වෙබ් ලිපිනය:

Friday, June 30, 2023

උද්ධමනය 12% දක්වා අඩු වේ!

 

අප විසින් මාස ගණනාවකට පෙර සිටම විශ්වාසනීය ලෙස ප්‍රකාශ කළ පරිදි ගෙවුණු ජූනි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන උද්ධමනය 12.0% දක්වා අඩු වී ඇති අතර ආහාර උද්ධමනය 4.1% දක්වාම පහත වැටී තිබෙනවා. මේ මාසයේදී ආහාර උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටීමට ඉඩ තිබෙන බවද අප විසින් කලින්ම සඳහන් කර තිබුණු දෙයක්. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුණු ජූනි මාසයේ උද්ධමනය මීටත් වඩා අඩු වී තිබිය හැකියි.

ආහාර උද්ධමනය මේ වන විටද මහ බැංකුවේ අපේක්ෂිත දිගුකාලීන ඉලක්කය වන 4%-6% පරාසය කරා පැමිණ තිබෙනවා. ඉදිරි ජූලි මාසයේදී සමස්ත උද්ධමනය 8%කට ආසන්න මට්ටමකට පැමිණෙනු ඇති අතර අගෝස්තු මාසය වන විට තවත් පහළට පැමිණ ඉලක්ක පරාසය වෙත පැමිණීමට නියමිතයි. 

ඉහත තත්ත්වය තුළ මේ වන විට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තිබෙන්නේ උද්ධමන අගයට වඩා ප්‍රතිශතාංක කිහිපයක් ඉහළින්. මෙම තත්ත්වය හමුවේ, එළැඹෙන බ්‍රහස්පතින්දා මහ බැංකුව විසින් සිය පොලී අනුපාතික වල සැලකිය යුතු කප්පාදුවක් කරනු ඇතැයි සිතිය හැකියි. 

3 comments:

  1. පසුගිය කාර්තුවේ ආර්ථිකය 11.5%කින් හැකිළුනා. එවැනි තත්ත්වයකදී මේවා අමුතු දේවල් නෙමෙයි. ආර්ථිකය හැකිලෙද්දී උද්ධමනයද ඉහළ මට්ටමක තිබුණානම් එය විශාල ප්‍රශ්නයක් වෙනවා.

    ReplyDelete
  2. ඉකොනො ඔබ IMF එකෙන් රටකට ආධාර ලබාගන්නා ක්‍රමවේද ගැන දන්න නිසා ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියපු කතාවක් ගැන අහන්න ඕන. මේ ප්‍රවෘත්තිය අද ලංකාවේ නිව්ස් චැනල් වල ප්‍රධානම පුවතක්, මේක ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

    //*IMF එක ඉතාම සහන පොළියට යුක්රේනයට ඩොලර් බිලියන 14ක් දුන්නා… අපට එහෙම බැරිවුනේ අපේ රටේ පාලකයන් වන ආණ්ඩුවේ නොහැකියාවෙන්…*

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 14ක ආධාරයක් ලබා දී ඇතැයි ද මීට අමතරව යුරෝපීය සංගමය සහ ඇමරිකානු එක්සත් ජනපදයත් විශාල වශයෙන් ආධාර මුදල් උපකාර දී ඇති බවත් ලංකාවට එබඳු ආධාර උපකාර නොලැබීම පිළිබඳව තමා දැඩි විමතියට පත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව අමතා සඳහන් කරයි.

    මෙතරම්ම විශාල සහනාධාර මුදල් යුක්රේනයට ලැබෙද්දී ඊට වඩා කුඩා ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට අවුරුදු හතරටම ලැබෙන්නේ ඩොලර් බිලියන 2.9 ක් වැනි ඉතා කුඩා මුදලක් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ නායකයන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වඩා හොඳින් ගැඹුරු ලෙස සාකච්ඡාවක් කර ඩොලර් බිලියන 20ක 30ක පමණ විශාල ආධාර මුදලක් ලේසියෙන්ම ලබාගැනීමට සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර විදේශ ණය වලට පමණක්ම බලපාන පරිදි සහනයක් ලබා ගැනීමට නොහැකි වූයේ මන්දැයි ඔහු දැඩිලෙස ප්‍රශ්න කළේය. මෙය වත්මන් ජනපති ඇතුලු රජයේ නොසැලකිල්ල සහ අසමත්කම මනාව පැහැදිලිවන කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

    දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සඳහා අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන විවාදයේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

    එවන් හොඳ සාකච්ඡාවක් ලබා ගත්තේ නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අතහැර මෙතරම් අධික බදු, සහනාධාර කප්පාදු, රජයේ වියදම් කප්පාදුව ආදී අනවශ්‍ය කොන්දේසි පටවා ජනතාව පීඩාවට පත් නොකර ඉදිරියට යා හැකිව තිබූ බවත් හෙතෙම තවදුරටත් එහිදී පැවසීය.//

    මේකත් බලන්න, මේ පුංචි වීඩියෝ ක්ලිප් එකේ ඉතා කෙටියෙන් සජිත් ප්‍රේමදාස අවධාරණය කරන පරිදි අයි එම් එෆ් එකට යායුතු ආකාරය ලංකාවේ රජය පැහැර හැර තිබෙන බව හිතෙනවා නේද? මීට වඩා හොඳට සූදානම්ව ගියා නම් වැඩි මුදලක්ද ලබාගත හැකිව තිබෙන බව සිතිය හැකියි නේද?

    https://m.youtube.com/watch?v=jF9x18Mcp5s&t=4s&pp=ygUs4LeD4Lai4LeS4Lat4LeKIOC2tOC3iuC2u-C3muC2uOC2r-C3j-C3gyBpbWY%3D

    ඇත්තටම අප අයි එම් එෆ් එකෙන් මේ සජිත් ප්‍රේමදාස මහතා කියන ආකාරයට සහන ලබාගැනීමට රජය අමතක කරල තියෙනව වගේ නේද පේන්නේ? මේ පිළිබඳව විස්තර කරන්න පුලුවන්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: