සැප්තැම්බර් මාසය අවසානයේදී දළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,851 දක්වා පහත වැටී තිබෙනවා.
අගෝස්තු මාසයේදී මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 579.0ක මුදලක් මිල දී ගෙන තිබුණු අතර, ඊට පෙර ජූලි මාසයේදී ඩොලර් මිලියන 346.6ක් මිල දී ගෙන තිබුණා. එහෙත්, ගෙවුණු සැප්තැම්බර් මාසයේදී මහ බැංකුව විසින් මිල දී ගෙන ඇති ඩොලර් මිලියන 85.0ක මුදලින් ඩොලර් මිලියන 20.8ක් විණිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීමේ අරමුණින් නැවත විකුණා තිබෙනවා.
මේ අනුව, පසුගිය මාසයේ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් මිල දී ගෙන තිබෙන්නේ ඩොලර් මිලියන 64.2ක් පමණයි. එම ශුද්ධ මිල දී ගැනීම් ප්‍රමාණයට වඩා වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් රජයේ හා මහ බැංකුවේ විදේශ ණය ගෙවීම් වෙනුවෙන් යොදවා ඇති බව පෙනෙන්නට තිබෙනවා.

No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.