වෙබ් ලිපිනය:

Wednesday, November 9, 2022

පළමු මාස හයේ අය හා වැය

පෙර ලිපියක ("රජය ආදායම් වැඩි කරගන්න යන්නේ කොහොමද?") ඉදිරිපත් කළේ මෙම වසරේදී රජය ආදායම් වැඩි කර ගන්නට සැලසුම් කර ඇති ආකාරයයි. එහි ඉදිරිපත් කළේ ආදායම් ඇස්තමේන්තු. ඇත්ත ගණන් නෙමෙයි. පෙර වසර හා අදාළවනම් ඇත්තම ගණන්.

පහත තියෙන්නේ මේ වසරේ මුල් මාස හය තුළ රජයේ ඇත්තම ආදායම. සියළුම ගණන් රුපියල් බිලියන වලින්.

ආදායම් බදු - 234.9

වැට් බදු - 197.8

නිෂ්පාදන/ සුරා බදු - 170.9

වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද - 94.0

විශේෂ වෙලඳ භාණ්ඩ බද්ද - 38.9

ආනයන බදු - 25.4

සෙස් බද්ද - 20.4

අනෙකුත් බදු - 16.5

මුළු බදු ආදායම - 798.8

බදු නොවන ආදායම - 119.7

මුළු රාජ්‍ය ආදායම - 918.5

මෙය පසුගිය වසරේ මුල් සමස තුළ මුළු රාජ්‍ය ආදායම වූ රුපියල් බිලියන 714.5ට සාපේක්ෂව 28.6%ක ආදායම් වර්ධනයක්. 

බොහෝ දෙනෙකුට තිබෙන ඊළඟ ප්‍රශ්නය රජය මේ සල්ලි වියදම් කළේ කොහොමද කියන එකයි. පහත තියෙන්නේ රුපියල් බිලියන වලින් රජයේ වියදම්. වරහන් තුළ තිබෙන්නේ අදාළ කාර්යය වෙනුවෙන් වැය කළ ආදායම් ප්‍රතිශතය.

පොලී ගෙවීම් - 657.8 (71.6%)

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් - 627.1 (68.3%)

ප්‍රාග්ධන වියදම් හා ණය දීම්- 250.5 (27.3%)

භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් - 75.9 (8.3%)

සමෘද්ධි හා පොහොර සහනාධාර - 45.8 (5.0)

අනෙකුත් සහනාධාර - 165.0 (18.0%)

එකතුව - 1,822.1 (198.4%)

පසුගිය වසරේ පළමු සමසට සාපේක්ෂව රාජ්‍ය ආදායම් 28.6%කින් ඉහළ යද්දී, රාජ්‍ය වියදම්ද 21.8%කින් ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් පොලී ගෙවීම් පැහැර හැරීමෙන් පසුවද පොලී වියදම් 29.7%කින් ඉහළ යද්දී, පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම්ද 17.8%කින් ඉහළ ගොස් තිබෙනවා. රාජ්‍ය වියදම තව දුරටත් රාජ්‍ය ආදායම මෙන් දෙගුණයකට ආසන්නයි.

8 comments:

  1. මුල් මාස හය නන්දසේනගේ දූෂිත ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවේ පාලනය යටතේ පැවති නිසා රජයේ ආදායම් විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා නමුත් ජූලි මාසයේ මැද භාගයේ දී ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ ජනපති ධූරයට පත් වීමත් සමගම පුලුල් ලෙස බදු වැඩි කර වැඩිවශයෙන් බදු අය කිරීම නිසා රජයේ ආදායම් අවම වශයෙන් තවත් 50% - 100% ත් අතර ගණනක් හෝ ඊට වඩා වැඩි වෙන්න නියමිතයිනේ

    ඒ නිසා මේ වසර අවසානයේදී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 2,320 ත් 2,770 ත් අතර ගණනක් වෙයි

    නමුත් රජයේ වියදම් පාලනය කරගන්න අමාරු වැඩක් මොකද පාර්ලිමේන්තුවේ බලයේ සිටින රාජපක්ෂ දූෂිත ප්‍රජාතන්ත්‍ර විරෝධී ත්‍රස්ත කල්ලිය සමගින් රනිල්ට කටයුතු කරන්න සිදු වී ඇති පසුබිමක රජයේ සමස්ත වියදම් වසර අවසානයේදී රුපියල් බිලියන 3,600 ක් විතර වෙන්න පුළුවන් නේද?

    මාතෘකාවෙන් ඔබ්බට ගොස් ඔබ මොකද හිතන්නේ මේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දැඩි සේ පැතිර ගිය උමතු ආගමික අන්තවාදය ගැන? විශ්ව විද්‍යාලයක තත්වයත් මෙහෙමනම්, සමාන්‍ය සමාජයේ මේ අන්තවාදය කොච්චර පැතිරිලාද කියන එක අහන්න දෙයක් නෙමෙයිනේ. අදාළ බලධාරීන් මේවා ගැන ඉතාමත් හොදින් නිරික්ෂණය කල යුතුයි. තව සහ' රාන්ලා කී දෙනෙක් ඉන්නවාද කියලා කවුද දන්නේ?

    http://newshub.lk/2021/01/05/lecturer-abdul-haq-lareena/


    පේරාදෙණිය සරසවියේ වෙබ් අඩවි වල මුස්ලිම් සිසුවියන්ගේ මුහුණු පල නොකිරීම හරහා මෙරට සරසවි පද්ධතියට උමතු ආගමික අන්තවාදය ඇතුළුවී ඇති බව පැහැදිලි ලෙසම නිරූපණය වන බව සබරගමුව සරසවියේ කථිකාචාර්‍ය ආචාර්ය අබ්දුල් හක් ලරීනා පවසනවා.

    ඉතා දීර්ඝ ඓතිහාසික සම්ප්‍රදායක් ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලය වැනි ආයතනයක මුස්ලිම් මජ්ලිස් (කවුන්සිලය) සිය කාන්තා සාමාජිකාවන්ගේ මුහුණු සඟවා තබා තිබීම ඉතා ලැජ්ජා සහගත, පසුගාමී පමණක් නොව විශ්ව විද්‍යාලයේ මුස්ලිම් මජිලිස් වෙලාගෙන ඇති උමතු ආගමික මූලධර්මවාදයේ අවාසනාවන්ත කථාන්දරයද පෙන්නුම් කරයි.

    මෙවැනි අතිශය හිරිකිත අශිෂ්ඨ දහතුන්වන සියවසේ පසුගාමී තලේබාන් ජඩ සිරිත් විරිත් මෑතක සිට සවුදි බලපෑම් සමග රටපුරා ඇති ආගමික පාසල් වූ මද්‍රසාහී බරපතල ලෙස ව්‍යාප්ත වීමක්ද දක්නට ලැබුණි. එහෙත් දැන් බුද්ධිමතුන් බිහි කරන බවට ඇතැමුන් පවසන විශ්ව විද්‍යාල පද්ධතියට එවැනි භාවිතයන් ඇතුල් වීම මුස්ලිම් ප්‍රජාවගේ පරිහානියේ දර්ශකයක් ලෙස දැකිය යුතුය. මෙය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලුම ආදි විද්‍යාර්ථීන්ටත් සිසුන්ටටත් අති මහත් නින්දාවකි! ඇත්තටම හතර විලි ලැජ්ජයි. මේ ගැන පැහැදිලි කිරීමක් පෝස්ට් එකක් ලියන්න පුලුවන් නම් හොඳයි.

    ReplyDelete
  2. ඉකොනෝ,

    මේකේ හැටියට රජයේ අදායමෙන් වැඩිම මුදලක් වැයවන්නේ රාජ්‍ය සේවයේ සහ විශ්‍රාමික පඩි ගෙවීමට කියන කාරණය ඇත්ත නෙමේ කියලා පේනවා නේද?

    ඉතිං එහෙම තියෙද්දිත් ඇයි රාජ්‍ය සේවකයන් අඩු කරන්න ඕනි කියලා ඊයේ පෙරේදා ඉදන් ජේවීපී එකත් කියන්නේ ඉකොනෝ?

    අනික ලංකාවට වැඩිය නොර්වේ, එංගලන්තය වගේ රට වල රාජ්‍ය සේවය කොච්චර වැඩිද?

    ReplyDelete
    Replies
    1. වැඩිපුරම යන්නේ පොලී ගෙවන්න. නමුත් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ආදායමෙන් 68.3%ක්. පොලී අනුපාතික පහළ යද්දී පොලී වියදම් අඩු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් කරන්න හදන්නෙත් එයයි. එවිට ඉතිරි වන ලොකුම වියදම රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්. අනෙක් වියදම් හැම එකක්ම වගේ දැනටමත් බොහෝ දුරට අඩු කරලයි තියෙන්නේ. රාජ්‍ය සේවක වියදම් වල පවා අතිකාල වියදම් ආදිය නවත්වා තිබෙනවා.

      ජේවීපී එක රාජ්‍ය සේවකයින් අඩු කරන බවක් කියා නැහැ. කියා තියෙන්නේ තව වැඩි නොකරන බවයි. රාජ්‍ය සේවකයින් අඩු කරන බවක් ආණ්ඩුව හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් විසින්ද කියා නැහැ. මම හිතන්නේ මේ හා අදාළව ජේවීපී එක ඇතුළු ප්‍රධාන දේශපාලන ධාරා සියල්ලම දැන් ඉන්නේ එකම ස්ථාවරයක.

      Delete
  3. ගණන් හිලව් නං මේ මට අරහං
    ලංකාවේ වැඩි මං වගෙ හරකුන්
    ඒක වෙන්න ඇති ගහලා කරණං
    රටම යවන්නේ ඩවුන් ද පල්ලම්

    ReplyDelete
  4. ලංකා ඉන්දියන් ඔයිල් කොම්පැනියේ වාර්ෂික අදායම, ඔවුන් ලංකාන්ඩුවට බදු ලෙස ගෙවන මුදල ගැන දත්ත ඉකොනෝ සතුව තිබෙනවා?

    ReplyDelete
    Replies
    1. 2022 මාර්තු 31 දිනෙන් අවසන් වූ මුදල් වර්ෂය:
      ඉන්ධන විකුණා ලැබූ මුදල - රුපියල් මිලියන 89,951යි
      ඉන්ධන සඳහා ගෙවූ මුදල් හා අනෙකුත් වියදම් අඩු කළ පසු බදු ගෙවීමට පෙර ලාභය - රුපියල් මිලියන 5,612යි
      රජයට ගෙවූ ආදායම් බදු - රුපියල් මිලියන 793යි
      බදු ගෙවීමෙන් පසු ලාහය - රුපියල් මිලියන 4,818යි

      Delete
  5. '' වැඩිපුරම යන්නේ පොලී ගෙවන්න. නමුත් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ආදායමෙන් 68.3%ක්.'' මේ කාරණය නිතරම සඳහන් කරන දෙයක් මෙයින් කරන්නේ අපේ රටේ රාජ්‍ය සේවකයින් සහ විශ්‍රාමිකයින් නිගරුවට පත්කිරීම නේද ඔවුන් රටට බරක්බව නොකියා කීම නේද මෙයින් කරන්නේ ඔවුන්ට යම් ආකාරයක අපහාස කිරීමක් නේද
    මෙම තත්වයට අපේ රටේ සිටින ආර්ථික විශේෂඥයින් සහ ගණකාධිවරුන් වගකිවයුතු නැද්ද
    එංගලන්තය ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව ජපානය වැනි රටවලත් මෙවැනි තත්වයක් තිබෙනවාද එවැනි රටවලටත් එරටවල සිටින රාජ්‍ය සේවකයින් සහ විශ්‍රාමිකයින් බරක්වී ඇත්ද

    ReplyDelete
    Replies
    1. කියා ඇති දේවල් මිසක් නොකියා ඇති දේවල් පැහැදිලි කරන්න බැහැනේ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: