වෙබ් ලිපිනය:

Thursday, November 2, 2023

බදු වැඩි කිරීම හා පඩි වැඩි කිරීම


මාධ්‍ය වාර්තා අනුව, වැට් බද්ද තවත් 3%කින් වැඩි කරන්න යන බවක් කියැවෙනවා. ඒ එක්කම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න යන බවකුත් කියැවෙනවා. මේවා මේ චිදිහට කෙරෙයිද කියලා මම හරියටම දන්නේ නැහැ. නමුත් වෙන්න ඉඩක් තියෙනවා. 

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සාධාරණීකරණය කළ හැකි යම් හේතු තියෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 0.8% දක්වා අඩු වෙලා තිබුණා. ඔක්තෝබර් මාසයේදී සුළු වැඩි වීමක් සිදු වීමෙන් පසුවද, කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 1.5%ක් පමණයි. හැබැයි උද්ධමනය අඩු වෙලා කියන්නේ බඩු මිල අඩු වෙලා කියන එක  නෙමෙයි. පසුගිය සැප්තැම්බර් දක්වා වසරක් තුළ 70%කින් පමණ ඉහළ ගිය බඩු මිල ඒ මට්ටමේම තිබෙනවා. 

බඩු මිල 70%ක් තරම් විශාල ලෙස ඉහළ ගියා කියන එකෙන් රටේ සියල්ලන්ගේම ජීවන තත්ත්වය අනුපාතිකව නරක අතට හැරුනා කියන එක අදහස් වෙන්නේ නැහැ. හාල්, එළවළු, මාළු මිල ඉහළ යනවා කියන්නේ ගොවීන්ගේ, ධීවරයන්ගේ ආදායමද අනුපාතිකව වැඩි වුනා කියන එක. සේවා සැපයුම් වල මිල ඉහළ යද්දී එම සේවා සපයන්නගේ ආදායම් ඉහළ යනවා. වැටුප් ලබන්නන්ගේ ආදායම් ඒ විදිහට සෘජුවම වැඩි වෙන්නේ නැතත්, අවිධිමත් රැකියා කරන්නන්ගේ වගේම පෞද්ගලික අංශයේ විධිමත් රැකියා කරන අයගේත් වැටුප් යම් තරමකින් හෝ වැඩි වී තිබෙනවා. ඒ අයගෙන් සමහර අයට විට බදු වැඩි වීමේ අවාසිය ඊට වඩා වැඩි ඇති. කොහොම වුනත් වියදම් ඉහළ යද්දී ආදායමේද කවර හෝ ගැලපීමක් වෙලා තියෙනවා.

රාජ්‍ය සේවකයින් හා අදාළව ඉහත කී ආදායම් ගැලපීම වුනේ නැහැ. මේ පදනම මත රාජ්‍ය සේවක වැටුප් වල යම් වැඩි කිරීමක් සාධාරණීකරණය කරන්න පුළුවන්. රාජ්‍ය සේවය විශාල කිරීම හා ඉන්න රාජ්‍ය සේවකයින්ගේ වැටුප් තරමක් වැඩි කිරීම කියන්නේ එකක්ම නෙමෙයි. අනෙක් පැත්තෙන් මේ යෝජනාව දේශපාලනික අරමුණක් ඇතුව ඉදිරිපත් කරන එකක් කියලා කෙනෙකුට කියන්නත් පුළුවන්. 

හේතුව කුමක් වුනත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්නනම් ඒ වියදම හොයා ගන්නත් වෙනවා. ප්‍රායෝගිකව මේක කරන්න වෙන්නේ බදු වැඩි කරලා. ඒ නිසා, මේ වෙන්න යන්නේ බදු තවත් වැඩි කරලා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් කියා විග්‍රහ කරන්නත් පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ වැඩ පිළිවෙළක් ඇතුළේ මේ දේවල් මේ විදිහට වෙන්නේ ඇයි?

රටක රජයක් කොයි තරම් විශාල මට්ටමක පවත්වා ගන්නවද කියන එක ආර්ථික විද්‍යාවෙන් එහාට ගිය දේශපාලනික කරුණක්. සමාජවාදී ආර්ථික ක්‍රමය පැත්තකින් තියලා, ධනවාදී ආකෘතිය ඇතුළෙන් පමණක් බැලුවත් රජය විශාල කිරීම හා කුඩා කිරීම අතර ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දේශපාලනික බෙදීමක්. රජයක් විශාල වෙද්දී නාස්ති, දූෂණ, අකාර්යක්ෂමතා වැඩි වීමේ විභවයද ඉහළ යනවා. තරඟකාරිත්වය කෙරෙහි වගේම ඒ හරහා දිගුකාලීන ආර්ථික වර්ධනය කෙරෙහිත් අහිතරකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. හැබැයි රජයක් විශාල වූ පමණින්ම රාජ්‍ය මූල්‍ය අස්ථාවරත්වයක් ඇති වෙලා ලංකාවේ ඇති වුනු ආකාරයේ අර්බුදයක් ඇති වෙන්නේ නැහැ.

සාමාන්‍ය මූලධර්මයක් විදිහට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විශාල රජයක් පවත්වා ගෙන යනවා. නමුත් ඒ විශාල රාජ්‍ය යාන්ත්‍රනය නඩත්තු කරන්න අවශ්‍ය බදු ආදායම හොයා ගන්නවානම් රජය හෝ රට අස්ථාවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ බදු ලෙස එකතු කර ගන්න කොටස වැඩියි. අනෙක් පැත්තෙන් නවලිබරල් ලෙස හඳුන්වන දේශපාලන ප්‍රතිපත්ති හරහා ඉලක්ක කරන්නේ අඩු බදු ප්‍රමාණයකින් නඩත්තු කළ හැකි කුඩා රජයක්. ඔය දෙපැත්තෙන් කොයි පැත්තට ගියත් බදු ආදායම් හා රාජ්‍ය වියදම් ගැලපෙනවානම් ලංකාවේ වුනා වගේ අවුලක් වෙන්නේ නැහැ.

රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය නැති වෙලා රටක ආර්ථිකය අවුලට යන්නේ රජයක් දිගින් දිගටම ආදායම් ඉක්මවා වියදම් කරද්දී. ලංකාවේ වුනේ ඒක. ඒ වගේ අර්බුදයකට ගියාට පස්සේ නැවත රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගන්නනම් එක්කෝ බදු ආදායම් වැඩි කරගන්න වෙනවා. නැත්නම් රාජ්‍ය වියදම් අඩු කරන්න වෙනවා. බොහෝ විට ඔය දෙකේ යම් මිශ්‍රණයක් තෝරා ගන්න වෙනවා. මිශ්‍රණය කුමක්ද කියන එක දේශපාලනික කරුණක්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වන වැඩ පිළිවෙළක ඉලක්කය රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම. එතැනදී වැදගත් වෙන්නේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය මිසක් කලින් කියපු මිශ්‍රණය කුමක්ද කියන එක නෙමෙයි. ආදායම් වැඩි කරගෙන වගේම වියදම් අඩු කරගෙනත් ඉලක්කයට යන්න පුළුවන්.

මේ වසරේ පළමු මාස හය සැලකුවොත් ශ්‍රී ලංකා රජය ඉලක්ක කළ බදු ආදායම් එකතු කරගෙන තිබුණේ නැහැ. නමුත්, වියදම් ප්‍රමාණය ඉලක්කයට වඩා සෑහෙන තරමකින් අඩු කර ගැනීම මගින් ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය අවශ්‍ය තරමටත් වඩා හොඳින් ළඟා කර ගත්තා. අරමුදල විසින් බදු ආදායම් ඉලක්කයක් දීලා තිබුනේ ඒ මගින් ප්‍රාථමික අයවැය හිඟය සීමා කරවන්න. බදු ආදායම ඉලක්කයට ගියේ නැතත්, අවසාන වශයෙන් රාජ්‍ය වියදම් සීමා කිරීම නිසා ප්‍රාථමික අයවැය හිඟය ප්‍රාථමික අයවැය අතිරික්තයක් වුනා. ඒ කියන්නේ අතරමැදි ඉලක්කය ලඟා කරගෙන නැතත් අවසාන ඉලක්කයට ගිහින්. 

ඉහත තත්ත්වය හමුවේ අරමුදලේ පළමු සමාලෝචනයේදී රජයේ බදු ආදායම් ඉලක්ක ලඟා කර නොගැනීම ලොකු ප්‍රශ්නයක් කරගන්න හේතුවක් තිබුණේ නැහැ. නමුත් මොන හේතුවක් නිසා හෝ අරමුදල මේ ඉලක්කය මග හැරීම ගැන අනවශ්‍ය බරක් තියා තිබෙනවා. ඒ නිසා, රජයට යම් බදු වැඩි කිරීමක් කර ඉලක්කයට යන්න වෙනවා. වැට් වැඩි කරන්න යනවා ඇත්තේ ඒ නිසා.

කොහොම වුනත් රජය ආදායම් හා වියදම් තුලනය කරගෙන තිබුණු නිසා බදු වැඩි කරගෙන ආදායම් වැඩි කර ගනිද්දී තරමක් වැඩියෙන් වියදම් කරන්න අවකාශයකුත් ඇති වෙනවා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනාව එනවා ඇත්තේ ඒ අවකාශය ඇතුළේ. 

යම් තරමකින් මෙහිදී වෙන්නේ ගිණුම් එහා මෙහා වීමක්. සරසවි ඇදුරන් වැනි සාපේක්ෂව ඉහළ වැටුප් ගන්න අයගේ වැටුප් ඉහළ ගියොත් එයින් කොටසක් ආදායම් බදු විදිහට නැවත රජයටම ලැබෙනවා. ආදායම් බදු නොගෙවන රාජ්‍ය සේවකයෝ සැලකුවත් වැට් වගේ බදු හරහා වැඩි කරන වැටුප් වලින් සැලකිය යුතු කොටසක් රජයට ආපහු එනවා. ඒ නිසා, මේ සැලසුම ඇතුළේ වියදම් වැඩි කර ආදායම් වැඩි කර ගැනීමකුත් තරමක් දුරට තියෙනවා. කොහොම වුනත් මුදල් සංසරණය වැඩි වීම නිසා ආර්ථික වර්ධනය කෙරෙහි සිදු විය හැකි යම් බලපෑමක් හැර මේ වැඩෙන් රාජ්‍ය මූල්‍යනයෙහි ශුද්ධ වශයෙන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. වැදගත් කරුණ රජය මේ වගේ තැනකට තල්ලු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එක.

සමහර අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධව කරන විවේචනයක් වන්නේ නව ලිබරල් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක. මේ වෙලාවේ අරමුදල කරලා තියෙන දේ දිහා බැලුවොත්නම් පැහැදිලිව දැකිය හැක්කේ හරියටම අනෙක් පැත්ත. අරමුදල විසින් බදු තවත් වැඩි කර වියදම් වැඩි කරන තැනකට රජය තල්ලු කරන්නේ රජයේ ආදායම් හා වියදම් කොහොම හරි ගලපාගෙන අවශ්‍ය අවසාන ඉලක්කයට ගියාටත් පස්සේ. 

6 comments:

  1. බඩු වැඩි කූරීම ගැන අප්ස්ග්ර් අමනාපඋඅ

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා,

    මේ වැට් බද්ද වැඩිකිරීමට එරෙහිව ජාතික ජන බලවේගය සහ පෙරටුගාමීන් මේවනවිටත් විරෝධය පළකර තිබෙන අතර වත්මන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ විසින් තවත් සීනි බදු වංචාවක් සිදුකර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හෙළිදරව් කිරීමක් පහත දැක්වෙනවා, මේක ගැන පෝස්ට් එකක් ලියලා පැහැදිලි කරන්න පුලුවන්ද ඔබට?

    // ශ්‍රී ලංකාවට ආනයනය කරන සීනි සඳහා ශත 25 ක තිබූ බදු මුදල රුපියල් 50ක් දක්වා ඉහළ දැමීම පසුපස රනිල් වික්‍රමසිංහ රජයෙන් දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද අනාවරණය කළේය.

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම හෙළිදරව්ව සිදුකළේ මේ බද්ද වැඩිකිරීමට මොහොතකට පෙර එක්තරා සමාගමක් පැරණි බදු මුදලට සීනි කිලෝග්‍රෑම් 520,000 ක ප්‍රමාණයක් රේගුවෙන් නිදහස් කරගෙන ඇති බවය.

    මෙලෙස නිදහස් කරගෙන ඇති සමස්ත සීනි ප්‍රමාණය ට රජයට ගෙවා ඇති බදු මුදල රුපියල් 130,000ක් පමණක් බවද පුබුදු ජාගොඩ සහෝදරයා අනාවරණය කළා.

    රුපියල් 50ක නව බදු මුදල අයකළේ නම් ඉන් රජයට රුපියල් 18,000,000ක මුදලක් ගෙවිය තිබූ බවද පුබුදු ජාගොඩ වැඩිදුරටත් සඳහන් කළේය.

    2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී සීනි බදු මුදල රුපියල් 50 සිට ශත 25 ක් දක්වා අඩුකරන මොහොතේද මෙම සමාගම විසින් රේගු ගුදම්වල රඳවාගෙන සිට මීට වඩා තරමක් අඩු ටොන් 150 ක පමණ ප්‍රමාණයක් නිදහස් කරගනිමින් රජයට ගෙවීමට නියමිතව තිබූ මෙබඳුම දැවැන්ත බදු මුදල් ප්‍රමාණයක් වංචා කළ බවද පුබුදු ජයගොඩ සහෝදරයා පැවසීය.//

    Another Ref:

    https://sinhala.adaderana.lk/news/189031

    මීට අමතරව ජවිපෙ ජාජබ නායක අනුර කුමාර දිසානායක ඇමරිකා සංචාරය අවසන් වී ලංකාවට පැමිණ සුනිල් හඳුන්නෙත්ති ඇතුලූ පිරිසක් සංවිධානය කරගෙන මීට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිත බවත් ඒ හරහා වර්තමාන දූෂිත වික්‍රමසිංහ රෙජීමය පලවාහැරීමට මුලික පියවර තබන අතර මාලිමාවට බලය හිමිවනතෙක් නොනැවතී දැවැන්ත සටනක් බවට එය පත්වන බවත් එක්සත් ජනපදයේ පූර්ණ අනුග්‍රහය ඇතිව එය සිදුවන බවත් ආරංචි වී ඇත. මේ ගැන ඔබ මොකද හිතන්නේ?

    ReplyDelete
  3. බද්ද වැඩි වෙයි - හොරුත් වැඩි වෙයි බද්ද නොගෙවා වංගු ගහනා
    පුංචි සිඤ්ඤොල - කබලෙ බැදෙනා ළිපට වැටිලත් නතර නොවෙනා
    කතන්දර විතරමයි දිගටම - යහපතක් නං සිද්ද නොවෙනා
    උන්ට මුන් වගෙ මුන්ට උන් -දිගටෝම සුපුරුදු උදව් කෙරෙනා

    ReplyDelete
    Replies
    1. https://www.gossiplankanews.com/2023/11/tax-issues-liquer-company.html

      Delete
    2. @ නිදී

      මේ ඔන්මැක්ස් ඩීටී කේස් එකට ඔබත් හසුවුණාද?

      https://www.gossiplankanews.com/2023/11/onmax-dt-court.html?m=1

      මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ඔබට?

      Delete
  4. ඔයගොල්ලෝ ඊයේ (03) නිවුස් වල දැක්කනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කොළඹ ඉදං වැලිමඩ බලා ගිය හෙළිකොප්ටර් යානය සහ පරිවාර හෙළිකොප්ටර් යානය හදිසියේ වැල්ලවාය බුදුරුවගල ඉස්කෝලෙට ගොඩබාපු එක. අයහපත් කාලගුණය නිසා තමයි එතනට යානා ගොඩබෑවේ.

    ඔකේ ජනාධිපතිතුමා ගිය අති විශේෂ ට්වින් ටර්බෝ ප්‍රභූ ආරක්ෂක මිසයිල සහිත බේල් 212 හෙළිකොප්ටර් යානය පදවාගෙන ගියේ අජිත් ධර්මකීර්ති මහත්තයා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යන ඕනෑම ගුවන් ගමනක යානාව රැගෙන යන්න දෙන්නේ අජිත් ධර්ම මහත්තයට විතරයි.

    මොකද ජනාධිපති රනිල් මහත්තයාගේ අතිශය විශ්වාශසහගත නිලධාරීයෙක් තමයි අජිත් කියන්නේ. ජානාධිපතිතුමා වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න ලැස්ති.

    ඉතින් ඊයෙත් ඔය ගමන යද්දී අජිත්ට තේරුනා තව දුරටත් කඳුකරය දෙසට යානා රැගෙන යන්න බැහැ කියලා. අජිත් විතරක් ආවා නං අජිත් වැලිමඩ යනවා හෙළිකොප්ටර් එකේම.

    මතකනේ අජිත් එක පාරක් රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවක් අරගෙන ඇවිත් කොග්ගල එයාර්පෝර්ට් එකේ ගොඩපාපු හැටි.

    ඕනිම කාලගුණයක ඕනිම ගුවන්යානයක් රැගෙන යන එක ගොඩබාන එක අජිත් ධර්මා මහතාට කජු කනවා වගේ. ඒ උනාට මෙතන එහෙම බැහැනේ. සේනාධිනායක, විධායක ජනාධිපති. ඒ නිසා අජිත් යානාව බැස්සුවා ඉස්කෝලේ පිට්ටනියට.

    ඒ වෙලාවේ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවලුන් සීමිත ප්‍රමාණයක් සිටියේ යානා වල. හැබැයි අජිත් ධර්ම මහත්තයාත් හිටිය නිසා ජානාධිපතිතුමාට ආරක්ෂාව ගැන කිසිම බයක් සැකක් තිබ්බේ නැහැ. අජිත් ධර්ම මහත්තයත් යානාව ගොඩ බස්සපු ගමන් තටු නතර වෙන්නත් කලින් එලියට පැන්නා විශේෂ ප්‍රභූ ආරක්ෂක ගිනි අවිය අමෝරාගෙන.

    මොකද කලින් දවසක ක්‍රීඩා ඇමති ඉස්කෝලෙකට ගිහින් ජේවීපී ත්‍රස්‌තවාදීන්ගේ විරෝධයට ලක් උන එකත් අජිත් මහත්තයාගේ ඔලුවට ආව. ඔය ක්‍රීඩා ඇමතිගේ සිද්දිය වෙලේ ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරයෙක් කිව්වා මහක ඇති ජනාධිපති රනිල්ට පුළුවන් නං ඉස්කෝලෙකට එන්න, ගහලා එලවනවා කියලා. අජිත්ට ඕක සිහියට ආව.

    අජිත් ධර්ම මහත්තයාගේ හිතේ ගතේ හයිය තියෙනව ජේවීපී ටෙරාලා සීයක් ආවත් බාවන්න. මීට කලිනුත් එහෙම කරලා තියෙනවනේ.

    ඊට පස්සේ අනික් ජනාධිපති ආරක්ෂකයන් එක්ක අවට ආරක්ෂාව තහවුරු කරලා ජනාධිපතිතුමාව විදුහල්පතිතුමාගේ කාමරයට එක්කන් ගිහින් ස්ථාවර කරා.

    ඒ අතර තුරේ ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කොට ආරක්ෂක අංශ ගෙන්වා ගෙන පිටත ආරක්ෂක වළලු තර කරා. ඊළගට මයිත්‍රී මැඩම්ටත් කතා කරලා දැනුම් දුන්නා සිදුවූ දෙය සහ මැතිතුමා ආරක්ෂිතව ඉන්නා බව.

    දැන් ඊලග වැඩේ ජනාධිපතිතුමාව වහාම මෙම ස්ථානයෙන් ඉවත් කරගෙන යන එක. එත් එකට අවශ්‍ය විශේෂ වෙඩි නොවදින ප්‍රභූ ආරක්ෂක විශේෂ අවි සහිත වාහන එතන නැහැ. හදිසි ගොඩබෑමක් නිසා වාහන මෙතන නැහැ. ඒවා ඒ වෙනකොට ගුවන් මගින් වැලිමඩට යවල තිබ්බේ. ආයේ ඒවා ගෙන්න ගන්න වෙලා යනවා. අනික ගුවන් මගින් ගෙන්න ගන්න විදියක් නැහැ, මොකද වැලිමඩ හරියේ හිටපු ගුවන් නියමුවන්ට ඒ කාලගුණයේ යානා පදවන්න හැකියාවක් නැහැ. එක්කෝ අජිත් එහෙනං ආයේ හෙලිකොප්ටර් යානය අරගෙන වැලිමඩ ගිහින්. මේ යානාව එහෙ දාලා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවට ප්‍රභූ වාහනය දාගෙන රැගෙන එන්න ඕනි. ඒත් එකට වෙලා යනවා. අනික ජනාධිපතිතුමාව දාලා වැලිමඩ යන්න අජිත් කැමති උනෙත් නැහැ.

    ඒ පාර අජිත් වහාම ඔහුගේ අති ප්‍රභල චන්ද්‍රිකා දුරකථනයෙන් හොයලා බැලුව ඒ අවට තිබෙන රජයේ ප්‍රභූ වාහන මොනවද කියලා. එතකොට ටොයෝටා ලෑන්ඩ්කෘෂර් V8 එකක් තිබ්බා අමාත්‍යංශ වාහනයක්. ඒක ඒ පාර අජිත් වාහම ජනාධිපති ආරක්ෂක අංශය යවලා ගෙන්න ගත්තා. ස්කොඩ් එකට යන්න ඩබල් කැබ් 4 යි, තව පැජරෝ එකකුයි ගෙන්න ගත්තා.

    ඔය ටිකට විනාඩි 30 ක් වගේ ගියා. ඒ අතර තුරේ අජිත් ධර්ම මහතා බොහොම හෙවිල්ලෙන් හිටියා ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරු ජනාධිපතිතුමාට හානියක් කරන්න එයිද කියලා. ජනාධිපතිතුමාට කළු කෝපි එහෙමත් ලෑස්ති කරලා දුන්නා. පාසලේ ළමයි, ගුරුවරු, විදුහල්පතිතුමා ඇවිත් ජනාධිපතිතුමාව බලලා කතාබහ කරලා සතුටු උනා.

    වාහන ආපු ගමන් අධි බලැති ස්කෑනර් මගින් අජිත් ධර්ම මහත්තයා වාහන ස්කෑන් කරා. ගැටළුවක් නැහැ. ඒ පාර හෙළිකොප්ටර් යානා වල තිබුන භාණ්ඩ වාහන වලට දාගෙන ජනාධිපතිතුමාවත් V8 එකේ ඉදිරිපස අසුනට නංගා ගෙන අජිත් ධර්ම මහත්තයම වාහනයේ සුක්කානම අතට ගත්තා. ස්කොඩ් එකත් අනෙක් වාහන වලට නැංගා. ඊළගට ජනාධිපතිතුමාව රැගෙන යන මාර්ගයේ දෙපස ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක අංශ වෙත දැනුම් දී මොනිටර් කරා.

    ඊට පස්සේ අජිත් ධර්ම මහත්තයාම ජනාධිපතිතුමා ඉන්න වාහනය අරගෙන ඇල්ල-වැල්ලවාය අති දුෂ්කර කඳුකර මාර්ගයේ ජීවිතය පරදුවට තබා ගොඩබිම් මාර්ග හරහා වැලිමඩ බලා අධි වේගයෙන් ජනාධිපතිතුමාව රැගෙන ගියා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: