ලංකාවේ වර්ජන දෙකක් පසුගිය කාලයේ පුවත් මැවුවේය. පළමුවැන්න, වෛද්‍යවරුන්ගේ වර්ජනයයි. දෙවැන්න, තෙල් සංස්ථා සේවක වර්ජනයයි.
වෛද්‍ය වර්ජනයට හේතු වූ මූලික කරුණ සයිටම් වෛද්‍ය පීඨයයි. මේ හා අදාළව අවසන් වරට සිදුවුනේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට ස්වේච්ඡාවෙන් පවරා දෙනු ලැබීමයි. රජය පැත්තෙන් මේ පුවතට ප්‍රසිද්ධියක් ලබා දෙද්දී සයිටම් විරෝධීන් විසින් ප්‍රචාරය කළේ අදාළ රෝහල වෙනුවෙන් ලංකා බැංකුවෙන් නෙවිල් ප්‍රනාන්දු ලබාගත් ණය ඉදිරියේදී රජයට ගෙවන්නට සිදුවන බවයි.
නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ අයිතිය වහාම ක්‍රියාත්මක වන පරිදි රජයට පවරා දුන්නේනම් ඒ වෙනුවෙන් ලබාගත් ණය ආපසු ගෙවීම තව දුරටත් නෙවිල් ප්‍රනාන්දුගේ වගකීමක් වන්නේ නැත. ඒ ණය ගෙවන්නට වෙන්නේ රෝහලේ අලුත් අයිතිකරු වන රජයටය. එහෙත්, රජය විසින් නිවේදනය කළ පරිදි ලබාගත් සියලු ණය ආපසු ගෙවන්නේ නෙවිල් ප්‍රනාන්දු විසිනි.
ඉහත තත්ත්වය තරමක් සංකීර්ණ තත්ත්වයකි. රජය විසින් රෝහල භාරගන්නා නමුත් ඒ වෙනුවෙන් ලබාගත් ණය ගෙවීමේ වගකීම තිබිය යුත්තේ නෙවිල් ප්‍රනාන්දු සතුවය. රජය හා නෙවිල් ප්‍රනාන්දු අතර අත්සන් කෙරුණු ගිවිසුම මා දැක නැතත්, පවතින නීතිය යටතේ මෙය කළ හැකි හොඳම ආකාරයකට එය සිදු කර ඇති බව පෙනේ. මේ අනුව, ණය ගෙවා අවසන් වන තුරු රෝහලේ අයිතිය නෙවිල් ප්‍රනාන්දු සතු වන අතර බදු ගිවිසුමකින් එහි භුක්තිය රජයට හිමිවේ. ණය ගෙවා අවසන් කිරීමෙන් පසු රෝහලේ භුක්තිය මෙන්ම අයිතියද රජයට ලැබේ.
පවතින සංකීර්ණ අවශ්‍යතාවය අනුව බදු ගිවිසුමක් අත්සන් කර ඇතත්, මාධ්‍ය වාර්තා අනුව (නාමිකව ගෙවන රුපියල් 1000ක වාර්ෂික බදු මුදලක් හැර) රජය විසින් නෙවිල් ප්‍රනාන්දුට බදු මුදලක් ගෙවිය යුතු නැත. මේ පවරා ගැනීම නීත්‍යානුකූලව කළ හැකි වෙනත් වඩා හොඳ ක්‍රමයක් ගැන මටනම් සිතාගත නොහැකිය. වෙනත් අයෙකු විසින් එවැන්නක් යෝජනා කරද නැත. එහෙත්, මුලින් නෙවිල් ප්‍රනාන්දු විසින් ණය කන්දක් රජයේ ඇඟේ ගැසූ බව කියූ අයම දැන් මේ පවරාදීම පවරාදීමක් නොව බදු දීමක් පමණක් බව කියති.
තෙල් සංස්ථා වර්ජනයට හේතු වූ කරුණක් වන්නේ වසර හැත්තෑවකට අධික කාලයක් ප්‍රයෝජනයට නොගනිමින් තිබුණු තෙල් ටැංකි ගණනාවක් රජය විසින් විදෙස් සමාගමකට බදු දීමයි. මේ බද්දේ බදු කාලය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ බදු කාලයට වඩා දිගු කාලයකි. කෙසේ වුවද, බදු කාලය අවසානයේ මේ තෙල් ටැංකි වල අයිතිය නැවත ශ්‍රී ලංකා රජයට හිමි වේ.
මීට කලින් තෙල් ටැංකි කිසියම් ප්‍රමාණයක් බදු ගත් ඉන්දියානු තෙල් සමාගම දැන් විශාල ලෙස ලාභ උපයන බව පැවසේ. ඉන්දියානු තෙල් සමාගම උපයන ලාබ වලට ප්‍රධානම හේතුව ඔවුන්ගේ දක්ෂතාවයකටත් වඩා, රජය මඟින් කාලයක් තිස්සේ කරන තෙල් පිරිපහදු කර (හෝ ආනයනය කර) විකිණීමේ ව්‍යාපාරයේ අකාර්යක්ෂමතාවයයි.
තෙල් සංස්ථාව ලංකාවේ රජයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ හොඳම නිදර්ශනයකි. කාලයක් තිස්සේ මේ ආයතනයේ "පුරප්පාඩු" පිරවුණේ මැතිවරණ වලදී යම් අපේක්ෂකයින්ට උදවු කිරීම හා ගමේකම වැනි කරුණු මත මිස අඩු වශයෙන් අදාළ පුරප්පාඩු තිබීම හෝ නිසා නොවේ. ඇතැම් තනතුරු වලට පුද්ගලයින් බඳවා ගැනීමෙන් පසුව අදාළ තනතුරු වල සේවය කරන්නට පුරප්පාඩුවක් ඇති වන තුරු නිකම් වැටුප් ගනිමින් සිටින්නට සිදු වූ අවස්ථා තිබුණේය. ඇතැම් අය තෙල් සංස්ථාවෙන් වැටුප් ලැබුවේ ඇතැම් මැතිවරණ වලදී ඇතැම් අපේක්ෂකයින්ගේ ගම්පළාත් වල පදිංචි වී ඔවුන්ට උදවු කිරීම වෙනුවෙනි. මේ අකාර්යක්ෂමතාවයන්ගේ මිල ගෙවන්නේ රටේ ඉන්ධන පාරිභෝගිකයින් විසිනි. ජාත්‍යන්තර තෙල් මිල කෙතරම් අඩු වුවත් ලංකාවේ තෙල් මිල සමානුපාතිකව අඩු නොවන්නේ තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවයන් නිසාය.
ඉන්දියානු තෙල් සමාගම පැමිණීම නිසා තෙල් සංස්ථාවේ ඒකාධිකාරය යම් පමණකින් අඩු වුවත් ඒ හේතුවෙන් පාරිභෝගිකයින්ට සැලකිය යුතු වාසියක් සිදු වී නැත. ඒ, ඉන්දියානු තෙල් සමාගම කැමති වුවත් ඔවුන්ට අඩු මිලට තෙල් විකිණීමට ඉඩක් නැති බැවිනි. ඒ නිසා, ඔවුන්ගේ සාපේක්ෂ කාර්යක්ෂමතාවයේ වාසිය පාරිභෝගිකයන්ට නොගොස් ඔවුන්ගේ ලාභ ලෙස එකතු වෙයි. ඔවුන්ට මිල තීරණය කිරීමට නිදහස ලැබේනම් පාරිභෝගිකයින්ට අඩු මිලකට ඉන්ධන ලැබෙනු ඇති අතර, ඉන්දියානු තෙල් සමාගමේ ලාභ ආන්තික අඩු වුවත්, ඉල්ලුම වැඩි වීම නිසා ඔවුන්ගේ ලාභ තවත් වැඩි වනු ඇත. එහෙත්, එවිට සිදුවන්නේ තෙල් සංස්ථාවේ අලාභ තවත් ඉහළ යාමයි.
තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවයන් නිසා රටේ ජීවත් වන මිලියන ගණනක් පාරිභෝගිකයින්ගේ පාරිභෝගික අතිරික්තයෙන් කොටසක් අහිමි වී තිබේ. අකාර්යක්ෂමතාවයන් "හොරකම් කිරීම්" වලටද වඩා හානිදායකය. කිසියම් පොදු දේපොලක් කිසිවකු විසින් හොරකම් කළ විට මෙසේ හොරකම් කළ සම්පත් අඩු වශයෙන් හොරා විසින් භුක්ති විඳී. එයින් වෙනස්ව, අකාර්යක්ෂමතාවයන් පවත්වාගෙන යාමේදී සිදු වන්නේ ලැබෙන්නට තිබුණු යම් වාසියක් කිසිවෙකුටත් නොලැබී යාමයි. හොරකමකදී එය ලැබිය යුතු පුද්ගලයාට නොලැබුණත් වෙනත් අයෙකුට හෝ ලැබේ.
ප්‍රයෝජනයට නොගෙන නිකරුණේ තිබෙන සම්පතක් කොයි තරම් වටිනා එකක් වුවත් එයින් කිසිදු අලුත් සම්පතක් ජනනය වන්නේ නැත. ඔබේ ඉඩමේ පැත්තක ඇති පුරන් වූ කුඹුරු කෑල්ල අස්වද්දන්නට වැය කළ යුතු මුදලට වඩා අඩු මුදලකින් ඔබට කඩෙන් හාල් මිල දී ගත හැකිනම් ඔබ විසින් කුඹුර අස්වද්දන එකෙන් ඔබට සිදුවන්නේ ශුද්ධ අයහපතකි. එහෙත්, කුඹුර අස්වද්දා ලාබ ලැබිය හැකි කෙනෙක්ට එය බද්දට දීමෙන් ඔබට බදු මුදලක්ද, ඔහුට ලාබයක්ද ලැබේ. ඔබට බදු මුදල ගෙවීමෙන් පසුවද ඔහු විශාල ලාබයක් ලබන්නට පුළුවන. ඒ ලාබය ඔබට ලැබිය හැකිව තිබුනේයැයි පසුව දුක් වීම තේරුමක් නැති දෙයකි. අවුරුදු ගණනක් අස්වැද්දුවේ නැති කුඹුර තවත් අවුරුදු ගාණක් ගියත් ඔබ විසින් අස්වද්දන්නේ නැත. ඒ නිසා, පුරන් කුඹුරෙන් ඔබට කිසිදු වාසියක් සැලසෙන්නේද නැත. නමුත්, එය බදු දීමෙන් ඔබට බදු මුදල හෝ හිමි වේ. එයට අමතරව, ඇතැම් විට ඔබට එහි නිපදවෙන වී හෝ හාල් තරමක් අඩු මිලකට මිලදී ගන්නට ලැබෙන්නට වුවද ඉඩක් තිබේ. (කුඹුර බදුගත් පුද්ගලයාගේ තරුණ පුතා ඔබේ දුව සමඟ සම්බන්ධයක් ඇති කරගන්නට ඉඩ තිබීම වැනි කරුණුද බදු දෙන්නට පෙර සලකා බැලිය යුතුය.)
ඇතැම් අය කියන පරිදි තෙල් ටැංකි බදු දීම බදු දීමක් නොව පවරා දීමකි. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාදීමේ ක්‍රියාවලිය අවසන් වන තුරු බදු ගිවිසුමක් අත්සන් කිරීම බදු දීමක් යැයි කියමින් විවේචනය කරන අයත්, තෙල් ටැංකි බදු දීම පවරා දීමක්යැයි කියන අයත් එකම පිරිසක් වීම විශේෂත්වයකි. තෙල් ටැංකි පැවරීම අගය කරන අය අතර කලකට පෙර චීනයට සම්පත් විකිණීම ගැන කනස්සල්ල පලකළ අය රැසක් සිටීම තවත් විශේෂත්වයකි.
ඒ බදු දීමත්, මේ බදු දීමත් හැර තවත් බදු දීම් තිබේද?
චීනයට බදු දුන්නේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි තෙල් ටැංකි. එවා වසර කීපයකට පෙර වීන නය මත චීනුන්ම හදපු එකක්. හම්බන්තොට අසලින් යන නැව් වලට තෙල් ගහන්න කියලා හැදුවට තෙල් ගහන්න කියලා නැව් 10 ක් වත් ආවේ නෑ. වරායට විශාල පාඩුවක් සිද්ධ වුනා. මොකද තෙල් වැඩි මිලට අරං ගබඩා කරල තිබුනෙ. පස්සේ තෙල් මිල බැස්සා. සිංගප්පූරු වරාය හා මහාමාර්ග එක්ක අපිට තෙල් වලට තරඟයක් දෙන්න බෑ. විශේෂයෙන් වරාය අධිකාරිය වගේ අර්ධ රාජ්‍ය ආයතනයකට . මෙතන අපේ තෙල් සංස්ථාවවට වුනත් එච්චරයි. ලංකාවේ වගේ ලෝකයේ තෙල් මිල පාලනයක් නැති නිසා. කව්රැවත් මේ කාරනේ ගැන කතා කරන්නේ නැත්තේ දන්නැතිවද නැත්නම් දේශපාලන කුහකකමටද කියලා අපි තේරුම් ගත යුතුයි.
ReplyDeleteපැහැදිලි කිරීමට ස්තුතියි!
Delete/* තෙල් සංස්ථා වර්ජනයට හේතු වූ කරුණක් වන්නේ වසර හැත්තෑවකට අධික කාලයක් ප්‍රයෝජනයට නොගනිමින් තිබුණු තෙල් ටැංකි ගණනාවක් රජය විසින් චීන සමාගමකට බදු දීමයි. */
ReplyDeleteඑය ඉන්දියානු සමාගමක් යැයි සිතමි.
ඔය තෙල් ටැංකි ටික ඒ කාලේ ම, 99 වසරකට ඇමරිකානු හෝ බ්‍රිතාන්‍ය සමාගමකට (ඒ දිනවල ලොක්කන්) බදු දුන්නා නම්...... තව වසර තිහකින් බද්ද ඉවරයි!
ඒ ගොල්න්ගේ තෙල් ටැංකි තමයි 58 බංඩා ජනසතු කලේ . පවුම් 270,000ක් ද කොහෙද ගෙවල තියෙනවාලු බ්‍රිතාන්‍යට
Deleteස්තුතියි, රසික!
Deleteහම්බොට වරාය සම්බන්ද උපුටාගැනිමක්.
ReplyDelete"ඔය ඔක්කොම කමක් නෑ මහා සංවර්ධනය කියමු.මේ මහා සංවර්ධන ව්‍යාපෘති ඒක හදපු රාජ්‍ය නායකය ගෙදරින් ගෙනාපු සල්ලි වලින් හැදුවනම් නැව් නාවත් අහස් යාත්‍රා නාවත් වරාය සහ ගුවන්තොටුපල හදපු එක පංකාදු පහයි කියමුකො.ඒත් එහෙම නෙවෙයි නම් ණය අරගෙන අපි කැලයක් මැද්දෙ ගොඩනැගිල්ලක් හදල ඒ ගොඩනැගිල්ලෙන් අපි බාලාපොරොත්තු වෙන ලාභයක් උපයන්න බැරිනම් වැඩක් තියනවද?අපිට ණය ගෙවන්නවත් ආදායමක් එන්නෙ නැත්නම් අපි තට්ටු ගාණක ගොඩනැගිල්ලක් හදපු එකෙන් ඇති වැඩේ මොකද්ද?මේක තමයි සංවර්ධනය කියල හිත හදාගෙන ඉන්න පුලුවන්ද හැම අවුරුද්දකම බිලියන ගාණක් මේ යෝධ සංවර්ධන ව්‍යාපෘති වලට ගත්ත ණය ගෙවන්න වෙලා."
අනන් ඒක තමයි පින්වතුනි අපි සබීතගේ බිල්ඩිම කුලියට අරන් හිස්ව හරි තියන් ඉන්නේ.... කුලිය ගෙවන්නේ දුමින්ද දිසානායකගේ ගෙදරින් ගෙනාපු සල්ලිවලින්......
Deleteතව එකක් ඔඋ ගොඩනැගිල්ල හැදුවේ නය දුන්න එකාගේම කොන්ත්‍රාත් කාරයමයි. සැලසුමත් එයාගෙමයි . නය ගත්ත එකා කලේ අත්සන් කරල කොමිස් ගත්ත එක විතරයි
Deleteස්තුතියි!
Delete"...ඉහත තත්ත්වය තරමක් සංකීර්ණ තත්ත්වයකි. රජය විසින් රෝහල භාරගන්නා නමුත් ඒ වෙනුවෙන් ලබාගත් ණය ගෙවීමේ වගකීම තිබිය යුත්තේ නෙවිල් ප්‍රනාන්දු සතුවය. රජය හා නෙවිල් ප්‍රනාන්දු අතර අත්සන් කෙරුණු ගිවිසුම මා දැක නැතත්, පවතින නීතිය යටතේ මෙය කළ හැකි හොඳම ආකාරයකට එය සිදු කර ඇති බව පෙනේ. මේ අනුව, ණය ගෙවා අවසන් වන තුරු රෝහලේ අයිතිය නෙවිල් ප්‍රනාන්දු සතු වන අතර බදු ගිවිසුමකින් එහි භුක්තිය රජයට හිමිවේ. ණය ගෙවා අවසන් කිරීමෙන් පසු රෝහලේ භුක්තිය මෙන්ම අයිතියද රජයට ලැබේ...."
ReplyDeleteශා නෙවිල් සියා මාර ධානපතියෙක්නේ! දන්නැති හින්ද අහන්නේ දැන් සබිතගේ බිල්ඩිම ආණ්ඩුවට බදු දීල තියෙනත් ඔහොමද?
//දන්නැති හින්ද අහන්නේ දැන් සබිතගේ බිල්ඩිම ආණ්ඩුවට බදු දීල තියෙනත් ඔහොමද?//
Deleteමම දන්නෙත් නෑ. හොයා ගත්තොත් මටත් කියන්න.
පාඩුලබන වරාය බදු දීමයි පාඩු ලබන නෙවිල්ගේ ඉස්ප්රිතලේ බදු ගැනීමයි දෙකම හරි කියලා කියනෙත් එකම කටිටියක් නේද?
ReplyDeleteඅනේද කියන්නේ! සමාජවාදීවාදී එකකුයි(චීන), ධනපතියෙකුයි (නෙවිල්) සමාන ලෙස සලකන්නේ අමු කැවිලා නේ.
Deleteදෙකම එකයි අන්තිමට රජයට අයිති වෙනවා
Delete@Anonymous July 31, 2017 at 8:34 AM
Deleteදැන් ඉකොනොමැට්ට පුනපුනා කියන්නේ රජය කළමනාකරණයේදී අදක්ෂයි කියලන. ඒ කියන්නේ බදු කාලසීමාවන් පස්සේ මේවා රජයට අයිතිවුනහම ඔක්කොම හරිද?
//පාඩුලබන වරාය බදු දීමයි පාඩු ලබන නෙවිල්ගේ ඉස්ප්රිතලේ බදු ගැනීමයි දෙකම හරි කියලා කියනෙත් එකම කටිටියක් නේද?//
Deleteදෙවෙනි එක ගැන පෙර ලිපියක පැහැදිලි කර තිබෙනවා.
2016 මහා බැංකු වාර්තාවට අනුව තෙල් සංස්ථාව රුපියල් බිලියන 69.9ක ලාභයක් ලබා තිබෙනවා... එම වාර්තාවේම කියවෙන පරිදි මෙයට හේතුව ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩු වීම... තවත් විදියකින් වැඩි මුදලකට රට තුල විකිණීම... ඒකාධිකාර බලය enchash කිරීම
ReplyDelete//ඒකාධිකාර බලය enchash කිරීම//
Deleteඔබ කියන දෙය නිවැරදියි. එහෙත් මෙහි තිබෙන ලොකුම ප්‍රශ්නය මෙයම නොවෙයි. කවුරු හෝ තමන්ගේ ඒකාධිකාර බලය මුදල් කරන විට එසේ කරන අයට හෝ වාසියක් වෙනවා. තෙල් සංස්ථාව සැලකූ විට ඒ ඒකාධිකාරී ලාභ රජය හරහා කාට හෝ ලැබෙනවා. මම අකාර්යක්ෂමතාවය කියන්නේ එයම නෙමෙයි. පාරිභෝගිකයින් වැඩියෙන් මුදල් ගෙවුවත් තෙල් සංස්ථාවේ ලාභ බවට නොහැරෙන කොටසක් තියෙනවා. මෙය කාටවත්ම නොලැබී නැති වී යනවා. තව විදිහකින් කිවුවොත් තෙල් සංස්ථාවේ ලාභ රුපියලකින් වැඩි කරගන්න පාරිභෝගිකයින්ට රුපියල් දෙකක් වැඩියෙන් ගෙවන්න වෙනවා. මේ දෙවන රුපියල අන්තීමට කාටවත් නැහැ. ඒකාධිකාර වල තිබෙන ප්‍රශ්නය මෙයයි. (මෙය තාක්ෂණික කරුණක්.)
හම්බන්තොට වරායේ පිවිසුම් චැනල් එකේ ගලක් තිබ්බා මතකද ? ඒක කැඩුවෙත් චීනම තමයි උෘ ඉල්ලපු ගාන ඩොලර් නිමියන ගානක් . ගලේ සයිස් එක මැන්නතේ චීනමයි. කැඩුවට පස්සේ දැන් හරි කිව්වෙත් චීනමයි. අනිතිමට ලංකාවේ ඉංජිනේරුවෙක්ට අත්සන් කරන්න කිවා . උෘ බෑ කියල අස්වෙලා ඕස්ටේරලියාවට ගියා. කව්රු අීසන් කරාද දන්නෑ. කොමිස් කුට්ටිය කාටද කියල හිතාගන්න පුළුවන්ද ?
ReplyDeleteහැබැයි ගලක් තියෙනව කියල කිවේ රනිලුයි දයාසිරියි!!! රිලාසිරියා කොහොම උනත් රනිල් නම් ගල් ගැන හොඳට දන්නවා. රනිල් රෑට රෑට හොරෙන් ගල කැපුවද දන්නේ නැහැ...
Deleteගලක් නෑ කිව්වෙ මාල කඩල ඇමති වෙච්ච වෙච්ච මරාගෙ ගෝලබාල රත්තරන් නෙ :) හැබැයි නයගත්ත චීන බැංකුවෙ වෙබ්සයිට් එකෙත් තිබ්බ ගල කඩන්න නය ගත්ත කියල. හැබැයි කමෙන්ට් දාන බයියො කියන්නෙ ගලක් නෑමයි කියල :)
Deleteමහත්මයා වැඩ කරන්නේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේද? එජාපයේ සෑම ආර්ථික ප්‍රතිපත්තියක්ම මහා උජාරුවට වර්ණනා කරමින්, සාධාරණය කරමින් ඔබතුමා ලියන නිසයි ඇහැව්වේ.
ReplyDeleteතොරතුරු එක්ක හරි දේ කිව්වොත් ඒගොල්ලො අගමැතිගෙ හෝ ජනපතිගෙ. විරුද්ධ වෙන වර්ජන කරන අය නම් දේශපාලන සම්බන්ධයක් ඇති සාමාන්‍ය මිනිස්සු. - බයි ලොජික්
Deleteඑකනේ මෙයා, පාඩු ලබන වරාය බදු දෙන එක හොඳයිලු , ඒවගේම පාඩු ලබන නෙවිල්ගේ ඉස්පිරිතාලේ බදු ගන්න එකත් හොඳයිලු, බැදුම්කර වැලි කිසිම පාඩුවක් වලන් කිසිම පාඩුවක් වල නැතිලු, අලෝසිඅස්ට ලැබිල තියෙන්නේ පොතේ ලාභයක්ලු, ඉස්සරහට තියෙන ලිපියෙන් කියනවා, ඇලෝසියස් රවිට ගෙයක් අරන්දීම මගින් රජයේ කර්ක්ෂමතාව වැඩිවෙන් හැටි...
Delete//මහත්මයා වැඩ කරන්නේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේද?//
Deleteනෑ
සත්‍ය කතා දෙකක්,
ReplyDeleteමීට අව්රුදු 15 කට විතර කලින් ගෙවල් ළඟ පාර අද්දර පර්චස් 15ක් විතර ඉඩමක් තිබ්බ අපේ නෑදෑයෙක් ඉඩමට loan එකක් දාල තට්ටු 2 කට plan එක අනුමත කරන් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් හැදුව. පළමු තට්ටුව හදල ඉවර වෙනකොටම loan එක ඉවරයි.
පස්සේ loan ඉන්ස්ටල්මෙන්ට්ස් අවුල් වෙලා bank එකෙන් ඉඩම වෙන්දේසි කරන්න හදනකොට එක මනුස්සයෙක් ගොඩනැගිල්ල බදු ගත්තා අව්රුදු 10 කට ලොකු key money එකකුත් දීල. ඒකාලේ අපේ අම්මලා නම් කිව්වේ ඕක කවද හරි බදු ගත්ත මිනිහම අයිති කර ගනී කියල. එත් අන්තිමට උනේ දැන් දෙවෙනි තට්ටුවත් ගහල බදු දීල ගෙදර මිනිස්සු ආතල් එකේ ඉන්නවා. ඒ මාමා කියන්නේ හරියට key money manage කරගත්ත නිසා සහ බදු ගත්ත මිනිහ එක්ක හොදින් හිටපු නිසා ගොඩ ගියාලු.
තවත් දන්නා පවුලක පාර අයිනේ ඉහත පවුලේ ප්‍රමානයේම බිල්ඩිමක් loan දාල හදල කුලියට දීල අව්රුද්දක් දෙකක් යනකොට බදු ගත්ත මිනිහට මොනා හරි කරලා එලවල දාල ගෙදර කට්ටිය ඒ ව්‍යාපාරය කරගෙන යනවා. ටික දවසකින් ව්‍යාපාරය බංකොලොත් වෙනවා. අයිත් කුලියට දෙනවා. මෙහෙම අවුරුදු 10ක් 12ක් කලා. දැන් අව්රුදු 2-3 කට කලින් මුළු බිල්ඩිමම විකුණලා දැම්ම අන්තිමේ.
බදු දීමත් කලාවක්....
මාමා කඩේ බදු දීලා එයාටයි ළමයින්ටය් කාර් ගත්තේ නැද්ද? අපේ රනිල් මාමා නම් කරන්න යන්නේ එහෙම.
Delete//බදු දීමත් කලාවක්.... //
Deleteඇත්ත.
හම්බන්තොට වරාය පාඩු ලබන බවත් විශාල ණය මුදලක් ගෙවීමට ඇති බවත් කියන පාඩු ලබන කතාව මේ විකුණා දැමීමේ ද්‍රෝහී ක්‍රියාව සාධාරණීකරණය සඳහා කියන පට්ටපල් බොරුවක්.
ReplyDelete2011 වසරේ රු. මි. 11ක ආදායමක් ලබපු හම්බන්තොට වරායේ ආදායම 2012 රු. මි. 135ක්, 2013 රු.මි. 565ක්, 2014 රු.මි. 1277ක් සහ 2015 රු.මි. 2145ක් විදිහට ඉහළ ගියා.
ඒ වගේ ම 2016 වසරේ වරාය අධිකාරිය රු.බි. 44ක ආදායමක් ලැබුවා. එහිදී වරාය අධිකාරිය රු.මි. 16,700ක් ණය පොලී ගෙව්වා. ඊට 2016 වසර සඳහා රු.මි.7,100ක් වූ හම්බන්තොට ණය පොලී වාරිකයත් ඇතුළත්.
සියලු වියදම් සහ ණය පොලී ගෙව්වාට පස්සේ 2016 වසරේ වරාය අධිකාරියේ ශුද්ධ ලාභය රු.බි. 11යි. (රු.මි. 11,000ක්).
හම්බන්තොට වරායේ 2015 වසරට සාපේක්ෂව රු.බි. 5කින් ලාභ ඉහළ ගියා. මේ විදිහට රටට මුදල් හම්බ කරලා දෙන වරාය තමයි රු.බි. 165කට විකුණා දමන්න හදන්නේ. එම සම්පූර්ණ මුදලම ණය ගෙවන්න වෙන් කළත් සමස්ථ රාජ්‍ය ණයවලින් ගෙවන්න පුළුවන් 1.7%ක් විතරයි.
වසර 15ක් පුරා සහන පොලී මත ගෙවන්න ගත් මේ ණය පොලී හම්බන්තොට වරායේ ආදායමින් ගෙවන්න පුළුවන්. එහෙම නොකර වරාය විකුණ ගෙන කෑම රත්තරන් බිජු දමන කිකිළිය මරාගෙන කෑමක්.
ඔය සංඛ්‍යාලේඛණ තියෙන තැනක් කියන්න පුලුවන්ද?
Deleteසිංගප්පූරු වරාය දියුණු කළ ආචාර්ය එන්. එම්.පෙරේරා
ReplyDelete- විශේෂ(අ)ඥ (අ)මනෝ වෛද්‍ය රුවන් එම්.ජයතුංග M(A)D සූ(කූ)රීන්ගේ ලිපියට
පසු වදනකි.
කවදත් බ්ලොග් ලොව වෙත නොමසුරුව නව නළු රසය බෙදන කැනඩාවාසී , M(A)D උපාධිධාරී, ලෝ පකට පුඟුලකු වන විශේෂ(අ)ඥ (අ)මනෝ වෛද්‍ය රුවන් එම්.ජයතුංගයන් විසින් “සිංගප්පූරු වරාය දියුණු කළ ආචාර්ය එන්. එම්.පෙරේරා” යන සිරිසින් යුතුව මනරම් වියනුවක් පළකර තිබිණි.
සැබවින්ම මේ ජයතුංගයන් සකල කලාවෙහිම කෙල (කෙල) පැමිණියෙකි. නොදන්නා විෂයක් නොමැත. මීට කලකට පෙර මේ ජයතුංගයෝ “71 කැරැල්ල - ආරම්භයේ සිට අවසානය දක්වා පූර්ණ සමාලෝචනයක්” යන නමින් මාහැඟි ග්‍රන්ථ රත්නයක් ලියා පළකළහ.
ඒ හා සමාන ග්‍රන්ථ රත්නයන් දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම අතීතයේ සිටම පවතින අතර ඒවා හැඳින්වෙනුයේ “අපරාධ තොරතුරු පොත” නොහොත් CIB යන කෙටි යෙදුමෙනි. සියලු පැමිණිලි සහ ප්‍රකාශ සටහන් කරනුයේ මේ මාහැඟි රත්නයන්හිය.
එබැවින් මේ රත්නයන්ද ප්‍රකාශයට පත් කළ යුතුමය. මක්නිසාදයත් ජයතුංගයන්ගේ ග්‍රන්ථ රත්නය “පූර්ණ සමාලෝචනයක්” නම් පැමිණිලි සහ ප්‍රකාශ සටහන් අපරාධ තොරතුරු පොත් ද “පූර්ණ සමාලෝචනයන්” අඩංගු ග්‍රන්ථ රත්නයන් ලෙස නිසැකවම සැලකියයුතු බැවිනි.
ඒ අනුව මේ පොත් හි බොහෝ විට සටහන් ලියන කොස්තාපල්වරුන් හා කොස්තාපල්වරියන් ද “පූර්ණ සමාලෝචනයේ” කෙළ පැමිණි කෘතහස්ත ලේඛක ලේඛිකාවන් ලෙස සැලකිය යුතුමය.
සිංගප්පූරු වරාය පිළිබඳව ජයතුංගයන් මෙන් වෙසරද දැනුමක් ලබනට අවැසි නොවන හුදී ජන ඔබට ඒ පිලිබඳ යම් සරල අවබෝධයක් ලබාගැනීමට විකිපීඩියාව පමණක් සෑහේ.
මූලාශ්‍රය: https://en.wikipedia.org/wiki/Port_of_Singapore
සැබවින්ම ජයතුංගයන්ගේ ලිපියේ කථානායකයා වන නානායක්කාරපතිරගේ මාටින් පෙරේරා ජයතුංගයන් ගේ පා කමල දෝවනය කිරීමටවත් නුසුදුස්සෙකි. ලෝ ප්‍රකට යුක්රේනයේ විනිස්ට්සා සරසවිය වෙතින් M(A)D උපාධිය ලද විශේෂ(අ)ඥ (අ)මනෝ වෛද්‍ය රුවන් එම්.ජයතුංගයන්ගේ දැනුම ඉදිරියෙහි එක්සත් රාජධානියේ ලන්ඩන් ආර්ථික හා දේශපාලන විද්‍යා පාසලින් Phd උපාධියත් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් Dsc උපාධියත් ලද ද්විත්ව ආචාර්ය උපාධිධාරියකු යයි කියන මේ මාටින් පෙරේරා හිරු දුටු කදෝපැණිකි.
නවතම විශ්වවිද්‍යාල වර්ගීකරණයට අනුව The London School of Economics and Political Science එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයන් 160 ක් අතුරින් 06 වන ස්ථානය හිමිකරගන්නා අතර ලෝකයේ විශ්වවිද්‍යාලයන් අතුරින් 104 වන ස්ථානය හිමිකර ගනී.
මූලාශ්‍රය: http://www.4icu.org/reviews/4724.htm
ඒ අතර එක්සත් රාජධානියේ University College London එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයන් 160 ක් අතුරින් 03 වන ස්ථානය හිමිකරගන්නා අතර ලෝකයේ විශ්වවිද්‍යාලයන් අතුරින් 45 වන ස්ථානය හිමිකර ගනී.
මූලාශ්‍රය: http://www.4icu.org/reviews/4759.htm
වසර 1921 දී ආරම්භ කරන ලද යුක්රේනයේ Vinnitsa National Medical University යුක්රේනයේ විශ්වවිද්‍යාලයන් 170ක් අතුරින් 84 වන ස්ථානය හිමිකරගන්නා අතර ලෝකයේ විශ්වවිද්‍යාලයන් අතුරින් 8068 වන ස්ථානය හිමිකර ගනී.
මූලාශ්‍රය: http://www.4icu.org/reviews/4659.htm
මේ අනුවද ඒ මාටින් පෙරේරා ලද ශාස්ත්‍රාලීය අධ්‍යාපනය මේ ජයතුංගයන් ලද ශාස්ත්‍රාලීය අධ්‍යාපනයට අලගු තැබීමටත් නොසරිලන බව නොකිව මනාය.
එසේම ජයතුංගයන් නොයෙක් වර සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව යනු තුන්වන ලෝකයේ හිඟන රටක් බවය. මේ තුන්වන ලෝකයේ හිඟන රටේ පැරණිතම විශ්වවිද්‍යාලය 1921 වසරේ ඇරඹි කොළඹ විශ්ව විද්‍යාලයයි.
ඉහත මූලාශ්‍ර සැපයෙන වෙබ් අඩවියට අනුව University of Colombo ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන් 16 ක් අතුරින් 01 වන ස්ථානය හිමිකරගන්නා අතර ලෝකයේ විශ්වවිද්‍යාලයන් අතුරින් 2051 වන ස්ථානය හිමිකර ගනී.
මූලාශ්‍රය: http://www.4icu.org/reviews/4300.htm
මේ තුන්වන ලෝකයේ හිඟන රටේ විශ්වවිද්‍යාල 16 අතුරින් අවසන් ස්ථානය 1996 වසරේ ආරම්භ කළ අනුරාධපුරයේ හික්ෂු විශ්වවිද්‍යාලයට හිමිවන අතර ඉහත වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන් 16 ක් අතුරින් අවසාන ස්ථානය හිමිකරගන්නා Bhiksu University of Sri Lanka ලෝකයේ විශ්වවිද්‍යාලයන් අතුරින් 7614 වන ස්ථානය හිමිකර ගනී.
මූලාශ්‍රය: http://www.4icu.org/reviews/17348.htm
ඉහත විස්තරය අනුව අප ජයතුංගයන් ලද ශාස්ත්‍රාලීය අධ්‍යාපනය කෙතරම් විශිෂ්ටද යන්න ඔබට අවබෝධ වනු ඇත. එවන් විද්වතකු වෙතින් “සිංගප්පූරු වරාය දියුණු කළ ආචාර්ය එන්. එම්.පෙරේරා” වැනි සාරගර්භ වියනු පලවීම පාඨක අපගේ භාග්‍යයකි.