විගණනය නොකළ ගිණුම් වාර්තා අනුව, 2022 පළමු මාස 6 ඇතුළත ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 71,477ක අලාභයක් වාර්තා කර තිබෙනවා. ඩොලර් වලින් බැලුවත් මිලියන 200ක පමණ අලාභයක්. අදාළ කාලය තුළ ලංවිම විසින් උපයා ඇති ආදායම රුපියල් මිලියන 124,377ක් වුවත්, එම කාලය තුළ ඊට වඩා 57.5%ක වැය බරක් දරා තිබෙනවා.
මේ ආකාරයෙන් ගිණුම් වාර්තා වල දැකිය හැක්කේ ආයතනයක ගිණුම්කරණ අලාභයයි. ගිණුම්කරණ අලාභය ගණනය කිරීමේදී ගිණුම්කරණ සම්මත අනුගමනය කරනවා. එහෙත්, බොහෝ විට ගිණුම් වාර්තා වලින් ආර්ථික අලාභය හෙවත් සැබෑ අලාභය පිළිබිඹු වන්නේ නැහැ.
උදාහරණයක් ලෙස ලංවිම ගිණුම් සකස් කරද්දී ලංවිම විසින් මිල දී ගන්නා අලුත් වාහනයක වටිනාකම වසර හතක කාලයක් තුළ අනුක්‍රමික ලෙස ක්ෂය වී යන සේ උපකල්පනය කරනවා. මේ අනුව රුපියල් මිලියන 28කට මිල දී ගන්නා වාහනයක වටිනාකම වසරකට රුපියල් මිලියන 4 බැගින් අඩු වී ගොස් වසර හතකට පසු ශුන්‍ය වී යනවා. ඒ අනුව, දෙවසරකට පෙර රුපියල් මිලියන 28කට මිල දී ගත් ඩබල් කැබ් රථයක දැන් මිල රුපියල් මිලියන 20ක් පමණයි. එහෙත් අද එහි වටිනාකම ඊට වඩා වැඩි වී තිබිය හැකියි. ඒ අනුව, අද මෙම ඩබල් කැබ් රථය රුපියල් මිලියන 25කට විකිණුවොත්, එහි වෙළඳපොළ මිල රුපියල් මිලියන 30ක් වුවත්, එය සටහන් වන්නේ ලංවිම ලැබූ රුපියල් මිලියන 5ක ලාබයක් ලෙසයි.
ආර්ථික ලාබ ගණනය කිරීමේදී ගිණුම්කරණ සම්මත අත හැර ආවස්ථික පිරිවැය සංකල්පය යොදා ගන්නවා. ඇතැම් විට ආවස්ථික පිරිවැය පිළිබිඹු වන පරිදි ගිණුම්කරණ සම්මතද වෙනස් වුවත් එය සිදු වන්නේ කාලයක් ගියාට පසුවයි.
මේ වසරේ ජූනි 30 වන විට ලංවිම සතු වූ වත්කම් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 1040.4ක්. එයින් රුපියල් බිලියන 852.9ක්ම ලංවීමට අයිති ජනන යන්ත්‍ර, සම්ප්‍රේෂණ උපකරණ හා අනෙකුත් සිවිල් ඉදි කිරීම් ආදියයි. මේ ඇස්තමේන්තුව සකස් කර තිබෙන්නේ ක්ෂය වීමේ පදනම මතයි. වෙළඳපොළ වටිනාකම අනුව බැලුවොත් මෙම වත්කම් වල වටිනාකම මීටත් වඩා වැඩි විය හැකියි. මම එය කරන්න යන්නේ නැහැ.
ලංවිම අයිතිය තිබෙන්නේ රජයටයි. ඒ අනුව, මෙයින් අදහස් වන්නේ ක්ෂය වීමේ පදනම මත බැලුවත්, රුපියල් බිලියන 1040.4ක මහජන ධනය ලංවිම තුළ ආයෝජනය කර ඇති බවයි. මේ වන විට ශ්‍රී ලංකා රජය දේශීය වෙළඳපොළෙන් ණය ලබා ගන්නේ 30%ක පමණ පොලියකටයි. ඒ කියන්නේ මාස 6ක කාලයක් රුපියල් බිලියන 1040.4ක් හිර කර තැබීමේ ආවස්ථික පිරිවැය රුපියල් බිලියන 156ක් පමණ වන බවයි. නමුත්, ගිණුම් වාර්තා අනුව අදාළ කාලය තුළ ලංවිම මූල්‍ය පිරිවැය රුපියල් බිලියන 10.7ක් පමණයි. ඒ අනුව, ඉතිරි රුපියල් බිලියන 145ක මුදල එකතු කළ වහාම බිලියන 77ක පාඩුව බිලියන 222ක් වෙනවා.
යම් හෙයකින් ලංකාවේ විදුලි බලය සැපැයීමේ ව්‍යාපාරය පෞද්ගලික අංශය විසින් කළේනම්, ඔවුන් ලාබ නොලබා එය කරන්නේ නැහැ. එසේ වූවානම් රජයට සැලකිය යුතු බදු ආදායමක් හිමි වෙනවා. මේ ව්‍යාපාරය රජය විසින් කිරීම නිසා එම බදු ආදායම මුළුමනින්ම අහිමි වී ගොස් තිබෙනවා. එයද ආවස්ථික පිරිවැයක්. ඉහත රුපියල් බිලියන 156ට අමතරව ලංවිම පාඩුවට එකතු විය යුතු මුදලක්.
මීට අමතරව ලංකාවේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයක් තිබෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවක් තිබෙනවා. එවැනි ආයතන වල වියදම් වලින් සැලකිය යුතු කොටසක් යන්නේ විදුලිබල පාරිභෝගිකයින් වෙනුවෙන්. එම පිරිවැයද ආවරණය විය යුත්තේ විදුලිබලය විකුණා ලැබෙන මුදලිනුයි. එසේ නැත්නම් ඒ වෙනුවෙන් වෙනත් අයෙකුට ගෙවන්න වෙනවා.
කාලයක සිටම ලංවිම පාඩු ලබනවා. අවසන් වරට ලාබ ලබා තිබෙන්නේ 2015දී. එහෙත් එම ලාබ වුවද ගිණුම්කරණ ලාබ මිසක් සැබෑ ආර්ථික ලාබ නෙමෙයි.
වැඩියෙන් ජල විදුලිය නිපදවන වසර වලදී ලංවිම පාඩු අඩු වෙනවා. ඇතැම් විට ලාබ ලබනවා. එහෙත්, මෙය රැවටිල්ලක් පමණයි. විදුලිය නිපදවීම සඳහා ලංවිම විසින් භාවිතා කරන ජලය වෙනුවෙන් ලංවිම මුදල් ගෙවන්නේ නැහැ. එහෙත්, එම ජලය රඳවා තබා ගන්නා ජලාශ නඩත්තුව සඳහා සැලකිය යුතු මුදලක් වැය වෙනවා. එහි පිරිවැයෙන් සැලකිය යුතු කොටසක් ජල විදුලිය නිපදවීමේ වියදමේම කොටසක් වුවත් එම වියදම් වැටෙන්නේ වෙනත් වැය ශීර්ෂයකටයි.
ඒ වගේම, මෙම ජලාශ ඉදි කිරීම වෙනුවෙන් යට කළ ප්‍රාග්ධනයක් තිබෙනවා. ඒ වෙනුවෙන් ගත් ණය තවමත් ගෙවා නැහැ. ඒ ණයම බැලුවොත් ගෙවා ඇති. නමුත් ඒ විදිහට ණය ගෙවන්න ගත් ණය සහ පොලිය තවමත් එලෙසම තිබෙනවා. ජල විදුලිය නිපදවන එක ලංවිම විසින් ගණන් හදා පෙන්වන තරම් ලාබ නැහැ. පිරිවැය අඩුවෙන් පෙනෙන්නේ මුළු වියදමම ලංවිමට බැර වී නැති නිසයි.
ඔය සියල්ල එකතු කළොත් ලංවිම ඇත්ත අලාබය පෙනෙන අලාබයට වඩා ගොඩක් වැඩියි. මේ අලාබය "වින්දිතයින් නැති අපරාධයක්" නෙමෙයි. උද්ධමනය හරහා මේ බර රටේ සියල්ලන් වෙතම අසමානව බෙදී යනවා. මෙහිදී ශුද්ධ පිරිවැයක් දරන රටේ බොහෝ දෙනෙක් වින්දිතයින් වෙනවා. වෙනස ඔවුන් ඒ බව නොදන්නා එකයි. මෙහි වාසිය ලබන්නේ වැඩියෙන් විදුලිබලය පරිභෝජනය කරන අය ඇතුළු ටික දෙනෙක්.
කන්නෝ කති පොර කකා බදාගෙන
ReplyDeleteනැතුව කිසිම කිසි හිරිකිතයක්
අපි ගෙවනව ඒ පාහරකමටත්
හැම මාසෙම අග ලොකුම බිලක්!
ඇමරිකාවේ ලංවීම ලාබද මැට්ටා?
ReplyDeleteලංවිම, තෙල් සංස්ථාව,ගුවන් සේවය පුද්ගලිකකරණය කලයුතුයි.
ReplyDeleteRather than full privatization they should be like SLT. Owned by the government, but no tax money allocated. They should generate profit and be self-sustainable.
Delete@ Ano 8.48 AM,
ReplyDeleteI'd prefer issuing stocks to general public & allowed to be managed as PLC's under private sector management responsible for its stakeholders (primarily to the shareholders).
ඒ වගේම තමයි ලංකාවේ තියෙන ආර්ථික අර්බූදය හැමෝටම දැනෙන නිසා වෙනදාට වඩා ජනතාව රටේ ප්‍රශ්ණ ගැන දැනුවත්. මේ අර්බූධයෙන් ගොඩ එන්නට නම් රජය අදායම වැඩිකරගත යුතු බවත් වියදම අඩුකරගත යුතු බවත් හැමෝටම තේරෙනවා. ආදායම ගැන කතා කරනකොට අපි දන්නවා රාජ්‍ය ආදායමෙන් 88% ක්ම බදු ආදායම වන අතර රාජ්‍ය ආයතන 400 ගනනක් තිබිලත් විශාල සම්පත් ප්‍රමාණයක් තිබිලත් ඒ ආයතන වලින් එන සමස්ත ආදායම ඉතා සුළු ප්‍රමාණයක්.
එතනදි ඒකට හේතුව තමයි සමහර ආයතන ලාබ ලබද්දී බොහෝ ආයතන පාඩු ලැබීම. ඒ අතරින් ශ්‍රී ලංකන් ගුවන් සේවය, විදුලි බල මන්ඩලය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදක මන්ඩලය යන ආයතන කිහිපයේ පමනක් මේ වසරේ පාඩුව රාජ්‍ය ආදායමට වඩා වැඩි වෙනවා.
රජයේ තවත් පාඩු ලබන විශාල ආයතන ගනනාවක් තිබෙනවා. ඉතින් මේ පාඩු ලබන ආයතන කඩිනමින් ප්‍රතිව්‍යුහ ගත කල යුතු බවට අද රටේ බොහෝ දෙනෙක් එකඟ වෙනවා.
ගොඩාක් කට්ටිය හිතුවේ ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම ආන්ඩුව කඩිනමින් ආරම්භ කරාවී කීයලා. නමුත් ඒ වෙනුවට අපිට පේන්නේ ආන්ඩුව වෙනත් දෙයක් කරන්න සූදානම් වෙන බවයි. දැන් ආන්ඩුව කතාකරන්නේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම ගැන නෙමෙයි ලාබ ලබන ආයතන විකිනීම ගැනයි. ලාබ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීමයි පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමයි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් අරමුණු දෙකක්.
ජනාධිපති රනිල් විශේෂයෙන්ම සඳහන් කරලා තිබුනා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ගැන හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීම ගැන. අපි පුදුමයට පත් වුනා.මොකද මේ දෙකම හොඳින් ලාබ ලබන ආයතන.
මෙතනදී කිවයුතුයි SLT ටෙලිකොම් ආයතනය කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත ලාබ ලබන ආයතනයක්. එහි 49.5% කොටස් රජයට අයිතියි. සේවක අර්ථසාදක අරමුදල , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල වැනි රජයට අනුබද්ධ ආයතන හරහා 50 කට වැඩි කොටස් රජයට තියෙනවා.
ඒ වගේම තමයි ලංකාව මේ වන විට විදුලි සංදේශණ යටිතල පහසුකම් වලින් අපි දකුණු ආසියාවේ ඉදිරියෙන්ම ඉන්නා රටයි. රට පුරා ෆයිබර් නෙට්වර්ක් එලමින් තොරතුරු තාක්ෂණ පහසුකම් ඉහල තලයකට ගෙන එන්නට මේ ආයතනය විශාල සේවාවක් කොට තිබෙනවා. එය යටතේ තිබෙන මොබිටෙල් ආයතනයත් හොඳින් ලාබ ලබන ආයතනයක්. ඉතින් මොකටද මේ ආයතන විකුණන්නේ ?
ඊලඟට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කියන්නේ මහා භාණ්ඩාගාරයට 100% අයිති ලාබ ලබන රාජ්‍ය ආයතනයක්. මේ අයතනය මීට පෙර වතාවක් චන්ද්‍රිකා බන්ඩාරණායක චෞර රැජින ජනාධිපති කාලේ අතිශය දූෂිත ලෙස හැරී ජයවර්ධන සමග ඩීල් එකක් දාලා දූෂිත ලෙස පෞද්ගලීකරණය කරලා තිබිලා 2009 ශේෂ්ඨාධිකරණ තීන්දුවකින් යලි රජයට පවාරාගත්තේ. ඒ නඩුවේදී හෙලි වුනා ආයතන විකිණීමේදී විශාල අක්‍රමිකතා වෙලා තිබෙනවා කියලා. ඒ වෙලාවේ රුපියල් බිලියන 30 කට වඩා වත්කම් තිබුන ආයතනය විකුණලා තිබුනේ රුපියල් බිලියන 6 ක් වගේ සුළු මුදලකට. මේ දූෂිත ගනුදෙනුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ආපසු හැරවූවේ.
ඒ වසරේදීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් තවත් දූෂිත පුද්ගලීකරන ගනුදෙනු දෙකක් අවලංගු කලා. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක සනත් ගුණතිලක රොනී පීරිස් ඇතුළු දූෂිත දේශපාලකයන් පිරිසක් සිදුකල වෝටර්ස් එජ් පෞද්ගලීකරණය හා ලංකා මැරයින් සර්විසර්ස් පෞද්ගලීකරණ ගනුදෙනුව. මේ වගේ කුප්‍රකට ඉතිහාසයක් තමයි ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය සම්බන්ධයෙන් තියෙන්නෙ.
ඔය වගේ 1990 හා 2003 කාලයේ ප්‍රේමදාස හා චන්ද්‍රිකා ජනාධිපතිවරු යටතේ රාජය ආයතන 94 ක් පෞද්ගලික අංශයට විකුනනු ලැබුවා. මේ ගනුදෙනු හරහා බොහෝ විට සිද්ධ වුනේ ඥාති මිත්‍ර සංග්‍රහයයි. සමහර ගනුදෙනු අන්තිම දූෂිතයි. බොහෝ ආයතනවල තිබෙනා වටිනා සම්පත් ගැන නිසි තක්සේරුවකින් තොරව පොත්වල ලියල තිබුණ වැරදි තියෙන අගයකට විකුනපු නිසා ඒවා මිලදී ගත් අය අධික ලාබ ලැබුවා. එක් වතු සමාගමක් මිළදී ගත් ගැනුම් කරු පැය 24 ක් ඇතුලත ගත් මිල වගේ දෙගුනයකට ඒ සමාගම විකුනා 100% ක ලාබයක් ගත් බව මාධ්‍ය මගින් වාර්තාවුනා.
ඒ වගේම තවත් ආහාර වලට සම්බන්ධ රජයේ සමාගමක අළුත් අයිතිකරුවන් පැමිණි විට බැංකුවේ හා සේප්පු වල තිබුණ මුදල් ගෙවූ මුදල් වලට වඩා වැඩි බවකුත් වාර්තා වුනා මට මතකයි.
ප්‍රතිව්‍යුහගත කිරීම, පෞද්ගලීකරණය වගේ දේවල් ඉතාමත් හොඳ සංකල්ප වුණත් එය නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුයි නැතුව මේ වගේ විකාර කිරීම නිසා සමස්ත සමාජය තුළ පුරවැසියන් පුද්ගලීකරණය කියන සංකල්පය ගැන වැරදි වැටහීමක් ඇති කරගෙන තියෙන බව පේනවා විශේෂයෙන්ම 1990 ගණන් වල හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක යටතේ ලංකා ගෑස් සංස්ථාව ෂෙල් සමාගමට විකිණීම සමග ලංකාවේ ගෑස් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වූයේ ඔවුන් monopoly එකක් ක්‍රියාත්මක කරමින් පාරිභෝගිකයන්ගේ මුදල් සූරාකෑම කරන බවට චෝදනා එල්ල වී තිබූ අතර අධික ලෙස මිල ඉහළ ගියා මේ නිසා තරගකාරීත්වය ඇති කිරීමට ඊට පස්සෙ ආපු එජාපයේ සහ රාජපක්ෂ පවුල් පාලක රෙජීමය සමයේ වෙනත් ආයතන වලට ඉඩ ලබාදීමට කටයුතු කළ අතර ඊට පස්සෙ Laughfs ගෑස් ආයතනයේ ආරම්භය සමග යම්කිසි ආකාරයක සහනයක් පාලනයක් ඇති වුණා දැවැන්ත බහුජාතික සමාගම් ජාලයක් ඇති ධනවත් නවීන තාක්ෂණය භාවිතා කරපු ෂෙල් ගෑස් සමාගම ලංකාවේ ගෑස් කර්මාන්තය නවීකරණයට ආයෝජනය නොකළ තරම් ඒ වෙනුවට ලබා ගත් අධික ලාභ රටින් පිටකළා විතරයි නේද? ඊට පස්සෙ ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් ලංකාවේ ගෑස් කර්මාන්තය යම් තරමකින් හෝ දියුණු කරන්න කටයුතු කළා.
Deleteලංකාවේ පහුගිය අවුරුදු හතළිහක් පමණ දිගු කාලයක් තුළ අතීතාවර්ජනයක් කළෝතින් retrospectively ලංකාවේ පුද්ගලීකරණය වූ බොහෝ රජයේ ආයතන මිළදී ගත් අය කලේ ආයතනය දියුණු කරනවා වෙනුවට ඒවායේ තිබූ යන්ත්‍රෝපකරණ හා දේපල විකුණා කෙටි කලක් තුල අධික ලාබ ලැබීමයි.
ඉතින් ලංකාවෙ බොහෝ දෙනෙක් හිතන්නේ මේක තමයි වෙන්නෙ ලාබ ලබන ආයතන පෞද්ගලීකරණය මුවාවෙන් කියලා. ඒ නිසා ඇතැම් පොදුජන පෙරමුණේ ජාතිකවාදී කණ්ඩායම් මෙන්ම ජවිපෙ ජාතික ජන බලවේගයේ ඇතුළු විශාල පිරිසක් තදින්ම විරුද්ධයි ජනවරමක් නැති වත්මන් පාලනය මේ ආකාරයට ලාබ ලබන රාජ්‍ය ආයතන විකිණීමට සූදානම් වීම සම්බන්ධයෙන්. ගොඩක් කට්ටිය විශ්වාස කරනවා මේ සූදානම්වන්නේ විශාල මගඩියකට කියා.
ඒ වගේම රජයට අයිති ලාභ ලබන ආයතනයක් විකිණීම නිසා රජයට එකවර මුදලක් ලැබුනත් රටට එම ආයතනය හරහා දීර්ඝ කාලීන ලාබයක් ලබා ගැනීමට ඇති අවස්ථාව නැතිවෙනවා.
තව දෙයක් තමයි 2017 හම්බන්තොට වරාය බදු දී ලැබූ ඩොලර් බිලියන එකයි දශම දෙකට වුණා වගේ ඒ ලබා ගන්නා මුදල දීර්ඝ කාලීන ප්‍රතිලාභ ලබා ගත හැකි ආයෝජනයක නොයොදා පරිභෝජනයට ගත්තොත් එය අනාගත පරපුරට කරන විශාල වරදක්. මෙය ඕනෑ තරම් ලංකාවේ සිදු වී තිබෙනවා. උදාහරණයකට හම්බන්තොට වරාය චීනයට අවුරුදු 199 කට පවරා දීම ගන්න. මේ ගනුදෙනුවෙන් ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන් 1200 ක් ලැබුණා . මොනවාද ඒ මුදල් වලට උනේ. ඒ මුදල් රජයේ සංචිතවලට එකතු උනේත් නෑ. වෙනත් සංවර්ධන කටයුත්තක ආයෝජනය උනේත් නෑ. කිසිම තැනක වාර්තාවක් නෑ අදටත්.
ඒ නිසාම තමයි මෙවැනි ගනුදෙනු කල අයම තමයි දැන් මේ ආයෙත් ලාබ ලබන රාජ්‍ය ආයතන විකුණන්නට සුදානම් වන්නේ.
ඒත් සාමාන්‍යෙන් පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහ ගත කරනවා කියන්නෙ පෞද්ගලීකරණය කරනවා කීම නොවේ. එය කල හැකි ක්‍රම රාශියක් තිබෙනවා. සමහර විට ඒ ආයතනය කොටස් කිහිපයකට කඩා එක් එක් කොටසට වෙනත් ආකාරයේ විසඳුම් සොයන්නට පුලුවන්. සමහර කොටස් පෞද්ගලීකරණය කරන්න පුලුවන්, සමහර කොටස් රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර Public private partnership ලෙස ppp partnering බවට පත් වන්නට පුළුවන්. කල යුතු දේ ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ අවස්ථාවේ රජය අවධානය යොමු කල යුත්තේ පාඩු ලබන ආයතන වලට මිස ලාභ ලබන රාජ්‍ය ආයතන වලට නොවනා බව අපි යලි අවධාරණය කරන්න ඕන නේද?
Thanks for the article. යම් හෙයකින් ලංකාවේ විදුලි බලය සැපැයීමේ ව්‍යාපාරය පෞද්ගලික අංශය විසින් කළේනම්, ඔවුන් ලාබ නොලබා එය කරන්නේ නැහැ. එසේ වූවානම් රජයට සැලකිය යුතු බදු ආදායමක් හිමි වෙනවා. මේ ව්‍යාපාරය රජය විසින් කිරීම නිසා එම බදු ආදායම මුළුමනින්ම අහිමි වී ගොස් තිබෙනවා. එයද ආවස්ථික පිරිවැයක්. ඉහත රුපියල් බිලියන 156ට අමතරව ලංවිම පාඩුවට එකතු විය යුතු මුදලක්.
ReplyDeleteIs it possible to calculate the benefits of privatization of Ceylon distilleries? This was a profit making company and privatized sometime back and purchased by rival party member. what would be the gov income without privatization and actual tax collected after privatization?
Yes. It is possible. But the limitation I have is I doubt whether the financial statements before 1992 are publicly available. Anyway, a good suggestion!
Deleteයම් හෙයකින් ලංකාවේ විදුලි බලය සැපැයීමේ ව්‍යාපාරය පෞද්ගලික අංශය විසින් කළේනම්, එතකොටත් අර ජලාස වලට ගානක් අය කරගන්න ලැබේද..
ReplyDeleteලංවිම එක රැයකින් පෞද්ගලීකරණය කළ යුතුයි කියා මම හිතන්නේ නැහැ. එහි මධ්‍යගත ව්‍යුහය ටිකෙන් ටික දුර්වල කරන එකයි කළ යුත්තේ. මෙය කාලයක් තිස්සේ හෙමින් සිදු වෙමින් තියෙන දෙයක්. ටිකක් වේගවත් කරන එකයි කළ යුත්තේ. පළමු පියවර ලෙස එක් එක් ප්‍රදේශයේ විදුලිය බෙදා හැරීම සමාගම් ගණනාවකට ලබා දිය හැකියි. දැනටත් ලෙකෝ එක හරහා වෙන්නේ ඒ වැඩේ. එවිට ලංවිමට තිබෙන්නේ විදුලිය ජනනය කර තොග වශයෙන් විකුණන එකයි. රට පුරා විදුලිය බෙදා හරින සමාගම් හතරක් පහක් ඇති විට යම් ආකාරයක වෙළඳපොළ තරඟයක් ඇති වෙනවා. දෙවනුව, දැනට කරන පරිදි ලංවිම විසින් පෞද්ගලික නිෂ්පාදකයන්ගෙන් විදුලිය මිල දී නොගෙන අර සමාගම් වලට කෙළින්ම මිල දී ගන්න ඉඩ දිය යුතුයි. එවිට විදුලිය ජනනය කර විකිණීමේ තරඟයක් ඇති වෙනවා.
Deleteඔබේ ප්‍රශ්නයට පිළිතුර, ඔව්. ඇමරිකාවේ ජල විදුලිය නිපදවන සමාගම් වලින් ජලය වෙනුවෙන් මුදල් අය කරනවා. උදාහරණයක් ලෙස installed capacity එක මත පදනම්ව වාර්ෂිකව base charge එකකුත් (කිලෝවොට් එකකට ඩොලරයක් පමණ) සහ ජනනය කරන විදුලිය අනුව (kWh 1000කට ඩොලර් 1.5 පමණ) අය කරනවා. 2021 ලංවිම ජල භාවිතය අනුව බැලුවොත් ඩොලර් මිලියන 11.3 පමණ හෙවත් රුපියල් බිලියන 2ක් පමණ. සාපේක්ෂව පොඩි මුදලක්. kWh එකකට සත 40ක් පමණ. නමුත් ඔය රුපියල් බිලියන 2 වුවත් ලංවිම අලාබයට එකතු විය යුතු මුදලක්.
ලංවිම අලාබ ලැබීමට ප්‍රදාන හේතුව cost reflective tariff structure එකක් නැතිකම. ලංවිම නියාමනය කරන මහජන උපයෝගිතා කොමිසම, ලංවිම විදුලිය විකිනිය යුතු මිල තීරනය කරන්නෙ කිසිදු පදනමකින් තොරව. තවද, අඩූ ආදායම්ලාභී පවුල් වෙනුව්න් අඩු මිලට විදුලිය සැපයීම වෙනුවෙන් මහා භාන්ඩාගාරය විසින් ලංවිමට අදාල පිරිවැය ගෙවිය යුතු වුවත්, ඉතිහාසයේ කවදාවත් එම පිරිවැය ගෙවා නෑ.
Delete