සිංහල අනන්‍යතාවයක් තිබෙන බොහෝ දෙනෙකුට බෞද්ධ අනන්‍යතාවයක්ද තිබේ. එහෙත්, බෞද්ධ අනන්‍යතාවයක් තිබෙන අය අතරින් සිංහල අනන්‍යතාවයක් තිබෙන පිරිස සුළු ප්‍රතිශතයකි. බෞද්ධ අනන්‍යතාවයක් තිබෙන අය වැඩි වශයෙන්ම දකුණු හා අග්නිදිග ආසියා කලාපයේත්, සුළු වශයෙන් අනෙක් රටවලත් විසිරී සිටිති.
බෞද්ධ අනන්‍යතාවයට සියවස් විසිහයක පමණ ඉතිහාසයක් තිබේ. බුද්ධ කාලයට පෙරද බෞද්ධයන් සිටියා විය හැකි වුවත් බෞද්ධ අනන්‍යතාවයක් කියා දෙයක් අඛණ්ඩව හා දෘශ්‍යමානව දැකිය හැක්කේ සිද්ධාර්ථ ගෞතමයන්ගේ කාලයෙන් පසුවය. බුද්ධ කාලය යන්නද තරමක් මතභේදාත්මක කරුණක් වුවත් අප මෙහිදී බුද්ධ කාලය ලෙස සලකන්නේ ශ්‍රී ලාංකික වංශකතා මූලාශ්‍ර අනුව එසේ සැලකෙන කාලය හෝ ආසන්න කාලයකි.
බෞද්ධ අනන්‍යතාවය කියා කියන විටම එහි අවුලක් තිබේ. ගෞතම බුදුන්ගේ දේශනා වල හරය වුනේම මම යන අනන්‍යතාවය ඇතුළු සියලුම අනන්‍යතා පරිකල්පන පමණක් බව පැහැදිලි කිරීමයි. එහෙත්, අවසාන වශයෙන් බුදුන්ගේ ඉගැන්වීම මත පාදක වූ බෞද්ධ අනන්‍යතාවයක් කියා දෙයක් හැදුණේය.
හැකි තරම් වැඩි පිරිසක් බෞද්ධයින් බවට පත් කරමින් "බුද්ධාගම" ඉන්දියාවේ ප්‍රධානම ආගම බවට පත් කිරීම ගෞතම බුදුන්ගේ ඉලක්කයක් වුණේ නැත. සිය ජීවිත කාලය තුළ ගෞතම බුදුන් විසින් මුල් තැන දුන්නේ තමන්ගේ ඉගැන්වීම් අවබෝධ කරගත හැකි තරම් බුද්ධි මට්ටමක් ඇති බව පෙනෙන පුද්ගලයින් සංඝ ශාසනයට ඇතුළත් කර ගනිමින් සංඝ ශාසනය පුළුල් කිරීමටය. සංඝ අනන්‍යතාවයට පිටින් පුළුල් බෞද්ධ අනන්‍යතාවයක් ඇති වීම එක්තරා ආකාරයක අතුරු ඵලයකි.
බුද්ධ කාලීන භාරතය වර්ණ අනුව බෙදී තිබුණු එකකි. නමුත්, ගෞතම බුදුන් විසින් මුල සිටම සංඝ ශාසනය තුළට පිරිස් ඇතුළු කර ගනිද්දී වර්ණ ක්‍රමය නොසලකා හැරියා පමණක් නොව පදනමක් නැති දෙයක් ලෙස සලකමින් වර්ණ ක්‍රමයේ පදනමට පහර ගැසීමට පවා ඉදිරිපත් විය. එවැනි පදනමක පුළුල් වුණු සඟ සසුන තුළ සුනීත හා සෝපාක වැනි ශුද්‍ර අනන්‍යතාවයක් තිබුණු අය කිහිප දෙනෙක් ගැන කතා කෙරුණත් වැඩිපුර කතා කෙරෙන්නේ ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ හෝ වෛශ්‍ය අනන්‍යතාවයක් තිබුණු අය ගැනය. මෙහිදී, සඟ සසුනට ඇතුළු වීමෙන් පසු මේ අය තමන්ගේ මුල් වර්ණ අනන්‍යතා වලින් මිදෙන්නට ඇති බව නොවැදගත් කරුණක් වන්නේ ඒ අනන්‍යතාවන්ට කවුරු විසින් හෝ දිගින් දිගටම වැදගත් තැනක් දී ඇති බැවිනි.
බුද්ධ කාලීන භාරතයේ දේශපාලන ආධිපත්‍යය ක්‍ෂත්‍රියයන් අතේත්, දැනුම් ආධිපත්‍යය බ්‍රාහ්මණයින් අතේත්, ආර්ථික අධිපත්‍යය වෛශ්‍යයන් අතේත් තිබුණු බැවින් මේ කණ්ඩායම් තුනටම කිසියම් ආකාරයක බලයක් තිබුණේය. එවැනි බලයක් නොතිබුණේ ශුද්‍රයන්ට පමණි. බුද්ධ කාලයට සහශ්‍ර ගණනකට පෙර ආර්ය හා අනාර්ය සංස්කෘතීන් සම්මිශ්‍රණය වීමේදී ආර්යයන් බොහෝ විට එකතු වන්නට ඇත්තේ කැත්, බමුණු හෝ වෙළඳ අනන්‍යතාවයක් තුළටය. ශුද්‍ර ලෙස පොදුවේ හැඳින්වුණු පහත් කුල ගණනාවක් වෙත තල්ලු කෙරෙන්නට ඇත්තේ අනාර්යයන්ය.
බුද්ධ කාලීන සඟ සසුන තුළ කැත්, බමුණු හා වෙළඳ අනන්‍යතා තිබුණු අය වැඩිපුර සිටින්නට ඇත්තේ බුදු සසුන තුළ එම අනන්‍යතා දරන අයට විශේෂ වැදගත්කමක් ලැබුණු නිසා නොවේ. ගෞතම බුදුන්ගේ ඉගැන්වීම් තේරුම් ගත හැකි පිරිස් සොයා යන ගමනේදී, කිසියම් හෝ සමාජ ආර්ථික බලයක් තිබුණු පවුල් වලින් එවැනි පිරිස් වැඩියෙන් හමුවන්නට ඇති බැවිනි. අනෙක් අතට තමන් අකැමැති ශුද්‍ර අනන්‍යතාවයෙන් බැහැර වීමේ අරමුණින් සඟ සසුනට එකතු වූ නමුත් සඟ සසුන තුළ ප්‍රධාන චරිත නොවූ බැවින් කොහේවත් නම නොකියවෙන සැලකිය යුතු පිරිසක්ද නොසිටියා විය නොහැකිය.
බුද්ධ කාලයේදී පවා වත්මන් ඉන්දියාවේ නැගෙනහිර පෙදෙසට පමණක් සීමා වූ ප්‍රාදේශීය ආගමක් වූ බුද්ධාගම ලෝක ආගමක් බවට පත් වීමට ලොකුම දායකත්වය ලැබුණේ අශෝක රජුගෙනි. සඟ සසුන ව්‍යාප්ත කිරීම වෙනුවට හෝ එයට සමාන්තරව බෞද්ධ අනන්‍යතාවයක් ඇති පිරිස් ව්‍යාප්ත කිරීම හා ඔවුන් මේ අනන්‍යතාවය යටතේ එකතු කිරීම ධර්මාශෝකගේ දේශපාලන ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් විය.
බෞද්ධ අනන්‍යතාවය යනුද සැබෑවටම ලිහිල්ව බැඳුණු බෞද්ධ අනන්‍යතා ගණනාවකි. බුද්ධ කාලයේදීම වෙනත් බුද්ධාගම් යෝජනා වූ අතර ධර්මාශෝක කාලය වන විටත් බුද්ධාගම් ගණනාවක් තිබුණේය. මේ විවිධ බුද්ධාගම් අතරින් එක් බුද්ධාගමකට ධර්මාශෝක රජුගේ රාජ්‍ය අනුග්‍රහය ලැබුණේය. ඇතැම් අය අශෝක බුද්ධාගම අශෝක ධර්මය ලෙසද හඳුන්වති. අශෝක ධර්මය ලෙස හැඳින්වෙන දෙය නිවන් අරමුණු කරගත් ලෝකෝත්තර දෙයක් පමණක් නොවේ. වඩා පුළුල් පැකේජයකි. ආගමකි. දෙවනපෑතිස් සමයේදී ලංකාවට පැමිණියේද මේ සම්පූර්ණ පැකේජයයි.
අශෝක කාලයේදී ලංකාවට බුද්ධාගම පැමිණීමෙන් පසුව ලංකාවේ ඉතිහාසය ගැනත්, ඊට පෙර බුද්ධ කාලයේ සිට අශෝක කාලය දක්වා මගධයේ රාජ්‍ය හා ශාසන ඉතිහාසය ගැනත් සෑහෙන තරම් පුළුල් විස්තරයක් වංශකතා වල තිබේ. කවර අයුරකින් බැලුවත් මහාවංශය යනු ලංකාවේ ඉතිහාසය පිළිබඳව තිබෙන හොඳම මූලාශ්‍රයයි. ඒ නිසා, මහාවංශයේ ඇති කරුණු බැහැර කරන්නටනම් ඊට වඩා ප්‍රබල, පිළිගත හැකි සාක්ෂි හමු විය යුතුය.
මහා වංශය වැනි වසර සියවස් පහළොවක් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වූ ලේඛණයක ඇති කරුණු කාලයත් සමඟ ක්‍රමයෙන් වෙනස් විය හැකිය. මහාවංශය රචනා කරන විට ඒ සඳහා පාදක කරගෙන ඇති ලිඛිත හා අලිඛිත මූලාශ්‍රද මේ අයුරින්ම වෙනස් විය හැකිය. එහෙත්, ශිලා ලේඛණ වැනි පුරා විද්‍යාත්මක සාධක කාලයත් සමඟ එසේ වෙනස් නොවන නිසා වඩා විශ්වාසනීයය. මේ පදනම මත, වත්මන් ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ඝනිස්තානය හා නේපාලය ආවරණය වන විශාල ප්‍රදේශයක පැතිර ඇති අශෝක යුගයේ සෙල්ලිපි, ටැම්ලිපි ඇතුළු ලේඛණ වල භාෂා ගණනාවකින් ලියා ඇති තොරතුරු අදාළ යුගය පිළිබඳ වඩා විස්වාශනීය තොරතුරු සේ සැලකිය හැකිය.
මේ අශෝක ලේඛණ වල ඇති තොරතුරු මහා වංශයේ ඇති තොරතුරු සමඟ මෙන්ම පැරණි ග්‍රීක මූලාශ්‍ර සමඟද වැඩි අපහසුවකින් තොරව ගැලපිය හැකිය. භාෂා ව්‍යවහාරයන්හි ප්‍රාදේශීය වෙනස්කම් ඇතත්, අශෝක රාජ්‍යයේ බටහිර හා වයඹ සීමාවන්හි ඇති ලේඛණ හැරුණු විට අනෙක් ලේඛණ බොහොමයක් ලියා ඇත්තේ ප්‍රාකෘත බසිනි. බ්‍රාහ්මී අකුරෙනි.
කිසියම් භාෂාවක වචන හා අක්ෂර මාලාව යනු එකිනෙකට වෙනස් කරුණු දෙකකි. ඉන්දියාවේ භාවිතා වන හින්දි බසත්, පකිස්ථානයේ උර්දු බසත් බොහෝ දුරට එකම බසකි. එහෙත්, හින්දි ලියන්නේ දේවනාගරී අකුරෙනි. උර්දු ලියන්නේ අරාබි අකුරෙනි. කලක් අරාබි අකුරින් ලියූ මැලේ බස දැන් ලියන්නේ රෝමන් (ඉංග්‍රීසි) අකුරු වලිනි. කලක් ටිබෙට් අකුරින් ලියූ මොන්ගෝලියන් බස දැන් ලියන්නේ රුසියන් අකුරෙනි. මේ අයුරින්ම, වත්මන් පකිස්ථානයේ හා ඇෆ්ඝනිස්ථානයේ ඇති අශෝක ලේඛණ වල භාෂාව ප්‍රාකෘතම වුවත් ඒවා ලියා තිබෙන්නේ බ්‍රාහ්මී අකුරෙන් නොව ඛරෝස්ති අකුරෙනි. එහෙත්, මේ ගාන්ධාර ප්‍රාකෘත බස, සුළු වෙනස්කම් හැරුණු විට, එවකට නැගෙනහිර ඉන්දියාවේ භාවිතා වූ මාගධී ප්‍රාකෘත බසමය.
ප්‍රාකෘත ලේඛණ බ්‍රාහ්මී නොවන අක්ෂර භාවිතා කොට ලියා ඇතිවාක් මෙන්ම ප්‍රාකෘත නොවන වෙනත් භාෂා ලිවීමට බ්‍රාහ්මී අක්ෂර භාවිතා කිරීමද සිදුවී තිබේ. දකුණු ඉන්දියාවේ දෙමළ සෙල්ලිපි උදාහරණයි. කලක් දකුණු ඉන්දියාවේද ප්‍රාකෘත බස භාවිතා වී ඇතත් පසුව ප්‍රාකෘත වෙනුවට දෙමළ ආදේශ වී තිබේ. එහෙත්, අක්ෂර මාලාව බ්‍රාහ්මීමය.
දශක දෙක තුනකට පෙර අනුරාධපුරයේ සිදු කළ කැණීම් වලින් හමු වී ඇති මැටි බඳුන් වල ඇති බ්‍රාහ්මී අකුරු අශෝක කාලයට වඩා සියවස් දෙක තුනක් පමණ පැරණිය. ඒවායේ භාෂාව ප්‍රාකෘත භාෂාවයි. මේ මැටි බඳුන් වල බොහෝ විට ලියා තිබෙන්නේ අයිතිකරුගේ නම වැනි කෙටි වචනයක් හෝ දෙකක් පමණක් වුවත් අදාළ වචන දෙමළ වචන නොවන බව හඳුනාගත හැකිය. මේ ප්‍රාකෘත ප්‍රභේදය අශෝක ලේඛණ වල ඇති මාගධී ප්‍රාකෘතයට සමානය.
ඉහත මැටි බඳුන් වල දැකිය හැකි බ්‍රාහ්මී අකුරු නිසා මගේ පෙර ලිපියේ යෝජනා කර ඇති ප්‍රවාදය හෝ මහාවංශයේ ඇති කරුණු අභියෝගයට ලක් වන්නේ නැත. අනුරාධපුරයේ කැණීම් වලින් තහවුරු වන අශෝක යුගයට පෙරද අනුරාධපුරය නගරයක් ලෙස සංවර්ධනය වී තිබුණු බව, එම නගරය ආශ්‍රිතව ජාත්‍යන්තර වෙළඳාම් හා සංක්‍රමණ සිදු වූ බව මෙන්ම වත්මන් නැගෙනහිර ඉන්දියාව හා ලංකාව අතර සංස්කෘතික සබඳතා තිබුණු බව මහා වංශයේ තොරතුරු වලින්ද සනාථ වේ.
ඇත්ත වශයෙන්ම අනුරාධපුර කැණීම් වල සොයා ගැනීම් මා යෝජනා කරන ප්‍රවාදය තවත් තහවුරු කරයි. එයින් පෙනෙන්නේ විජයාගමනය යනු ඒ කාලයේ සිදු වූ සංක්‍රමණ රැල්ලක් තුළ සිදු වූ තවත් එක් සංක්‍රමණයක් මිස අහම්බයක් නොවන බවයි. බුද්ධ කාලයටත් සියවස් දෙක තුනක පමණ පෙර සිටම ලංකාවට සංක්‍රමණය වූ ආර්ය සංස්කෘතියෙහි සිටි නාගයින්ගෙන් කොටසක් බුද්ධ කාලය වන විටත් දේශීය නාගයින් ලෙස ලංකාව සිය වාස භූමිය කරගෙන සිටින්නට ඇත.
බුද්ධ කාලීන භාරතයේ සම්මත අධ්‍යාපන ක්‍රමයේ පදනම වූ චතුර්වේදයේ ඉගැන්වීම් වලට අභියෝග කර බෞද්ධයන් වන්නට ඇත්තේ අවදානමක් ගන්නට කැමති අයයි. අවදානම් ගන්නට අකැමැති අයෙකු මැවුම්කරුවෙකුගේ වචනයට පිටින් යන්නට තරම් දිරිමත් වන්නට තිබෙන්නේ අඩු ඉඩකි. එමෙන්ම, සිය ගම්බිම් අතහැර නොදන්නා රටකට සංක්‍රමණය වන්නට හිතන්නේද අවදානම් ගන්නට බය නැති අයයි. ඒ නිසා, බුද්ධ කාලය ආසන්නයේ නැගෙනහිර ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ පිරිස් අතර වේදයට අභියෝග කරන්නට බය නැති, බුදුන්ගේ ඉගැන්වීම් පිළිගත් අය නොසිටින්නට ඉඩක් නැත.
ගෞතම බුදුන්ටත් පෙර වේදයේ ඉගැන්වීම් වලට අභියෝග කළ අනෙක් ශාස්තෘවරයා මහාවීරයන්ය. බුදු දහම මගධයේ ව්‍යාප්ත වන විටත්, පවතින තත්ත්වයට අභියෝග කරන්නට බිය නැති බොහෝ දෙනෙකු මහාවීරයන්ගේ අනුගාමිකයෝව සිටියහ. ඒ නිසා, අදාළ කාලයේ නැගෙනහිර ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ පිරිස් අතර මහාවීරගේ ඉගැන්වීම් පිළිගත් අයද සැලකිය යුතු ප්‍රමාණයක් නොසිටින්නට ඉඩක් නැත.
අශෝක විසින් බුදුදහම ප්‍රවර්ධනය කරන තුරු මගධයේද ජෛන ආගම ප්‍රධාන ආගමක් විය. අශෝක පවා මුලින්ම ජෛනයෙකි. අශෝකගේ සීයා වූ චන්ද්‍රගුප්ත මයුරයන් මියගියේද ජෛන ආගමික පිළිවෙත් අනුව සිහසුන හැර ගොස් නිරාහාරව සිටියදීය. දෙවන පෑතිස් සමයට පෙර ලංකාවේද (මා හිතන පරිදි සංක්‍රමනික හෝ සංක්‍රමණිකයින්ගෙන් පැවත එන නාගයින් අතර) ජෛන ආගම ව්‍යාප්තව තිබී ඇති බවට මහා වංශය සාක්ෂි දරයි. පහතින් ඇත්තේ පණ්ඩුකාභය රජ සමයේ අනුරාධපුරයේ ජෛන ආගම ව්‍යාප්තව තිබුණු ආකාරයයි.
"එම සොහොනට පෙරදිග රජතෙමේ ජොතිය නිගණ්ඨයාගේ ගෙය කරවී. එම පෙදෙස ගිරිනම් නිගණ්ඨතෙමේද නානා පාෂාණ්ඩයෝද බොහෝ ශ්‍රමනයෝද විසූහ. එසේම රජතෙමේ කුම්භාණ්ඩ නම් නිගණ්ඨයා පිණිස දෙවොලක් කරවී. ඒ දෙවොල එනම් විය."
වේදය බැහැර කර සිටින ජෛන ආගමිකයෙකු බෞද්ධයෙකු කිරීම වේදය පිළිගන්නා බමුණෙකු බෞද්ධයෙකු කරනවාට වඩා පහසුය. සැලකිය යුතු ජෛන ආගමිකයින් පිරිසක් හා කිසියම් බෞද්ධයින් පිරිසක් සිටින තැනක බුද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු විට එය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන්නට වැඩි ඉඩකඩක් තිබේ. එවැනි ජන සමූහයක් සමඟ බැහැර සිටින ප්‍රබල ආගමක් නොඅදහන සංස්කෘතියක පිරිස් හෙමින් සම්මිශ්‍රණය වන විට එවැන්නන්ද ක්‍රමයෙන් බෞද්ධයෙන් වීම අපේක්ෂා කළ හැකි දෙයකි. දෙවනපෑතිස් යුගයෙන් පසුව ලංකාවේ සිදුවන්නට ඇත්තේ මීට ආසන්න දෙයකි.
(මතු සම්බන්ධයි)
ජෛන මහාවීර සහ සිද්ධාර්ථ ගෞතම යනු එක් අයෙකු බව සමහරු කියනවා නේද?
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Mahavira
මේ කතාවේ කිසිදු පදනමක් තිබෙනවා කියා මම හිතන්නේ නැහැ.
Delete//ඉහත මැටි බඳුන් වල දැකිය හැකි බ්‍රාහ්මී අකුරු නිසා මගේ පෙර ලිපියේ යෝජනා කර ඇති ප්‍රවාදය හෝ මහාවංශයේ ඇති කරුණු අභියෝගයට ලක් වන්නේ නැත.//
ReplyDeleteමහාවංශයේ සඳහන් පරිදි අපට අක්ෂර මාලාවක් ලැබුණේ අශෝක සමයේ සඟමිත් තෙරණිය පැමිණීමෙන් පසුවයි. විජයටත් වඩා පරණ අකුරු ලංකාවෙන් හමුවීමෙන් එම මහාවංශ කතාව බොරුවක් බවට පත්වේ. මැටි බඳුන්වල පමණක් නොව ලංකාව පුරා අැති ලෙන්වලින්ද අශෝකට පෙර පූර්ව බ්‍රාහ්මී අක්ෂර සොයාගෙන අැත.
අශෝකට වඩා පැරණි, ලංකාවේ අැති එ්වාට වඩා අලුත් බ්‍රාහ්මී අක්ෂර සොයාගෙන අැත්තේ දකුණු ඉන්දියාවෙන්. උතුරු නැගෙනහිර ඉන්දියාවේ සොයාගෙන අැති බ්‍රාහ්මී අක්ෂර සියල්ලටම පසුව ලියවුණ එ්වා වීම නිසා බ්‍රාහ්මී අක්ෂර උතුරු ඉන්දියාවේ සිට දකුණටත් ලංකාවටත් අාවා කියන්නේ කිසිම පදනමක් නැති කතාවක්. කලින්ම ප්‍රාකෘත කතා කළේ කවුද කියන එකට පුරා විද්‍යාත්මක සාධක අැතැයි මා සිතන්නේ නැහැ. එම නිසා එ් ගැන ඉදිරිපත් කරන හිතළුවලට තේරුමක් නැහැ. අැතැම් විට එ් උතුරු ඉන්දියාවේ වෙන්න අැති. හැබැයි බ්‍රාහ්මී අකුරු මාලාව උතුරු නැගෙනහිර ඉන්දියාවෙන් ලංකාවට ගෙනාවා කියල පට්ටපල් බොරුවක් මහාවංශය කියවපු අය උපකල්පනය කරාට වෙනස් නොවන පුරා විද්‍යාත්මක සාධක වලින් කියැවෙන්නේ වෙන දෙයක්.
මහාවංශයට අනුව විජයට පෙර ලංකාවේ මනුෂ්‍ය වාසයක් තිබී නැහැ. එහි කර්තෘ විසින් බොහෝ තැන්වල අවධාරණය කර අැති අාකාරයට ලංකාවේ වාසය කොට අැත්තේ බඩ ගා යන නයි වෙස් ගත හැකි, අහසෙන් ගිය හැකි, රෞද්‍ර අමනුෂ්‍යයන් වන නාගයන් දෙවියන් සහ යක්ෂයන් මිසක් නාග ගෝත්‍රික මිනිසුන්, දේව ගෝත්‍රික මිනිසුන් හෝ යක්ෂ ගෝත්‍රික මිනිසුන් නොවෙයි.
මැටි බඳුන්වල පූර්ව බ්‍රාහ්මී අක්ෂර ලියන, බුද්ධ කාලයේදීම සංඝයා වහන්සේලාට පූර්ව බ්‍රාහ්මී අක්ෂර ලියා ලෙන් පූජා කළ මනුෂ්‍ය කොටසක් ගැන මහාවංශයේ කිසිසේත්ම සඳහන් වන්නේ නැහැ. එම මනුෂ්‍යයන්ගෙන් පරම්පරා කිහිපයකට පසු මිනිසුන් අතර සිටිමින් මහාවංශ කතුවරයා ඊට පෙර ජීවත් වූ බඩ ගා යන නයි වෙස් ගත හැකි අමනුෂ්‍යයන් ගැන ලියා තිබීම විහිළුවක්.
මහාවංශය පරම්පරාවෙන් කටින් කට අා කතන්දර ගොන්නක් නෙවෙයි. කලින් ලිඛිතව තිබුණු හෙළ මහාවංශය මහානාම හිමි විසින් පාලියට පරිවර්තනය කළාට පස්සෙත් ලිඛිතවම පැවතුණු කතාවක්. ගයිගර් පරිවර්තනය කළේත් අවුරුදු 1400 කට වඩා පැරණි පුස්කොල බලාගෙන මිසක් කතන්දර අහලා නෙවෙයි. පුස්කොල වල ලියපු අැතැම් කොටස් කාලයකදී නැවත පිටපත් කරන්න අැති නමුත් එසේ කරන විටත් කටින් කට යන කතාවක් වගේ වෙනස් වීමට තියෙන හැකියාව ගොඩක් අඩුයි. එ් නිසා මහාවංශයේ තිබෙන "ලංකාවෙ මිනිස්සු හිටියෙ නෑ ඉන්දියාවෙන් තමා අාවේ" වගේ සුරංගනා කතා යම් හේතුවක් නිසා මහානාම හිමියන්ම අැතුලත් කරා වෙන්න පූළුවන්. අදටත් අප අත්විඳින ඉන්දීය අාධිපත්‍යය එකලත් එයට හේතුව වෙන්න අැති.
ණයට ගත් ප්‍රවාද හැරෙන්නට ඔබ විසින්ම ඉදිරිපත් කරන ප්‍රවාදයක් මේ ලිපිවල මා දකින්නේ නැහැ. අැතැම්විට බුද්ධ කාලයට පෙරත් බෞද්ධයන් සිටියා කියා කෙටියෙන් කියා අැත්තේ ඔබේම ප්‍රවාදයක් වෙන්න අැති.
//මහාවංශයේ සඳහන් පරිදි අපට අක්ෂර මාලාවක් ලැබුණේ අශෝක සමයේ සඟමිත් තෙරණිය පැමිණීමෙන් පසුවයි. විජයටත් වඩා පරණ අකුරු ලංකාවෙන් හමුවීමෙන් එම මහාවංශ කතාව බොරුවක් බවට පත්වේ.//
Deleteකරුණාකර මහාවංශයේ මෙසේ සඳහන් තැන පෙන්වන්න.
//මැටි බඳුන්වල පමණක් නොව ලංකාව පුරා අැති ලෙන්වලින්ද අශෝකට පෙර පූර්ව බ්‍රාහ්මී අක්ෂර සොයාගෙන අැත.//
මෙවැන්නක් කිසිවකු විසින් තහවුරු කර ඇති බවක් මා දන්නේ නැත. එහෙත්, එසේ වන්නට බැරි කමක් නැත. ඔබ "පූර්ව බ්‍රාහ්මී අක්ෂර" කියා කියන්නේ ස්වස්තික ලකුණු ආදී අක්ෂර නොවන සංකේතද?
//අශෝකට වඩා පැරණි, ලංකාවේ අැති එ්වාට වඩා අලුත් බ්‍රාහ්මී අක්ෂර සොයාගෙන අැත්තේ දකුණු ඉන්දියාවෙන්. උතුරු නැගෙනහිර ඉන්දියාවේ සොයාගෙන අැති බ්‍රාහ්මී අක්ෂර සියල්ලටම පසුව ලියවුණ එ්වා වීම නිසා බ්‍රාහ්මී අක්ෂර උතුරු ඉන්දියාවේ සිට දකුණටත් ලංකාවටත් අාවා කියන්නේ කිසිම පදනමක් නැති කතාවක්.//
බ්‍රාහ්මී අක්ෂර උතුරෙන් දකුණට ආ බවක් මම මෙහි ලියා නැත. මා ලියා ඇත්තේ සිංහල භාෂාව උතුරු ඉන්දීය භාෂා මෙන් ඉන්දු-ආර්ය භාෂාවක් වුවත් වත්මන් සිංහල අක්ෂර වඩා සමාන වන්නේ දකුණු ඉන්දීය භාෂා වල අක්ෂර වලට බවයි.
//කරුණාකර මහාවංශයේ මෙසේ සඳහන් තැන පෙන්වන්න.//
Deleteමේ අයුරින්ම සඳහන් තැනක් මහාවංශයේ නැහැ. නමුත් මහාවංශයේ සඳහන් අටළොස් කුලයක ශිල්ප ශ්‍රේණි පැමිණීම, ලංකාවේ සහ ඉන්දියාවේ බ්‍රාහ්මී අක්ෂර අතර වැඩි වෙනසක් නොදැකීම වැනි හේතු ගලපා එදා මෙදාතුර ශ්‍රී ලාංකික විද්වතුන් ඉදිරිපත් කළ, දිවයිනේ වඩාත්ම පිළිගැනෙන "සංගත හයිපොතෙසිසය" මෙයයි. මහින්දාගමනයෙන් පසු ලක්වැසියන් ලත් මහඟු දායාදයක් ලෙස අක්ෂර කලාව කුඩා කල සිටම පාසලෙන්, දහම් පාසලෙන් සහ රූපවාහිනියෙන් උගත් පිරිසට මා ද අයත් වන නිසා එසේ කීමේ ලොකු වරදක් නැති බව සිතමි. ඒත් මෙය ඔබ හොඳින් හඳුනන "පිළිගත් සංගත හයිපොතෙසිසයක්" පමණයි.
//මෙවැන්නක් කිසිවකු විසින් තහවුරු කර ඇති බවක් මා දන්නේ නැත. එහෙත්, එසේ වන්නට බැරි කමක් නැත. ඔබ "පූර්ව බ්‍රාහ්මී අක්ෂර" කියා කියන්නේ ස්වස්තික ලකුණු ආදී අක්ෂර නොවන සංකේතද?//
ශ්‍රී ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහ බ්‍රාහ්මී අක්ෂර ලෙස සෙල්ලිපි වල අකුරු හඳුන්වා දෙනු ලැබේ. කරුණාකර ඔබම ඉදිරිපත් කළ මැටි බඳුන් ගැන ලිපිය කියවා බලන්න. (මෙහි පූර්ව යන්නෙන් කියවෙන්නේ මූල බ්‍රාහ්මී අක්ෂර ගැන මිස ඇතැම් විට "පූර්ව" යන්නෙන් හැඟවිය හැකි පරිදි බ්‍රාහ්මී අක්ෂර වලට පෙර තිබූ අක්ෂරයන් ගැන නොවේ.) පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහ බ්‍රාහ්මී අක්ෂර අතර වෙනස්කම් ඔවුන්ගේ ලිපිවල පෙන්වා දී ඇත, අවාසනාවකට මා ඒ පිළිබඳව විද්වතෙක් නොවේ.
//බ්‍රාහ්මී අක්ෂර උතුරෙන් දකුණට ආ බවක් මම මෙහි ලියා නැත. මා ලියා ඇත්තේ සිංහල භාෂාව උතුරු ඉන්දීය භාෂා මෙන් ඉන්දු-ආර්ය භාෂාවක් වුවත් වත්මන් සිංහල අක්ෂර වඩා සමාන වන්නේ දකුණු ඉන්දීය භාෂා වල අක්ෂර වලට බවයි.//
ඔව්. බ්‍රාහ්මී අක්ෂර ගැන ඔබේ ලිපි වලින් වැඩිය ආවරණය වුනේ නැහැ. මා හට කියන්න අවශ්‍ය වූයේ ඔබ බොහෝ විට ගුරු කරගන්නා "පිළිගත් සංගත හයිපොතෙසිසයන්" පෙනී සිටින්නේ බ්‍රාහ්මී අක්ෂර උතුරෙන් දකුණට පැමිණියා කියන ප්‍රවාදය සමග කියායි. සැබවින්ම ඔබ අක්ෂර මාලාවේ ප්‍රභවය හෝ ආගමනය ගැන පැහැදිලි අදහසක් ඉදිරිපත් කර නැති නිසා එය ඔබට අදාළ නොවන්න පුළුවන්.
//මහින්දාගමනයෙන් පසු ලක්වැසියන් ලත් මහඟු දායාදයක් ලෙස අක්ෂර කලාව කුඩා කල සිටම පාසලෙන්, දහම් පාසලෙන් සහ රූපවාහිනියෙන් උගත් පිරිසට මා ද අයත් වන නිසා//
Deleteඔබ මෙය උගත් කාලය මා හරියටම නොදන්නා නමුත් මෙවැනි කතා මා අසා ඇති කාලයේදී මහාවංශයේ නැති එවැනි ප්‍රවාදයක් හැදීමේ වරදක් මට නොපෙනේ. පසුව සිදුවූ අනුරාධපුර කැනීම් හා අඩිචනල්ලූර් ආදී දකුණු ඉන්දියාවේ කැණීම් නිසා ඉහත ප්‍රවාදය අභියෝගයට ලක් වීම වෙනම කරුණකි.
//මෙහි පූර්ව යන්නෙන් කියවෙන්නේ මූල බ්‍රාහ්මී අක්ෂර ගැන මිස ඇතැම් විට "පූර්ව" යන්නෙන් හැඟවිය හැකි පරිදි බ්‍රාහ්මී අක්ෂර වලට පෙර තිබූ අක්ෂරයන් ගැන නොවේ.//
පැහැදිලි කිරීම ගැන ස්තුතියි! "මූල බ්‍රාහ්මී අක්ෂර" යනුවෙන් එසේ කියන අය හඳුන්වන්නේ කුමක්දැයි මම හරියටම දන්නේ නැහැ. විවිධ අය විවිධ තේරුම් සහිතව එසේ ලියනවා. සල්ගහවත්තෙන්නම් බ්‍රාහ්මී අක්ෂර වලට පෙර හමුවී තිබෙන්නේ ලේඛන ක්‍රමයක් ලෙස නොසැලකිය හැකි (ඇතැම් විට අයිතිය හඟවනවා විය හැකි) සංකේත (Graffiti). බ්‍රාහ්මී අක්ෂර වල විකාශනයේ විවිධ අවධි තිබුණත් ඒවා බ්‍රාහ්මීම තමයි.
//මා හට කියන්න අවශ්‍ය වූයේ ඔබ බොහෝ විට ගුරු කරගන්නා//
වෙනස් දෙයක් කියන්න පෙර දැනට පිළිගන්නා සම්මත දෙයින් පටන් ගන්න වෙනවා. ඒ මිසක්, එය එලෙසම පිළිගන්නා බවක් එයින් අදහස් වන්නේ නැහැ. වෙනස් ලෙස හිතන්න ප්‍රමාණවත් හේතුසාධක ඇති විට එසේ හිතන්න මම පැකිලෙන්නේ නැහැ.
//ඔබ මෙය උගත් කාලය මා හරියටම නොදන්නා නමුත් මෙවැනි කතා මා අසා ඇති කාලයේදී මහාවංශයේ නැති එවැනි ප්‍රවාදයක් හැදීමේ වරදක් මට නොපෙනේ. පසුව සිදුවූ අනුරාධපුර කැනීම් හා අඩිචනල්ලූර් ආදී දකුණු ඉන්දියාවේ කැණීම් නිසා ඉහත ප්‍රවාදය අභියෝගයට ලක් වීම වෙනම කරුණකි.//
Deleteමහාවංශයේ කෙලින්ම "නැති" බව ඔබ පැවසුවත් සිංහල අකුරු ගැන මේ ප්‍රවාදය ගොඩ නැගීමට මූලික හේතුව මහාවංශයම මිස වෙන දෙයක් නොවන බව ඔබ වටහාගෙන ඇතැයි සිතමි. ඔබ මහාවංශ ප්‍රවාද අභියෝගයට ලක් වී ඇති බව දැකීම සතුටට කරුණක්.
//පැහැදිලි කිරීම ගැන ස්තුතියි! "මූල බ්‍රාහ්මී අක්ෂර" යනුවෙන් එසේ කියන අය හඳුන්වන්නේ කුමක්දැයි මම හරියටම දන්නේ නැහැ. විවිධ අය විවිධ තේරුම් සහිතව එසේ ලියනවා. සල්ගහවත්තෙන්නම් බ්‍රාහ්මී අක්ෂර වලට පෙර හමුවී තිබෙන්නේ ලේඛන ක්‍රමයක් ලෙස නොසැලකිය හැකි (ඇතැම් විට අයිතිය හඟවනවා විය හැකි) සංකේත (Graffiti). බ්‍රාහ්මී අක්ෂර වල විකාශනයේ විවිධ අවධි තිබුණත් ඒවා බ්‍රාහ්මීම තමයි.//
"පූර්ව" බ්‍රාහ්මී යන්න ඇසූ මුල් අවස්ථාවේ මට සිතුනේ එය බ්‍රාහ්මී වලට "පෙර" භාවිතා වූ වෙනත් අකුරු මාලාවක් කියලා. ඔබ හෝ මෙය කියවන වෙනත් කෙනෙකුත් සමහරවිට එහෙම උපකල්පනය කරයි කියල හිතල තමයි එහෙම ලිව්වේ. මූල බ්‍රාහ්මී අක්ෂර ලෙස හැඳින්වූයේ බ්‍රාහ්මී අක්ෂර වල මූලික අවදියයි. බ්‍රාහ්මී අක්ෂර වල විකාශනයේ විවිධ අවධි තිබුණත් එහි මූලික අවදීන් හමුවිය යුත්තේ එය ප්‍රභවය වූ තැන් වලයි. එනම් ප්‍රසිද්ධ ප්‍රවාදයට අනුව උතුරු ඉන්දියාවේ.
සංකේත (Graffiti) වලට එහා ගිය කාරණා ගැන අක්ෂර මාලා ගැන කතා කරද්දී සිතිය යුතුයි නේද? මේ මට හොයාගන්න ලැබුණු ලිපියක කොටසක්.
"අශෝක බ්‍රාහ්මී ලේඛණ තුල එන ‘ඉ’ අක්ෂරය ත්‍රිකෝණාකාර ස්වරූපයකට තිත් තබා ඇති ආකාරයක් උසුලන අතර ලක්දිව බ්‍රාහ්මී අක්ෂර සම්ප්‍රදාය තුල ‘ඉ’ අක්ෂරය ඊට හාත්පසින් ම වෙනස් ස්වරූපයක් ගනී. ඒ අනුව ලක්දිව දැනට ශේෂ බ්‍රාහ්මී ලේඛණ තුල එකී අක්ෂරය සිරස් රේඛාවක දෙපස තිත් දෙකක් යොදා සකස් කරගත් ආකාරයකින් පෙන්වා ඇත. එසේ ම ‘ම’ අක්ෂරය ද අශෝක බ්‍රාහ්මී ලේඛණ තුල දක්නට ලැබෙන්නේ වෘත්තයක් මත තැබූ අර්ධ වෘත්තයක ආකාරයෙකිනි. නමුත් මෙය මුල් කාළීන ලාංකීය බ්‍රාහ්මී ලේඛණ තුල ද දක්නට ලැබෙන අතර ලක්දිව අක්ෂරය භාරතීය ලේඛණ තුල දක්නා නොලැබෙයි. විශේෂයෙන් උතුරු ඉන්දීය අක්ෂර රූප තුල මෙය දක්නට නොලැබේ. ලක්දිව මුල් බ්‍රාහ්මී අක්ෂර මාලාවේ එකී රූපය නිර්මාණය කොට තිබුණේ අර්ධ ඉලිප්ස වෘත්තයක් මධ්‍යයේ තිරස් ව ඇඳි රේඛාවක ස්වරූපයෙනි. අශෝක අක්ෂර මාලාවේ ‘ය’ අක්ෂරය ලම්බාකාර රේඛාවක වම් පසින් හා දකුණු පසින් අර්ධ වක්‍ර දෙකක් යෙදීමෙන් සංකේතවත් කොට ඇත. නමුත් ලක්දිව මූල බ්‍රාහ්මී අක්ෂර තුල එකී සංකේත රූපය ඉදිරිපත් කොට ඇත්තේ අර්ධ වෘත්තයක සිරස් ව මධ්‍යයේ යොදන ලද රේඛාවක ස්වරූපයෙනි. මීට අමතර ව අවසන් වශයෙන් තාලුජ ‘ශ’ අක්ෂරය පිළිබඳ කරුණු විමසීමේ දී එකී අක්ෂරය අශෝක බ්‍රාහ්මී ලේඛණ තුල අන්තර්ගත වන්නේ උඩු අතට හරවන ලද ඊතලයක නමුත් ස්වදේශීය අක්ෂර සම්ප්‍රදාය තුල එකී සංකේතය දැක්වෙන්නේ ඉංග්‍රීසි අක්ෂර මාලාවේ ‘F’ අක්ෂරය තරමක් දකුණු පසට බර කොට ඇති ආකාරයකට ය."
https://wanshakathawataeha.blogspot.com/2017/07/blog-post_47.html
//වෙනස් දෙයක් කියන්න පෙර දැනට පිළිගන්නා සම්මත දෙයින් පටන් ගන්න වෙනවා. ඒ මිසක්, එය එලෙසම පිළිගන්නා බවක් එයින් අදහස් වන්නේ නැහැ. වෙනස් ලෙස හිතන්න ප්‍රමාණවත් හේතුසාධක ඇති විට එසේ හිතන්න මම පැකිලෙන්නේ නැහැ.//
ඔබ සහ මේ ලිපි කියවන පිරිසට විවෘතව හිතන්න පුළුවන් කියන උපකල්පනය මත මගේ අවශ්‍යතාවය වුනේ පිළිගත් සම්මත දේට වඩා සංගත කියා මට හිතෙන සහ වෙනත් බොහෝ දෙනෙක්ද පිළිගත්, බොහෝවිට ඔබේ ඇස නොගැටුණු ඓතිහාසික ප්‍රවාද, සාක්ෂි ගැන සංවාදයක් ක්‍රමයෙන් ගොඩ නගන්න.
I forgot to mention some world views on the Sinhalese script.
Delete"The Sinhalese script is a Brahmi derivate, and was imported from Northern India, around the 3rd century BCE."
https://en.wikipedia.org/wiki/Sinhalese_alphabet
Daniels, Peter T. (1996). "Sinhala alphabet". The World's Writing Systems. Oxford, UK: Oxford University Press. ISBN 0-19-507993-0.
I think Daniels got his info on 3rd century BCE imports from Mahavamsa.
//මහාවංශයේ කෙලින්ම "නැති" බව ඔබ පැවසුවත් සිංහල අකුරු ගැන මේ ප්‍රවාදය ගොඩ නැගීමට මූලික හේතුව මහාවංශයම මිස වෙන දෙයක් නොවන බව ඔබ වටහාගෙන ඇතැයි සිතමි. ඔබ මහාවංශ ප්‍රවාද අභියෝගයට ලක් වී ඇති බව දැකීම සතුටට කරුණක්.//
Deleteපළමු කරුණ ගැන මම හිතන්නේ මෙය මේ ප්‍රවාදය හැදූ අයගේ ප්‍රශ්නයක් මිස මහාවංශයේ ප්‍රශ්නයක් නොවන බවයි. මෙවැනි තැන් ඕනෑ තරම් තිබේ.
උදාහරණයක් ලෙස මා මෙහි (පහත ලින්කුවේ) ලියා ඇති දෙවන පෑතිස් මුවා පස්සේ පැන්නූ කතාව ගත හැකිය. අප කුඩා කල සිට දන්නා කතාවේ ඉන්නේ මුවෙකි. එහෙත්, කතාවට පදනම් කරගෙන ඇති මහාවංශයේ ඉන්නේ මුවෙක් නොව ගෝනෙකි.
https://economatta.blogspot.com/2017/06/blog-post_7.html
බොහෝ තැන් වල බුදුන්ගේ දෙවන ලංකා ගමන බක් පසළොස්වක දින සිදු වූ බව කීම මෙවැනි තවත් කරුණකි. ඒ නිසා, කවුරු හෝ මහාවංශයේ ඇති දේ විවේචනය කරන විට අප පළමුව බැලිය යුත්තේ ඇත්තටම මහා වංශයේ එසේ තිබෙනවාද යන්නයි. දෙවනුව, බැලිය යුත්තේ මහා වංශයට පෙර ලියා ඇති, ඒ සඳහා පාදක කරගෙන තිබෙන දීප වංශයේ තිබෙන අනුරූප දෙය කුමක්ද යන්නයි. එහිද සිංහල පරිවර්තන ඇතැම් තැන් වල දෝෂ සහගත නිසා මුල් පාලි පෙළ බැලිය යුතුය. උදාහරණයක් ලෙස ඉතා මෑතක කර ඇති දීප වංශයේ සිංහල පරිවර්තනයක "නක්ඛත්ත නාමෝ" යන්න පරිවර්තනය කර තිබෙන්නේ "නක්ඛත්ත නමැති" යනුවෙනි. ඉන් පසුව, මෙය අනුරාධ ලෙස මහා වංශයේ ඇති බවට පාද සටහනක්ද දමා තිබේ. එහෙත්, ඇත්තටම එයින් අදහස් වන්නේ උපන් නැකත අනුව (අනුරාධ ලෙස) නම් කර ඇති යන්නයි. මහා වංශ පරිවර්තනයේදී මෙය නිවැරදිව කර තිබේ. මෙසේ බැලූ විට පෙනෙන්නේ බොහෝ වැරදි පසුව අර්ථකථනය කරන අයගේ වැරදි බවයි. මේ ආකාරයෙන්ම ඇතැම් අය ක්වේරෝස්ගේ හා රොබට් නොක්ස්ගේ වැනි අයගේ පොත් වල නැති දේද ඇති බව කියමින් සමාජගත කරයි.
මෙයින් අදහස් වන්නේ මා වංශ කථා වල ඇති දේ එලෙසම පිළිගන්නා බව නොවේ. මේ ලිපි වලින් කරන්නේත් වංශ කථා වලට වඩා තරමක් වෙනස් අදහසක් ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීමයි. එහෙත්, ඒ මා එය කරන්නේ වංශ කථා වල ඇති අභියෝගයට ලක්ව නැති කරුණු අත නොහරිමිනි.
අක්ෂර මාලා සම්බන්ධව උපුටා දක්වා ඇති දේ වලට ස්තුතියි!
තව දුරටත් මේ ගැන කියනවානම් පහත කොටස මහා වංශයෙන් උපුටා ගන්නා ලද්දකි .
Delete"ස්වාමියා කෙරෙහි භක්ති ඇත්තාහු ස්වාමි වූ විජය කුමරහට පඬිරජු දියණියන් පිණිසත් ඇමැති වර්ගයා හට සෙස්සත් දූන් පිණිසත් මිණිමුතු ආදි මහාසාර බොහෝ පඬුරු ගන්වා මදුරාපුරයට දූතයන් යැවූහ. ඒ රාජ දූතයෝ වහා නැවින් මදුරාපුර ගොස් පඬුරුද ලියුම්ද ඒ රජහට දැක්වූය."
මහා වංශයේ මේ කොටස අනුව ක්‍රිස්තු පූර්ව හයවන සියවසේදී විජය රජුගේ දූතයින් විසින් පඬිරජු වෙත ලිපියක් රැගෙන ගොස් තිබේ. මෙයින් පෙනෙන්නේ පඬිරජුට හා විජයට එකිනෙකා තේරුම් ගත හැකි පොදු භාෂාවක් හා අක්ෂර මාලාවක් තිබී ඇති බවයි.
පහතින් ඇත්තේ එයින් පසුව විජයගේ අවසන් කාලයේ සිදු වන දෙයකි.
"ඉක්බිති ඇමැතියන් හා මන්ත්‍රණය කොට එහි හසුන්පත් යැවූයේය. විජය තෙමේ හසුන් දී නොබෝ කලකින් දෙව්ලෝ ගියේය."
"ලක්දිවින් ගිය දූතයෝ සිංහපුරයට ගොස් රජහට හසුන්පත් දුන්නෝය. ඒ රජ හසුන් අසා පුතුන් තුන්දෙනාට 'දරුවෙනි! මම මහලුයෙමි. තොප අතුරෙන් එකෙක් මා බෑයා සතු නොයෙක් ගුණ ඇති සිත්කළු වූ ලඞ්කාවට යේවා. තවද ඔහුගේ ඈවෑමෙන් එහිම රජකරන්ටවත් හොබනේය'යි කීයේය."
මෙහිදී විජය විසින් හසුන්පත් යවන්නේ ඔහුගේ මළනුවන් වෙතය. මලණු සුමිත්ත පුත් පඬුවස්දෙව් මෙහි පැමිණෙන්නේ ඒ අනුවය. දෙසොහොයුරන් වන ඔවුන් එකම භාෂාවක් හා එකම අක්ෂර මාලාවක් භාවිතා කිරීමේ පුදුම වන්නට දෙයක් නැත.
මහාවංශයට අනුව ලංකාවට අක්ෂර භාවිතය ලැබී ඇත්තේ සඟමිත් තෙරණියගේ පැමිණීමෙන් පසුව බව කීම කිසිදු පදනමක් නැති පට්ටපල් බොරුවකි. ඒ අනුව, අනුරාධපුර මැටිබඳුන් නිසා වෙන්නේ ඉහත මහාවංශ ප්‍රවාදය තහවුරු වීමයි.
//මහාවංශයට අනුව ලංකාවට අක්ෂර භාවිතය ලැබී ඇත්තේ සඟමිත් තෙරණියගේ පැමිණීමෙන් පසුව බව කීම කිසිදු පදනමක් නැති පට්ටපල් බොරුවකි.//
Deleteනැහැ, කිසිදු පදනමක් නැති පට්ටපල් බොරුවක් නෙවෙයි. මහාවංශයම පදනම් කොටගත් පට්ටපල් බොරුවක්. එසේ වූ හැටි මගේ කලින් පිළිතුරේ සඳහන් යයි සිතනවා. යම් පොතක ලියවී නැති දෙයක් පදනම් කරගෙන පට්ටපල් බොරු ප්‍රවාද ගොඩ නගන හැටි ගැන උදාහරණයක් ඔබම ලබාදී තිබෙනවා.
//මෙහි කියැවෙන සූර්‍ය්‍ය හා චන්දිම දේවපුත්‍රයින් යනු ඉර හා හඳ බවත්, මේ කියන්නේ සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ගැන බවත් තේරුම් ගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ඇතිවීම පිළිබඳව බුද්ධ කාලයේ පැවති දැනුම චන්දිම සූත්‍රයෙන් හා සූරිය සූත්‍රයෙන් පිළිබිඹු වේ.//
https://economatta.blogspot.com/2018/04/blog-post_64.html
සංයුත්ත නිකායේ මෙවැන්නක් ලියා නැති වුනත්, ඔබ විසින් සංයුත්ත නිකාය පදනම් කොට පට්ටපල් බොරුවක් නිර්මාණය කළ ආකාරයට මහාවංශය පදනම් කොට මහින්දාගමනයෙන් පසු ලංකාවට අක්ෂර මාලාවක් ලැබීම ගැන ප්‍රවාදය නිමවා ඇති බව ඔබට වැටහේ යැයි සිතමි. "මහාවංශයේ නැති එවැනි ප්‍රවාදයක් හැදීමේ වරදක් ඔබට නොපෙනුණු" බවත් අමතක කරන්න එපා.
//අනුරාධපුර මැටිබඳුන් නිසා වෙන්නේ ඉහත මහාවංශ ප්‍රවාදය තහවුරු වීමයි.//
කිසිසේත්ම නැත. එම මැටි බඳුන් යම් මිනුම් වරදක් සහිතව හෝ අයත් වන්නේ විජයට පෙර කාලයකටයි. විජයට පෙරත් බුදුරදුන් දිවමන් කාලයේත් ලක්දිව මනුෂ්‍ය වාසයක් නොවූ බවත් අමනුෂ්‍ය හැකියාවන් ඇති අමනුෂ්‍යයන් පමණක් වාසය කළ බවත් මහාවංශයේ කෙලින්ම බොහෝ තැන්වල ලියැවී ඇති කාරණාවක්. මේ ගැන මගේ කලින් පිළිතුරකත් සඳහන්.
//මෙහිදී විජය විසින් හසුන්පත් යවන්නේ ඔහුගේ මළනුවන් වෙතය. මලණු සුමිත්ත පුත් පඬුවස්දෙව් මෙහි පැමිණෙන්නේ ඒ අනුවය. දෙසොහොයුරන් වන ඔවුන් එකම භාෂාවක් හා එකම අක්ෂර මාලාවක් භාවිතා කිරීමේ පුදුම වන්නට දෙයක් නැත.//
ඉන්දියාවෙන් පැමිණියා යැයි සැලකෙන රජ දරුවන් අතර පමණක් තිබූ අක්ෂර කලාව මහින්දාගමනයෙන් පසු පොදු ජනයාටද විවර වන්නට ඇති බවට (ඔවුන්ටද කියවීම හැකි සෙල්ලිපි කරවීම නිසා) ප්‍රවාදයක් ගොඩ නැගීමටත් මේ මහාවංශ කරුණ යොදාගන්න පුළුවන් නේද?
පූර්ව බ්‍රාහ්මී අක්ෂර අඩංගු යැයි සැලකෙන ලෙන් ලිපි ගැන - http://ruhunuyaka.com/
//සංයුත්ත නිකායේ මෙවැන්නක් ලියා නැති වුනත්, ඔබ විසින් සංයුත්ත නිකාය පදනම් කොට පට්ටපල් බොරුවක් නිර්මාණය කළ ආකාරයට මහාවංශය පදනම් කොට මහින්දාගමනයෙන් පසු ලංකාවට අක්ෂර මාලාවක් ලැබීම ගැන ප්‍රවාදය නිමවා ඇති බව ඔබට වැටහේ යැයි සිතමි. "මහාවංශයේ නැති එවැනි ප්‍රවාදයක් හැදීමේ වරදක් ඔබට නොපෙනුණු" බවත් අමතක කරන්න එපා.//
Deleteමහා වංශය පදනම් කර ගනිමින් එවැනි ප්‍රවාදයක් හැදීම වරදක් කියා මම කියන්නේ නැහැ. (හරි හෝ වැරදි හෝ මෙය සාමාන්‍යයෙන් දැනුම කියන දෙය බිහිවන ක්‍රමය. මහා වංශ කතු වරයා විසින් කර තිබෙන්නේත් දීප වංශයේ ඇති දේ හා ඔහුගේ ආචාර්ය පරම්පරාවෙන් ඇසූ දේ අනුසාරයෙන් ඔහුගේම කතාවක් ගෙතීමයි). නමුත්, එවැනි ප්‍රවාදයක් ප්‍රශ්නකාරී වූ විට වැරැද්ද මහා වංශයට දැමීමයි වරද. දැන් ඔබ කියන මගේ උදාහරණයම ගත්තොත් මා කියන මේ කතාව යම් හෙයකින් පිළිගැනීමට ලක් වී (උපකල්පනයක් වශයෙන්) තවත් කලකට පසු වෙනත් ස්වාධීන නිරීක්ෂණයක් සමඟ ගැටීම නිසා අභියෝගයට ලක් වුනොත් එය මා හැදූ කතාවේ ප්‍රශ්නයක් මිස සංයුත්ත නිකායේ සඳහන් දෙයෙහි ප්‍රශ්නයක් නොවන බවයි මම කියන්නේ.
//විජයට පෙරත් බුදුරදුන් දිවමන් කාලයේත් ලක්දිව මනුෂ්‍ය වාසයක් නොවූ බවත් අමනුෂ්‍ය හැකියාවන් ඇති අමනුෂ්‍යයන් පමණක් වාසය කළ බවත් මහාවංශයේ කෙලින්ම බොහෝ තැන්වල ලියැවී ඇති කාරණාවක්.//
ඔබ එය තොරතුරක් ලෙස එලෙසම ගන්නවානම් ඔබ කියන කරුණ නිවැරදියි. ජනශ්‍රැති ආශ්‍රිතව ලියා ඇති මහාවංශයේ ඉතිහාස කතාවේ මුල් කොටස ගැන මගේ අදහස මම කිවුවේ ලිපි පෙළ ආරම්භයේදීමයි. ("මහාවංශය රචනා කරන විට ඒ සඳහා පාදක කරගෙන ඇති ලිඛිත හා අලිඛිත මූලාශ්‍රද මේ අයුරින්ම වෙනස් විය හැකිය.") මම තේරුම් ගත් ආකාරයට ඔබ ඒ වෙලාවේ අදහස් දක්වා තිබුණේ ඒ අදහසට එරෙහිවයි.
http://economatta.blogspot.com/2018/04/blog-post.html?showComment=1523105365276#c3788647746718069950
//ඉන්දියාවෙන් පැමිණියා යැයි සැලකෙන රජ දරුවන් අතර පමණක් තිබූ අක්ෂර කලාව මහින්දාගමනයෙන් පසු පොදු ජනයාටද විවර වන්නට ඇති බවට (ඔවුන්ටද කියවීම හැකි සෙල්ලිපි කරවීම නිසා) ප්‍රවාදයක් ගොඩ නැගීමටත් මේ මහාවංශ කරුණ යොදාගන්න පුළුවන් නේද?//
ඔවු, පුළුවන්. ඒ ප්‍රවාදය තවමත් ප්‍රතික්ෂේප කළ නොහැකියි. වෙළඳාම සඳහා හෝ වෙනත් කරුණකට කිසියම් යමක් දමා තිබුණු මැටි බඳුන් කිහිපයක අයිතිකරුවන්ගේ නම් ගසා තිබූ පමණින් අනුරාධපුර නගරයෙන් පිටත සිටි අයට අකුරු කියවීමේ හැකියාවක් තිබුණු බව කියවෙන්නේ නැහැ. (මෙයින් කියන්නේ මා ඉහත මතයේ එල්බ සිටින බව නෙමෙයි)
//එවැනි ප්‍රවාදයක් ප්‍රශ්නකාරී වූ විට වැරැද්ද මහා වංශයට දැමීමයි වරද.//
Deleteඑවැනි ප්‍රවාද ගොඩ නැගෙන සේ මහාවංශය හිතාමතාම ප්‍රබන්ධ කර තිබීම එය පුරාම දක්නට ලැබෙන පැහැදිලි කරුණක්. මහාවංශය පදනම් කළ අසංගත ප්‍රවාදයක් එය මුලින්ම ගොඩනැංවූ කෙනෙකුට පවරා මහාවංශය නිදහස් කිරීම අපහසු බව මහාවංශය යන්තමින් හෝ අධ්‍යයනයෙන් මා ලත් අවබෝධයයි. මා කලින් පිළිතුරකද සඳහන් කළ පරිදි අදටද අප අත්විඳින ඉන්දීය ආධිපත්‍යය එකලත් එයට හේතුව වන්නට ඇති.
//මැටි බඳුන් කිහිපයක අයිතිකරුවන්ගේ නම් ගසා තිබූ පමණින් අනුරාධපුර නගරයෙන් පිටත සිටි අයට අකුරු කියවීමේ හැකියාවක් තිබුණු බව//
මා පුන පුනා සඳහන් කළ දිවයිනේ නන්දෙසින් හමු වූ පූර්ව බ්‍රාහ්මී අක්ෂර ගැන කොටස ඔබට කෙසේ හෝ මග හැරී තිබෙනවා. ruhunuyaka.com හි ඒ ගැන වැඩි විස්තර තිබෙනවා. එහි සඳහන් සියලු ලෙන් ලිපි වල පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ගීකරණයකට බඳුන් වී නැතත් අනුරපුරයෙන් පිටත ඇතැම් ලෙන් ලිපි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පූර්ව බ්‍රාහ්මී ලෙස නම් කර තිබෙනවා. උදා:- මහනුවර දිස්ත්‍රික්කයේ බඹරගල ලෙන් ලිපිය. අකුරු කියවීමට නොහැකි පුද්ගලයන් අතර සෙල්ලිපි පිහිටවීමට සිතූ අය ගැන නම් දන්නේ නැහැ.
//ජනශ්‍රැති ආශ්‍රිතව ලියා ඇති මහාවංශයේ ඉතිහාස කතාවේ මුල් කොටස //
මා දන්නා තරමින් මහාවංශයේ මුල් කොටස වුනත් වැඩි හරියක් ජනශ්‍රැති ආශ්‍රය කරගෙන ලියපු දෙයක් නොවෙයි. කරුණාකර මේ ගැන තව සාධක ඉදිරිපත් කරන්න පුලුවන්ද?
මේ ගැන මගේ අදහස වුනේ..
//මැටි බඳුන්වල පූර්ව බ්‍රාහ්මී අක්ෂර ලියන, බුද්ධ කාලයේදීම සංඝයා වහන්සේලාට පූර්ව බ්‍රාහ්මී අක්ෂර ලියා ලෙන් පූජා කළ මනුෂ්‍ය කොටසක් ගැන මහාවංශයේ කිසිසේත්ම සඳහන් වන්නේ නැහැ. එම මනුෂ්‍යයන්ගෙන් පරම්පරා කිහිපයකට පසු මිනිසුන් අතර සිටිමින් මහාවංශ කතුවරයා ඊට පෙර ජීවත් වූ බඩ ගා යන නයි වෙස් ගත හැකි අමනුෂ්‍යයන් ගැන ලියා තිබීම විහිළුවක්.//
//මහාවංශය පරම්පරාවෙන් කටින් කට අා කතන්දර ගොන්නක් නෙවෙයි. කලින් ලිඛිතව තිබුණු හෙළ මහාවංශය මහානාම හිමි විසින් පාලියට පරිවර්තනය කළාට පස්සෙත් ලිඛිතවම පැවතුණු කතාවක්.//
//පුස්කොල වල ලියපු අැතැම් කොටස් කාලයකදී නැවත පිටපත් කරන්න අැති නමුත් එසේ කරන විටත් කටින් කට යන කතාවක් වගේ වෙනස් වීමට තියෙන හැකියාව ගොඩක් අඩුයි.//
ඔබ කියන පූර්ව බ්‍රාහ්මී අක්ෂර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හරියටම අර්ථ දක්වා තිබෙන්නේ කොහොමද කියා දැනගන්න ඇතිවුණු කුතුහලය නිසා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියද ඇතුළු මූලාශ්‍ර කිහිපයකින් එය තහවුරු කරගත්තා. මේ වර්ගීකරණය කර තිබෙන්නේ බ්‍රාහ්මී අක්ෂර වත්මන් සිංහල අක්ෂර දක්වා පරිණාමය වූ ආකාරය අනුව අදියර පහක් යටතේයි. ඒ පහත පරිදි.
Delete1. පූර්ව බ්‍රාහ්මී (ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට පළමු සියවසේ මුල් භාගය දක්වා කාලය)
2. අපර බ්‍රාහ්මී (පළමු සියවසේ අග භාගයේ සිට තෙවන සියවස දක්වා කාලය)
3. පරිවර්තිත බ්‍රාහ්මී (සිවුවන සියවසේ සිට හත් වන සියවස දක්වා කාලය)
4. මධ්‍යකාලීන සිංහල (අටවන සියවසේ සිට එකොළොස්වන සියවස දක්වා කාලය)
5. නූතන සිංහල (දොළොස්වන සියවසේ සිට මේ දක්වා කාලය)
එමෙන්ම ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට පළමු සියවසේ මුල් භාගය දක්වා (පූර්ව බ්‍රාහ්මී අවධියේ) [ඉන්දියාවේ] භාවිතා වී ඇති බ්‍රාහ්මී අක්ෂර 38න් ලංකාවේ භාවිතා වී තිබෙන්නේ අක්ෂර 25ක් පමණයි. බ්‍රාහ්මී ලේඛණ වලට අමතරව දෙමළ, චීන, අරාබි, පර්සියන්, සංස්කෘත, පාලි ආදී භාෂා වලින් ලියූ ලිපිද ලිපිද ලංකාවෙන් හමු වී තිබෙනවා. ලංකාවේ මෙතෙක් හමුවී තිබෙන ශිලාලේඛණ 3,500කට අධික ප්‍රමාණයම වර්ග කර ඇත්තේ ඉහත කාල වකවානු පහෙන් එකක් යටතේ. ඒ අනුව, මහින්දාගමනයට පෙර ලියූ බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිසිදු (අක්ෂර සහිත) ශිලාලේඛණයක් හඳුනාගෙන ඇති බවක් පෙනෙන්න නැහැ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අර්ථ නිරූපණය අනුව ඔබ කියන පූර්ව බ්‍රාහ්මී අදියර කියන්නේ මහින්දාගමනයෙන් පසු මුල් සියවස් තුනක පමණ කාලයයි.
ඒ නිසා පූර්ව බ්‍රාහ්මී යනුවෙන් අදහස් වන්නේ මහින්දාගමනයට පෙර කාලයක්ය යන පදනමින් ඔබ මෙහි ලියා ඇති අනෙක් දේ ගැන ලිවීමේ අවශ්‍යතාවයක් ඇතැයි මම හිතන්නේ නැහැ.
ඔවුන් ඉංග්‍රීසියෙන් මේ යුග හඳුන්වා තිබෙන්නේ පහත පරිද්දෙනුයි.
Delete(1) Early Brahmi period,
(2) Later Brahmi period,
(3) Transitional Brahmi period,
(4) Mediaeval Sinhala period,
(5) Modern Sinhala period.
පැටලිලි සහගත බවක් ඇති වී තිබෙන්නේ "Early Brahmi period" යන්න "මුල් බ්‍රාහ්මී යුගය" ලෙස සිංහලට පරිවර්තනය නොකර "Pre-Brahmi period" යන අරුත හැඟවෙන පරිදි "පූර්ව බ්‍රාහ්මී" ලෙස පරිවර්තනය කිරීම නිසයි. කොහොම වුනත් ඔබ නිසා අලුත් දෙයක් දැනගත්තා. එයට ස්තුතියි!
//ඔබ කියන පූර්ව බ්‍රාහ්මී අක්ෂර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හරියටම අර්ථ දක්වා තිබෙන්නේ කොහොමද කියා දැනගන්න ඇතිවුණු කුතුහලය නිසා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියද ඇතුළු මූලාශ්‍ර කිහිපයකින් එය තහවුරු කරගත්තා.//
Deleteඅවාසනාවකට ඔබ මේ ලිපියේ ඔබ විසින්ම ඉදිරිපත් කළ "Anuradhapura and the Early Use of the Brahmi Script" ලිපිය කියවා නැහැ වගේ. ඒ නිසා ඒ pdf එකේ 5 වන පිටුවෙන් කොටසක් උපුටා දක්වන්නම් (Cambridge Archaeological Journal 6:1 (1996) හි 77 වන පිටුව)
"The first indications that the above theories might require re-assessment came in 1990 when Dr Siran Deraniyagala, Director-General of the Archaeological Survey of Sri Lanka, published a paper entitled 'Radiocarbon dating of early Brahmi script in Sri Lanka: 600-500 BC' (Deraniyagala 1990)."
http://ratnawalli.com/wp-content/uploads/2013/03/Robin-Coningham-Passage-to-India...-Anuradhapura-and-the-Early-Use-of-the-Brahmi-Script.pdf
මෙහි පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල විසින් ශ්‍රී ලංකාවේ ඇති ක්‍රි. පූ. 500 - 600 කාලයට අයත් මූල/පූර්ව බ්‍රාහ්මී අක්ෂර (early Brahmi script) ගැන පළ කළ පත්‍රිකාවක් ගැන සඳහන්. ඔබ පෙන්වන නූතන පු. වි. දෙ.
ඔබ මේ බ්‍රාහ්මී යුගයන් ගැන තොරතුරු ඔබේ වචනවලින්ම කියන්නේ නම් "පිළිගත්" සහ "විකිපීඩියාවට වඩා විශ්වාසනීය" තැනකින් ලබා ගත්තාද දන්නේ නැහැ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තම ප්‍රකාශන අසංගතව ඉදිරිපත් කිරීම නිසාත් ඔබ හෝ වෙනත් කෙනෙක් නොමග යන්න පුළුවන්. හිටපු පුරාවිදු කොමසාරිස් කෙනෙක් වන සෙනරත් පරණවිතානයන් විසින් රචිත Inscriptions of Ceylon කෘතියකද මූල/පූර්ව බ්‍රාහ්මී අක්ෂර (early Brahmi script) සෙල්ලිපි ක්‍රි පූ. 3 වන සියවසට පෙර යුගයට අයත් බව සඳහන් කර ඇති බව අසා ඇතත් ඒ ඉදිරිපත් කිරීමට එම පොතේ කිසිදු ආකාරයක පිටපතක් සොයාගැනීමට නොහැකි වුණා
//1. පූර්ව බ්‍රාහ්මී (ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට පළමු සියවසේ මුල් භාගය දක්වා කාලය)//
මේ යුග බෙදීමේ තර්කානුකූල බව කොපමණද යන්න ඔබට නොවැටහුණු එක පුදුමයක්. මෙයින් හැඟවෙන්නේ ක්‍රි. පූ. 3 වන සියවසට පෙර කිසිම බ්‍රාහ්මී අක්ෂරයක් නොතිබූ බව සහ ක්‍රි. පූ. 3 වන සියවස වනවිට බ්‍රාහ්මී අක්ෂර සියල්ල ප්‍රාදූර්භූත වූ බව. ඇතැම්විට ලංකාවේ සෙල්ලිපි පමණක් වර්ගීකරණය කිරීම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අරමුණ වුනා විය හැකි වුවත්, මූල/පූර්ව බ්‍රාහ්මී අක්ෂර (early Brahmi script) යුගය ආරම්භක සීමාවක් නොමැතිව ක්‍රි. පූ. 3 වන සියවසට පෙර හෝ යම් සියවසකට පෙර ලෙස නම් කිරීම වඩා උචිත හා තර්කානුකූලයි නේද? ලොව විද්වතුන් වැඩි දෙනෙක් බ්‍රාහ්මී අක්ෂරවල ප්‍රභවය වෙනත් අක්ෂර මාලාවකින් කැඩී සිදු වුනා යැයි එක මතයක් නොදරන නිසා බ්‍රාහ්මී අක්ෂරවල මුල්ම යුගයේ ආරම්භයට සීමාවක් යෙදීම තර්කානුකූල නැතැයි කියා සිතනවා.
//මහින්දාගමනයට පෙර ලියූ බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිසිදු (අක්ෂර සහිත) ශිලාලේඛණයක් හඳුනාගෙන ඇති බවක් පෙනෙන්න නැහැ.//
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇතැම් සෙල්ලිපි යම් හේතුවක් නිසා නිශ්චිත කාල නීර්ණයක් නොමැතිව ක්‍රිස්තු පූර්ව යුගයකට බැර කොට තිබෙනවා. උදා:- බඹරගල සෙල්ලිපිය. ඉතින් මහින්දාගමනයට පෙර අයත් වන්නේත් ක්‍රිස්තු පූර්ව යුගයටමයි.
//මෙහි පූර්ව යන්නෙන් කියවෙන්නේ මූල බ්‍රාහ්මී අක්ෂර ගැන මිස ඇතැම් විට "පූර්ව" යන්නෙන් හැඟවිය හැකි පරිදි බ්‍රාහ්මී අක්ෂර වලට පෙර තිබූ අක්ෂරයන් ගැන නොවේ.//
මෙසේ මා විසින් පවසන ලද කරුණක් නැවත මා හටම සඳහන් කරන්නේ කුමක් නිසාදැයි නොපෙනේ.
//පැටලිලි සහගත බවක් ඇති වී තිබෙන්නේ "Early Brahmi period" යන්න "මුල් බ්‍රාහ්මී යුගය" ලෙස සිංහලට පරිවර්තනය නොකර "Pre-Brahmi period" යන අරුත හැඟවෙන පරිදි "පූර්ව බ්‍රාහ්මී" ලෙස පරිවර්තනය කිරීම නිසයි.//
I think some words got lost while posting. Here they are.
Deleteමෙහි පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල විසින් ශ්‍රී ලංකාවේ ඇති ක්‍රි. පූ. 500 - 600 කාලයට අයත් මූල/පූර්ව බ්‍රාහ්මී අක්ෂර (early Brahmi script) ගැන පළ කළ පත්‍රිකාවක් ගැන සඳහන්. ඔබ පෙන්වන නූතන පු. වි. දෙ. "වර්ගීකරණයට අනුව එම අක්ෂර වලට ආතක් පාතක් නැහැ."
අකිල, මම මේ කොටස ලිවුවේ ඔබ කිහිප වරක්ම ලියා තිබෙන ලංකාව හැම තැනින්ම හමු වී තිබෙන ශිලාලේඛණ ගැනයි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉහත පරිදි වර්ගීකරණය කර තිබෙන්නේ ශිලාලේඛණයි. අනුරාධපුර මැටි බඳුන් තෙවන සියවසට වඩා පැරණි බව දැරණියගල හා කනිංහැම් විසින් පෙන්වා තිබෙන බව මම දන්නවා. එය මම කලින්ම කිවුවනේ. ඒ නිසා නැවත මතක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. නමුත්, තෙවන සියවසට වඩා පැරණි බව තහවුරු කළ ශිලාලේඛණ ගැන මම දන්නේ නැහැ. මම නොදන්නා එසේ තහවුරු කළ තැන් තිබෙනවා විය හැකියි. ඔබ විසින් ලින්ක් එකක් දැමූ රුහුණුයකා වෙබ් අඩවියට අනුව බඹරගල සෙල්ලිපිය පූර්ව බ්‍රාහ්මී යුගයට අයත් සේ වර්ගීකරණය කළ එකක්. පු.වි.දෙ. විසින් එයින් අදහස් කරන්නේ කුමක්ද කියන එක නොදන්නා නිසා එය සොයා බැලීමේදී තමයි ඉහත වර්ගීකරණය හමු වුණේ. ඔබේ ප්‍රතිචාර වලට ස්තුතිවන්ත වන නමුත් ඔබ කියන පරිදි තෙවන සියවසට පෙර ලංකාවේ බ්‍රාහ්මී අකුරු භාවිතා වී ඇති බවට සල්ගහවත්තේ මැටි බඳුන් හැර වෙනත් විශ්වාසනීය සාධක කිසිවක මූලාශ්‍ර ඔබ විසින් පෙන්වා නැහැ. ඔබ කියන පරිදි ලංකාව හැම තැනම ගල්ලෙන් වල බුද්ධ කාලයේදීම ලෙන් පූජා කර බ්‍රාහ්මී අකුරෙන් ලියා ඇතැයි කීම ඇත්තක් නෙමෙයි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ඒවා මහින්දාගමනයට පසු ලියපුවා. දැන් මම මෙසේ කියන්නේ මට මහින්දාගමනයට පෙර ලංකාවේ ශිලාලේඛණ නැති බව තහවුරු කරන්න අවශ්‍ය නිසා නොවෙයි. සල්ගහවත්තට සමාන්තරව ලංකාවේ ලේඛණ කලාව පිළිබඳ තවත් සාධක තිබිය යුතුයි කියා මම විශ්වාස කරනවා. නමුත්, එසේ විශ්වාස කිරීම හා සාධක තිබීම කියන්නේ කරුණු දෙකක්. ඒ නිසා පිළිගත හැකි සාධකයක් තිබෙනවානම් මම ඒ ගැන නිශ්චිත ලෙස දැනගන්න කැමතියි. මෙය ඔබට කරන අභියෝගයක් නෙමෙයි. ඔබ ඉඟි කර ඇති තැන් වල ඉඩ ලැබෙන පරිදි මම සොයාබලන්න බලාපොරොත්තු වෙනවා. යම් විශ්වාසනීය සාක්ෂියක් හමුවන තුරු මට නිගමනය කරන්න වෙන්නේ වෙනත් සාක්ෂි කිසිවක් හමුවී නැති බව පමණයි.
Delete//අනුරාධපුර මැටි බඳුන් තෙවන සියවසට වඩා පැරණි බව දැරණියගල හා කනිංහැම් විසින් පෙන්වා තිබෙන බව මම දන්නවා.//
Deleteමා පෙන්නුම් කළේ එම අකුරු මූල බ්‍රාහ්මී ලෙස දැරණියගලයන් විසින් හඳුන්වා දී තිබෙන නිසා ඔබ ඉදිරිපත් කරන මූල බ්‍රාහ්මී ආරම්භක සීමාවට වඩා පෙර කාලයක් පු. වි. දෙ. විසින් මූල බ්‍රාහ්මී යුගයට වෙන් කර ඇති බවක්. ඒ ගැන කිව්වේ බ්‍රාහ්මී යුගයන් ගැන පැහැදිලි කරගැනීමට මිසක් ඔබ දන්නා දේ නැවත මතක් කිරීමට නොවෙයි. කලින් කලට වෙනස් වෙන අසංගත වර්ගීකරණ පු. වි. දෙ. විසින් ඉදිරිපත් කර ඇත්නම් ඒ ගැන ඔබ හෝ මා වග කිව යුතු නැහැ.
//මේ වර්ගීකරණය කර තිබෙන්නේ බ්‍රාහ්මී අක්ෂර වත්මන් සිංහල අක්ෂර දක්වා පරිණාමය වූ ආකාරය අනුව අදියර පහක් යටතේයි.//
සෙල්ලිපි පමණක් ඉහත අදියර 5 කින් යුත් වර්ගීකරණයට අදාළ බවක් ඔබ ලිවූ පිළිතුරෙන් කියවෙන්නේ නැහැ. එයින් හැඟවෙන්නේ සෙල්ලිපි මැටි බඳුන් ඇතුළු ලංකාවෙන් හමුවූ සියලුම ආකාරයේ බ්‍රාහ්මී අක්ෂර ඉහත යුග 5 ට ගොනු කළ හැකි බවයි. සෙල්ලිපි පමණක් එසේ ගොනු කළ හැකි බවක් ඔබ පු. වි. දෙ. වෙබ් අඩවිය (ඇතැම් විට) ආශ්‍රය කොට මෙහි පළ කළ පිළිතුරෙන් කියවෙන්නේ නැහැ.
//රුහුණුයකා වෙබ් අඩවියට අනුව බඹරගල සෙල්ලිපිය පූර්ව බ්‍රාහ්මී යුගයට අයත් සේ වර්ගීකරණය කළ එකක්.//
පු. වි. දෙ. ට අනුවත් එය එසේමයි. https://imgur.com/76PrO8l බලන්න. බඹරගල පු. වි. දෙ. විසින් පළ කර තිබෙන පුවරුවක් වන මෙයින් එම සෙල්ලිපිය පූර්ව බ්‍රාහ්මී ලෙස හඳුන්වා දී තිබෙනවා.
සෙල්ලිපි කාබන් 14 වැනි පරීක්ෂණයකට බඳුන් කොට කාල නීර්ණය කළ නොහැකි බව ඔබ විසින්ද කලින් පෙන්වා දුන්නා. ඉතින් සෙල්ලිපියක් ලිවූ කාලය ගැන අදහසක් ගත හැක්කේ
1. කාල නීර්ණය කළ හැකි මැටි බඳුන් හෝ වෙනත් පුරා වස්තුවක අක්ෂර වලට සමාන වීම මගින්.
2. වංශ කතාවල හෝ ජන ප්‍රවාද වල යම් කාලයක සිදුවුනා යැයි කියවෙන සිදුවීමක් සෙල්ලිපි වලද සටහන් කර තිබීම මගින්
වැනි ක්‍රමයකින් කියා සිතනවා. (වෙනත් ක්‍රමත් ඇති)
බඹරගල සෙල්ලිපිය පූර්ව බ්‍රාහ්මී යැයි පු. වි. දෙ. විසින් හඳුන්වා දී ඇත්තේ කාල නීර්ණය කළ මැටි බඳුනක හෝ වෙනත් පුරා වස්තුවක අක්ෂර වලට සෙල්ලිපි අක්ෂර ගැලපීමෙන් කියා සිතනවා. බඹරගල සෙල්ලිපියේ සඳහන් වන්නේ එම ලෙන ඉන්ද්‍රසාල නම් ගුහාවක් බවයි. ත්‍රිපිටකයට අනුව බුදුරදුන් සක්කස්ස දේවානමින්දට සක්ක පඤ්හ සූත්‍රය දේශනා කර තිබෙන්නේ ඉන්ද්‍රසාල ගුහාවේ සිටිමිනුයි. ජන ප්‍රවාදයට අනුව නම් මේ එම ඉන්ද්‍රසාල ගුහාව. ඉන්දියාවෙන් ඉන්ද්‍රසාල ගුහාවක් සොයාගෙන තහවුරු කර නැහැ (පුරා විද්‍යා සාධක හෝ ජන ප්‍රවාද නැති නිසා). ඉතින් මේ ලෙන් ලිපිය බොහෝවිට ක්‍රි. පූ. 3 වැනි සියවසට වඩා පැරණි විය හැකියි. ඇතැම්විට මෙය පු. වි. දෙ. විසින් තහවුරු කිරීම පමා වෙන්නේ ඉන්දියාවෙන් ඉන්ද්‍රසාල ගුහාවක් සොයාගන්නා තුරු වෙන්න ඇති.
//ඔබ කියන පරිදි ලංකාව හැම තැනම ගල්ලෙන් වල බුද්ධ කාලයේදීම ලෙන් පූජා කර බ්‍රාහ්මී අකුරෙන් ලියා ඇතැයි කීම ඇත්තක් නෙමෙයි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ඒවා මහින්දාගමනයට පසු ලියපුවා.//
කරුණාකර මේ ගැන විශ්වාසනීය සාධක, මූලාශ්‍ර පෙන්වා දිය හැකිද?
//බ්‍රාහ්මී ලේඛණ වලට අමතරව දෙමළ, චීන, අරාබි, පර්සියන්, සංස්කෘත, පාලි ආදී භාෂා වලින් ලියූ ලිපිද ලිපිද ලංකාවෙන් හමු වී තිබෙනවා. ලංකාවේ මෙතෙක් හමුවී තිබෙන ශිලාලේඛණ 3,500කට අධික ප්‍රමාණයම වර්ග කර ඇත්තේ ඉහත කාල වකවානු පහෙන් එකක් යටතේ. //
මෙසේ කිව්වොත් චීන අකුරුත් බ්‍රාහ්මී පරිනාමණයේ එක අදියරයකට ගොනු කර ඇති බවක් තමයි හැඟවෙන්නේ.
මා දන්නා තරමින් පු. වි. දෙ. විසින් ලංකාවේ සියලු ලෙන් ලිපි ක්‍රි. පූ. 3 වැනි සියවසට වඩා අලුත් යැයි තහවුරු කර නැහැ. කෙසේ වෙතත් ඔබ බලාපොරොත්තු වන ක්‍රි. පූ. 3 වැනි සියවසට පෙර ලියන ලද සෙල් ලිපි ගැන පු. වි. දෙ. ප්‍රකාශනයක් සඳහන් කිරීමට මා අපොහොසත් වී තිබෙනවා. සමහර විට නූතන පු. වි. නිලධාරීන් යම් හේතුවක් නිසා එවැනි ප්‍රකාශන නිකුත් නොකිරීමට ප්‍රවේසම් වනවා ඇති. Inscriptions of Ceylon හි පිටපතක් හමුවුනොත් ඇතැම්විට එය කළ හැකි වේවි. නමුත් එවැන්නක් මට හමු වූ පසුව එය මේ සංවාදයට එකතු කිරීමට මා හට බලාපොරොත්තුවක් නැහැ. මා නවතින්නම්.
/ආර්ය හා අනාර්ය සංස්කෘතීන් සම්මිශ්‍රණය වීමේදී ආර්යයන් බොහෝ විට එකතු වන්නට ඇත්තේ කැත්, බමුණු හෝ වෙළඳ අනන්‍යතාවයක් තුළටය./ මහවැලි හදන්න ලංකාවට ආව ස්කෑන්ඩිනේවියන් මැෂින් ඔපෙරෙටර්ලට සෙට්වුනේ කඩුගන්නාවේ රොඩී කාන්තාවෝ,
ReplyDelete