන්ත, චෙක් වැනි රටවල අය වඩා දක්ෂයි. මම වීඩියෝව බැලුවේ දැන්. මරු

      Delete
  10. බොරිස් ජොන්සන්ගේ තාත්තා ෆ්‍රන්සයේ පුරවැසිකම ඉල්ලලා.පුතා කල ගොංකම තාත්තාට වැටහිලාවත්ද?
    CP-C

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් ඉකොනොමැට්ටා..!!!

      Delete
    2. සුබ නව වසරක්, ජීවන්ත!

      Delete
    3. ජොන්සන් ගේ තාත්ත සහ සහෝදරයා මුල ඉඳන්ම විරුද්ධයි බ්රෙක්සිට් එකට. රයිට්වින් ප්‍රෙස් එක දිගින දිගටම එයාට අටැක් කලේ ඒ නිසා. (ජෝන්සන්සන් ගේ පියා සහ සහෝදරයාට) . එයාගේ අම්මා ෆ්‍රෙන්ච්. ඒ කියන්නේ බොරිස් ගේ ආච්චි ප්‍රංශ. බොරිස් ගේ මුත්තා තුර්කි අලි කෙමාල් තුර්කි ජාතිකයෙක්.එයාගේ පුතා ලන්ඩන් වලදී නම වෙනස් කළා විල්ෆ්‍රඩ් ජොන්සන් කියල. විල්ෆ්‍රඩ් ගේ බිරිඳ ප්‍රංශ. ඒ දෙන්නගේ පුතා ස්ටැන්ලි ජොන්සන්. බොර්ස් ගේ තාත්ත. බ්‍රිතාන්‍ය යුරෝපයෙන් එලියට ගත්තේ සැබෑ ඉංග්‍රීසි ජාතිකයෙක් නෙමේ. හේ හේ

      Delete
  11. ඉකොනොටත් ඔබ පවුලේ සැමටත් නිදුක් නීරෝගීමත් යස ඉසුරු වැඩිවන නව වසරක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. ඔබේ බ්ලොග් පිටුව හරහා බොහෝ දේවල් ඉගෙන ගත්තා. අදටත් මම ආසාවෙන්ම කියවන බ්ලොග් පිටු කිහිපයෙන් ඔබේ බ්ලොග් එක තමා මුලින්ම තියෙන්නේ. සිංහලෙන් කියවන අය වෙනුවෙන් ඔබේ වටිනා කාලයෙන් කොටසක් හරි වෙන් කිරීම ගැන ස්තුති. සමහරවිට මෙය ඔබගේ විනෝදාංශය වෙන්න පුළුවන්. එත් එක වටිනා කාලය වෙන් කිරීමක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, මහේෂ්! ඔබටත් සුබ නව වසරක්!!

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: