වෙබ් ලිපිනය:

Wednesday, November 30, 2022

උද්ධමනය මනින හැටි

උද්ධමනය මනින්නේ කොහොමද? කොළඹ පාරිභෝගික මිල දර්ශකය හා ජාතික පාරිභෝගික මිල දර්ශකය අතර වෙනස කුමක්ද? මේ දර්ශක වල තිබෙන භාණ්ඩ හා සේවා මොනවාද? උද්ධමනය මනින්න මිල ගණන් එකතු කර ගන්නේ කොහෙන්ද? "මහ පොළොවේ උද්ධමනය" වඩා නිවැරදිද?

#ඉකොනොමැට්ටා




5 comments:

  1. මම හිතන්නේ ඉකොනොමැට්ටා මේ කියන දේවල් වැරදි තොරතුරු මත පදනම් වී ලියා ඇති අසත්‍ය ලිපියක් බවයි.

    මේ පිළිබඳව 2022 නොවැම්බර් මාසයේ අගභාගයේ පවා ලංකාවේ
    උද්ධමනය ගැන ලංකාවේ දත්ත සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ වැරදි බවයි ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු ආර්ථික විද්‍යාඥ මහාචාර්‍ය ස්ටීව් හැන්කේ ලංකාවේ උද්ධමනය ගැන පවසා තිබෙන්නේ.

    ඔහු ජාත්‍යන්තර උද්ධමන අගය පිළිබඳව විශේෂඥ මහාචාර්ය වරයෙක් ලොව පුරා පිළිගන්නා වැදගත් ආර්ථික විශේෂඥ මහාචාර්යවරයෙක්

    මේ ගැන ලංකාවේ සිරස මාධ්‍ය ජාලය හරහා දීර්ඝ වශයෙන් දැනටමත් පෙන්වා දෙනවා විශේෂයෙන් නිව්ස් ෆස්ට් හරහා ඊට අමතරව ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් සහ සියත මාධ්‍ය ජාල මගින් පවා සාක්ෂි සහිතව පැහැදිලිකළේ ලංකාවේ මහ බැංකු ඇතුළු රජය මගින් විශාල බොරුවක් කරමින් ජනතාව මුලා කරන බවයි.

    // ලංකාවේ දත්ත වැරදියි ආර්ථික විද්‍යාඥ මහාචාර්‍ය ස්ටීව් හැන්කේ
    උද්ධමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛනවල දත්තවල වෙනසක් පවතින බවට එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්‍ය ස්ටීව් හැන්කේ මහතා පවසනවා.

    ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය 115%ක් පමණ වන බවයි.

    ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිල උද්ධමනය 66%ක් දක්වා ඇති බැවින් එම දත්ත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි ආර්ථික විද්‍යාඥ මහාචාර්‍ය ස්ටීව් හැන්කේ මහතා පෙන්වා දී ඇත්තේ.//

    මේ ස්වර්ණවාහිනී වල ගියපු කතාවක්

    shorturl.at/eorxz

    ReplyDelete
  2. ලංකාවේ මේ දවස් වල දැනට පවතින සැබෑ උද්ධමනය 118% කට වඩා වැඩි අගයක් නේද?

    https://publish.twitter.com/?query=https%3A%2F%2Ftwitter.com%2Fsteve_hanke%2Fstatus%2F1598081942062174208&widget=Tweet


    එමෙන්ම ලංකාවේ රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් 408 ක් වත් වෙන්න ඕනේ කියලා කියන්නේ ඇත්ත නේද ඉකොනොමැට්ටා?

    https://publish.twitter.com/?query=https%3A%2F%2Ftwitter.com%2Fsteve_hanke%2Fstatus%2F1598066843155017729&widget=Tweet

    ReplyDelete
  3. ඉකොනෝමැට්ටා පවතින රජයෙන් මුදල් ලබා ගෙන අසත්‍ය තොරතුරු පල කරනවා නේද?

    ReplyDelete
  4. පසුගිය මාසයට පමණක්,

    * ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම : ඩොලර් මිලියන 800යි.
    * අපනයන ආදායම : ඩොලර් බිලියන 1.1 යි.
    * විදෙස් මුදල් ප්‍රේෂණ : ඩොලර් මිලියන 300යි.
    එක් මාසයක ආදායම ඩොලර් බිලියන 2කට අධිකයි.
    මෙන්න මේකට තමයි බැසිල් රාජපක්ෂ IMF නොයා අපේ ප්‍රශ්න අපිම විසඳගන්න Home Grown Solutions ප්ලෑන් එක හැදුවේ.

    මේ එන්නේ ඒ සැලසුමේ ආදායම.
    නමුත් අපේ රටේ මිනිස්සුන්ට ඉවසන්න බැරි වුනා.
    බදු සහන වලට ටික්ටොක් ආර්ථික විද්‍යාඥයො කෑ ගැහුවට, කොවිඩ් අර්බුධය මැද මිනිස්සු ලක්ෂ ගානක රැකියා රැදිලා තිබුනු එක්ස්පෝර්ට් සමාගම් සියල්ල රැකුනේ බදු සහන නිසා.
    2019ට කලින් අවුරුද්දක අපනයන ආදායම දැන් මාසෙකට එන්නේ මැජික් එකකින් නෙවෙයි.
    බදු සහන නිසා.

    අද ඒ සමාගම් පර්ෆොර්ම් කරනවා. ෆිගර්ස් කියන සම්පූර්ණ ආදායමම නොවුනත් සැලකිය යුතු ආදායමක් රටට ගේනවා. ලක්ෂ ගානකගේ රැකියා, පවුල් ආරක්ෂා වෙලා තියෙනවා.
    මේ අර්බුධය වුනත් ඇති වුනේ 2015 - 2019 ගත්තු ISB ඩොලර් බිලියන 12 ණය නිසා.

    බැසිල් - ගෝඨා එක ඩොලර් එකක ISB ණය ගත්තේ නෑ.
    කවුරු ණය ගත්තත්, කාටවත් චෝදනා නොකර අනුන්ගේ ණය ගෙවලා රටේ රේටිංග්ස් ආරක්ෂා කරගන්න බැසිල් - කබ්‍රාල් තීරණය කළා.
    නමුත් මිනිස්සු ඒ තීරණයට විරුද්ධ වුනා.

    හැබැයි දැන් මේ තරම් ඉන්කම් එකක් ඇවිත් ඇයි අපි රට තවදුරටත් ඩිෆෝල්ට් කරන් ඉන්නේ ?
    ඩොලර් මිලියන 65ක ISB ගෙවලා රට ඩිෆෝල්ට් තත්ත්වයෙන් මුදවාගෙන රේටංග්ස් වල උඩට නොගන්නේ කවුද ?

    කවුරු කළත් එක්කො ඒ ඇමෙරිකන් එම්බසි එකෙන් උපදෙස් ලබන ආර්ථික ඝාතකයෙක්. එහෙම නැත්නම් ටික්ටොක් ඉකොනොමිස්ලට බයේ ජනප්‍රිය තීරණ ගන්න කොන්ද පන නැති බය ගුල්ලෙක්.
    අපි අදියර හතරකින් ගන්න බලන් ඉන්න IMF ණය ඩොලර් බිලියන 2.9යි.
    ක්‍රයිසිස් කාලේ බැසිල් රාජපක්ෂ ඩොලර් බිලියන් 2ක ක්‍රෙඩිට් ලයින්ම ගත්තා.
    තව සෑහෙන ක්‍රෙඩිට්ස් ඔන් ද වේ තිබුනා.

    එදා බැසිල් ලබා ගත්තු ක්‍රෙඩිට් ලයින්ස්, හෝම් ග්‍රෝව්න් ඉන්කම් ඇරෙන්න අද වෙනතුරු එක සතයක් මේ දක්වා ලංකාවට ඇවිත් නැහැ.
    ඒ වෙනුවට බයිලා ගහන, රට ඩීෆෝල්ට් කරන් ඉන්න සෙන්ට්‍රල් බෑන්ක් එකක් තියෙනවා.
    බැසිල් ෆෝකාස්ට් කළ විදියට විදෙස් මුදල් ප්‍රශ්නය දැන් අවසන් වෙමින් තියෙනවා.

    Home Grown Solutions ප්ලෑන් එක මම කියෙව්වා.
    ඒ ප්ලෑන් එකේ ෆෝකාස්ට් කරපු විදියටම ටුවරිසම් / එක්ස්පොර්ට් මුල් කරන් රටට ආදායම් එමින් තියෙනවා.
    ඒ ප්ලෑන් එකේ 2022 ඩිසෙම්බර් වෙද්දි මාසෙට ඩොලර් බිලියන් 2.5ක් ටාගට් කරලා තියෙනවා.

    අපි ඔක්තෝම්බර් වෙද්දි 2+ B හොයනවා.
    (පුලුවනි නම් එක්ස්පෝර්ට් කම්පනි ටිකට ටැක්ස් දාලා ඒ රෙවෙනියු එකටත් මොනවා හරි කරන්න රට නැගිටිනවා බලන් ඉන්න බැරිනම්)
    දැන් ඩොලර් සංචිත ප්‍රශ්න ඕල්මෝස්ට් ඉවරයි.
    නමුත් ග්‍රවුන්ඩ් ලෙවෙල් මනි සර්කියුලේෂන් එකේ ලොකු අවුලක් තියෙනවා.
    මිනිස්සු අතර රුපියල් මුදල් ගැවසීම සහ සංසරණය අඩු වෙලා.
    මිනිස්සු ණය ගෙවීම් අඩු කරලා.
    ඒක ලොකු ප්‍රශ්නයක්.

    වහාම දැන් නන්දලාල් වැඩි කරපු, පොලී අනුපාත ආයෙත් අඩුකරන්න.
    කබ්‍රාල් පොලී අනුපාත අල්ලන් හිටියේ විහිලුවකට නෙවෙයි. මේ රටේ සාමාජීය ප්‍රශ්න නිසා.
    ටික් ටොක් ආර්ථික විද්‍යාඥයො කියන කතා වලට බය නොවි සබ්ජෙක්ට් එක දන්න මිනිස්සු හරි තීරණ ගන්න.
    ඉකොනොමි කියන්නේ ට්‍රිකි සබ්ජෙක්ට් එකක්.
    ෆිසික්ස්, කෙමිස්ට්‍රි වල වගේ ස්ථාවර නියම නැහැ. රූල්ස් සිටුවේෂන් එක අනුව වෙනස් වෙනවා.

    මේ තියෙන්නෙ විශේෂ තත්ත්වයක්.
    මේ වගේ අර්බුධයක් ආවම තියෙන්නේ එකම විසඳුමයි.
    වහාම සල්ලි ප්‍රින්ට් කරලා සර්කියුලේෂන් එකට එකතු කරන්න.
    සමාජයේ පහල ස්ථර වලට සල්ලි පොම්ප කරන්න.
    මේ වගේ වෙලාවක සල්ලි ප්‍රින්ට් කළාට උද්ධමනයක් ඇති වෙන්නෙ නැහැ.
    මේ වගේ ක්‍රයිසිස් එකක දැනෙන උද්ධමනයක් ඇති වෙන්නේ ඩොලර් එක උඩ යන නිසා.
    මුදල් ප්‍රින්ට් නොකළොත් අනිවාර්යෙන්ම උද්ධමනය තව වැඩි වෙනවා මිසක් අඩු වෙන එකක් නෑ.
    ඒ වගේම පහළ ස්ථරයට මුදල් ගලා නොගියොත් විශාල සමාජීය ප්‍රශ්න ඇවිල්ලා මේ රටම කඩා වැටෙන්න වුනත් බැරි නෑ.
    කොහොම වුනත් දවසින් දවස ඇමෙරිකන් පුරවැසියෙක් කියපු බැසිල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති, සැලසුම් 100%ක් නිවැරදි, සස්ටේනබල්, ලෝන්ග් ටර්ම් ප්ලෑන් වුන බව කාලය විසින් ඔප්පු කරමින් ඉන්නවා.
    මෙච්චර ෆැක්ට්ස් තියෙද්දි ඒක නෑ කියලා කවුරුහරි කියනවා නම් ඒ දේශපාලන මුග්ධයෙක්.

    හැබැයි ඇත්තටම ඇමෙරිකාවෙන් හදපු ඒජන්තයො වෙන ධනනාත්ලා, හර්ෂලා, රසික ජයකොඩිලට රැවටිලා අපි ඒ ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම හැරෙව්වා.
    2015 - 2019 හදපු අර්බුධයක්, ණය නොගෙන විසඳන්න හදපු මනුස්සයෙක් "කපුටු කාක් කාක්" කියලා එලවලා අපි මිස් කරගත්තේ අපේ රටට ගොඩ යන්න තිබුනු හොදම අවස්තාවක්.
    ඒක මිනිස්සුන්ගේ තේරීමක්.
    ප්‍රජාතන්ත්‍රවාදයට ජය වේවා..

    සටහන : Ishan Jayasooriya

    ReplyDelete
  5. ඉකොනෝමැට්ටා

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: