අප්‍රේල් මාසය අවසානයේදී රුපියල් බිලියන 105.0ක්ව පැවති රාජ්‍ය අයවැය අතිරික්තය මැයි මාසය අවසන් වන විට රුපියල් බිලියන 197.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1,131.2ක් ලෙස වාර්තා වෙනවා. පසු ගිය මාස වල ඉන්ධන සහනාධාර ආදිය වෙනුවෙන් අමතර මුදල් වැය කිරීමෙන් අනතුරුවද මෙවැනි අතිරික්තයක් වාර්තා වී තිබීම විශේෂත්වයක්.
පසුගිය වසරේ පළමු මාස පහට සාපේක්ෂව බදු ආදායම් 28.3%කින් වර්ධනය වී ඇති අතර, බදු නොවන ආදායම් හා ප්‍රදාන ඇතුළුව සමස්ත ලැබීම් 30.6%කින් ඉහළ ගොස් තිබෙනවා. එවැනි ආදායම් වර්ධනයක් තිබියදී වියදම් වර්ධනය 7.4%කට සීමා වී තිබීම අයවැය අතිරික්තය මේ අයුරින් ඉහළ යාමට හේතු වී තිබෙනවා.
අයවැය අතිරික්තය යනු රජයේ ආදායම සහ පොලී වියදම් ඇතුළු සමස්ත වියදම් අතර වෙනසයි. ප්‍රාථමික අයවැය අතිරික්තය යනු රජයේ ආදායම සහ පොලී වියදම් හැර අනෙකුත් වියදම් අතර වෙනසයි. කෙසේ වුවද, අයවැය වියදම් වලට ණය ගෙවීම් ඇතුළත් නොවන බැවින් ණය ආපසු ගෙවීම සඳහා තව දුරටත් ණය ලබා ගැනීමට සිදු වෙනවා.
සාමාන්‍ය කරුණක් ලෙස, අයවැය අතිරික්තයක් ඇති විට අලුතෙන් ණය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ගෙවිය යුතු ණය ප්‍රමාණයට වඩා තරමක් හෝ අඩුවෙනුයි. එබැවින් දේශීය ණය ලබා ගැනීම හා අදාළව කිසිදු ගැටළුකාරී තත්ත්වයක් මතු නොවන නමුත් රුපියල් වලින් ලබා ගන්නා දේශීය ණය වලින් හෝ අයවැයෙන් ඉතිරි වන රුපියල් වලින් විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාවක් නොමැති බැවින් විදේශ ණය ආපසු ගෙවීම සඳහා තව දුරටත් විදේශ ණය ලබා ගැනීමට සිදු වෙනවා. එසේ නැත්නම්, රුපියල් වැය කර වෙළඳපොළෙන් අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මිල දී ගත හැකි තරමේ ඩොලර් අතිරික්තයක් රට තුළ තිබීම අවශ්‍ය වෙනවා.
ඉහත සඳහන් දෙවැන්න තවමත් දුරස්ථ ඉලක්කයක්. ජංගම ගිණුමේ යම් අතිරික්තයක් තබා ගත්තේ වුවද, අවශ්‍ය පමණ සංචිත වර්ධනය කර ගන්නා අතරම විදේශ ණය ගෙවීම සඳහා රුපියල් ගෙවා ප්‍රමාණවත් තරම් ඩොලර් මිල දී ගැනීමට එම අතිරික්තය ප්‍රමාණවත් වන්නේ නැහැ. එමෙන්ම, 2022දී ණය පැහැර හරිනු ලැබීමෙන් පසුව, අඩු පොලියකට ජාත්‍යන්තර වෙළඳපොළෙන් වාණිජ ණය ලබා ගැනීමේ හැකියාවක්ද තවමත් ලංකාව සතුව නැහැ. මෙම තත්ත්වයන් තුළ විදේශ ණය ආපසු ගෙවීම සඳහා යොදා ගන්නට සිදු වන්නේ ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින් ලැබෙන ණය වාරිකයි.
අයවැය තුලනය කර ගැනීම මගින් රුපියල් ප්රශ්නය විසඳා ගත් අයුරින්ම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම මගින් ඩොලර් ප්‍රශ්නයද දිගුකාලීනව විසඳා ගත හැකි වුවත්, දශක ගණනාවක් තිස්සේ එකතු වී ඇති විදේශ ණය ප්‍රමාණයේ තරම අනුව මේ සඳහා තවත් වසර ගණනාවක් එක දිගටම ජංගම ගිණුමේ ප්‍රමාණවත් අතිරික්තයක් පවත්වා ගැනීමට සිදු වෙනවා.
රටේ ණය තිරසාරත්වය තහවුරු වන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබ ඇති බැවින් පසුගිය වසර වල පැවති මට්ටමේ ජංගම ගිණුම් අතිරික්තයක් පවත්වා ගන්නා අතර වැඩි අපහසුවකින් තොරව ලබා ගත හැකි මට්ටමේ විදේශ ණය ප්‍රමාණයක් අලුතෙන් ලබා ගැනීම මගින් ඉදිරි වසර වලදී ගෙවිය යුතු විදේශ ණයද ප්‍රශ්නයක් නැතිව ආපසු ගෙවීමේ හැකියාවක් තිබෙන නමුත් පසුගිය මාස වල ඇති වූ ආකාරයේ කම්පනයක් ඇති වුවහොත් ජංගම ගිණුමේ අතිරික්තය ඒ සඳහා අවශ්‍ය මට්ටමේ පවත්වා ගැනීම අසීරු වෙනවා.
මෙවැනි තත්ත්වයකදී සාමාන්‍ය පිළියම වන්නේ තාවකාලිකව අඩුව පියවා ගැනීම සඳහා සංචිත යොදා ගැනීමයි. ඒ සඳහා ප්‍රමාණවත් මට්ටමක් දක්වා සංචිත වර්ධනය කර ගත යුතු වෙනවා. සංචිත වර්ධනය කර ගැනීම සඳහා වඩා කල් ගත වේනම්, ඉතිරි වන අනෙකුත් විකල්පය වනුයේ කෙටිකාලීන ආරක්ෂක පියවරක් ලෙස නැවත වරක් මූල්‍ය අරමුදල සමඟ වැඩ සටහනකට ඇතුළු වීමයි.
ඒ කියන්නේ දිගින් දිගටම IMF ණය උගුලේ හිරවෙලා මැරෙනතුරුම කොන්දේසිවලට යටත් ජීවිතයක්, ඒ කියන්නේ සදාකාලික IMF වහල් රටක් අපිට දකින්න ලැබෙනබවනේ, හරිම ෂෝක්. කොහොම කොහොම හරි Ceypetco එක අද ලංකාවේ මාධ්‍ය චැනල් වලට කියපු විදියටම CEB එකේ අධික පාඩුව (බාල ගල් අඟුරු) සහ Ceypetco එකේ මෙහෙයුම් අලාභ එක්ක ලංකාවට ඉදිරියේදී තෙල් මිල තවත් වැඩි කරන්න සිදුවෙනවා, අනෙක් පැත්තෙන් ඒ වගේම දැනටමත් ක්‍රියාත්මක සතියට ලීටර් 20 ඉන්ධන සලාකය සහ පාසල්/කාර්යාල වසා තැබීම් තවදුරටත් දරුණු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එක්සත් ජනපදය ඩොලර්වලට ආයෝජන වැඩි කරගන්න ඩොලරයේ බලය මොන ජාතියෙන් හරි තියාගන්න ඕන කියලා මැදපෙරදිග යුද්ධය හිඟන්නාගේ තුවාලය වගේ වවාගෙන කන එකෙන් මැදපෙරදිග ජීසීසී රටවල් අතිශය මිල අධික යුධ ආයුධ වලට ඩොලර් බිලියන ගණනක් යොදාගන්න ඉදිකිරීම් ව්‍යාපෘති ඇතුලු දේවල් කල්දමා ඇතිනීසාත් මේ අනවශ්‍ය යුධ බිය නිසාත් ලංකාවේ විදේශ විනිමයෙන් 80%කට වඩා වගකියන මැදපෙරදිග ඉන්න ලංකා ශ්‍රමිකයන්ගේ රැකියා අනතුරේ වැටීමෙන් රටට එන ඩොලර් ප්‍රේෂණ (Remittances) එකපාරටම අඩු වෙනවා, ඒ වගේම ලෝක වෙළඳපොළේ ඩොලරය ශක්තිමත් වීම නිසා අපේ රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් 370 -380 දක්වා එදාමෙදාතුර ඉතිහාසයේ දුර්වලම සීමාවට රුපියලේ නිල අගය පවා බාල්දු වෙලා රටේ හැම අත්‍යවශ්‍ය බඩු මිලක්ම අහස උසට නගින එක වළක්වන්න බැහැ. මේ හැමදේම මදිවට ලංකාවේ ප්‍රධානම තේ ගැනුම්කරුවෙක් වන ඉරානයට තේ අපනයනය කරන්න බැරිව සතියකට ඩොලර් මිලියන 10-15ක ආදායමක් අහිමි වෙද්දී, රටට එන සංචාරකයන් ප්‍රමාණයත් 70%කින් විතර දිනකට 5,900 දක්වා අඩුවීම නිසා අපේ මුළු ආර්ථිකයම ආයෙමත් සැරයක් දරුණු කඩාවැටීමකට ලක්වීමේ ලොකු අවදානමක් මේ වෙලාවේ මතු වෙලා තියෙනවා.ඉදිරියේදී මේ තත්ත්වය නිසා ලංකාවේ රන් මිල (Gold Prices) වෙනස් වන ආකාරය හෝ දේශීය කොටස් වෙළඳපොළට වෙන බලපෑම ගැන විස්තර කරන්න පුළුවන්ද? මේ වෙලාවේ රන් වල ආයෝජන කරන එක ඉඩම් වල ආයෝජනය කරනවාට වඩා සාර්ථක නේද?
ReplyDeleteඉකොනොමැට්ටා ඔබට හිතෙන්නේ නැද්ද මන්සිවෙලා "2026 මැයි අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය" ගැන පැහැදිලි කිරීමක් දැම්මාම ඔබට එපා වෙන්නේ නැද්ද මාතෘකාවට කිසිම අදාල නැති මේ වගේ ගොන් comment දැම්මම? වැඩක් නැ කතාකරල පරණ හොරුන්න්ට කඩේ යන උන් මකලාවත් වෙනස් කරන්න බැ.
Deleteඉකොනොමැට්ටා මම හිතුව ආණ්ඩුව සමස්ත වියදම් 7.4% ට වඩා වැඩි වේවි කියල මේ තෙල් පශ්නේ නිසා 10%-12% වගේ. ආණ්ඩුවේ සමස්ත වියදම් වල විස්තරයක් දාන්න පුලුවන්ද 2025 ආණ්ඩ 2026/මැයි.
මේක කලින් ගොන් ආණ්ඩු එක්ක කරන සංසන්දනයක් නෙමේ... මේ ආණ්ඩුව කරන ලොකුම වැරැද්ද තමා බදු නොවන ආදායම් 50% ට වඩා වැඩි උනා කියල මහලොකුවට කියන එක මේ බදු නොවන ආදායම් ආපු වත්කම් බැලුවම (රජයේ ඉඩම් , ගොඩනැගිලි , ආයතන ...) මේ බදු නොවන ආදායම් ගෙන ආයතන කුලියට දුන්නත් මිට වඩා අදායමක් හොයන්න පුළුවන්.
ඒ වගේම 2015 අගමැති රනිල් යටතේ ක්‍රියාත්මක වූ යහපාලන රජය, පවතින ආයතනික ව්‍යුහයන්ගේ (Institutional Frameworks) ආර්ථික යථාර්ථය සහ රාජ්‍ය මූල්‍ය අර්බුද (Fiscal Deficits) කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව විද්‍යාත්මක විසඳුම් ඉදිරිපත් කරනවා වෙනුවට, හුදු ලාබ 'යහපාලන' සටන්පාඨවලට පමණක් ජනතාව මුලා කිරීම නිසා අවසානයේ රට තවත් දරුණු ආර්ථික අගාධයකට ඇද වැටීමට වක්‍රව පාර කැපුණා. ඒ වගේම, රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ව්‍යුහාත්මක ණය උගුලක හිරවෙමින්, දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳවැටෙමින්, රුපියල අවප්‍රමාණය වී උද්ධමනය අහස උසට නැගෙන මෙවැනි තීරණාත්මක ගෝලීය අර්බුදකාරී මොහොතක, ඊට සාර්ව ආර්ථික විද්‍යාත්මක (Macroeconomic) පිළියම් සෙවීම පසෙක ලා, තවමත් පටු මතිමතාන්තර සහ පුද්ගල කේන්ද්‍රීය දේශපාලන විවේචනවලට පමණක් සීමා වීම ශාස්ත්‍රීය සමාජයේ (Academic Community) අප්‍රසාදයට හේතු වී තිබෙනවා. කෙටියෙන් ම කිව්වොත්, සැබෑ ආර්ථික සාධක සහ දත්ත (Empirical Data) මත පදනම් නොවී, වේදිකාවල සිදුවන මෙවැනි වාචාල "හුචක්කු" දේශපාලන දේශන හරහා සිදුවන්නේ නූතන ගෝලීය ප්රවණතා ගැන අවබෝධයක් නැති අහිංසක පොදු ජනතාව තවදුරටත් මංමුලා වීම පමණක් බවයි මගේ ශාස්ත්‍රීය විවේචනය.
Deleteමේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) වැනි ශාස්ත්‍රීය සංවිධානවල පවා අපි පෙන්වා දුන්නා, අපි මේ දකින්නේ ගෝලීය දේශපාලන බලපෑම් සහ අපේ රටේ ව්‍යුහාත්මක දුර්වලතා එකතු වෙලා ආර්ථිකය ඇතුළෙන් ම කාබාසිනියා කරන හැටි. මුලින් ම IMF එක ගැන බැලුවොත්, උන් ලංකාවට ණය දෙන්නේ රට සංවර්ධනය කරන්න නෙවෙයි, ගෙවුම් ශේෂය පියවා ගන්න විතරයි, හැබැයි ඒකට උන් පනවන දැඩි බදු සහ සහනාධාර කප්පාදු වගේ 'Austerity Measures' (වියදම් සීමා කිරීම්) නිසා රටේ දේශීය නිෂ්පාදනය (GDP) වර්ධනය වෙන්නේ නැතුව පරණ ණය ගෙවන්න ආයෙත් ණය ගන්න වෙන සදාකාලික ණය උගුලකට (Debt Refinancing Cycle) අපි හිරවෙනවා, හරියට වාර 20කට වඩා IMF ගිහිල්ලත් තවම ගොඩයන්න බැරි වුණු ආර්ජන්ටිනාව වගේ. අනෙක් පැත්තෙන් CEB එකේ බාල ගල් අඟුරු ප්‍රශ්නයි Ceypetco එකේ මෙහෙයුම් අලාභයි නිසා සිද්ධ වෙන පාඩුව පියවන්න IMF කොන්දේසි නිසා රජයට සල්ලි අච්චු ගහන්න බැරි වෙනකොට, මිල සූත්‍රය හරහා ඒ බර පාරිභෝගිකයා පිට පටවලා තෙල් මිල 33%කින් විතර වැඩි කරන්න සිද්ධ වෙනවා, ඒකෙන් ප්‍රවාහන පිරිවැය වැඩි වෙලා සතියට ලීටර් 20 තෙල් සලාකයයි පාසල්/කාර්යාල වහන එකයි තවත් දරුණු වෙනවා. උඹ කිව්වා වගේ ම, ඇමරිකාව ඩොලරයේ ගෝලීය ආධිපත්‍යය (Petrodollar System) රැකගන්න මැදපෙරදිග යුද්ධය හිඟන්නාගේ තුවාලය වගේ පාවිච්චි කරන කොට, සෞදිය වගේ GCC රටවල් තමන්ගේ Neom (The Line) වගේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති කල්දාලා, ඩොලර් බිලියන ගණන් මිල අධික යුධ ආයුධවලට වැය කරනවා, ඒකෙන් සිද්ධ වෙන්නේ අපේ විදේශ විනිමයෙන් 80%ක් රැකපු මැදපෙරදිග ඉන්න ලංකා ශ්‍රමිකයන්ගේ රැකියා නැති වෙලා රටට එන ඩොලර් ප්‍රේෂණ (Remittances) එකපාරට ම හිඳිලා යන එකයි. මෙහෙම ඩොලර් සැපයුම අඩු වෙද්දී ගෝලීය අර්බුදය නිසා ලෝක වෙළඳපොළේ ඩොලරය ශක්තිමත් වුණාම, ඉල්ලුම සහ සැපයුම අනුව අපේ රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් 370-380 දක්වා ඉතිහාසයේ දරුණු ම විදියට බාල්දු වෙලා, රටේ හැම අත්‍යවශ්‍ය බඩු මිලක් ම අහස උසට නැගලා 'පිරිවැය තල්ලු උද්ධමනයක්' (Cost-Push Inflation) හැදෙනවා. මේ හැමදේම මදිවට අපේ ප්‍රධාන ම තේ ගැනුම්කරුවෙක් වුණු ඉරානය යුද්ධෙට පැටලිලා උන්ගේ ක්‍රය ශක්තිය (Purchasing Power) නැති වෙනකොට අපිට සතියට ඩොලර් මිලියන 10-15ක තේ ආදායම අහිමි වෙනවා වගේ ම, ගෝලීය ගුවන් ගමන් අවදානම හින්දා ලංකාවට එන සංචාරකයෝ ප්‍රමාණයත් 70%කින් විතර දිනකට 5,900 දක්වා අඩු වෙනකොට මුළු සේවා ආර්ථිකය ම කඩා වැටෙනවා; ඉතින් මෙන්න මේ වගේ වෙලාවක කොටස් වෙළඳපොළ (CSE) වගේ අවදානම් තැන්වල සල්ලි දාන්නේ නැතුව, රුපියල බාල්දු වෙනකොට අනිවාර්යයෙන් ම මිල වැඩි වෙන රන් (Gold) වගේ ක්ෂණිකව මුදල් කරගත හැකි (High Liquidity) ආරක්ෂිත තෝතැන්නක (Safe Haven) හෝ කොමර්ෂල් බැංකුව වගේ වාණිජ බැංකු හරහා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන එක තමයි ආර්ථික විද්‍යාත්මකව බලද්දී මේ වෙලාවේ පුද්ගල මට්ටමින් කරන්න පුළුවන් බුද්ධිමත් ම දේ.
ඔය ආණ්ඩුවේ පොතේ ගණන් ඉහළ ගියා කියලා පොත පෙරලුවාට වැඩක් නෑනේ නිකම් බොරු හිස් අංක ටිකක් විතරයි. ඇත්තටම රටට වෙලා තියෙන දේ ගැන තේරුම්ගත යුතුයි. කෝ දැන් අර අතුරුදහන් වෙලා තියෙනව කියල IMF එකෙන් කියපු ඩොලර් මිලියන අටසීය කෝ? ඔතන ඒ ගැන විස්තර මොනවත් නෑනේ?
ReplyDeleteඔය අංක විජ්ජා හැමදාම පෙන්නුවානේ අන්තිමට වෙච්ච දෙයක් නෑනේ. ඔය සේරටම වඩා ප්රජාතන්ත්රවාදී රටක දියුණුව සඳහා දේශීය ධනවතුන් (ධනපතියන්) බිහිවිය යුතුමයි.ඔවුන් ආයෝජනයටත් සමාජ වගකීමටත් ( social
Responsibility )දායක වෙනවා.
අපේ රටේ ආර්ථික වර්ධන වේගය වැඩිවීම ප්‍රමාදවීමට එක් හේතුවක් තමයි, දේශීය ධනපතියන් බිහිවීමට බාධා සිදුවීම. ඒ සමගම රටේ පුද්ගල ආදායම් විෂමතාවය වැඩිවීමත් බොහෝ විට දක්නට ලැබෙනවා. එය අඩු කිරීම වෙනම කාර්යයක්.
@ Economatta,
ReplyDeleteCurrently, Sri Lanka is facing a severe rice-related crisis where the current NPP Government has adopted a erroneous policy of importing all varieties of rice and filling the country's rice stores, while completely ignoring local production and the fate of millions of paddy farmers. In my view, this may have been done at the interest of major rice mill owners due to their billions worth funding to NPP party accounts. As the Government has already filled the stores with substantially excessive imported rice stocks, local producers now have little or no room to sell their harvest. At the same time, the Government is now trying to find solutions for this excess stocks, in a funny insane way.
SL's current rice crisis reflects policy failures rather than a shortage of ideas. Heavy reliance on rice imports, while local farmers were expecting to market their harvest, has raised legitimate concerns about planning, market timing, and the long-term sustainability of domestic paddy production. The solution is not to justify policy mistakes through false propaganda or allegations to former politicians, but to create a smart strategy, taking smart planning and smart decisions how much and how to strengthen local production, improve storage and procurement, and provide farmers with predictable market support.
While some of the then President GR's agricultural reforms may have been implemented too rapidly, I believe the strategic objective of strengthening domestic paddy production was fundamentally the right direction for Sri Lanka's long-term food security.
Writing articles and false media propaganda to cover up mistakes will not solve the problem. Instead of building a strong local production system and supporting quality industries, this is the outcome of poor planning and policy decisions.
Previously, the then president GR’s approach may have been rushed in some areas, but I still support the policy direction of strengthening local paddy industries. I believe those efforts faced strong resistance from vested interests... could you please explain about this in an economics perspective?
අයවැය අතිරික්තය ගැන කතා කරනකොට තවත් වැදගත් පැත්තක් බලන්න ඕන. රජයේ ආදායම වැඩි වෙලා අතිරික්තයක් තියෙනවා කියන එක හොඳයි. හැබැයි රජය වියදම් කරන්නේ කොහොමද කියන එකත් ඒ තරම්ම වැදගත්.
ReplyDeleteමෙවර ප්‍රාග්ධන වියදම් (capital expenditure) සඳහා රුපියල් බිලියන 1,718ක් වෙන් කරලා තිබුණත්, ජූලි වෙනකොට වියදම් කරලා තියෙන්නේ බිලියන 226ක් පමණ නම්, ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවා.
ප්‍රාග්ධන වියදම් කියන්නේ පාරවල්, යටිතල පහසුකම්, කර්මාන්ත, තාක්ෂණය, දිගුකාලීන ආර්ථික වර්ධනයට බලපාන ආයෝජන. ඒ මුදල් වියදම් නොවුණොත්, කෙටි කාලීනව අයවැය අතිරික්තය ලස්සනට පේන්න පුළුවන්. හැබැයි ආර්ථිකයට අවශ්‍ය වර්ධන ආවේගය එන්නේ නැහැ.
ඉතිරි බිලියන 1,500කට ආසන්න මුදල මේ අවුරුද්ද ඇතුළත සැබෑවටම වියදම් කරන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. අවුරුද්දේ මැද වෙනකොටත් වියදම් ප්‍රගතිය මෙතරම් අඩු නම්, අවසානයේදී අයවැයෙන් වෙන් කළ මුදල් සම්පූර්ණයෙන්ම භාවිතා නොවී ඉතිරි වෙන්න පුළුවන්.
එහෙම වුණොත් කඩදාසි මත අතිරික්තයක් තිබුණත්, රටට අවශ්‍ය ආර්ථික ක්‍රියාකාරකම්, රැකියා, යටිතල පහසුකම් සංවර්ධනය සහ පෞද්ගලික අංශයේ වර්ධනයට එන මුදල් ප්‍රවාහය අඩු වෙනවා.
ඒ නිසා අයවැය අතිරික්තය විතරක් බලලා සතුටු වෙන්න බැහැ. රජය බදු එකතු කරනවද කියන එක වගේම, එකතු කරන මුදල් ඵලදායී ආයෝජනවලට යොදනවද කියන එකත් බලන්න ඕන.
රටකට අවශ්‍ය වෙන්නේ "අතිරික්තයක් තියෙන රජයක්" විතරක් නෙවෙයි. "අනාගත ආදායම වැඩි කරන ආයෝජන කරන රජයක්."
මම මේ කියන කාරණය හොඳට හිතට ගන්න ඕන හරිද?ලංකාවේ වැඩි ආණ්ඩුවේ නිවාඩු. සතිය මැද නිවාඩු කඩනවා. සති අන්තය දික් කරනවා, ආණ්ඩුවේ නිවාඩු වැඩි වුණාම හැමෝම ඒ දවස්වල නීවාඩු. එතකොට රටටම හබක්. ඒ වෙනුවට කරන්න ඕනේ ආණ්ඩුවේ නිවාඩු, නැත්නම් පොදු නීවාඩු අඩු කරලා සේවකයින්ගේ නිවාඩු වැඩි කරන්න ඕනේ. සේවකයන්ට දවස් 60ක් අවුරුද්දකට දුන්නත් කමක් නෑ ඒක කට්ටිය බැලන්ස් කරගෙන ගන්නවා නම් ආයතනයකට පාඩුවක් වෙන්නේ නෑ. නමුත් රටටම පොදු නිවාඩු වැඩි වීම නිසාම රටේම කාර්යක්ෂමතාව අඩු වෙනවා
ReplyDeleteනැවත වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක වැඩ සටහනකට යන එක නුවණට හුරුයි.
ReplyDeleteනැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක වැඩ සටහනකට යාම හොඳයි
ReplyDelete