වෙබ් ලිපිනය:

Friday, September 15, 2023

ආර්ථික වර්ධනය- 2023 දෙවන කාර්තුව

 


කාර්තු තුනක් තිස්සේ එක දිගටම ඉලක්කම් දෙකේ ප්‍රතිශත අගයකින් හැකිළුණු ශ්‍රී ලංකා ආර්ථිකය 2023 දෙවන කාර්තුවේදීද පෙර වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව හැකිළී ඇතත්, එම හැකිලීම 3.1%කට සීමා වී තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ මෙම කාර්තුවේදී, එනම් 2023 තෙවන කාර්තුවේදී, ආර්ථිකයේ යම් හෝ වර්ධනයක් ඇති වීම පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකි බවයි. 

පෙර කාර්තුවේදී 5.0%කින් හැකිළුණු සේවා අංශයේ හැකිලීම 0.8%කට සීමා වී ඇති අතර, පෙර කාර්තුවේදී 23.4%කින් හැකිළුණු කර්මාන්ත අංශය 11.5%කින් හැකිළී තිබෙනවා. පෙර කාර්තුවේදී 0.8%කින් වර්ධනය වූ කෘෂිකාර්මික අංශය 3.6%කින් වර්ධනය වී තිබෙනවා. 

කෙසේ වුවද, 2023 දෙවන කාර්තුවේ ආර්ථික ක්‍රියාකාරකම් සිදුව ඇත්තේ වසර පහකට පෙර, එනම් 2018 දෙවන කාර්තුවේදී පැවති මට්ටමට වඩා 16.8%ක් අඩුවෙන්. ආර්ථිකය නැවත වර්ධනය වීමට පටන් ගත්තේ වුවද එසේ වර්ධනය වනු ඇත්තේ අහිමි වූ දශකයක හානිය සමඟයි. වෙනත් විදිහකින් කිවුවොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී ඇති ස්ථායීකරණ වැඩ සටහන තුළ ආර්ථිකය නැවතත් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වුවද, 2028 වන විට නැවත යා හැකි වනු ඇත්තේ වසර දහයකට පෙර 2018දී සිටි තැනටයි. 

1 comment:

  1. ඔය බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරන සාකච්චා වගෙ ඒව ෆේස් බුක් එකේ උන් එක්ක තියන්න කලින් උන්ට පැහැදිලි කරල දුන්නොත් හොඳ නැද්ද හරක් පට්ටිය යහපාලන ආර්තික වර්දනේ මදි කියල කොරගත්තු හරිය? ඔය යක්කු ටික තවමත් හිතන් ඉන්නෙ යහපාලනේ ඇවිල්ල කෑව කියලනෙ. ඊයෙ පෙරේද ඉඳල ඔයාගෙ පස්සෙන් වැටුනට

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: