කාලයක් අධි උද්ධමනයෙන් බැට කෑ රටක් වන සිම්බාබ්වේහි උද්ධමනය 2022 ජූනි මාසයේදී 191.6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මැයි මාසයේදී එරට උද්ධමනය තිබුණේ 131.7% මට්ටමේ. අප්‍රේල් මාසයේදී 96.4% මට්ටමේ. මාර්තු මාසයේදී 72.7% මට්ටමේ. පෙබරවාරි මාසයේදී 66.6% මට්ටමේ. ජනවාරි මාසයේදී 60.6% මට්ටමේ. උද්ධමනය වැඩි වෙන්න ගත්තහම වැඩි වෙන්නේ ඔය විදිහටයි.
ජූනි මාසය තුළ උද්ධමන දර්ශක අගයේ වැඩි වීම 30.7%ක්. මෙම අගය 50% ඉක්මවීම අධි උද්ධමන තත්ත්වයක් සේ සැලකෙනවා. සිම්බාබ්වේ ඩොලරයක අගය මේ වන විට ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියලක අගයට සමානයි (ඇමරිකන් ඩොලරයකට සිම්බාබ්වේ ඩොලර් 352ක් පමණ).
කොහොම වුනත් නැගී ගෙන එන අධි උද්ධමන තර්ජනය හමුවේ සිම්බාබ්වේ මහ බැංකුව වන සිම්බාබ්වේ සංචිත බැංකුව තමන්ගේ ආයුධ ප්‍රයෝජනයට ගන්න පැකිලී නැහැ. උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවක් සතුව තිබෙන ප්‍රධානම මෙවලම පොලී අනුපාතිකයි.
අද නිවේදනය කර ඇති පරිදි ජූලි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිම්බාබ්වේ සංචිත බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 80% සිට 200% දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව, මුදල් ඉල්ලුම පාලනය වන පරිදි පොලී අනුපාතික උද්ධමනයට වඩා ඉහළින් තැබීමට සිම්බාබ්වේ සංචිත බැංකුව කටයුතු කර තිබෙනවා.
ඒ සමඟම බැංකු විසින් ඉතිරි කිරීමේ ගිණුම් සඳහා ගෙවිය යුතු අවම පොලිය 12.5% සිට 40% දක්වාත්, අවම ස්ථිර තැන්පතු පොලී අනුපාතිකය 25% සිට 80% දක්වාත් ඉහළ දමා තිබෙනවා.
සිම්බාබ්වේ සංචිත බැංකුව විසින් ගෙන තිබෙන තවත් සුවිශේෂී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක් වන්නේ බැංකු හරහා වෙළඳපොලට රන් කාසි හඳුන්වා දීමයි. මේ අනුව, සිම්බාබ්වේ ඩොලරයේ අගය ගැන කණස්සල්ලක් ඇති අයට තමන්ගේ සිම්බාබ්වේ ඩොලර් ඇමරිකන් ඩොලර් වැනි වෙනත් මුදල් ඒකක වලට පරිවර්තනය නොකර රන් කාසි වල ආයෝජනය කළ හැකියි.
මෙහි වාසි ගණනාවක් තිබෙනවා. එක පැත්තකින් සිම්බාබ්වේ ඩොලර් බැංකු පද්ධතිය තුළට පැමිණීමේදී රටේ මුදල් සැපයුම පහළ යනවා. අනෙක් පැත්තෙන් විදේශ මුදල් වලට තිබෙන සමපේක්ෂණ ඉල්ලුම අඩු වන නිසා විණිමය අනුපාතය මත වන පීඩනය අඩු වෙනවා. ලංකාවට වුනත් මේ වැඩේ උත්සාහ කර බැලිය හැකියි.
In SL where can we purchase gold coins ?
ReplyDeleteප්‍රශ්නයක්.
ReplyDeleteබටහිර සම්බාදක නිසාද සිම්බ්ව්වෙමේ තත්වෙට පත් උනේ?
awith giya
ReplyDeleteඅදහසක් තියේද උද්දමනය මෙච්චර යද්දි වත් ඇයි රාජ්‍ය සේවකයො මහාපරිමානෙන් අස් කරන්නෙ නැත්තෙ කියල ? සාමාන්‍යෙන් පුද්ගලික කම්පැනියක ආදායම ට වඩා වියදම් වැඩිවෙද්දි අස් කරනවනෙ. එහෙම නොකරන්න හේතුවක් තියේද? නැත්නම් රාජ්‍ය සේවකයො ටික නිසා රටේ ඉන්න සියලු මිනිස්සු අමාරුවෙ වැටෙනවනෙ?
ReplyDeleteඔබගේ අදහස අනුව රාජ්‍ය සේවය යනු මේ වනවිට මහා පරිමාණයෙන් කපා හැරිය යුතු අංශයක්. මෙම අදහස අතිශය උචිත යෝජනාවක් වන්නේ මේ වන විට රජයේ සමස්ථ ආධායමින් 70% පමණ වැයවන්නෙ මෙම අතිශය අකාර්යක්ෂම හා නිෂ්ඵල ආයතනය පවත්වාගැනීම පිණිස. රටක් එසේ කළ යුතු නැහැ. මෙම ආයතන පවත්වාගෙන යන්නේ කුමක් සදහාද යන්නම විවාධ සම්පන්නයි මටනම්. උදාහරණයක් ලෙස වාහන ආධායම්බ ලපත්‍ර නිකුත් කිරීම. මෙය ඔනෑම අයෙකුට මාර්ගත ක්‍රම මගින් ලබා ගත හැකිව තිබියදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 350 වැඩි ප්‍රමාණයක ඒ වෙනුවෙන්ම නිළධාරියෙකු ඉන්නව.
Deleteඊළගට මහජන ආධාර ගෙවීම් ගත්තත් එහෙමයි. මෙම මුදල ඉතා පහසුවෙන් ප්‍රතිලාභියාගේ ගිණුමකට යොමු කළ හැකියි. ඉඩම් ක්ෂේත්‍රය ගතහොත් එම ගැටළු මේ වනවිට සියල්ල විසදී තිබිය යුතුයි. මන්ද මෙම ආයතන ඉතා දිගු කාලයක් පවත්වාගෙන යන ආයතන වන නිසා. තවත් විහිළු සහගත දෙයක් තමයි දැව ප්‍රවාහන බල පත්‍ර ලබා දීම. කපන්න අවසර දුන්නට පස්සෙ එම ආයතනය තුළින්ම නැවත ප්‍රවාහණයට බලපතක් වෙනම ලබා ගන්න ඹ්න. මේවනවිට සෑම ග්‍රාම නිළධාරී කොට්ඨාශයකට නිෂ්චිත වූ නිළධාරීන් 9 /10 ඉන්නව. අවම මාසෙකට රු 500000.00 වියදමක් රජය දරනව. ඹවුන්ගේ වසරක වැටුපෙන් හොඳ පුස්ථකාලයක් හදන්න පුළුවන්. පරිගණක ඒකකයක් හදන්න පුළුවන්. තව බොහෝ දේ පුළුවන්. මෙම නිළධාරීන්ගෙන් ග්‍රාම නිළධාරී හිටියම ඇති. එයාටත් කොට්ඨාශ 2 ආවරණය කිරීම වැඩි අපහසුවක් නැහැ. ප්‍රාදේශීය ලේකම් කාරියාලයක නිළධාරී තනතුරු නාම පවා විහිළු සහගතයි. ළමා හා කාන්තා කටයුතු සංවර්ධන නිළධාරී, පූර්ව ළමා විය සංවර්ධන නිළධාරී, ළමා කටයුතු සංවර්ධන නිළධාරී, වැඩිහිටි සංවර්ධන නිළධාරී, තරුණ සේවා නිළධාරී, ක්‍රීඩා නිළධාරී, ආදී වශයෙන්. මේ සියල්ල පුද්ගලයා වයස අනුව කොටස් කර නිළධාරීන් පත් කිරීමක්. ඔබ හිතන්න මේිවා අවශ්‍යද කියා රටකට. මේවගෙම පිරිසක් ප්‍රාෙද්ශීය සභාවකත් ඉන්නව.
මේවා තනිකරම අකාර්යක්ෂම වැඩක් නැති තනතුරු. මේවාය පරිපාලන නිළධාරියාට තියෙන්නෙත් මේ 300 විතර පිරිස හොරෙන් පැනල යන එක වලක්වා ගැනීමට මූලික වශයෙන් කටයුතු කිරීම මිස වෙන දෙයක් නෙවෙයි. මෙයාලගේ ගමන් හා ඉන්ධන විදම් දැක්කොත් පුදුම හිතෙනව. රැකියාව වෙන්නෙම වැඩ කිරීම. හැබැයි ඒ වැඩේටම එලියට ගියාම දීමනාවක් දෙනව. රියදුරුගෙ රැකියාවට ගමන් වියදම ලෙස නැවත මුදලක් ගෙවනව.
මෙහෙම රාජ්‍ය සේවයක් තමයි අපිට තියෙන්නෙ. අයවැය දෙපාර්තමේන්තුව කරන පුරෝකථන, දත්ත 100% වැරදියි. නමුත් වැටුප් ගෙවනව. මුදල් අමාත්‍යංශයත් මේ වගෙම පිස්සු වැරදි දත්ත ගොඩක් දාල අපිට කෙලවනව. හැබැයි වැටුප් ගෙවනව. තමන්ගෙ වැටුපවත් විශමතාවයකින් තොරව හදාගන්න බැරි මිනිස්සු. ඒක වැරදියි කියල ආයෙත් මහ පාරේ අපිටම කෙළවනව.
මේ විකාරය රටට විනාශයක්. සේවකයන් 500000 විතර දාගෙන කරන්න පුළුවන් වැඩ ලක්ෂ 17 දාගෙන කරන්න යනව. ඉතින් රටවල් ගොඩ යයිද බං.
රට වැටුණත් අගාදෙට එහි වරදක් නෑ
Deleteඅපි බේරුණොත් ඇති හිතනා අය අඩු නෑ
ඊළඟ ඡන්දෙටත් එනවා; පරදින්නෑ
අපි එහෙමයි හිතන්නේ - මොනවද ඕනෑ
@Buwa @නිදිගෙ පන්ච තන්තරේ, මන් ඕක ගැන හිතුව. ඕක මිනිස්සු ට නොතේරෙන්නෙ ඒක රජය වැයකරන මුදලක් නිසා මිනිස්සු ගෙ අතට නොදැනෙන නිසා කෙලින්ම.
Deleteඑතකොට මගේ අදහස තමයි ඕක මිනිස්සු ට කෙලින්ම දැන්නෙන්න සැලැස්වීම. ඒ කිව්වෙ ඒ මාසෙ අය වැය පරතරය අවුරුදු 30 ට වැඩි සෑම පුරවැසියාගෙන් ම ඩිරෙක්ට් ටැක්ස් එකක් විදියට ගැනීම.
උදාහරණයක් ලෙස මන් ගනන් හැදුව දැන් සාමාන්‍යෙන් මාසෙට රුපියල් බිලියන 160 වගේ මදි. එතකොට සාමාන්‍යෙන් දල වසයෙන් ගනන් හැදුවම 30 ට වැඩි හැමෝම මාසෙට 11 000 ගෙවන්න ඕනි. එතකොට එහෙම ගත්ත ගමන් මිනිස්සු උද්ඝෝෂණ කරයි මේක අපිට දරන්න බෑ රාජ්‍ය සේවය අඩු කරන්න , සුබසාදන අඩු කරන්න කියල.
ඔහොම එකක් ඉස්සර ඉදන් කරානම් අපිට අය වැය පරතරේ 0 තියාගන්න තිබ්බ. එහෙම උනානම් ලේසියෙන් ම රුපියල පා කරල ගෙවුම් ශේශයත්0 තියාගන්න තිබ්බ.
කවුද ඔය වගේ යෝජනාවක්වත් ගේන්නෙ? අපේ ලොක්කො- වෙන්ඩ බලන් ඉන්න ලොක්කො සේරම හිතන්නේ එයාලගේ ඡන්ද ගොඩ ගැන විතරයිනේ.
ReplyDeleteරටට ඩොලර් නෑ කියන එක පැහැදිලි කරන්න පුළුවන්ද විදේශීය බැංකුවක් මගින් රටේ තියන රුපියල් ඩොලර් කරගන්න බැරි මොකද
ReplyDeleteකාටවත් රුපියල් අවශ්‍ය නැති නිසා.
DeleteIMF press notice has released after staff visit.
ReplyDelete/// Because public debt is assessed as unsustainable, Executive Board approval would require adequate financing assurances from Sri Lanka’s creditors that debt sustainability will be restored.///
/// need to reduce the elevated fiscal deficit while ensuring adequate protection for the poor and vulnerable///
///Given the low level of revenues, far-reaching tax reforms are urgently needed to achieve these objectives. ///
///addressing the severe balance of payments pressures, reducing corruption vulnerabilities and embarking on growth-enhancing reforms.///
Seems that Getting Executive Board approval and ensuring the debt sustainability are gigantic tasks
Yes. Nothing will happen soon.
Deletehttps://ceylontoday.lk/2022/07/02/imf-sets-several-scenarios-for-sri-lanka-to-fulfil-debt-sustainability/
Delete