වෙබ් ලිපිනය:

Thursday, July 20, 2017

පොලීසිය තවමත් හිටපු තැනමද?


සයිටම් විරෝධය අනවශ්‍ය දුරකට දිග්ගැසෙමින් පවතින බව මගේ පෞද්ගලික අදහසයි. රජය පැත්තෙන් සෑහෙන තරම් නම්‍යශීලී වී සිටියදීද සයිටම් විරෝධීන් සුළුවෙන් හෝ නම්‍යශීලී වන්නට සූදානම් නැත. එහෙත්, ඒ මා මෙය දකින ආකාරයයි. සියළු දෙනාම මා සිතන අයුරින් සිතිය යුතු නැත. සයිටම් යනු විශාල ප්‍රශ්නයක් ලෙස සිතන සැලකිය යුතු පිරිසක් සිටින අතර සයිටම් විරෝධය නොතකා හැරිය යුතු තරම් සිල්ලර එකක් නොවේ.

අවංකවම සයිටම් යනු විශාල පෞද්ගලික හෝ පොදු ප්‍රශ්නයක් සේ දකින අයට පමණක් නොව කිසියම් දේශපාලන අරමුණක් ඇතිව මේ විරෝධය හා බද්ධ වී සිටින අයට පවා තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට අයිතියක් තිබේ. අනුමත කළ නොහැක්කේ මෙවැනි විරෝධතා පොදු දේපොළ විනාශ කරන මට්ටමකට යාම පමණි.

පොලීසිය විසින් සිසුවෙකු අත් අඩංගුවට ගැනීමට දරන උත්සාහයක් සිසුන් එක්ව ව්‍යවර්ථ කරන අවස්ථාවක වීඩියෝ දර්ශන මේ වන විට වත්පොතේ වේගයෙන් පැතිරෙමින් තිබේ. ඉතා පැහැදිලිවම, මේ උත්සාහය සමාන කළ හැක්කේ අත් අඩංගුවට ගැනීමකට වඩා පැහැර ගැනීමකටය. සිසුවා අත් අඩංගුවට ගැනීමට පැමිණෙන පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුම් වලින් සැරසී සිටින අතර ඇතැම් අය රැවුල් වවා සිටිති. මේ අය පොලිස් බුද්ධි අංශ වලට සම්බන්ධ නිලධාරීන් විය හැකිය.

හරියටම දන්නේ නැතත්, මෙසේ අත් අඩංගුවට ගැනීමට සැරසෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පොදු දේපොළ හානි කිරීම සම්බන්ධව චෝදනා ලබා ඇති සිසුවෙකු විය හැකිය. එවැනි සිදුවීම් අධෛර්යමත් කිරීම සඳහා සිද්ධියට සම්බන්ධ වූ සිසුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කළ යුතුය. එහෙත්, මේ සිදුවීම දේශපාලනික කරුණක් අරභයා පැවති විරෝධතා සටනකදී සිදුවූ දෙයක් බවද අමතක නොකළ යුතුය.

මේ වරද හා අදාළව සිසුවෙකු අත් අඩංගුවට ගැනීමට පෙර වරෙන්තුවක් පෙන්වීම අවශ්‍ය කරුණක් නොවිය හැකිය. එමෙන්ම, ඇතැම් වරදකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසියට මෙවැනි උපාය මාර්ග අනුගමනය කිරීමට සිදුවනවාද විය හැකිය. එහෙත්, මේ අවස්ථාවේදී නිල ඇඳුම් රහිතව පැමිණ විරෝධතා සටනකදී පොදු දේපොළ හානි කිරීමට චෝදනා ලබා සිටින සිසුවෙකු (මා හිතන පරිදි) අත් අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම පොලීසිය විසින් අනවශ්‍ය දුරක් යාමකි.

පොදු දේපොළ හානි කිරීම වරදක් වුවත්, විරෝධතා සටනකදී වරක් එසේ කළ අයෙකු නිදැල්ලේ සිටීම මිනීමරුවෙකු හෝ ස්ත්‍රී දූෂකයෙකු නිදැල්ලේ සිටීම තරම් බරපතල ප්‍රශ්නයක් නොවේ. එවැනි චෝදනාවක් ලබා සිටින අයෙකු නිල ඇඳුම් රහිතව පැමිණ අත් අඩංගුවට ගැනීමෙන් පසුව, පොලීසියට තමන් එවැනි අත් අඩංගුවට ගැනීමක් නොකළ බව කියන්නට හැකියාව තිබේ. එවැනි සිදුවීම් ලංකාවට නුහුරු දේ නොවේ. යම් හෙයකින් මේ අවස්ථාවේ එසේ සිදු නොවුනද, පොලීසිය විසින් කරන එවැනි එක් අත් අඩංගුවට ගැනීමක් වෙනත් අයටද සිසුන් පැහැර ගැනීමට ඉඩකඩ සලසයි. එය හොඳ තත්ත්වයක් නොවේ. පොලීසිය විසින් මේ ආකාරයේ අත් අඩංගුවට ගැනීම් සිදු කිරීමෙන් විය හැකි සමස්ත හානිය චෝදනා ලබා සිටින සිසුවා නිදැල්ලේ සිටීමෙන් සිදුවන හානියට වඩා බොහෝ වැඩිය.

අනෙක් අතර මෙවැනි සිදුවීම් වලින් වෙන්නේ සයිටම් විරෝධී සටනට ඉන්ධන හෙලනු ලැබීම හා විරෝධතාකරුවන්ට විරෝධය දැක්වීමට තවත් කරුණු හදා දීමකි. සයිටම් විරෝධය දිගටම පවත්වා ගැනීමට අවශ්‍ය අය අතර වෙනස් දේශපාලනික අරමුණු ඇති විවිධ කණ්ඩායම් සිටින්නට පුළුවන.

https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/1038730942934020/

(Image: http://www.salem-news.com/articles/february262012/white-vans.php)

27 comments:

  1. මටනම් පේන්නෙ සුදු වෑන් ආපහු පටන් ගන්න යන පෙර නිමිති. ආණ්ඩුව සෑහෙන්න අනාගෙන ජනතා අප්‍රසාදයට පත් වෙලා තියෙන නිසා තමයි මේවා සිදු වෙන්නෙ. ඔය සිවිල් ආපු සුදු වෑන් කාරයන්ට පොලුවලින් ගහලා අත පය කඩලා වෑන් එකත් ගිණි තියන්න තිබුණෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රභාත්, රාජපක්සුෂ යුගයේ සුදු වෑන් පැහැර ගැනීම හමුදා කොටස් විසින් දේශපාලන අරමුණුක් වෙනුවෙන් හෝ කප්පම් ලබා ගැවනීම වෙනුවෙන් සිදු කල අනීතික මෙහෙයුමක්. ඉහක මට්ටමේ දේශපාලන චරිත මෙයට සම්බන්ද වූ බව පැහැදිලියි. වරද කරුවෙකු පොලිස් අත්අඩංගුවට ගැනීම වෙනම ක්‍රියාදාමයක්. දැන් අත් අඩංගුවට පත් නොවූ වින්දිතයාට තමන් පැහැර ගැනීමට උත්සාහ දැරීම ගැන නීතිමය ක්‍රියා මාර්ග ගැනිමට දැන් පුළුවන්. නමුත් ඔහු එසේ කරන්නේ නැත්තේ නියත ලෙසම ඔහු අත් අඩංගුවට පත් විය හැකි නිසයි. ජනවාරි 8 ජන්දය දුන් අය අතරේ කනස්සල්ක් ඇති නමුත් ඔවුන් කිසි ලෙසක නැවත රජපක්ෂ පාලනයක් වෙනුවෙන් ජන්දය දෙන්නේ නැහැ. රාජපක්ෂ වාදීන් අතර රජය පිරිහී ඇතැයි සිතීම පුදුමයක් නොවෙයි. අනෙක්පො අපරාධ කරුවන්දු මෙන්ම දේපලට හානි කල එවුන්ව අත් අඩංගුවට ගත යුතුමයි

      Delete
    2. 'ඔය සිවිල් ආපු සුදු වෑන් කාරයන්ට පොලුවලින් ගහලා අත පය කඩලා වෑන් එකත් ගිණි තියන්න තිබුණෙ.'

      ඉහත ප්‍රකාශය මගින් නුබ මොන වැනි අයෙක්ද කියා මනාව ඔප්පුකොට ඇත. වැඩියමක් කතා අනවශ්‍යය.

      Delete
    3. //ඔය සිවිල් ආපු සුදු වෑන් කාරයන්ට පොලුවලින් ගහලා අත පය කඩලා වෑන් එකත් ගිණි තියන්න තිබුණෙ//
      සුදුවෑන් සැලසුම්කරුවන්ගේ අපේක්ෂාවද මෙවැන්නක් වූවා විය හැකිය.

      Delete
    4. නෙත් ගුවන් විදුලිය සමග අදහස් පල කරමින් මීලග ජනාධිපතිවරණය සදහා ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඉදිරිපත් කරන්නේ ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කරයි.

      2019 දී ජනාධිපති වීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් එම තරගයට හොදම සුදුස්සා ගෝඨාභය රාජපක්‍ෂ පවත් පැවසූ මන්ත‍්‍රීවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ පූර්ණ ආශිර්වාදයෙන් ඔහු තරගයට පැමිණිය යුතු බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

      කෙසේ වෙතත් මෙය තම පුද්ගලික මතය බවද කී ඔහු අද වන විට රටේ බහුතරයක් සිටින්නේ එම මතයේම බවද සදහන් කලේය.

      Delete
    5. // ජනවාරි 8 ජන්දය දුන් අය අතරේ කනස්සල්ක් ඇති නමුත් ඔවුන් කිසි ලෙසක නැවත රජපක්ෂ පාලනයක් වෙනුවෙන් ජන්දය දෙන්නේ නැහැ. රාජපක්ෂ වාදීන් අතර රජය පිරිහී ඇතැයි සිතීම පුදුමයක් නොවෙයි. //

      දුකට කියන පැල් කවි... :D ����������

      Delete
    6. AnonymousJuly 22, 2017 at 1:46 AM
      අධිතක්සේරුවක ඉන්න එපා. 1994 පොදු පෙරමුන දිනුවාම කවුරුත් හිතුවෙ ආයෙ යූඇන්පී ආන්ඩුවක් එන්නෙ නැතිවෙයි කියල. ඒත් මුළු රටේම සියලු ආසන දිනුවත් ඒ ජනප්‍රියත්වය අවුරුදු හතක් තිබ්බෙ නෑ. 2001 යූඇන් පී ආන්ඩුව තිබ්බෙ අවුරුදු දෙකයි. කවුද හිතුවෙ 2015 මහින්ද පරදියි කියල. ඒ නිසා ජනමතය වෙනස් වෙනවා. ධ්‍රැවීකරනය වූ ජනමතයක් නෑ. ඕනම දෙයක් උඩු යටිකුරු වෙන්න පුලුවන්.

      Delete
    7. //සුදුවෑන් සැලසුම්කරුවන්ගේ අපේක්ෂාවද මෙවැන්නක් වූවා විය හැකිය.//

      බටලන්ද, ප්‍රා එක වගේ ඒව මෙහෙයවපු රනිල්ලා, රාජිතල කියන්නේ සුදු වැන් වල ගෝඩ්-ෆාදර් නෙවෙයි ගෝඩ්-සීයලා. ඒ නිසා ඔවුන්ගෙන් මෙහෙම අසාර්තක සැලසුමක් බලාපොරොතු වෙන්ඩ බැහැ.

      බොහෝ විට කානු කටාගේ මෝඩ පුතාගෙ මෝඩ වැඩක් කියල තමා හිතෙන්නෙ

      Delete
  2. රයන් ජයලත් කියන්නේ දැන් වෛද්‍ය ශිෂ්‍යයෙක් නෙමෙයි. ඔහු කලින් නං වෛද්‍ය ශිෂ්‍යයෙක් තමයි. හැබැයි ෆර්ස්ට් එම්බීබීඑස් එකත් ෆේල් වෙලා, කැට්ස් වලිනුත් ලකුණු අඩු වෙලා වෛද්‍ය ශිෂ්‍යභාවයෙන් අයින් වෙලා ඉන්න කෙනෙක්. ඔහු වගේ මැට්ටෙක් වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ සභාපති වෙලා ඉන්න ඒක තමයි ලොකුම විහිලුව.

    රයන් කරන්නේ ඔහුගේ අනාගතය අදුරු උන නිසා අනිකුත් වෛද්‍ය සිසුවියන්, සිසුන්ටත් වල කපන එක. කොටින්ම කිව්වොත් රයන් ජයලත් කියන්නේ අමු කාලකන්නියෙක්. එයා ගැන දැනගන්න ඕනි නං වෙනින් ෆැකල්ටි වල ඉන්නා අයගෙන් නැතුව මෙඩිකල් ෆැකල්ටි වල ඉගෙන ගන්නා සිසුවියන්, සිසුන්ගෙන් අහන්න. දැනගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. /* ෆර්ස්ට් එම්බීබීඑස් */

      ඒ මොකක් ද ඒ?
      අලුත් විභාගයක් ද?
      අපේ කාලෙ විශ්වවිද්‍යාලවල නම් තිබුණේ Second MBBS.

      Delete
    2. පුෂ්පා ආන්ටි (ආච්චි) ෆැකල්ටි හිටි කාලේ වගේ නෙමේ අන්කල් දැන්. දැන් විභාග වෙනස්.

      Delete
    3. //අපේ කාලෙ විශ්වවිද්‍යාලවල නම් තිබුණේ Second MBBS.//
      මා දන්නා තරමින් First MBBS කියා විභාගයක් දැනටත් නිල වශයෙන් නැත. එහෙත්, semester ක්‍රමය නිසා අපේ කාලයේ මෙන් Second MBBS දක්වා පහසුවෙන් යා නොහැකිය. දැන් Second MBBS එක වර පැවැත්වෙන විභාගයක් නොව එතෙක් semester වල GPA එකයි. පළමු semester එකේ විෂයයන්ද ඇතුළුව කිසියම් විෂයයක් සිවු වරකට වඩා අසමත් වුනොත් පාඨමාලාවෙන් ඉවත් වන්නට සිදු වේ. දෙවන semester එක (පළමු වසර) අවසානයේදී පැවැත්වෙන repeat exam නොනිල ලෙස First MBBS ලෙස හඳුන්වනවාද කියා නොදනිමි. පේරාදෙණිය Medical faculty handbook එකේ ඇති තොරතුරු මා තේරුම් ගත් ආකාරය අනුව දමන ප්‍රතිචාරයකි. රුහුණේ Medical faculty handbook එකේ යාවත්කාලීන පිටපතක් සොයාගන්නට නැතත් එහි තත්ත්වයද සමානයයි සිතමි.
      https://med.pdn.ac.lk/notices/studentnotices/2014-15%20Batch/General%20Information%20Booklet%202016.pdf
      http://www.medi.ruh.ac.lk/images/handbook/MedicalFacultyHandbook.pdf

      Delete
    4. සයිතම් විරෝධී Facebook පෝස්ටර් එකක මෙහෙම දෙයක් දැක්කා. "කොලඹ වයිද්ය පීඨ රේටින් අවසාන විභාගය සමත් වන්නේ 79%ක් වුවත් සයිතම් එකේ එය 100% ක් බවත් මෙය විශ්ලේෂණය කරන්නේ කෙසේද? A3 ගත්ත අය අසමත් වෙනවා නම් අනෙක් වයිද්ය පීඨ වල සිසුන් සමත් වන්නේ කෙසේද? ප්‍රමිතිය වෙනස් නිසාද?

      Delete
    5. @ serendipity July 21, 2017 at 10:46 PM,

      ලංකාව හරි වෙනස්නේ මෙයා....., ඒ වෙනසට අපි ගරු කරන්න ඕනෙනේ....
      දැන් පොදු දේපල කැඩුවා කියලා ශිෂ්‍යන්ව හොයා හොයා අත්අඩංගුවට ගන්නවා... ඒ වුනාට සෙන්කොලේ කඩලා විනශ කලාට අඩු ගැනේ චෝදනාවත් නැහැ.... උතුරේ දෙමලු පොලිස් ට්‍රක් ගිනි තිබභාම පොලිසිය නැට්ට පුකේ ගහගත්තු බල්ලෝ වගේ ඉඳලා එකත් අල්ලලා මේඩ්ඩන්ටයි අන්තරේ උන්ටයි නෙලනවා...

      Delete
  3. සයිටම් ආයතනයකි.
    සයිටම් විරෝධයද ආයතනයක්වී ඇත.

    ReplyDelete
    Replies
    1. සුදුවෑන් සිද්ධියෙන් ඉඟි කරන්නේ තුන්වන පියවර ලෙස සයිටම් විරෝධ විරෝධයද ආයතනගත වීමේ අවදානමයි. ඒ තත්ත්වයට ප්‍රශ්නය දුරදිග යෑම කෙළවර විය හැක්කේ දැවැන්ත විනාශයකිනි.

      Delete
  4. හොඳ විහිළු සපයන්නෙක් පොලිස්පති තනතුරේ ඉන්න කොට ඔය වගේ නාටක වෙන්න පුළුවන්.රයන් ජයලත්ව අත්අඩංගුවට ගන්න ඒ මොහොතේ පොලිසිය කටයුතු කරපු ආකාරය අනවශ්‍ය ප්‍රශ්නයක් හදා ගන්න කරපු වැඩක් වගේ මට නම් පේන්නේ.

    ReplyDelete
    Replies
    1. අර වාහනයට වෙඩි තියා ගත්තු සයිටම් නිලධාරියාට මොකද වුනේ? ඒ කේස් එක ක්ලෝස් ද?

      Delete
    2. ඒ ගැන වගේම වෛද්‍ය සංගමයේ ප්‍රධාන කාර්යාලයට එල්ල වෙච්චි අත් බෝම්බ ප්‍රහාරය ගැනත් කිසිම ආරංචියක් නැහැ දැන්.

      Delete
    3. //රයන් ජයලත්ව අත්අඩංගුවට ගන්න ඒ මොහොතේ පොලිසිය කටයුතු කරපු ආකාරය අනවශ්‍ය ප්‍රශ්නයක් හදා ගන්න කරපු වැඩක් වගේ මට නම් පේන්නේ.//
      කාගේ හෝ මෝඩ සැලසුමක සිට ලොකු දිගුකාලීන සැලසුමක පොඩි කොටසක් දක්වා ඕනෑම දෙයක් විය හැකිය.

      Delete
  5. මටනම් පෙනෙන්නේ සයිටම් සහ සයිටම් විරෝධය කියන්නෙ මිනිස්සුන්ට දැනට තිබෙන මෙයට වඩා බරපතල සමාජ සහ දේශපාලන ප්‍රශ්න අමතක කරවන හරි අපූරු දේශපාලන මගඩි නාට්ටියක්. කොටින්ම පොළේ කීර විකුණන වයසක කාන්තාවත් දැන් කතා කරන්නේ සයිටම් ගැන.

    උඩ පින්තුරේ Condemn බෝර්ඩ් එක අල්ලන් ඉන්නේ අපේ සාරස දොස්තර මහත්තයාවත්ද?

    ReplyDelete
    Replies
    1. මෙය පරණ පින්තූරයක්. එහි සරස සිටීමේ ඉඩක් නැහැ. :)

      Delete
  6. අහම්බෙන් එලියට පනින කරුණු , එතන ගුරුසංගම් නායකතුමා, ගොමා එක සහ මේඩ්ඩො පැය 5ක්ම සාකච්චාවක් කලාලු, අතිවිශේෂ සාකච්චාවක් වෙන්නැති නේද? ඉස්කෝල ළමයි පාරට බස්සන ක්‍රමය ගැනද? පෙරේට්ටෝ වෙනුවට ජෙප්පෝ අදේශකර ගැනීම ගැනද? උස්සන්න හැදුවේ සාකච්චාව ගැන අහගන්නද?

    ReplyDelete
    Replies
    1. ඔය ඕනෑ එකක් වෙන්න පුළුවන්!

      Delete
  7. මට එකවරම සිහිවුනේ 88/89 . එකල මේ ආකාරයට සිසුන් ප්‍රසිද්ධියේ පැහැරගත්තත් ඒවා සාක්ෂියක් දීමට බිය මිනිසුන්ගේ දෑස් වලින් දැක මතකයන් පමනක්ම වුනා. අද තාක්ෂනයේ මහිමය ගැන පුදුම සතුටක් දැනෙන්නේ. මට මතකයි ආතර සී ක්ලාක් මේ ගැන අපූරු කතාවක් කියා තියෙනවා. තාක්ශණය නිසා පාලකයන් හික්මෙන හැටි ගැන.

    මෙවැනි සිදුවීමක් අසුරු සැනෙකින් ලොව පුරාම පැතිරෙනවා. ඔප්පු කරන්න අමුතු වෙහෙසක් අවශ්‍ය නෑ. වීඩියෝ ක්ලිප් එකෙන් අතේ කයිතන් . අධිකරනය මේ සාක්ෂි පිලිගන්න නිසා නිළ ඇදුම් අදින අපරාධකරුවන්ට අනාගත ආන්ඩුවකින් වත් ගැලවීමක් නෑ.

    ත්‍රස්තවාදීන්ගේ හපන්කම් ප්‍රචාරය වෙන්නෙත් මේ විදියටමයි. සෞඛ්‍ය අමාත්‍යාංශ සිදුවීමේදී දේපල විනාශ කල හැටි පටිගත වී තිබුනා. ඒවා වයිරල් වෙනවා. අහවල්ලු අපව මර්ධනය කලා .අහවල්ලු හඹාගොස් මර්ධනය කරන්න කීව අපි සිල් ගන්නකොට මර්ධනය ආවෙ. ඒකයි අපි අවි ගත්තෙ කියා කියන්න කාටවත් බෑ. හපන්කම් ඔක්කොම අතේ කයිතන්.

    සිසුන් හා වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශ සිද්ධියේදී තමන් අතර සිටි ලේ පිපාසිතයන් කල ප්‍රචන්ඩ ක්‍රියා හෙලා දැක තිබුනා. සමාජයත් එදාට වඩා සවිඥානිකයි.

    තාක්ශනය නිසා ඉතා යහපත් සමාජයක් බිහිවේවි. හෙට කොහොමත් එච්චර කලුවර නෑ.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. මේ වගේ වෙලාවක කළ යුතු හොඳම දෙය තමයි සිද්ධිය වීඩියෝ කර සමාජ ජාලා වෙත උඩුගත කරන එක. ඔබ කියන අවස්ථා දෙකේදීම එය සිදුවුනා.

      Delete
    2. //එකල (1988/89) මේ ආකාරයට සිසුන් ප්‍රසිද්ධියේ පැහැරගත්තත් ඒවා සාක්ෂියක් දීමට බිය මිනිසුන්ගේ දෑස් වලින් දැක මතකයන් පමනක්ම වුනා.//

      අපේ පැත්තේ තියෙන තෙල්දේනිය විද්‍යාලයෙ සිසුන් 1988/89 කාලේ වර්ජනයක් කලා. පොලිස් හා සිවිල් ඇඳුමෙන් පිරිසක් පැමින සිසුන්ට වෙඩි තියල සිසුන් 2 ක් පාසල තුලම මැරුන. මෙයින් තුවාල ලබල මහනුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි සිසුවෙක් සක්කි දීල තිබ්බ එතන සිවිල් ඇඳුමෙන් වෙඩි තිවු අය අතරේ ප්‍රදේශයේ දේශපාලකයෙක්ගෙ පුතුකුත් හිටිය කියල.

      ද්වස් කීපයකට පසුව මුහුණු වසා ගෙන රෝහලට පැමිනි පිරිසක් එම් සිසුවා රෝහල් වට්ටුවෙන් ම පැහැර ගෙන ගියා. ටික දවසකින් සිරුර ටයර් මත පිච්චෙමින් තිබ්බ. එම් නඩුවේ සිසුන් වෙනුවෙන් ඉදිරිපත් උනු කරල්ලියද්ද නීතිඥ මහතාත් මරා දැමුව. තව ටිකක් දවසකින් රනිල් හොරාගේ මිනීමරු මුහුනත් බලා ගන්ඩ පුළුවන් !

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: