ශ්‍රී ලංකාවට එරෙහිව හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් නිවුයෝර්ක්හි අධිකරණයක ගොනු කොට ඇති නඩුව විභාගයට ගැනීම තෙවන වරටද තාවකලිකව අත් හිටවා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රජය විසින් එම අධිකරණයෙන් කර ඇති ඉල්ලීමකට අනුවයි. කෙසේ වුවද, මෙවර අදාළ නඩුව විභාගයට ගැනීම අත් හිටුවා තිබෙන්නේ ඉතා කෙටි කාලයකටයි. එනම්, මෙම නොවැම්බර් මාසය අවසන් වන තුරු පමණයි.
හැමිල්ටන් රිසර්ව් බැංකුව සහ එම බැංකුව වෙත බලය පවරා ඇති අනෙකුත් පාර්ශ්ව වෙත ශ්‍රී ලංකා රජය විසින් ස්වෛරිත්ව බැඳුම්කර වල මුහුණත අගය ලෙස ඩොලර් 242,990,000ක් සහ කූපන් පොලිය ලෙස ඩොලර් 7,137,831.25ක් වශයෙන් ඩොලර් මිලියන 250ක් පමණ මුදලක් ආපසු ගෙවිය යුතුයි. එම බැංකුව විසින් අදාළ මුදල ලබා ගැනීම සඳහා අධිකරණ සහාය අපේක්ෂා කරනවා.
මෙම නඩුව විභාගයට ගැනීමට පෙර ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා අදාළ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. එහෙත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා බාධාවක් වන බැවින් නඩුවේ තීන්දුව ලබා දීම ප්‍රමාද කරන මෙන් 2023 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව විසින් කළ ඉල්ලීම එම අධිකරණය විසින් පිළිගත්තා. මෙම තීන්දුව ශ්‍රී ලංකාවේ වාසියට ලැබුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාවේ රජය විසින් (නීතිපති) මෙන්ම එක්සත් රාජධානිය හා ප්රංශයද අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නිසයි. මේ අනුව 2024 පෙබරවාරි මාසය තෙක් මාස හතරක පමණ කාලයකට නඩු තීන්දුවක් ලබා දීම ප්‍රමාද කළ නමුත් ඒ වන තුරුද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වුනේ නැහැ.
පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව විසින් මෙම වාරණ නියෝගයේ කාලය තවත් මාස පහකින් දීර්ඝ කරන මෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව දෙවන වරටද නඩුව විභාගයට ගැනීම කල් තබනු ලැබුවා. දැන් නැවත වරක් නඩුව විභාගයට ගැනීම කල් දමා තිබෙනවා. එහෙත්, එසේ කල් දී තිබෙන්නේ මෙම නොවැම්බර් මාසය අවසන් වන තුරු පමණයි.
හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් පසුගිය ඔක්තෝබර් 1 දින අධිකරණයට ලිපියක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබුනේ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපති සේ තේරී පත්වීම හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය ප්‍රමාද වනු ඇති බවයි. එහෙත්, මෙයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය විසින් ඔක්තෝබර් 4 වන දින එම අධිකරණයට දැනුම් දුන්නේ නව රජය විසින්ද හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය අවසන් කිරීමට කටයුතු කරනු ඇති බවයි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතා අනුව දිගටම කටයුතු කෙරෙනු ඇති බවයි. නිවුයෝර්ක් අධිකරණය විසින් මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන තිබෙනවා. එමෙන්ම මෙතෙක් නඩුව විභාගයට ගැනීම කල් දැමීම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සාර්ථක ලෙස ඉදිරියට යාමට උදවු වී ඇති බවද එම අධිකරණය විසින් නිගමනය කර තිබෙනවා.
හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් කර ඇති එක් ඉල්ලීමක් වන්නේ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය අවසන් කළද ඔවුන්ට ලැබිය යුතු මුදල් කිසිදු අඩුවක් නොමැතිව ආපසු ගෙවන බවට ශ්‍රී ලංකා රජය විසින් සහතිකයක් ලබා දිය යුතු බවයි. එහෙත්, අධිකරණය විසින් ශ්‍රී ලංකාවට එවැනි කොන්දේසියක් පනවා නැහැ.
ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය හා අදාළ එකඟතා සියල්ල මේ වන විට අවසන්ව ඇති අතර දැන් ශ්‍රී ලංකා පාර්ශ්වයට අවශ්‍යව තිබෙන්නේද මේ කටයුත්ත ඉක්මණින් අවසන් කර ගැනීමටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විමර්ශනය අවසන් වූ පසුව මෙම කටයුත්ත මීළඟ අදියරට යනු ඇතැයි සිතිය හැකියි. කෙසේ වුවත්, හැමිල්ටන් රිසර්ව් බැංකුවේ නඩුව විභාගයට නොගැනීම සඳහා දැනට ඉතිරිව තිබෙන්නේ දින දහයක කාලයක් පමණක් බැවින්, ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියේ ඊළඟ අදියර ඉතා ඉක්මණින් ආරම්භ නොවුවහොත් ශ්‍රී ලංකාවට තවත් වරක් ප්රස්තුත අධිකරණය වෙත යන්නට සිදු විය හැකියි.
අනුර කුමාර හිරේ දායිද ඉකොනෝ එහෙම උනොත්.
ReplyDeleteඅනුරව නෙමෙයි නාකි සොම්බියාව තමයි හිරේ දාන්න ඕනැ.
Deleteදුරලා වංචනික අදහස් පැත්තකට
ReplyDeleteපෙරට අරං - හොඳ අරමුණු හොඳ අතට
කරතොත් යහපත්ව සේවය සිරිලකට
හොඳම වේවි; වේවා ජය ජාජබෙට
දේශද්‍රෝහී නාකි සොම්බියා ඇඟිලි ගැන ගැන ඇති රටට කෙලවෙනකං.
ReplyDeleteලපකොටාට රෙවිලා ඇති දැන්. නුගත් ගොඩේ පල් ගොබ්බයට
ReplyDeleteඉකොනෝ මහත්තයා ඇමරිකාවේ ආණ්ඩුවේ ගජ මිතුරෙක් නේද.
ReplyDeleteකාටහරි ඇමරිකන් ලොක්කෙක්ට කියලා බැංකුවට කෝල්ලෙකක් දීලා ඔන්න ඔය ණය කපලා දාන්න කියන්න බැරිද
එච්චරම දඟලන්න ඕන නෑ, අපි ගෙවන්න බෑ කියලා කියන්න ඕන කොන්ද පණ ඇතුව, ආයේ ඔය ආයතන අපට මොනවා කරන්නද? ඒක තමයි හඳුන්නෙත්ති සහෝදරයා ඉතාම නිවැරදිව පැහැදිලිව කිව්වේ.
Deleteඔය ISB ණය උගුලට රනිල් වික්‍රමසිංහ 209 මැතිවරණ පරාජය දැනගෙන ඊළඟට පත්වන්නට නියමිත ආණ්ඩු අමාරුවේ දාන්න ගහපු උගුලක් පමණයි. වර්තමාන ආණ්ඩුව ඍජුව ඔය ණය ගෙවීම ප්‍රතික්ෂේප කරන්න ඕන, ඕන නම් ඒක රනිල් වික්‍රමසිංහට ඉන්ද්‍රජිත් කුමාරස්වාමිලාට පෞද්ගලික මුදලින් ගෙවන්න කියන්න පුළුවන් මහ බැංකුව හොරාකාලා ගෝඩගහපු සල්ලි පොලියට දීලා දැන් බිලියන ගානක් ඇතිනේ.
ඉකොනෝමැට්ටා සෝෂල් මීඩියා වල ලංකාවේ දේශපාලනය ගැන කරුණු බලනවා නම් දකින්නට ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් ජ'පුරෙන් පාර්ලිමේන්තුවට මෙච්චරයි, කැළණියෙන් මෙච්චරයි වගේ මාලිමා පාක්ෂිකයෝ පහුගිය කාලේ දාපු පෝස්ට් වලට අපහාස කරලා රනිල්ගේ ගෑස් බයියෝ එක එක බහුබූත පෝස්ට් දානවා.
ReplyDeleteමාලිමාවේ අපි මේ සැරේ මාකට් කරපු "පාර්ලිමේන්තුව උගතුන්ගෙන් පුරවමු" කියන සටන් පාඨයට සමගාමීවයි ඒක ප්‍රචාරය වෙන්නෙ.
එතනදී ඊට ප්රතිවිරුද්ධව "උගතුන් වැඩන් නැතිය" යන අදහස මාලිමාවට විරුද්ධව එම පිරිස ප්‍රචාරය කරනවා.
ගෑස් සිලින්ඩර බයියන්ගේ ඔය "උගතුන් වැඩන් නැත" කියන අදහස මතුවන්නේ තමන්ට නිල අධ්‍යාපනයෙන් සමත් වීමට නොහැකිවීම නැතිනම් උපාධියක් ලබා ගැනීමට නොහැකිවීම නිසා බැවින් ඒක වැඩක් නැති කතාවක්. ඔය අදහස හැම තැනම ප්‍රවර්ධනය කරන පිරිසගෙ තියෙන්නේ ඒ සම්බන්ධ හීනමානයක්.
හැබැයි දාර්ශනික පදනම මත අපි දේශපාලනයට සම්බන්ධ සන්දර්භය හරහා මේ දෙස බලමු, අපේ ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයා සහ අගමැතිනිය හරිනි අමරසූරිය කියන දෙන්නා ඔස්සේ.
ඇත්තටම ජාතික ජන බලවේගයේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් මහඟු සේවාවක් සිදුකළ ටිල්වින් සිල්වා සහෝදරයා ඉගෙන ගෙන තියෙන්නෙ පිරිවෙනක සහ පසුව අලුත්ගම මහා විද්‍යාලයේ. ඔහු ඉන්පසු බේරුවල සංචාරක හෝටලයක කාර්මිකයකු ලෙස සේවය කරලා තියෙනවා. ඔහුට විශ්ව විද්‍යාල උපාධි නැහැ. නමුත් ටිල්වින් සිල්වා සහෝදරයා සිය හිරිමල් තරුණවිය 1980 පටන් සිය ජීවිතයේ වැඩිම කාලයක් මිඩංගු කර ඇත්තේ ලංකාවේ ප්රභූන්ට සහ උන්ගේ සට්ටැඹියන්ට සින්නවී තිබූ මජර තක්කඩි දේශපාලනය වෙනස් කරන්න පොරබදපු සටන්කාමී ජනතාවාදී දේශපාලනයක් වෙනුවෙන්.
නමුත් ජාතික ජන බලවේගයට මෑතකාලීනව සම්බන්ධ වූ හරිනි අමරසූරිය ඉගෙන ගන්නේ කොළඹ ප්‍රභූ පාසලක් වන බිෂොප් විදුහලේ. ලංකාවේ විභාග ක්‍රමය තුල සාර්ථක නොවන නමුත් සිය මුදල් බලය සහ ප්‍රභූ සබඳතා යොදාගෙන ඉන්පසු ඇය දිල්ලි විශ්ව විද්‍යාලයේ මූලික උපාධියත්, ඕස්ට්‍රේලියාවෙ විශ්ව විද්‍යාලයක සහ බ්‍රිතාන්‍යයේ එඩින්බරො විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක පශ්චාත් උපාධි හදාරා තියෙනවා. නමුත් 2014 පමණ කාලය දක්වාම ඇය ෆේස්බුක් එකේ නැති වෙච්ච බල්ලො පූසෝ ගැන පෝස්ට් දදා හිටිය කෙනෙක්. ඇය ඊට කලින් කිසිදාක දේශපාලනයෙ යෙදුන කෙනෙක් නෙවෙයි.
අපි පසුගිය වසර කිහිපය පුරාම මේ දෙන්නගෙම සම්මුඛ සාකච්ඡා විශාල ප්‍රමාණයක් බැලුවා, ඇත්තටම ඒවා දැක්කම ටිල්වින් සිල්වා සහෝදරයා ඉන්නේ හරිනි අමරසූරියට වඩා ගව් සියදහස් ගාණක් ඉදිරියෙන් කියලා ඉතාම පැහැදිලියි. ඒ ටිල්වින් සිල්වා සහෝදරයාට හරිනි අමරසූරියට වඩා ඇති විශේෂ බුද්ධියක් නිසා නෙවෙයි ඔහුගේ වසර 45ක්ට වැඩි අත්දැකීම් බහුල දේශපාලන පරිචය නිසා. හරිනි අමරසූරියගේ anthropology මානවවේදය පිළිබඳ ආචාර්ය උපාධිය දේශපාලන සන්දර්භයේදී එහෙමක වැදගත් වෙන්නෙ නැති තරම්.
ඒ නිසාම මගේ අදහස බොහෝ ක්ෂේත්රවලදී එහි යම් කාලයක් නිරත ව සිටියොත්, කැපවීම අනුව ඕනම කෙනෙකුට හොඳ පරිචයක් ගොඩ නඟා ගන්න පුළුවන් බවයි. මුල්වරට අගමැතිණිය වුනාම සිරිමා බණ්ඩාරනායකටත් උගත්කමක් තිබුනෙත් නෑ, පරිචය තිබුනෙත් නෑ. නමුත් හැත්තෑව දශකය මැද භාගය වනවිට පසුව ඇය සාර්ථක රාජ්‍ය පාලිකාවක් වුනා. 1971 කුරිරු මර්දනය හැර ඇය නොබැඳි සමුළුව වැනි දේවල් ඉන්දියාව සමග සුහදව කතාබහ කර ප්‍රශ්න විසඳීම වගේ දේවල් වලදී ඉතාම නිවැරදිව සාර්ථක ලෙස ක්‍රියාත්මක වුණා, එක්සත්ව ජාතික පක්ෂය ප්‍රශ්න හදාගෙන රටම මහා පරිමාණ අවුලක පැටලෙව්වා 1977න් පසුව.
ඒ නිසාම අපට ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබෙන පරිදි වත්මන් නවක ජාජබ මන්ත්‍රිවරුන්ටත් එලෙසම පරිචය ගොඩනඟා ගන්න පුළුවන්. නමුත් ඔවුන් බොහෝ දෙනාගේ නිල උගත්කම් අදාළ සන්දර්භය තුල හැමවිටම වලංගු වන්නෙ නැති බව අවධාරණය කරන්නට ඕනේ, විශේෂයෙන්ම ජවිපෙ පූර්ණකාලීනව දේශපාලනය නොකරපු අලුත් NPP අයගැනයි මේක.
ඇනෝ, කතානායක හැටියට පත්.කරලා තියන එකා තක්කඩි යූනියන් කාරයෙක් කියන්නෙ ඇත්තද? මට ඇත්තටම ඔය ජේවීපී නඩය පෙන්නන්න බැරි ඕකුන්ගෙ ඔය යූනියන් කෙරුවාව නිසා..ඕකුන් වර්ජන කරවනවා කියලා තර්ජනය කරලා ආයතන හිමිකරුවන්ගෙන් කප්පම් ගන්නවා කියලා කතාවකුත් තියනවා.. ඕකුන්ට තියන එකම පරිචය වර්ජන පරිචය විතරයි...ආ තව පච විදීමේ පරිචයත් තියනවා...
Deleteටිල්වින් සහ හරිනි එක්ක බලද්දි නාකි සොම්බියා නං මෙලෝ රහක් නැති අපත ජඩයෙක්.
Deleteඇමරිකන් ආණ්ඩුවෙන් අපිව හිරේ දාලා කරදර කීරීම සම්බන්දයෙන් අපගේ අමනාපය මේසේ දක්වා සිටිමු.
ReplyDeleteඅවශ්‍ය නම් ඉකොනෝමැට්ටා (57) මැතිතුමා හිර බාරයට පත් කරනා මේන් අප ඉතා ඕනෑ කමෙන් ඇමරිකන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.
ණය ගත්තා නං ගෙවන්න ඉකොනෝ මහත්තයා. බැංකු වලට පොලු තියන්නේ ලැජ්ජා නැද්ද
ReplyDelete