වෙබ් ලිපිනය:

Wednesday, November 27, 2024

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය අලුත් ක්‍රමවේදයකට!


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අලුත් ක්‍රමවේදයක් භාවිතයට ගෙන තිබෙනවා. මෙවැනි වෙනසක් කරන බව කලින්ම දැනුම් දී තිබුණා.

මෙතෙක් පැවති ක්‍රමය අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙකක් තිබුණා. ඒ නිත්‍ය ණය පොලී අනුපාතිකය හා නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකයයි. මෙතෙක් පැවති ක්‍රමය අනුව, මහ බැංකුව විසින් ඉලක්ක කළේ වෙළඳපොළ පොලී අනුපාතිකය මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙක අතර මැද මට්ටමක පවත්වා ගැනීමටයි. 

අලුත් ක්‍රමය අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙකක් නැහැ. තිබෙන්නේ එකක් පමණයි. මෙම පොලී අනුපාතිකය "එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය" ලෙස නම් කර තිබෙනවා. මහ බැංකුව විසින් මින් ඉදිරියට ඉලක්ක කරන්නේ වෙළඳපොළ එක්දින පොලී අනුපාතික ඉලක්කගත නිශ්චිත මට්ටමෙහි පවත්වා ගැනීමටයි. 

අලුත් ක්‍රමය හඳුන්වා දීමට සමාන්තරව මහ බැංකුව විසින් පොලී අනුපාතික පහත හෙලීමක්ද සිදු කර තිබෙනවා. ඒ අනුව, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පවත්වා ගැනීමට අපේක්ෂා කරන්නේ 8% මට්ටමේයි. 

කෙසේ වුවත්, පෙර පැවති මහ බැංකුවේ නිත්‍ය ණය පොලී අනුපාතිකය හා නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය තවමත් පැරණි අර්ථයෙන්ම ක්‍රියාත්මකව පවතිනවා. එහෙත්, එම පොලී අනුපාතික තව දුරටත් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සේ සැලකෙන්නේ නැහැ. 

මෙයින් ඉදිරියට මහ බැංකුව විසින් ප්‍රති මිල දී ගැනීම් (රිපෝ) වෙන්දේසි කරද්දී ලන්සු පිළිගන්නේ එම ලන්සු ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා අඩුනම් පමණයි. එමෙන්ම ප්‍රති විකිණුම් (රිවර්ස් රිපෝ) ලන්සු පිලිගන්නේ එම ලන්සු ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා වැඩිනම් පමණයි. 

අලුත් ක්‍රමයේදී වෙළඳපොළ එක් දින පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වෙතට දෙපැත්තකින් තෙරපීමක් සිදු වෙනවා. ඒ නිසා, මහ බැංකුවට පොලී අනුපාතික පාලනය කිරීම වඩා පහසු වෙනවා. ඒ හේතුව නිසාම උද්ධමනය පාලනය කිරීමද වඩා පහසු වෙනවා.

මේ ප්‍රතිපත්ති වෙනස්කම (එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8% ලෙස තීරණය කිරීම) හේතුවෙන් වෙළඳපොළ පොලී අනුපාතික අඩු වශයෙන් 0.5%කින් පමණ පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. 


4 comments:

  1. ඔය තීරණය මහ බැංකුව ස්වාධීනව හිතලා ගත්ත එකක්ද නැතිනම් දේශපාලනවා බලපෑමක් මත ගත්ත එකක්ද කවුද එක යෝජනා කරලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මහ බැංකුවේ ස්වාධීන තීරණයක්. ඒ වගේම හදිසියේ ගත්ත තීරණයක් නෙමෙයි. කාලයක සිට සැලසුම් කර තිබුණු දෙයක්.

      Delete
  2. තිලකෙ මහත්තයා බණ්ඩාරවෙලය
    තිලකගේ පියා බණ්ඩාරත් වෙලේය
    ඇමැති විජිත හේරතුත් බණ්ඩාරවෙලය
    එයට හිලව්වට තිලකයේ සිළුමිනේය

    ReplyDelete
  3. රශිණිට ගහන්ඩ තිබ්බා නම් කොහොමද සැප

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: