වෙබ් ලිපිනය:

Wednesday, September 27, 2023

උද්ධමනය 1.3% වෙද්දී IMF වාරිකය ප්‍රමාද වෙයි!


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 සැප්තැම්බර් මාසයේ උද්ධමනය 1.3% දක්වා පහත වැටී තිබෙනවා. වසරකට පෙර, ඉතිහාසයේ වාර්තාගත ඉහළම මට්ටම වූ 69.8% ලෙස පැවති මෙම අගය මාස දොළහක කාලයක් තුළ මෙපමණ පහත වැටීම සුවිශේෂී තත්ත්වයක්. මීට පෙර අවසන් වරට උද්ධමනය මෙවැනි පහළ මට්ටමක පැවතුනේ 2015 වසරේදීයි. 

කෙසේ වුවද, අපගේ ඇස්තමේන්තුව වනුයේ උද්ධමනය පහත වැටීමේ ප්‍රවණතාව මෙම මාසයෙන් නවතින බවයි. ඉදිරි මාසයේදී උද්ධමනය 2% පමණ දක්වා ඉහළ යා හැකියි. 

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී මට්ටමේ විමර්ශනය සිදු කර අවසන්ව ඇති නමුත් දෙවන ණය වාරිකය ලබා දීම පිළිබඳව තවමත් තීරණයකට පැමිණ නැහැ. එය යම් තරමකින් ප්‍රමාද විය හැකි බව පෙනෙන්නට තිබෙනවා. මෙහිදී තීරණාත්මකම සාධකය වනු ඇත්තේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතියයි. 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළව බාධකය වී තිබෙන්නේ චීනය බව පෙනෙන්නට තිබෙනවා. මෙම කටයුත්ත ඉදිරි මාසය හෝ දෙක තුළ සිදු වුවහොත් වැඩ සටහනේ ඉලක්ක සමඟ රැඳී සිටීමට විශාල අපහසුතාවයක් නැතත්, ඊටත් වඩා කල් ගියහොත් යම් අතුරු ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ අතරින් ප්‍රධානම ප්‍රශ්නයක් වනු ඇත්තේ විදේශ සංචිත ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීමයි. 

දැනටමත් රජයේ ආදායම් ඉලක්ක මග හැරෙමින් ඇති අතර පසුගිය දෙමස තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් සංචිත යම් ප්‍රමාණයක් විකුණා තිබෙනවා. මෙම කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානයට යොමු වී තිබෙනවා. 

අරමුදලේ වැඩ සටහන සමඟ දිගටම රැඳී සිටීමටනම් රජයට බදු යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, හිඟ බදු අය කර ගැනීම සහ බදු නිදහස් කිරීම් ඉවත් කිරීම ගැන මෙන්ම රාජ්‍ය අංශයේ අනෙකුත් ප්‍රතිසංස්කරණ ගැනද මීට වඩා බරපතල ලෙස සිතන්නට සිදු වෙනවා. ඒ වගේම, මහ බැංකුවට විණිමය අනුපාතය දැනට පවත්වාගෙන යන මට්ටමෙන් ඉහළට යාම මානසික බාධකයක් කර නොගෙන සංචිත එකතු කරගන්නට සිදු වෙනවා.

6 comments:

  1. What else we can do to increase tax revenue substantially?

    ReplyDelete
    Replies
    1. Improving the collection mechanism/ enforcement. Removing anomalies as much as possible (the ability for tax consultants/ accountants to play with the numbers and reduce the tax burden legally). Automation to the maximum possible so that cross checking becomes easy and automatic. Requiring service providers to issue proper bills (tuition, room rentals, office transport, doctors, lawyers..). Heavy penalties on tax evasion and being serious on that. Promoting electronic payments.

      Delete
    2. Thank you for the reply

      Delete
  2. මේ තියෙන්නේ අයීඑම් එෆ් එකේ නිල නිවේදනය.
    https://www.imf.org/en/News/Articles/2023/09/27/pr23326-imf-staff-concludes-visit-to-sri-lanka

    මේකේ වඩියෙන් ඉස්මතු කරලා පෙන්වන්නේ රජයේ බදු ආදායම මදි කියන එක නේද. රජයේ වියදම දල දේශිය නිශ්පාදනයෙන් 19% ක් වෙනකොට බදු ආදායම 9% යි. අයි එම් එෆ් එක කියන විදිහට අපේක්ශා කල බදු ආදායමට වඩ 15% ක පමන හිඟයක් ඇතිවෙයි කියලා අපේක්ශා කරනවා.

    විදේශ ණය ප්‍රතිවයුහගත කිරීම ගැන නිවේදනයේ සටහනක් නෑ නේද?

    රජය සමාන්‍ය මාසික වැටුපක් ගන්න සේරමගෙන බෙල්ල මිරිකලා බදු අය කරනවා.ඊට අමතරව වැඩි වෙච්චි විදුලි බිල්, බඩුමිල, ණය පොලී අනුපාත හරහාත් මේ මිනිස්සු හිර වෙලා ඉන්නේ. රජය අය කරගන්න ලේසී කට්ටියගෙන් බෙල්ල මිරිකලා අරන් ඉන්නේ. මේ ගොල්ලන්ගෙන් තවත් ගන්න බදු ගන්න බෑ.

    දෑන් ඉතිරිවෙලා තියෙන්නෙ බදු සහණ දීලා ,ආන්ඩුවට බදු ගෙවන්නෙ නැතිව ඉන්න ලොකු කොම්පැණි ටික. ආන්ඩුව මේවට අතතියන්න බයයි වගේ. මම යෝජනා කරන්නෙ මොකක් හරි යාන්ත්‍රණයක් දාලා මේ වගේ බදු නිදහස් කරලා තියෙන ව්‍යාපාර ගෑන නෑවත විගණනයක් කරන්න කියලා.

    ඊට සමගාමිවම ඉකෝන් කියනවා වගේ බදුදැලට දැනට හසු නොවන, ටියුශන් ගුරුවරු, නීතීඥයෝ , අතරමැදි වෙලදාම කරන අයව බදු දැලට ගන්න ක්‍රමවේදයකුත් හදන්න වෙයි.

    ReplyDelete
  3. ඕනිම කොන්දේසියකට එකඟයි
    ඉර හඳ ඕනිද දෙන්නත් එකඟයි
    ඒවා ඔක්කොම වචනෙට විතරයි
    'වචීපරම' අපි අදහන දහමයි!

    ReplyDelete
  4. උද්ධමනය අඩුවෙලාලු
    ඉහලට ගිය බඩුමිල නම්
    පහලට යන්නේම නැතිලු
    ඉලක්කම් හරඹයක් පමණද
    සිරිලක උද්ධමනය

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: