ශ්‍රී ලංකා රජය විසින් ස්වෛරිත්ව බැඳුම්කර ප්රතිව්යුහකරණය කිරීමේ පළමු පියවර ලෙස එම බැඳුම්කර ස්වේච්ඡාවෙන් හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. බැඳුම්කර හුවමාරුව සිදු වනු ඇත්තේ ජනාධිපතිවරණයට පෙර ඇති කර ගනු ලැබූ එකඟතා මත පදනම්වයි.
ස්වේච්ඡාවෙන් බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කිරීමට සති තුනක පමණ කාලයක් ලබා දී ඇති අතර එම කාලය දෙසැම්බර් 12 දිනෙන් අවසන් වෙනවා. මේ අනුව පෙනී යන්නේ වසර අවසන් වීමට පෙර ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීම රජයේ ඉලක්කය බවයි.
ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් ඇති කරගෙන තිබෙන එකඟතා අනුව මෙම බැඳුම්කර වලින් 50% ඉක්මවන ප්‍රමාණයක් හුවමාරු වන බව පැහැදිලි නමුත් අවම වශයෙන් බැඳුම්කර වලින් 40%ක් පමණ අයිති අනෙකුත් ණයහිමියන් එවැනි එකඟතාවයකට පැමිණ නැහැ. ඔවුන්ගේ තීරණය දැනගන්නට දෙසැම්බර් 12 දින දක්වා බලා සිටින්නට සිදු වෙනවා.
දැනටමත් නඩු මගට ගොස් සිටින හැමිල්ටන් රිසර්ව් බැංකුව වැනි පාර්ශ්ව ණය හුවමාරුව සඳහා අයදුම් නොකර මුළු මුදලම පොරොන්දු පරිදි ලබා ගැනීමට උත්සාහ කරන්නට ඉඩ තිබෙනවා. එමෙන්ම තවත් යම් පිරිසක් ඒ මගම යාමට ඉඩ තිබෙනවා.
සැලකිය යුතු පිරිසක් දෙසැම්බර් 12 දිනට පෙර ස්වේච්ඡා ණය හුවමාරුව සඳහා අයදුම් නොකළහොත් ඒ සඳහා ලබා දී තිබෙන කාලය දීර්ඝ කිරීමට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, ශ්‍රී ලංකා රජය විසින් උත්සාහ කරන්නේ ණයහිමියන් හැකි තරම් පිරිසක් ඉතා ඉක්මණින් මේ හුවමාරුවට කැමති කර ගැනීමටයි.
මේ අනුව පෙනී යන්නේ "වෙනත් ණය ප්‍රතිව්‍යුගත කිරීම් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව අවාසිදායක ගනුදෙනුවකට යාම" "පිළිකුල් සහගත (odious) ණය නොගෙවා සිටීම" වැනි පූර්ව-මැතිවරණ ජනප්‍රිය තර්ක වත්මන් පරිපාලනය විසින් බැහැර කර ඇති බවයි. මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන ඇමතිද වන ජනාධිපති අනුර දිසානායක මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ සඳහන් කර තිබෙනවා.
"අද දින නිල වශයෙන්නි නිවේදනය කෙරෙන පෞද්ගලික ණයහිමියන් සමඟ වූ මෙම ණය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ශ්‍රී ලංකාවට ඉතා වැදගත් සන්ධිස්ථානයක්. මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ විදේශ ණයහිමියන්ට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ යහපත් චේතනාවෙන් මේ සම්බන්ධව අප සමඟ හෙට්ටු කළ ණයහිමියන්ගේ නිල කමිටුවට අපට මේ සන්ධිස්ථානයට පැමිණීමට උදවු කිරීම පිළිබඳව අප ස්තුතිවන්ත වෙනවා. ...මෙය ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට දීප්තිමත් අනාගතයක් කරා යාමට මංපෙත් විවර කිරීමට නියමිතයි."
මේවා වර්තමාන රජයට පාලනය කරගන්න බැරි තරමට පසුගිය අන්ත දූෂිත රනිල් වික්‍රමසිංහ කියන මහබැංකුව කඩපු හොරාගේ ආණ්ඩුව මේ ණය අනිවාර්යයෙන්ම ගෙවන්නට සිදුවන ආකාරයේ උගුලකට හසු කරලා තියෙන්නේ, ඒ බව අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුලු නව රජය දන්නේ බලයට පත්වෙලා මේ ගැන හොයලා බලන විට, ඒ නිසා දැන් මේක කලින් සැලසුම් කරපු විදියට සම්පූර්ණයෙන්ම නොගෙවා සිටීමට නොහැකි තත්ත්වයක පවතින බව පැවසිය යුතුයි.
ReplyDeleteඒ නිසා මේක රටේ ජනතාවට බරක් නොවන ආකාරයට ගෙවා දැමීමට අවශ්‍ය සියලු පියවර වර්තමාන ජාතික ජන බලවේගයේ රජය ගනිමින් සිටින බව ප්‍රකාශ කරන්න ඕන.
ඒ වගේම ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීමට කෘෂිකර්මාන්තය ප්රමුඛ කර්මාන්ත සංවර්ධනය කිරීමට මූලික අඩිතාලම දැමීමට වර්තමාන ජාජබ රජය අඩු ජල සැපයුමකින්, කුඹුරු අක්කරයකින් ගත හැකි උපරිම ඵළදාව සහ ආදායම ලැබිය හැකි කාරණා පිළිබඳව රජයේ අදාල ආයතනවල අවධානය යොමු කිර AI සහ නවීන කෘෂිදැනුම සහිත ඒ පිළිබඳව නිපුණයන්, කෘෂිකාර්මික ආයතන, වාරිමාර්ග සහ ජල ප්‍රවාහන මණ්ඩලය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, උද්භිදවිද්‍යා විශේෂඥයන් සහ අදාළ අමාත්‍යංශ ඇතුළත් රජයේ විශේෂ කාර්ය සාධක බළකායක් මගින් රටේ වී වගාවේ හැඩතල හැසිරවිය යුතු බවත් වී වගාවට අදාළ පොහොර, පලිබෝධ නාශක සහ වෙනත් කෘෂි රසායන සම්බන්ධයෙන් ඇති මාෆියාව බිඳ දමා එම අංශ රජයේ දැඩි නියාමනය යටතේ රාජ්‍ය ආයතන ශක්තිමත්ව ඉදිරියට යා යුතු බවත් අවම කෘෂි රසායන ප්‍රමාණයකින් වැඩිම අස්වැන්නක් ගත හැකි ආකාරයට තම වගාව මෙහෙයවීමට ගොවියා දිරිමත් කල යුතු බවත් ඊළඟ වැදගත්ම කාරණය වන වී මිලට ගැනීම, වී මෝල් හිමියන්ගේ ක්‍රියාකාරිත්වය, වී ගබඩා කිරීම සහ බෙදා හරිම, සහල් ගබඩා කිරීම සහ බෙදා හැරීම රජයේ දැඩි නියාමනය සහිත මැදිහත්වීමක් මත ක්‍රමවත් කිරීමට තීරණය කර තිබේ.
මේවාට අමතරව රජය සහ වෙනත් ස්වෙච්චා ආයතන විසින් ආනයනිත ආහාර (තිරිඟු පිටි ආශ්රිත නිෂ්පාදන) වලින් ඈත්වී සහල් ආශ්රිත ආහාර වලට මුල් තැන දීමට ජනතාව දිරිමත් කල යුතු බවත් ඒ යටතේ මේ ක්‍රියාවලියට අවතීර්ණ නොවුනහොත් හෝ එය අසාර්ථක වුවහොත් වී වගාවෙන් සිදුවන හානි බොහෝ බවත් ඉතා විශාල ජල ප්‍රමාණයක් වී වගාවට ලබා දීම නිසා ඇතිවිය හැකි ජල හිඟය, අධික ලෙස කෘෂි රසායන මතුපිට ජලයට, පසට සහ පරිසරයට එකතු වීම නිසා දැනටත් සිදුව ඇති මහා පරිසර විනාශය තව තවත් වැඩිවී ලංකාව ජීවත්වීමට නුසුදුසු රටක් බවට පත්වීම, වී ගොවියා මී උණ, වකුගඩු ආබාධ (CKD), පිළිකාව ආදී ලෙඩරෝග රාශියකට ගොදුරුවීම සහ ගොවි සමාජය අතර සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය ඉහළයාම, ගොවියා දුප්පත් පුරවැසියෙකු වීම, තරුණ පෙළ ගොවිතැනින් ඈත්වීම ආදී ඍණාත්මක වර්ධකයන් බොහොමයක් මේ අතර ඇත.
මේනිසා නව ජාතික ජන බලවේගයේ නව රජය සහ අදාළ පාර්ශව වී වගාවේ උන්නතියට අවශ්‍ය පියවර ගතහොත් ඉහත සඳහන් ඍණාත්මක කරුණු ඉවත්වන අතර රට ආර්ථික, සමාජීය සහ ආහාර සුරක්ෂිතතාව තින් ලෝකයේ ඉදිරිපෙළ මායිම්ව ඇති රටක් ලෙස ශක්තිමත්වේ. මේ සඳහා අපි හැමෝම ජාතික ජන බලවේගයට උපරිම ලෙස ඉහල මට්ටමකින් උපරිම සහාය දක්වන්න ඕනේ.
කියවමි නිතින නව අදහස් දැනගන්න
ReplyDeleteස්තුතියි සැමට කියවන හා ලියන