කොළඹ ආසන්න මුහුදේ සිට කැමරා ඇසට අසු කර ගත් දර්ශනීය ඡායාරූපයක් මේ දවස් වල වත්පොතේ සංසරණය වෙනවා. එම ඡායාරූපය පසුබිමෙහි සමනල කන්ද ඉතා දර්ශනීය ලෙස දැකගත හැකියි. (ඡායාරූපයේ අයිතිය හා ඒ පිළිබඳ ගෞරවය එහි හිමිකරුට).
කොළඹට පෙනෙන සමනල කන්දේ මනරම් දසුන සියවස් ගණනාවක් පුරා ලංකාවට පැමිණි නාවිකයින් හා සංචාරකයින් කුල්මත් කළ දසුනක්. මේ ගැන බොහෝ දෙනෙකු විසින් සටහන් කර තිබෙනවා. ඒ අතරින් එක් අයෙකු වන්නේ නෙලී බ්ලයි යන අන්වර්ථ නාමයෙන් ලියූ එලිසබෙත් ජේන් කොක්‍රේන් නම් නිවුයෝර්ක් වර්ල්ඩ් පුවත්පතේ මාධ්‍යවේදිනියයි.
එලිසබෙත් ජේන් කොක්‍රේන් 1889 නොවැම්බර් 14 වනදා තනිවම ලෝකය වටා චාරිකාවක් ආරම්භ කර දින 72කින් මේ චාරිකාව අවසන් කරනවා. එය එවකට ලෝක වාර්තාවක්. මෙම චාරිකා විස්තරය "ලෝකය වටා දින හැත්තෑ දෙකකින්" නමින් 1890 වසරේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අපේ මේ කථානායිකාවගේ ගමනේ අරමුණ වුනේ 1872දී පළ වූ ජූර්ස් වර්න්ගේ "ලෝකය වටා දින අසූවකින්" ප්‍රබන්ධය සැබෑවක් කිරීමයි. සමහර ප්‍රබන්ධ වලින් ලෝකයට සැබෑ බලපෑමක් කළ හැකියි.
ඔගස්ටා වික්ටෝරියා නෞකාවෙන් නිවුයෝර්ක් සිට ගමන් අරඹන අපේ කථානායිකාව රටවල් ගණනාවක් පසු කර සැලසුම් කළ දිනට දින දෙකකට පෙර 1889 දෙසැම්බර් 8 වන දින උදේ නවය වෙද්දී කොළඹ වරායට සේන්දු වෙනවා. ඈ නවතින්නේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ. චීනය බලා පිටත් වීමට පෙර ඈ දින පහක් කොළඹ නැවතී සිටිනවා. මේ දවස් පහ තුළ ඈ විසින් ලංකාව පිළිබඳ බොහෝ දේ දැක බලාගෙන වාර්තා කර තිබෙනවා.
"With all our impatience we could not fail to be impressed with the beauties of Colombo and the view from the deck of our incoming steamer. As we moved in among the beautiful ships laying at anchor, we could see the green island dotted with low arcaded buildings which looked, in the glare of the sun, like marble palaces. In the rear of us was the blue, blue sea, jumping up into little hills that formed into snow drifts which softly sank into the blue again. Forming the background to the town was a high mountain, which they told us was known as Adam's Peak."
"ගොඩබිමකට සේන්දු වන තුරු දින ගණනාවක් නොඉවසිල්ලෙන් බලා සිටි අපට අපේ දුම්නැවෙහි නැව් තට්ටුවට දර්ශනය වන කොළඹ නගරයෙහි මනරම් දර්ශනයෙන් වශී නොවී සිටිය නොහැකි විය. වරායෙහි නැංගුරම් ලා තිබූ දර්ශනීය නැව් අතරින් අපේ නැව රිංගා යද්දී, හිරු රශ්මිය වැදී කිරිගරුඬ මාලිගා සේ දිස් වූ ආරුක්කු ගොඩනැගිලි තැනින් තැන විසිරී තිබුණු මේ හරිත දිවයින අපට වඩා හොඳින් දැකගත හැකි විය. අප පසුපස වූයේ සුදු හිම කඳු රටා මවමින් හිතුවක්කාරී ලෙස වරින් වර අහසට පනින, නැවත මෘදු ලෙස නිල් පැහැය තුළ ගිලී සැඟවී යන, විසල් සාගර තලයයි. නගරය පසුබිමෙහි දැකිය හැකි වූයේ ආදම්ගේ කන්දයැයි හඳුන්වන බව පැවසුණු උස් කන්දයි."
මේ ඡායාරූපය දකිද්දී වසර 135කට පෙර ජේන් කොක්‍රේන්ට පෙනුණු කොළඹ නගරයේ දසුන මනසෙහි චිත්‍රනය නොවන්නේද?
What a beautiful picture..........................................!
ReplyDeleteThanks for sharing....
wow... for a second I thought this could be some GenAI work. Thank you for sharing mr.econ
ReplyDeletewaiting for your post on the new government and the cabinet
Morning view from the ship
DeletePhotographer: Ramesh Kavinda (Seaman at Lanka Marine Services)
Date: 2024.11.16
Time: 0603
Device: Google pixel 6 pro
සමනල කන්දට වඩා උසයි ඉකොනෝ මහත්තයා අපේ නය බර.
ReplyDeleteනාකි සොම්බි කාලකන්නි ජඩයාගෙ වැඩ තමා
DeleteThis photo is not real. If this is real we can see this scenery when you stand on the floor level at colombo. You can realize these mountains visible only at high levels at colombo. This is a misleading photo.
ReplyDeleteමේක එඩිට් කරලා මෙටාඩේටා වෙනස් කරපු ෆොටෝ එකක් ඉකොනෝමැට්ට.
ReplyDeleteසමහර විට වෙන්න පුලුවන්. මම පරීක්ෂා කළේ නැහැ. නමුත් මේ වගේ දර්ශනයක් මුහුදට පේන්න පුලුවන්. කොළඹට සහ කොළඹ ආසන්න මුහුදට පෙනෙන ශ්‍රී පාද කන්දේ දර්ශනය ගැන වාර්තා ගණනාවක් තිබෙනවා. මෑතකාලීන වෙනත් ඡායාරූපත් තිබෙනවා.
Delete