කලකට පසු මහ බැංකුවේ සංචිත සුළුවෙන් වුවත් ඉහළ ගොස් තිබෙනවා. අප්‍රේල් මාසය අගදී මහ බැංකුව සතු වූ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,812ක්. මැයි මාසය අවසන් වෙද්දී මෙම සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,920 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම සංචිත වලින් වැඩි කොටසක් "ප්‍රයෝජනයට ගත නොහැකි" සංචිත බව ප්‍රචලිත කරුණක්. එසේ වුවද, වැඩි වී තිබෙන්නේ ප්‍රයෝජනයට ගත හැකි සංචිතයි.
මැයි මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ වලද යම් වර්ධනයක් දැකිය හැකියි. අප්‍රේල් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණේ ඩොලර් මිලියන 248.9ක් පමණක් වුවත්, මැයි මාසයේදී මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 304.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේ වුවත්, අප්‍රේල් මාසයේදී සංචාරක ඉපැයීම් වලින් ලැබුණු ඩොලර් මිලියන 113.3 මැයි මාසයේදී ඩොලර් මිලියන 54.3 දක්වා අඩු වීම නිසා ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යාමේ වාසිය නිශේධනය වී තිබෙනවා. අප්‍රේල් මාසයේදී මෙන්ම මැයි මාසයේදීද ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් වල එකතුව ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 350කට ආසන්න විදේශ විණිමය ප්‍රමාණයක් පමණයි.
මේ අනුව, මාසික අපනයන ආදායම ඩොලර් බිලියනයක් සේ සැලකුවත් ආනයන වෙනුවෙන් වැය කිරීම සඳහා සඳහා රටට ලැබෙන්නේ ඩොලර් මිලියන 1,350කට ආසන්න මුදලක් පමණයි. ආනයන ඉල්ලුම යම් තරමකින් අඩු වී තිබිය හැකි වුවත් බොහෝ විට ඩොලර් මිලියන 1,750ක් පමණවත් විය හැකියි. එයින් අදහස් වන්නේ තවමත් මසකට ඩොලර් මිලියන 400ක පමණ ඩොලර් ප්‍රමාණයක් කොහෙන් හෝ හොයා ගත යුතුව තිබෙනවා කියන එකයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලක් ඉතා ඉක්මණින් ලැබෙන බවක් පෙනෙන්නට නැහැ. කොයි තරම් හදිස්සි කළත් ඒ සඳහා අවම වශයෙන් මාස ගණනක් යන බව පැහැදිලියි. ඒ වන තුරු උදවු කරන්නට සූදානම්ව සිටින්නේ ඉන්දියාව පමණයි. ඉන්දියාවෙන් කීයක් හරි ඉල්ලා ගන්නත් දිගින් දිගටම බැගෑපත් වෙන්න වෙනවා.
ඉන්දියානු ණය පහසුකම නිසා ඉන්දියාවෙන් කරන ආනයන වෙනුවෙන් අදාළ ආනයනකරුවන් විසින් මුදල් ගෙවිය යුතු වුවත් ඒ මුදල් ඉන්දියාවට නොගොස් මහ බැංකුවේ ඉතිරි වෙනවා. මහ බැංකුව විසින් එම මුදල් පසුව ඉන්දියාවට ගෙවිය යුතුයි. මැයි මාසය තුළ මහ බැංකුවේ සංචිත ප්‍රමාණය මිලියන 108කින් ඉහළ ගොස් තිබුණත්, බොහෝ විට මහ බැංකුව විසින් ඉන්දියාවට ගෙවිය යුතු ණය ඊට වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා විය හැකියි.
රටට ඩොලර් අද්දවා ගැනීම සඳහා මහ බැංකුව විසින් මහ බැංකුවට කළ හැකි දේවල් කරමින් සිටිනවා. මහ බැංකුව විසින් අලුතෙන්ම ගත් ප්‍රතිපත්ති තීරණය වාණිජ බැංකු වල ඩොලර් තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම පොලී සීමාව ඉවත් කිරීමයි. මෙවැනි ක්‍රියාමාර්ග වලින් යම් ප්‍රතිඵල ලැබිය හැකි වුවත් බංකොලොත් රටක බංකොලොත් මහ බැංකුවකට කළ හැකි දේ ඉතා සීමිතයි.
මුන්ට මොකක් හරි ප්ලෑනක් තියෙනවද? බල්‍ය රැක ගැනීම ඇර වෙන දෙයක් කරනව පේන්නෙ නෑ.
ReplyDeleteඉකොනොමැට්ටා ලංකාවේ අරගලය අත අරින්න එපා දිගටම කරගෙන යන්න ඕන මේ වගේ
ReplyDeletehttps://fb.watch/dzfis-zTqV/
ඇමරිකන් එක්සත් ජනපදයේ පාරවල් වහලා ලංකාවේ නන්දසේනට යන්න කියල බල කරන්නේ නැද්ද?
දන්නේ නැති නිසා අහන්නේ, //මහ බැංකුව විසින් අලුතෙන්ම ගත් ප්‍රතිපත්ති තීරණය වාණිජ බැංකු වල ඩොලර් තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම පොලී සීමාව ඉවත් කිරීමයි.// මෙය කොහොමද ඩොලර් තැම්පතු හිමියෙක්ට ලැබෙන ප්‍රතිලාභ ??
ReplyDeleteබංකොලොත් රටක ,බැංකුව ඩොලර් ගිණුමක් විවුර්ත කරල ඩොලර් තැම්පතු පවත්වා ගන්න කෙනෙක්ට හදිසියක දී ඒ සල්ලී ටික ගන්න බැහැ නේද
මහ බැංකුව විසින් පසුගිය දෙසැම්බරයේදී ලංකාවේ බැංකු වල ඩොලර් තැන්පතු සඳහා ගෙවන පොලිය 5%ක උපරිමයකට සීමා කළා. මේ මගින් අදහස් කළේ ලොකු පොලියක් නොලැබෙන නිසා අපනයනකරුවන් විසින් ඔවුන්ගේ ඩොලර් තැන්පතු රුපියල් කරනු ඇති බවයි. එහෙත් එවැන්නක් වුනේ නැහැ. මෙයින් සිදු වුනේ ඔවුන් තමන්ගේ ඩොලර් බැංකු වලට (රටට) ගේන එක නැවතීමයි. සීමා ඉවත් කිරීමෙන් බැංකු වලට වැඩි පොලියක් ගෙවා ඩොලර් තැන්පතු ආකර්ශනය කර ගැනීමට ඉඩ සැලසෙනවා. නමුත් ඔබ කියනවා වගේම තැන්පතුකරුවන්ගේ පැත්තෙන් බැලූ විට සල්ලි ආපසු ගත නොහැකි වීමේ අවදානම තිබෙනවා. ඒ නිසා එම අවදානමට සරිලන විශාල පොලියක් නොලැබේනම් ඔවුන් ලංකාවේ බැංකු වල සල්ලි දමන එකක් නැහැ.
Delete