පසුගිය මැයි මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 8.6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර 40ක් තුළ ඇමරිකාවෙන් වාර්තා වන ඉහළම උද්ධමනයයි. 1980දී උද්ධමනය 14.6% පමණ මට්ටමට යාමෙන් පසුව පසුගිය දශක හතර තුළ ඇමරිකාවේ උද්ධමනය අඩු මට්ටමක තිබුණා.
පසුගිය කාලය තුළම ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව විසින් 2%ක උද්ධමනයක් ඉලක්ක කර එම ඉලක්කය සපුරා ගත්තා. මේ වන විට ඇමරිකාවේද මහ බැංකුව අසමත්ව ඇති අතර එය දේශපාලන ප්‍රශ්නයක්ව තිබෙනවා.
ඇමරිකාවේ උද්ධමනයට හේතුවද වෙනත් රට වල උද්ධමනයට හේතු වන සාමාන්‍ය කරුණයි. එනම් ඕනෑවට වඩා සල්ලි අච්චු ගැසීමයි. 2008 ආර්ථික අවපාතයෙන් පසුවද ඇමරිකාව විශාල ලෙස සල්ලි අච්චු ගැසුවත් බොහෝ දෙනෙකු පුරෝකථනය කළ පරිදි ඊට අනුරූප ලෙස උද්ධමනය ඉහළ ගියේ නැහැ. අච්චු ගැසූ සල්ලි ඇමරිකාවෙන් පිටතට ගලා යාමත්, ඇමරිකාව තුළද ධනවතුන් අත රැඳීමත් මෙයට හේතු සේ සැලකිය හැකියි. මෙයින් වෙනස්ව මෙවර හැම නිවසකටම චෙක්පත් තැපැල් කර යවනු ලැබුවා. ඒ නිසා පාරිභෝගික භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වී මිල ඉහළ ගියා.
ඇමරිකානුවන්ට උද්ධමනය දැනෙන්නේ ලාංකිකයින්ට උද්ධමනය දැනෙන විදිහටම නෙමෙයි. ඒ දෙරට පාරිභෝගිකයන්ගේ වියදම් රටා වෙනස් නිසයි. ලාංකිකයින්ගේ මුළු වියදම් වලින් 50%කටත් වඩා ආහාර වෙනුවෙන් වැය කළ යුතු වුවත් ඇමරිකානුවෙකු ආහාර වෙනුවෙන් වැය කරන්නේ 8.3%ක් පමණයි.
ඇමරිකාවේ වියදම් රටාව (අප්‍රේල් 2022)
ආහාර ද්‍රව්‍ය 8.3%
මත්පැන් හා දුම්වැටි 1.4%
ඇඳුම්, පාවහන් ආදිය 2.5%
නිවාස, ජලය, විදුලිය හා ගෑස් ආදිය 38.0%
ගෘහ භාණ්ඩ 4.0%
සෞඛ්‍යය 8.4%
ප්‍රවාහනය 19.0%
විනෝදාස්වාදය 5.1%
අධ්‍යාපනය 2.6%
හෝටල් හා අවන්හල් 5.1%
වෙනත් භාණ්ඩ හා සේවා 2.2%
සන්නිවේදනය 3.6%
එකතුව 100.0%
ලංකාවේ වියදම් රටාව (අප්‍රේල් 2022)
ආහාර ද්‍රව්‍ය 50.7%
මත්පැන් හා දුම්වැටි 3.1%
ඇඳුම්, පාවහන් ආදිය 2.9%
නිවාස, ජලය, විදුලිය හා ගෑස් ආදිය 13.3%
ගෘහ භාණ්ඩ 2.9%
සෞඛ්‍යය 4.4%
ප්‍රවාහනය 9.8%
විනෝදාස්වාදය 1.2%
අධ්‍යාපනය 2.6%
හෝටල් හා අවන්හල් 3.9%
වෙනත් භාණ්ඩ හා සේවා 4.0%
සන්නිවේදනය 1.6%
එකතුව 100.0%
ලංකාවේ ආහාර වලට වියදම් කරන මුදල වැඩි නිසා පුළුවන් දේවල් ගෙදර වවාගෙන, අනික්වා මිලදී ගණන් එක හොදයි නේද?
ReplyDeleteපෞද්ගලික මට්ටමෙන් ගත් විට හොඳ තීරණයක් විය හැකියි. හොඳද නරකද කියන එක තීරණය වන්නේ ආවස්ථික පිරිවැය මතයි. නිකම් ඉන්න කාලය මෙවැනි දෙයක් සඳහා යෙදවීම අනිවාර්යයෙන්ම තමන්ට මෙන්ම රටටත් වාසිදායකයි. එහෙත්, වඩා ඵලදායී දෙයක් කර මුදල් (විශේෂයෙන්ම විදේශ විණිමය) ඉපැයිය හැකි කෙනෙක් ගෙදර වවන්න කාලය නාස්ති කළ යුතු නැහැ. එවැනි අයෙක් මිල වැඩි වුවත් ආහාර වෙනත් අයෙකුගෙන් මිල දී ගැනීම ඔවුන්ට මෙන්ම වවන අයටත් වාසිදායකයි.
Delete'මේ වන විට ඇමරිකාවේද මහ බැංකුව අසමත්ව ඇති අතර එය දේශපාලන ප්‍රශ්නයක්ව තිබෙනවා. '
ReplyDeleteඇමරිකාවේ මහා බැංකුවක් නැහැ කියලා ඉකොනෝ කිව්වා නේද කලින් වතාවක? මුදල් ඇමති කෙනෙකුත් නැහැයි කිව්වේ.
ඇමරිකාවේ මහ බැංකුව සේ සැලකෙන්නේ ෆෙඩරල් සංචිත බැංකු පද්ධතියයි. මහ බැංකුවක් නැහැ කියා සඳහන් කර ඇතැයි මම හිතන්නේ නැහැ. කියන්න ඇත්තේ ආකෘතිය වෙනස් බවයි. (රජයෙන් ස්වාධීන වීම, බැංකු පද්ධතියක් වීම ආදිය). ඒ වගේම ලංකාවේ ආකෘතියේ මුදල් ඇමති කෙනෙක් නැහැ. ඇමරිකාවේ කැබිනට් මණ්ඩලය රාජ්‍ය නිලධාරීන් (ලේකම් වරු).
Deleteඩොලර් මුද්‍රනය හේතුවෙන් ඇති වූ මේ උද්ධමනය ලංකාවේ ඩොලර් මිල පාලනය වීමට උදව් වෙන්නෙ නැද්ද?
ReplyDeleteහොඳ ප්‍රශ්නයක්. හරිනම් එහෙම වෙන්න ඕනෑනේ. නමුත් ලංකාව හා අදාළ ප්‍රශ්නය ඇමරිකාවට සාපේක්ෂව ලංකාව වඩා නරක මට්ටමක සිටීමයි. ඇමරිකාව මේ වන විට සැලසුම් සහගත ලෙස මුදල් සැපයුම සංකෝචනය කරමින් සිටිනවා.
Deleteයෙන් එක ඩොලර් එකට සාපේක්ශව අවප්‍රමානය වෙද්දි ජපානයෙ උද්දමනය ඇමෙරිකාවට වඩා අඩු වෙන්නෙ කොහොමද?
ReplyDeleteවිශාල කාලයකට පසු ජපානයේ උද්ධමනයද ඉහළ යමින් තිබෙනවා.
Deletehttps://tradingeconomics.com/japan/inflation-cpi
ඔව් නමුත් 2%ක් වගෙ නේද ජපානෙ
Deleteදැන් 2.5%. වැඩි වෙන්න පටන් අරන් තියෙන්නේ. යෙන්/ඩොලර් අනුපාතය විචලනය වුනාට පහුගිය අවුරුදු 30ක කාලය තුළම එක මට්ටමේ තියෙන්නේ 80-130 අතර අඩු වැඩි වෙනවා. විණිමය අනුපාතය වෙනස් වන්නේ උද්ධමන වෙනස නිසා පමණක් නෙමෙයි.
Delete1) මේ වියදම් රටා දත්ත ලබාගත් link එක දමන්න පුළුවන්ද? 2) ඔබ හිතන විධියට ඇමෙරිකානුවන් ආහාර ද්‍රව්‍ය සඳහා අඩුවෙන් වියදම් කරන්නත් ලංකාවේ අපි වැඩියෙන් වියදම් කරන්නත් හේතුව මොකක්ද?
ReplyDelete