"2023 නව මහ බැංකු පණත මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වළක්වාලනු ලැබ ඇත්තේ,
(1) මුදල් අච්චු ගැසීමෙනි
(2) ආණ්ඩුවට සෘජුව හෝ වක්‍රව ණය ලබා දීමෙනි.
(3) ආණ්ඩුවේ බැංකුකරුවා ලෙස ඉටුකරනු ලබන කාර්යය කිරීමෙනි.
(4) මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයක් ලෙස විවට වෙළඳපොළ කටයුතු කිරීමෙනි
(5) විදේශ විණිමය වෙළඳපොළට මැදිහත් වීමෙනි."
මෙය පාඨකයෙකු විසින් අප වෙත යොමු කර ඇති මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ එන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට පිළිතුර කුමක්ද?
නව මහ බැංකු පණතේ 37 වගන්තිය අනුව, ඉහත (5) මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක්. ඒ වගේම, 31 වගන්තිය අනුව (4) කියන්නේත් මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක්. පණතේ 81 වගන්තියෙන් (3) සඳහා ඉඩ සලසා ඇති බැවින් පිළිතුර එයද විය නොහැකියි. ඒ අනුව, "අපේක්ෂිත පිළිතුර" විය හැක්කේ (1) හෝ (2).
"මුදල් අච්චු ගැසීම" කියන එක ඇත්තටම අවුල් සහගත යෙදුමක්. එය සාමාන්‍ය භාවිතයේදී යොදා ගැනෙන යෙදුමක් මිසක් තාක්ෂණික වචනයක් නෙමෙයි. ඒ නිසා, නව මහ බැංකු පණතේ හෝ පැරණි පණතේ මේ වචනය ඒ ආකාරයෙන්ම භාවිතා කර නැහැ.
වචන වල සාමාන්‍ය අර්ථයෙන් "මුදල් අච්චු ගැසීම" කියද්දී හැඟවෙන්නේ මුදල් නෝට්ටු අච්චු ගැසීම. නව මහ බැංකු පණතේ 44 වගන්තිය අනුව මහ බැංකුවට ශ්‍රී ලංකාව තුළ මුදල් නිකුත් කිරීම සඳහා අනන්‍ය බලයක් හිමි වෙනවා. තෙවන පාර්ශ්වයක් හරහා මේ වැඩේ කරගත්තත් අදාළ කාර්යය සිදු වන්නේ මහ බැංකුවේ අභිමතය පරිදියි.
කෙසේ වුවත්, සාමාන්‍ය ව්‍යවහාරයේ "මුදල් අච්චු ගැසීම" කියා කියද්දී එයින් අදහස් වෙන්නේ මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි වෙන යම් ක්‍රියාමාර්ගයන් ගැනීමයි. සංචිත මුදල් සැපයුම කියා කියන්නේ සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි ප්රමාණයේත්, වාණිජ බැංකු හා රජය විසින් මහ බැංකුවේ පවත්වා ගෙන යන ගිණුම් ශේෂ වලත් එකතුවයි.
මහ බැංකුව විසින් (4) හා (5) කරද්දීත්, තවත් දේවල් කරද්දීත්, සංචිත මුදල් සැපයුම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා, (1) නිවැරදි පිළිතුරක් සේ සලකන්න බැහැ. එවිට ඉතිරි වෙන්නේ (2).
නව මහ බැංකු පනතේ 86(1) වගන්තියෙහි මෙසේ සඳහන් වෙනවා.
"මහ බැංකුව විසින්, සෘජුව හෝ වක්‍රාකාරව, ආණ්ඩුව වෙත හෝ ආණ්ඩුවට අයත් යම් පොදු අධිකාරියක් වෙත හෝ වෙනත් යම් රාජ්‍ය අස්ථිත්වයක් වෙත ණය ප්රදානය නො කළ යුතුය."
මෙම වගන්තිය අදාළ නොවෙන ව්‍යතිරේඛ ගණනාවක් තිබුණත්, ඉහත පිළිතුරු අතරින් "වඩාත්ම සුදුසු" පිළිතුර සේ සැලකිය හැක්කේ (2) පිළිතුරයි. ආර්ථික විද්‍යා අර්ථයකින් බැලුවොත්නම්, (1), (4) හා (5) මගින් රජයට වක්‍ර ලෙස ණය දීමක් සිදු වෙන්න පුළුවන්. නමුත් මෙහිදී පිළිතුර තෝරා ගන්න වෙන්නේ පණතේ සඳහන්ව තිබෙන නිශ්චිත වචන අනුවයි.
ඉකොනෝ
ReplyDeleteදැන් පවතින නව ජාතික ජන බලවේගයේ ජනතාවාදී රජයට බහුතර ජනතාව 3/4 කට ආසන්න පාර්ලිමේන්තුවට බලයක් ලබා දී ඇති පසුබිමක මෙම තත්ත්වය ඉතාම ඉක්මනින්ම වෙනස් කරන්න අවශ්‍යයි. මොකද බහුතර ජනතාව ඇත්තටම ඉල්ලා සිටියේ දූෂිත අසික්කිත රනිල් වික්‍රමසිංහ පාදඩ රජය මගින් අධික ලෙස ඉහළ දමා ඇති අධික ආදායම් බදු පේයී ටැක්ස් වගේ අධික බදුවලින්, 18%ක වික්‍රමසිංහ වැට්බදු වගේ අමානුෂික බදු දරාගත හැකි තරමට අඩුකර බදු සහන ලබාදීම සහ රජයේ වගේම පෞද්ගලික අංශයේත් වැටුප් වැඩිකිරීමට සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහත හෙළීමට වගේ දේවල් ඉටුකර ගැනීමට.
නමුත් රනිල් වික්‍රමසිංහ විසින් ලංකාව මේ දැඩි කොන්දේසිවලට යටත්ව ක්‍රියාත්මක කරන IMF ණය උගුලකට හිරකර ඇති නිසා ළිඳට වැටුන එකා ළිං කටින්ම ගොඩ එන්න උත්සාහ කරන්න සිදුවී තිබෙන නමුත් ඉතාම ඉක්මනින්ම මේ IMF උගුලෙන් ගැලවීමට ක්‍රියාත්මක වෙන්න මාලිමා රජය උත්සාහ කරනවා. ඇතැම්විට තෙවන වාරිකය ලැබීමෙන් අනතුරුව මෙම උගූලෙන් ඉවත්වීමට තීරණය කරන්න බලන්න ඕන නමුත් අධික පොලියට ගත්ත කෙටිකාලීන විදේශ ණය පියවීමට සිදුව තිබෙන නිසා මේ උගුලෙන් ගැලවෙන්න ලේසි වෙන්නේ නෑ, නමුත් කොහොම හරි රටටත් ජනතාවටත් අහිතර මේ අමන පණත් වෙනස්කර ජනතාවට සහන සැලසීමට සමාජවාදී සංකල්ප වලට යටත්ව නව අණ පනත් සම්මත කරගැනීමට උත්සාහ කරනව ඉතාම ඉක්මනින්ම.
නීච ජඩ නාකි සොම්බි රනිලා ජනතා අධිකරණයක් ඉදිරියට පමුණුවා දඬුවම් කළ යුතුයි.
Deleteසිසු පෙළ අවුලකට පත් වීලා නැද්ද
ReplyDeleteප්‍රශ්න හදා ඇත්තේ නිසි වියතුන්ද
සංස්ථාවේ තෙල්
ReplyDeleteඉකොනො මහබැන්කු වන්චාව ගැන ලිපි පෙලක් ලිව්ව නේද? ඒක ලිව්වෙ කෝප් වාර්තාවෙන් පස්සෙ වගෙ මට මතක. ජනාදිපති කොමිසමක් දැම්ම නේද ඊට පස්සෙ? ඒකෙන් බිලියන 10ට කිට්ටුවක පාඩුවක් ගැන කියනවනෙ.
ReplyDeleteඒ කොමිසම් වාර්තාව කියවල තියෙනවද? තියෙනවනම් කෝප් වාර්තාවට වඩ වෙනස් නිගමන වලට ඇවිත් තියෙන්නෙ කොහොමද කියල පෑහැදිලි කරන්න පුලුවන්ද?