වෙබ් ලිපිනය:

Wednesday, June 28, 2023

අවසන් බලාපොරොත්තුව


මේ ගෙවෙන්නේ රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබ, ඒ හේතුවෙන් රටේ මිනිසුන්ගේ හා ආයතන වල තැන්පතු අහිමි වී, පොලී කප්පාදු වී, ස්ථිර තැන්පතු ආපසු ලැබෙන කාලය දිගු වී, රටේ බැංකු ටික කඩා වැටී, ලෝක විනාසය සිදු වන තුරු බලා සිටි අයගේ අවසන් බලාපොරොත්තුවද අවසන් වීමට පෙර ගෙවෙන අවසන් පැය කිහිපයයි. 
අදාළ තොරතුරු ප්‍රකාශයට පත් වූ වහාම ඒ ගැන වැඩි විස්තර කතා කරමු. එතෙක්, අප විසින් මේ ගැන පසුගිය මාස ගණනාවක් මුළුල්ලේ ලියා පළ කර ඇති සටහන් හා පාඨක ප්‍රතිචාර සඳහා ලබා දී ඇති පිළිතුරු කියවා ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

මේ මොහොතේ දැවෙන ප්‍රශ්නය වන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ බිල්ලා මිය යාමෙන් පසුව ලබන සතියේ සිට ප්‍රයෝජනයනට ගැනීම සඳහා  මැවිය හැකි අලුත් බිල්ලා කුමක්ද යන්නයි. 

ඒ අතරම, වසර දෙකහමාරක පමණ කාලයක් තිස්සේ ඉකොනොමැට්ටාගේ බොජුන්හල ප්‍රධාන වියුණුව සඳහා වත්පොත තුළ වූ වාරණයද මේ වන විට ඉවත්ව ඇති බව සතුටින් දැනුම් දෙමු. මේ අනුව, නැවතත් වියුණුවෙහි පළ කර ඇති ලිපි වත්පොත හරහා බෙදා ගත හැකියි. මෙම කාලය තුළ අපව දිරිමත් කරමින් සහයෝගය දැක්වූ සියල්ලන්ට අපගේ ස්තුතිය. 

ලොකු විනාසයක් වන තුරු බලා සිට ඒ පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගන්නට සිදු වන අයගේ සබන් බුබුළු කඩා වැටීම පිළිබඳව අප කණගාටුවට පත් වන අතර එවැනි අය තවදුරටත් මානසික ආතතිය වැඩි කර නොගෙන මේ දින කිහිපය විවේකයෙන් ගත කරන මෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම එවැනි අයගේ  මානසික ආතතිය තව දුරටත් වැඩි නොකරන මෙන් අනෙක් අයගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. 

6 comments:

  1. ඉයන් ගේ ලිපිය ගැන මොකද කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඔහුගේ නිරීක්ෂණ හා පුරෝකථන මගේ ඒවාට බොහෝ දුරට කිට්ටුයි. බොහෝ විට ඔහු හිතන තරම් දෙයක්වත් වෙන එකක් නැහැ.

      Delete
    2. Thank heavens that there are individuals like you and Ian who do not have any agendas to bunk the scaremongering diatribe of those with vested interests. Thank you again

      Delete
  2. එක දේශපාලන අවස්ථාවාදයකින් වෙනත් දේශපාලන අවස්ථාවාද පෝෂණය කරනවා. ජාතිවාද, ආගම්වාද වගේම තමයි.

    ReplyDelete
  3. ඔබ හිතන විදියට ටෙලිකොම් හි රජය සතු කොටස් විකිනිය යුතුද? නැද්ද?

    ReplyDelete
    Replies
    1. අවම වශයෙන් තවත් වසර 15ක් යන තුරු රජයේ ණය වෙනුවෙන් 9% පමණ පොලියක් ගෙවන්න වෙනවා. ටෙලිකොම්හි යටකර තිබෙන මහජන ධනය සඳහා 9% ඉක්මවන ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවක් පෙනෙන්න නැහැ. එවන් තත්ත්වයක් යටතේ රජයේ කොටස් විකුණා ණය බර අඩු කර ගැනීමෙන් ශුද්ධ මූල්‍ය වාසියක් ලැබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් අලාභය අඩු වෙනවා. ඊට අමතරව, නියාමකයාම තරඟකරුවෙකුද වීමේ මූලධාර්මික ප්‍රශ්නයක්ද තිබෙනවා. රජයට කෙටිකාලීන සල්ලි ප්‍රශ්නයක් නැත්නම් නිප්පොන් ටෙලිකොම් එකට දී තිබුණාක් මෙන් පරිපාලනය පෞද්ගලික සමාගමකට ලබා දීමෙන් දිගුකාලීනව ඔය ප්‍රශ්න දෙකම විසඳා ගන්න පුළුවන්. මම හිතන විදිහට මේ වෙලාවේ රජයට ක්ෂණික සල්ලි ප්‍රශ්නයකුත් තිබෙනවා. ඒ නිසා, පාඩු විඳිමින් මෙම කොටස් තියාගෙන සිටීමට කිසිදු විශේෂ හේතුවක් පේන්න නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: