වෙබ් ලිපිනය:

Tuesday, September 12, 2023

මෙන්න තවත් ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රතිඵලයක්!


රුපියල් බිලියන 3,208.1ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරු කර ගැනීම සඳහා එම බැඳුම්කරහිමියන් විසින් අර්පණය කර ඇති අතර එම අර්පණ වලින් රුපියල් බිලියන 3,204.5ක ප්‍රමාණයක් පිළීගෙන තිබෙනවා. මෙම ප්‍රමාණය හුවමාරුව සඳහා සුදුසුකම් ලත් බැඳුම්කර ප්‍රමාණයෙන් 37%ක් වන අතර, විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතු වූ සුදුසුකම් ලත් බැඳුම්කර වලින් 84%ක් සඳහා අර්පණයන් පිළිගෙන තිබෙනවා. අදාළ හුවමාරුව අනිද්දා (සැප්තැම්බර් 14) සිදු චෙනවා.

වැඩි විස්තර පසුවට.

3 comments:

  1. ඔය epf etf ටිකනෙ?

    ReplyDelete
  2. ශ්‍රී ලංකාවේ ජනතාව ගෙන් 60% පවර්ටි ලයින් එකෙන් යට බවත් ඔවුන් වක්‍රව බොහොමයක් බදු ගෙවන බවත් - කියන කතාව සත්‍යයක්ද?මේ පීබංදව බැංකු වාර්තා ගත හැකිද

    ReplyDelete
    Replies
    1. මම පෝස්ට් එක දැක්කා. කමෙන්ට් එකක් දමන්න වෙලාවක් ලැබුණේ නැහැ. 2019දී දරිද්‍රතා රේඛාවෙන් යට හිටියේ 19.3%ක් පමණයි. මෙය 2002දී 46.8% මට්ටමේ තිබී ක්‍රමයෙන් අඩු වෙමිනුයි තිබුණේ. 2019දී දරිද්‍රතා රේඛාවේ මට්ටම රුපියල් 6,966යි. 2022දී පෙර කිසිදා නොපැවති ඉහළ උද්ධමනය නිසා මෙය එකවර ගොඩක් උඩට ඉස්සුනා. 2022 දෙසැම්බර් වන විට රුපියල් 13,777ක්. ඒ නිසා, එම සීමාවෙන් පහළ ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබිය යුතුයි. විවිධ අය මෙය 40%, 50% ආදී ලෙස පවසන නමුත් නිල ඇස්තමේන්තුවක් දැකලා නැහැ.

      වක්‍ර බදු ගෙවීම පරිභෝජනයට සමානුපාතිකයි. ඒ නිසා, රුපියල් වලින් බැලුවොත් පහළ ආදායම් මට්ටම් වල අය වක්‍ර බදු ගෙවන්නේ අඩුවෙන්. නමුත් ආදායමේ ප්‍රතිශතයක් ලෙස බැලුවොත් ඔවුන් වැඩියෙන් වක්‍ර බදු ගෙවනවා. ඉහළම ඉන්න අය වක්‍ර බදු අඩුවෙන් ගෙවුවත් (ආදායමට අනුපාතිකව) සෘජු බදු ගෙවනවා. ආදායමට අනුපාතිකව බදු අඩුවෙන් ගෙවන්නේ මැදි ආදායම් මට්ටම් වල ඉන්න අය.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: