Saturday, December 28, 2019

හාල් කඩේට ගෝටා පැනීම


සතියකට පමණ පෙර (දෙසැම්බර් 18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කලින් නොදන්වා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබුණා. ඉන් පසුව, ඒ ආකාරයටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහලට ගිහින් තිබුණා.

ලංකාවේ සිටි ජනාධිපතිවරුන් අතරින් මේ ආකාරයේ හදිසි නිරීක්ෂණ චාරිකා සඳහා ප්‍රසිද්ධව සිටියේ රණසිංහ ප්‍රේමදාසයි. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභයගේ ප්‍රතිවාදියා වූ සහ රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස විසින්ද ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළියකදී කියා තිබුණේ තමන් බලයට පත් වූ පසු මෙවැනි හදිසි නිරීක්ෂණ චාරිකා වල නිරත වීමට බලාපොරොත්තු වන බවයි.

ජනාධිපති කියා කියන්නේ රටේ විධායකයේ ප්‍රධානියා. රටේ පවතින නීති පද්ධතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වන බවට වග බලා ගත යුත්තේ විධායකයයි. ලංකාවේ රාජ්‍ය ආයතන වලින් වැඩි ප්‍රමාණයක් සැලකිය හැක්කේ විධායකයේ කොටස් ලෙසයි. ඒ නිසා මේ ආයතන අකාර්යක්ෂමනම් එහි වගකීම මුලින්ම වැටෙන්නේ විධායක ජනාධිපතිටයි.

තමන් යටතේ තිබෙන රාජ්‍ය ආයතන ගණනාවක්ම ඉතා අකාර්යක්ෂම බව ජනාධිපති ගෝඨාභය විසින් විශ්වාස කරන බව පේනවා. ඔහු ඒ බව සෘජුවම කියනවා. රටේ බොහෝ දෙනෙක් හිතන්නේත් මේ ආකාරයටයි. තමන්ගේ යටතේ තිබෙන රාජ්‍ය ආයතන අකාර්යක්ෂමනම් එම ආයතන කාර්යක්ෂම කිරීමේ වගකීම විධායක ජනාධිපතිවරයා සතුයි.

ඉඳහිට මෙවැනි හදිසි නිරීක්ෂණ චාරිකාවක යෙදීමේ වරදක් නැතත් තමන්ගේ යටතේ තිබෙන ආයතනයක් කාර්යක්ෂම කිරීම සඳහා විධායක ජනාධිපති විසින් "හදිසි නිරීක්ෂණ චාරිකා" වල යෙදිය යුතුම නැහැ. ජනාධිපති හා රාජ්‍ය සේවයේ පහළම ස්ථරය අතර නිලධාරීන් ගණනාවක් සිටිනවා. විධායකයේ ප්‍රධානියා විසින් පහළ ස්ථර වලට නියෝග දිය යුත්තේ මේ ධුරාවලිය හරහායි. ඒ වෙලාවේ මොනවා කිවුවත්, ගෝඨාභයගේ හදිසි නිරීක්ෂණ චාරිකා වලින් පසුවත්, ජනාධිපතිවරයාගේ නිල විධාන  පහළට පැමිණෙනු ඇත්තේ මේ ධුරාවලිය හරහා කියා මම හිතනවා.

කොහොම වුනත් කිසියම් ධුරාවලියක ඉහළින්ම සිටින කෙනෙක් මේ ආකාරයට සඳළු තලෙන් කාණුවටම බහින්නේ ධුරාවලියේ අතරමැද ස්ථර පිළිබඳ විශ්වාසයක් නොමැති වූ විටයි. ගෝඨාභය විසින් පෙන්නුම් කර තිබෙන්නේ ඔහුට තමන්ගේ නිලධාරී තන්ත්‍රය හා කැබිනට් මණ්ඩලය පිළිබඳ වැඩි විශ්වාසයක් නැති බවයි. ජනාධිපතිවරයකුට කටයුතු කරන්න වෙන්නේ තමන් විසින් පත් නොකළ, තමන්ට "ලැබී තිබෙන" රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්කයි. එහෙත්, එහි ඉහළම ස්ථර සඳහා පුද්ගලයින් තෝරා ගැනීමේ හැකියාව ජනාධිපතිවරයා සතුයි. අමාත්‍යවරුන් තෝරා ගැනීමේදී එය කරන්න වෙන්නේ ජනතාව විසින් තෝරා පත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් නිසා ජනාධිපතිවරයා සතුව තිබෙන්නේ සීමිත තේරීමක්.

ලොක්කෙක්ට තමන්ගේ කණ්ඩායම ගැන විශ්වාසයක් නැති වෙන්න හේතු දෙකක් තිබෙනවා. එකක් කණ්ඩායම ඇත්තටම විශ්වාසය තැබිය නොහැකි එකක් වීම. දෙවැන්න ලොක්කා තමන් පිළිබඳව අධිනිශ්චයකට පැමිණීම. මේ තත්ත්ව දෙකම භයානකයි. දෙවැන්න වඩා භයානකයි.

ලොක්කෙක් තමන් පිළිබඳව අධිනිශ්චයට පැමිණුනු විට කරන දෙයක් වන්නේ අතරමැද ස්ථර සියල්ල බයිපාස් කර පහළ ස්ථර වලට සෘජුව නියෝග දීමයි. ආරම්භයේදී මේ වැඩේ නැගලා යනවා. කාලයක් තිස්සේ සිදු නොවුණු දේවල් ඉතා ඉක්මණින් සිදු වෙනවා. ගොඩක් අය ලොක්කාව අගය කරන්න පටන් ගන්නවා. පොඩි ලොක්කන් අප්‍රසාදයට පත් වෙනවා. හැබැයි සාමාන්‍ය නිරීක්ෂණය මේ වැඩේ පහු පහු වෙද්දී කොහු කොහු වෙන බවයි.

මේ වැඩේට ප්‍රසිද්ධව සිටි රණසිංහ ප්‍රේමදාස ඔය පුරුද්ද පටන් ගත්තේ අඩු වශයෙන් අගමැතිව සිටි කාලයේ සිටයි. රණසිංහ ප්‍රේමදාස විසින් හැම දෙයක් ගැනම සෘජුව පහළටම හොයා බලන බව දැන සිටි නිසා ඔහු යටතේ පැවති ආයතන වල සේවය කළ අයට හැම විටම මේ ගැන සැලකිලිමත්ව ඉන්න සිදු වී තිබුණා. "හදිසි නිරීක්ෂණ චාරිකා" වලදී ඔහු ක්ෂණික විධාන ලබා දුන්නා. ඉන් පසු මේ විධාන ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලුවා. ඒ නිසා, බොහෝ වැඩ කාර්යක්ෂම ලෙස කෙසේ වුවත් කාර්යක්ෂම සේ පෙනෙන ලෙස සිදු වුනා. ප්‍රේමදාසගේ වැඩ කිරීමේ පිළිවෙළ ප්‍රසාදයට ලක් වුනා.

කොයි තරම් විචක්ෂණශීලී පුද්ගලයෙකුට වුවත් හැම විටම හොඳම තීරණ ගන්න බැහැ. කාගේ වුවත් දැනුමේ හා තීරණ ගැනීමේ හැකියාවේ සීමාවන් තිබෙනවා. ඉංජිනේරුවෙක් කළ යුතු දෙයක් බාස් කෙනෙක්ට කළ හැකියි කියා ලොක්කෙක්ට හිතෙන්න පුළුවන්. ලොක්කා තමන්ගේ මතය ගැන අධිනිශ්චයක ඉන්නත් පුළුවන්. කලක් යද්දී වෙනත් අයට ලොක්කාගේ මේ සීමාවන් හඳුනා ගන්න ලැබෙනවා. ඉන් පසුව, ඕනෑම ලොක්කෙක්ව පහසුවෙන් අන්දන්න පුළුවන්. ලොක්කා අධිනිශ්චයක ඉන්නා තරමට වැඩේ පහසුයි.

ඒ දවස් වල රණසිංහ ප්‍රේමදාස කොහේ හෝ විවෘත කිරීමකට එන කොටස අවුරුදු ගණන් වලවල් හැදී තිබුණු පාරවල් එක සතියෙන් කාපට් වෙනවා. හරියට වෙස්සන්තර වංක ගිරියට යන කොට වගේ. හැබැයි ඔහොම හදිස්සියට හදන පාරවල් කිරි කිරියට තියෙන්නෙත් මාස දෙක තුනයි. ඒ නිසා ජනප්‍රසාදය වෙනුවට ලොක්කා ගොන්පාර්ට් එකක් වෙන එකයි වෙන්නේ.

හදිසි නිරීක්ෂණ චාරිකා වැඩි වුනොත් ඕක ගොඩක් අයට ඇණයක් වෙනවා. ඊට පස්සේ ඔය තැන් වල මිනිස්සු හිතන්නේ කොයි වෙලාවේ මොකා ආවත් කමක් නැහැ කියා තමන්ගේ වැඩේ පිළිවෙලට කරන්න නෙමෙයි. හදිසියේ ලොක්කා කඩා පනින එකට සූදානම් වන්නේ කොහොමද කියලයි. ඒ අනුව, ලොක්කා යන එන තැන් ගැන සහ ඊළඟට කඩා පනින්න වඩාත් ඉඩ තිබෙන තැන් ගැන හොයා බලා ඔත්තු සපයන්න යාන්ත්‍රණ හැදෙනවා. ගෝඨාභයගේ කතාවටම ආවොත් දේශීය ආදායම්, රේගුව වගේ තැන් දැනටමත් ගෝඨාගේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට මුහුණ දෙන්න සූදානම් වෙමිනුයි ඇත්තේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හෝ කලින් ගිය හාල් කඩේ ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙකුට තේරුම් ගන්න බැරි රොකට් සයන්ස් එකක් නැහැ. ඒ නිසා, ගෝඨා තමන් ගැන අධිනිශ්චයක ඉන්නවාද නැද්ද කියා එකවර නිගමනයකට එන්න බැහැ. බොහෝ විට ගෝඨාගේ ප්‍රශ්නය තමන්ගේ කණ්ඩායම ගැන සහතිකයක් නැති වීම වෙන්න පුළුවන්. ප්‍රශ්නය ඒකනම් මුලින්ම කරන්න තියෙන්නේ තමන්ගේ ටීම් එකේ අඩුපාඩු හදාගන්න එකයි. හොඳ පරිපාලකයෙක්, හොඳ විධායකයෙක් කියා කියන්න පුළුවන් එවැනි කෙනෙකුට මිසක් රෑට රෑට ජනතාවගේ දුක සැප හොයන්න ගෙවල් වලට රිංගන කෙනෙක්ට නෙමෙයි.

(Image: http://www.businessnews.lk/blog/2019/12/27/president-gotabaya-rajapaksa-visits-werahera-rmv-office-and-kdu-hospital/)

13 comments:

  1. ඔවා දෙනු පරහට
    තමා සම්මතයෙහි පිහිටා සිට

    ReplyDelete
    Replies
    1. ඔ්ක කියලා තියෙන්නේ ඔවා දෙන එකාට විතරයි,
      ලබන එකාට නෙමෙයි.

      Delete
    2. අන්තෝනියෝ බහිජටා රෙද්දෙ ගූ ගිහින් ඒත් බෙට්ට කෙලින් කියන තව එකෙක්

      Delete
  2. මටත් හිතෙන්නෙ මේක ජනාධිපති කෙනෙක් විසින් කළ යුතු රාජකාරියක් නෙමේ කියලය්. ඉඳලා හිටලා විසිට් එකක් දාලා බැලුවට කමක් නෑ.. මේ වගේ ආයතන චෙක් කර කර ඉන්න ගියොත් ඒවා නිසි පරිධි පාලනය කරවිමේ ක්‍රියා පටිපාටිය අඩාල වෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. සෙන්නා

      මේ ඉකොනොමැට්ටල වගේ ප්‍රායෝගික දැනුමක් නැති පොතේ ගුරාල කියන කතන්දර මොනවා වුණත් ඔය මරාගේ මලයා කරන වැඩේ විශාල අවුට්පුට් එකක් සහ රාජපක්ෂ කණ්ඩායමට අතිවිශාල මාකටින් වැලියු එකක් තියෙනවා. දැන් වර්තමාන ගෝඨාභය රාජපක්ෂ රජයේ සැලසුම් සකස් කරන්නේ ලංකාවේ ආර්ථික සහ සමාජ විනය ඇතිකර මහත් උත්සාහයක් කරමින් දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපානයේ සහ පස්සේ කොරියානු ජනයා, සිංගා කලාක්මෙන් රටේ ආර්ථික සංවර්ධන මානසිකත්වයක් රටට ඇති කර ඉන් ආර්ථික සංවර්ධනය ලබාදිය හැකිය යන විශ්වාසය මත පදනම්වය.

      වෙන විදිහට කිව්වොත් නම් හරියටම පහුගිය දූෂිත මහින්ද රාජපක්ෂ රෙජීමය යුද්ධය දිනීමට යුධ මානසිකත්වය රටට දුන්නා හා සමානවය. එදා යුධ මානසිකත්වය රට තුළ ඇති කිරීම කෙරෙහි ප්‍රතිපත්තිමය වශයෙන් අප විරුද්ධ වූවත් ලංකාව ආර්ථික ප්‍රපාතයක මුව විටේ සිටින නිසා රටට ආර්ථික සංවර්ධන මානසිකත්වයක් ලබා දිම වැදගත්ම හා අත්‍යවශ්‍යම කටයුත්තක් බව අපටත් වැටහෙන බව කිව යුතුය. සංස්ථා හා මණ්ඩල නව ප්‍රධානීන් වසරක් තුළ ප්‍රගතියක් නොපෙන්නුවහොත් එම තනතුරු වලින් ඉවත් කරන බව වත්මන් ජනපති අනතුරු අඟවා තිබේ. අප දකින ආකාරයට එවැනි ඉලක්ක දීම වැදගත්ය, ඔවුන්ට පමණක් නොව මේ ප්‍රගති ඉලක්කය රටටම දිය යුතු බව ඔවුන් කියනව. එවිට පාර්ලිමේන්තුවට, ආයතන ප්‍රධානීන්ට පමණක් නොව ජනතාවටත් එම ඉලක්කයට ළංවීම සඳහා වැඩ කිරීමට සිදුවනු ඇතැයි ඔවුන් විශ්වාස කරන බව සඳහන්. මේ ගැන ඉදිරියේදී වඩාත් පැහැදිලි වේවි...

      Delete
    2. ප.ලි. එදා 2006 / 2007/ 2008 කාලයේ ඉකොනොමැට්ට බ්ලොග ලියල තිබ්බ නම් ලංකාවේ හමුදා කවමදාවත් යුද්ධය දිනන්නේ නැති බවත් ළඟදීම හොඳ කෑමක් කනවා වගේ දේවල් සහ පොතේ හැටියට කවමදාකවත් මේ වගේ ජනවාර්ගික සිවිල් යුද්ධයක් යුද්ධයෙන් ඉවර කරන්න බැරි බවත් සාකච්ඡා කිරීම වහා කල යුතුව ඇති බව ලියාපු පෝස්ට් දකින්නට තිබුණා.

      Delete
    3. ඝෝඨට චන්දේ දීපු අයගැන මට කණගාටුයි.
      මට කියන්න තියෙන්නේ උඹලා ඔක්කොම ලෙඩවෙලා නාකිවෙලා මැරිලා යයි. තොපේ මිණි වලටත් පනුවෝ ගහයි.

      Delete
    4. anthoniyo bahijata,,රාජපක්ෂලාගේ පුක පොළොවේ ගහං උන් වෙනුවෙන් බෙරිහං දෙන තොපි වගේ සිපයි බයියො කියල සහසුද්දෙන්ම පෙන්නලා දීල තියෙද්දිත් තවත් උන්ටම කඩේ යන්න තොපිට ලැජ්ජ නැද්ද?

      Delete
  3. ඉකොනො ඉක්මනටම කියන්න බලන්න කලක් ආසියාවේ හොදම සීනී කම්හලව තිබී ලංකාවේ පවට පහල වූ එක්සත් ජාතික පක්ෂය විසින් වලපල්ලට යැවූ කන්තලේ සීනි සංස්ථාවට යලි පන දෙන දවස කවදාද කියලා? රාජපක්ෂ කල්ලියේ උන් ඔන්න දැන් ඔය පොරටෝක් ඉෂූ කරන්නේ...

    ReplyDelete
  4. ඉකොනො දන්නේ නැහැ නේද ඉස්සර ලංකාවට නැවි පහක් තිබුනා කියලා? ලංකාව ආසියාවේ ජපානෙට විතරයි දෙවැනි වෙලා හිටියේ.. පාර්ලිමේන්තු අයවැයේ අතිරික්තයෙන් එංගලන්තයට ණයට මුදල් දීපු රටක් ලංකාව පිළිගන්නවා ද...?

    #අපි ඔරුවල වානේ සංස්ථාවේ ඇල්පෙනෙත්තේ ඉඳලා පාලම් කාප්ප දක්වා වානේ භාණ්ඩ දේශීයව නිපැදුවා.

    #ඉන්දියාවට වෙනම වර්ගයේ උදැල්ලක් කිඹුලා ලකුණෙන් තලය මහත ලංකාවේ හැදුවා. ඒවා එක දිගටම ඉන්දියානු ගොවියට ලංකාවෙන් යැවුනා.

    #UniC රේඩියෝව හදලා ආසියාවේ රටවල් වලට අපනයනය කරා.

    #රටේ හැම ගමකම weaving mills දාලා අපේ රෙදි පිලි අවශ්‍යතාවය ගම් මට්ටමින්ම සපුරා ගත්තා.

    #එතකොට මදුරු දැල් තිබුනා ඩියුරෝ කියලා සවි ශක්තිය අතින් ඉහලයි.

    #දාසලා රාණි, සඳුන් සබන් දේශීය අමු ද්‍රව්‍ය වලින්ම නිපදවලා පිට රටටත් අපයනය කලා. අදත් චෙන්නායි වල බර්මා බසාර් ගිහිල්ලා අහලා බැලුවොත් රාණි සබන් වලට ලොකු ඉල්ලුමක් තියනවා.

    #අපේ ගෙවල් වල විතරක් නෙමේ කඩවල් හෝටල්වල භාවිතා උනේ පැරකුම් condensed milk.

    ලංකාවෙම තණ බිම් වලින් අපේ කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා. මුස්ලිම් ගොවි මහත්වරු පොලොන්නරුවේ විශාල වශයෙන් කිරි නිපැදවූවා �� �� . දැං ඒ ඔක්කොම වගේ පිටරටින් තොරම්බල් බඩු ගේන්න පුරුදු වෙලා.

    #ඒ කාලේ ⁣Proton car ලංකාවේ ගහන්න ඉඩක් ඉල්ලනකොට අපි දුන්නෑ මොකද අපි Upali Fiat එක හදන නිසා තව නොබෝදිනකින් saloon car එකක් ලෝකෙට හඳුන්වා දෙන්න කියලා බලාපොරොත්තු තිබුණු නිසා.

    #වරායෙන් අපනයනය වූ බඩු අතර පලයාකාට් සරොම් තොග ගණන් (containers ප්‍රසිද්ධ නැති යුගයක) ඩියුරෝ රෙදි පිලි තොග ගනන් යැවුවා...

    #ලංකා සිල්ක්, බතික් අපේම අමුද්‍රව්‍ය වලින්. St.Bridget එකේ Sistersලා පට පණුවන්ගෙන් සිල්ක් නූල් අරන් රෙදි නිපදුවා. පස්සේ මේ වැඩේ චීනෙන් ගේන්න මුස්ලිම් මුදලාලිලාට බාර දුන්නා.

    #ලේලන්ඩ් වාහනේ ලංකාවට ඉන්දියාවෙන් එනකොට දාලා එව්වෙ කැළණි ටයරය ලොකුවට made in Sri Lanka ���� කියලා ලියලා.

    #බරවාහන දේශීයව හදාගන්න කාලය අත ලඟ කියලා හීන දැක්කා.

    ලංකාව, සෝමාලියාවක් වෙලා තිබුනා කියන අය ලංකාවට ආසියාවේ ස්විට්සර්ලන්තය කියපු කාලක් තිබූ බව දන්නැතුව ඇති.

    #චොකලට් කර්මාන්තය පටන් අරං පිටරටවල පවා කොකෝවා වැව්වා ලංකාපුත්‍රයන් යටතේ ඒ රටවල මිනිස්සු වැඩ කරා. අපිට එහෙව් යුගයක් තිබුනා.

    #එවකට ආසියාවේ තෙවෙනි නිශ්පාදන ආර්ථිකය තිබුණු කවරදාකවත් ලෝකෙ එක එකාට වහල්කම් නොකරපු ජාතියක ප්‍රධානම ආදායම් මාර්ගය වහල් සේවය මෙන්ම සාඩම්බර ලාංකික ගැහැණිය අරාබියට විකුණලා දැම්මා. (පස්සෙ ආපු එකදු ජනාධිපති කෙනෙක්ටවත් මේ රටේ ගෑණු වහල් සේවයට යවන එක නවත්තන්න උවමනාවක් තිබුනෙ නෑ. එකම එක්කෙනෙක් ඒ වැඩේ ටිකාක් විතර control කරා එච්චරයි)

    #සිංගප්පූරුව හදන්න පෙර ලී ක්වාන් කියනවා මම මලක්කාවේත් ලංකාවක් හදලයි පස්ස බලන්නේ කියලා. (ලී ක්වාන් ගේ Third world to first world පොත බලන්න).

    #කුඩා දරුවන් වූ අපි නිතරම අධ්‍යාපන චාරිකා ගියා අපේ දේශීය කර්මාන්ත ශාලා නැරඹීමටයි. අද ලුණු ටිකත් ඉන්දියාවෙන්. ජාතික කොඩියත් චිනයෙන් ගෙන්න සිදු වෙලා.

    #එකල අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමා ඉන්දියාවෙන් සහ මාලදිවයිනෙන් බෝට්ටුවල නැගලා නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ පැමිණීම.

    අද 1977ට පස්සේ, අපි බෝට්ටුවලින් පාවෙලා ජීවිත පවා නැති කරගෙන වෙන රටවල් වලට පනින ලැජ්ජා නැති ජාතියක් වෙලා. මේ කිවූ කිසිම දෙයක් නාදුනන මා කීවාට පිළි නොගන්න. කරුණු ⁣තව දුරටත් සොයාබලා විශ්වාස කරන්න. ඉකොනොට කියන්න පුළුවන්ද මොකද කියලා අපට වැරදිලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මිරිස් නැතුව හොදි කන්නම්
      සීනි නැතුව තේ බොන්නම්
      අගමැතිනිය කියනවා නම්
      පිදුරු වුණත් අපි කන්නම්

      ඔය සුද්දො කරපුවයෙන් ඉතුරුවෙලා තිබ්බ ටික මැතිනි තමයි ඕව විනාස කරන එක පටන් ගත්තෙ

      Delete
  5. රුපියල අවශ්‍ය ප්‍රමාණයට අවප්‍රමාණය කලානම් අදවුනත් ඔය තත්වය ඇතිකරන්න පුළුවන්.

    කරන්න තියෙන හොඳම දේ එජාප මන්ත්‍රීවරු එක්වෙලා රුපියල අවප්‍රමාණය කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම.
    බලන්න බුරුමේ අවුං සාං සුකී රෝහින්‍යා ප්‍රශ්ණෙදි හැසිරුන විදිය.
    ඒක තමයි ජාතික නායකයෙක්ගේ ගතිය.

    ReplyDelete
  6. උඩින් තියෙන කමෙන්ට්ස් දැක්කම මටම පුදුමයි මම නාකි වෙලා තියෙන තරම ගැන!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.